සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ

ගිය සතියේ ලියන්න පටන් ගත්ත ගැහැනු-පිරිමි-මල්-පලතුරු-සත්තු-ගම් ලිපියේ ඉතිරි කොටස තමයි අද ලියන්නේ. ගැහැනු, පිරිමි ගැන ලිව්වානේ. අද ඉතිරි ටික.

‘රෝස මලේ නටුවෙ කටු - වන බඹරෝ ඔහොම හිටූ' නම් ආනන්ද රාජකරුණා ලියූ ළමා ගීය නො දත් ළමයකු ලංකාවේ නැති තරම්. රෝස මල ලංකාවට ආවේ පිටරටින්. අපි ඒ මලට රෝස කියා නම තැබුවේත් ඉංග්‍රීසි වදනින්. මේ මලට ලතින් බසින් කියන්නේත් රෝසා කියායි.

රෝස පාට කියා පාටක් සිංහලට ආවේත් රෝස මල් නිසායි. අතීත සිංහල භාෂාවේ රෝස කියා පැහැයක් තිබුණේ නැහැ. තිබුණේ ළා රත් පාටයි. ජන වහරේ නා දළු පැහැය කිව්වේත් මේ පාටට තමයි.

ඇන්තූරියම්, ඕකීඩ් (උඩවැඩියා), බාබන්ඩේසි, කැනාස් (බුත්සරණ), ඩේලියා, ලිලී, රොබරෝසියා, මැයි මල් වැනි මල් වර්ග රැසක ම නම් අපි අරගත්තේ ඉංග්‍රීසි බසින්.

බාබන්ඩේසි කියන වචනය තත්භව වදනක්. ඒ මලේ නමේ සම්භවය දකුණු අප්‍රිකානු නගරයක් වන බාබටන්. අපි බාබටන් ඩේසි බාබන්ඩේසි කර ගත්තා.

අපි වදමලට සපත්තු මල කියන්න පටන් ගත්තේ ඉංග්‍රීසි shoe flower සිංහලට පරිවර්තනය කරගෙනයි.

අරලියා ගස් වැඩිපුර තිබෙන්නේ පන්සල්වල නිසා එය  temple tree ලෙස නම් වුණා. ඒ ගස් වවා තිබුණු ඉඩමක පිහිටි මන්දිරය Temple Trees ලෙස නම් වී පසුව සිංහලෙන් අරලියගහ මන්දිරය වුණා.

ඇපල් මලත් මෑත කාලයේදී සාහිත්‍යයට එකතු වුණා. මල් සිංදු රැල්ල අතරේ කැලුම් ශ්‍රීමාල් ‘ඔබ ඇපල් මලක් වාගේ - ලස්සන වසන්ත කාලේ' යි ලිව්වා. පෙයාස් කියන්නේත් සිංහලට තත්සම ස්වරූපයෙන් පැමිණි තවත් ඉංග්‍රීසි වදනක්. සිරිමා බංඩාරනායක ආණ්ඩුව කාලේ කලුතර දිස්ත්‍රික්කයේ ගාලු දිස්ත්‍රික් සීමාව ආසන්නයේ සිංහරාජ වනාන්තරය කපලා අපනයන භෝගයක් ලෙස පැෂන් ෆෘෘට් වැව්වා. මිනිස්සු මේවාට කිව්වේ පැසන්පුරුට් හෝ පැසන්පුට් හෝ පැෂන් කියා ය. ටික කාලෙකින් මේ පැසන්පුරුට් විකුණගන්න බැරිව ගියා. මතුගම ටවුමේ පැසන්පුරුට් ගොඩවල් හරකුන් කෑවා.

දැන් අලුත් පලතුරු ජාතියක් වවනවා. ඩ්‍රැගන් ෆෘෘට් කියලා. මකර පලතුරු. මැංගුස්, දුරියන්, රඹුටන්, අන්නාසි වැනි වදන් සිංහලයට එක් වුණේත් විදේශ භාෂාවලින්. 

පලතුරු සලාදයට ගමේ ගොඩේ මිනිස්සු පුස්සැලට් කියනවා.

කැරට්, බීට්, නෝකෝල්, ලීස් (ලීක්ස්), රාබු, ගෝවා, සලාද, පිපිඤ්ඤා වැනි එළවළු වර්ගවල නම් වගේ ම, මඤ්ඤොක්කා, අර්තාපල්, ආටිචෝක් වැනි අල වර්ගවල නම් ද සිංහලට ආවේ ඉංග්‍රීසි හා වෙනත් යුරෝපීය භාෂාවලිනුයි.

කැරැන් කියන නම ඒ වර්ගයේ මීවන ශාඛයට වැටෙන්න ඇත්තේ විදේශ ආභාසයකින් වෙන්න පුළුවන්. . 

ලංකාවේ නැති සතුන්ට අපි හදාගෙන තිබෙන නම්, ඒ සතුන් වෙනුවෙන් ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වන නම් ය. සීබ්‍රා, ජිරාෆ් වගේ. ඒ වුණාට ලංකාවේ නැති ලයන් වෙනුවෙන් සිංහල භාෂාවේ වදනක් තිබෙනවා.

ලංකාවේ කොටියා සම්බන්ධයේ වාග් විද්‍යාත්මක මතභේදයක් තිබෙනවා. ලංකාවේ කොටි නැති බවත්, ඉන්නේ දිවියන් බවත් ඇතැමෙක් තර්ක කරනවා. එත්, ලංකාවේ හමු වන බිළාල කුලයට අයත් විශාල සත්වයා විද්‍යාත්මකව නම් කර තිබෙන්නේ Panthera pardus kotiya ලෙසයි. කොටි සංවිධානයේ ලාංඡනයේ ඉන්න සතාත්, ලංකාවේ ජීවත් වන කොටියාත්, එකම වර්ගයේ සත්තු නොවෙයි. කොටි සංවිධානයේ ලාංඡනයේ ඉන්නේ ව්‍යාඝ්‍රයා ය කියන්න පුළුවන්. පුල්ලි තිබෙන සතා කොටියායි. ඒකනේ අපේ ජන වහරේ තිබෙන්නේ ‘කැළේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ' කියලා.

ටිලාපියා ලෙස හැඳින්වෙන ලංකාවේ වැව්වල අලුතින් බෝ කළ මාළුවාට ධීවරයෝ තෙප්පිලි කියා නම තැබුවා. ගප්පි නම් අලංකාර ටැංකි මාළු වර්ගයට සිංහලෙන් ගබ්බි කියනවා. සාරි ගබ්බි කියාත් මාළු ජාතියක් ඉන්නවා. ගෝල්ඩ් ෆිෂ්ට සිංහලෙන් ගෝල්පිස් කියනවා.

මයිනා කියන කුරුළු නම ඇවිත් තිබෙන්නේ හින්දි භාෂාවෙන්. මේ පක්ෂියා එක්තරා විධියක ආක්‍රමණික පක්ෂියෙක් ලෙස හැඳින්වෙනවා. ලංකාවට පිටින් ගෙන්වපු කුරුල්ලෙක් වෙන්න පුළුවන්. ලංකාවෙන් ගිය මයිනෝ දැන් ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ඉන්න බව මම අසා තිබෙනවා.

ලංකාවේ ජීවත් නො වුණාට ඔස්ට්‍රිච් කියන ලොව විශාලතම පක්ෂියාට සිංහල නමක් තිබෙනවා. ඒ පැස්බරා යන්නයි. පෙලිකන් පක්ෂියාට පැස්තුඩුවා කියා නමක් තිබෙනවා. මේ නම් ලංකාවේ පක්ෂි විශේෂඥයන් විසින් සකසන ලද වදන් ලෙස සැලකිය හැකියි. 

ගම්වල නම් කියනකොට අපට අලුත් ජනපදවල කොලනිය, ට්‍රැක් පහ, බී යාය වගේ ග්‍රාම නාම හමුවෙනවා . මට වරක් හමු වී තිබෙනවා, ඒ යායේ 'අහවල්' හිමි කියා නමක් තිබුණු හාමුදුරු නමක්.

ලංකාවේ සමහර නගරවලට වෙනම ඉංග්‍රීසි නම් තිබෙනවා. කන්ද යන අරුතින් ඉංග්‍රීසීහු කැන්ඩි කියා නුවරට කිව්වා. කලම්බු කොළඹ වුණා ද, නැතිනම් කොළඹ කලම්බු වුණා ද යන්න විවාදාපන්නයි. චිලව් කියන්නේ හලාවතට. බැටිකලෝ මඩකලපුව. ගැල්වල බඳින ගොනුන් සඳහා ගාලක් තිබුණු ගාල්ල ගෝල් වුණා. දෙවුන්දර ඩෙන්ඩ්‍රා වෙච්චි. හැබැයි පේදුරු තුඩුව වුණේ නම් පොයින්ට් පේඩ්‍රෝ කියන ඉංග්‍රීසි වදනයි. දෙමළෙන් මෙතැනට කියන්නේ පරුත්තිත්තුරෙයි කියායි.

මීගමුව කියන්නේ සිංහලෙන්, දෙමළෙන්, ඉංග්‍රීසියෙන් මීගමුව, නීර්කොලම්බු හා නිගම්බු කියලා නම් තුනක් තිබෙන නගරයක්.

යාපනයට ජැෆ්නා කියනවා වගේ ඉස්සර සමහරු කලුතරට කැල්චුරා කිව්වත්, දැන් එය භාවිතාවෙන් ඉවත් වෙලා. මෙවැනි වදන් හැදුණේ ඉංග්‍රීසීන්ට සිංහලයන්ගේ ග්‍රාම නාම හරිියට උච්චාරණය කරන්න බැරි වීම නිසායි. ගාල්ලට ගෝල් කීවා වගේ කෑගල්ලට කේගෝල් කියාත්, තංගල්ලට ටැංගෝල් කියාත් කිව්වා. හැබැයි හැඩිගල්ලට කවුරුවත් හැඩිගෝල් කියන්නේ නැහැ. හේතුව සුද්දෝ එහි නො ගිය එකයි.

කොම්පඤ්ඤ වීදිය ආවේ පෘතුගීසි බසින්. ඒත්, එතැනට ම කියන ස්ලේව් අයිලන්ඩ් ආවේ ඉංග්‍රීසියෙන්. අලුත්කඩේට හල්ෆ්ට්ස්ඩෝප් කියා පටබැඳුණේ ලන්දේසි නැගෙනහිර ඉන්දියා සමාගමේ ඉන්දීය අධ්‍යක්ෂ හල්ෆ්ට් සිහිගන්වන්නයි. ඔහුගේ මූලස්ථානය තිබුණේ මේ කඳු මුදුනේයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හයියෝ හයියෝ.. සමාජවාදය දේශනා කරන්න ගිය පැරාගේ අවසානය. රෝස මලේ නටුවේ කටු,වන බඹරගේ නහයේ හොටු.

    පැරාට මේ ලිපිය ආයේ කියවද්දී ලජ්ජා හිතෙන්නේ නැද්ද පැරා අන්තිමේදී පත්වෙලා තියෙන තත්වේ ගැන?

    (දැන් ඉතිං පුළුවන් නං මගේ කොමෙන්ට් එකත් අයින් කරන්න,එහෙම නැත්තං ඇනෝ ඇවිත් බනින්න.)

    ReplyDelete
    Replies
    1. //සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ//

      Delete
  2. සමාජවාදය ගැන මොකුත් කියන්නෙ නැතුව කිසිම ගතියක් නෑ පැරා. අපි මෙතෙන්ට එන්නෙ පැරා ධනවාදය පතුරු ඇරලා සමාජවාදය අප් කරලා තියෙනවා බලන්නමයි.

    ReplyDelete
    Replies
    1. //සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ//

      Delete
  3. "කොම්පඤ්ඤ වීදිය" ආවේ පෘතුගීසීන්ගෙන් නැතුව, ලන්දේසීන්ගේ කොම්පඤ්ඤෙ (VOC සමාගමය) නිසා වෙන්න පුළුවන්.

    ReplyDelete
  4. බාබටන්ඩේසි පිළිබඳ තොරතුරට බොහොම ස්තුති යි පැරාට.

    Barberton Daisy

    ReplyDelete
  5. ඔයවගේ ගල්ල තියන ඔක්කොම ගෝල් වුණානම් මල කෙලියක් තමයි වෙන්නේ පැරා.

    ReplyDelete
  6. ලංකාවේ ඉන්නේ කොටියා (Sri Lankan leopard). හඳුන් දිවියා, කොළ දිවියා වගේ කැලෑ බළලුන් වර්ගත් ඉන්නවා. ඒත් උන් කොටි තරම් ලොකු නෑ. කොටි සංවිධානයේ ලාංඡනයේ ඉන්නේ ව්‍යාග්‍රයා. කොහොමත් ඉංග්‍රීසියෙන් Tiger කියන්නේ ව්‍යාග්‍රයාටනේ. LTTE කොටි වීම ලස්සන කතන්දරයක්. Sri Lankan Tiger කියන එක යටතේ තියන විකිපීඩියා පිටුව කියවල බලන්නකෝ.

    ReplyDelete
    Replies
    1. ව්‍යාග්‍රා කියන්නේ ව්‍යාග්‍රයාගේ ගැහැණු සතාට කියන නමද?

      Delete
    2. ව්‍යාඝ්‍රයා මිසක් ව්‍යාග්‍රයා නොවෙ යි.

      Delete
  7. ඔය ලංකාවෙන් ආපු මය්නෝ හින්ද අපිට මෙහෙ හරි කරදර

    මීට හිතවත් Tony Abbot

    ReplyDelete
    Replies
    1. Yes. Bloody Parasites.
      මීට හිතවත් Bill Shorten

      Delete
  8. Attatama galle kianne prutugisi lankawata eddi kukulekge handalana sadde eheddi latin walin kukulata kiana galas kiana namen nam tibba nagre kialai man kiawala tiyenne...honda lipiyak para...cheers

    ReplyDelete
    Replies
    1. ඒ පෘතුගීසි වචනය galo.

      Delete
    2. කුකුළාට ලතින් භාෂාවෙන් කියන්නේ gallus (ගලුස්) කියලා.

      Delete
    3. කුකුළාට පෘතුගීසි භාෂාවෙන් කියන්නේ galo (ගාලෝ) කියලා.

      Delete
  9. //සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ//

    ReplyDelete
  10. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  11. Let's increase the number of hits

    ReplyDelete
  12. අයියෝ...අයියෝ... ඔය "දිවයින" කඩ මාල්ල මොකට කියවනවද? ඔයාගේ අත පිහින්නවත් ගන්න එපා ඒක.

    ReplyDelete
  13. 22nd comment to increase the hit count

    ReplyDelete
  14. අනේ පැරා මේ ඇපල් මල් ගැනයි පැෂන් පුරුට් ගැනයි නැතුව සමාජවාදය ගැන ලියන්නකෝ හොඳ ළමයා වගේ. ඔන්න ඊළඟ පෝස්ට් එකෙන් වත් අපට සමාජවාදය ඕනෑ.

    ReplyDelete
  15. මගේ යාලුවෙක් ඇපල් කාල මලා

    ReplyDelete
    Replies
    1. ugure atayak hiravela venna athi.

      Delete
    2. ඔය ම්‍ළා, මළා කියලා කමෙන්ට් කරන්න ගත කරන කාලය වෙනත් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන් නේ ද? අඩු ගානේ වැලක් හරි බලන්න පුළුවන් නේ. එතකොට අසහනය හරි දුරු වෙනවා.

      අපට නම් ඔය කමෙන්ට් ප්‍රශ්නයක් නෙමෙයි. පව් හින්ද කිව්වේ. කාගෙ වුණත් කාලයනේ.

      Delete
    3. දැන් මූ කියයි උගේ යාලුවෙක් වැලක් බලල මළා කියල!

      Delete
    4. මගෙ යාළුවෙක් නිවාඩුවකට කියලා ට්‍රිපක් ගිහින් මළා....

      Delete
    5. පැරා. වැල බලන්නේ අසහනය දුරු කරගැනීමට ලෙස සිතන ඔබද සමාජවාදය ජීවන විලාසිතාවක් ලෙස යෝජනා කරන්නේ?

      අහෝ.

      Delete
    6. දැන් පැරාටත් ඔය සමාජවාදය, සමාජවාදය කියලා බ්ලොග් ලියන්න ගත කරන කාලය වෙනත් ප්‍රයෝජනවත් දෙයකට යොදවන්න පුළුවන් නේ ද? අඩු ගානේ වැලක් හරි බලන්න පුළුවන් නේ. එතකොට අසහනය හරි දුරු වෙනවා.

      අපට නම් ඔය බ්ලොග් පෝස්ට් ප්‍රශ්නයක් නෙමෙයි. පව් හින්ද කිව්වේ. කාගෙ වුණත් කාලයනේ.

      Delete
    7. **පැරා. වැල බලන්නේ අසහනය දුරු කරගැනීමට ලෙස සිතන ඔබද සමාජවාදය ජීවන විලාසිතාවක් ලෙස යෝජනා කරන්නේ

      අහෝ.**

      චාටර් වැඩේ නේද ඕයි උනේ, දුක යන්න තව කොමෙන්ට් දෙක තුනක් දාපන්.

      Delete
    8. මගේ යාලුවෙක් කොමෙන්ට් මොඩරේට් කරන්න ගිහිල්ල මලා. පැරා බලාගෙන.

      Delete
    9. කමෙන්ට් මොඩරේට් කරන්න ඕන වෙන්නේ නැති වැඩපිළිවෙලක් අපි අරගෙන යනවා. ඒක දැනටමත් සාර්ථක ප්‍රතිපල පෙන්වා තිබෙනවා. බලන්න ප්‍රොෆයිල් කමෙන්ට් කොච්චර අඩුද කියලා. මාතලන් සහ මහසොහොන් විතරක් තාම ටිකක් කමෙන්ට් දැම්මට ළඟදීම ඒක නතර කරන්න අපේ තට්ටම් ඇනෝට බැරිවෙන එකක් නැහැ.

      ඇනෝ කමෙන්ට් වල බරක් නැති නිසා ඒක එච්චර ගණන් ගත යුතු නැහැ. අවශ්‍ය උනොත් ඒවටත් අපේ නලිය වගේ පිට කසන කමෙන්ට් දාන තැනට ගේන්න පුලුවන්.

      Delete
    10. සෙනසුරාදා ,ඉරිදා ගෙදර ඉන්නකොට තමයි සමාජ-වදේ ගැන හරබර ගැඹුරු සංවාස කරන්න පුළුවන්. සමරිසි ඇනෝ පුල් ට්‍රයි එක දෙනවා තමයි. එත් මම , මට ඕන තැනකදී කොමෙන්ට් කරන එක නවත්වන්නේ නැහැ.

      Delete
    11. අපි බලමුකෝ සොහොන් කමෙන්ට් කරන හැටි. ඔයිට වඩා ලොකු පොරවල් අපේ තට්ටම් ඇනෝ මට්ටු කරලා තියෙන්නේ දැනටම.

      Delete
    12. සොහොන් හූ හූ.....කොහොමද අපේ තට්ටම් ඇනෝගේ වැඩ. දුවන්න ලෑස්ති වෙලා ඉඳපන්.

      Delete
    13. හප්පට සිරි ෆ්‍රී පබ්ලිසිටි
      තැන්ක්ස් ඇනෝ :)

      Delete
  16. හිට් කවුන්ට් එක වැඩි වේවා!!!

    ReplyDelete
  17. 38th comment to increase the number of hist

    ReplyDelete
  18. පැරත් දැන් කකා වගේ වේගෙන එන්නෙ. කොහෙන් හරි උස්සල මොකක් හරි අතහරිනව තව පොස්ට් එකක් දැම්ම කියල කියන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා