වාරියපොළ තරුණිය පාර්ලිමේන්තු අරිමුද?

ප්‍රභාකරන්ගේ මරණින් පසුව ලංකාවේ මාධ්‍යවලට පුවත් පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. ඒ නිසා පොඩි පොඩි පුවත් පවා අතිශයෝක්තියට නඟන්නට සිදු වී තිබේ. 

ප්‍රභාකරන් සිටි කාලයේ නම් එහෙම නැත. වරක් මම මතුගම - අලුත්ගම පාරේදී පෞද්ගලික ලංගම බස් රේස් එකක ප්‍රතිඵලයක් ලෙස ලංගම බසයක් පාලමකින් ගඟකට වැටී ගිලී මගීන් දහයක් පමණ මිය යාම පිළිබඳ විශේෂාං ලිපියක් එකල මා සේවය සැපයූ ලංකාදීප පුවත්පතට ලිව්වෙමි. එහෙත්, ඒ සති අන්තයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සිදු වූ බැවින් ඒ ලිපිය පළ කරන්නට ඉඩක් සොයා ගත නො හැකි විය.

දැන් එහෙම නැත. ඕනෑම පොඩි සිද්ධියක් වවාගෙන කෑ හැකි මාධ්‍ය බුරුත්තක් රටේ තිබේ. මේ අයගේ අලුත්ම ගොදුර වාරියපොල තරුණිය ය. ඇය තමන්ට ඔච්චම් කළ තරුණයකුට බස් නැවතුම්පළකදී ප්‍රසිද්ධියේ පහර දෙනු කිසිවකු විසින් වීඩියෝ කර සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඒ ඔස්සෙ විවිධ පුවත් හා අදහස් නිර්මානය වූ අතර, ආණ්ඩුවේ ලොකු ලොක්කන් කරන අපරාධ හා දූෂණ හැර අන් හැම දෙයක් ගැනම හොයන පොලිසියක් හා එයටම ගැලපෙන මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශය ද දැන් මේ සිද්ධිය සම්බන්ධයේන් ක්‍රියාකාරී වී තිබේ.

ජීවිතේට ජනමාධ්‍යයක අවධානය දිනා ගත නො හැකි තරුණයෙක් මෙම කණේ පාරවල් ටිකෙන් පොරක් විය. දැන් ඔහු කියන පරිදි ඔහුගේ සියලු ප්‍රශ්නවලට හේතුව මේ කම්මුල් පාර ය. ඔහුගේ බිරිඳ ඔහු හැර ගොස් තිබෙන්නේ ද මේ කම්මුල් පාර නිසා යයි කිසිවක් සොයා නො බලන මාධ්‍යකරුවෝ වාර්තා කරති. 

කොල්ලාගෙන් කටඋත්තර ගන්න එක ද, කෙල්ලගෙන් කට උත්තර ගන්න එක ද, ඇය උසාවි ඉදිරිපත් කරන එක ද, ඇප පිට නිදහස් කරන එක ද ආදී සියල්ල වෙන වෙන ම වාර්තා ය. ඒ වාර්තා ලියා කීප දෙනෙක් ජීවත් වෙති. 

ප්‍රශ්නය එය නො වේ. ඒවා බලා ඒවා ගැන කතා කරන අපි ය. අපි කතා කරන්නේ මොනවා ද? මේ පසුපස දයාසිරි ඉන්නවා යයි ඇතැමෙක් කියති. ඇතැම් අය පුරුෂ හිංසනයක් ඇතැයි ද කියති. ඒවා ලියන්නේ එකිනෙකාගේ මති මතාන්තර අනුව ය. වැඩේ කියන්නේ අපට අපේ කාලය මිඩංගු කරමින් ඒවා අහන්නට, කියවන්නට සිදු වීමයි.

නයිට් ක්ලබ් එකක පොඩි රස්සාවක් කළ ගමින් ආ අමුතු කෙල්ලක් නයි නළඟන ලෙස බෞතීස්ම කර සෙලබ්‍රිටි කෙනෙක් හෙවත් මාධ්‍ය මගින් නිරන්තරයෙන් ආවරණය කරනු ලබන පුද්ගලයෙක් බවට පත් කරන ලදී. 

වාරියපොළ කෙල්ලට ද දැන් එවැනි අවස්ථාවක් ලැබී තිබේ. ඔහොම යං! ඊළඟ ඡන්දයෙන් නයි නළඟන හා වාරියපොළ කෙල්ල පාර්ලිමේන්තු එන්නටත් බැරි නැත. ඔය පබාත් ආවේ. එතැන ඉන්න අනෙක් අය ද මේ අයට වඩා වෙනස් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. 'ප්‍රභාකරන්ගේ මරණින් පසුව ලංකාවේ මාධ්‍යවලට පුවත් පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. ඒ නිසා පොඩි පොඩි පුවත් පවා අතිශයෝක්තියට නඟන්නට සිදු වී තිබේ.'

    මේක පැරා ලංකාවේ විතරක් නෙමෙයි. ඕනි රටක වෙන්න පුළුවන් දෙයක්. සමහර විට සමාජයේ ලොකු අවධානයක් දිනාගන්න ඕනි දේවල් ගැන මිනිස්සු තැකීමක් කරන්නේ නෑ. හැබැයි පොඩි පොඩි සිදුවීම් වයිරල් වෙන්න ඉඩ තිබෙනවා. තනි මිනිහෙක් වන පැරාට මෙව්වා වලක්වන්න බැහැ.

    'කොල්ලාගෙන් කටඋත්තර ගන්න එක ද, කෙල්ලගෙන් කට උත්තර ගන්න එක ද, ඇය උසාවි ඉදිරිපත් කරන එක ද, ඇප පිට නිදහස් කරන එක ද ආදී සියල්ල වෙන වෙන ම වාර්තා ය. ඒ වාර්තා ලියා කීප දෙනෙක් ජීවත් වෙති '

    ඉතිං පැරාත් කරන්නේ ඒකම තමයි. ඒ උදවිය වෙන විදියකට ලියනවා. පැරා ඒකට බැනලා ලියනවා. පහුගිය ටිකේ පැරා ලියපු දේවල් බැලුවොත් එව්වත් ඔය වගේම තමයි.

    ReplyDelete
  2. අජිත් පැරකුම් මහතා ඔහුගේ කලින් ලිපියක් වන "රූපලාවන්‍යය හා සමාජවාදය" කියන ලිපියෙත් උදාහරණයක් විදියට කියුබාව නම් කරලා, එයා කාගෙන් හරි අහගනිපු හෝ පොතකින් කියවපු විස්තරයක් ලියල තිබුන මේ ඇස් දෙකෙන් දැක්ක වගේ. ඒ කියපු හුරතල් විදියක් ඔය කියන කියුබාවේ අද නැහැ. මම වෘත්තිකයෙක් විදියට කියුබාවේ අවුරුදු 10ක විතර ඉඳල අදත් ඉන්නවා. මට මේ රටේ මහා ලොකු පඩියක් ලැබෙන්නේ නැහැ, ඒ වුනත් මම පැරකුම් මහතාට අභියෝග කරනවා, මම එයාගේ සියලු වියදම් දරන්නම් ඔය එතුමා කියපු පහසුකම් සපයන තැන් මටත් පෙන්වන්න කියල, හැබැයි එක කොන්දේසියකට යටත්ව, ඒ කියන්නේ එයාට එයා කියපු විදියට ඒවා කියුබාවේදී පෙන්වන්න බැරි වුනොත්, මම එයා වෙනුවෙන් දරන ලද සියලු වියදම් වල මුළු මුදල මට ආපසු ගෙවන්න ඕන කියන පොරොන්දුව සහිතව.. මෙන්න සත්‍ය අභියෝගයක් කැමති නම් භාරගන්න. තීරණය ඔබ සතුයි.

    ReplyDelete
    Replies
    1. මම එම ලිපියේ කියුබාව ගැන කිසිවක් සඳහන් කර නැහැ. ලිපියට සම්බන්ධ සංවාදයේදී කිසියම් සංදර්භයකට අදාළව මම මෙහෙම ලිව්වා.

      “කියුබාවේ වැඩ කරන මිනිසුන්ට නොමිළේ අධ්‍යාපනය ලැබෙනවා. ලංකාවේ වැඩ නො කරන මිනිස්සු නිකම් ඉඳන් හා කළමනාකාරවරු කය වෙහෙසා වැඩ නො කර සුර සැප විඳිනවා. වෙහෙස වී වැඩ කරන මිනිසුන්ට තමන්ගේ දරුවා යවා ගන්න හරි හමන් පාසලක් නැහැ. කියුබාවේ වැඩ කරන මිනිසුන්ට නොමිළේ සෞඛ්‍ය පහසුකම් ලැබෙනවා. ලංකාවේ ඉස්පිරිතාලවල බෙහෙත් නැහැ."

      මම කියුබාවේ ගිහින් නැහැ. යන්න අවශ්‍යතාවකුත් නැහැ. ඒත්, කියුබාවේ ආර්ථික අර්බුදයත් එක්ක යම් ගැටලු මතු වුණත්, අද පවා එහි අධ්‍යාපනය හා සෞඛ්‍යය රජයේ ප්‍රමුඛ කාර්යයන් වෙනවා.

      මෙතැනින් ගොස් ඔවුන් ඒ වෙනුවෙන් කරන වියදම් සෙසු රටවල් සමග සසඳා බලන්න

      මම කතා කළෙ සාපේක්ෂවයි.

      Delete
    2. ආ පැරෝ ගිහින් නැත්තං කොහොමද ලිව්වේ. හීනෙන්ද? මවාගෙනද? ඔය සාපේක්ෂව කියල තියෙන කෑල්ල අර 99.9% වගේ එකක් නේද? ඒ කියන්නේ ඔයාගෙ ලිපිත් අර වැටකොලු බණ්ඩක්කා වගේ ද? දැන්වත් ඔයාටම තේරුණ එක ලොකු දෙයක්...

      Delete
    3. http://data.worldbank.org/indicator/SH.XPD.TOTL.ZS

      Delete
    4. AnonymousAugust 28, 2014 at 12:45 PM
      ගිහින් බලලමද ගොනෝ මොනව හරි ලියන්න පුලුවන්?

      Delete
    5. //ආ පැරෝ ගිහින් නැත්තං කොහොමද ලිව්වේ// ලෝකේ රටක් ගැන විස්තර කරන්න හරි කරුණු සංසන්දනය කරන්න හරි ඒ රටට ගිහින් තියෙන්නේ ඕන කියල කියල දුන්නනේ මරා මාමද?

      Delete
    6. සාපේක්ෂ තාවය ගැන අයින්ස්ටයින් අදහස, The Theory of Relativity, For Kids (http://trendingsideways.com/index.php/the-theory-of-relativity-for-kids/)

      Delete
    7. කාලකන්ණි තොපිට මාතෘකාවට අදාලව කමෙන්ට් දාන්න බැරිද? තොපි මෙතන සිඟිති ආතල් ගන්නේ නැතුව වෙන කොහේ හරි හැමනියල්ලකො.

      Delete
    8. hi para why would u say managers who doesnt do any physical work get more money,,, cn u explain on that plz

      Delete
    9. "කොමෙන්ට් පාලක" ඇනෝ
      අපේ ඉස්සර ඉංගිරිසි ගුරුතුමෙකුත් හිටිය ඔය වගේ. කොල්ලෝ පොඩ්ඩක් කතා කරන්න ගත්තම පොරට නහුතෙට තද වෙනවා. ඊට පස්සේ බෙරිහන් දෙනවා අමු කුණුහරපෙන්. මෙතන ඔක්කොම දාන්න බැහැ. එයා ගේ ෆෙවරිට් ම වාක්‍ය තමා ..
      "මෙතන අයියං පයියං ගහන්න එන්නේ නැතුව වෙන තැනකට ගිහිල්ල හැමිනියල්ලකෝ !!! &*&(*&%$$@#$$".
      එදා ඉඳල මිනිහගේ කාඩ් එක "අයියං පයියං "
      ඔන්න යකෝ අයියං පයියං එනවා .. වාඩි වෙයල්ලා
      තෝ කන්න යන්නේ කන පැලෙන්න අයියං පයියං ගෙං
      අඩෝ ඊයේ අයියං පයියං දුන්න ගෙදර වැඩ කරාද ?

      කොල්ලෝ ගොඩක් වෙලාවට මිනිහව අවුස්සන්නේ උදේ පාන්දර කුණුහරප අහගන්න ආසාවට. ඔබගේ කොමෙන්ටුව දැක්කම එතුමා මතක් උනා.

      සමාජවාදී සමානතා ටොලරන්ට් සමාජයක් ගොඩනගන එක තමන්ගෙන්ම පටං ගත්තොත් නරකද ?

      Delete
    10. What I said about managers may not apply for all. But it is the general situation in public service. In private sector, there are managers who do lot of physical work. But I wanted to highlight the gap. Don't go after words.

      Delete
    11. ok probably i got confused, however it looked as if the manager who does not do any physical work should not get higher than the staff who does the physical work, example, the labor guy who mixes cement should get same salary as the engineer who oversees his work,,,,if it was not what u meant fine, otherwise i must say thats not the way forward,people who do work which are mentally exhausting and some do work which are physically exhausting, and by nature most of us can carry out the physical work but to work with ur mind u need special skills and as many dont hv those skills the high demand ensures that they are paid more

      Delete
    12. Even though Para tried to hide it by twisting words in his second comment , that was the exact policy and belief of all socialist regimes till now. They foolishly believe the person who physically works "The Laburour / kamkaruva" is superior to the person who doesn't sweat while working.

      Under Mao and Polpot millions of educated people were killed

      AnonymousAugust 29, 2014 at 9:32 PM , Rather than foolishly believing what people say and then twist their words , learn to stand up on your feet , do your research and learn the right facts.

      Read these articles and you will understand:
      "For the entire decade of the Cultural Revolution, schools in China did not operate; this left an entire generation with no formal education. All of the educated and professional people had been targets for reeducation. Those that hadn't been killed were dispersed across the countryside, toiling on farms or working in labor camps."
      http://asianhistory.about.com/od/modernchina/f/What-Was-The-Cultural-Revolution.htm

      http://en.wikipedia.org/wiki/Cultural_Revolution

      " Mao was quoted saying "The intellectual youth must go to the country, and will be educated from living in rural poverty."
      http://en.wikipedia.org/wiki/Sent-down_youth

      http://www.cambodia.org/khmer_rouge/
      "Anyone believed to be an intellectual, such as someone who spoke a foreign language, was immediately killed."

      Delete
    13. thank u for pointing that out, yes my knowledge on socialism is very narrow and i must read more, there are certain things that i agree wit para,,n this was the first time that i saw he has such outdated views abt managers...any one who things a labor should be paid equal or more than the manager is very very outdated.. n his comment which says "there are some managers who does physical works so it was not abt all the managers " clearly shows that he has nt even seen proper management,,

      Delete
    14. @Ajith Parakum,

      Can you please say you consider people who do physical work are only real workers? I got that idea with what you said in "In private sector, there are managers who do lot of physical work". Pls provide an answer

      Delete
    15. most of the people who follow the blogs do not do any physical activity related work. do u mean to say that we also draw unjustifiable salaries

      Delete
    16. This article is not an analysis of the said matter. It was just an idea and I did not go to an analysis. I said this is not related to all the managers. But some managers are actually unnecessary. Take this country for example. Can't it go without the President and the Ministers? What is the use of paying high perks and privileges to them from the money earned by workers like domestic aides in Middle East, the garment workers and the plantation workers?

      Take the public service for an example. Are all these managers, management assistants, field officers etc. necessary to run this business of state? Aren't they the usurpers of public money?

      We need managers. But managers are not a bunch of superior skilled workers. Actually, they are skilled in the profession. But none of them are indispensable. But the hands are definitely indispensable.

      This cannot be explained in brief. This must be compared to a new socialist work culture.

      Don't take this as a personal attack to managers. You are not a custodian of this system merely because you do a white collar job. Understand the truth.

      Now what will happen is you will again begin to blame socialism.

      Socialism is people's creation for good. You too are people. Create it for yourself. Don't be slaves of capitalist system for the sake a bone offered to you.

      Delete
    17. in simple terms no point of arguing with u. I posted this on my FB wall some time back.

      මේ පට්ට ගහපු කථාවක පොඩි වර්ෂන් එකක්.

      ඔන්න කොල්ලෙක්ට ගෙදර පරන බඩු වගයක් අදින කොට හමබ උනාලු පහනක්. මේක මොකද්ද කියල අත ගාලා බලනකොට මෙන්න බොලේ මතු වුනාලු භුතයෙක්.

      "හා හා , මම තමයි මේ පහනට අරක් කර ගත්ත භුතයා. මට මේ සාපයක් වැදිලා තිබුනෙ. ඔයා මාව බේරා ගත්ත නිසා වරමක් දෙනවා. මල්ලිට කැමති දෙයක් ඉල්ලන්න "

      කොල්ලා :

      "අය්යෙ , ලබන අවුරුද්දෙ ඔස්ට්‍රෙලියාවෙ ලෝක කුසලානේ බලන්න යන්න ලන්කාවෙ ඉදන් පාරක් හදල දෙන්න කො."

      භුතයා :

      "පිස්සුද මල්ලි, මම මේ සාමන්ය භුතයෙක්, ඔයාම හිතන්න කො ඔය වගේ පාරක් හදන්න මුහුද මැද්දෙන් සිමෙන්ති , ගල්, වැලි කොච්චර ඔනෙද? මිනිස්සු ඔනෙ වෙයි ලක්ෂ ගානක්. කොහොම කලත් 2015 වෙද්දි හදන්න බෑනෙ මල්ලි. වෙන දෙයක් ඉල්ලන්ඩකො . නිකන් දෙනව කියල දෙන්ඩ බැරි දේ ඉල්ලන්ඩ එපා මල්ලි"

      කොල්ලා :
      "හරි, මට මේ දවස් වල තියෙන ලොකු ප්‍රස්නයක් තියෙනවා. අර අජිත් පැරකුම් ජයසින්හ කියන මානුෂක වාදි , මහා සමාජ වාදියව තෙරුම් කරලා දෙන්නකො. මොකද්ද එය අර හැම තිස්සෙම කියන අලුත් සමජ වාදෙ සීන් එක? ඒක අමාරු දෙයක් නෙවෙයිනෙ."

      භුතයා :

      "මල්ලි, අර පාර හදන්න ඕනෙ එක පැත්තත ලේන් කීයක් වෙන්නද? තව කෝච්චි පාරකුත් ඕනෙද? 2014 දෙසැම්බර් වෙද්දි වැඩේ ඉවරයි කියල හිත ගන්නකො එහෙනම්."

      Delete
  3. ඉස්සර ඔය වගේ දෙයක් උනා නම් එඩිතර කාන්තවක් කියයි එත් දැන් ඔක්කොම් කණපිට වෙන්නේ

    ReplyDelete
  4. Pera,Munamalwaththa palamen wetuna buseke ayawa hoyanna Aluthgamin ewith kimiduna ayagen ekek mama (Paththagoda)

    ReplyDelete
    Replies
    1. දැනගැනීම සතුටක්.

      Delete
  5. මොකද්ද පැරා මේ මොඩරේෂන් ඇති වෙන නැති වෙන සිද්දිය? පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද කොමෙන්ට් පිළිබඳ ඔබතුමාගේ ප්‍රතිපත්තිය, මම කියන්නේ මින් ඉදිරියට ?

    ReplyDelete
    Replies
    1. මොඩරේෂන් කරන්න කැමති නැහැ. ඒත්, මෙම බ්ලොගය කඩාකප්පල් කරන්න උත්සාහ කරන අයගෙන් බේරෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න වෙලා තිබෙනවා. සමාවෙන්න.

      Delete
  6. Kubawe minissungen (wedihiti) ahanna ona CHE,Kasthrola gena.Kasthro gena kesewethath Che gena kiyanakatha Perala jeewitheta wiswasa karannene.Europaratawaladi Samaharawita owun munagehennaheki.

    ReplyDelete
  7. ඒ වීර කෙල්ල පාර්ලිමෙන්තු ගියයි කියමුකෝ ඒකේ වරද මොකක්ද? මමනම් කියන්නේ ඒකත් වෙන්න ඕනේ. එහෙම උනානම් තමයි තවත් මේ වගේ වීර චරිත ඉදිරියට එන්නේ.

    ReplyDelete
    Replies
    1. වනිතා නෝනේ එයා පාර්ලිමේන්තු යන්නේ කන් පලන්නද?

      Delete
    2. පාර්ලිමේන්තු යවමු කියන එක අපහාසයක්ද ගෞරවයක්ද?

      Delete
  8. පැරා දැන් මේ ටිකේම ලිව්වේ නිකං සිල්ලර මාතෘකා ගැන. මීට වඩා හරවත් දෙයක් ගැන ලියමුද?

    ReplyDelete
  9. what she did was right, let others girls follow her. it is none of men's businesses to verbally or physically abuse women.

    ReplyDelete
  10. මේ පැරකුම්, සංඛ්‍යාලේකන සංදර්ශන වලින් ලිපි ලියන්න පුළුවන්, එහෙම ලියන කොට ඔලුවේ තියාගන්න ඕනි තව මානයක් තියනවා, ඕකට ඉන්රීසියෙන් නම් කියන්නේ REALITY කියල, අන්න ඒ කියන එක අමතක වුණාම ඔබතුමා "ටක්" ගාල ලිපියක් ලියල අහවර කරලා PUBLISH කරනවා, එතකොට අපි ඒක නැට්ට කඩාගෙන කියවල ඉවරවුනාට පස්සේ අපේ කාලෙත් ඉවරයි, ඔබතුමා කියන මේ ලෝකේ නැති බයිලා අහල අපේ ඔලුවත් ඉවරයි. ඔබතුමා සංඛ්‍යාලේකන අදහන එක ගැන සතුටුයි, හැබැයි ඒ සතුට ස්වයංව වින්දනය ලබනවා නම් අපි කැමතියි, මේ ලිපි වල පල නොකර. ඇයි මම එහෙම කියන්නේ, සත්‍ය තත්වය සහ සංඛ්‍යාලේකන යන දෙකෙහි වෙනස පෙනෙන්නේ සත්‍ය ලෙසම ගවේෂණය කරන්නෙකුට විතරයි, හීනෙන් ඇවිදින පැරකුම් මතිඳුලාට නම් නොවෙයි...

    ReplyDelete
    Replies
    1. සත්‍ය සංඛ්‍යාලේඛන කියන්නේ යථාර්ථයේ නිරූපණයක් තමයි. අපි අදහසක් ඉදිරිපත් කරනකොට එය ඔප්පු කරන්න සංඛ්‍යාෙල්ඛන වැදගත් වෙනවා. යථාර්ථය කියන්නේ පෙනෙන දෙය ම නොවෙන්න පුළුවන්.

      Delete
    2. සංඛ්‍යාලේඛන වෙත මෙම ලිපියෙහි වැඩි බරක් තබා නැහැ නේද?

      Delete
    3. ඔලුවෙ අමාරුව හැදෙනවනම් කියවන්නෙ නැතුව හිටපන්කො, සංඛ්‍යාලේකන නැතුව කොහොමද ගොනෝ විස්තර කරන්නෙ, ලෝකේ වටේ ගියත් ඔක්කොම ඔලුවෙ තියා ගන්න බෑ බන්, එක ගොනුවක් විදිය්ට ඉදිරිපත් කරන්න වෙන්නෙ, ඒව වල සත්ත්‍යතාවයේ වගකීම ඒ ඒ ආයතන හෝ පුද්ගලයන් බාර ගන්න ඕනෙ, සංඛ්‍යාලේකන වල අසත්ත්‍යතාවයක් තියෙනව නම් ඒ පිළිබදව පැමිණිලි කරන්න ආයතනත් ඇති මයෙ හිතේ

      Delete
  11. Ano Aug,29,2014at 3.48 Oya,Ayathanath ethi maye hithe kiyanne oyagena oyatawath wiswasayak ne kiyanaekane,

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා