Posts

Showing posts from August, 2014

තමන් කරන පාදඩකම් පුතුන්ටත් උරුම කරන තාත්තලා

Image
ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ඇමති එස්.බී. දිසානායකගේ පුත් නාරද දිසානායක ජනාධිපති විසින් හඟුරන්කෙත ශ්‍රිලනිප සම සංවිධායක ලෙස පත් කරන ආකාරයයි. 

මෙහි සිටින ජනාධිපතිවරයා ද තමන්ගේ එක පුතකු පාර්ලිමේන්තුවට පත් කර ඇත. ආණ්ඩු පක්ෂයේත්, එක්සත් ජාතික පක්ෂයේ හා තවත් බොහෝ පක්ෂවලත් තාත්තලා මෙසේ කර තිබේ. 

මේ තාත්තලා ඇත්තෙන් ම තමන්ගේ දරුවන්ට ආදරය කරනවා ද? මහජන මුදලින් තමන් විඳින සැප යයි තමන් සිතන ජීවිතය තම දරුවන්ටත් අත් කර දීම ඔවුන්ගේ අරමුණ බව පෙනේ. 

එහෙත් ඔවුන් ඇත්තෙන් ම කරන්නේ තමන් කරන හොරකම්, දූෂණ හා වෙනත් පාදඩ ක්‍රියා තම දරුවන්ටත් උරුම කර දීම නොවේ ද?

අපට එදිනෙදා ජීවිතයේදී හමු වන සාමාන්‍ය අපරාධකරුවන් අතර ද මීට වඩා හොඳ මිනිස්සු සිටිති. වාස් ගුණවර්ධන වැනි කුලියට මිනී මරන්නන් හැර වෙනත් කුලී මිනීමරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ දරුවන් තමන්ගේ රස්සාවට යොමු වනවාට කැමති නැත. 

තමන් කරන වෘත්තිය තම දියණියන්ටත් උරුම වීම වළක්වා ගන්නට උත්සාහ කරන ගනිකාවෝ ඕනෑ තරම් සිටිති. 

දරුවන්ට හොඳ ම දේ දෙන්නට මව්පියෝ හැම විට ම උත්සාහ කරන සමයක තමන් විසින් කපනු ලබන තමන්ගේ ද දෙපා යටින් කැපෙන වල කපන්නට දරුවන්ට උරුම කර දෙන මෙවැනි තාත්තලාගෙන් මේ රට…

සැමියා බිරිඳගේ බබා ය

Image
අපි එකිනෙකා ආමන්ත්‍රණය කරද්දී භාවිතා වන වචන තිබෙනවා. මේවායින් සමහර ඒවා ටයිටල් (title) හෙවත් පට්ටම්.

මිස්ටර් (Mrs), මිසිස් (Mrs.) මිස් (Miss) යනු ඒ වගේ තුනක්. දැන් මෙතන පොඩි සමානාත්මතා ප්‍රශ්නයක් එනවා. පිරිමියාට මිස්ටර් කියනකොට එයා බැඳල ද නැද්ද කියන එක අදාළ නැහැ. ඒත් කාන්තාවට අදාළයි. මේ අසාධාරණය පිටදකින්න අලුතෙන් ඉංග්‍රීසි වචනයක් හැදුවා. ඒ තමයි මස් (Ms.). මෙතන මයන්න ශබ්ද කළ යුත්තේ ගම කියනකොට එන ශබ්දයෙන්. ඒ වගේ ම හල් සයන්නේ ශබ්දය සමාන වන්නේ ඉසෙඩ් අකුරේ ශබ්දයට. එතකොට අර පැරණි බයිලාවක එන ‘ඔයා මිස් ද - මිස් ද මිසිස් ද - මට ආසයි එය දැනගන්න' කියන එකට  උත්තරයක් දෙන්න පුළුවන්. ඒත්, මිස්ටට මහතා හෝ මයා හෝ කියා ද, මිසිස්ට මහත්මිය හෝ මිය හෝ කියා ද, මිස්ට මෙනෙවිය කියා ද කිව්වාට මස්ට සිංහලෙන් තවමත් වදනක් නැහැ. එකක් යෝජනා කරන්න.

සර් හා මැඩම් කියන වදන්වල මුල් ඉංගිරිසියේ නැති තරම් සම්භාවනීය අරුතක් ලංකාව වැනි ආසියාතික රටවල තිබෙනවා. නමට මුලින් සර් යොදපු සර් ජෝන් කොතලාවල වගේ නයිට්වරු වගේ ම නයිට් ක්ලාස් කරලා උගන්වන ටියුෂන් සර්ලාත් ලංකාවේ ඉන්නවා. අපේ සර්, අපේ මිස් වැනි යෙදුම් වගේ ම ලොකු මිස්, ලොකු සර්, පො…

අයිස් බකට් අභියෝගය

Image
ධනේශ්වර ක්‍රමයට විසඳිය නො හැකි ප්‍රශ්න වන දිළිඳුකම, නූගත්කම, අපරාධ, දූෂණය, විෂමතා වැනි ප්‍රශ්න විසින් ක්‍රමය අර්බුදයට පත් කර බිඳ වැට්ටවීම පාලනය කිරීම සඳහා භාවිතා කෙරෙන ක්‍රමවේද අතර පුන්‍යාධාර හා සමාජ සේවය ද ඇත. විශේෂයෙන් ම දියුණු, ධනේශ්වර රටවල ජනයා අතර පුන්‍යාධාර හා සමාගම් අතර සමායතන සමාජ වගකීම වැනි සංකල්ප ප්‍රවර්ධනය කරනු ලැබේ. එමගින් කරනු ලබන්නේ විශේෂයෙන් ම තුන්වන ලෝකයේ මිනිස් කසල බවට පත් වෙමින් තිබෙන මිනිසුන්ට යම් උපකාර කිරීමයි.

එහෙත්, මෙහි මූලික ගැටලුවක් තිබේ. එනම්, විෂමතා දුරලමින් සමානාත්මතාව ඇති කරන දේශපාලන නැඹුරුවක් වෙනුවට විෂමතා උත්සන්න කරන දේශපාලනයක් වෙනුවෙන් කටයුතු කරමින් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අදේශපාලනික, පුන්‍ය සංකල්යකින් කටයුතු කිරීම ඒ දේශපාලන ප්‍රශ්නයයි. මෙය හරියට රෝගයට ප්‍රතිකාර නො කර රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කිරීමක් වැනි ය. 

උදාහරණ ලෙස මෙසේ ගන්න. ලංකාව වැනි ජනතාව විපතට පත් කරන පාලකයන් සිටින රටවල් රැසක පාලකයින්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගනිමින් හා ඔවුන්ට උපකාර කරමින්, ඔවුන් විසින් ඇති කරනු ලබන මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය නොවන සංවිධානවලට උපකාර කිරීමේ …

වාරියපොළ තරුණිය පාර්ලිමේන්තු අරිමුද?

Image
ප්‍රභාකරන්ගේ මරණින් පසුව ලංකාවේ මාධ්‍යවලට පුවත් පිළිබඳ බරපතල ගැටලුවක් තිබේ. ඒ නිසා පොඩි පොඩි පුවත් පවා අතිශයෝක්තියට නඟන්නට සිදු වී තිබේ. 

ප්‍රභාකරන් සිටි කාලයේ නම් එහෙම නැත. වරක් මම මතුගම - අලුත්ගම පාරේදී පෞද්ගලික ලංගම බස් රේස් එකක ප්‍රතිඵලයක් ලෙස ලංගම බසයක් පාලමකින් ගඟකට වැටී ගිලී මගීන් දහයක් පමණ මිය යාම පිළිබඳ විශේෂාං ලිපියක් එකල මා සේවය සැපයූ ලංකාදීප පුවත්පතට ලිව්වෙමි. එහෙත්, ඒ සති අන්තයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය සිදු වූ බැවින් ඒ ලිපිය පළ කරන්නට ඉඩක් සොයා ගත නො හැකි විය.

දැන් එහෙම නැත. ඕනෑම පොඩි සිද්ධියක් වවාගෙන කෑ හැකි මාධ්‍ය බුරුත්තක් රටේ තිබේ. මේ අයගේ අලුත්ම ගොදුර වාරියපොල තරුණිය ය. ඇය තමන්ට ඔච්චම් කළ තරුණයකුට බස් නැවතුම්පළකදී ප්‍රසිද්ධියේ පහර දෙනු කිසිවකු විසින් වීඩියෝ කර සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය කරන ලදී. ඒ ඔස්සෙ විවිධ පුවත් හා අදහස් නිර්මානය වූ අතර, ආණ්ඩුවේ ලොකු ලොක්කන් කරන අපරාධ හා දූෂණ හැර අන් හැම දෙයක් ගැනම හොයන පොලිසියක් හා එයටම ගැලපෙන මාධ්‍ය ප්‍රකාශකවරයකු සිටින ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන අංශය ද දැන් මේ සිද්ධිය සම්බන්ධයේන් ක්‍රියාකාරී වී තිබේ.

ජීවිතේට ජනමාධ්‍යයක අවධානය දිනා …

ජවිපෙ ලාල් කාන්තගේ දුක්ගැනවිල්ල

Image
උපුල් ශාන්ත සන්නස්ගලගේ අම්මා පොතේ දොරට වැඩුම වෙලාවේ ජවිපෙ පළාත් සභා මන්ත්‍රී ලාල් කාන්ත දුක්ගැනවිල්ලක් කියා තිබිණි.

මගේ දුවගේ අම්මත් හැමදාම අවුරුදු ගාණක් උදේ හතරට නැගිටිනවා. දැන් උසස් පෙළ ඉගෙන ගන්නේ. ටියුෂන්වලට මාසෙට රුපියල් තිස් දහසක් විතර ඕනි. විද්‍යා විෂයන් ඉගෙන ගන්නේ. බිරිඳ ගුරුවරියක්. එයාගේ පඩිය මදි. මට කියක්වත් හම්බ වෙන්නේ නැහැ. එයා තනියම ඒ දුක දරාගෙන වැඩ කරගෙන යනවා.

මං කොහේ හරි රට වටේ ගියාම අපේ සහෝදර සහෝදරියන් දෙන හාල් පොල් ටිකක් ගෙදරට ගෙනත් දානවා. ඒකෙන් වැඬේ හරියන්නේ නෑ. මං කියනවා රටේම මිනිස්සු අපිට එක එක ප‍්‍රශ්න කියනවා. ගොඩක් අයගේ ප‍්‍රශ්න විසඳනවා. ඒවාට මැදිහත් වෙනවා.

එතකොට නෝනා මගෙන් ඇහුවා, ‘‘ඉතින් ඔයා ඇයි බලාගෙන ඉන්නේ. ඔයා මොකක් හරි කරන්න බලන්න.’’ ඔයා දන්නවා මම අවුරුදු 30ක් ජේවීපි එකේ ෆුල් ටයිම්. ශත පහක්වත් හම්බ කරලා නැහැ මේ අවුරුදු 30.

දැන් මට එයා කියනවා අවුරුදු තිහක් ෆුල් ටයිම් කරපු මට ‘ඔයත් මොනව හරි කරන්න බලන්න’. ඒ අම්මා අර අම්මාට වඩා වෙනස් තමයි නමුත් තාමත් දුක් විඳිනවා. (උපුටා ගැනීම නෙත් රේඩියෝව)

මේ කියන ආකාරය අනුව තවමත් ජවිපෙ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වැටුප යන්නේ පක්ෂ අරම…

ජනපති ඔබ කොහිද?

Image
දැන් අපේ ජනාධිපති හදිසියේ ම පැදුරටත් හොරා රට පලච්චි නේ. ගියේ කොහේ ද, ඉන්නේ කොතැන ද, කරන්නේ මොනවා ද යන්න අපි නො දනිමු. 

ජනාධිපතිවරයාට  එහෙම යන්නට බැරි ය. ඔහු විධායක ජනාධිපති බලතල ඔස්සේ ජනතා පරමාධිපත්‍යය පවරාගෙන සිටින්නෙකි. එබැවින් ඔහු කරන කියන සියලු වැදගත් දේ දැනගන්නට ජනතාවට ද අයිතියක් තිබේ. රටින් බැහැර වීම යනු ඉතා බැරෑරුම් දෙයකි. එහෙයින් ජනතාවට ඒ පිළිබඳව දැන ගැනීමට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. එය පෞද්ගලික හේතුවක් වුවත් කරන්නට දෙයක් නැත. ජනාධිපති ලේකම් කාර්යාලය ඒ පිළිබඳව සත්‍යය පැහැදිලි කළ යුතු ය. නැතිනම් සිදු වන්නේ විවිධ අනුමාන සිදු වීම ය.

ඉතින් ඇයි ඔහු අපට එහෙම කළේ කියා එක එක විධියට කල්පනා කරන්න පුළුවන් නේ. ඒ නිසා කල්පනා කොරන්න. පහත සඳහන් උපුටා ගැනීම ඔස්සේත් හිතන්න පුළුවන්. හිතන්න. හැබැයි නිකං ආවට ගියාට කොමෙන්ටු කොටන්න එපා. 

ජනාධිපතිවරයාට දෝෂාභියෝගයක් ගෙන ආ හැකි ආකාර පිළිබඳව පිළිබඳව ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථාවේ 38 වන ව්‍යවස්‌ථාවේ (2) වන අනු ව්‍යවස්‌ථාවෙන් විස්‌තර කෙරේ.

38 (2) (අ) ජනාධිපතිවරයාට ශාරීරික හෝ මානසික අබලතාව හේතුවෙන් ඔහුගේ ධුරයේ කාර්ය ඉටුකිරීමට නියත වශයෙන් නොහැකි …

සුන්දර ඉංගිරිසි: බත්ද රයිස්ද ඕනැ?

Image
සිංහලයන්ගේ ඉංග්‍රීසි අතර තිබෙන ඇතැම් යෙදුම් හිනා යනසුළු වුණත් ඒවා හරි අපූරුයි. මේ ලක්ෂණය වැඩියෙන් ම දකින්නට ලැබෙන්නේ පොදු ජනයාගේ ඉංග්‍රීසි ව්‍යවහාරයන් අතරයි. එහෙත්, ඒවා එතැනින් පොදු ව්‍යවහාරයට එන එකත් වළක්වන්න බැහැ.

දැන් අපි යමුකො හෝටලේකට. ලංකාවෙ මිනිස්සු හෝටල් කියන්නේ ඉංග්‍රීසි හොටෙල් (hotel) කියන වදනින් අරුත් ගැන්වෙන ස්ථානයට ම නෙමෙයි. ඉංග්‍රීසියෙන් හොටෙල් කියන ස්ථානයේ අනිවාර්යයෙන් ම නවාතැන් පහසුකම් තිබෙනවා. ඒත්, ලංකාවේ කෑම විකුණන්න තිබෙන ඕනෑම තැනකට හෝටලේ කියනවා. සමහර පෙට්ටි කඩවලත් හෝටලය කියා ලියා තිබෙනවා.

පැරණි ජනප්‍රිය ළමා ගීයක මෙවැනි සෙල්ලම් කඩයක් හැඳින්වෙන්නේ සීනිබෝල හෝටලේ කියායි. එය මේ වදන සාහිත්‍යයට එක් වූ අවස්ථාවක්.

කෑමවලට විතරක් නෙමෙයි, ඇතැම් විට බීලා වැඩි වෙලා වමනේ දානකොටත් හෝටල් දානවා කියනවා. බීලා වැඩි වුණාම වෙරි වෙනවා. මේ වෙරි (very) කියන වචනය ඉංග්‍රීසියෙන් ගත් එකක්. වැඩියි කියන එක තමයි අර්ථය. ඉංග්‍රීසි බජාර් භාෂාවේ, එහෙමත් නැතිනම් ගොඩේ ව්‍යවහාරයේ තිබෙන හෙවත් ඩෝප් (dope) කියන වචනයෙන් අරුත් ගැන්වෙන්නේ මත්ද්‍රව්‍ය හෝ නීති විරෝධී මත්පැන්. ඒ වුණත් අපේ මිනිස්සු සීල් අරක්කු බිව්වත්…

වාරියපොල පෝරියල් එක

Image
මේ දවස්වල අන්තර්ජාලයේ කට්ටියගේ බයිට් එක වාරියපොළ චන්ඩි කෙල්ල හා ඇගෙන් ගුටි කෑ කොල්ලා ය. 

ඔය වගේ සිද්ධි ඉඳහිට සමාජයේ සිදු වේ. එහෙත් ඒ හැම එකක් ම දුරකථන කැමරාවෙන් වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හරින්නේ නැත. 

දැන් මෙහි තිබෙන වැදගත් ම කරුණ කෙල්ලගේ ප්‍රහාරය ද? කොල්ලාගේ බකන්නිලාගෙන සිටීම ද?

මේ දෙකම නොවේ. සිද්ධිය බලා සිටින අයගේ ප්‍රතිචාරයයි. සමාජය දැන් සිදුවීම්වල නිරීක්ෂකයෝ පමණක් ද? කෝ ඉස්සර වගේ වලි බේරන අය? 

ඒ විතරක් නෙමෙයි, ජංගම දුරකථනය නිසා දැන් හැමෝම වාර්තාකරුවෝ වෙලා.  

අන්තර්ජාලයේ මේ සිද්ධිය ගැන ලියැවුණ දේවල් පොඩ්ඩක් ආපසු නිරීක්ෂණය කර බලන්න. සමහරු කියපු විධියට කෙල්ල කොල්ලාට ගැහුවේ දයාසිරිගේ හයියෙන්.

මෙතැනදී ඇත්තෙන්ම වැදගත් සිද්ධිය ද? මම හිතන්නේ වැදගත් වී තිබෙන්නේ සිද්ධියේ වාර්තාකරණයයි. වාර්තාකරණයෙන් පසුවත්, සමාජය හැසිරෙන්නේ අර රූප රාමුවල ඉන්න සෙසු අය වගේ ම තමයි. සමහරු කෙල්ලගේ පැත්තේ. සමහරු කොල්ලගේ පැත්තේ. තව සමහරුන්ට ගත යුතු පැත්ත තීරණය කරගන්න බැහැ.  

දැන් මේ වීඩියෝ එක වයිරල් වුණ නිසා හැමෝටම අවශ්‍යයි එහි කිසියම් තැනක ස්ථානගත වෙන්න. පොලිසියටත් එහෙම වෙලා. බොදු බල සේනාව පොලිසිය ඉදිරිපිටදී ම තරුණයක…

අයිස් නෙමෙයි ගූ නාපියව්!

Image
අයිස් බකට් සෙල්ලම පිළිබඳ මගේ මතය ඉතා කෙටියෙන් ෆේස්බුක්හි හා ට්විටර්හි සටහන් කළෙමි. එය නැවත බ්ලොගයෙහි ද සටහන් කරමි. 

ලංකාවේ අය මේ සෙල්ලම කරන්නේ අමු සෝබනයට ය. මේ සෙල්ලම කරන එවුන්ට මේ රටේ ජනයා ගැන නො තිබුණු මානුෂික හැඟීමක් එක පාරටම ලෝක සත්වයා ම ගැන පහළ වී තිබෙන්නේ මේ පසුපස තිබෙන ප්‍රචාරය නිසා ය. 

ඒ නිසා ඔන්න අහගනියව්! 

අයිස් නෙමෙයි ගූ නාපියව්! 

මෙහේ වකුගඩු රෝගීන්ට පිහිට වෙන්න බල්ලෙක්වත් නැහැ. 

සෝබනේට අයිස් නාන්න නං ඉන්නවා හැත්ත. 

මුං නෑවට ඩොලර් දහය දුන්නද දන්නෙ දෙයියො තමයි. 

නොදකින් ඩොලර් දහයට පබ්ලිසිටි අරගන්න දඟලන කැත.
කාලකන්නි!
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් ප…

ඉම්රාන් ඛාන්ගේ වේග පන්දු හමුවේ පකිස්තානය

Image
පාකිස්තානය යනු එහෙමපිටින් ම සමාජ දේශපාලන අර්බුදයකි. අද වන විට එම අර්බුදය තවත් උග්‍ර වී තිබේ. පාකිස්තානයේ විපක්ෂයේ නායකයකු වන හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ හා ආගමික නායකයකු වන තහීර් උල් කද්රිගේ නායකත්වයෙන් අගමැති නවාස් ෂරීෆ්ට එරෙහිව දැවැන්ත උද්ඝෝෂණයක් සිදු වෙමින් තිබේ. නවාස් ෂරීෆ් අගමැති තනතුරින් ඉල්ලා අස් විය යුතු බවට ඔවුහු උද්ඝෝෂණය කරති.

යුක‍්තිය සඳහා ව්‍යාපාරයේ නායක ඉම්රාන් ඛාන් පවසන්නේ මාස 15කට පෙර නවාස් ෂරීෆ් ලැබූ මැතිවරණ ජයග්‍රහණය වංචනික එකක් බවයි. ඔහුගේ දූෂණ විරෝධී උද්ඝෝෂණයට තරුණ ජනයා අතර පුළුල් සහයෝගයක් තිබේ. තහීර් උල් කද්රි යනු පාකිස්තානයේ ඉස්ලාමීය දේශපාලන ව්‍යාපාරය මධ්‍යස්ථකරණය කළ යුතු බව පවසන ආගමික හා දේශපාලන නායකයෙකි. නිදහස, නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම්, යහපාලනය හා කාන්තා අයිතිවාසිකම් ආදියට ගරු කරන ඉස්ලාමීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින ඔහුට කම්කරුවන් අතර පදනමක් තිබේ. කද්රි ජාත්‍යන්තර ආණ්ඩුක්‍රම පිළිබඳ මහාචාර්යවරයෙකි. එසේම ඉස්ලාම් ආගමික ගුරුකුලයක් වන සුෆී දහම පිළිබඳ ශාස්ත්‍රඥයෙකි.

මේ වන විට යුක්තිය සඳහා ව්‍යාපාරයේ හා උල් කද්රිගේ පාකිස්තාන් අවාමි ටෙහ්රික් පාක්ෂිකයෝ…

ඒ නිසා මං බ්ලොග් ලියනවා

Image
පාඨකයන් පිවිසුණු පිටු සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවීම ගැන සතුටු ය.

මේ බ්ලොගය ආරම්භ කර දැන් වසර පහකි. W3Lanka නමින් පවත්වාගෙන ගිය පුවත් වෙබ් අඩවියට අනුබද්ධවයි මුලින් ම මෙය 2009 ජුනි මාසයේ ආරම්භ වුණේ. අපි W3Lankaවෙබ් අඩවිය පටන් ගත්තේ 2009 පෙබරවාරියේයි. එහෙත්, ආර්ථික ගැටලු නිසා එය පවත්වාගෙන යාම දුෂ්කර වුණා. දේශපාලන සංවාදය පවත්වාගෙන යන්න බ්ලොග්කරණය යොදා ගැනීම ගැන අපව උනන්දු කළේ බූන්දියෙන්.

මෙහි පළ වූ මුල් ම ලිපිය ඩෙංගු මදුරුවාට බැක්ටීරියා ප්‍රහාරයක්

අවුුරුද්දක් ඇතුළත අපේ පිටු ලක්ෂයකට පාඨකයෝ පිවිසුණා.  ඒ වෙලාවේ මා තැබූ සටහන මෙහෙමයි:


පුවත්පතක් නැති පත්තරකාරයන්ගේ වසරක උදානය

“It often requires more courage to dare to do right than to fear to do wrong.”

– Abraham Lincoln

නිවැරදි දේ කිරීම සඳහා හැම විට ම වැරදි කිරීමට බිය වීමට වඩා ධෛර්යය අවශ්‍ය බව ඒබ්‍රහම් ලින්කන්ගේ ඉහත ප්‍රකාශයේ අදහසයි.

අපි දැන් මෙම මාධ්‍ය ව්‍යාපෘතියට වසරක් සපුරමින් සිටිමු. මෙය නිශ්චිත දිනෙක එළි දක්වන ලද්දක් නොවන හෙයින් අපට නිශ්චිත උපන් දිනයක් නැත.

මෙය ආරම්භ කළේ හා පවත්වාගෙන යන්නේ තනිකර ම ස්වේච්ඡා ශ්‍රමයෙනි.

අප මෙය ආරම්භ කරන විට මුද්‍රි…

ලොකු එවුන්ට ලොකු කොමිෂන් ය. පොඩි එවුන්ට පොඩි මෝටර් සයිකල ය.

Image
රජයේ සේවයේ වෘත්තීන් රැසක සේවකයෝ දිනපතා අසීමිත දුක් විඳගෙන පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් හෝ මෝටර් බයිසිකල්, පාපැදි වැනි වෙනත් ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරමින් දිනපතා සේවයට පැමිණෙති. 

පෞද්ගලික අංශයේ සේවකයන්ට, ස්වයං රැකියා කරන්නන්ට හා වෙනත් ශ්‍රමිකයන්ට ද  ප්‍රවාහන ගැටලු තිබේ. 

මේ රටේ ආර්ථික ජීවනාලිය වන් මැද පෙරදිග ගෘහ සේවිකාවන්ට ආපසු ගෙදර යන විට මුදල් ගෙවා හෝ ආරක්ෂිතව යා හැකි ප්‍රවාහන සේවාවක් නැත. 

මේ කිසිවෙක් ගැන නැති අනුකම්පාවක් ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් රජයට ඇත්තේ ඇයි?

පහත පළ වන්නේ අපගේ මිතුරකු විසින් රජයේ සේවයේ ක්ෂේත්‍ර රාජකාරි කරන නිලධාරීන් පිළිබඳව ෆෙස්බුක්හි පළ කරන ලද නිරීක්ෂණයකි. 


විශේෂ වැඩසටහන් හෝ විශේෂ රාජකාරි නොමැති විට පහත ක්ෂේත්‍රයන්හි රජයේ නිලධාරින් 'බහුතරය' සතියේ වැඩ කරන දින...... (මා වාසය කරන පළාතට සාපේක්ෂව)
1. ග්‍රාම නිලධාරින් - බොහෝවිට දින 3 හෝ 4 යි.
2. ආර්ථික සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 ක් හෝ 3 යි.
3. සමෘද්ධි සංවර්ධන නිලධාරින් - බොහෝවිට දින 2 යි.
4. ගොවි නියාමක නිලධාරින් - බොහෝවිට දින 1 ක් හෝ 2 යි.
5. ප්‍රාලේ කාර්යාල/ගොවිජනසේවා කාර්යාල වැනි ඒවාට අනුයුක්ත වෙනත් ඇ…

රා.ප.න.ක.දූ.ගැ.හො.පො. හෙවත් රාජපක්ෂ පවුලේ නමින් කරන දූෂණ ගැන හොයන පොලිසිය

Image
රාජපක්ෂ පවුලේ නම විකුණමින් කරන ගසා කෑම් ගැන සොයා බලන්නට වෙනම පොලිස් ඒකකයක් පත් කර තිබේ.

රාජපක්ෂ පවුලේ ගසා කෑම් ගැන සොයන්නට නම් පොලිස් ඒකකයක් ප්‍රමාණවත් වන්නේ නැත. ඒවා ගැන කතා කරලා වැඩක් නැත. 

රාජපක්ෂ පවුලේ අයට දෙන්නට යයි කියමින් පගා ඉල්ලන තත්වයක් රටේ නිර්මානය වී තිබෙන්නේ නිකම් නොවේ. රැකියා විරහිත රෝහිත රාජපක්ෂලා එක්ලක්ෂ පනස්දාහේ සපත්තු පළඳින්නේ ද, මේ රටේ යන එනමං නැතිව ඇමරිකාවේ පොඩි පොඩි රස්සාවලට ගිය සහෝදරයින් දැන් ලෝක මට්ටමේ ධන කුවේරයින් වී සිටින්නේ ද අන්න ඒ තත්වය තුළ ය. 

හොයනවා නම් හොයා ගනු. අද වන විට රජයේ හා රජයේ ව්‍යවසායන්ගේ රස්සාවක් අලුතින් ගන්නට පමණක් නොව, උසස්වීමක් ගන්නටත් දේශපාලකයන්ට පගා දිය යුුතු ය. ඇතැම් සාන්තුවර ඇමතිවරු පගා ගන්නේ පන්සල් හදන්නට, අරකට-මේකට කියා ය.

ඔය තරග විභාග අරවා මේවා දැන් තනිකර ම බොරු ය. රස්සා සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ ගෝල බාලයන් පවා කියන්නේ පවුලේ අයට කුට්ටිය දිය යුතු බව ය. 

අපි නො දන්න බිස්නස් ක්ෂේත්‍ර යේ තත්වය ඊට එහා ය. පවුලට හා ඇමති ඇම්බැට්ටයන්ට කුට්ටිය නොදී බිස්නස් එකක් කරන්නට බැරි බව ඒවා කරන අය කියති. 

සංවර්ධනය නමින් ගිනි පොළියට ගත් ණයෙන් කෙරෙන ඉදිකිරීම් කොන්…

සුද්දන් සුද්ද කිරීමේ සංචාරක ව්‍යාපාරය

Image
ඉරිදා දිවයින පුවත්පතට තරංග රත්නවීර විසින් ලියන ලද මෙම ලිපිය රටේ සියලු පුරවැසියන්ගේ අවධානයට ලක් විය යුතු ය. (කියවන්න: මේ විදිහට සංචාරකයන් සුද්ද කළොත්....?)

පසුගිය දිනෙක ඉතාලි හාම්පුතුන් සමග ලංකාවේ සංචාරය කළ මගේ විදේශගතව සේවය කරන මිතුරකු ද මෙහි සඳහන් කරුණ මට කීවේ ය.  ඔහු සඳහන් කළ එක් කරුණක් වූයේ කිසිදු සුවිශේෂත්වයක් නැති හෝටල් කාමර වෙනුවෙන් අය කරන අධික මිළ යුරෝපයේ ධනවතුන්ට පවා දරා ගත නො හැකි බවයි. 

ඒ සමගම ඔහු කී තවත් කරුණක් වූයේ දින කීපයක සංචාරයේදී භාණ්ඩ මිළ දී ගත් කඩ ඇතුළු විවිධ තැන්වලින් ඔහුට ලැබුණු කොමිස් මුදල රුපියල් ලක්ෂයකට අධික වූ බවයි. 

ලංකාව දැන් කොමිස්ලන්තයක් වී තිබේ. තමන්ට වාසියක් නැතිව, වෙනත් අයෙකු සමග සිනාසෙන්නටවත් දැන් අපේ රටේ මිනිස්සු සූදානම් නැත. 

මෑත වසර කීපය තුළ මේ රටේ දැවැන්ත සංස්කෘතික විපර්යාසයක් සිදු වී තිබේ. ආගන්තුක සත්කාරයට නම් දරා සිටි මේ රටේ මිනිස්සු දැන් ගල්කාසයන්, අංකූරන් ලෙස ලොවට හැඳින්වෙමින් සිටිති. 

බුලත් පයියට හෙණ ගැහුවාම හුණු කිල්ලෝටෙ ගැන හොයල වැඩක් ඇතැයි? 

අපේ දේශපාලන නායකත්වය ගැන කතා කරලා වැඩක් නැත. ආගමික නායකත්වය ඊට දෙවෙනි නැත. හොඳ දොල පිදේනියක් ලැබුණාම …

සුන්දර ඉංගිරිසි: ඔබ ඇපල් මලක් වාගේ

Image
ගිය සතියේ ලියන්න පටන් ගත්ත ගැහැනු-පිරිමි-මල්-පලතුරු-සත්තු-ගම් ලිපියේ ඉතිරි කොටස තමයි අද ලියන්නේ. ගැහැනු, පිරිමි ගැන ලිව්වානේ. අද ඉතිරි ටික.

‘රෝස මලේ නටුවෙ කටු - වන බඹරෝ ඔහොම හිටූ' නම් ආනන්ද රාජකරුණා ලියූ ළමා ගීය නො දත් ළමයකු ලංකාවේ නැති තරම්. රෝස මල ලංකාවට ආවේ පිටරටින්. අපි ඒ මලට රෝස කියා නම තැබුවේත් ඉංග්‍රීසි වදනින්. මේ මලට ලතින් බසින් කියන්නේත් රෝසා කියායි.

රෝස පාට කියා පාටක් සිංහලට ආවේත් රෝස මල් නිසායි. අතීත සිංහල භාෂාවේ රෝස කියා පැහැයක් තිබුණේ නැහැ. තිබුණේ ළා රත් පාටයි. ජන වහරේ නා දළු පැහැය කිව්වේත් මේ පාටට තමයි.

ඇන්තූරියම්, ඕකීඩ් (උඩවැඩියා), බාබන්ඩේසි, කැනාස් (බුත්සරණ), ඩේලියා, ලිලී, රොබරෝසියා, මැයි මල් වැනි මල් වර්ග රැසක ම නම් අපි අරගත්තේ ඉංග්‍රීසි බසින්.

බාබන්ඩේසි කියන වචනය තත්භව වදනක්. ඒ මලේ නමේ සම්භවය දකුණු අප්‍රිකානු නගරයක් වන බාබටන්. අපි බාබටන් ඩේසි බාබන්ඩේසි කර ගත්තා.

අපි වදමලට සපත්තු මල කියන්න පටන් ගත්තේ ඉංග්‍රීසි shoe flower සිංහලට පරිවර්තනය කරගෙනයි.

අරලියා ගස් වැඩිපුර තිබෙන්නේ පන්සල්වල නිසා එය  temple tree ලෙස නම් වුණා. ඒ ගස් වවා තිබුණු ඉඩමක පිහිටි මන්දිරය Temple Trees …

අපි දැන් හරි පොහොසත්. පලස්තීනෙටත් ඩොලර් මිලියනයක් ම දුන්නෙ සල්ලි සල්ලි කියල බලන්නැතිව

Image
පලස්තීනයට උදව් කළ යුතු ය. උදව් කළ යුත්තේ හමාස් හා වෙනත් අන්තවාදී සංවිධානවලට උමං හාරන්න, ආයුධ මිළ දී ගන්න හා ඊශ්‍රායලය සමග යුද්ධ කරන්නට නොවේ. එසේ ම යුද්ධය මුවාවෙන් ලැබෙන සල්ලිවලින් යුද ආර්ථිකයක් ගොඩනගා ගන්නට ද නොවේ.

පලස්තීනයට උදව් කළ යුත්තේ ඊශ්‍රායලය ද පවතින සංදර්භයක් තුළ ප්‍රශ්නයට ස්ථිරසාර දේශපාලන විසඳුමක් සොයන්නට ය. ඊශ්‍රායලයට ඇමරිකාව උදව් කළත්, ඊශ්‍රායල් රජය යුද අපරාධ කළත්, එරට ජීවත් වන්නේ ද මිනිස්සු ය. ඔවුහු ජීවත් විය යුතු ය. 

දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එක පාරටම නින්දෙන් ඇහැරුණා සේ ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන්නේ කාගේ අප්පාගේ බූදලයෙන් ද? මේ සඳහා කැබිනට් අනුමැතියවත් ලබා ගෙන තිබේ ද?

2008, 2009 වකවානුවේදී වන්නියේ ජනතාව ද සිටියේ අද ගාසා තීරයේ පලස්තීනුවන් වගේ ම ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තවමත් අනාථ කවුරුවල ය. යළි පදිංචි කරන ලද යුද්ධයෙන් වැනසුණු ගම්බිම්වල මූලික පහසුකම් ද හිඟ ය. අන්න ඒක තමයි ආශ්චර්යය. අපි ඊශ්‍රායලය වගේ වැඩ කරමින් පලස්තීනයට අනුකම්පා කරන්න පුළුවන් මිනිස්සු, හසන්ත මහත්තයෝ. ඒක හරියට හාවුන් සමග දුවමින් බල්ලන් සමග දඩයම් කරන්නා වගේ.

මේ අතර ලංකාවේ භූමියෙන් සුවිසල් පංගුවක මහා නියඟය…

එබෝලා ලංකාවට එයිද?

Image
එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අප්‍රිකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්නා ලංකාව කටයුතු කළා. මේ දිනවල එබෝලා පැතිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා.

මොකක්ද මේ එබෝලා? එබෝලා රක්තපාත රෝගය නමින් හැඳින්වෙන මෙම රෝගය වයිරස් ආසාදනයක්. එය කෙතරම් භයානක එකක් ද කියනවා නම් මරණ අනුපාතිකය 90%කට වැඩියි. ඒ කියන්නේ වැළඳුනොත් 90%ක් ම ඉඩ තිබෙන්නේ මිය යන්නයි.

එබෝලා වයිරසයේ ප්‍රභේද පහක් හඳුනාගෙන නම් කර තිබෙනවා. දැනට රෝය පැතිරෙමින් තිබෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ වුණත්, මෙම වයිරස් ප්‍රභේද අතරින් එකක් චීනයේ හා පිලිපීනයේත් සතුන් අතර පැතිර තිබෙනවා. එය මිනිසුන්ටත් බෝ විය හැකි වුණත්, තවම මරණ වාර්තා වී නැහැ.

එබෝලා මිනිසුන්ට බෝ වන්නේ පලතුරු වවුලන්, වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි වන සතුන්ගෙන්. එහෙත්, එය මිනිසුන් අතර පැතිරුණු පසු මිනිසාගෙන් මිනිසාට ස්පර්ශයෙන් බෝ වෙනවා.ආසාදිතයන්ගේ ලේ, සෙම්-සොටු වැනි තරලයන් මගින් වෙනත් අයට රෝගය බෝ වෙනවා. රෝගය වැළඳුණු අය දැඩි සත්කාර ලැබිය යුතුයි. සුව වූ අයත් සති හතක පමණ කාලයක් ර…

රූපලාවන්‍යය හා සමාජවාදය

Image
ලස්සන වෙන්නට ශල්‍ය කර්මයක් කරන්නට ගිය වෛද්‍යවරියක කණගාටුදායක මරණයකට මුහුණ දී තිබේ.

මේ පිළිබඳ ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ හරියට මේ දොස්තරවරිය වනචර වැඩක් කරන්නට ගොස් අනතුරට පත් වුණා වගේ ය. අදාළ වෛද්‍යවරයා ගබ්සා කරනවා වැනි  වැඩක් කළා වගේ ය.

කවුරුත් ලස්සනට ඉන්නකොට ලෝකය ලස්සන ය. විශේෂයෙන් ම ගැහැනුන් ලස්සනට ඉන්න එක හොඳ ය. මන්ද, පිරිමි දර්ශනකාමුකයෝ ය.

ලස්සන කියන එක අර්ථකථනය කර ගන්නා ආකාරය පිළිබඳ යම් ගැටලු තිබේ. උදාහරණයක් ලෙස සුදු, හීන්දෑරි ගැහැනු ලස්සන ය යන බටහිර අධිපති ආකල්පය රූප සුන්දරී තරග වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ලෝකය පුරා ම පතුරුවමින් තිබේ.

කළු මහත ගැහැනුත් ලස්සන ය. අමතර මේද ටිකක් තිබෙන එක මහා අවලස්සනක් නො වේ.

කළු පාටත්, මහතත් කැත ය කියා භීතියක් සමාජය තුළ ඇති කරනු ලැබේ. ඒ භීතිය විසින් ඇති කරන වෙළඳපොළට ෆෙයාරැන් ලව්ලි, නිමල් ගමගේ හා තවත් විවිධ වෙළඳ කටයුතු ආදේශ වේ. ඔවුන්ගේ අරමුණ ලාභ ඉපැයීමයි.

තරබාරුකම හා සම්බන්ධ නිරෝගීකම පිළිබඳ ප්‍රශ්නයේදී නම් කළ යුතුව තිබෙන්නේ සෞඛ්‍ය සම්පන්න දිවි පැවැත්මක් පවත්වාගෙන යාමයි.ඒ සඳහා ව්‍යායාම කළ යුතු ය. ආතතියෙන් තොරව, හැකි තරම් සොබා දහමට සමීපව ජීවත් විය යුතු ය.

ධනවාද…

සහෝදරයින්ගේ සහෝදරකම හා ජේ.ආර්.ලාගේ මොකක්ද එක

Image
පසුගිය දිනවල මගේ සිත් ඇද ගත් තීරු ලිපියක් හා සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධවයි මෙය ලියන්නේ. මේ ලිපි දෙක එකිනෙකට සම්බන්ධ නැහැ.

හේමන්ත වර්ණකුලසූරියගේ තීරු ලිපියක ඔහු දිග කතාවක් කියනවා. එහි අරමුණ ජේ.ආර්.ගේ ගුණ වැනීමයි.

ආර්.පී. විජේසිරි කියන්නේ 1977 මහ මැතිවණයේදී හාරිස්පත්තුව බහු ආසනයට ස්වාධීනව තරග කර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූ මන්ත්‍රීවරයෙක්. ඊට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ සිටිමින් ඩඩ්ලිගේ පැත්තේ සිට ජේ.ආර්.ට විරුද්ධව සටන් කළ කෙනෙක්.

මේ ආර්. පී. විජේසිරිට 1977 මහ මැතිවරණයේදී ආසනයක් දිනා ගන්නට හැකි වුණේ ඔහු උඩරට අඩු වරප්‍රසාදිත කුලයක් වූ පන්න දුරාව කුලය නියෝජනය කළ නිසායි.

එක් අවස්ථාවකදී විජේසිරි ප්‍රසිද්ධ රැස්වීමකදී ජේ.ආර්.ට තිත්ත කුණුහරුපෙන් පලු පැලෙන්න බනිනවා. රැස්වීම වාර්තා කළ පොලිස් නිලධාරියා මෙම කතාව පටිගත කර ගනිමින් වාර්තා කර ගන්නවා. පසුව විජේසිරිට විරුද්ධව මහනුවර මහාධිකරණයේ නඩුවක් ගොනු කරනවා ජනාධිපතිට අපහාස කිරීම සම්බන්ධව.

විජේසිරි වෙනුවෙන් පෙනී සිටින්න නීතිඥයකු පවා සොයා ගත නො හැකිව සිටියදී ඔහු වෙනුවෙන් පෙනී සිටින දැන් ජනාධිපතිගේ නීති උපදේශක ඩී. එස්. විජේසිංහ නීති තර්කයක් ගෙන එනවා…