ඒ නිසා මං බ්ලොග් ලියනවා

පාඨකයන් පිවිසුණු පිටු සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවීම ගැන සතුටු ය.

මේ බ්ලොගය ආරම්භ කර දැන් වසර පහකි. W3Lanka නමින් පවත්වාගෙන ගිය පුවත් වෙබ් අඩවියට අනුබද්ධවයි මුලින් ම මෙය 2009 ජුනි මාසයේ ආරම්භ වුණේ. අපි W3Lankaවෙබ් අඩවිය පටන් ගත්තේ 2009 පෙබරවාරියේයි. එහෙත්, ආර්ථික ගැටලු නිසා එය පවත්වාගෙන යාම දුෂ්කර වුණා. දේශපාලන සංවාදය පවත්වාගෙන යන්න බ්ලොග්කරණය යොදා ගැනීම ගැන අපව උනන්දු කළේ බූන්දියෙන්.

මෙහි පළ වූ මුල් ම ලිපිය ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

අවුුරුද්දක් ඇතුළත අපේ පිටු ලක්ෂයකට පාඨකයෝ පිවිසුණා.  ඒ වෙලාවේ මා තැබූ සටහන මෙහෙමයි:


පුවත්පතක් නැති පත්තරකාරයන්ගේ වසරක උදානය

“It often requires more courage to dare to do right than to fear to do wrong.”

– Abraham Lincoln

නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි.

අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත.

මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි.

අප මෙය ආරම්භ කරන විට මුද්‍රිත මාධ්‍යවල ඊනියා සංස්කාරකයන්ගේ ආධිපත්‍යයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අතර, වසරක් ගත වන විට පුවත්පතක් නැති පුවත්පත් කලාවේදීන් වන අපට මුද්‍රිත මාධ්‍ය සංස්කාරකයන්ගේ දඬුඅඬුවට අසු නොවී අදහස් ප්‍රකාශනයේ සීමිත ඉඩක් ලැබී ඇත.

ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා ජනමත නායකයන්ට විකල්ප අදහස් වෙත කිසියම් දොරටුවක් විවෘත කර දීමට අපට හැකි වී ඇතැයි අපි විශ්වාස කරමු.

එහෙත්, අපගේ සන්නිවේදනය දිළිඳු ජන කොටස් වෙත ළඟා කර ගත නොහැකි වීම පිළිබඳව අපි අදටත් කණගාටු වෙමු.

එහෙත්, නව මාධ්‍යයන්ගේ අනාගතය පිළිබඳ අපි සුබවාදී වෙමු. වේලාසනින් අවදි වූ කුරුල්ලන් පහසුවෙන් ආහාර සොයා ගනු ඇත.


අජිත් පැරකුම් ජයසිංහ,
සංස්කාරක, W3Lanka, Lanka Polity
මං හිතන්නේ අපි දැන් එදාට වඩා ජනතාවට සමීපයි. සිත් කලකිරවන තත්වයන් මැද ප්‍රතිපත්ති පාවා නොදී අල්ලාගෙන සිටීමේ හොඳකමක් හෝ ගොන්කමක් තිබුණු නිසායි එහෙම කරන්න පුළුවන් වුණේ. 

ලැබෙන අවස්ථා එක්ක අද වුණත් හිතෙනවා ප්‍රතිපත්ති අතහැර දැමුවොත් මීට වඩා ඵලදායී දෙයක් කරන්න පුළුවන් වේවි නේ ද කියලා. 

ලියන්න කාලය ගන්නත්, නිදහස් ලේඛකයකු ලෙස කාටවත් යටත් නොවී පවතින්නත්, ජීවිතය නඩත්තු කරගෙන යන්න ලොකු ආර්ථික අරගලයක් කරන්න ඕනැ. 

ආර්ථික වශයෙන් ඉතාම දුර්වල වූ අවස්ථාවක අපි මෙය පවත්වාගෙන යාම වැදගත් දෙයක් ය කියා හිතෙනවා නම් අපට උදව් කරන්නැයි අපේ පාඨකයන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වෙලාවේ තමයි, මම ඇත්තෙන් ම දැන ගත්තේ මේක පවත්වාගෙන යන එක වැදගත් මට විතරයි කියලා. ඒ නිසා මමත් ඇරියෙ නැහැ. මම මට මාර විධියට උදව් කළා මේක පවත්වාගෙන යන්න. මං පරිවර්තකයෙක් වුණා. ඒක නිසානේ ඔබ වුණත් මෙහි ඇවිත් නිදහසේ බැනලා යන්නේ. 

සමහරු කියනවා මේ විකාර කමෙන්ට්කාරයන්ගේ ක්‍රියා නවත්වන්න කියලා. ඒත්, මම තාම ඒ ගැන ඉන්නේ දෙගිඩියාවෙන්. ඔවුන් හරවත් සංවාදයකට බාධාවක් වෙන්න පුළුවන්. ඒත් ඉතින් හැටි එහෙම නම් මොකද කරන්නේ? ඒ අය තමන් නිරුවත් කර ගන්නා හැටි වුණත් බලන එක රසවත්. 

අපි තවමත් කාටවත් විකිණුනේ නැහැ. හරි ආඩම්බරයි. ඒත් ඉතින් ඇති වැඩකුත් නැහැ. විකිණුනා නම් මීට වඩා දෙයක් කරන්නත් තිබුණා. අනේ මන්දා. 

කමක් නැහැ. අපි ප්‍රවර්ධනය කරන්නේ ජීවන විලාසයක්නේ. හැබැයි ඉතින් තනියෙම කරන්න පුළුවන් කොච්චර පොඩි දෙයක් ද? අර දුක දිනා ජය ගත් හපන්නු පස්සෙ කාලෙක කියනවනේ ඔහොම ඉන්නකොට හිටි ගමන් අලුත් පාරවල් පෑදුණු හැටි ගැන. ඉතින් මාත් හිතන් ඉන්නවා ඔහොම ඉන්නකොට කවුරුහරි මෙහෙම කියයි කියලා. “ඒයි පැරා, තමුසෙට පුළුවන් නේ ඔයිට වඩා වැඩක් කරන්න. අපි තමුසෙ ගැන බලා ගන්නම්. ලියනවා හොඳ කතාවක්."

එහෙම නැතිනම් එන්ජියෝ එකකින් ඇවිත් හොරෙන්ම මගේ ගිනුමට ඩොලර් කුට්ටියක් දාලා ගියොත් කොහොමද?

එහෙනම් මං ගහනවා පත්තරයක්. ලියනවා නවකතාවක්. කරනවා නාට්ටියක්. ගහනවා චිත්‍රපටියක්. අඳිනවා චිත්‍රත්. 

අද අපව පොළඹවා තිබෙන්නේ අන්න ඒ වගේ හීන දකින්න. ලොතරැයි ඇදෙනකල්, සුපර් ස්ටාර්ලා වෙනකල්, මහේලලා වෙනකල් අපි බලන් ඉන්නවා. අපට බැරි වුණාම අපි අපේ දරුවන්ව එහෙම කරන්න හදනවා. ඒත්, අපි වැඩි දෙනෙකුට ඒවා ලැබෙන්නේ නැහැ. 

අපි කාටත් යහපතක් වෙන්න නම්, අපි එකතු වෙලා යහපත් සමාජයක් ගොඩනගා ගන්න ඕනැ. ඒකට තමයි සමාජවාදය සඳහා අරගලය කියා කියන්නේ. 

මං කැමතියි අපි එකතු වෙලා යමක් කරමු ය කියා යෝජනා කරන සහෝදරයින්ට. ඒත්, අපට හමු වෙන්නේ “මල්ලි, ඔයා අපිත් එක්ක එකතු වෙන්න," ය කියන අයියලාවයි. 

මං එක්තරා අරාජිකවාදියෙක්. මට ඉස්සරහින් යන අයත් නැහැ. මම කාටවත් මගේ පස්සෙන් එන්න කියන්නෙත් නැහැ. ඒ කියන්නේ මට නායකයෝත් නැහැ. අනුගාමිකයෝත් නැහැ. වැඩේ කියන්නේ කවුරුවත් මාව සහෝදරයෙක් ලෙස පිළිගන්නෙත් නැහැ. 

හැමෝ ළඟම තිබෙනවා සාක්කු. සාක්කු නැති අය කාගේ හරි සාක්කුවකට බහිනවා. මට වෙලා තිබෙන්නේ සාක්කු මහගන්න උවමනාවකුත් නැහැ. කවුරුහරි සාක්කුවට රිංගන්න හදනකොට මට කිචි වගෙයි. මට කාගෙවත් සාක්කුවල ඉන්නත් බැහැ. මාර ලෙඩක්. 

ඒ නිසා මං බ්ලොග් ලියනවා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා
    ළඟකදි ඉඳන් යාලුවෙක් මලා කියමින් මෙහි බඩ පිනුම් ගහන පාහර ඇනෝල සෙට් එක එය පාවිච්චි කරන්නෙ මගේ කිසිම් අවසරයකින් තොරව බව කරුනාවෙන් දැනුම් දෙමි.
    පරාට අත්වුන තත්වය ගැන මාගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි
    තවද තවදුරටත් එම කොමෙන්ටුව මගේ නොවන බවද දැනුම් දෙමි.
    - මීට යාලු මැරුනු ඇනෝ ("යාලුවෙක් මලා" කොමෙන්ටුවේ හි පේටන්ට් හිමි)

    ReplyDelete
    Replies
    1. කීප දෙනෙක් නෙමෙයි මම හිතන්නේ එක්කෙනෙක් :)

      Delete
    2. මේ ඇනෝට සිදුවී ඇත්තේ අර වෘකයා එනවා කියූ ළමයාට වුණා වගේ අකරතැබ්බයකි!

      Delete
  2. මේ බ්ලොග් එකට පුදුම ඇනෝ ප්‍රහාරයක් එල්ල වෙන බව ඉතාම පැහැදිලියි
    එය ඉතාම සංවිධිත බවකුත් පෙනෙනවා
    කොහොම නමුත් ඉදිරියට යන්න සුබ පැතුම්

    ReplyDelete
  3. ඇප්රු කරකර කොමෙන්ට් දාන එක පට්ට වදයක් නේද?
    කොහොම නමුත් ඊයේ තබුන තත්වය අනුව එහෙම නැතුව බෑ

    ReplyDelete
    Replies
    1. කියලා වැඩක් නෑ, ඒ බව නම්!

      Delete
  4. //ඒ අය තමන් නිරුවත් කර ගන්නා හැටි වුණත් බලන එක රසවත්. //
    ඒක තමයි දෙයියනේ මාත් මේ කියන්නේ....

    ආ ගමනට සුභපැතුම් පැරා :)

    ReplyDelete
    Replies
    1. දැන් ඔය දෙන්නම පීපින් ටොම් ලද අනුන් නිරුවත් වෙනවා බලා ඉඳලා තෘප්තියක් ලබන්න?

      Delete
    2. Yep, Its called : Ano striptease ...

      Delete
  5. පැරා,

    ඇත්තම කිව්වොත් මම මේ පොස්ට් එක නං කියෙව්වා. වෙනදා නං මම කවදවත් පැරා ලියන නීරස දේවල් කියවන්නේ නෑ. කෙලින්ම එන්නේ කොමෙන්ට් බලන්න. ඔෆිස් එකේ වැඩ අස්සේ ඔළුව විකාරෙන් ඉන්නකොට පැරාගේ බ්ලොග් එකේ තියෙන ඇනෝ කොමෙන්ට් බලලා ගියාම ආයේ සතුටින් වැඩ කළහැකි. ඉස්සර කකාගේ බ්ලොග් එක තියෙද්දීත් මම කලේ එකේ ඇනෝ කොමෙන්ට් බලලා මටම හිනාවෙන එක. දැන් පැරාගේ බ්ලොග් එකේ ඇනෝ කොමෙන්ට්.

    ඉතිං පැරා ඒ හින්දා ඇනෝ කොමෙන්ට් වාරණය කරන්න එපා. එව්වා තියන්න. මම වගේ තව කට්ටිය මේකේ කොමෙන්ට් බලලා විනෝදයක් ලබනවනේ.

    ReplyDelete
    Replies
    1. මේ ඇනෝට පොඩ්ඩක් සමාන දෙයක් තමයි මටත් කියන්න තියෙන්නේ.
      මම නං පොස්ට් එක කියෝනව. එකඟ වෙන්න බැරිනම් කොමෙන්ටුවකුත් දානවා. හැබැයි පැරා පිළිතුරු නොදෙන නිසා ප්‍රශ්නයකට වඩා ප්‍රකාශයක විලාශයෙන් තමයි දාන්නේ. (කාර්ය බහුල කම නිසා ඔබ පිළිතුරු නොදෙනවා ඇති. ඒකෙ වරදක් නැහැ )

      ඇනෝ කිව්වා වගේ වැඩ කරන අතරේ පොඩි බ්රේක් එකකට මෙතෙන්ට ඔලුව දාල යන්න එන්නේ තට්ටම් ඇනෝ , යාලුවෝ ඔක්කොම වලකජ්ජ ගහපු ඇනෝගේ විකාර කියවන්න. ඉඳල හිටලා පොඩි ගොං කොමෙන්ටුවක් දාල උන්ව චියර් අප් කරලා ගන්නවාත් තමයි. නැත්තේ නැහැ.

      කලින් පොස්ටුවක ඇනෝ කෙනෙක් දාල තිබ්බ "කකාගේ ඉස්පිරිතාලේ වැහුව එකෙන් මේක උනා" කියන එක නං ඇත්ත තමයි. මාත් එතනින් කලින්ම චුත වෙලා මෙතෙන්ට ආවේ කකා කඩේ වහන්න යන බව තේරිච්ච නිසා. දැන් පිස්සන් කොටුවට බෝම්බ වැටිලා වගේ එතෙනින් අනාත වෙලා සි සි කඩ ගිය ඇනොල සෙට් එකම මෙතන. හැබැයි පැරා කියන ඔය හිට් නං වැඩි උනේ උං හින්ද තමයි ඕං !
      :)

      Delete
    2. හිට්වලට වඩා කමෙන්ට් වැඩි වුණා.

      Delete
    3. ෂෙක්... ඇනෝලාට ගිය කල... කොහොම තැනක් තියාගෙනද කකාගෙ බ්ලොග් එකේ හිටියෙ... අපිට උඩින් කාක්කෙක් පියෑඹුවෙ නෑ.... කකාවත් අපිට විරුද්ධව කටක් ඇරියෙ නෑ....

      නයි කාරයො... පොළු කාරයො... කේන්දර කාරයො.... තෙල් බේත් වෙද්දු... කයිවාරු කාරයො... ඔක්කොම අපි ඉන්නකොට හිටියෙ නැට්ට පුකේ ගහගෙන....

      අපිව දැන් අනාථයො ගානට වැටිලා..... කකා මොකක්ද මේ අපිට කරේ.... යන එන මං නැතුව අපි අතරමං වෙලා කකා...

      Delete
    4. මම එක කියල කමෙන්ට් කරන්න පටන් ගත්තෙයි හිට් වැඩිවේවා කියල කමෙන්ට් කරන්නේ මම. එතකොට හිට් ගානයි කමෙන්ට් ගානයි දෙකම වැඩිවෙනවානේ.

      මාව කොපි කරලා මට කලින් එක කියන එකාව කොටියම කන්න ඕන.

      Delete
    5. ඇනෝලා ද මනුස්සයෝ ය!

      Delete
    6. පැරාගෙත් කකාගෙත් බ්ලොග් පෝස්ට් වල බොහෝවිට තියෙන්නෙ වැදගැම්මකට නැති ප්‍රලාප. ඒව කියවන් එක නීරසයි. හැබැයි කමෙන්ට් ටිකනම් මසුරං. බ්ලොග් ලෝකයේ ඉන්න විහින් ඇඳගත් වීරයන්ගෙත් අමනයන්ගෙත් කමෙන්ට් කියවල හොඳ ආතල් එකක් ගන්න පුළුවන්. ඒ අතින්නම් මේ බ්ලොග් පඩංගු ලංකාදීපෙට ඉහලින් ඉන්නව.

      Delete
  6. පහු ගිය කාලය පුරාම දැක්ක දෙයක් තමයි මේ බ්ලොග් එකේ පලවන ලිපි වුවමනාවෙන්ම චොර කරන්න , නැත්නම් සවුත්තු කරන්න හදන, සංවිධානය වෙල චොර කොමන්ට් දාන ඇනෝල කීපදෙනෙක්. උං දාන කොමන්ට්වලින්ම පේනව උං කඩේ යන්නෙ කාටද කියල.

    ReplyDelete
  7. "සමාජවාදය ජීවන ක්‍රමයක් ලෙස" යැයි දක්වා ඔබ බ්ලොගයක් පවත්වාගෙන යනවිට, ඒ බ්ලොගය සම්බන්ධ ඔබගේ හැසිරීමවත් අඩුම ගණනේ අර ජීවන ක්‍රමය මත පදනම් විය යුතුයි කියලා මම හිතනවා.

    ඔබ සමහරවිට කොමෙන්ට් ඉවත් කරන්නේ සහ තියෙන්න අරින්නේ කිසිම ප්‍රතිපත්තියක් නැති ආකාරයකට. සමානාත්මතාවය මූලික කරගත් ජීවනක්‍රමයක් ගැන ලියන ඔබ එම බ්ලොගය සම්බන්ධයෙන්වත් සමානාත්මතාවය ප්‍රවර්ධනය නොකරනකොට, අනුගාමිකයෙක්, නායකයෙක් හෝ සහෝදරයෙක් ලෙස නොව අඩුම ගණනේ අවංක සමාජ ක්‍රියාධරයෙක් කියලාවත් සලකන්නේ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඔයා ඇයි ඔය වගේ දුෂ්ට ප්‍රශ්න අහන්නේ? තව ටිකකින් බලන්නකෝ ඔයාට වෙන දේ.

      Delete
  8. දිගටම ලියන්න පැරා,අපි කියවන්නම්.

    ReplyDelete
  9. කඩඉමට සුභපැතුම් පැරකුම් මහත්මයා! දැනට තියන හොඳම දේශපාලන බ්ලොග් අඩවිය තමයි මේක.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අඩවියක් කියන්නෙ ලිපි පලවෙන පත්තරයක් නෙමෙයි. හොඳ බ්ලොග් එහෙක හොඳ කමෙන්ට්ස් සංවාදත් තියෙන්න් ඕන. එහෙම බැලුවම මේකද හොඳම?

      ( මටනං එහෙම එකක් නෑ )

      Delete
    2. "බ්ලොග් අඩවියක් කියන්නෙ ලිපි පලවෙන පත්තරයක් නෙමෙයි"! එක තමයි නේද? තව කවුද ඔහොම කිවුව වගේ මතකයි :D !

      Delete
    3. Ehema artha dakweemak nam mama ahala na. Namuth parakumge liwilla kittuwata ena liyannek danata na.(ramachandra & charmi maseta 1i. taboo, bf na).

      Delete
    4. බ්ලොග් එකක සංවාදයක් ඇතිවෙන්න අයිතිකාරයාගේ සම්මාදමක් අවශ්‍යමයි. දවස ගානේ ලිපි පලවෙන බ්ලොග් එකක් එවැනි සංවාද ඇතිවෙන්න තියෙන ඉඩ ඉතා අඩුයි.

      අනික බ්ලොග්කාරයාට ඒ සඳහා අවශ්‍ය වෙලාව?

      Delete
    5. උපශාන්ත අංකල් සොරි සොරි ...... උපශාන්ත අයියා ...වැඩේ මාට්ටු වෙලාද මන්ද ?

      Delete
  10. සුභ පැතුම් පැරා !

    ReplyDelete
  11. ධනවාදී රටක ඉදන් බ්ලොග් එක ලියපු කකාගෙ තරම්වත් සමාජවාදයක් මේ බ්ලොග් එකේ නෑ...

    ReplyDelete
  12. "අපි කාටත් යහපතක් වෙන්න නම්, අපි එකතු වෙලා යහපත් සමාජයක් ගොඩනගා ගන්න ඕනැ"
    මෙතනින් එහාට යමක් වැදගත් වනවනම් වැදගත් වෙන්නේ ඒ සඳහා ගන්නා මාර්ගය පමණයි නේද?
    යහපත් සමාජයක් යහපත් ලෙසින්ම ගොඩනගමු / උත්සාහ ගමු!
    එතැනදී අපි හමුවෙමු!
    ජය!

    ReplyDelete
    Replies
    1. යහපත් සමාජයක් යහපත් ලෙසින්ම ගොඩනගමු / උත්සාහ ගමු!
      මහින්ද චින්තනය පරදවමු!

      Delete
  13. සුභ පැතුම් පැරකුම්....

    ජ ය වේ වා !!!

    ReplyDelete
  14. පැරකුම් බොස්…

    සුභ පතනවා ඔබට… !!!!!

    ReplyDelete
  15. සමාජවාදය මම අගයනවා. කාන්තාවට සැබෑ විමුක්තිය තියෙන්නේ සමාජවාදය තුලයි.

    ReplyDelete
    Replies
    1. නමුත් නිදහසක් සහ වටිනාකමක් ලැබෙන්නේ ධනවාදය තුලයි. යකඩ ගැහැණිය තැචර් උග්‍ර දක්ෂිනාංශික ධනවාදිනියක්.

      Delete
    2. ඇඟේ වෛරය 2014August 21, 2014 at 10:37 PM

      කාන්තා විමුක්තියේ දෝංකාරය, වාරියපොල කුමාරිහාමිගෙ වාමාංශික මුෂ්ටි පහරවල් ගැන අ.පැ.ජයසිංහයන්ට ගානක්වත් නැ අයියෝ...!

      Delete
    3. මුලින්ම අභ්‍යවකාශයට ගිය වැලන්ටිනා තෙරස්කෝවා දන්නවද? එතකොට මුලින්ම අභ්‍යවකාශයට ගිය ලයිකා දන්නවද? මේ දෙන්නම කාන්තාවො හැහ්!

      Delete
    4. අවසර ! දන්නැති නිසා අහන්නෙ.
      රාවනා නේද මුලින්ම අභ්‍යවකාශයට ගියේ ? හනුමත් එක්ක.
      මේ දෙන්නම පිරිමි හැහ් !

      Delete
    5. ඒක තමයි. පැරාත් කකාත් වාරියපොළ කනේ පාරවල් ගැන ඔවුන්ගේ විශේෂඥ අදහස් ඉදිරිපත් කලේ නැත්තෙ මොකද

      Delete
  16. all the best wishes..! You got to do what You got to do! as Robbins Williams said in Ms Doubtfire.

    ReplyDelete
  17. මේ පොස්ට් එකේ තියෙන්නෙ සතුටද කණගාටුවද? මට මේක දැනෙන්නෙ අර බෝට්ටුවෙ හරි ඉතාලි පැනල සල්ලි කාරයෙක් වෙච්චි අට පස් නැති එකා ගැන උගේ පන්තියෙම ඉඳල කැම්පස් ගිහින් ක්ලාක් වෙච්චි එකා හිතන විදිය වගේ හැඟීමක්.

    කොහොම උනත් පැරා ගොඩනගන්න බලාපොරොත්තුවෙන ජීවන දර්ශණය සහ භාවිතාවෙ පෙන්වන ජීවිතය අතර පරස්පරය අවම කරගැනීම තමන්ගෙ තම්මැට්ටමක්.

    අනෙක මේ බ්ලොග් එකේ කමෙන්ට් වලට කිසිම පාලනයක් නැතුව හැසිරෙන්න දුන්නොත් ඉස්සරහට මේකත් නිකං අර පාර අයිනෙ ඉඳගෙන් මාක්ස්වදය දේශනා කරන පිස්සෙක්ට හූ කිය කිය අහගෙන් ඉන්න කොළු රැලකගෙ දර්ශණයක් වගේ වෙන එක විතරයි. වැදගත් කරුණුත් කියනව, අසන්නොත් ඉන්නව, ප්‍රතිචාරත් තියෙනව, ඒත් ඉතින්??

    ReplyDelete
    Replies
    1. එතකොට නිදහසේ ඇනෝලට කමෙන්ට් කරන්න දිය යුතු අභීතට බැනලා දාන පෝස්ට් වලට විතරද?

      Delete
  18. අද ඔක්කොම ප්‍රොෆයිල් එකෙන් බැහැලා.

    හිට් වැඩිවේවා!

    ReplyDelete
  19. Obata Subapethm prajay,Lipiwalin Samaharakata kohethma ekanga nethath mama hemadama obe Blogekabalanawa,Ano,enneth singlish kotanneth thawama thakshanadenuma madakamai,Namuth sanwadayakata ethikemeththa nisama Anoharienawa,Eya Ban kaloth apiwage ayata wedikawa nethuwayanawa,Sthuthi,

    ReplyDelete
  20. ජය!!

    BTW,

    //වැඩේ කියන්නේ කවුරුවත් මාව සහෝදරයෙක් ලෙස පිළිගන්නෙත් නැහැ.//

    ?!?

    -Dimithri

    ReplyDelete
  21. ලා හිරු දහසක් ..August 21, 2014 at 5:02 PM

    ජවිපෙ box office කඩා ගෙන පැරා දැන් පොදු පෙරමුනේ !

    ReplyDelete
  22. මම හිතෙනවා නිදහස් මතධාරියකුට තියෙන නියම තැන බ්ලොග් කියලා.

    පැරා.... එදත් මම කිව්වා.. අදත් කියනවා..

    මේක නවත්තන්න නම් එපා..

    ReplyDelete
    Replies
    1. අනේ බොරු නොකිය ඉදහන්, උඹයි උබේ ගොබ්බ බබාල කීප දෙනෙකුයි තමයි ගොන් කමෙන්ට්ස් දාන්නෙ ඇනෝ ඇවිත්, ඒක මම නම් හරියටම දන්නව. නම් ගම් ඇතුව කියන්නම් ඕනෙ නම්, මෙතන ඇවිත් පච ගහනව " පැරා.... එදත් මම කිව්වා.. අදත් කියනවා..

      මේක නවත්තන්න නම් එපා.."

      Delete
    2. නම් ගම් සාක්ෂි සහිතව කියන්න පුළුවන් නම් හොඳයිනේ. එතකොට අනවශ්‍ය දේ මින් ඉදිරියට වෙන එක නවතිනවනේ. ඔබ එහෙම නොකරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

      Delete
  23. සුභපැතුම් පැරා !

    ReplyDelete
  24. කවුරුවත් මාව සහෝදරයෙක් ලෙස පිළිගන්නෙත් නැහැ.

    ReplyDelete
  25. බොහෝවෙලාවට මේ බ්ලොගයෙ ලිපියක් කියවල ඉවර වෙනකොට හුඟක් වෙලාවට මානසික පිරිහීමක් ඇතිවෙනවා. පැරාට හිතෙන්නෙ නැද්ද සමාජයේ අගය කලහැකි, ප්‍රීතිමත් දේවල් ගැනත් ඉඳල හිටල ලියන්න.

    -Ra

    ReplyDelete
    Replies
    1. ම. කුමාරAugust 21, 2014 at 9:53 PM

      http://www.dinamina.lk/epaper/
      වෙත ගොස් ප්‍රීතිමත් දේවල් ගැනත් ඉඳල හිටල කියවන්න.

      Delete
  26. Thisara ha,Indika upashantha ge Adahas walata math ekangai.(Paththagoda-Dhargatown)

    ReplyDelete
  27. මේ වගේ "දේශපාලන" බ්ලොග් එකක් පවතාවාගෙන යාමට එහි අයිතිකරාැවාට අමතරව වෙනත් අයෙකුට ලොකු උනන්දුවක් සහ කැපවීමක් ඇති වීමට නම් ඒ පුද්ගලයා එක්කෝ අනුගාමිකයෙක් විය යුුතුයි, නැතිනම් සමාන චින්තයක් තියෙන අයෙකි විය යුතුයි.

    පැරාම කියා ඇති පරිදි ලීඩ් කරන්නෙක් හෝ ෆලෝ කරන්නෙක් හෝ සම සිතැත්තෙක් හෝ නැහැනේ!

    අනිත් කරුණ නම් සංවාදයක් ඇති වෙන්න නම් එයට බ්ලොග් රචකයා ගේ ලොකු සම්මාදමක් තියෙන්න ඕනෑ. හැමදාම අළුතින් පෝස්ට් ලියා පලකරන අතරතඔරේ දී එහෙම සංවාද, සාකච්ඡා තත්වයකට මග පාදන්නට පැරාට වෙලාව නැති බවයි පසුගිය කාලය පුරාම අපි දැක්කේ.

    ඒ සමගම, මං හිතන්නේ නෑ කිසිදු එක් බ්ලොගයක් අත්‍යාවශ්‍යකයි (indispensable) කියලා. මොන බ්ලොග් එක නැති වුනත් ලෝකය කැරකෙනවා ඇති!

    පැරා ගේ ලියවිල්ලේ යටි පෙලෙන් කියවෙන්නේ අර මං කාලෙකට ඉස්සෙල්ලා කියපු "අපි කාටත් විකුණුම් මිලක් තියෙනවා, ඒ ගානට ඩීල් එකක් ආවොත් අපි කවුරු කවුරුත් විකිණෙනවා" කියන අදහසම ද මන්දා?

    මගේ ගාන නම් එදා වගේම ඩොලර් මිලියන් 2.25 යි.

    ReplyDelete
    Replies
    1. ධනවාදියා කෙලිම්ම කියලම විකිනෙනවා. සමාජවාදියා ඔලුව වටේ ගිහිල්ල නහය අල්ලනවා වගේ වහෙන් ඔරෝවෙං විකිනෙන්න හදනවා. ඒ ක්‍රමය economically inefficient නිසා හදන හදන සමාජවාදී රාජ්‍යය කඩං වැටෙනවා.

      ධනවාදියා තමං ගෙවල අධ්‍යාපනය ගන්නවා. සමාජවාදියා සැමට "නිදහස්" අධ්‍යාපනය නිකං දෙන්න හදනවා. කිසි දෙයක් ෆ්‍රී නැහැ නේ. ඒවාට වක්‍රාකාරව හැම දෙනාම බදු මගින් ගෙවනවා. හැබැයි නමට ෆ්‍රී. තමනුත් රැවටිලා අනිත් මෝඩයනුත් රවටලා රටත් කාබාසිනියා කරලා දානවා.

      මෙතන තැනක කියල තිබ්බ එබෝල වලට වැක්සින් හදන්න බැරි වෙලා තියෙන්නේ එකට ප්‍රාග්ධනය (capital ) යොදවන්න ධනවාදී රටවල් නැති නිසාය කියල. හිකිස්! කැපිටලිසම් හොඳ නැහැ..... හැබැයි උන්ගේ කැපිටල් නං හොඳයි.

      මේකත් හරියට ඉස්සර යුරෝපයේ හිටපු යුදෙව්වන්ට වෙච්චි සංගදිය වගේ එකක් තමයි. අනිත් උං හන්ටර් වෙලා ණය ගන්න එනකොට නං යුදෙව්වා දෙයියා වගේ. හැබැයි ණය ගෙවන්න වෙලාව අවහම යුදෙව්ව කියන්නේ පොලී ගන්න අහිංසකයන්ගේ ලේ උරාබොන යක්ෂයෙක්.

      මෙතැන ප්‍රශ්නය අර වාදය මේ වාදය නෙවෙයි. කවුද වඩා කුහක කියන එක.

      Delete
    2. උද්ධමනය ගලපන්න කකා. තව පොඩ්ඩක් වැඩිකරලා ඉල්ලන්න.

      Delete
    3. උඹ තමයි වඩාත්ම කුහක මට පේන විදියට නම්.

      Delete
    4. //ධනවාදියා කෙලිම්ම කියලම විකිනෙනවා. සමාජවාදියා ඔලුව වටේ ගිහිල්ල නහය අල්ලනවා වගේ වහෙන් ඔරෝවෙං විකිනෙන්න හදනවා. ඒ ක්‍රමය economically inefficient නිසා හදන හදන සමාජවාදී රාජ්‍යය කඩං වැටෙනවා.//

      මොංගල් සොනෝ, උඹ කිසිම දෙයක් ගැන මෙලෝ දැනීමක් හරි දැක්මක් හරි නැති දේශපාලන ගොන් බික්ජෙක් බව අපි කිප විටක් පෙන්නලා දීල තියෙනවාමහසොහොන් පිල්ලියAugust 15, 2014 at 9:21 AM. උඹ ස්වයං වින්දනේ යෙදන කොට මවාගන්නා සමාජවාදී රාජ්‍යයේ බිස්නස් කියල දෙයක් නෑ කියල උඹ විලම්බීත හීනයක ඉන්නවා. යකෝ මෙතන කෙබෙර දෙසා බාන්න කලින් සමාජවාදය කියන්නේ මොකද්ද කියල හරියට කියවල වරෙන්. උඹට තර්කානුකුලව වාක්‍ය දෙකක් ලියාගන්න බැරි මොන විදිහේ අවලමෙක්ද? බලපන් උඹ සමාජ වාදී රාජ්‍ය වල කඩා වැටීමට දිඉල තියෙන හේතු දැක්කම පුකෙනුත් හිනා යනවා.

      //ධනවාදියා තමං ගෙවල අධ්‍යාපනය ගන්නවා. සමාජවාදියා සැමට "නිදහස්" අධ්‍යාපනය නිකං දෙන්න හදනවා. කිසි දෙයක් ෆ්‍රී නැහැ නේ. ඒවාට වක්‍රාකාරව හැම දෙනාම බදු මගින් ගෙවනවා. හැබැයි නමට ෆ්‍රී. තමනුත් රැවටිලා අනිත් මෝඩයනුත් රවටලා රටත් කාබාසිනියා කරලා දානවා.//

      උඹම ප්‍රශ්න අහනවා, උඹම උත්තර දෙනවා උත්තර දිල ප්‍රශ්න අහල උත්තර වලටවත් ප්‍රශ්න වලටවත් මොනම සම්බන්දයක්වත් නැති එන්න පුළුවන් කාලකන්නිම නිගමනටේ එනවා නිකන් නිදහස් අද්‍යාපනය නිසා රට කාබාසිනියා උනාවගේ. අනේ මෝඩ උරුලෑවෝ ලංකාවේ දැනට ඉන්න සහ විදේශ ගතවිච්ච ශ්‍රාස්තාල උගතුන්ගෙන් 99% නිදහස් නිදහස් අද්‍යාපනය නිසා ඒ තත්වෙට පත්වෙච්ච ය. අර උඹ "ෂෝක් අරුණි ගූඩ් වන්" කියල පුක ඉබල එන අරුණිත්, කතන්දරයත් ඒ වගේ නිදහස් අද්‍යාපනය නැත්නම් උන්දැල මැරිච්ච තැන්වල ගසුත් පැලවෙලා.

      //කැපිටලිසම් හොඳ නැහැ..... හැබැයි උන්ගේ කැපිටල් නං හොඳයි. //

      මේකෙන් පෙන්නේ ප්‍රාග්ධනයගොඩ නැගෙන විදිය ගැන උඹට අන්දෝ සංසාරෙක වැටහීමක් නැතිබව, නැතිනම් පුවක් පල් වෙන කල ගෙඩියක් වගේ තියෙන තොගේ මොළ ගෙඩියට බාගදා මේවා තේරෙන්නේ නැතුව ඇති. මෙතෙන්ට ගිහින් බලා ගනින් කොහොමද ප්‍රාග්ධනය ගොඩනැගෙන්නේ කියල මාක්ස් ලාභය ගැන - අතිරික්ත වටිනාකම .යකෝ කොම්පැනි වල තියෙන්නේ නිර්ධනයින්ගෙන් කොල්ල කාපු සල්ලි ඒවා අයිති නිර්ධනයිට ඒකයි අපි බුවල්ලන්ට කියන්නේ තොපිට ලාබ නැති උනත් මැරෙන මිනිස්සුන්ට බෙහෙත් හොයන්න ආයෝජනය කරපිය කියල. එක යකෝ අපේ අයිතිවාසිකමක්.

      ධනවාදයට ගොඩ දාන්න කොමෙන්ට් කොටන , බ්ලොග් ලියන හැත්ත බුරුත්තට යුදෙව්වන්ගේ ඉතිහාසගත ජඩකම් සුද්ද කරන්න හෙළුවෙන් නටන හැටි දැක්කම අන්තිම ගුජුප්සාවයි, හැබැයි පයි කොටයි වැහැරිච්ච තන් එහෙම උඩ පහල යන එකේ ෆන් එකක් නැත්තේම නෑ . ණය ගන්න එන කොටත් ඌ අහිංසකයන්ගේ ලේ උරාබොන යක්ෂයෙක් ණය ගත්තට පස්සෙත් අහිංසකයන්ගේ ලේ උරාබොන යක්ෂයෙක්. උඹේ චරිතේ අනුව උඹ ෂයිලෝක්ට අදින්න යන එකනම් ගැලපෙනවා නමුත් ගැටලුව උඹට ෂයිලෝක් තරම්වත් මොලයක් නැති එකයි.

      Delete
    5. 1. පුකෙත් හිනා යෑම ලෙඩකි. කට අසල තිබිය යුතු මොලය පුක අසලට යාම මෙයට හේතුවයි. ඉක්මන් කර බෙහෙත් ගන්න.

      2. තකතීරුවෙක් වගේ උඩුබුරන්නේ නැතිව පිරිසිදු සමාජවාදී රටකට උදාහරණයක් දෙන්න.

      3. මාක්ස් සමාජවාදී විදියට ලාභ හොයන හැටි ඔබ වගේ උරුලෑවන්ට හොඳින් පැහැදිලි කර දී ඇති නිසා එම කැපිටල් භාවිතා කර එබෝලා වලට බෙහෙතක් සොයා ගන්න.

      4. යුදෙව්වන්ගේ "ඉතිහාසගත" ජඩකම් මොනවාද ? ඔබ සමාජවාදී ලෝගුව දාගත් ජඩ නට්සියෙක් බව පෙනේ. කනගාටුයි. ඔබගේ හෙළුව පෙනුනා. :)

      Delete
    6. 1. මොංගල් සොනෝ, උඹේ මොලේ තියෙන්නේ කටේද, අපේ නම් තියෙන්නේ කපාලය ඇතුලේ. මම හිතුවේ උඹේ කියන විලම්භීත කථා හැටියට උඹේ මොලේ තියෙන්නේ පුකේ කියලා. ''පුකෙන් හිනා යනවා'' කියන්නේ උරුලෑවෝ දත් සෙට් එකක් පුකේ හයි කරන් හිනා හිනා වෙනවා නෙමෙයි. නොදකින් මේ වගේ ගොන් තඩියෙක්. එක නෙමෙයි පුකෙන් හිනා යන එක ලෙඩක් කියල දැන ගත්තේ අත්දැකීමෙන්ද?

      2. පිරිසිදු සමාජවාදී රටකටක් කියන්නේ මොකක්ද ? කන්‍යාපැටලේ කැඩීච්ච නැති කෙල්ලෙක් වගේ එකක්ද ? ඇයි උඹ දන්නේ නැද්ද දැන් තියෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමයක් කියල ?

      3.//මාක්ස් සමාජවාදී විදියට ලාභ හොයන හැටි .....// තූ .... පකිස් බූරුවා උඹට ලිපියක් කියවල තේරුම් ගන්න බැරි තරම් මොන්ගල්ද ? යකෝ එකේ තියෙන්නේ ධන්වාදියෝ ලාබ හොයන විදිය, එහෙම නැතුව සමාජවාදී විදියට ලාභ හොයන හැටි නෙමෙයි. අපි කියන්නේ නිර්ධනයින්ගෙන් කොල්ලකාපු ධනය, උන්ට දියවූ කියන එක.

      4.යුදෙව්වන්ගේ ජඩකම් කථා කරන්නේ නට්සියොද? කවුරුහරි උඹට ඕක කියල දුන්නද නැත්තම් උඹට කක්ක බර හැදිච්ච වෙලාවක මඩ පුවක් කල ගෙඩියක් වගේ තියෙන මොළ ගෙඩියට ඉබේ පහල උනාද ? උඹට යුදෙව්වන්ගේ "ඉතිහාසගත" ජඩකම් ගසා තීරයට ගියානම් උඹට හිතේ හැටියට බලා ගත්තහැකි. මගේ හෙළුව දැකල උඹට පහ උනාද නැත්නම් තාම වැලක් අදින ගමන්ද ?

      Delete
    7. //පිරිසිදු සමාජවාදී රටකට උදාහරණයක් දෙන්න.//

      මේක හරියට living together හිටපු කෙල්ලව කොල්ල dump කරාටපස්සේ කෙල්ලගේ ගෙදර උන් කෙල්ලගෙන් "තාමත් පෙට්ටිය සීල් ද දුවේ?'' කියල අහනවා වගේ ප්‍රශ්නයක් :D

      Delete
  28. එහෙනම් මං ගහනවා පත්තරයක්. ලියනවා නවකතාවක්. කරනවා නාට්ටියක්. ගහනවා චිත්‍රපටියක්. අඳිනවා චිත්‍රත්...!

    ReplyDelete
    Replies
    1. ඇයි නින්දයන් නැද්ද ?
      බොන්න කොත්තමල්ලී :D

      Delete
  29. congratulation Para !
    do you want some cake?

    ReplyDelete
  30. Marks Das kapital(The capital) liyai Engels ge sallinethnam,Bambuwa Thamai.

    ReplyDelete
  31. අන්තර්ජාලයට ලොග් වුන ගමන්ම බලන්න තරම් ඔබගේ අදහස් මට දැන් වැදගත් වෙලා. ඔබට සුබ පැතුම්................

    ඉන්දික

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා