Posts

Showing posts from September, 2014

මේ බල්ලාට එරෙහිව ක්‍රියාමාර්ග පමා ඇයි?

මහජන මුදලින් වැටුප් ලබන නිලධාරියකුට මේ අන්දමින් හැසිරීමට කිසි සේත් ම ඉඩ දිය යුතු නැත. මොවුන් පොලිසිවලදී මෙසේ හැසිරීම සුලබ දෙයකි. එහෙත්, මහ පාරේදීත් ඒ අන්දමින් හැසිරීමට ඉඩ දිය යුතු ද? අඩු තරමේ පොලිසියට ඒ මට්ටමේ හරි ශිෂ්ටත්වයක් තිබිය යුතු ය. අනෙක කවර හෝ ගැහැනියකට මේ අන්දමින් මහ මග පහර දෙන මූ පිරිමියෙක් ද?  වාරියපොල තිලිණි පිරිමියකුට ප්‍රසිද්ධියේ පහර දුන් අවස්ථාවේදී ලංකාවේ පිරිමි සමාජයට ඇති වූ කම්පනය මේ ගැහැනියට මේ අන්දමින් ප්‍රසිද්ධියේ පහර දෙද්දී ඇති නො වන්නේ ඇයි? පිරිමින් ගැහැනුන්ට පහර දීම සාමාන්‍ය දෙයක් ලෙස සැලකිය යුතු ද? පොලිස් නිලධාරීන් මේ අන්දමින් මිනිසුන්ට පහර දීම සාමාන්‍ය යයි සැලකිය යුතු ද? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බ

ජයලලිතා හා ලංකාවේ දේශපාලකයෝ

Image
වසර 18ක් තිස්සේ ඇදෙමින් තිබුණු දූෂණ නඩුවක ප්‍රතිඵලයක් ලෙස තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට බැංගලෝරයේ අධිකරණයක් විසින් මහ ඇමති ධුරය අහිමි කර වසර හතරකට සිර ගෙට නියම කර තිබේ.  1991 සිට 1996 දක්වා වූ ඇගේ පළමු මහ ඇමති ධුර කාලය තුළ ඇගේ වත්කම්වල සිදු වූ වර්ධනය ඇගේ ඉපයීම්වලට වඩා බෙහෙවින් වැඩි හෙයින් ඇය අයථා ලෙස මුදල් රැස් කරගෙන තිබෙන බව ඔප්පු වී තිබේ.  ජයලලිතාට වූ දෙය ඉන්දීය අගමැති මෝදි පවා බියපත් කරන සිද්ධියකි. ඔහු ගුජරාටයේ මහ ඇමති සමයේ එහි මුස්ලිම් සංහාරවලට එරෙහිව මෝදිට චෝදනා තිබේ. ඒ පිළිබඳ පරීක්ෂණ නිසි ලෙස සිදු වී නැත. ලංකාව වැනි අතිශය දූෂිත පාලකයන් සිටින රටවල අධිකරණයට ඉන්දීය අධිකරණය විසින් දී තිබෙන්නේ ඉතා වැදගත් ආදර්ශයකි. මහජන මුදල් අයථා ලෙස පරිහරණය හා වංචා කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයකි. මෙය ජනතාව දුප්පත් වීමට ප්‍රධාන  ම හේතුවයි. රටක ජනතාව හිතා මතා දුප්පතුන් බවට පත් කිරීම මානව වර්ගයාට එරෙහි අපරාධයක් ලෙස සැලකිය යුතු ය. ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරානි බංඩාරනායක අග විනිසුරුවරිය දෝෂාභියෝගයක් ඔස්සේ බලයෙන් පහ කිරීමට හේතු මේ සංදර්භය ඔස්සේ පහසුවෙන් තේරුම් ගත හැකි ය. එමගින් බලාප

වැට් බදු වංචාව තරම් ම වන වෙනත් බදු වංචා සම්බන්ධයෙන් අධිකරණයේ ප්‍රතිචාරය

Image
වැට් බදු වංචාවට සම්බන්ධ ව්‍යාපාරිකයන් අටදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් විසි වසර බැගින් සිර දඬුවම් හා සුවිසල් දඩ නියම කරන ලදී.  මේ ව්‍යාපාරිකයෝ මේ වන විට රටින් පැන ගොසිනි.  මීට පෙර මෙම වරද සම්බන්ධයෙන් වරද පිළි ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකුට පනවනු ලැබූ දඬුවම අවුරුදු 102ක සිර දඬුවමක් හා රුපියල් කෝටි 1200ක පමණ දඩයකි.  රජයට ගෙවීම සඳහා ජනතාවගෙන් එකතු කරන ලද වැට් බදු මෙම ව්‍යාපාරිකයෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග එක්ව වංචා කර තිබේ. වැට් බද්ද පාරිභෝගිකයාගෙන් ඍජුව අය කර ගන්නා එකකි. එය ආණ්ඩුවට නො ගෙවා වංචා කර ගැනීම දැවැන්ත ලාභයක් ලැබීමට මගකි.  අපේ බිලට වැට් බදු එකතු කරන ව්‍යාපාරිකයන් ඒවා රජයට ගෙවන බවට ඇත්තෙන්ම අපට සහතිකයක් තිබේ ද? ඒ බිල්පත් ව්‍යාජ ඒවා වන්නට බැරි ද? මේ වංචාව තවමත් සිදු වෙමින් තිබෙන එකක් වන්නට බැරි ද? මෙවැනි දැඩි දඬුවමක් පනවන්නට ඇත්තේ මේ වංචාව කරන සෙසු අයට දැඩි බියක් ඇති කිරීමේ අරමුණින් විය හැකි ය.  සරළව ගතහොත්, මෙම දණ්ඩනයෙන් දෙන පණිවුඩය වන්නේ රජයට ගෙවිය යුතු බදු මුදල් වංචා කිරීම බරපතල වරදක් ලෙස රජය සලකන බවයි. රජයේ සේවාවන් පවත

සුන්දර ඉංග්‍රීසි: SINHALA WACHANA INGRISIYEN LIWEEMA

Image
සිංහල වචන ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා පිළි ගත් සම්මතයක් නැහැ. මා දන්නා තරමින් ඒ පිළිබඳ කිසියම් සම්මුතියක් තිබෙනවා නම් තිබෙන්නේ පුරා විද්‍යාව තුළ පමණයි. මේ සම්මතය ගොඩනැගුණු ආකාරය පිළිබඳ හැදෑරිය යුතුයි. එහෙත්, ඊට වඩා ගැටලුව වන්නේ මේ සම්මතය තුළ බරපතල වාග් විද්‍යාත්මක අර්බුදයක් පැවතීමයි. නිදසුනකින් දක්වනවා නම්, මේ සම්මතය අනුව, මහාවංශය කියන වචනය ඉංග්‍රීසියෙන් ලියන්නේ Mahawamsa ලෙසයි. Culawamsa, Dipawamsa  වැනි වදන් ද අධ්‍යයනය කරන විට ඉතා බරපතල ගැටලුවක් දකින්නට පුළුවන්. සිංහලෙන් බිංදුව ලෙස හැඳින්වෙන අක්ෂරයේ ශබ්දය බොහෝ දුරට සමාන වන්නේ ඉංග්‍රීසි ng අක්ෂර දෙකේ ශබ්දයටයි. පුරා විද්‍යාෙව්දී යොදා ගන්නා m අක්ෂරය කිසිදු ආකාරයකින් බිංදුවේ ශබ්දයට සමාන වෙන්නේ නැහැ. ඒ වගේම තමයි, ඉහත උදාහරණ දෙස බලන විට දකින්නට ලැබෙනවා, ච ශබ්දය වෙනුවෙන් c අක්ෂරය යොදා තිබෙන බව. දීපවංශයට අදාළව දී යන දීර්ඝ ස්වරය සඳහා යොදා තිබෙන්නේ Di කියන කෙටි ස්වරයයි. බරපතල ගැටලු රැසක් මෙමගින් නිර්මානය වන බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැ. ලෝකයේ ඇතැම් භාෂාවන් සිය සම්ප්‍රදායික අක්ෂර වෙනුවට රෝමානු අක්ෂර භාවිතා කරනවා. මැලේසියානු භාෂාව මේ සඳහා උ

වෙන් වීම වෙනුවට එක් වීම තහවුරු කළ ස්වයං නිර්ණය සඳහා වූ ස්කොට් ජනමතවිචාරණය

Image
ලෝකයේ රාජ්‍ය දේශ සීමා යනු ඉතිහාසය තුළ ඝනීභූතව තිබුණු දෙයක් නො වේ. මිනිසුන් විසින් නිරන්තරයෙන් ම දේශ සීමා වෙනස් කරමින්, තිබුණු රාජ්‍ය පුළුල් කරමින් හෝ අලුත් රාජ්‍ය බිහි කරමින් රාජ්‍ය ව්‍යූහයන් වෙනස් කර තිබේ. බොහෝ විට මෙය සිදු වී තිබෙන්නේ යුදමය සංදර්භයක් තුළ බල තුලනය අනුව ය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ ජාතීන්ට රාජ්‍යයන් බිහි කර ගැනීමට තිබෙන අයිතියට පිළි ගැනීමක් තිබේ. එක් ජාතියකට එක් රාජ්‍යයක් යනු ධනවාදයේ මුල් යුගයේදී පිළි ගත් දේශපාලන සටන් පාඨයක් විය. ඒ අනුව ලෝකයේ රාජ්‍ය පද්ධතිය නැවත හැඩ ගැසෙන ආකාරය 19වන සියවසේදී හා 20වන සියවසේදී දැකිය හැකි ය. එහෙත්, සමාජවාදී සෝවියට් රාජ්‍ය කඳවුරත්, ධනේශ්වර කඳවුරත් අතර සීතල යුද සමයේදී ජාතී්න්ගේ ස්වයං තීරණ අයිතිය ද තීරණය වුණේ ලෝක බලවතුන්ගේ යුද මූලෝපායික අවශ්‍යතා මත පදනම්ව ය. සමාජවාදී සෝවියට් දේශය ජාතීන්ගේ ස්වයං නිර්ණ මූලධර්මයට පිටු පා යමින් සාර් අධිරාජ්‍යය තුළ තිබූ රාජ්‍ය හා වෙනත් රාජ්‍ය බලෙන් ඈඳා ගනිමින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුව බිහි කිරීමත් සමග අධිපති සමාජවාදී කතිකාව තුළ ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම හුදු න්‍යායක් පමණක් වනු දක්නට ලැබේ. සෝවියට් සම

මෙතැනින් එහාට කොළ පාට සමාජය

Image
අද එක්සත් ජාතික පක්ෂයේ වැදගත් රැස්වීමක් පැවැත්වෙන බව වාර්තා වේ.  සජිත් ප්‍රේමදාසට පක්ෂයේ උප නායක ධුරය පිරිනැමෙන්නට යන බව වාර්තා වේ.  හරින් අනතුරු දරා ගනිමින් ළඳ කපා දුන් පසු සජිත් නාන්නට කැමැත්තෙන් එන ආකාරයක් දක්නට ලැබේ.  එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සමගිය රටේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් ය. මන්ද, රට ගිලගෙන තිබෙන දූෂණ රැල්ල අඩපණ කිරීම සඳහා ආණ්ඩුව වෙනස් කළ යුතුව තිබේ. ඒ සඳහා මූලික හැකියාව තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට ය.  එය ස්ථිර විසඳුමක් නො වේ. එක්සත් ජාතික පක්ෂයේ උප නායක තනතුරකට යෝජනා වී තිබෙන රවි කරුණානායක වැනි අය ඇත්තට ම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ගැලපෙන මට්ටමේ දූෂිතයෝ ය.  අනෙක් පැත්තෙන් සජිත් ප්‍රේමදාස යනු එක්සත් ජාතික පක්ෂයේ පරාජය වෙනුවෙන් මිස ජයග්‍රහණය වෙනුවෙන් කිසිවක් කර නැති, අදක්ෂයකු හා ප්‍රතිගාමියකු වුවත්, පාක්ෂිකයන්ට හිස් බලාපොරොත්තුවක් වී ඇති අයෙකි. ඔහු මෙතෙක් මෙහෙයවුණේ නම් රාජපක්ෂ පාලනය තුළිනි. ඔහු වැනි අදක්ෂයන් නායකත්වයට පත් කර ගත් විට සිදු වනු ඇත්තේ අදක්ෂකම වසා ගැනීම සඳහා දිගින් දිගට ම නායකත්වය විවේචනය කිරීම පමණි. කෙසේ වෙතත්, මේ බලවේග ටික කළමනාකරණය කර ගන්නට රනිල්

ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ

Image
ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය. එක්සත් ජාතික පක්ෂයට ඌවේ පාලනය පිහිටුවීමට නො හැකි වනමුත්, එම පක්ෂය තනි පක්ෂයක් ලෙස මේ රටේ ප්‍රබල ම පක්ෂය බව ඔප්පු කර තිබේ. එක්සත් ජාතික පක්ෂය 44.79%ක්  ඡන්ද ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 18න් අටක් දිනා ගන්නේ පක්ෂය ඇතුළේ සිටින සජිත් ප්‍රේමදාස වැනි ප්‍රතිගාමී බලවේග පවා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි පසුබිමක් තුළ ය. මේ ජයග්‍රහණයත් සමග එජාපයට නව තරුණ නායකත්වයක බලාපොරොත්තු මතු වී තිබේ. ඒ හරින් ප්‍රනාන්දු ය. මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ. මෙම මැතිවරණ ප්‍රතිඵල මත අනාගතයේ සලකුණු වන වැදගත් සංවර්ධනයන් කීපයක් මෙසේ ය. ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත්

ඌව කොහොම වෙයි ද?

Image
ඌවේ ඡන්දය හෙට ය. එය තීරණාත්මක ය.  යුද්ධයෙන් පසු මහින්ද රාජපක්ෂ පාලනයට සරත් ෆොන්සේකා 2010දී කළ අභියෝගයට සමාන අභියෝගයක් ඌවෙන් ජවිපෙත්, එජාපයේ හරින් ප්‍රනාන්දුත් එල්ල කර තිබේ. නිල ඒකාබද්ධ විපක්ෂයක් බිහි වී නැතත්, විපක්ෂ සමගියක සේයාවක් හෝ දක්නට ලැබේ. මෙම අභියෝගය හමුවේ ආණ්ඩුවට ඌවේ පාලනය රැක ගැනීමට බැරි වුවහොත්, එය ආණ්ඩුව නමැති කඩදාසි කෝච්චියේ පෙරළීම ආරම්භ වන අවස්ථාව වනු නිසැක ය. එය වළක්වා ගැනීමට මොන දහං ගැටය ගැහුවත් ආණ්ඩුවට බැරි වනු ඇත. මේ ඡන්දය සම්පූර්ණයෙන් ම දූෂිත එකකි. එය කැඳවීම පවා කරන්නේ ආණ්ඩුවට අවශ්‍ය වාසිදායක වෙලාවට ය. ජනාධිපතිවරයා පවා රාජ්‍ය දේපල භාවිතා කරමින් ප්‍රසිද්ධියේ ම මැතිවරණ ප්‍රචාරණයේ යෙදුණේ ය. එතැනින් පහළට සෙසු අය ගැන කතා කර වැඩක් නැත.  දැන් උත්සාහ කරන්නේ දිනන විපක්ෂ අපේක්ෂකයන් කිහිප දෙනෙකු මිළ දී ගෙන ජනමතය විකෘති කරගෙන බලයේ එල්ලී සිටීමට ය.  මේ උත්සාහයන් පරාජය කිරීමට ජනතාව කටයුතු කළ යුතු ය. ඒ සඳහා විසඳුම වන්නේ ජවිපෙ වැනි පහසුවෙන් මිළ දී ගත නො හැකි බලවේග ශක්තිමත් කිරීමයි.  අනෙක් පැත්තෙන් හරින් වැනි තරුණ නායකයන් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට පැමිණීම සජිත් ප්‍රේමද

එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දීම

Image
ආණ්ඩුව වසින් මහජන නියෝජිතයන් මිළ දී ගන්නා සංදර්භය තුළ එක්සත් ජාතික පක්ෂයට දෙන ඔබේ ඡන්දයට වටිනාකමක් අපේක්ෂා කිරීම අතිශය දුෂ්කර ය. ඒ කියන්නේ එජාපයට ඡන්දය දීම ඇත්තෙන් ම ඡන්ද නාස්තියකි. එය වැළැක්වීමේ හැකියාවක් එජාප නායකත්වයට නැත. හේතුව, එජාපයේ ඉන්නේ ද ආණ්ඩුවේ ඉන්නා ජාතියේ ම කාලකන්නි අපතයන් පිරිසක් බැවිනි. ඔවුන්ට රටක්, ජාතියක්, ආගමක්, සමාජයක්, අම්මෙක්, අප්පෙක්, අනාගත පරපුරක් ගැන හැඟීමක් නැත. ඒ අතින් ඔවුන්ගේ නායකත්වයට වඩාත් සුදුසු අන් කවරෙක්වත් නොව මහ රජතුමා ම ය. යූඇන්පී අපේක්ෂකයන් හා සන්ධාන මහජන නියෝජිතයන් අතර තිබෙන එක ම වෙනස යූඇන්පීකාරයන්ගේ මහජන මුදල් ගසාකෑමට තිබෙන සුදහ ගින්දරේ තරම පමණි. ඒ ඔවුන්ට තවම අවස්ථාව නො ලැබුණු නිසා ය. එජාපයේ තිබෙන ලොකුම කොඩිවිනය සජිත් ප්‍රේමදාස ය. ඔහුට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩ කිරීම සඳහා කෝඳුරු තෙල් හත් පට්ටයත් මදි ය. ඔහු ක්‍රියාත්මක කරන්නේ තනිකර ම ආණ්ඩුවේ උපායමාර්ගයයි. එතැනින් පල්ලෙහාට අනෙක් අහවලුන්ගේ ද කෙරුවාව අඩු වැඩි වශයෙන් ඔය ටික ම ය. ඌව පළාත් සභා ඡන්දයෙන් පසු එජාපයෙන් හතරක් ආණ්ඩුවට එකතු වන බවට කරන ප්‍රචාරය ආණ්ඩුවෙ ම වැඩක් බව ඇත්ත ය. එහෙත්, එජ

අනේ මං ඌවෙ හිටියා නම්

Image
ඌව පළාත් සභා මැතිවරණය අත ළඟ ය.  මං ඌවේ හිටියා නම් ඡන්දය දෙන්නේ ජවිපෙට ය.  හේතු මෙසේ ය.  ජවිපෙ වනාහි පීඩිත පංති නියෝජිත පක්ෂයකි. පීඩිත ජනතාව විඳින දුක ගැන ඔවුන්ට අවබෝධයක් ඇත. ඔවුන්ගේ හඬ නංවන්නට ජවිපෙට හැකියාව තිබේ. සමන්ත විද්‍යාරත්නගේ හඬ උෟවේ දිළින්දන්ගේ හඬයි.  රාජපක්ෂ පවුල නම් පිළලය ලංකාවේ පැළ කළේ ජවිපෙ නිසා, ඒ පිළලය උදුරා දමන්නට ජවිපෙ ඉදිරිපත් වී සිටින විට අපි එයට උදව් කළ යුතු ය. මන්ද, ඔවුන් එය සිය වගකීමක් ලෙස සලකන බව පෙනෙන හෙයිනි.  රාජපක්ෂ පවුල විසින් මඩ කර තිබෙන දූෂණය නම් පල් වලෙන් දිය බී දූෂිත වී සිටින ජනතාවට බොරු සීලයක් පිරීම සඳහා ජවිපෙ යොදා ගත හැකි ය. එ් කියන්නේ තමන් ද දූෂණයට විරුද්ධ බව බොරුවට පෙන්වන්නට ජවිපෙට ඡන්දය දිය හැකි ය.  පළාත් සභාවේ ජවිපෙ තීරණාත්මක සාධකයක් වූ විට දූෂිත එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, බඩගිිනිකාර යූඇන්පියටත් හිතන හිතන නැටිලි නටන්නට ටිකක් අමාරු ය. අඩු ගානේ ජනතාවට ඔවුන්ගේ ගැහිලි ගැන දැන ගන්නටවත් ලැබේ.  ඌවේ මහ ඇමති රාජපක්ෂ පවුලේ සාමාජිකයෙක් බැවින් ඔහුගේ පළාත් සභාව අවුල් කිරීම හා ඔහුගේ මනාප අඩු කිරීම රාජපක්ෂ පවුලට බඩ යන්නට සලස්වන්නට හොඳ ක්‍රමයකි.

ම...... හිතාදර ටයි අංකල්තුමනි,

Image
ම...... හිතාදර ටයි අංකල්තුමනි, ම්හ්,  මේ ලිපිය ලියන්න සිතුවේ මේ දිනවල ලංකාවේ රූපවාහිනී නාලිකාවන්හි වසංගතයක් වී තිබෙන කොරියානු ටෙලිනාට්‍ය කෙරෙහි ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමටයි.  ආහ්, ඇත්ත වශයෙන් ම මෙතැන කිසියම් කුමන්ත්‍රණයක් ඇති බව පෙනේ. ම්.... මේ කුමන්ත්‍රණයේ ප්‍රධාන සැකකරු වන්නේ, අහ්, කියන්නට කණගාටුයි උතුමාණනි, අර ඔබතුමන් ගුරු මුෂ්ටි නො තබා ශිල්පය දුන් හඬ දෙකැවි මැදිරියේ වෙදැදුරා බව කිව යුතු ය.  ඕ, පාලිකාවනි, ඔහුගේ නම කිමෙක්දැයි මේ ටයි අංකල්ට පවසන්න.  ම්හ්, ටයි අංකල්තුමනි, ඔහුගේ නම අතුල රන්සිරිලාල් නම් වන්නේ ය. හුහ්, මෙම පුද්ගලයා ඔබගේ නම විකුණමින් හඬ කැවීමේ කලාවේ පොර තමන් බව පවසමින් දෙකයි පනහේ ශිල්පීන් ටිකක් අල්ලාගෙන අවර ගනයේ කොරියානු රජ කතා හඬ කවා පෙන්වමින් අපගේ ළමා පරපුරේ රසඥතාව මොට කරමින් සිටියි. හ්ම්හ්, මොහුගේ මහ ලොකු හඬ කැවීම් කලාව වල පල්ලට ගොස් තිබෙන්නේ ඔබගේ නමත් සමග ය. වෙනත් නාලිකාවලින් හඬ කවා විකාශය කරන ඇතැම් වැඩසටහන් සමග සන්සන්දනය කළ විට මොහුගේ වැඩසටහන් ගන්නට දෙයක් නැත.  එබැවින්, හඬ කැවීමේ කලාවේ මහ වෙදැදුරන් වන ටයි අංකල්තුමනි, මළවුන්ගේ ලෝකයේ සිට හෝ මේ දුෂ්ඨ ව

සුන්දර ඉංගිරිසි: කරවනැල්ලෙ ඉස්ටේසම ටිකට් දෙන - කොටියකුඹුරෙ ඉස්ටෝරුව බඩු කිරන

Image
පාසලට එදිනෙදා කතා ව්‍යවහාරයේ තිබෙන ඉස්කෝලෙ කියන වචනය හැදුනෙ ඉංග්‍රීසි school නම් වදනින්.  අපේ ගැමි දරුවන්ට මෙවැනි S ශබ්දයෙන් ආරම්භ වන ඉංග්‍රීසි වචන උච්චාරණය කිරීමේ ගැටලුවක් තිබෙනවා. ස්කූල් වෙනුවට ඉස්කූල් කියන්න ළමයින් පුරුදු වෙනවා.  මෙයට හේතුව අපේ ඉංග්‍රීසි අධ්‍යාපනයේදී මුල පටන් ම උච්චාරණය ගැන දක්වන නො සැලකිල්ලයි. ඉංග්‍රීසි වචන උච්චාරණයේදී වචනය තුළ ශබ්දවලට බර තැබෙන ආකාරය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. මෙයට ඉංග්‍රීසියෙන් stress කියනවා. සිංහලේ මෙවැනි දෙයක් නැහැ.  මෙතැනදී ස්කූල් නම් වදනෙහි බර තැබිය යුත්තේ කූ යන ශබ්දයටයි. s ශබ්ද කළ යුත්තේ යන්තමින්. හරියට අර සැර හොද්දක් එක්ක පාන් කනකොට පාන් කැබැල්ල යන්තම් ගාවලා වගේ ගන්නේ. අන්න ඒ වගේ. අපේ ළමයි  s ශබ්දයට බර තබන්න ගිහින් වැරදි විදියට උච්චාරණය කරනවා.  සිංහල භාෂාවේත් ස්මරණය, සමාරකය, ස්ථානය වැනි හල් සයන්නෙන් පටන් ගන්න වචන රැසක් තිබෙනවා. ඒවායේදී අපි හල් සයන්න බර කර ශබ්ද කරනවා.  ඒ වගේම ඉංග්‍රීසි භාෂාවේ intonation කියා දෙයකුත් තිබෙනවා. එහිදී සලකා බැලෙන්නේ වාක්‍යය තුළ බර තැබෙන තැන් ගැනයි. අපි ඒ ගැන ගැඹුරින් සා

ත්‍රස්තවාදයේ අලුත් මුහුණුවර; ඉස්ලාමීය රාජ්‍යය

Image
ISIS (Islamic State of Iraq and Syria - ඉරාක හා සිරියා ඉස්ලාමීය රාජ්‍යය) හා IS (Islamic State - ඉස්ලාමීය රාජ්‍යය) නම් සංවිධාන ගැන වාර්තා මෑත වකවානුවේදී නිතර පළ වුණා. ඔවුන් ඇත්ත වශයෙන් ම ලෝක ත්‍රස්තවාදී ඉතිහාසයේ අලුත් පරිච්ඡේදයක් සටහන් කළා ය කියන්න පුළුවන්. ඒ කෘෘරත්වයෙන්. මේ ත්‍රස්ත කල්ලිය විසින් අන්තර්ජාලයට මුදා හරින ලද වීඩියෝ දර්ශනවල තිබෙන්නේ අතිශය කෘෘර ඝාතන හා මිනිස් හිංසනයන්. ඒවා ලොඹු දැහැ ගන්වන තරම් වියරු දර්ශන. මිනිසුන්ට අමානුෂික ලෙස පහර දීම්, වධ දීම්, මරා දැමීම්, බෙලි කැපීම්, මළ මිනීවලට පවා ම්ලේච්ඡ අන්දමින් සැලකීම් ආදිය මේ වීඩියෝවල දක්නට ලැබෙනවා. මේවා අන්තර්ජාලය හරහා වයිරස් ආකාරයෙන් පැතිරෙනවා. මිනිසා තුළ පවත්නා කෘෘරත්වය කෙරෙහි ඇති කිසියම් වනචාරී යුගයෙන් ශේෂ වූ නැඹුරුවක් නිසා මේවා සමාජ ජාල වෙබ් අඩවිවල විශාල වශයෙන් බෙදා හදා ගැනෙන ආකාරය දකින්නට පුළුවන්. මෙවැනි කෘෘර ක්‍රියා ලෝකය පුරා ම ත්‍රස්තවාදීන් මෙන් ම රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් ද කර තිබෙනවා. ඒත්, මින් පෙර ඉතිහාසයේ එවැනි ක්‍රියා සම්බන්ධයෙන් වගකීම් භාර ගන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. මානව හිමිකම් සම්බන්ධයෙන් ලෝකයේ තිබෙන

හාල් ගැන ලොරි ටෝක්

Image
උඹේ කටෙත් බත් - මගේ කටෙත් බත් මෙන්න විශේෂ නිවේදනයක් මේ දිනවල ලංකාවේ අධික හාල් මිළ නිසා මේ රටේ මිනිසුන්ට බත් කියා ගන්නට බැරිව සිටින එක ගැන කොළ බොක්ක උණු වූ අපේ මහරජතුමන් හා ඔහුගේ ආණ්ඩුවේ ඇත්තෝ ජනතාවට ලාබෙට හාල් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ නිසා සකල දේශවාසී බඩගිනිකාරයිනි, වැල්ලවත්ත, බම්බලපිටිය, කොටුව, මරදාන, කැළණිය සහ රාගම යන කෝච්චි ඉස්ටේසං ගාවට ඇවිත් බලා සිටිනු. එහිදී සුදු කැකුළු කිලෝවක් රුපියල් 64කටත්, සුදු කැකුළු සම්බා කිලෝවක් රුපියල් 75කටත්, සුපිරි කීරි සම්බා කිලෝවක් රුපියල් 90කටත්, බාස්මති කිලෝවක් රුපියල් 95කටත් විකුණනු ලැබේ. සතොස ලොරිවලින් පැමිණ කොයි වෙලාවක හෝ හාල් බෙදනවා ඇත. හාල් කිලෝවකට, දෙකකට වඩා දෙන්න බැරි නිසා පොඩි කොට්ටඋරයක් විතරක් ගෙනාවාම ඇති ය. මහා ගෝනි මලු ගෙන ඒමෙන් වළකින්න. මේ ඉස්ටේසංවලට කෝච්චි දුවන වෙලාවල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අසා දැන ගත හැකි ය. ඔබේ නගරයටත් කොයි මොහොතක හෝ හාල් ලොරියක් එනවා ඇත. හැබැයි හාල්පාරුවන්ට නො රැවටෙන්න. හාල් ලොරි එනකල් බීර බොන්න. දැන් කාලේ බත් කෑවාත්, බීර බිව්වාත් දෙක ම එක ය. ආණ්ඩුවේ ලක්ෂ්මන් වසන්න පෙරේරා හාල්වලින් පෙරා

ජනාධිපති දරුවන් වඩා ගත්තාට අපේ දරුවන්ට ආරක්ෂාව කෝ?

Image
දරුවකු ඔසවා ගත් පිංතූරයක් ගැනීම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූප ගොඩනැගීමේ වැඩසටහනේ ප්‍රධාන අංගයකි. මාස කීපයකට වරක් එසේ දරුවකු වඩා ගැනීම් සංදර්ශනයක් සූදානම් කිරීමට ජනාධිපති මාධ්‍ය අංශය වග බලා ගනියි.   කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ජනාධිපතිවරයා පොත් කියවන ඡායාරූපයක් ගනියි. ඡායාරූප ප්‍රදර්ශන ආදිය බලන ඡායාරූප ද තිබේ.  එහෙත්, ජනාධිපතිවරයා ආයුධ අතපත ගාන දර්ශන මාධ්‍ය වෙත නිකුත් වීම වළක්වා ගැනීමට ජනාධිපති මාධ්‍ය අංශ වග බලා ගනියි. සාපේක්ෂව ගත් කල ඔහු හමුදාව සමග ගැවසීම අඩු ය.  නිතර ළමයින් වඩා ගන්නා ජනාධිපතිවරයකු සිටින රටේ අද ළමයින්ට තිබෙන ආරක්ෂාව බරපතල ප්‍රශ්නයකි. නිතර දෙවේලේ ළමයින් පැහැර ගැනීම්, මරා දැමීම්, හිංසනයට ලක් කිරීම් සිදු වන යුගයකට අපි පිවිස සිටින්නෙමු.  ආසන්න ම සිද්ධියේදී පැහැර ගැනීමට ලක් වූ පවුල මන්තර ගුරුකම් පසුපස යන්නෝ ය. කට්ටඩියකු ද සැකයට භාජනය වී තිබේ. සැකකාර කට්ටඩියා පොලිසියේදී අංජනම් බලයි. පොලිසිය පරීක්ෂණ පවත්වන්නේ අංජනම් බල බලා ය.  මේ වනාහි සමාජයකට සිදු වී තිබෙන වින්නැහියේ තරම පැහැදිලි කරන්නකි.  මිථ්‍යාව හිස් මුදුනින් ගෙන ප්‍රවර්ධනය කරන ජනාධිපතිවරයකු සිටින රටක, තක

මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි

Image
මේ තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි මොණරාගල, පොකුණුතැන්න, අලුත්බැද්දමංකඩ ප්‍රදේශයෙ වලවේ ගඟට ඉහලින් (නිවැරදි කිරීමයි: මෙම ගඟ වලවේ ගඟ විය නො හැකි ය. මැනික් තඟ හෝ වෙනත් ගඟකැයි සිතමු.) මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. View RSS feed

සරත් ප්‍රනාන්දු සහෝදරයාගේ දේශපාලන ජීවිතය

Image
සරත් ප්‍රනාන්දු සහෝදරයා අපෙන් සමු ගත්තේ ය. ඔහු ගැන මේ කෙටි සටහනින් අප විමසන්නේ ඔහුගේ සමාජවාදී ජීවන භාවිතාවන්ගේ වැදගත්කමයි.  ඔහු පේරාදෙනිය සරසවියේ ඉංජිනේරු සිසුවකු ලෙස උගනිමින් සිටියදී 1971 කැරැල්ලට සම්බන්ධ විය. කැරැල්ලෙන් පසු ඔහු ගොවි ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ක්‍රියාකාරිකයකු ලෙස නව දේශපාලන ගමන් මගකට යොමු වූයේ ය. පසු කලෙක යොහාන් දේවානන්ද පියතුමන් සමග එක්ව රාජ්‍ය නොවන සංවිධාන දේශපාලනයට පිවිසි ඔහු ඉන්පසු එක් රාජ්‍ය නොවන සංවිධාන ධාරාවක ජාත්‍යන්තර මට්ටමේ න්‍යායාචාර්යවරයෙක් හා වෘත්තිකයෙක් බවට පත් විය. එහෙත්, ඔහුගේ ජීවිතයේ ආත්මය වූයේ සමාජ අසාධාරණයට එරෙහිව අවදි වූ අර පරණ තාලේ කැරැලිකරුවා ම ය. ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) නායකයා ලෙස ඔහු විසින් ලාංකීය සමාජයටත්, ලෝක සමාජ අරගලයටත් කළ දායකත්වය සුවිසල් එකකි.  විකල්ප සමාජ, දේශපාලන හා ජීවන භාවිතාවන් පිළිබඳ කතිකාවට ඔහු විසින් කරන ලද මැදිහත්වීම සුළුපටු නොවේ. ඔහු වචනයේ පරිසමාප්ත අරුතින් ම මතවාදී අරගලකරුවෙකි. ඔහු විසින් පෝෂණය කරන ලද සංවාදය අනෙකක් නොව, සමාජවාදී සමාජ අරගලයයි. එනම්

හාල් මදිවට අල හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම

Image
ආණ්ඩුව අර්තාපල් ආනයනය නතර කර තිබේ.  අරමුණ මේ අස්වනු සමයේ දේශීය අල ගොවියාට හොඳ මිළක් ලබා දීමයි. කිලෝවට රුපියල් 80ක අවම මිළක් ලබා දීම රජයේ අරමුණයි.  අල ගොවීන් වැඩිපුර සිටින්නේ නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කවලයි. බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල ඌව පළාත් සභා මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු වේ.  ආණ්ඩුව මේ සැරසෙන්නේ අල ගොවීන්ගේ ඡන්ද ටික වංචා කර ගන්නට ය. එසේ කරන්නේ අල වෙනුවෙන් වැඩි මිළක් ගෙවන්නට රටේ සෙසු ප්‍රදේශවල ජනයාට  බල කරමිනි. ඉංගිරිසියෙන් Rob Peter to pay Paul හෙවත් සිරිපාලගෙන් අරගෙන ගුණපාලට ගෙවීම කියන්නේ මේකට ය.  ඩඩ්ලි සිරිසේන, සිරිපාල ගම්ලත් හා හාල්වලින් බියර් පෙරන ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැනි හාල්පාරුවන්ට ගෙවන්නට අාණ්ඩුව දැනටත් අපේ බත්පතෙන් සොරකම් කරමින් සිටියි.  හාල් මදිවට අල. අලි මදිවට හරක්. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො

සුන්දර ඉංගිරිසි: ටෙරාලා එක්ක කළ යුද්දෙන් අපට ලැබුණු වචන

Image
අපේ රට තිස් අවුරුද්දක් තිස්සේ යුද්ධයක පැටලී සිටි රටක්. මේ යුද්ධයේ බලපෑම සමස්ත සමාජ දේහය ම වෙළාගෙන තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ යුද්ධය භාෂාවට බලපෑ ආකාරයයි. යුද්දෙට කලින් අපි භාවිතා නො කළ වචන රැසක් යුද්දෙත් එක්ක අපේ වාංමාලාවට එකතු වුණා. ඒවායින් බොහොමයක් ඉංග්‍රීසියෙන් තත්සම ලෙස හෝ තත්භව ලෙස පැමිණි වචනයි. මේ ලිපියෙන් කරන්නේ මේ ගැන පුංචි අවදි කිරීමක් පමණක් වෙන්න පුළුවන්. හමුදාවට සම්බන්ධ අයට පුළුවන් මෙයට තව බොහෝ දේ එකතු කරන්නට. ආමි එක, නේවි එක, එයාපෝස්සෙක තමයි යුද්දෙ කළේ. යුද මෙහෙයුම්වලට වැඩි දෙනෙක් කියන්නේ ඔපරේෂන් කියලායි. යුද්දෙට කලින් මිනිස්සු ඔපරේෂන් කිව්වේ සැත්කම්වලට විතරයි. ඍජුවම යුද්දෙ තිබුණ පැති ඔපරේෂන් ඒරියා ලෙස හැඳින්වුණා. මමත් කාලයක් පදවිය කියන ඔපරේෂන් ඒරියා එකේ හිටියා. හැබැයි මම හිටියේ සිවිල් එකේ. හමුදා භාෂාව අනුව සිවිල් එකේ කියන්නේ හමුදා නොවන වෙනත් රස්සාවක් කිරීමයි. “සිවිල් එකේ හිටිද්දි මොනවද කළේ?" කියලා හමුදා සෙබලු අහනවා මට ඇහිලා තිබෙනවා. හමුදාවේ සිවිල් රැකියා කරන අයත් ඉන්නවා. හමුදා සෙබළු යුනිපෝං අඳිනවා. ඒකෙ බෙල්ට්, බූට් වගේ

ළමා පරපුර විනාශ කරන කුමාර සංගක්කාර

Image
කුමාර සංගක්කාර මේ දිනවල විකුණන ප්‍රධාන ආහාරය ප්‍රීමා ස්ටෙලා  නම් ක්ෂණික නූඩ්ල්ස් විශේෂයකි.  ඔහුත් බිරියත් අස්ථි ශක්තිමත් කරන බව කියන කිරිපිටි වර්ගයක් විකිණීමේ දැන්වීමක් ද පසුගිය දිනවල විශාල වශයෙන් ප්‍රචාරය විය.  ඔහු සහ ඔහු වැනි වෙනත් ක්‍රිකට් හා වෙනත් ක්‍රීඩා තරු මෙවැනි ශරීර සෞඛ්‍යයට හානිකර ආහාර ප්‍රවර්ධන දැන්වීම්වල පෙනී සිටීමෙන් විශාල මුදලක් උපයා ගනිති.  ඔවුන්ගේ දැන්වීම්වලින් විශේෂයෙන් ම හානි කරන්නේ ළමා පරපුරටයි. ඔවුන් කෙතරම් බලපෑම් කළ හැකි මට්ටමක සිටිනවා ද යන්න විමසා බැලීමට උදාහරණයක් දක්වමි. පසුගිය දිනෙක ක්‍රිකට් තරගයක් අතරතුරදී මහේල ජයවර්ධන ආනමාලු කෙසෙල් ගෙඩියක් කන දර්ශනයක් රූපවාහිනියෙන් විකාශය විය. මෙයින් පසු ඇතැම් ක්‍රිකට් පුහුණුකරුවෝ පවා ආනමාලු කෙසෙල්වල කිසියම් ගුප්ත බලයක් ඇති බව පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට පැවසූ අතර පුහුණුවීම්වලින් පසු ආනමාලු කෙසෙල් කන්නට ළමයි පෙළඹුණ හ.  මෙවැනි ක්‍රීඩා තරුවල සමාජ කාර්යභාරය තක්සේරු කිරීමේදී ඔවුන් විසින් විශේෂයෙන් ම අනාගත පරපුරට කරන මෙවැනි හානිකර ක්‍රියා ගැන සලකා බැලිය යුතු ය. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි. මේ