වාරියපොල පෝරියල් එක

වාරියපොල සුමංගල හිමිගේ ගම මා සිතන පරිදි මාතලේ වාරියපොලයි
මේ දවස්වල අන්තර්ජාලයේ කට්ටියගේ බයිට් එක වාරියපොළ චන්ඩි කෙල්ල හා ඇගෙන් ගුටි කෑ කොල්ලා ය. 

ඔය වගේ සිද්ධි ඉඳහිට සමාජයේ සිදු වේ. එහෙත් ඒ හැම එකක් ම දුරකථන කැමරාවෙන් වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරින්නේ නැත. 

දැන් මෙහි තිබෙන වැදගත් ම කරුණ කෙල්ලගේ ප්‍රහාරය ද? කොල්ලාගේ බකන්නිලාගෙන සිටීම ද?

මේ දෙකම නොවේ. සිද්ධිය බලා සිටින අයගේ ප්‍රතිචාරයයි. සමාජය දැන් සිදුවීම්වල නිරීක්ෂකයෝ පමණක් ද? කෝ ඉස්සර වගේ වලි බේරන අය? 

ඒ විතරක් නෙමෙයි, ජංගම දුරකථනය නිසා දැන් හැමෝම වාර්තාකරුවෝ වෙලා.  

අන්තර්ජාලයේ මේ සිද්ධිය ගැන ලියැවුණ දේවල් පොඩ්ඩක් ආපසු නිරීක්ෂණය කර බලන්න. සමහරු කියපු විධියට කෙල්ල කොල්ලාට ගැහුවේ දයාසිරිගේ හයියෙන්.

මෙතැනදී ඇත්තෙන්ම වැදගත් සිද්ධිය ද? මම හිතන්නේ වැදගත් වී තිබෙන්නේ සිද්ධියේ වාර්තාකරණයයි. වාර්තාකරණයෙන් පසුවත්, සමාජය හැසිරෙන්නේ අර රූප රාමුවල ඉන්න සෙසු අය වගේ ම තමයි. සමහරු කෙල්ලගේ පැත්තේ. සමහරු කොල්ලගේ පැත්තේ. තව සමහරුන්ට ගත යුතු පැත්ත තීරණය කරගන්න බැහැ.  

දැන් මේ වීඩියෝ එක වයිරල් වුණ නිසා හැමෝටම අවශ්‍යයි එහි කිසියම් තැනක ස්ථානගත වෙන්න. පොලිසියටත් එහෙම වෙලා. බොදු බල සේනාව පොලිසිය ඉදිරිපිටදී ම තරුණයකුට පහර දෙන දර්ශන පසුගිය දිනවල අන්තර්ජාලයේ ප්‍රචාරය වුණා. කෝ පොලිසිය ගත්ත ක්‍රියාමාර්ග? 

ඒ වගේ සිද්ධි ගොඩක් නො තකා හැර තිබෙන පොලිසිය හා සමාජය ඇයි මේ සිද්ධිය ගැන මේ තරම් උනන්දු? 

සමහර විට මේ තරුණයා මේ පහර කෑමෙන් කිසියම් ලිංගික සතුටක් ලබන්න ඇති. බලන ඇතැම් අයත් එවැනි සතුටක් ලබනවා ඇති. පොලිසියේ මහත්තුරු වුණත් එහෙම වෙන්න ඇති. 

දැන් මේ වාරියපොළ සිද්ධිය වටා ලොකු සිද්ධියක් ගොඩනැගෙමින් තිබෙනවා. දැන් ඔය නැව්වලින් ලෑලි කෑලි, කඹ වගේ දේවල් මුහුදට වැටෙනවනේ. එතකොට ඒවා වටේ පොඩි මාළු රැස්වෙලා එහි පදිංචි වෙනවා. ටික දවසක් යනකොට මේ පොඩි මාළු කන්න ටිකක් ලොකු මාළු එකතු වෙනවා. ඔහොම ගිහින් කලක් යනකොට මෙතන මහා මාළු ගහණයක් බිහි වෙනවා. මේ සිද්ධියත් ඒ වගේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හොඳ වෙලාවට අද අර 1 , 2 කියල දාන ඇනොල සෙට එක නැත්තෙ. ගනන්ගන්න එපා පැරා අපේ එවුන්ට වැඩ නෑ. මහලොකුවට සදාචාරෙ ගැන කතා කරන එවුන් ගාව සදාචාරෙ ඇත්තෙම නෑ. අර කෙල්ලට කියල තියෙන කුනු හරුප දැක්කම තෙරෙනව මුන්ට තියෙන මොල් අමාරුව. මේ කෙල්ලයි කොල්ලයි දෙන්නම හිරේ දැම්මත් බොදු බල සේනාවෙ එවුන් අල්ලන්නෙ නෑ අපේ පොලීසිය.

    ReplyDelete
  2. පැරා ලිංක් එකක් දාන්නකෝ. අපි ඔය ඕප බලන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. :P

    ආ ඔන්නේ නෑ .. ගිහිල්ල හොයාගෙන බැලුව.


    අම්බානකට ගහනවා කිව්වට පොඩ්ඩක් ස්ලැප් කරනවා විතරයි නේ. කොහොම උනත් කොල්ල රස්සෙක් වගේ හිටියට වැදගත් මහත්මයෙක් වගේ එතන කටයුතු කරලා තියෙන බව තමයි මට නං පෙන්නේ. වැදගත් කිසිම සමාජයක මිනිහෙක් ගැනියෙක්ට අත උස්සනේ නැහැ මේ වගේ දේකට. එලම එල පට්ට කොල්ලෙක්.

    වැදගත්ම කරුණ එක නෙමේ ... සමාජවාදී පාලනයක් යටතේ කෙල්ලෙක් කොල්ලෙක් ට ගැහුවම ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියල අළුක්කාල් මාක්ස් හරි එංගල්ස් හරි පැහැදිලි කරල තියෙනවද ? අපිට තට්ටන් අනෝට වගේ ඔව්ව ගැන විශාරද දැනුමක් නෑ නේ. :)

    ReplyDelete
    Replies
    1. Thattama has re branded as mada puwak ano

      Delete
    2. @AnonymousAugust 23, 2014 at 5:53 AM
      හි හි උඹ ඒ නර්මාලාප කොමෙන්ට් එක දැක්කද ?
      හොඳා හොඳා "මඩ පුවකය" කියන නමත් නරකම නැහැ.
      නම මොකක් උනත් ගඳ එකමයි නේ :)

      Delete
    3. මට අවුල්.!

      -මඩපුවක්

      Delete
    4. මට මාරම අවූල් !
      -මොංගල් සෝනා

      Delete
    5. මටත් අවුල්
      -උපශාන්ත

      Delete
    6. මට කොහොමටත් අවුල්
      -මාතලන්

      Delete
    7. කමෝන්! තව ඕන. තව ඕන.!!

      Delete
    8. මට අවුල් කාලයක් තිබුනා දැන් හොදයි වගේ
      -කතන්දර

      Delete
    9. මතාට අවුල් නිසා මටත් අවුල්
      -කෙන්ජි@බෙලෙක්කඩේ හන්දිය

      Delete
    10. ඇයි යකො මම, උඹලට අවුල් නිසා මටත් අවුලනේ
      -පත්තරේ

      Delete
    11. අපිත් බෙලෙක්කඩේ හංදියේ තමයි ඕයි
      The place to be. :D

      Delete
    12. ඉතින් අපිට පුකද ?

      Delete
  3. MAAMA THUNA - UMBALA NIDIDA KOTI ANO & CO

    ReplyDelete
    Replies
    1. What else to do in the middle of the night.

      Delete
  4. ඕන් පැරා මාත් ලිව්වා..

    මෙතන පොඩි ඇඩ් එකක් දානවා... අවුල් නෑ නේ..

    කෙල්ලයි කොල්ලයි නිසා අපිටත් පෝස්ට් එකක්, හිට්ස්, කොමෙන්ට්ස්..

    http://maathalan.blogspot.com/2014/08/23-variyapola-selva-13.html

    ReplyDelete
  5. මටත් හිතුනේම කොල්ලා කෙල්ලගේ කම්මුල් පාරෙන් කික් එකක් ගත්තා කියලයි. අඩු වශයෙන් පැත්තකට පැන්නේ හෝ අතින් කම්මුල්පාර වලකා ගත්තේවත් නෑ.

    ReplyDelete
    Replies
    1. කකා ඔයතරම් කුහක ඇයි ඔබ

      Delete
  6. කොල්ලා සුලු ජාතික මානසිකත්වයක් මත මහ ජාතිය නියොජනය කරන කෙල්ලට යටත්ව සිටියාද?

    ReplyDelete
    Replies
    1. හරියට ම හරි.... කතන්දර මහත්තයා කියන එක තම යි මෙතන සිද්ධ වුණේ. මාතලේ ප්‍රදේශයේ දෙමළ ජාතික වතු හිමියෙකු තමුන්ගේ වත්තෙන් ගම්මිරිස් හොරකම් කරන සිංහල පාසල් ළමුන් (හොරකම කඩචෝරු කෑමට) හමුවේ නිහඬව සිටිනවා මා දැක තියෙන්වා.

      Delete
    2. ඔය කියන පණ්ඩිත උත්තවල් නෙවෙයි කකා. වටේ ඉන්න උන කාරයෝ (කෙල්ලට ඇඩ් එක වෙන්න) ගහයි කියල බයට ඔහොම ඉන්නේ.

      Delete
    3. @ Anonymous August 23, 2014 at 8:10,
      දෙමළුන්ට දෙමළ වීම නිසාම තිබෙන ප්‍රශ්නවලට එක් නිදර්ශනයක් මේක.

      Delete
    4. ජීවන සමඟ එකඟයි

      Delete
    5. කතන්දර කාරයා සහ ඇනෝල දෙන්නා (2014 August 23, 8:10 AM & 11:32 AM) සමඟ එකඟ යි.
      ජීවන සහ යට ඇනෝ (1:41 PM) එක්ක එකඟ නෑ.

      Delete
  7. 1. නැවත්තත් හරවත් සංවාද ඇති වීම සඳහා කමෙන්ට් අනුමත කිරීම නවතා ඇත.

    2. අපේ තට්ටමා මඩපුවක් ලෙස නම වෙනස් කල බැවින් සංසදයේ නම ම.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස ලෙස වෙනස් කරනු ලබනවා.

    3. විසුරුවාහැර තිබුණු සංසදය නැවත එකතු කරගෙන ඉක්මනින් වැඩ අරඹනු ඇත.

    - ම.ඇ.ප්‍ර.පැ.පු.ඇ.ස

    ReplyDelete
    Replies
    1. හා මචං, උඹ දිගටම මලා කොමෙන්ට් එක දාපන්

      Delete
    2. //අපිට නම් ඔය වැල්වටාරම් තේරෙන්නේ නෑ. බොටම් ලයින් එක මෙච්චරයි. මේක පත්තරයක් වගේ වෙන්න ඕන. ප්‍රශ්න අහල අන්නන්න ඔට්ටු නෑ.//

      ඇයි ඔයාට පත්තරේ වගේ වෙන්න ඕන නැත්තේ බොලොග් පොස්ට් එක විතරද? කොමෙන්ට් ප්‍රශ්න කරන්න තහනම්ද ? ගොන් කථා කියන ප්‍රොෆයිල් ඩයල් ප්‍රශ්න කරාම ඔයාට අවුල් වෙන්නේ ඇයි. ඔයාටත් එහෙම මොකක් හරි උනාද ?

      හි.. හි...

      Delete
    3. මහසොහොන් පිල්ලියAugust 21, 2014 at 10:50 AM
      //ඒ අය තමන් නිරුවත් කර ගන්නා හැටි වුණත් බලන එක රසවත්. //
      ඒක තමයි දෙයියනේ මාත් මේ කියන්නේ....


      මහසොහොන් පිල්ලියAugust 22, 2014 at 4:03 AM
      Yep, Its called : Ano striptease ...

      Delete
    4. This comment has been removed by a blog administrator.

      Delete
    5. මේකා ඇනෝවෙක් නෙමෙයිබන් මෙතන චාටර් වෙච්ච ප්‍රොෆයිල් භූතයෙක්

      Delete
    6. මෙතන මොකක් වෙන්නද වැඩිපුර සම්භාව්‍යතාවයක් තියෙන්නේ 1. කෙලවෙච්ච ප්‍රොෆයිල් කාරයෙක් ඇනෝ එන එක ? 2. අනොවෙක් ප්‍රොෆයිල් කාරයින්ට පුක දෙන එක ?

      Delete
    7. මාතලන් කාරයා මේකේ කොච්චර ඇනෝ දානවද කියනවනම් කකාට කියන්නෙත් පැරා කියලා

      Maathalan - Priyantha HewageAugust 22, 2014 at 5:44 PM

      Delete
  8. වාරියපොල සුමංගල හිමියන් විසින් කරන ලදැයි කියන "වීර ක්‍රියාව" කුමක් දැ යි කියා කවරෙකුට හෝ මා හට පැහැදිලි කර දිය හැකි ද?

    ReplyDelete
    Replies
    1. එය හුදු "වීර ක්‍රියාව" ක් නොව අධිරාජ්‍ය වාදයට හා ආක්‍රමණිකයාට එරෙහි සිංහලයාගේ හෘද සාක්ෂියයි
      වාරියපොල ශ්‍රී සුමංගල හිමි

      Delete
    2. ඒ සිද්ධිය ඇත්තටම වෙච්චි දෙයක් නෙවෙයි. පසුව කළ නිර්මාණයක්. වැඩිය සීරියස් ගන්න එපා. වාරියපොළ උන්නහේ ඥානසාර වගේ නෙවෙයි ටිකක් ඊට වඩා සීරියස් ඩයල් එකක්. එයා ඔහොම ඉල්ලං ටින්කිරි ගාගන්න ගියාය හිතන්න බැහැ.

      Delete
    3. @ Anonymous August 23, 2014 at 8:27 PM --
      ස්තුතියි. ඉහත ප්‍රශ්නය නැඟුව මාත් හිතන්නේ මෙය පසුව නිර්මාණය කළ කතාවක් කියලයි.

      Delete
    4. කවුරුහරි තමන්ගෙ කොඩිය බිම දාලා පාගන කල් අනිවාර්යයෙන්ම ඒ අවස්ථාවෙ වැඩි බලයක් තිබුණු සුද්දා බකං නිලාගෙන හිටියාය කියලා කවුරු හරි හිතනවා නම් ඒකා ගොන් නාම්බෙක් වෙන්න ඕනැ.

      Delete
    5. තමුන්ගේ ඉතිහාසයට කෝචෝක් කරන මන්ද බුධිකයින් ඉන්න එකම රට ලංකාව වෙන්න ඕන.

      Delete
    6. පෑගුවේ සුද්දගේ Union Jack එකනේ එකයි. නැත්තම් ඔය කතාව සම්පුරණ ඇත්ත.

      Delete
    7. @ Anonymous August 23, 2014 at 11:02 PM --
      ලෝකයේ සෑම රටකම පාහේ ඉතිහාස කතා බොහෝ විට අතිශෝක්තියෙන් යුක්තයි. හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ අසත්‍යයෙන් සත්‍යය වෙන් කර ගැනීම බුද්ධිමතාගේ සිරිත යි. එය තමුන්ගේ ඉතිහාසය ද නැතිනම් අනුන්ගේ ඉතිහාසය ද යන්න ඔහුට/ඇයට අදාළ නොවේ.

      Delete
    8. අනේ අප්පේ, මෙහෙම ගොන් හරක් ටිකකට නේද අපේ රටේ තාරුණ්‍ය කියල කියන්නෙ.දන්නා බම්බුවක් නැහැ.යමක් හරියට දැන ගන්න උවමනාවක් නැහැ
      .බදීයුද්දීන් මහමුද් කියන කාලකන්නි අධ්‍යාපන ඇමති විසින් ඉතිහාසය පාසැල් විෂය මාලාවෙන් ඉවත් කිරීම කලේ මේ රටේ ඉතිහාසය කියන්නේ සිංහලයන්ගේ ඉතිහාසය නිසා උනත් උනන්දුවක් තියෙනවානම් ඕනෑ දෙපා මිහරකෙකුට කියවන්න තවමත් ඉතිහාස පොත් මේ රටේ තවමත් ඉතිරිව තියෙනවා.ඒවා නොකියවා , හිස් මොලයක් තිබ්නත් කොම්පියුටරයක් ඉදිරියේ ඉඳ ගැනීමට පින ලැබීම නිසා කොම්පියුටරයේ ඉදිරියේ මත පල කරන දෙපා මි හරකුනේ පළමුව මතය පල කිරීමට පෙර ඒ ගැන කරපු අධ්‍යනය ඉදිරිපත් කරන එක හොඳයි.

      Delete
    9. සත්ගුනවත් සමරසේකර උපාසක උදෑසනින්ම සියළු සත්වයන් සෙහ විශේෂයෙන් මීහරකුන් කෙරෙහි පහළ වූ කරුණා සිත් පෙරදැරිව තම මෛත්‍රී භාවනාව අරඹා ඇති බව පෙනේ.

      සාදු කියන්න පින්වතුනි.

      සාදු, සාදු, සාදූ!

      Delete
    10. ප්‍රථමයෙන් ම කතන්දර මහතාගේ ඉල්ලීම පරිදි සාධුකාරයකින් ම මේ ප්‍රතිචාරය අරඹමි. ... සාධු, ... සාධු, සා....!

      සත්ගුණවත් සමරසේකර උපාසක මැතිඳුනි, වාරියපොල සුමංගල හිමිගේ කතාවේ සත්‍යාසත්‍යභාවය පිළිබඳ ඊයේ විමසීමක් කළ මා පාසල් ගියේ බදුර්දීන් ඇමතිවරයාගේ ධුර කාලයේ නොවේ. ඔහුගේ ඇමතිකම දැරූ කාලයේ පාසල් විෂය මාලාව උඩු යටිකුරු වූ බව සත්‍යයක් මුත් එයට වග කිව යුත්තේ ඔහු නොව එකල අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දැරූ කොමියුනිස්ට්වාදියෙකු වූ ප්‍රේමදාස උඩුගම යි. පසුව ඔහු ශ්‍රි.ල.නි.පයට බැඳී 1977 මැතිවරණයේදී සේරුවිල ආසනයට තරඟ කර පරාජයට පත් විය. පාසල් විෂය මාලාව පිළිබඳව ඔබේ විවේචන එල්ල විය යුත්තේ ඔහුට ය.

      1970 ගණන්වල ප්‍රේමදාස උඩුගමගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියා දාමය යටතේ පාසල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කළ ද එම විෂයය, "සමාජ අධ්‍යයනය" නමැති අලුත් විෂයයට ඇතුළත් කරන ලදි.

      ඉතිහාසය විෂයය පිළිබඳව මෙතරම් කෑ මොර දෙන්නේ වෙනත් කිසිම විෂයයක් හදාරා නැති, අතීත නෂ්ටාවශේෂ මත හිඳිමින්, වර්තමානය ගැන වත් අනාගතය ගැන වත් වගේ වගක් නැති අතීතකාමීන් පමණි. ඉන්දියාවේ බහුතරය අතීතයේ තිබුණේ යැයි කියන මහා භාරත, නැතිනම් රාමායන යුගවල ජීවත් නොවෙති. ඔවුහු වර්තමානයේ ජීවත් වෙමින් තම ජීවිත ගොඩ නඟන අය වෙති. සමරසේකර උපාසක තැන මෙන් අතීතයේ ජීවත් වන තවත් පිරිසක් වනුයේ ඇෆ්ඝනිස්ථානයේ තලිබාන් සහ ඉරාකයේ ISIS ගෝත්‍රිකයන් ය.

      ඉතිහාසය විෂයයට කළ හදිය ගැන නොවේ අප විසින් කතා කළ යුත්තේ. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ගණිතය සහ විද්‍යා විෂයයන් කප්පාදු කිරීම ගැන මෙරටේ ප්‍රගමනය ප්‍රාර්ථනා කරන සෑම දෙනෙකු විසින් ම විස්සෝප විය යුතු කාරණයකි. මන්ද, ඕනෑම රටක් අනාගතයට ගෙන යන්නේ විද්‍යාව මිස ඉතිහාසය නොවේ.

      මට නම් 1983 දී ම කොම්පියුටරයක් ඉදිරියේ ඉඳ ගැනීමට පමණක් නොවේ, අයිති කර ගැනීමට පවා පින ලැබුණා. සමරසේකර උපාසක තැනට ඒ පින මඳක් පසුව පහළ වීම ගැන මා කුමක් කරම් ද?

      මා කල්පනා කරන ආකාරයට සුමංගල හිමිගේ සිර දඬුවමින් (1818-1821) පසු එහිමියන්ගේ පවුලේ සාමාජිකයන්ට සිදු වූ සිත් තැවුල හෝ අපකීර්තිය හෝ යටපත් කිරීමට එහිමියන්ගේ ඤාතීන් විසින් ගෙතූ කතාවක් ය මේ ඉංග්‍රීසි ධජය පිළිබඳ ප්‍රවෘත්තිය.

      ඇත්ත වශයෙන් ම සුමංගල හිමියන්ගේ විරෝධය එල්ල විය යුතුව තිබුණේ ඉංග්‍රීසි ධජයට නොව, ඉංග්‍රීසීන්ට ප්‍රතිරෝධයකින් තොරව මහනුවරට ප්‍රවිශ්ට වීමට ඉඩ කඩ සළසා දුන් ඇහැළේපොළ නිලමේට, සහ සූදානම් කර තිබූ උඩරට ගිවිසුමට අත්සන් කිරීමට පැමිණි සිටි සිංහල රදළයන්ට ය. වසර 2400 ක් තිස්සේ අවිච්ඡින්නව පැවති සිංහල රාජ වංශය, සහ ලංකා දූපතේ යම් කොටසක හෝ තිබූ ස්වාධීනත්වය අවසන් කිරීමට ඔවුන් දායක වන මොහොත එය වූ බැවිනි. එහෙත් රදළ ලෙය සුමංගල හිමිගේ ලෙයට වඩා බලවත්ව තිබූ බැවින් එවැන්නක් සිදු නොවී ය.

      ප.ලි. --- මේ ධජයේ සිද්ධිය ඇත්තක් නම්, ඊට හේතුවක් තිබෙන්නට ද ඇත. ඒ නම් ඉංග්‍රීසීන්ට ධජයක් තිබූ නමුත් සිංහලයන්ගේ පැත්තෙන් ධජයක් සොයා ගැනීමට නොහැකිව තිබීම යි.

      Delete
    11. මේ කොචෝක් කරන්නේ ඉතිහාසයට නොව ඔය සමරසේකරයා වැනි ඊනියා දේශප්‍රේමීන් තමන්ගේ දේශපාලන අවශ්‍යතා උදෙසා 'ඉතිහාසය' කියා නිර්මාණය කර ගත් මිථ්‍යාවයටි. මේ කොඩිය පෑගූ කතාව සත්‍ය සිද්ධියක් නොව නිර්මාණය කළ එකක් බව මේ ඊනියා දේශප්‍රේමීහු තවම නොදනිති!

      Delete
    12. 1815 පෙබරවාරි මාසයේදී රාජසිංහ රජ්ජුරුවන්ගේ සිංහ කොඩිය බ්‍රිතාන්‍යයට ගෙන යන ලද්දේය පිළිගත් වාර්තා වේයි. (පසුව එය සොයා ගැණුනේ චෙල්සියා රෝහලකදීය.) ඉතින් ඉන් මසකට පසුව 1815 මාර්තු මාසයේ සුමංගල හිමියන් ඉස්සුවේ සමරසේකර අන්කල්ගේ මෑණියන්ගේ වස්ත්‍රයද?

      Delete
    13. සමරසේකර ගොනා
      වළං කදක් ගෙනා
      ඒක බිඳපි ඇනා
      ඒකට මට හිනා!

      Delete
    14. අනේ අප්පේ, මේ සමරසේකර අංකල් වගේ ගොන් හරක් ටිකකට නේද අපේ රටේ වැඩිහිටියන් කියල කියන්නෙ.දන්නා බම්බුවක් නැහැ.යමක් හරියට දැන ගන්න උවමනාවක් නැහැ

      Delete
    15. AnonymousAugust 24, 2014 at 10:25 AMවාරියපොල සුමංගල හිමිගේ කතාවේ සත්‍යාසත්‍යභාවය පිළිබඳ ඊයේ විමසීමක් කළ මා පාසල් ගියේ බදුර්දීන් ඇමතිවරයාගේ ධුර කාලයේ නොවේ. ඔහුගේ ඇමතිකම දැරූ කාලයේ පාසල් විෂය මාලාව උඩු යටිකුරු වූ බව සත්‍යයක් මුත් එයට වග කිව යුත්තේ ඔහු නොව එකල අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් පදවිය දැරූ කොමියුනිස්ට්වාදියෙකු වූ ප්‍රේමදාස උඩුගම යි. "

      මා ප්‍රතිපත්තියක් ලෙස Anonymous ලාට උත්තර දෙන්නෙ නැත්තෙ තම නමින් පෙනී සිටීමට ආත්ම ශක්තියක් නැති කාලකන්නිනින්ට උත්තර දීමට මගේ කාලය සහ විදුලිය වැය නොකරන නිසයි. ඔබ මෙයට උත්තර ලියනවා නම් මින් ඉදිරියට නමකින් ලිවීමට කාරුණික වන්න.
      මැතිනියට 1970දි අධ්‍යාපනය දියුණු කිරීමට ඇත්තම අභිලාශයක් තිබුනා.ඒ නිසා තමයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කමට අධ්‍යපනඥයන්වූ ආචාර්ය ප්‍රේමදාස උඩගම මෙන්ම අතිරේක ලේකම් ලෙස කෙ.එච .එම සුමතිපාල යන අයවලුන් මෙන්ම විදුහල්පතිවරයෙකුවූ ආචාර්ය බදියුද්දීන් මහමුද් අධාපන ඇමති ලෙස පත් කලේ.මෙ ඔක්කොම පිස්සු කෙලියා. වැරැද්ද කවුරු කෙරුවත් වැරැද්ද වැරද්දමයි. හැබැයි පාසැල් විෂය මාලාවෙන් ඉතිහාසය ඉවත් කලේ ඉහතකී ලේකම් වරු දෙදෙනා නෙමෙයි.ඒක මුස්ලිම් ඇමතිගේ ගැටයක්. ඒ විතරක් නෙමෙයි පළමු වහාවට සාමාන්‍ය පෙළ සමත් නැති මුස්ලිම් අයට ගුරු පත්වීම් දුන්නෙත් එයා.

      ඔබ මා ගැන සිතන්නේ මා ඉතිහාසය හොඳින් හැදෑරු අයෙක් ලෙසයි.මා ඉතිහාසය උගත්තේ පාසලේ 8 පන්තියට පමණි.9 පන්තියේ සිට පශ්චාත් උපාධිය දක්වාම මා විෂය මාලාවක් ලෙස ඉගෙන ඇත්තේ වාණිජ විෂයයන්ය.

      මා පරිගණකය භාවිතා කිරීමට උගත්තේ 1990 වසරේදී එංගලන්තයේදීය. පරිගණකය පුද්ගලික මෙවලමක් ලෙස භාවිතා කිරීමට උගත්තේ 1997 වසරේදී ඉන්දියාවේදීය. මගේ පර්යේෂණ කටයුතු වලදී පරිගණකය මෙවලමක් ලෙස භාවිතාකලේ 1998 වසරේදී ජපානයේදීය. 2002 වසරේදී මා පුද්ගලික පරිහරණයට එකලස් කල පරිගණකයක් මිලදී ගත් අතර 2014 වසරේදී මා branded laptop ද එකක් මිලදී ගතිමි.
      ඔබ 1983දි පරිගණකයක් හිමිකර ගැනීම මගේ සතුටට කරුණකි.ඔබ එකල පරිගණකය ක්‍රියා විරහිත කලේ කෙසේද සහ දත්තයන් save කලේ කෙසේද කියා ලියනවා නම මට ඔබේ පරිගණක ශාක්ෂර තාවය ගැන අදහසක් ඇතිකර ගන්න පුළුවන්.

      වාරියපොළ සුමංගල හිමියන් ගැන විතරක් නෙමෙයි ඕනෑම දෙයක් ගැන ඕනෑම මතයක් ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන්.හැබැයි තම හිතට එන අදහස් සනාථ කිරීමට නිවැරදි දත්ත තියෙන්න ඕනෑ. ඒකට අදාළ කාරණය ගැන මැනවින් අධ්‍යනය කරන්න ඕනෑ.එහෙම නැතිව හිතට එන ඔක්කොම බහුබූත ලියන එක වැරදි වන්නේ සමාජ වගකීම කියල එකක් තියෙන නිසාය.
      මෙයට කලින් පැරා ලියපු ලිපියක මහින්ද රාජපක්ෂගේ කොමිස් ගැනීම සනාථ කරන්න රජයේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ට මෝටර් බයිසිකල් දීම ගැන වැරදියට ලියු කරුණු ගැන මා ලියු පිළිතුරට පැරා තවමත් නිහඬයි.

      මට කියන්න අවශ්‍ය වන්නේ සත්‍ය කියන්නේ සත්‍යම විතරයි.ඔබ කැමතිදේ නැත්නම් ඔබ හරි යයි සිතනදේ සතයම නෙමෙයි. ඒක සත්‍යම වීමට නම් අදාළ දත්තයන් ඉදිරිපත් කල යුතුයි.

      Delete
    16. 2008 මාර්තු 2 දාතම දරණ "ද සන්ඩේ ටෛම්ස්" පුවත්පතට ලිපියක් ලියන එල්. බී. සේනාරත්න මහතා කියන්නේ වාරියපොල සුමංගල හිමි බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා සිංහලේ කොඩිය එසැවූවා යයි කියන කතාව සනාථ කිරීමට කිසිවක් නැති බව යි.

      එම ලිපියේ ඔහු තවදුරටත් මෙසේ කිය යි:

      (1) උඩරට ගිවිසුම අත්සන් කෙරුණු මහනුවර මඟුල් මඩුව ආශ්‍රිත ප්‍රදේශය යනු රජු විසූ ස්ථානය බැවින්, එවැනි ස්ථානයක එසැවිය හැකිව තිබුණේ රජුගේ කොඩිය පමණකි.

      (2) එකී රජුගේ කොඩිය ඊට සති දෙකකට පමණ පෙර, එනම් 19.02.1815 දා මැදමහනුවර දී ඉංග්‍රීසීන් භාරයට ගැනුණු නිසා මහනුවරදී එසැවීමට සිංහලේ රාජ්‍ය කොඩියක් නොතිබුණි.

      දැන් පැහැදිලි යි නේද මෙය ගෙතූ කතාවක් කියා?

      Delete
    17. පින්වත් සමරසේකර මැතිඳුනි, මාගේ අනන්‍යතාව හෙළි කළොත් ඔබ මා හට ක්ෂණයකින් ම දණ නමස්කාර කරන බව හොඳින් දනිමි. එම නිසා මා සුපුරුදු anonymous වේශයෙන් ම ඔබට පිළිතුරු දීමට සූදානම් වූවත්, මට කලින් අන් අයකු විසින් පිළිතුරක් දී ඇති නිසා මීට වඩා යමක් කීමට මේ අවස්ථාවේ දී අපේක්ෂා නොකරමි.

      ප.ලි.: Anonymous කොමෙන්ටු පළකරන්නන් යනු ඔබ අදහස් කරගෙන සිටින පරිදි භයානක අපරාධකරුවන්වත් කාලකණ්ණින්වත් නොව, සමාජයට අදහස් එළි දැක්වීමේ එක් ක්‍රමයකි. එනිසා ය Blogger විසින් නිර්නාමිකව අදහස් ඉදිරිපත් කිරීමට අවකාශ සළසා ඇත්තේ. අජිත් පැරකුම් ජයසිංහ මහතා තම බ්ලොගයේ ඒ නිදහස අවුරා නැත්තේ නිර්නාමිකවත් ඉතා අගනා අදහස් පළවන බව දන්නා හෙයිනි. ලෝක සාහිත්‍යට එකතු වී ඇති සමහර විශිෂ්ට ගණයේ කෘති පළ කෙරී ඇත්තේ ඒවායේ කර්තෘන්ගේ නියම නම්වලින් නොවන වග ඔබත් දන්නා බව මට සහතික ය. උදා.: ජෝජ් ඕර්වල්, අයින් රෑන්ඩ්, ජෝර්ජ් එලියට්........ මේ එවන් කෘති බිහි කළ ගත්කරුවන්ගේ නියම නම් නොවේ.

      Delete
    18. 1983 දී මවිසින් භාවිතා කළ පරිගණකයේ Tasword නමැති වදන් සකසනයත්, පරිගණක ක්‍රීඩා බොහොමයක් ස්ථාපිත කර තිබුණි. දත්ත save කළේ පරිගණකයට වෙනම සම්බන්ධ කරනු ලැබූ ZX Microdrive නම් ධාවන උපකරණයට ඇතුල් කරනු ලැබූ microdrive cartridgeවල ය. තව ද, එකල වෙළඳ පොළේ විකිණීමට තිබූ සාමාන්‍ය කැසට් පටිවලද දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව ද තිබුණි. ඒ සාමාන්‍ය කැසට් ධාවන යන්ත්‍රයක් පරිගණකයට සම්බන්ධ කිරීමෙනි. පරිගණකය මිළ දී ගත්තේ එකල කොළඹ 6 පිහිටි Weatherby නම් ආයතනයෙනි.

      Delete
    19. කොමොඩොර් 64 නමින් පරිගනකයක් තිබුනා මගේ මිතුරෙකුට ඔය කියන කාලේ (1983-85)

      එය ටෙලිවිෂනයට සවි කළ යුතුයි. අප ලියූ BASIC පක්‍රමණ ගබඩා කෙරුණේ ඕඩියෝ රෙකෝඩින්වලට ගන්නා Sony වැනි කැසට්වල.

      Delete
    20. @ කතන්දරකාරයා,
      Commodore 64 මා විසින් භාවිතා කළ දෙවැනි පරිගණකය යි (1986 දී). දත්ත ගබඩා කෙරුණේ අඟල් 5 1/2 ක විශ්කම්භයක් තිබුණු ඩිස්කට් එකක ය. මාගේ පරිගණකය නම් සම්බන්ධ කෙරුණේ Commodore මොනිටරයකට යි. කලින් පරිගණකය සම්බන්ධ කළේ ඔබ කීවාක් මෙන් ටෙලිවිෂනයකට යි.

      Delete
  9. මේකත් කියවන්න (මාතෘකාවට බෙහෙවින් අදාලයි ) --
    තාරුණ්‍යයේ කන පැලීම

    ReplyDelete
  10. දැන් හැමෝම රිපෝටර් ල වෙලා.. ඇක්සිඩන්ට් එකක් උනත් හැම එකා ම බලන්නේ තුවාල වෙච්ච එවුන්ව ඉස්පිරිතාලවලට යවන්න කලින් තම තමන්ගේ ෆෝන් වලින් සිද්දිය වීඩියෝ කර ගන්න එක. ඊට පස්සේ එක එක ටී වී වලිනුත් ඕකට ෆුල් පබ්ලිසිටිය දෙනවා.

    හැමෝම අන්ධ වෙලා...

    ReplyDelete
  11. /* වාරියපොල සුමංගල හිමිගේ ගම මා සිතන පරිදි මාතලේ වාරියපොලයි */

    වාරියපොල සිරි සුමංගල ගැන සිංහල විකිපීඩියාවේ කියවෙන්නේ මෙලෙසයි.

    "පුද්ගලික ජීවිතය
    සුමංගල හිමියන්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල ග්‍රාමයේ බමුණුකො‍ටුවේ රාළහාමිගේ කිරිහාමි ලෙස උපත ලද්දේය. එතුමාගේ පියා හේරත් මුදුයන්සේලාගේ බමුණුකො‍ටුවේ රාළ නම් විය. "

    http://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD_%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD_%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92

    Personal life[edit]
    Sumangala was born as Bamunakotuve Ralahamige Kirihami, in the village of Wariyapola in the Kurunegala district. His father's name was Herath Mudiyanselage Bamunakotuve Rala.

    http://en.wikipedia.org/wiki/Wariyapola_Sri_Sumangala


    ReplyDelete
    Replies
    1. ඔතැන වැරදි ගොඩක් තියෙනවා. කොටින්ම කන්ද උඩ රට අන්තිම රජු විසින් භාවිතා කළ කොඩිය යැයි කියන කොඩිය පවා වැරැදියි. ඔය පැරැණි කොඩිය අනුසාරයෙන් නිර්මාණය කොට 1915 මාර්තු 2 දා දිනමිණ පුවත්පත සමඟ බෙදා දුන් කොඩියයි. මුල් කොඩිය ඊට වෙනස්.

      Delete
    2. @ Anonymous August 24, 2014 at 11:46 AM,
      ඔබතුමා සතුව තිබෙනවාද නිවැරදි ධජය?

      Delete
  12. හැබෑටම පැරා, කෝ මේ වනිතා?

    ReplyDelete
  13. Ara Pariganakayak 1983 aithikaragath Anoge kathawath Ithihasaye THawath pachayakda kohedo.

    ReplyDelete
    Replies
    1. උඹලට බැරිවුණාට, 1980 ගණන්වල වුණත් පරිගණකයක් මිළ දී ගැනීමේ හැකියාවක් තිබුණු අය මේ රටේ හිටියා.

      Delete
  14. අයියේ, දෙමළෙන් "පෝරියල්" කියන්නේ එළවලුවලින් හදන කෑමක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, මමත් එහෙම අහලා තිබෙනවා

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා