සුන්දර ඉංගිරිසි: බත්ද රයිස්ද ඕනැ?

සිංහලයන්ගේ ඉංග්‍රීසි අතර තිබෙන ඇතැම් යෙදුම් හිනා යනසුළු වුණත් ඒවා හරි අපූරුයි. මේ ලක්ෂණය වැඩියෙන් ම දකින්නට ලැබෙන්නේ පොදු ජනයාගේ ඉංග්‍රීසි ව්‍යවහාරයන් අතරයි. එහෙත්, ඒවා එතැනින් පොදු ව්‍යවහාරයට එන එකත් වළක්වන්න බැහැ.

දැන් අපි යමුකො හෝටලේකට. ලංකාවෙ මිනිස්සු හෝටල් කියන්නේ ඉංග්‍රීසි හොටෙල් (hotel) කියන වදනින් අරුත් ගැන්වෙන ස්ථානයට ම නෙමෙයි. ඉංග්‍රීසියෙන් හොටෙල් කියන ස්ථානයේ අනිවාර්යයෙන් ම නවාතැන් පහසුකම් තිබෙනවා. ඒත්, ලංකාවේ කෑම විකුණන්න තිබෙන ඕනෑම තැනකට හෝටලේ කියනවා. සමහර පෙට්ටි කඩවලත් හෝටලය කියා ලියා තිබෙනවා.

පැරණි ජනප්‍රිය ළමා ගීයක මෙවැනි සෙල්ලම් කඩයක් හැඳින්වෙන්නේ සීනිබෝල හෝටලේ කියායි. එය මේ වදන සාහිත්‍යයට එක් වූ අවස්ථාවක්.

කෑමවලට විතරක් නෙමෙයි, ඇතැම් විට බීලා වැඩි වෙලා වමනේ දානකොටත් හෝටල් දානවා කියනවා. බීලා වැඩි වුණාම වෙරි වෙනවා. මේ වෙරි (very) කියන වචනය ඉංග්‍රීසියෙන් ගත් එකක්. වැඩියි කියන එක තමයි අර්ථය. ඉංග්‍රීසි බජාර් භාෂාවේ, එහෙමත් නැතිනම් ගොඩේ ව්‍යවහාරයේ තිබෙන හෙවත් ඩෝප් (dope) කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්පැන්. ඒ වුණත් අපේ මිනිස්සු සීල් අරක්කු බිව්වත් කියන්නේ ඩෝප් එක දානවා කියලයි. සීල් අරක්කු කියන වචනයේ සීල් (seal) කියන්නේ ඉංග්‍රිසි වචනයක්. එයින් අදහස් කෙරෙන්නේ බෝතලේ මූඩිය ආරක්ෂිත ආවරණයකින් යුක්තයි කියන එකයි. ඒ වුණාට ඉතින් සීල් කඩලා මිස් (mix) කරන තැන් ඕනැ තරම් තිබෙනවා. බොනවාට ඩ්‍රින්කෙක දානවා කියනවා. එතකොට ඉතින් ෂැන්ඩි, බයිට් එහෙමත් ඕනැ වෙනවා. මේවා කරන්නෙ ඉතින් ෆන් එකටනේ. හැබැයි ඉතින් බිරින්දෑ හෙවත් වයිෆ් හෙවත් වයිපරේ නම් බොහෝ වෙලාවට මේවාට කැමති නැහැ. එතකොට ගෙදර කචල්. කචල් මොන භාෂාවෙන් ආපු වචනයක් ද? කරච්චල් කියන දෙමළ වදනින් බිඳී ආපු එකක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට බීපු මිනිස්සු බිරියන්ට පෝරියල් දෙනවා. හැබැයි දෙමළෙන් පෝරියල් කියන්නේ නම් ව්‍යංජනයකට.

“බීපු මිනිහෙක් මට පාට්ටෙකක් දැම්මා.“ පාට්ටෙක දානවා කියන්නේ තර්ජනය කරනවාට. මේක හැදිලා තිබෙන්නේ පාට් (part) කියන වදනින්. මම හිතන්නේ මෙම යෙදුමේ මූලය තිබෙන්නේ රංගන ශිල්පය තුළයි.

අපි කතා කරමින් හිටියේ හෝටල් ගැනනේ. ලංකාවේ හෝටල් කියන්නේ කෑම කඩවලට. ඒ කෑම කඩවල තිබෙන ප්‍රධාන බීමක් තමයි ප්ලේන්ටි (plain tea). මේක ප්ලේන් ටී නෙමෙයි ප්ලේන්ටි. “මට ප්ලේන්ටියක් දෙන්න.“

ටීඑක කියන්නේ කිරි දාපු තේවලට. හැබැයි සීනි නැති වුණොත් එම බීම ම තනිකර සිංහලෙන් කිරි කහට වෙනවා.

හෝටලේ තේ හදන්නාට කියන්නේ ටී මේකර් කියලා. ටී මේකර්වරු ඉල්ලලා පත්තරවල ලුහුඬු දැන්වීම් ද පළ වෙනවා. ඒත්, වතු ක්ෂේත්‍රයේ නම් ටී මේකර් කියන්නේ නිෂ්පාදන කළමනාකාරවරයාට.

උණු වතුරට ඇල් වතුර කලවම් කරපු වතුරට කියන්නේ ඩබල් වතුර. බයිසිකල්වල දෙන්නෙක් යනකොට කියනවා ඩබල් දාලා යනවා කියලා. හමුදාවේ පුහුණුවීම් අතරතුරදී යම් ක්‍රියාකාරකම් වේගයෙන් කරන එකට ඩබල් එකේ කරනවා කියනවා. හමුද‍ා සෙබළු මේ මිලිටරි උපභාෂා ගෙදරට ගෙනැවිත්  දැන් සමහරු ඉක්මණින් වැසිකිළි ගොස් පැමිණීමටත් “ඩබල් එකේ බොගක් දැම්මා කියනවා.“ බොග කියන්නේ බොග් (bog) කියන ඉංග්‍රීසි වදනින් හැදුණ සිංහල වචනයක්. ඒත්, ඉංග්‍රීසියේ නම් එය ගඳගහන තැන් වෙනුවෙන් මිස මළ වෙනුවෙන් නෙමෙයි.

හෝටල්වල රයිස් හා බත් කියා කෑම වර්ග දෙකක් තිබෙනවා. රයිස් කියන්නේ ෆ්‍රයිඩ් රයිස්වලටයි. බත් කියන්නේ නිකම් බත්. මේවාට රයිස්සැන්කරි කියලාත් සමහර ටිකක් ‘පොෂ්‘ තැන්වල කියනවා. “බත්ද රයිස්ද ඕනැ?“ කියලා අහන ‘වේටර්ලා‘ ඉන්න හෝටල් තිබෙනවා.

මාළු කරි, මස් කරි එහෙම කියා කියනවා. කරි කුඩු කියාත් ජාතියක් ඉවුම් පිහුම්වලදී පාවිච්චි කරනවා. කරි කියන්නේ දෙමළෙන් ඉංගිරිසියට ගිය වදනක්. හැබැයි කරි කියා වෙනත් ඉංග්‍රීසි වදනකුත් තිබෙනවා. එය මේ වදන සමග සම්බන්ධ නැහැ. 

බතුයි රයිසුයි වගේ තවත් යෙදුම් දෙකක් තමයි බයික්කෙක හා බයිසිකලේ. සිංග්ලිෂ්වල බයික්කෙක කියන්නේ මෝටර්සයිකලයටයි. බයිසිකලේ කියන්නේ පාපැදියට.

ටේක් අවේ, පීසා, මෙනූ වැනි යෙදුම් රැසක් කලිනරි (culinary) හෙවත් ඉවුම් පිහුම් ඉංගිරිසියෙන් සිංහලට ඇවිත් තිබෙනවා. හැබැයි, මේ ඇතැම් කලිනරි වදන් ඉංගිරිසියට ආවේ වෙනත් භාෂාවන්වලින්. කලිනරි කියන වදනට ඇතැමෙක් සූප ශාස්ත්‍ර කියනවා. සූප කියන්නේ සුප් නිසා අවසානයේදී ඒ සිංහල වදනත් මිශ්‍ර එකක්. අනෙක කලිනරි කියන්නේ සුප් හදන ශාස්ත්‍රය නෙමෙයි නේ. සූපවේදියා හදන්නේ සුප් විතරක් නෙමෙයිනේ. භෝජන සම්බන්ධ සිංහල භාෂාවේ බරපතල අඩුපාඩු රැසක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ලේඛන සිංහලට පරිවර්තනය කරන්න ගියාම අභියෝග රැසක් මතු වෙනවා.

සිංහලයන්ගේ භෝජන කලාව දැන් බටහිරත් එක්ක සම්මිශ්‍රණය වෙලා. ඒ නිසා කිරිබත් කද්දිත් ටේබල් මැනර්ස් පැටලෙනවා. හෝටල්වල වෙඩිං තිබෙනවා. ඒවා තිබෙන්නේ කෑම ශාලාවක. එතැනම එක කෙළවරක පෝරුව එහෙම තිබෙනවා. තවත් කෙළවරක බෑන්ඩෙක. හැම තැනම මේස තිබෙනවා. ඒවා තිබෙන්නේ භෝජන සංග්‍රහය සඳහා හැඳි ගෑරුප්පු ආදිය කල් තබා සූදානම් කරලායි. අපි උදේ දහයට විතර ගිහින් දවල් එක විතර වෙනකල් අර කෑම මේසවල වාඩි වෙලා, කාන්තාවන්ගේ අත් බෑග් එහෙම පිඟන් අතරේ තියලා කතා කර කර ඉන්නවා. ඊට පස්සේ බුෆේ එකෙන් බෙදාගෙන ඇවිත් අතින් කනවා. බාත්රූම් එකෙන් අත හෝදනවා. මේ සංකර මංගලෝත්සව කරන්නේ සිංහල චාරිත්‍රානුකූලව නැකැත් එහෙමත් බලලායි.

බුෆේ (buffet) කියන්නේ බෙදාගෙන කෑම කන්න තිබෙන කවුන්ටරයක් ඇති කෑමහලටයි. එවැනි කෑමහලක් දුම්රියවලත් තිබෙනවා. හැබැයි, අපේ දුම්රිය මගියෝ ඒ කෝච්චි පෙට්ටියට කියන්නේ බපට්ටෙක කියලායි. “අද කෝච්චියේ සෑහෙන සෙනග. යන්තම් බපට්ටෙකේ තමයි ආවේ.“  

මංගල ශාලාවල මේසවල නැප්කින් තිබෙනවා. ඇතැම් සිංහලයන්ට නැප්කින් හා නැපි පැටලෙනවා. පොඩි බබාලාට අන්දවන නැපිවලට සමහරු නැප්කින් කියනවා. ආරියවංශ රණවීර නැපිය සාහිත්‍යයට ගෙනාවේ මෙහෙමයි.

සුදු සුදු නැපි
ඇස හැපි හැපි
බිළිඳකු ඇති 
බව පවසති

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. අනේ ඇයි පැරා දැන් ඔයා දුෂ්ඨ ධනවාදයෙන් සමාජවාදය බේරා ගැනීම ගැන ලියන්නෙ නැත්තෙ? මෙහෙම රයිස් ගැන ලිය ලියා ඉඳලා හරියනවද? ඔයා ලෝක සමාජවාදය බිහි කිරීමේ ප්‍රොජෙක්ට් එක නතර කරලාද දැන්?

    ReplyDelete
    Replies
    1. සමාජවාදය නිසා තමයි හලෝ තමුසෙට කොම්පියුටරයක් ඉස්සරහ වාඩිවෙලා අකුරු කොටන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. සමාජවාදය නොතිබුණා නම් තමුසේ, තමුසේගේ අප්පයි මුත්තයි කළා වගේම තාමත් පොල් කඩ කඩා ඉන්නවා.

      Delete
    2. අම්මටසිරි, කොම්පියුටරේ හොයා ගත්තෙත් ලෙනින් සහෝදරයාද? මං මෙච්චර කල් හිතා ගෙන හිටියෙ කොම්පියුටර් සොෆ්ට්වෙයාර් හෙම හැදුවෙ අර අධිරාජ්‍යවාදී ධනපති ඇමෙරිකාවේ බිල් ගේට්ස්ලා ස්ටීව් ජොබ්ස්ලා කියලනෙ. අපට කොම්පියුටර් ලබා දුන් ලෙනින් සහෝදරයා දිනේවා!

      Delete
    3. කොම්පියුටරේ හොයා ගත්තේ කවුද කියන එක නෙවෙයි අයිසේ මම කතා කළේ. නිදහස් අධ්‍යාපනය කියන එක මේ රටේ තියෙන සමාජවාදී ලක්ෂණයක්. පූර්ණ ධනවාදී සමාජයක අධ්‍යාපනය නොමිළේ ලැබෙන්නේ නෑ. ඒ නිසා තමුසේ වගේ අයට සිංහල හෝඩියවත් ඉගෙන ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඒ නිසා කොම්පියුටරයක අකුරු කොටන එක හීනයකින්වත් කරන්න ලැබෙන එකක් නෙවෙයි. තමුසේ දැන් ඔය අකුරු ලියන්නේ සමාජවාදී නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න. තමුසේ ඔච්චර අගයන බිල් ගේට්ස් පවා සමාජවාදයට බර වෙලා ඉන්න බව තමුසේ නොදන්නවා ඇති.

      සමාජවාදයයි කොමියුනිස්ට්වාදයයි පටලවා ගන්න එපා, තේරුණාද?

      Delete
    4. සමාජවාදය කියන්නේ දෑකැත්තයි මිටියයි ටී-ෂර්ට් එකේ ගහ ගෙන ඉන්න එක නෙවෙයි, අයිසේ. අද මිය යමින් පවතින සිංහල ගැමි ජීවන රටාවත් සමාජවාදී යි. තමුසේ ඒක දන්නේ නැත්නම්, ඒ කියන්නේ තමුසේ සමාජවාදය කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නෑ, සිංහල ගමක් දැකලත් නෑ. ලෙනින් කොමියුනිස්ට්වාදියෙක් මිසක් සමාජවාදියෙක් නෙවෙයි.

      Delete
    5. අනික, අධිරාජ්‍යවාදය කියන එක එක්සත් ජාතීන්ගේ සංවිධානය පිහිටුවා ගැනීමෙන් අවසන් වුණා කියන එක දන්නේ නැද්ද? ඔය "අධිරාජ්‍යවාදය" කියන මන්තරේ මතුරන්නේ කොමියුනිස්ට්කාරයෝයි ලංකාවේ සාටකේ එල්ලිලා ඉන්න දේශප්‍රේමී කිනිතුල්ලෝයි.

      Delete
    6. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී ඩබ්. ඩබ් කන්නංගරයන් විසින් ලංකාවේ ග්‍රාමීය ජනයාටද උසස් අධ්‍යාපනය දොර විවර කලේ ඔවුන් පසුගාමී ග්‍රාමීයත්වයෙන් මිදී දියුණු සංස්කෘතිය සමග අනුගත වී එම දියුණුව තම ගම් බිම් කරා ගෙනයයි යන විශ්වාසය පෙරදැරි කරගෙනය​.නිදහස් අධ්‍යාපනය තුලින් සමාජ සංවර්ධනය ඔහුගේ අපේක්‍ෂාව විය​. මේ අනුව ගස් බඩගෑ ගම් බයියන් විශ්ව විද්‍යාල වලට ගෙන්වාගෙන මොවුන්ට හැන්දෙන් ගෑරැප්පුවෙන් කෑමේ සිට ශිෂ්ට සමාජයක හැසිරෙන අන්දම අයිවෝ ජෙනිග්ස් වැනි සුද්දන් මගින් උගන්වනු ලැබීය​. නමුත් සී ඩබ්. ඩබ් කන්නංගර විශ්වාස කල ලෙසට වැඩ කටයුතු සිදු වූයේ නැත​. විශ්ව විද්‍යාල වලට පැමිනි ගම් බයියන් ශිෂ්ඨ වෙනවා වෙනුවට නූතනත්වය ප්‍රතික්‍ෂේප කොට වඩ වඩාත් තමන් ගේ ග්‍රාමීය පසුගාමිත්වය විශ්ව විද්‍යාල වල ස්ථාපිථ කලහ​.

      අද අබසරණ පතන ගලගොඩ අත්තේ ඥානසාරලා සමාජයේ වීරයන්වී සිටින්නේත් උගත් දැණුමැති බටහිර අනුකාරක ලූලන් වෙනුවට සරත් විජේසූරිය , අත්තනායක එම් හේරත් වැනි ඒක භාශික කණයන් අපගේ සමාජයේ පොරවල් වී සිටින්නෙත් නලීන් ද සිල්වාලා , ගුනදාස අමරසේකරලා විසින් බටහිර අනුකාරකයන් වෙනුවට බයියන් ආදේශ කිරීමේ වින්නැහිය​ නිසාය​.

      Delete
    7. //සමාජවාදයයි කොමියුනිස්ට්වාදයයි පටලවා ගන්න එපා, තේරුණාද?//

      හිකිස්! මේ දෙකේ වෙනසක් තියෙනවද ?
      නංගි (සමාජවදේ ) පෙන්නල දෙන්නේ අක්ක (කොමියුනිසම් ).

      Delete
  2. පැරා..සමහර අපි පාවිච්චි කරන වචන වල ඇත්ත තේරුම් ගත්තම හිනාත් යනවා...

    ReplyDelete
  3. 'ටීඑක කියන්නේ කිරි දාපු තේවලට. හැබැයි සීනි නැති වුණොත් එම බීම ම තනිකර සිංහලෙන් කිරි කහට වෙනවා.'

    මම අහලා තියෙන්නේ නම් ටී කියන්නේ සාමාන්‍ය කහට වලට. 'ටී විත් මිල්ක්' කියන්නේ කිරි තේ වලට. (මම විදේශීය සංචාරක හෝටලයක වැඩ කරන නිසයි මේ අත්දැකීම ඇත්තේ.)

    ReplyDelete
    Replies
    1. බහුජනයා යන හෝටල් වල ව්‍යවහාර කරන්නෙ පැරා කියපු විදියට. ඒක අපේ ලෝකල් හෝටල් වල jargon එකක්.

      Delete
    2. ලංකාවේ භාවිතය කිරි කහට, වැඩි සීනි ප්ලෙන්ටී, කහට තමයි.

      විදෙස් රටවල සුද්දෝ වයිට් ටී කියනවා කිරි සහිතව අවශ්‍ය නම්.

      Delete
    3. දවසක් සුද්දෙක් ලංකාවෙ "හොටෙල්" එහෙකට ඇවිත් "කන් අයි හාව් වොන් ටී ප්ලීස්" කිව්වලු.

      කඩේ මුදලලි කඩ්ඩ නොදන්නව උනාට වේටර්ට තේරෙන නිසා ඌ "ඉයස් සර් ඉයස් ඉයස්, ප්ලීස් ටේක් සීට් සර්" කියල කිව්වලු. වේටර් කොල්ල ඉන් පස්සෙ අඩම්බරෙන් ගිහින් තේ හදන එකාට කියල හොඳ කිරි සීනි යහමින් දාපු කිරි තේ එකක් ගෙනල්ල සුද්දට දුන්නලු.

      සුද්දත් මේක දැක්ක ගමන් "වොට් ඊස් දිස් මෑන්, අයි ආස්ක්ඩ් ටී...ටී..." කිව්වම කොල්ලත් "යෙස් සර් දිස් ඊස් ගුඩ් ටී..වෙරි නයිස් සර්" කියල කිව්වලු.

      සුද්දට ඔන්න මල පැන්නලු. ඌ ඊට එහා පැත්තෙ මේසේ තේකක් බිබී හිටපු එකාගෙ කෝප්පෙ පෙන්නල "මයි ෆ්‍රෙන්ඩ්, දැට් ඊස් ටී, අයි වෝන්ට් සේම්, ටී ...ටී" කිව්වම අර කොල්ලත් "ඕකෙ..ඕකේ" කියල කිරි තේ කෝප්පෙ අරන් යන ගමන් වටේ උන්ට ඇහෙන්න කියනවලු

      "මූ සුද්දෙක් වෙලත් ඉංග්‍රීසි දන්නෙ නැති එකෙක්නෙ, නැත්තන් ප්ලේන්ටියට ටී කියාවියැයි" කියල.

      Delete
    4. ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු මයා ප්‍රොෆයිල් ප්‍රොෆයිල් හා ප්‍රොෆයිල් ඇනෝ ඇවිත් ඇත. ඇනෝ ඇනෝ ඇවිත් අභීතට බැන්නාම මිෂන් එක සම්පූර්ණ වේ.

      Delete
  4. ආරියවංශ රණවීර නැපිය සාහිත්‍යයට ගෙනාවේ මෙහෙමයි.

    සුදු සුදු නැපි
    ඇස හැපි හැපි
    බිළිඳකු ඇති
    බව පවසති

    ...

    ඇයි පැරා කට්ටියටම මතක ඇතිනේ ඩයනා කුමාරිව. ඩයනා කුමාරි ගැන කතා ගොඩාක් තියෙනවනේ. ඇත්තම කියනවනං එයා තරං තකන්දර හදාගත්ත තව කවුරුවත් නැතුවත් ඇති. ඩයනා කුමාරි එහෙම නැත්තං ඩයනා ස්පෙන්සර් මැරුණේ 1997. ඩොඩී අල්ෆයිඩ් කියන එයාගෙ ඒ දවස් වල පෙම්වතා එක්ක බෙන්ස් එකක කොහේදෝ යනකොට උමගක් ඇතුළෙදිනේ ඇක්සිඩන්ට් උණේ.

    ඩයනගේ මරණෙ ගැන ඇහුව ලංකාවේ හිටිය අරිසෙන් අහුබුදු සැහෙන්න විස්සෝප වෙලා තියෙනවා.ඊට පස්සේ මෙන්න මේ කවිය කියලා තියෙනවා.

    දියනා සුපෙම්සරා – සමග දොදී අල්පයිදා
    බනිසේ නැගී ගියා – උමගේ හැපී මළා

    ReplyDelete
    Replies
    1. හැරඩ්ස් ස්පෙන්සර්, වණ වාසලAugust 23, 2014 at 11:03 PM

      අයිසෝ ඇනෝ.
      අහුබුදු විස්සෝප තව එකක් දෙකක් දෙනවකො
      එව්වෙත් නිකං අමුතු මෙව්වා එකක් තියෙනව වාගේ...

      මගෙ විස්සෝප එකක් ඕං ඈ...

      ජවිපෙ හිටපු පැරා - බනිසේ නැගී ගියා
      ඒක දැකපු ගොනා - උමගේ හැපී මළා

      කොහොමද ටිකිරි ,---- මොලේ ?

      Delete
    2. ජවිපෙ හිටපු පැරා - පෙරට්ටෝ සමග නැගී ගියා
      දුටු දීප්ති අයියා - කේක් කා මළා

      no more 'no more july' please

      Delete
    3. පස්සේ ඒවා ලියලා තියෙන්නේ අහුබුදු ලොක්කගෙ අවජාතක දරුවෝ වාගේ!

      Delete
  5. Breaking news: see lankaenews..
    මහින්ද රාජපක්ශ අයිස් බාල්දිය නාලා සන්නිය හැදිලද ඇමරිකා ගිහිල්ලා තියෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. lankaenews බබාලා රනිල්ගේ ඔඩොක්කුවට ඔටුන්න වැටෙනකම් පොඩි ආතල් හීනෙක ඉන්නේ. නැගිට්ටවන්නේ එහෙම නෑ ඕන්.

      Delete
    2. මේ කතාවම Sri Lanka Mirror එකෙත් තියනවා,

      Delete
    3. මංගල = Sri Lanka Mirror

      Delete
    4. @ Anonymous August 24, 2014 at 12:18 AM --

      if මංගල = Sri Lanka Mirror

      then,

      මහින්ද = The Island

      because "The Island" is owned by a cohort of MR.

      Now, today's (24 August) Island newspaper says that MR flew to the USA yesterday morning, and that the officials were tight-lipped about the reason for the visit and did not even disclose which city he was headed for.

      Can you reply to this?

      Delete
  6. // බොග කියන්නේ බොග් (bog) කියන ඉංග්‍රීසි වදනින් හැදුණ සිංහල වචනයක්. ඒත්, ඉංග්‍රීසියේ නම් එය ගඳගහන තැන් වෙනුවෙන් මිස මළ වෙනුවෙන් නෙමෙයි //

    bog/boghouse කියන්නේ ඉංගිරිසි ස්ලෑං වලත් මළපහ කිරීමට සහ වැසිකිලියට යෙදුනු වදන්. මෙතැන තුන්වන තේරුම බලන්න.

    //සූප කියන්නේ සුප් නිසා අවසානයේදී ඒ සිංහල වදනත් මිශ්‍ර එකක්.//

    සූප කියන වචනය සිංහලයට ඉංගිරිසි soup ‍‍‍යන්නෙන් ආවක් නොවේ. බුද්ධකාලීන පාලියෙහි ද හොදි සඳහා යෙදී ඇති පදයකි.

    //හැබැයි, අපේ දුම්රිය මගියෝ ඒ කෝච්චි පෙට්ටියට කියන්නේ බපට්ටෙක කියලායි. //

    ඉංගිරිසියෙන් ද කොහොමත් ඔය පෙට්ටියට කියන්නේ buffet car කියා ය.

    ReplyDelete
    Replies
    1. @ Ano
      /* ඉංගිරිසියෙන් ද කොහොමත් ඔය පෙට්ටියට කියන්නේ buffet car කියා ය. */

      කියන්නේ නෙව ලියන්නේ. මං හිතන විදියට ප්‍රංශ වචනයක් වන එය කියවිය යුත්තේ බූෆේ කියායි.

      බීබීසී (BBC) සිට්කොම් එකක් වූ කීපින් අප් ඇපියරන්සස් (keeping up appearances) නරඹා තියෙනවාද? එහි සිටි හයසින්ත් බූකේ මතකද?

      Delete
    2. සංස්කෘතයෙන් 'සූප' (सूप) යනු broth (උඩින් නිර්නාමික පාඨකයකු කියා ඇති පරිදි 'හොදි') යන ඉංග්‍රීසි අර්ථය දෙන වචනයකි. එබැවින් එය ඉංග්‍රීසියෙන් ආවක් නොවේ; පැරණි සිංහල භාෂාවේ තිබුණකි.

      Delete
    3. ඔහ්.

      පැරා කලින් උදාහරණ වල තේරුමේ කන්ටෙක්ස්ට් වෙනස ගැන කතා කළ නිසා මෙතැන කතා කරන්නේ උච්චාරන වෙනස ගැන කියන එක මට ක්ලික් උනේ නෑ. මම හිතුවෙ බෙදාගෙන නොකන දුම්රිය අවන්හල buffet වීම ගැන ප්‍රශ්නයක් බවයි.

      ඔය sideboard පරම්පරා දෙකකට වගෙ ඉස්සර ලංකාවෙත් තිබුනා නේද. කිව්වෙත් ඒ නම මයි.

      Delete
    4. //ඔය sideboard පරම්පරා දෙකකට වගෙ ඉස්සර ලංකාවෙත් තිබුනා නේද.//

      ලංකාවෙදි ඕක "සයිබෝඩ්" කියල තමයි හැඳින්නුවෙ. පස්සෙ කාලෙක සයිබෝඩ් එක අයින් වෙලා ඒ වෙනුවට සාලෙ තියෙන "ලංකාවට ආවේනික ස්ලයිඩින් ග්ලාසස් තියෙන කැබිනට්" එක ආව. සයිඩ් බෝඩ් එකේ තිබ්බ පිඟන් හැඳි අනං මනං සාලෙට ආව ෆ්‍රිජ් එකත් එක්කම.

      දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක විදියට කැබිනට් එකත් අයින් වෙලා අර පිඟන් කෝප්ප ටිකයි ෆ්‍රිජ් එකයි වෙන රටවල කිචන් කියන ලංකාවෙ පැන්ට්‍රිය අරන් ගිහින් ( මෙන්න හැබැයි නියම පැන්ට්‍රිය යනුවෙන් හඳුන්වන එක ).

      Delete
    5. ඉන්දික උපශාන්ත කොඩිතුවක්කු මයා ප්‍රොෆයිල් ප්‍රොෆයිල් හා ප්‍රොෆයිල් ඇනෝ ඇවිත් ඇත. ඇනෝ ඇනෝ ඇවිත් අභීතට බැන්නාම මිෂන් එක සම්පූර්ණ වේ.

      Delete
  7. සුදු සුදු නැපි
    ඇස හැපි හැපි
    බිළිඳකු ඇති
    බව පවසති

    යන කවෙන් පේන්නේ ආරියවංශ රණවීර දරුවන් සාදා නැති බවද?

    මෙය මෙලෙස වෙස් විය යුතුයි.

    සුදු සුදු නැපි
    අව පැහැ වෙති
    බිළිඳකු ඇති
    බව පවසති

    මං දන්න බබාලා නම් නැපීවල කක්කා සහ චූ දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. කකා ලද අවස්තාව කොහොමවත් පැහැර හරින්නේ නැහැ නේද :D

      Delete
    2. WENA KENEKUGE BOGAKATA RINGALA HARI, KAKKA, CHOO DANAWA

      Delete
  8. පැරා මොකද කමෙන්ට් සිස්ටම් එක ටෙස්ට් කරන්න දාපු පෝස්ට් එක වැඩ නැද්ද?

    ReplyDelete
    Replies
    1. ඒ අලුත් යකාට වඩා පරණ යකා ම හොඳා කියා තේරුණා.

      Delete
    2. අන්න හරි. පැරා සමාජවාදය ගැනත් තාම හිතන්නෙ එහෙමයි නේද?

      Delete
    3. ධනවාදය යකෙකු රකුසෙකු නොව හිස් පඹයෙකි !

      Delete
    4. මොකද පැරා ආපහු මොඩරේෂන්

      Delete
  9. Para hari kawuru hari danagena hitiyada 'para balla' awe kohenda kiyala, puduma wenna epa mekath ingreesi wachanayak, puluwannam hoyagena kiyanna, heta mama methana dannam wachane..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා