ප්‍රවෘත්ති ප්‍රබන්ධ කලාව

pic courtesy of:The Star-Malaysia
ගිය සතියේ ජනරළ පත්තරේ මුල් පිටුවේ තිබුණු පුවතක කියැවුණේ චීනයේ උමගක වසර 17ත් .තිස්සේ සිර වී සිටි පුද්ගලයකු පිළිබඳවයි. එම පුවත අනුව ඔහු වසර 17කට පෙර සිදු වූ හදිසි අනතුරෙන් පසු උමගේ පෙඳපාසි හා මීයන් ආහාරයට ගනිමින් ජීවත් වී තිබෙනවා. මේ උමගට කොහෙන්දෝ වාතාශ්‍රය ආ බවක් ද කියැවුණා. 

මෙම පුවත පිළිබඳව සොයා බැලූ විට දැන ගන්නට ලැබුණේ එය World News Daily Report නම් වෙබ් අඩවියක පළ වූ ප්‍රබන්ධයක් බවයි. එම වෙබ් අඩවියේ පළ වන සියලු පුවත් මෙවැනි ඒවායි. ඔවුන් මේවා පළ කරන්නෙ සමාජ ජාල වෙබ් අඩවි හරහා වයිරල් කරගෙන පාඨකයන් තම වෙබ් අඩවිය වෙත ආකර්ශනය කර ගන්නටයි. එවිට එහි තිබෙන දැන්වීම්වලින් ඔවුන්ට ආදායම් ලබා ගන්නට පුළුවන්.

අප පහත පළ කරන පුවත අධ්‍යයනය කරන්න. මෙම පුවත මේ සතියේ දිවයින ඉරිදා සංග්‍රහයේ මුල් පුවතයි. මෙම පුවත නිර්මානය කර ගෙන තිබෙන ආකාරය අධ්‍යයනය කරන්න.

මෙහි මූලාශ්‍රය මාසයක් පමණ පැරණි ප්‍රවෘත්තියකි. මෙම හිටපු හමුදා කපිතාන්වරයා සහ අනෙක් කොටි සැකකරුවන් තිදෙනා ලංකාවට එවා දැන් සති ගණනාවකි. ඔවුන් පිළිබඳ ලංකාවේ පුවත්පත් විසින් වාර්තා කරන ලදී.

ප්‍රභූ ඝාතන සිදු කිරීම කොටි සංවිධානයේ මූලික යුද උපායමාර්ගයක් නිසා ඉතිරි වී සිටින ඕනෑම කොටියෙක් ප්‍රභූ ඝාතනයක් ඉලක්ක කරමින් සිටින බවට සැක කළ හැකි ය. මෙම අනුමානය ප්‍රවෘත්තියක් වන්නේ ඝාතනය කරන්නට ඉලක්ක කරන්නේ කුමන ප්‍රභූවරයාදැයි වාර්තා කර තිබේ නම් පමණි. එසේම, මෙම කොටි සැකකරුවන් එවැන්නක් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට හෙළි කර ඇති බවක් ද වාර්තාවේ නැත.

ප්‍රවෘත්තිය පිළුණු වූ එකක් බව දන්නා නිසා ලේඛකයා කරන්නේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගත් රට මැලේසියාව බව නො කියා විදේශ රටකදී අත්අඩංගුවට ගත් බව කීමයි. එහෙත් තමන් මෙම වාර්තාකරණය කරන්නේ මැලේසියාවේ සිට යයි කියන්නට ද ලේඛකයාට උවමනා ය. ඒ පිටරට යාම මහා ලොකු දෙයක් ලෙස ඔහුට සිතෙන නිසා ය.

මෙම ප්‍රවෘත්ති වාර්තාකරුවා විසින් රවටනු ලබන්නේ පාඨකයා පමණක් නො වේ. ඔහුගේ කර්තෘවරයා හා ප්‍රකාශකයා ද ඔහුට අසු වී ඇත. මේ අය පවා ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්ති කියවන බවක් නො පෙනේ. 

සිංහල පුවත්පත් කලාවට ගිය කල!

ප්‍රභූ ඝාතන තැතක්‌!

* විදේශයක දී සිවු දෙනෙක්‌ දැලේ
* එක්‌ අයෙක්‌ හිටපු හමුදා කපිතාන්වරයෙක්‌

කීර්ති වර්ණකුලසූරිය මැලේසියාවේ සිට

රජයේ ප්‍රබලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ සැලසුමක්‌ දියත් කිරීමට සූදානම් වූ සිවු දෙනෙක්‌ බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටිති.

මින් එක්‌ අයෙක්‌ හිටපු හමුදා කපිතාන් වරයකු වන අතර කොටි ක්‍රියාකාරීහු තිදෙනකු ඊට අයත් වී තිබේ. මෙම සිවුදෙනා මෙකී රහස්‌ සැලසුම දියත් කිරීමට කොටි ඩයස්‌පෝරාවෙන් අරමුදල් ඉල්ලා තිබේ.

ඉහළ පෙළේ බුද්ධි අංශ ආරංචි මාර්ග පැවසුවේ හිටපු කපිතාන්වරයා යාන්ජි යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලැබූවත් මෙම සිවුදෙනා විදේශ රටකදී අත්අඩංගුවට ගෙන වහාම මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබේ.

මෙකී රහස්‌ සැලසුම ක්‍රියාත්මක කිරීමට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ බවද පොලිසිය කීය.

මෙම සැකකරුවන් සිවුදෙනා ජාත්‍යන්තර ආරක්‍ෂක අංශවලින් අත්අඩංගුවට ගෙන වහාම ලංකාවට එවීමට පියවර ගෙන තිබේ.  



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හි, හි, කීර්ති වර්ණකුලසූරිය ගේ සෝ කෝල්ඩ් ආරක්‍ෂක වාර්තා ගැන ලිපිත් ලියන්න වටිනවාද පැරා?

    ReplyDelete
    Replies
    1. හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි,හි, හි,
      හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි, හි,

      Delete
  2. ගොඩක් වෙලාවට තියෙන්නේ ඔය විදියට තමයි.

    උදා:- ඒමන්ති මාරඹේට හිතුනොත් පැරා ජනරලටත් ලියනවා කියල එයා ලියන්නේ මෙහෙම.

    මතුගම ප්‍රදේශයේ ජනප්‍රිය මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ගුරුවරයකුද තමන්ට ලිපි සපයන බව ජනරළ පුවත්පතේ ජ්‍යෙෂ්ට ප්‍රකාශකයෙක් "දිවයින"ට ප්‍රකාශ කළේය.

    කවුද ලියන්නේ, කවුද කිව්වේ, කාටද කිව්වේ මුකුත් නෑ. ප්‍රවෘත්ති ලියන්නෙත් ඕපදූප රසය එන්න.


    ReplyDelete
    Replies
    1. පැරා හොරා වගෙ AD එකකුත් ගහලා තියෙනනේ.

      Delete
  3. ලිව්වෙ කීර්ති වර්ණකුලසූරිය නම් අභියෝග කරන්න බෑ. අර හිරගෙදරක තිබිල ෆෝන් වගයක් අහුවුනාම ඒක "අධි තාක්ෂණික උපකරණ" කලෙත් මෑන් නේද?

    ReplyDelete
    Replies
    1. බලංගොඩ මානවයාAugust 11, 2014 at 10:40 AM

      අණ බෙරගැසීම,පරෙවියන් ලවා පනිවිඩ යැවිම වැනි දේවල් භාවිතා කළ යුගයේ ඊනියා වටිනාකම් විකුනා පවුල් පෝෂණය කරන අයට ජංගම අුරකතනය සැබැවින්ම "අධි තාක්ෂණික උපකරණ"ගොන්නට අයිති මෙවලමක්.අද දේශප්‍රේමීන්ට පරදේශිය මෙවලම් නැතුවම බැරි මාර දෙයක් වෙලා..

      Delete
  4. කීර්ති වර්ණකුලසූරියට ඉංග්‍රීසි බැහැ. ඉතින් මිනිහා කරන්නේ පිටරට පත්තර, ටැමිල්නෙට් වගේ එව්වගේ යන විස්තර බලනවා. එව්වා හරියට තේරුම් ගන්නේ නැහැ. මොකද ඉංග්‍රීසි හරියට දන්නේ නැහැනේ. ඉතිං ඔය ඩික්ෂනරියක් ලගින් තියාගෙන ඔව්වා පරිවර්තනය කරලා දානවා.

    මිනිහා ලියනවා දිවයින පත්තරේට ආරක්ෂක කොලමක්. ඌ නිකං දැක්කා වගේ එක එක ජාත්‍යන්තර කුමන්ත්‍රණ, ද්‍රවිඩ ඩයස්පෝරාව ගැන ලිපි ලියනවා. ඇමරිකාවට බැන බැන ලියන්නේ. ගූ විමල්ගේ හොර ෂොට් එකක් වගේ. හැබැයි කවුරුවත් එව්වා ගණන් ගන්නේ නෑ. ඒ ලිපි වල සැහෙන්න තියෙන්නේ කෙප්ප කියලා ආරක්ෂක ප්‍රධානින් දන්නවා.හැබැයි ඉස්සර ඉක්බාල් අතාස් ටයිම්ස් එකට ආරක්ෂක කොලම ලියද්දි ඒක බලලා ආරක්ෂක මෙහෙයුම් තීරණය කරා. එහෙමයි එයා ආරක්ෂක කොලම ලිව්වේ.
    කොහොමහරි වර්ණකුලසූරිය පව්. ජිවත් වෙන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න එපයි. ඒ හින්දා අනුකම්පා කරලා තමයි දිවයිනේ ජොබ් එක දීලා තියෙන්නේ.

    පැරෝ, ඒ මිනිහගේ ජොබ් එකට කෙලවන්න එපා. පව් බන්.

    ඉලගට ගූ විමල්ගේ සීනිවුස් එකේ එඩිටර් කෙනෙක් විදියටත් ඔය කීර්ති වර්ණකුලසූරිය කියන හාදයා ඉන්නවා.එකේ ඇමරිකාවට, සුද්දට බැන බැන නිකං දැක්කා වගේ කුමන්ත්‍රණ ගැන පච ලිපි දාන්නේ මිනිහා. ඒවගේම රටේ ඇත්ත තත්වය එළිකරන ජනමාධ්‍ය,සංවිධාන වලට ඩොලර් හම්බවෙන නිසා එහෙම කරනවා කියලා කියන්නෙත් පොර තමයි. හැබැයි මම දන්නා විදියට කිර්ති වර්ණකුලසූරිය වැඩ කරන ගූ විමල්ගේ ලංකා සී නිවුස් එකට හොද අදායමක් ලැබෙන එක ක්‍රමයක් තමයි ගුගල් සමාගමේ දැන්වීම්. විමලයා ගුගල් එකට,ඇමරිකාවට පලු යන්න බයිනවා. කිර්තිත් එහෙමයි. හැබැයි උන් ජිවත් වෙන්නේ ඇමරිකාවේ ගුගල් ඇඩ්සෙන්ස් අදායමෙන්. මම මේක ගැන කීප සැරයක්ම සී නිවුස් ඒකෙන් ඇහැව්වා. පිළිතුරු නෑ. අනික ඔය සී නිවුස් එක ගුගල් ඇඩ් දාලා තියෙන්නෙත් වංචාවක් කරලා. මොකද සිංහල වෙබ් අඩවි වලට නිත්‍යානුකූලව ගුගල් දැන්වීම් ගන්න බැහැ. සිංහල අකුරු වලට එයාල සපෝර්ට් කරන්නේ නෑ. ඒත් සී නිවුස් එක දැන්වීම් අරං තියෙන්නේ වෙන ඉංග්‍රීසි වෙබ් අඩවියක් පෙන්නලා,ඒකට ලැබුණු දැන්වීම් කෝඩ් ටික සී නිවුස් සිංහල වෙබ් අඩවියේ දැමීමෙන්. එතකොට ඇත්තටම ඩොලර් වලට ලියන්නේ කවුද?

    ReplyDelete
    Replies
    1. අතාස් උනත් ලොකුවට වෙනසක් නෑ. මිනිහ ලිව්වෙත් බයිලා තමයි. එකම වෙනස ප්‍රතිරූපයක් හදාගෙන තිබුනා "මං පොර" කියලා. defencewire සහ defencenet බ්ලොග් දෙකෙන් මිනිහ ලියපු ඒවා ගැන ප්‍රශ්න කරනකොට හෙමිහිට ලියන එක අඩු කරලා නවත්තල දැම්මා. විස්තර ඕන නම් පරණ පොස්ට් කියවන්න අර බ්ලොග් දෙකේ.

      Delete
  5. පාඨකයා @ හොල්මන් දිවයිනAugust 11, 2014 at 9:48 AM

    Our English Class !
    මේ(This) ගසේ(Tree)බොහෝ(Many)පැනි(Honey) දොඩම්(Oranges)තිබේ(Has)

    After(පසු)word(වදන);--
    මෙම පෝස්ටුව අපේ ඉංග්‍රිසි දැනුම හීනකිරිමට ගත් තවත් දේශිය කුමන්ත්‍රණයක් !
    මතුගම විජාතික බලවේග පරාද කරමු !

    ReplyDelete
  6. මේ විදියට සංවාද කරනවා නම් කොච්චර හොඳද?

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් සංවාද කරල මළා.

      Delete
    2. සංවාද කරලද සංවාස කරලද මලේ?දැන් ඉතින් උඹත් පරිස්සං වෙයන්.දැන් උඹේ යාලුවෝ හැමෝම ඉවරයි නේ.

      Delete
    3. ඉවරයි. ඔන්න ආයෙත් පටන් ගත්තා.

      දැන් ඉතින් කතාකරමු සංවාස විතරක් නෙවි මෙච්චර කල් කතා කරපු අනිත් වැදගත් මාතෘකා ටිකත් ආයෙත් පටන් ගනිමු.

      චූ, පඩ, කක්කා, මානසික රෝග, බෙහෙත් පෙති, බාහිර යෝනි තොල් වල පිහිටීම, අනවශ්‍ය මයිල් ඉවත් කිරීම, නින්දට පෙර චූ කිරීම, නාලා පැමිණීම, ඔය තියෙන්නේ ඕන තරම්.

      Delete
    4. ඇනෝ පෙත්‍ත ගත්තද?

      Delete
    5. චූpiss, පඩfart, කක්කාshit, මානසික රෝගmental illness, බෙහෙත් පෙතිpills, බාහිර යෝනි තොල් වල පිහිටීම location of libia majora, අනවශ්‍ය මයිල් ඉවත් කිරීමunwanted hair removing, නින්දට පෙර චූ කිරීමpiss before sleep, නාලා පැමිණීම bath after attend, ඔය තියෙන්නේ ඕන තරම්river is more than enough .

      Delete
    6. bath after attend

      මේක වැරදියි.

      attend after bath යනුවෙන් නිවැරදි විය යුතුයි.

      පැරකුම් මහතාගේ ඉංග්‍රීසි පාඨමාලාවට සහභාගී වීමෙන් මෙවන් වැරදි නොවෙන ආකාරයට ඔබේ දැනුම වර්ධනය කර ගත හැකියි.

      Delete
    7. thank you Ano (Para)

      Delete
  7. කළකට පසු (මේ වනතෙක්) මාතෘකාවට අදාළව ප්‍රතිචාර දක්වා ඇති ළිපියක්. ප්‍රත්චාර දැක්වූවන්ට ප්‍රණාමය. ඉදිරියටත් එසේ වේයැයි ප්‍රාර්ථනා කරමු!

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව තමයි පැරකුම් සහෝදරයා වෙනදා දාන ලිපි ඒවා කියවන අයගේ අදහස් සමග සමපාත නොවීම. ඉතිං එතකොට ඇවිත් එක එක වල්පල් කියවන එක පුදුමයක් නෙමෙයි.

      Delete
    2. අදහස් සමපාත වෙන්නේ නැතිනම් කරන්න ඕන වල්පල් කියවන එක නෙවි. ඒ ගැන ප්‍රශ්න කරන එක. සංවාද කරන එක. මත ගැටෙන කොට තමා වඩා නිවැරදි දෙය තහවුරු වෙන්නේ.

      Delete
    3. ++++++++++++++++++++++++++

      Delete
  8. මෙය මේ පෝස්ටුවට අදාල නැහැ.

    ඔබ දුටුවද චම්පික රනවකගේ යෝජිත ආර්ථික ප්‍රතිපත්ති ගැන චානුක වත්තේගම මේ සතියේ රාවයට ලියා ඇති ලිපිය. සංවාදයට ගතයුතු ලිපියක්.

    චම්පිකගේ යෝජනා නම් ජනප්‍රිය - දේශීය වර්ගයේ ඒවා බවට සංවාදයක් නැහැ. මගේ තේරුම් ගැනීම අනුව චානුක මේ කියන්නේ දැනට මේ යන්නේම යා හැකි හොඳම ආර්ථික විධිය වගේ එකක්.

    මොකද හිතන්නේ??

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මාතලානා එයාගේ බ්ලොග් එකේ එල්ලලා තිබුනේ ඕක නේද? අපේ ප්‍රොෆයිල් මහත්තුරු ඔක්කොම එකඟයි කියල තිබුනේ. ආයේ තව මොනවට සංවාද කරනවද ?? පොලිසිය එකගයිලුනේ.

      ප.ලි

      දිමිත්‍රි පිස්සන් කොටුවට බෝම්බ ගහන්න වගේ හදන්නේ නේ!!

      Delete

    2. චම්පික රනවකගේ යෝජිත ආර්ථික ප්‍රතිපත්ති ගැන චානුක වත්තේගම මේ සතියේ රාවයට ලියා ඇති ලිපිය. සංවාදයට ගතයුතු ලිපියක් නොවේ.
      චම්පිකගෙ පොත හා චානුකගෙ ලිපිය යන දෙකම රටෙ ඉදිරි ආර්තික සැලැස්මකට අදාලව හෝ සමාජ සුබසාදනයකට හෝ පාදක කරගත නොහැකි, නොස්ටැජියාවක් හා මමංකාරය දැක්වීමකි

      Delete
    3. - Dimithri

      දැන් ඊයේ පෙරේදා දවසක ඔබම කියනවා අදාල නැති කොමෙන්ට් අයින් කරන්න කියල. ඉට පස්සේ ඔබ දැන් මෙතන මාතෘකාවට අදාල නැති දේ දාන්නේ ඇයි? තමුන් කියනා දේ තමුන්ට පිළිපදින්න බැරි වීමේ අපුරු න්‍යාය.

      Delete
    4. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි කියල අපේ පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවෙයි ආයිබොවං.

      Delete
    5. දිමිත්‍රි,


      ඒ ලිපිය මාතලන්ගෙ බ්ලොග් එකේ පලවුනා වගේම යම් සංවාදයක් වගේ එහෙකුත් චානුකගෙ දායකත්වයත් ඇතිවම සිදු උනා. මෙතනින් ගිහින් බලන්න.

      එතනදි ඔය ඔබ මතුකල අදහස ගැන මම

      /චානුක මේ කියන්නේ කුමක්ද. අපි මේ වනවිට කලහැකි උපරිමය කරමින් සිටිමු. මින්මතු ගමණක් ප්‍රායෝගිකව සිදුවිය නොහැක යන්න නොවේද?/

      ලෙස ප්‍රශ්ණ කරහම චානුක පැනල යන්නෙ

      //පැහැදිළිව නැත. ඒ ඔබේ අල්ප අවබෝධය විනා මා කියන්නක් නොවේ. මා නොකියූ දේවල් මා කියුවායැයි සිතාගෙන ඒවාට පිළිතිරු ලියන්නේ ඇයි? මුලින්ම ලිපිය කියවා තේරුම් ගන්නට උත්සාහ කරන්න.//

      කියල සුපුරුදු සීතාම්බර න්‍යායෙන් වහගෙනයි :D

      Delete
    6. උපශාන්ත,

      ප්‍රශ්න කරාම පැනල යන්නේ නැති බ්ලොග් කරුවන් කීදෙනෙක් ඉන්නවද? ඇයි චානුකට විතරක් උත්තර දෙන්න කියන්නේ? චානුක අඩුමගානේ නමින් ඇවිත් බයිලා හරි කියනවා. xxge බ්ලොග් එකේ ප්‍රශ්නයක් ඇහුවොත් ඇනෝ ඇවිත් පෙති ගන්න කියනවා.

      Delete
    7. @AnonymousAugust 11, 2014 at 3:56 PM,

      ඊයෙ පෙරේදා දවසක මගේ කොමෙන්ට් එක උනේ වසංගතයක් ලෙස යන අල කොමෙන්ට් ගැනයි. මගේ කොමෙන්ට් එක අල කොමෙන්ට් එකක්ද? එසේ නම් සමාවන්න!

      තවත්, වැදගත් වියහැකි මාතෘකාවක් යෝජනා කිරීමකුයි මෙහිදී කලේ. අජිත් ඊලඟ ලිපියකදී ඒ ගැන අවධානය දක්වයි කියන අදහසකින්.

      අනික චම්පික රනවක, කීර්ති වර්නකුලසූරිය ගැන වන පෝස්ට් එකකට අදාල නැතිවෙන්නේ කොහොමද!?! :-)

      @ඉන්දික උපශාන්ත,
      ස්තුතියි.

      Delete
  9. ඔය දිවයින පත්තරේ මම වැඩකරපු ආයතනය ගැන පට්ට බොරු ආටිකල් එකක් දැම්ම. මාස කීපයක් ඇතුලත ආටිකල් එකේ කරුණු බොරු කියල ඔප්පු උනා. නමුත් සමාව ගත්තේවත් නැහැ. අපි එක්ක වැඩ කරපු කීප දෙනෙකුගේ රස්සා නැති උනා.

    ReplyDelete
    Replies
    1. මචං අභීත, උබලා දැන් මීමුරේ ගංජා විකුනන්නේ නැද්ද?

      Delete
    2. දිවයින පත්තරේ වැඩ කරපු මගේ යාලුවෙක් ඔය ආටිකල් එක දාල ටික දවසකට පස්සේ මලා...

      Delete
    3. ඕව මොනවද?

      ඇයි බං අර අතුරුදහන් වෙච්ච ප්ලේන් එක දියාගෝ ගාර්ෂියාවේ තියෙනවා කියල හෙඩ් ලයින් එකක් දැම්මේ. ඊටපස්සේ එහෙම එකක් දැම්මේ නෑ වගේ ඔය ෂෝක් එකට ඉන්නේ. ටයිගර් වුඩ්ස්ට නැවක් තියෙනවා ඒකෙ උඩම තියෙන්නේ ගොල්ෆ් පිට්ටනියක් කියල නෙට් එකේ කවුද එඩිට් කරලා දාපු පින්තුරෙකුත් දැම්මේ. ලිස්ට් එක නම් දිගයි තව ඒත් ලියල වැඩක් නෑ.

      පත්තරකාරයෝ හිතං ඉන්නේ උන් තරම් දන්න එවුන් තවත් නෑ කියල. උන් කවදාවත් හැදෙන්නේ නෑ.

      Delete
    4. උපශාන්ත සහ අභීත,

      ප්රෝෆයිලයෙන් එන්න. අපි (සං)වාද කරමු.

      -ඕනමැන්ටල් නොහොත් ලකෆ්රාන්ස්

      Delete
    5. කෝ මේ අභීත? ඔයත් ප්‍රොෆයිල් එකෙන් එන්න. උපශාන්ත බලං ඉන්නවා සංවාදේ පටන් ගන්න.

      -ඕනයා නොහොත් ලකා

      Delete
  10. kotiyek allagaththoth NGO ponna perata choomn wenawa thopi hodata mathaka thiyaganiw NGo heththata one widihata nemei ape rate palanaya geniyanne maha jathiya sinhala bauddayanta one widihata meke inna berinam thopi makabewila palayaw

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට ජයවේවා!!

      NGO හැතිකරය භංගවේවා!!

      Delete
  11. අද ගොඩක් පත්තරවල තත්වය ඔහොමතමා ඒකට ගොඩක් හේතු තියනවා ඉස්සර පත්තර පාඨකයා ගත්තේ එහි අන්තර්ගතයට අද පත්තරේ විකුණන්නේ අලෙවි කලමනාකරු රට තුල සිදුවීමක් උනත් කොහෙන් හරි පින්තුරයක් අරගෙන එෆ් එම් එකක් වගේ එකකකින් තොරතුරු අරගෙන පුවත දානවා එෆෙම් වාර්තාකරුත් එතැනට ගිහින් නෑ අරගෙන තියෙන්නේ කාගෙන්හරි

    ReplyDelete
    Replies
    1. වෙන කිසිම රස්සාවක් කරන්න බැරි උන් "මාධ්‍යවේදීන්" උනාම වෙන මොනවා කරන්නද?

      Delete
  12. THanks,Prajay.meblog eke witharai prajachnthrawadaya thiyenne,3wana parshawayannta ape hithehetiyata apahasa karanna idathiyenawa.jayawewa.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා