ශ්‍රේෂ්ඨාධිකරණයට මල් මිටක්

විනිසුරුවන් කියන්නේ රටේ පවතින නීතිය ප්‍රකාරව යුක්තිය පසිඳලන්නන් පිරිසක් මිස තමන්ට හිතුවක් කළ හැකි සුවිශේෂ බලවතුන් පිරිසක් නොවේ. ඔවුන්ට නීති සම්පාදනය කිරීමේ බලයක් ද නැත.

එහෙත්, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ යන කියමන නීතියක් යයි සිතෙන අන්දමින් කටයුතු කරන නඩුකාරයන්, නඩුකාරියන් පිරිසක් මේ රටේ සිටිති. ඔවුන් අතින් වැඩිපුර ම පීඩාවට පත් වන්නේ සමාජයේ බලය නැති දිළිඳු අහිංසකයෝ ය. 

නො සිතා කරන පුංචි අත්වැරැද්දටත් මිනිසුන්ට නීති පොතෙත් නැති දඬුවම් කරන ඇතැම් විනිසුරන් පාලනය කිරීමට පහත අන්දමේ නඩු තීන්දු ඉවහල් වනු ඇත. (උපුටා ගැනීම දිනමිණෙනි.)

වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කළ අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් ධුරයෙන් ඉවතට

වෛද්‍යවරියක් පැද වූ මෝටර් රථයක ගැටීමෙන් මෝටර් බයිසිකල් ධාවකයෙකු සුළු තුවාල ලැබුවේ යැයි වෛද්‍යවරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය දුන් අත්තනගල්ල වැඩ බලන මහෙස්ත්‍රාත් පූර්ණා සේනාරත්න මහත්මියට එම ධූරයේ යෙදීම තහනම් කළ ශ්‍රේෂ්ඨාධිකරණය වෛද්‍යවරිය අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබා දීමට විරෝධය පළ කළ නිට්ටඹුව පොලිසියේ රථ වාහන අංශ‍යේ ස්ථානාධිපති සුසන්ත සහ කොස්තාපල් ආනන්ද යන අයගේ වැඩ තහනම් කරන ලෙස පොලිස්පතිවරයාට නි‍යම කළේය.
මෙම නිලධාරීන් දෙදෙනාට එරෙහිව විනය පරීක්ෂණයක් පවත්වන ලෙසද නියම විය.
අනතුර සම්බන්ධයෙන් පොලිසියේ දී සමථයකට පත් වී තිබිය දී අනතුර වන අවස්ථාවේ දී බයිසිකලයේ පසුපස ගමන් ගත් කාන්තාවගේ සොහොයුරෙකු යැයි කියන නීතීඥවරයකුගේ බලපෑම මත ඉහත පොලිස් නිලධාරීන් දෙදෙනා තමන් හදිසියේම අධිකරණයට ඉදිරිපත් කර තමන් කැමති පරිදි නීතීඥ සහයක් ලබා ගැනීමට ඉඩ නොතබා වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසු දින තුනක් රිමාන්ඩ් භාරයේ සිටීමට සිදු වූ බව සඳහන් කරමින් වතුපි‍ටිවල රෝහලේ සේවය කරන වෛද්‍ය මල්ලිකා ගුණරත්න මහත්මිය අග විනිසුරු මොහාන් පීරිස් මහතා වෙත එවා තිබූ පැමිණිල්ලක් අග විනිසුරුවරයා ,ඊවා වනසුන්දර සහ සරත් ද ආබෲ යන විනිශ්චය මණ්ඩලය විසින් විභාග කිරීමෙන් පසු මෙම නියෝගය සිදු කෙරිණි.
වෛද්‍යරියට හෝ ඇයගේ පවුලේ අයට බලපෑම් කර තිබුණොත් පොලිස් නිලධාරීන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කරන බව අග විනිසුරුවරයා ඔවුනට දැඩි ලෙස අවවාද කරමින් පැවසීය.
ජූලි 18 දා වෛද්‍යවරිය සිය නිවසේ සිට රෝහලට යාම සඳහා වාහනය පාරට දමන අවස්ථාවේ දී මෙම අනතුර සිදු වී ඇති බවත් තුවාලකරු රෝහලට ගෙන ගොස් අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු යොදා නිට්ටඹුව පොලිසියට ගොස් කට උත්තරයක් ලබා දුන් බවත් වෛද්‍යවරිය අග විනිසුරුවරයා වෙත එවා තිබූ පැමිණිල්ලේ සඳහන්ය.
අනතුර සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම අනවශ්‍ය බවත් සමථයකට පත් වන ලෙසත් පොලිසියෙන් තමාට පැවසු බවත් බයිසිකලය සාදා දෙන ලෙස තුවාලකරු ඉල්ලා සිටි බවත් පවසන පැමිණිල්ල එසේ තිබිය දී නැවතත් තමාට පොලිසියට එන ලෙස දන්වා ත්‍රී විලරයක නංවා ගෙන අධිකරණයට රැගෙන ගිය බවත් ඒ සඳහා කාන්තා පොලිස් නිලධාරිණියක සහභාගි කර නොගත් බවත් වැඩි දුරටත් සඳහන් කරයි.
නීතීඥවරයකු පැමිණ ප්‍රශ්නගත තත්තවයක් ඇති කළ බැවින් තමන් එසේ අධිකරණයට ඉදිරිපත් කරන බව නිලධාරීන් දෙදෙනා තමන්ට පැවසූ බව සඳහන් කරන පැමිණිලිකාරිය තමන්ගේ සැමියා පැමිණෙන තෙක් කාලය ලබා දෙන කළ ඉල්ලීම නොසළකා හැරිය බවත් සඳහන් කරන්නීය.
අධිකරණයේ සිටි නීතීඥවරයකු පැමිණ නීතීඥ සහයක් අවශ්‍ය දැයි තමන්ගෙන් විමසූ බවත් අවශ්‍ය යැයි තමන් පැවසූ විට නීතීඥවරයකු පෙන්වා සි‍ටි අතර එම නීතීඥවරයා තමන් සමඟ කිසිවක් සාකච්ඡා ‍නොකළ බවත් පවසන වෛද්‍යවරිය තමන්ගේ එකඟත්වයක්‍ නොමැතිව තුවාලකරුට රුපියල් 35000ක් ගෙවීමට කැමති බව එම නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන් බවත් පවසන්නීය.
තමන්ට ඇප ලබා දීමට පොලිසිය විරුද්ධ වූ බවත් වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය 21 දක්වා තමන් රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් පසුව වැලිකඩ බන්ධනාගාරයට ගෙන ගිය බවත් පවසන්නීය. පසුව තම සැමියා සහකාර පොලිස් අධිකාරි බලගල්ල මහතා හමූ වී කරුණු දැක්වීමෙන් පසුව මෝසමක් මගින් තමන්ට ඇප ලබා දුන් බවත් තුවාලකරු 20 වැනි දින රෝහලෙන් පිට වී ගිය බවත් සඳහන් කරන්නීය.
මෙම සිද්ධිය නිසා තමන් සහ තම පවුලේ අය අවමානයට ලක් වූ බව පවසන වෛද්‍යවරිය අපක්ෂපාති විභාගයක් පවත්වා ඔප්පු වුවහොත් අදාළ අයට විනය පියවර ගන්නා ලෙසත් අග විනිසුරුවරයාගෙන් ඉල්ලා තිබිණි.  පැමිණිලිකාරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න මෙනවිය පෙනී සිටියාය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අදාල නඩුවට සාදාරනය කල අගවිනිසුරු රජ පවුලේ උදවියට එරෙහිව එන නඩූන්ටත් ඒ සාදාරනයම කරාවිද​? එහෙම කලොත් මල් ලොරියක් විතර දෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. හැම එකටම ගොනා වගේ රජ පවුලම ඇදල ගන්නේ නැතුව මාතෘකාවට අදාලව මොනවා හරි දාපං. උඹ රජ උනොත් හරි ලස්සනට කරයි කියල තමයි බය

      Delete
    2. ''හැම එකටම ගොනා වගේ රජ පවුලම ඇදල ගන්නේ නැතුව මාතෘකාවට අදාලව මොනවා හරි දාපං''
      රජයේ සෑම ආයතනයකම රජ පවුල තම අනසකට නතුකරගෙන​ තිබෙන බවක් නොතේරෙන්නේ ඇනෝ ගොනෙක් නොවන නිසාද​? එසේ නීතිය සැමෝටම එක හා සමාන නොවන​ තැනක, ඔය ඇනෝගේ පරම අයිතියත් එයින් නැතිවෙන බව ගොනෙක් නොවන ඇනෝ තේරුම් ගත යුතුයි.

      ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කෙරුනු සාධාරනයක් ගැනයි මේ ලිපිය​. ඉතින් ඒ සාධාරනය සැමෝට එක හා සමාන වේවිද කියා ප්‍රශ්නයක් මතුකරන මගේ ප්‍රතිචාරය ලිපියට ආදාල නොවන බව වැදගත් ඇනෝට නොතේරෙන්නේ ඇනෝ ගොනෙක් නොවන නිසාද?

      ''උඹ රජ උනොත් හරි ලස්සනට කරයි කියල තමයි බය''

      ලෝකේ හැම එකාම එක වගේ නොවෙයි ඇනෝ, සත්‍යවන්තව​, අපක්‍ෂපාතීව​, සාධාරනව​, නීතිගරුක​ව​, ජනතාවාදීව කටයුතු කර ආදර්‍ෂමත්ව ජීවත් වූ නායකයෝ ලෝකේ ඕනෑ තරම් හිටියා. ඉතිං මං රජවුනොත් එහෙම කෙනෙක් නොමවෙයි කියල ඇනෝ කියන්නේ, ඇනෝ මං ගැන මොනව දැනගෙනද​? අනික, ඇනෝම ගොනා කියල හඳුන්වපු එකෙක්ගෙන් 'උඹ රජ වුනොත්' කියල ඇනෝ අහන්නේ ඇනෝ ගොනෙක් නොවනම නිසාද​?

      *ඇනෝ තිරිසනයි මානවයයි පටලවගෙනනේ. 'දන්න නොදන්න' ​හැමදේටම 'උම්බෑ' නොකියා ඔය තියෙන තණකොල ටිකක් කාල බෙට්ටයක් දෙකක් දාල පාඩුවේ හිටියනම් අනුන්ට වදයක් නෑනේ ඇනෝ.

      Delete
    3. උන්මත්තකගේ පළමු කමෙන්ටුව මාතෘකාවට අදාලයි. හැම දේටම රජ පවුල ඇදල ගන්නවද කියන එක දන්නේ නෑ. එහෙම ඇදල ගන්නවා උනත් මේ කමෙන්ටුවට ඇද ගැනීම නිවැරදියි.

      ඒත්,

      /සත්‍යවන්තව​, අපක්‍ෂපාතීව​, සාධාරනව​, නීතිගරුක​ව​, ජනතාවාදීව කටයුතු කර ආදර්‍ෂමත්ව ජීවත් වූ නායකයෝ ලෝකේ ඕනෑ තරම් හිටියා. /

      ඕන තරම් කියද්දී ගණන් ගන්න ඕන බහුතරයනේ. මම හිතන්නේ ඒක සුළුතරය කියලා. ඔබ ඕන තරම් කියන අයව නම් කරන්නකෝ. එතකොට අපිට ඒ ගැන අදහසක් ගන්න පුළුවන්.

      Delete
    4. විනීතව ප්‍රශ්නය යොමු ලක ඇනෝ@

      මම මගේ කොමෙන්ටුවේ 'ඕනෑ තරම්' කියන වචනයෙන් මම අදහස් කලේ එහෙම ජීවත් වූ, ජීවත් වන සමහරක් ලෝකයේ හිටියා, ඉන්නවා කියන එකයි. 'ඕනෑ තරම්' කියන වචනය බහුතරය හෝ සුළුතරය ලෙස වටහා ගැනීම ඔබේ කැමැත්තක්. සමහර විට 'ඕනෑ තරම්' කියන වචනය යෙදීම 'වැඩියි' වෙන්නත් පුලුවන්. කෙසේ නමුත් ඇනෝ1 සම​ඟ මේ සංවාදය ඇරඹුනේ මා මාතෘවෙන් පිට යනවාද කියන කාරනය නිසයි. මේ සංවාදය අපි මේ අයුරින් දිගටම අරගෙන ගියොත් ඇනෝ1 කල එක් දෝෂාරෝපනයක් සධාරනය වෙන්නත් පුළුවන්. ඒක පැත්තකට දමා, ඔබ මට යොමු කල ප්‍රශ්නයට දෙන්න​ මා ළඟ පිළිතුරු තිබුනත්, ඒ පිළිතුර මා යොමු කරන්නේ කාටද​? හරියට එල්ලයක් නැතුව ටෙනිස් ගහනවා වගේයි නේ. ඇනෝ1 ඇනෝ2 ඇනෝ3 ??? මේක හරියට ඉස්සර හිටපු රජවරු හඳුන්වනවා වගෙයි නේ. ඔබ මේ කොමෙන්ටුව මා වෙත විනීතව යොමුකරල තිබුනත්, ඔබ ඒ ඇනෝ1 ම නොවෙයි කියල මං හඳුන ගන්නේ කොහොමද​? ඔබ ඔහුම වුනත් කාරී නෑ නමුත්, පිළිතුරු දෙන්නේ අහවලාටමයි කියන එක මට නිස්චය වන්න ඕනේ. ඔබට දෙන්න මා ලඟ පිළිතුරු තිබෙනවා, ඒ පිළිතුර මා ලබා දෙන්න​, ඔබ මොනව හරි නමකින් එන්න​. අන්වර්ත නමක් වුනත් කමක් නෑ. බ්ලොගය තුල කිනම් හෝ අනන්‍යතාවයක් ඕනෑ.

      Delete
    5. 'පිළිතුරු දෙන්න, බ්ලොගය තුල එය ලබන්නාගේ කිනම් හෝ අනන්‍යතාවයක් මා දකින්න ඕනේ' ලෙස නිවැරදි කර ගන්න

      Delete
    6. මම ඇනෝ 1 නෙවි.

      ඔබට අන්වර්ථ නමක් අවශ්‍ය නම් උන්මත්තකගෙන් ප්‍රශ්න අසන නිසා මන්ද නමින් සහ පැරකුම්ගේ බ්ලොගයට පැමිණි නිසා මහසෙන් නමින් හඳුන්වන්නම්.

      ඕනෑතරම් කියන වචනයෙන් ඔබ අදහස් කලේ සමහරක් සිටි වග බව වැටහුනේ නෑ. කොහොම වුනත් ඔබ කියන ආකාරයේ නායකයන් සිටියේ සුළුතරයක් බවයි මගේ වැටහීම. බොහෝ නායකයන් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ප්‍රතිරූප මාධ්‍ය වෙතින් මවන ලද ඒවායි. කෝකටත් ඔබ කියන පුද්ගලයන් නම් කරන්න. එවිට එය වටහා ගන්න උත්සහ කරන්න පුළුවන්. මට බ්ලොගයක් නැහැ. කියවන්නෙක් පමණයි. ඔබගේ බ්ලොගයේ පිළිතුරු දෙනවානම් ලින්ක් එකක් මෙහි දමන්න.

      මන්ද මහසෙන්

      Delete
    7. මන්ද මහසෙන්@

      ඔබේ ප්‍රතිචාරයේ ස්වභාවයට අනූව ඔබ ඇනෝ 1 නොවෙයි කියල විශ්වාස කරන්නම්. බොහෝ ලෝක නායකයන්ගේ/ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ වග තුග මාධ්‍ය මගින් උලුප්පා/ අවම කර/ සුදු කර හෝ කලු කර පෙන්වා ඇති බවට මාද ඔබේ අදහසට එකඟයි. අවාසනාවකට අවුරුදු සිය දහස් ගනන් පැරනි චරිතයන්ගේ විස්තර මාද්‍යයන් හරහා මිස දැන ගන්න අපට වෙන මාර්ගයක් ඇති බවක් මා දන්නේ නැත. කෙසේ නමුත් ඒවායින් පිළිගත හැකියි ලෙස අපට සිතෙන කරුනු පමනක් හෝ ගෙන​ අනුමානයකට එන්නයි අපට සිදුවෙලා තියෙන්නේ.

      ඔබ අදහස් කලා වගේ මේවා ගැන වැඩිදුර කතා කරන්න වර්ඩ්ප්‍රෙස් වල මගේ නමට ඇති බ්ලොගය හරහා මගේ ඊ මේලයට එන්න​. එය ආතතිය වැනි දෙයින් වැලකෙන මන සෞක්‍යටත් ගුනයි. බ්ලොග් ප්‍රතිචාර තුලින් ඔබ සේම මාද යම් දැනුමක් බලාපොරොත්තු වෙනවා හැරෙන්න නිකරුනේ කෙනෙක් රිදවන්න හෝ රිදවගන්න අකමැතියි.

      ඔබට ජය​

      Delete
  2. අප මහ බ්ලොග් කතු පැරකුම් ජයසිංහයන් සිය බුද්ධිමය නිම්වළලු නීති ක්ෂේත්‍රය තෙක් පුළුල් කොට ඇති බව මෙම ලිපියෙන් ගම්‍ය වේ.

    -අනගාරික ධර්මදාස තුමා.

    ReplyDelete
    Replies
    1. තෝ අනගාරික නෙවෙයි වැලේ වනලා තියන ගෑණු ජංගි හොරකම් කරන බඩජාරික

      Delete
    2. නිස්කාරණයේ දොස් තබන්නේ මන්ද මැතිඳ? පැරකුම් ජයසිංහයන්ගේ බුද්ධිය වර්ණනා කිරීමෙන් ඔබට සිත් රිදවීමක් වුනිද?

      ඔබටත් පොත පත පරිශීලනයෙන් බුද්ධියේ නිම්වළලු පුළුල් කොට ගත හැකියි. කියවීමෙන් මිනිසා සම්පූර්ණවන බව පුරාණ පඬිවරුන් පවසා ඇති බව මැතිඳුන් අසා නැද්ද? සුළු වශයෙන් හෝ පොතපත කියවා ඇති අයෙකුට මැතිඳුන්ගේ ලිවීමෙහි දොස් දැකිය හැකියි. "ගෑණු" ජංගි ලෙස විශේෂයෙන් හැඳින්වීමක් අවශ්‍ය නොවන්නා සේම බඩජාරිකම සහ සොරකම් කිරීම අතරත් සබඳතාවක් නැති බවත් මැතිඳුන්ට පෙන්වා දීමට කැමතියි.

      -අනගාරික ධර්මදාස තුමා.

      Delete
  3. තෝ අනගාරික නෙවෙයි පිළිකන්නේ පඳුරු අස්සේ ජාතක

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා