මරනීය දණ්ඩනයට එරෙහි වෙමු

ඝාතනය වූ තරුණිය
මීගමු රෝහලේදී 22 හැවිරිදි ඇඟලුම් සේවිකාවක් දූෂණය කර හයවන මහලෙන් බිමට තල්ලු කර මරා දැමූ බවට චෝදනා ලද සුදර්ශන බාලගේ නම් වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරන ලදී.

නඩුවේ ප්‍රධාන සාක්කි වුණේ විද්‍යාත්මක සාක්කි හා සුළු සේවිකාවක විසින් දෙන ලද සාක්කියයි. වෛද්‍යවරයා කිසිවකු හාඩ්බෝඩ් එකක් මත තබා ඇදගෙන යනු දුටු බවට එම සේවිකාව සාක්කි දුන්නා ය.

විත්තිකරු නඩුව අවසානයේදී තීන්දුව ප්‍රකාශ කිරීමට පෙර කළ ප්‍රකාශයේ කොටසක් මෙසේ ය:
මට විරද්ධව පොලිසිය බොරු සාක්‍ෂි ගෙතුවා. වසර 7 ක්‌ මම දුක්‌ වින්දා. මෙම සිද්ධියට අදාළ ඝාතකයන් දැනටමත් මීගමුව රෝහල තුළ සිටිනවා.

විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ශ්‍රී ලාල් ප්‍රනාන්දු නඩුව අවසානයේදී මෙසේ ඉල්ලා සිටියේ ය:
විත්තිකරු මරදන්කඩවල වැනි ග්‍රාමීය පරිසරයක උපත ලබා නිදහස්‌ අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍ය උපාධිය ලබා වෛද්‍යවරයකු වුණා. විත්තිකරු හැමදාම පෙනී සිටියේ මිනිස්‌ ජීවිත බේරන්න මිස මිනිස්‌ ජීවිත නැති කරන්න නොවෙයි. මොහු කුඩා දැරියකගේ පියෙක්‌. මව විශ්‍රාමික ගුරුවරියක්‌. එහෙත් කුරිරු ඉරණම විසින් විත්තිකරු මෙවැනි අවාසනාවන්ත ඉරණමකට පත් කළා. මොහු නිර්දෝෂයි. මෙම විත්තිකරු පසුවන්නේ තරුණ වයසෙයි. ඔහුට එරෙහිව පවතින නඩු හෝ පෙරවැරදි නැහැ. විත්තිකරුට දඬුවම් නියම කිරීමේදී එම තත්ත්වය සැලකිල්ලට ගෙන ලිහිල් දඬුවමක්‌ පමණුවන ලෙසට ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

එහෙත්, විනිසුරුවරයාගේ මතය වූයේ නඩුව පරිවේශනීය සාක්‍ෂි මත සාධාරණ සැකයෙන් ඔබ්බට ගොස්‌ ඔප්පු වී තිබෙන හෙයින් හා අධිකරණය දෙන තීන්දු දෙස මහජනයා ඕනෑකමින් බලා සිටින හෙයින් මෙවැනි තීන්දුවක් දෙන බවයි.

මෙහිදී මෙහිදී පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නවරත්න මාරසිංහ කළ ප්‍රකාශය ද වැදගත් ය:
වෛද්‍යවරයාගේ ප්‍රධාන කාර්යය විය යුත්තේ ජනතාව ජීවත් කරවීමයි. මෙම විත්තිකරු අතින් ඝාතනයට ලක්‌ වූයේ 22 හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය මොනරාගල තම්පලාව දඹුලුගල සිට කටුනායකට පැමිණෙන්නේ තම පවුල නඩත්තු කිරීම සඳහා යමක්‌ හරි හම්බ කිරීමටයි. වෛද්‍යවරයකු මෙවැනි තත්ත්වයකට පත්වේ නම් අසනීප වූ ලෙඩෙක්‌ ප්‍රතිකාර ලබා ගන්න යන්නේ කොහාටද? ඇය කටුනායක ආයතනයක සේවය කළේ ඇඟලුම් සේවිකාවක්‌ ලෙසයි. ඇය රෝහලට ආවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ජීවත් වෙන්නයි. එහෙත් සිදු වුණේ ඊට හාත්පසින් වෙනස්‌ දෙයක්‌. මෙම තරුණිය දූෂණයට ලක්‌ව තිබුණා. ඝාතනය කිරීමට පෙර ඇගේ ගෙල මිරිකා තිබුණා. මියගිය තරුණියගේ බාහිර තුවාල 60 ක්‌ තිබුණා. මෙම මරණයේදී සිදුවූ බරපතල භාවය නිසා රටේ විශාල මහජන කැළඹීමක්‌ සිදුවන්න ඉඩ තිබුණා. මෙම නඩු තීන්දුව පිළිබඳව අවට සමාජය බලා සිටිනවා. අවුරුදු 22 ක අවිවාහක තරුණියකට සිදු කළ මෙම අමානුෂික ක්‍රියාවට අධිකරණයෙන් උපරිම දඬුවම් ලබා දෙන්න.

මෙම ඝාතනය සිදු වූ ආකාරය දකින්නට ඇත්තේ මිනීමරුවාත්, වින්දිතයාත් පමණි. මිනීමරුවා තමන් බව වෛද්‍යවරයා පිළිගෙන නැත. විද්‍යාත්මක සාක්කිවලින් නඩුව ඔප්පු වුණා සේ ම, තවදුරටත් කිසියම් කුකුසක් ඉතිරි වී නැතිවා ද නො වේ. ඔහු ඇත්තට ම මේ මිනීමැරුම කළා ද?

බංඩාරනායක ඝාතනය සම්බන්ධයෙන් තල්දූවේ සෝමාරාව භික්ෂුව එල්ලා මරා දමා දැන් පනස් වසරක් පමණ වේ. ඝාතනය සම්බන්ධයෙන් යම් යම් සැක සංකාවන් අද පවා මතු වේ.

මිනීමැරුම් සම්බන්ධයෙන් මෙවැනි ගැටලු තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසු, මිනීමැරුම කළේ වෙනත් අයකු විසින් බව ඔප්පු වූ අවස්ථා ලෝක ඉතිහාසයේ තිබේ. 

මිනීමැරුමක් කරන්නට පුද්ගලයකු පෙළඹෙන මනෝභාවය ඉතා සංකීර්ණ විය හැකි ය. මෙම වෛද්‍යවරයා ද ඒ සම්බන්ධයෙන් හෝ වෙනත් තත්වයකින් හෝ දැඩිව පශ්චාත්තාප වන බවට සැකයක් නැත. ඔහු දෙවරක් ම ගෙල වැල ලාගෙන සිය දිවි තොර කර ගන්නට උත්සාහ දරා තිබේ. 

මිනීමැරුම බරපතල වරදක් බවට කිසිදු සැකයක් නැත. මෙහිදී ඝාතනයට ලක් වන්නේ අහිංසක තරුණියකි. 

එහෙත්, මිනීමරුවකු නීත්‍යානුකූලව ඝාතනය කිරීම ද එවැනි ම මිනීමැරුමක් බව අප අමතක නො කළ යුතු ය. එහිදී අපි සමාජයක් ලෙස මිනීමරුවන් බවට පත් වන්නෙමු. 

ශිෂ්ට සමාජයන් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නැත. මරණ දඬුවම වෙනුවට වෙනත් ශිෂ්ට දණ්ඩන ක්‍රම ඔස්සේ මිනිසුන්ට නිවැරදි වී යළි සමාජගත වන්නට අවස්ථාව සලසා දිය යුතු ය. 

සමාජය දණ්ඩනය පාවිච්චි කළ යුත්තේ වැරදිකරුවන් නිවැරදි කරන්නට මිස ආවේග පාලනය කර ගන්නට හෝ පළිගන්නට නො වේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. හුරේ !! මම එක. කොටි ඇනෝ හූ හූ !!

    පරා සමග 100% එකඟයි. මරන දඬුවම මිලේච්චයි. ශිෂ්ට සමාජයකට සුදුසු නැහැ. හැබැයි ඒවගේම අපරාධත් මිලේච්චයි. අපරාධ අඩු කරන්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවෙ, ජපානෙ, සිංගප්පූරුවෙ තවම මරන දඬුවම ක්‍රියාත්මක වෙනවා.
      එතකොට ශිෂ්ට සමාජ කියන්නෙ කොයි රටවල්ද

      Delete
    2. ඇමරිකා එක්සත් ජනපදය ඒ අතින් ශිෂ්ඨත්වයට සෑහෙන දුරින් ඉන්නේ.

      හැබැයි ඒ අතරේම එහේ බහුතරය ගබ්සාවට විරුද්ධයි.

      Delete
    3. මගේ යාලුවෙක් එල්ලුම් ගස් ගිහින් මළා

      Delete
    4. මට කලින් මේකේ කමෙන්ට් දාපු එකොලොස් දෙනාවම කොටි එකොලොස් දෙනෙක් කාපියෝ!!!!!

      Delete
    5. එතකොට ස්ත්‍රී දූෂණය මිලේච්ච නැද්ද? ඒක ශිෂ්ඨසම්පන්නද? ඒකට මොකක්ද එතකොට දෙන දඬුවම?

      Delete
    6. Ane palayan ban yanna. Umbata eka unaama okkoma amathakayida , moda joke daane nathuwa hitapan

      Delete
  2. සෝමාරාම වෙඩි තියපු බවට නොපල සාක්කියක් තියෙනවා.. මරදන්කඩවල අහින්සකයෙක් ඇසින් දුටු.. ඔහු ගියේ පෙත්සමක් බාර දෙන්න.. මේ ගමේ මිනිහා හිටියෙ ගෙයි පඩිපෙල ගාව දන ගහගෙන... වෙඩි තැබීම ඇහැටම දැක්කා..වෙඩි තැබීමෙන් පස්සෙ පොලිසිය ඇවිල්ලා මූව එලවනකම්ම එහෙමම බයවෙලා හිටියා..

    ReplyDelete
  3. එතකොට පැරා 88/89 භීෂණ සමයේ පැරාලා ඇතළු නඩය ගෙවල් වලට පැනලා ඒවායේ හිටපු කුඩා දරුවෝ අඩද්දී උන්ගේ තාත්තලා,අයියලා,මාමලා අරං ගිහිං අමු අමුවේ මරද්දී ඒක මිලේච්ඡයි කියලා හිතුනේ නැද්ද?

    ReplyDelete
    Replies
    1. මඩපුවක් ඔබට පිළිතුරු දෙනු ඇත. පැරා කිසිවිට වැරදි කරන්නෙක් නොවේ. වික්ටර් අයිවන් මහතාද එවැන්නෙක් බව ඔහු ලියූ පොත පත කියවීමෙන් හැඟේ.

      Delete
    2. Mada puwak JVP set ekak awilla marala daala, Paraa e gana katak hollanne na!

      Delete
  4. මරණීය දණ්ඩනය නියම කර මනුශ්‍යයෙක් මරා දැමීමේදී එය සැලසුම් කර, මැරීමේ චේතනාවෙන් යුතුව සාක්‍ෂීකරුවන් ඉදිරියේ ක්‍රියාත්මක කරන නිසා සියළු නෛතික කරුණු සම්පූර්ණ වී එයද මිනීමැරුමකල් වෙනවා නොවේද?

    ඒ සමගම පානාතිපාතා පවේ ද සියළු අවශ්‍යතා සැපිරෙනවා නොවේද?

    ReplyDelete
    Replies
    1. කකාගේ දුව කාගේ අතින් හරි දුෂණය වෙලා මරා දැම්මොත් කකා මොකෝ කරන්නේ? ඒ අපරාධය කරපු කෙනාට මරණ දඩුවම දුන්නොත් කකා එයට එකග නැද්ද?

      Delete
    2. මරණ දඬුවමට එකඟ නම් එකඟයි, නැත්නම් නෑ.

      නිකං කළුයි, සුදුයි වගේ. මේකේ ග්‍රේ ස්කේල් නෑ.

      තමන්, තමන් ගේ ඥාතීන්, හිතවතුන් වැනි අයට සම්බන්ධව එක ප්‍රතිපත්තියකුත් අන් සියළු දෙනාට වෙනම ප්‍රතිපත්තියකුත් අනුගමනය කිරීම මගේ පිළිවෙත නොවෙයි.

      එහෙම නම් ඉතිං මං හරි මගේ නෑ හිතවතෙක් හරි මිනියක් මැරුවාමයි, වෙනත් කෙනෙක් මිනියක් මැරුවාමයි ඒකටත් නීති දෙකක් තියෙන්න ඕනෑ නේ!

      Delete
    3. 1. ප්‍රාණඝාත අකුසලයක් තමයි.
      2. මිනිමරීමක් උනත් ඒක නීත්‍යනුකූලයි. අලුගොසුවාව මිනීමරුම් චෝදනාවට වරදකරු කරන්න බෑ එච්චරයි වෙනස.

      Delete
    4. //එහෙම නම් ඉතිං මං හරි මගේ නෑ හිතවතෙක් හරි මිනියක් මැරුවාමයි, වෙනත් කෙනෙක් මිනියක් මැරුවාමයි ඒකටත් නීති දෙකක් තියෙන්න ඕනෑ නේ!//

      ඇයි කකා ලංකාවෙ එහෙම බව තාම දන්නෙ නැද්ද?

      මේ වැරැද්දම කරපු සම්පත්ට අවුරුදු පාළහයි, ඩොකාට කන්ඩෙම්. දැන් තේරුනාද?

      Delete
    5. මිනියක් මැරුවම කොහොමත් නීති දෙකයිනේ. මොකද සමහර වෙලාවට අපිට මිනීමැරුමක් වගේ පෙනුනට ඒක සියදිවි නසා ගැනීමක් වෙන්නත් පුළුවන්නේ.

      භාරත කියල ඩයල් එකක් හිටිය මතකද? අර හිරුනිකා කියන මන්ත්‍රීතුමියගේ ජානමය පියා. ඔන්න බලන්නකෝ තව ටික දවසකින් වෙන දේ.

      අර සද්ගුණවත් චන්දන කත්‍රිආරච්චි මැතිතුමාට අපහාස කරන්නත් දෙන්නෙක් මැරුනනේ. එකම නීතියකින් මේ ඔක්කොම කවර් කරන්න බෑ කියල කකාට තේරෙන්නේ නැද්ද?

      Delete
    6. ස්ත්‍රී දූෂකයා මරන දඬුවමට ලක්වෙන්නම ඕනේ. ඒකේ දෙකක් නෑ.

      Delete
    7. /මේ වැරැද්දම කරපු සම්පත්ට අවුරුදු පාළහයි, ඩොකාට කන්ඩෙම්. දැන් තේරුනාද?/

      නොදන්න බම්බු කතා නොකර ඉඳපන් ඉන්දික. මිනීමැරුම හා අනියම් මිනීමැරුම කියන්නේ එකක් නෙවෙයි, දෙකක්. සම්පත්ගේ කේස් එකේ මිනීමරුම ඔප්පු වුණේ නැහැ. අනියම් මිනීමැරුම විතරයි ඔප්පු වුණේ.

      Delete
  5. හිට් වැඩිවේවා!!!!

    ReplyDelete
  6. මරන දඬුවම ඕන නැත්නම් ඕන නෑමයි. ඒත් ඇයි ස්ත්‍රී දූෂණයට විතරක් මරණ දඬුවම ඕනේ කියල සමහර එවුන් මැරෙන්න යන්නේ.

    ReplyDelete
    Replies
    1. දූෂණය කරන්නේ කාන්තාගේ ඇඟ හෝ යෝනි මාර්ගය පමණක් නොව ඇගේ මුළු ආත්මයම වන නිසා. අතපය මිසක හිත කැඩුනාට බෙහෙත් නැත.

      Delete
  7. මේ ලිපියේ සඳහන් කාරනා දෙකක් ගැන සැලකීමට ගතයුතුව තිබෙනවා.

    1, දඬුවම හිමි වූ වෛද්‍යවරයා එම වරද කලාද නැද්ද යන්න සැක සහිත බව​

    2, මරන දන්ඩනය අශිෂ්ඪ ක්‍රියාවක් බව​

    මෙහි පලමුවෙනි කාරනාව දෙස බැලුවොත්, චූදිතයා එම වරද කලාද නැද්ද යන්න 100% ක්ම තහවරු නොවෙන තැනක ඔහුව දඬුවමකට ලක් කිරීම ඔහුට කරන බලවත් අසාධාරනයක්. 'වරදකරුවන් 100 ක් දඬුවමින් ගැලවුනත් එක නිවැරදිකරුවෙක් දඬුවමකට හසුවිය නොයුතුයි' යන කියමනක් අසා තිබෙනෙවා මට මතකයි.

    දෙවෙනි කාරනේ, සාමාන්‍යව හා සධාරනව ජීවත් වෙන කෙනෙකුට මරන දන්ඩනය අශිෂ්ඪ බවක් ලෙස සිතුනත්, මිනි මැරුමකට දඬුවම් නියම කිරීමේ දී මරනයට පත් වූ තැනත්තාගේ අගතියට පත් පාර්ශවයෙන් මරන දන්ඩනය අශිෂ්ඪද කියා ඇසුවෝතින්, එම අයගේ පිළිතුර වනු ඇත්තේ එය සාධාරනයි කියාය​. ඒ එතෙන් දී ඔවුන් අසාධාරනයකට ලක් වී ඇති නිසයි. එවනි අසාධාරනයකට ඔවුන් මුහුන නොදී ඔවුන්ද සාමාන්‍යයන් ලෙස ඉඳින අවස්තාවක​ සමහර විට, මරන දන්ඩනය අශිෂ්ඪයි කියා ඔවුන්ද කියනු ඇත​. මරනය කියන්නේ ජීවිතයක උපරිමයයි, අන්තයයි. ජීවත් වීමේ අයිතිය සැමෝටම එක සමානව තිබේ. එය අසාධාරනව උදුරා ගැනීම කාටවත් කළ නොහැකියි. එහෙනම් මරන දන්ඩනය අශිෂ්ඪයි ලෙස කියා, මිනිස් ජීවිතයක උපරිමය උපරිමයෙන් උදුරා ගත් මිනි මරුවා කල ඒ වරදට ලිහිල් දඬුවමක් ලබා දීමෙන්, ඔහු මරනයට ලක් කල පුද්ගයාට නීතියෙන් වෙන සාධාරනය මොනවද​? ආයු දන්ඩනයට හෝ දීර්ග කාලීන සිර දඬුවමකට ලක්වෙන මිනිමරුවා, රටේ සාමාන්‍යයට අනූව මොනම හේතුවක් උඩ හෝ නිදහස් වී ඇවිදින් නිදැල්ලේ හැසිරෙයි. සමහරවිට මිනී මැරීම ඔහුට හුරු නිසාත්, නීතියේ ලිහිල් භාවය දන්නා නිසාත් තවත් මිනිහෙක් මරන්න ඔහු පසුබට නොවෙයි. මොහුව අනුගමනය කරමින් අනිකුනුත් ඔය දේම කරන්න පෙලඹෙයි. ඒ නීතිය ගැන බිය නැති නිසයි. කුලියට/මුදලට මිනීමැරීම් බහුල වන්නේද නීතිය ලිහිල් නිසයි. මරන දන්ඩනය අශිෂ්ඪයි කියල එය​ වලකාලීමෙන් අශිෂ්ඪ සමාජයක් බිහිවීම වලකා ගත​ නොහැකි වෙයි.

    * මා ඉන්නේත් මිනී මැරීම 'අශිෂ්ඪයි' කියන කඳවුරේම වන අතර​ ජීවත් වීමේ අයිතිය සැමෝට එක සමාන බවත් මා විශ්වාස කරනවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්න කරන විට එය වෙනුවෙන් පෙනී නොසිටියත් පැරා ඔහු අදහන මතය ලියා තිබෙනවා.

      ඔබ දෙපසටම අදහස් දක්වා තිබෙනවා මිස නිගමනය හෝ මතය දක්වා නැහැ.

      Delete
    2. වරද කළා කියලා ඔප්පු වෙලා තියෙනවනේ. අනෙක ඔය වගේ වැරදි වලට ගැලවෙන්න ඉඩ දෙන්න පුලුවන්ද කාට උනත්. මේ වගේ මිනිස්සු වෛද්‍යවරුන් නොවියයුතුයි.

      Delete
    3. Anonymous@

      ''ඔබ දෙපසටම අදහස් දක්වා තිබෙනවා මිස නිගමනය හෝ මතය දක්වා නැහැ''

      * මා ඉන්නේත් මිනී මැරීම 'අශිෂ්ඪයි' කියන කඳවුරේම වන අතර​ ජීවත් වීමේ අයිතිය සැමෝට එක සමාන බවත් මා විශ්වාස කරනවා. (මෙතන​, මිනී මැරීම අශිෂ්ඪයි කියලා කිව්වට මරන දන්ඩුවම අශිෂ්ඪය කියලා මම කියලා නෑ )

      මගේ මතය​ පැහැදිලියි නේද​?

      වනිතා හඬ@

      එකඟයි ඔබ සමඟ මා එකඟයි, ලිපියේ පැරකුම් සඳහන් කරනවා පරිදි ''තවදුරටත් කිසියම් කුකුසක් ඉතිරි වී නැතිවා ද නො වේ. ඔහු ඇත්තට ම මේ මිනීමැරුම කළා ද? යන කාරනය නිවැරදි නම් එම දොස්තරවරයාට බලවත් අසාදාරනයක් වන බව කීවා මිසක් මිනි මරුවාට මරන දන්ඩනය හිමි විය යුතුමයි යන කාරනයේ දී මාද ඔබ හා එකඟයි.

      Delete
  8. එදා 88/89 යුගයේදී, නිවාසවල සිටි රජයේ සහ එජාප හෙන්චයියන් ඔවුන්ගේ දරු මල්ලන් බලා සිටියදීම නිවෙස්වලින් එළියට ඇද බල්ලන් බළලුන් මෙන් වෙඩි තබා මරා දමන ලදි. මෙය එවක ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමීන්ගේ විප්ලවය විය. එදා පැරා මෙවැනි දෙවල් කළාදැයි නොදනිමි, එහෙත් ඔහු සිටියේ එම විප්ලවවාදීන් යැයි කියා ගත් මිනීමරුවන් ගොඩේය. එවැනි දරුණු අපරාධ අනුමත කළ පැරා වැන්නන් අධිකරණය ඉදිරියේදී සාධාරණ සැකයෙන් තොරව ඔප්පුවන මිනීමරුවන්ට මරණ දඬුවම දීම ගැන විරුද්ධයත්වය දක්වමින් ලෝකයට ශිෂ්ඨත්වය උගන්වන්නට වෙර දරයි. ඔබ වැන්නන් කළ යුත්තේ අධිකරණ මරණ දඬුවමේ ශිෂ්ඨත්වය විවේචනය කිරීම නොව, ඔබගේ කාඩරයන් ඝාතනය කළ මිනිසුන් ගැන ස්වයං විවේචනයක් ඉදිරිපත් කිරීමයි. විප්ලව යනු අහිංසකයන් ඝාතනය නොව, ආයුධ අතට ගත් රජයේ හමුදා හෝ පොලිසියට පහර දීමයි. නමුත් ඔබ නියෝජනය කළ කාඩරයන් බහුතරයක් සිදු කළේ නිරායුධ සිවිල් වැසියන් ඝාතනයයි. අද කාළේනම් එය යුධ අපරාධ ගනයට වැටේ.

    ReplyDelete
    Replies
    1. සේ සේ සේ සේ ...කෝ මේ මඩ පුවක්. කොහේ මකබෑ වෙලාද ?

      Delete
  9. Ethakota 88-89 dee parage samaaja waadeen 'desha droheenta maranaya' kiyala thappa gaane kalu akuren liyala minissu daas gaanak maruwe ahinsaka kama balalada, nadu ahalada?? Ane paro nikam ata nathi diwa hama paththatama wananna epa, mekata wiruddha moo dostharayek hindada, neethiya methana hariyata kriyathmaka wela thiyenawa, echcharayi, para nathi sudu redi andinna hadanawa meka pennala, makes me think of some earlier comments that mentioned you are just wayward in giving your opinions, unfortunately..

    Ano thuma-

    ReplyDelete
    Replies
    1. Para usually hates doctors. Since this particular doctor has tarnished the image of the profession Para is fighting for him.

      Delete
    2. So he likes such doctors, ha! Good point!! :-)

      Delete
  10. And you quote Bandaranayaka's assassination and that the culpability of the murderer is uncertain to some people still today.. Shame on you!!! This happened over 50 years ago in history.. How can you land back to 50 years without taking the slightest note of what happened just 25-26 years back??? innocents being slaughtered for no reason, thousands of them at that... How can you go past over that era and go 50 years back.. Memory hole???

    ReplyDelete
    Replies
    1. Para and the clan were marching towards the socialism in 89. There were some hindrance to the process and those were neutralised then and there. In this neutralisation process some objects called humans were guided to a sub process called slaughtering.

      Since some objects were processed to neutralise the hindrance there is no need for confession.

      Delete
  11. මරන දඬුවම අනිවාර්යෙන් අවශ්‍යයි. ඒක වැරදි නෑ. විශේෂයෙන් ස්ත්‍රී දූෂණ වලට එරෙහිව චූදිතයා කවුරු උනත් මරණ දඬුවම එවලේම ක්‍රියාත්මක කරන්න නීති ඕනේ. හැබැයි මේ සිද්ධිය ගැනනම් තව දෙයක් කියන්න තියෙනවා. මෙතනදී දොස්තරගේ අතවරේට පත් වෙලා මැරුන කෙනා සම්ප්‍රදායික කාන්තා චරිතයක්. මේ වගේ අය තමන්ගේ ජීවිතේ ගෙනියන්න පුරුදු වෙලා තියෙන්නේ පිරිමින්ගේ කාමුක අවශ්‍යතා වලට අනුව හා ළමයි හදන අවශ්‍යතාවය සපුරාගන්න ඕන විදිහට. මේ සම්ප්‍රදායික චරිත වලට පුරුෂයා මූලික වන සමාජයෙන්ම ලැබෙන ප්‍රතිචාරයි මේ. නූතන යුගයට පිවිසෙන කාන්තාව මේ පිරිමියාගේ කාමය හා ළමයි හදන උවමනාව මත ජීවත් නොවී ඉන් බැහැර වෙනත් මාර්ගයකට අවතීර්න වෙන්න ඕනේ . මෙයාට පිරිමියාගේ කාම උමතුවට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් උනානම් ඒ සිද්ධිය වෙන්න කලින්ම බේරෙන්න තිබුණා. ඒත් එයාට ඒ ශක්තිය නැති කරේ සම්ප්‍රදායික මෝඩකම.

    ReplyDelete
    Replies
    1. වනිතා අක්කි කොහොමද බලන් හිටියා වගේ කියන්නේ මේ ළමයා පිරිමින්ගේ කාමුක අවශ්‍යතා වලට අනුව හා ළමයි හදන අවශ්‍යතාවය සපුරාගන්න තමන්ගේ ජීවිතේ ගෙනියන්න පුරුදු වෙලා හිටියා කියලා. මේ ළමයා ජීවත් වෙන්න රස්සාවක් කරන්න ආපු කෙනෙක්. පෙම්වතෙක් ගැන වත් සඳහනක් නෑ. කොයිදේ කරන්නත් ජීවත් වෙන්න ඕන නේ. ඉතිං පුළුවන් තැනක රස්සාවක් හොයා ගත්තා. අක්කි කියන විදියට ගාමන්ට් එකක රස්සාවට එනවා කියන්නේ "පිරිමින්ගේ කාමුක අවශ්‍යතා වලට අනුව හා ළමයි හදන අවශ්‍යතාවය සපුරාගන්න" ඉඩ දෙනවා. එහෙම කියන එක මහ කැත කතාවක්නේ අක්කි.

      Delete
    2. @වනිතා හඬ September 4, 2014 at 12:23 PM
      ඕං කිව්වා.
      ඔය ගහලා තියෙන්නේ පරණ පුරුදු තැටියම. මේක හරියට තිකල් කසාය වගේ. බඩගියත් පුරුෂයාගේ කාමය. වමනෙ ගියත් පුරුෂයාගේ කාමය. ඔලුව රිදුනත් පුරුෂයාගේ කාමය. වනිතා ඉපදීමටත් හේතුව පුරුෂයාගේ කාමය.

      Delete
  12. මරදන්කඩවල යකඩ දොස්තරට මරන දඩුවම කොළබ දොස්තරට ඇප !

    ReplyDelete
  13. ලංකාවේ මරණ දඬුවම කියලා දඬුවමක් නෑ නේ....????

    ReplyDelete
    Replies
    1. ඇත්තම් තමයි නේන්නම් එල්ලලා මරන්න ඉන්න අය ඇතුලේ පෝලිමේ ඉන්නව
      නිදහසේ එළියේ ඉන්න අය පෝලිමේ අනතුරු වලින් මැරෙනවා

      Delete
    2. මෙහෙ තියෙන්නේ ආයුධ සෙවීමේ දඬුවම සහ පිහිනුම් තරග පැවැත්වීමේ දඬුවම පමණයි බොස්.

      Delete
  14. Ekane maathalan lokka, para boruwata ka gahanawa, sudana kama pennanna..
    Dan kawuruhari awilla parage gedarata parata wedi thiyala giyoth thamange vyapaareta badhawak wuna nisa kiyala eka nikamma nikam maranayakda??? Vyaapareta badhawak ayin wuna nisa e gana katha karanna wath oni nadda??

    ReplyDelete
    Replies
    1. samajawadayata yana wyaparayata badhawak ayin una nam e gana katha karanna ona naa.

      ekane 89 gana katha nokara inne.

      katha karannama ona kiwwoth kashyapa budu hamuduruwange kale indala minissu marichcha ewa katha karanna ona kiyala kayyak gahala nikam innawa

      Delete
  15. MENNA PRASHNAYA- PARA MINEE MARUWANTA ANUKAMPA KIREEME RAHASA KUMAKDA? UTHTHARA DENNA

    ReplyDelete
    Replies
    1. ඔයා මාර කතානේ අහන්නේ. මම කියන්නෙම නෑ.

      Delete
    2. UTHTHARAYA HARIMA LESIYI, TRY KARANNAKO..

      Delete
  16. Pera mini meruwaho nethuwa,Jvp(DJV) eka eda minimarana kota perala eke samajikayo,Denuth pera wedakaranne merilaipadilawage.

    ReplyDelete
  17. පැරා අමුමිරිස් චැලේන්ජ් එක ගැන නොලියන්නේ ඒකට සපෝට් නිසාද? අපි හිතුවේ පැරා ඔය වගේ ධනවාදී ප්‍රචාර වලට විරුද්ධයි කියලා. පැරා විරුද්ධ අයිස් බකට් චැලේන්ජ් එකට විතරද?

    ReplyDelete
  18. එහෙම විරුද්ධ වෙන එක හරිම නෑ.ඒත් මේ ආණ්ඩුවේ තක්කඩිංව කවදා හරි එල්ලන්න වුනොත් ඒ වැඩේට ඔය කියන විරුද්ධ වීම හරහට හිටිනවානේ.

    ReplyDelete
  19. //ශිෂ්ට සමාජයන් මරණීය දණ්ඩනය අනුමත කරන්නේ නැත. මරණ දඬුවම වෙනුවට වෙනත් ශිෂ්ට දණ්ඩන ක්‍රම ඔස්සේ මිනිසුන්ට නිවැරදි වී යළි සමාජගත වන්නට අවස්ථාව සලසා දිය යුතු ය. //

    එහෙම වුනත් පැරා ලංකාවේ තියෙන සමාජය ශිෂ්ඨ සම්පන්න බවට තාමත් බොහොම ඈති කියල තමයි මමනම් හිතන්නේ.

    උදාහරණ නම් එමටයි.

    දැන් මිනිස්සු අපරාධ කරන්න බය නැහැ. මිනීමැරුම් කියන එක කිමුහුමක් තරමටවත් ගණන් ගන්නේ නැහැ.

    මේ සමාජේ හදන්න දේවල් ගොඩක් තාමත් ඉතිරි වෙලා තියෙනවා.

    ඒවා හදන්න නම් අනවශ්‍ය පිළිකා අයින් කරන්න වෙනවා.

    විභීෂණ මරණ දඬුවම ක්‍රියාත්මක කරන එකට එකඟයි.

    නඩු තීන්දු වල සාධාරණ අසාධාරණ බව කතා කරන්න මට සාක්ෂි නැහැ. ඒ හින්ද ඒ ගැන මෙතන කතා කිරීම පලක් නැති වැඩක්.

    ReplyDelete
  20. keri parakuma, wesawa tho aayeth liyapu de balapan balla. tho yako danpathiyange eta lewa kana unta puka dena huththige puthek. Pala wesa balla narakadiyata. Ara ahinsaka kella marapu ekata sudu hunu gaanna ena awalam kaalakainniya. hena gahapiya thota pakaya.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා