MH 17 ගුවන් යානය බිමහෙළීම රුසියාවේ 9/11ද?

ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 නම් ගුවන් යානය අතුරුදහන් වූයේ පසුගිය මාර්තු 8දා ය. යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය තවමත් අභිරහසකි.

මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 ගුවන් යානය කාර්ය මණ්ඩලය හා මගීන් ඇතුළු 298ක පිරිසක් සමග ජුලි 17දා ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් බලා පියාසර කරමින් සිටියදී ගිනිකොණදිග යුක්රේනයට කඩාවැටුණේ මිසයිල ප්‍රහාරයකිනි. 

මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජනයා අතර මුල් බැසගෙන සිටින බෙදුම්වාදී සංවිධානය විසිනි. රුසියානු සම්භවයක් ඇති මේ ජනයාගේ හිමිකම් වෙනුවෙන් රුසියාව පෙනී සිටින අතර යුක්රේන් රජය සමග සටන් කිරීම සඳහා රුසියාව ඔවුන්ට යුද ආධාර ද පිරිනමයි. 

ඩොන්බාස් මහජන මිලීෂියාවේ කැරැල්ල යුක්රේනයේ දකුණුදිග හා නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙන යුක්රේන රජයට එරෙහි රුසියාවට පක්ෂපාත උද්ඝෝෂණවල කොටසකි. රුසියාව මේවාට ආධාර කරයි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් ලෙස රුසියාව සමග සමීපව පැවති යුක්රේනය බටහිර පක්ෂපාතී රජයන් යටතට පත් වීම හේතුවෙන් යුක්රේනය හා රුසියාව අතර ඇති වී‍ තිබෙන ගැටුම මෙහි පසුබිම වේ. 

මාර්තු 16දා පැවැත්වුණ ජනමතවිචාරණයේදී 93%ක් ම ක්‍රිමියානු ජනතාව ඡන්දය දුන්නේ යුක්රේනයෙන් වෙන් වී රුසියාව සමග යළි එකතු වන්නට පක්ෂවයි. මෙම ජනමතවිචාරණ ප්‍රතිඵලයට පක්ෂ අය පවසන්නේ 1954ට පෙර ක්‍රිමියාව රුසියාවේ කොටසක්ව තිබූ බවත්, එය යුක්රේනයට භාර දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ක්‍රිමියානු ජනතාවගේ කැමැත්ත විමසීමකින් තොරව බවත් ය. ඒ කාලයේ මේ රාජ්‍ය සියල්ල සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටස් ය. 

MH 17 ගුවන් යානය බිමහෙළීම යුක්රේනය හා මැලේසියාව අතර ප්‍රශ්නයක සීමාව ඉක්මවමින්  එය රුසියාව හා නේටෝ සංවිධානයේ සාමාජික ඇමරිකා හා යුරෝපා රාජ්‍ය අතර අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. 

බටහිර හිතවාදී ඇතැමෙක් මෙය හඳුන්වා දී තිබෙන්නේ රුසියාවේ 9/11 ලෙසයි.

ජනරළ 2014 - 07 - 27

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. යුද්ධයට මම මාර ආසයි ඕයි.....

    ReplyDelete
  2. ///මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජනයා අතර මුල් බැසගෙන සිටින බෙදුම්වාදී සංවිධානය විසිනි///

    ඈ%^.>> අමෙරිකාවවත් මෙච්චර ශුවර් එක පිට එහෙම කියන්නෑ...ඒත් මොකද ලංකාවේ පොරවල් වල්ට අංජනම් එලි, අරව මෙව්වා තියෙනවනේ.....

    ReplyDelete
  3. මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජනයා අතර මුල් බැසගෙන සිටින බෙදුම්වාදී සංවිධානය විසිනි

    para umba komada ban mechchara meka kiyanne mehema....buruwek wage, Nai TN eke news kiyanna wage kunuharupa liyanna epa ban....umbalath marama athal heena loka wala inne.....radical wenna puka hapagannawa wage wedane mewa....gono liyapan realistic widiyata....me rate inna gon uranwa eharawanna dangala umbalath tiken tika kerakunu nettakuth ekka nidi kiranna giyoth kisima dawasaka kisima kenek samaja hitha wadi radical minihekuta thenak nodewi...

    mehema liwe dukata para....mama umbe article kiyawana kenek....

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා