තමන්ගේ රූපය තමන්ගේ ම ටී කමිසයේ ගසාගෙන ඇඳ ගත් ජනාධිපතිතුමා

ලංකාව පුරා විවිධ වස්තූන්ට හා ස්ථානවලට තම දමාගෙන තිබෙන ජනාධිපති මහින්ද රාජපක්ෂ අලුත්ගම ප්‍රදේශයේ ජනවාර්ගික ගැටුම්වලින් පසුව කරනු ලබන ප්‍රතිසංස්කරණ නැරඹීමට ගොස් සිටියේ තමන්ගේ ම රුව දැක්වෙන ටී කමිසයක් ඇඳගෙනයි. 

චේ ගුවේරා, බොබ් මාලි වැනි ජනප්‍රිය සංස්කෘතික හා දේශපාලනික සංකේතවල රුව දැක්වෙන ටී කමිස ලොව පුරා තරුණ තරුණියන් අතර ජනප්‍රියයි. ප්‍රසාංගික කලාවන්හි ඇතැම් ජනප්‍රිය පුද්ගලයන් තමන්ගේ ම රුව දැක්වෙන ටී කමිස ඇඳ සිටින අවස්ථා දක්නට ලැබුණත්, දේශපාලකයන් අතර එය එතරම් සුලබ නැත. ‍එය දේශපාලකයන්ගේ පුද්ගලාභිවන්දනාවේ එක් අන්තයක් ලෙස සලකන්නට පුළුවන. 

ජනාධිපතිවරයා තමන්ගේ ම රුව සහිත ටී කමිසයකින් සැරසී නරඹන්නට යන්නේ තමන් විසින් ම උත්තේජනය කරන ලද ජාතිවාදයෙන් සිදු වූ විනාශයයි.  ඔහු සිය පැවැත්ම තහවුරු කර ගන්නට උත්සාහ කරන්නේ ද ඒ ජාතිවා‍දයේ සරණිනි. 

තමන් විසින් තමන් ම මේ අන්දමින් උත්කර්ෂයට නංවා ගැනීම බොහෝ ඒකාධිපති පාලකයන් අතර දක්නට ලැබුණු ලක්ෂණයකි. එහි අනෙක් පැත්ත වන්නේ ඔවුන් මේ පුද්ගලාභිවන්දනා කර ගන්නේ මහජන මුදලින් ම වීමයි.

පහත පළ වන්නේ ජනාධිපති මහින්ද තමන්ගේ ම රුව සහිත ටී කමිස ඇඳ සිටින ඡායාරූප බෙදා හදා ගත් ෆේස්බුක් ජාලයක කිසිවකු විසින් බෙදාගෙන තිබුණු විස්තරයකි.

රජයේ කාර්යාලවල සිය ඡායාරූප ප්‍රදර්ශනය කිරීම හා විවිධ ඵලක වල සිය නම කෙටීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට කොස්ට රීකා රාජ්‍යයේ නව ජනපතිවරයා කටයුතු කර ඇතැයි වාර්තා වේ.

"අවම වශයෙන් මගේ රජය යටතේ වත් ජනපතිවරයාගේ රුව නැමදීමේ යුගය අවසන් වෙනවා," යැයි ලුයිස් සෝලිස් ජනපතිවරයා පවසා ඇති බව බීබීසී පුවත් සේවයේ දැක්වේ.

මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් කොස්ටාරිකා ජනපතිවරයා පවසා ඇත්තේ මාර්ග හා පාලම් වැනි ඉදිකිරීම් ව්‍යාපෘති විවෘත කිරීම් වලදී එහි ඇති ඵලක වල සිය නම සනිටුවහන් කිරීම මගින් ජනතාවට වැරදි පණිවිඩයක් ලැබෙන බවට තමා විශ්වාස කරන බවයි.

මෙවැනි දේවල් රජයක් හෝ එක්තරා නිලධාරියෙකු විසින් ලබා දෙන දේ නොව රට විසින් ලබාදෙන්නක් බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ නියෝගයත් සමග, අතීතයේ මෙන් නොව, කොස්ටාරිකාහි ඉදිරියේදී විවෘත කෙරෙන මෙවැනි ව්‍යාපෘති ඵලක වල අදාල ව්‍යාපෘතිය විවෘත වූ වසර පමණක් දැක්වෙනු ඇති බව බීබීසී යේ දැක්වේ.

පසුගිය පෙබරවාරි මාසයේ එරට පැවති ජනාධිපතිවරණයේදී විශිෂ්ට ජයගත් අත්කරගත් සෝලිස්, ජනපති ධූරයට විනිවිදභාවයක් ගෙන ඒමට හා එරට අනවශ්‍ය වියදම් කපාහැරීමට ජනතාවට පොරොන්දු විය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. කොස්ටරීකාවේ සොලීස්ද? මුතු(කොස්) ඇටයේ මන්දබුද්ධික​ මහින්දද​?

    ReplyDelete
  2. patta madayek meyaaaa... uge last turn 1k ! he hee

    ReplyDelete
  3. පැරා, ඇයි හෙඩිමේ විතරක් ජනාධිපතිතුමා කියල ලියලා තියෙන්නෙ.
    කරුණකර එය ඉවත් කරන්න.
    ජනාධිපතිවරයා කිව්වාම හොඳටම ප්‍රමානවත්.
    නැතිනම් මම මේ බොග ස්ට්‍රයික් කරනවා අම්මප

    ReplyDelete
    Replies
    1. වැරදි පුද්ගලයන් පුටුවේ වාඩිකර වීම පුටුවේ වරදක් නොවේ. ජනපති ධුරය ගරු කටයුතු තනතුරකි.

      Delete
    2. චීවරය / සිවුර වගේ නේද?

      Delete
    3. සිවුරේ කතාවත් ටිකක් හරි තමයි. එත් පුටුවේ වාඩි කරවන්නේ අපි චන්දෙ දීලනේ.....

      Delete
  4. අනේ මෙවන් එකෙක්නෙ අපේ රටේ නායකය... අනේ.......... අනේ........... අනේ........... අනේ............. අනේ............. අනේ.............. අපොයි.
    මේ මට ඔය යමක් දන්න කියන උගත් බුද්ධිමත් භවතුන්ගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනව
    මහින්දය කියවල තියෙන පොත් මොනවද දන්නෙ නෑ, අඩුම තරමෙ එකම එක.... එකම එක... එකම එක පොතක්වත් කියවල ඇද්ද
    නීති විද්‍යාලයට ගියෙ පිනෙන්නෙ, ඒකෙ විභාග කරේ ජේරාජ් නේ....
    පාතලේ සෙට් එක්ක, යලුවො එක්ක ශොට් එකක් දානකොට, බඩු ගහනකොට, මංකොල්ල කනකොට ලැබිච්ච දැනුම ඇරුනම.......
    මේ මහින්දයට පොත පතේ දැනුමක් තියෙනවද ඇත්තට?

    ReplyDelete
    Replies
    1. මොකද අඬන්නේ? චන්දෙ දෙන්න කලින් කියන්න ඕන ඒවා මොකෝ දැන් කියන්නේ. මිනිහෙක් මැරුණට පස්සේ මැරෙන්න කලින් කරන්න තිබ්බ ඒවා මතක් කරලා වැඩක් නෑ.

      අධිවේගී මාර්ගයේ ගිහින් කාර් රේස් බලල ඕන නම් චන්ද්‍රිකාවකුත් යවල ආතල් එකේ ඉඳපන්.

      රජාගේ දැනුම පරික්ෂා කරනවා වගේ ලොකු වැඩ නොකර පුළුවන් දෙයක් කරපන් චූටි පැටියෝ.........උඹ උගේ දැනුම ගැන හොයන කොට ඌ දන්නා දේවල් වලින් දෙපාරක් ජනාධිපති වෙලා. පරම්පරාවට විතරක් නෙවි දන්න දන්න හැමෝටමත් අපේ සල්ලිවලින් ආතල් දීල ඔය යස අගේට ඉන්නේ.......

      Delete
    2. ඇත්තම තමයි බන් ලංකාවෙ ඉන්නෙ උබල අපි වගේ උන්නෙ නෙද මචන්.

      Delete
    3. අහක ඉන්න අපිව අල්ල ගන්න එපා. උඹනේ අඬන්නේ.

      රජා එලවන්න කලින් උගේ තරම දැනගෙන ඉන්න ඕන. ඌ ජීවිතේට පොතක් කියවල නැති මරි මෝඩයෙක් කියල හිතාගෙන ගොං ආතල් ගන්නේ නැතුව මේ රටේ බහුතර මිනිස්සුන්ව අන්දන්න තරම් හැකියවක් තියෙන එක තේරුම් ගන්න ඕන.

      උඹගේ ක්‍රමේට මේක පෙරලන්න ගියාම වෙන්නේ අපේ ක්‍රිකට් ටීම් එකට දුවන්න දෙන්නම් කියල සෙට් වෙච්ච එංගලන්තෙට වුනු දේ තමා......

      Delete
    4. පෙරලන්න නෙවෙයි බන් ඇහුවෙ දැනගැනීම පිනිස පමණයි, ඌ පොතක් කියවල නැති උනත් අනිත් උන්ට කියවන්ඩ පොත් ලියවයි ඌ ගැනම.

      Delete
  5. ටී කමීස ? දෙන්නකෝ මීට වඩා රසවත් තත්සමක්ද මොකක්ද එකක් අර වෙනද වගේ...පව්නේ පැරා .....

    ReplyDelete
  6. රනිල්වයි මහින්දයවයි සිරසෙ සටනට ගෙන්නල බලන්න ඕනෙ දැනුම් මට්ටම් කොහොමද කියල

    ReplyDelete
    Replies
    1. මං නරඹලා තියෙනවා 1994 දි විතර ටීඑන්එල් එකේ ගිය විවාදයක්, මහින්ද විපක්ෂේ, ඔසී අබේගුණසේකර ආණ්ඩු පක්‍ෂයේ.

      විවාදේ මෙහෙයවූයේ ආරියනන්ද දොඹගහවත්ත.

      ඒ විවාදය නිකං හබරල පඳුරු පිරුණු වලක කබරගොයි දෙන්නෙක් පොර කනවා වගේය කියා ඊලඟ සතියේ ලංකාදෙීපේ පිස්සාගේ පලාමල්ල තීරු ලිපියේ තිබුණා!
      http://kathandara.blogspot.com.au/2010/10/blog-post_13.html

      !

      Delete
  7. 3weni lokaye inna nayakayangen Bolandamanayakaya(ekaanshayakinwithrak) eya wagema thamai dadruwange wedath,Lokka car,racethiyanawa.lankawethram race track loke kohewathnee,balaya satalit genai eyage shoping genai interwiwe denaw ,mungehithe rate sama harak wagehemoma mollukiyala,

    ReplyDelete
  8. ඔතන වරද තියෙන්නේ මහජන මුදලින් ඒ ටී ෂර්ට් නිපදවලා සැවොම නොමිලේ බෙදාගත්තා නම් විතරයි.

    නැතිනම්, ඕනෑ එකෙකුට ඕනෑ ටී ෂර්ට් එකක් ප්‍රින්ට් කරලා අඳින්න තහනමක් නෑ නේ.

    මාත් මගේ මූණ නැති වුණත් බ්ලොග් එකේ නම ගහලා ටී-ෂර්ට් තුනක්ම ප්‍රින්ට් කර ගත්තා අර සිංහල බ්ලොග් සංසදයේ 2009 රැස්වීමෙන් අනුමත වූ පරිදි.

    මෙන්න ඒ ටී ෂර්ට් ගැන කතාව -පින්තුර සහිතව.
    http://kathandara.blogspot.com/2010/04/sbu-fashion-parade-kk-bm6.html

    ReplyDelete
    Replies
    1. "තමන් විසින් තමන් ම මේ අන්දමින් උත්කර්ෂයට නංවා ගැනීම බොහෝ ඒකාධිපති පාලකයන් අතර දක්නට ලැබුණු ලක්ෂණයකි."

      හරි...ඔය ලෙඩේ තියෙන්නෙ ඒකාධිපති පාලකයන්ට /දේශපාලකයන්ට විතරක් නෙවෙයි! ඕකට සිංහලෙන් කියන්නෙ නාසිසිස්ම් කියල.

      Delete
    2. මේ කතාව ඇහුව ගමන් මට කකා මතක් වෙලා කකා ගැන කියනවා කියල හිතාගෙන තමා ආවේ.. මං මොනා කියන්නද දැං ඉතිං..

      Delete
    3. ඇමරිකන් වීසා ගැන පොස්ට් එක මග හැරි කතනදරකාරය මෙන්න මේ පොස්ට් එක පුරාම නානවා

      Delete
  9. ඒකා උගේ නැතුව කාගෙ පින්තූරයක් ගහ ගන්නද පැරෝ?

    බුදු හාමුදුරුවන්ගෙ පින්තූරයක් ගහ ගත්තා නම් බුද්ධාගමට අපහාස කළාය කියාවි.
    ක්‍රිස්තුස් වහන්සෙගෙ පින්තූරයක් ගහ ගත්තා නම් මූලධර්මවාදියෙක් කියාවි.
    ඔබාමාගෙ පින්තූරයක් ගැහ ගත්තා නම් ඊළඟ ඡන්දෙත් පරාදයි.
    ගාන්ධිගෙ පින්තූරයක් ගහ ගත්තා නම් ඉන්දියන් ගැත්තෙක් කියාවි.
    ඩී එස් සේනානායකගෙ පින්තූරයක් ගහ ගත්තා නම් සිරි ලංකා කාරයෝ ටිකට මල පනියි.
    බණ්ඩාරනායකගෙ පින්තූරයක් ගහ ගන්න බෑ ඒ චන්ද්‍රිකාගෙ තාත්තා නිසා.

    ඌ උගේ නැතුව කාගෙ පින්තූරයක් ගහ ගන්නද මේ රටේ?

    ReplyDelete
    Replies
    1. ඇයි ඌට තිබුනනෙ ලොකූ උරු තඩියෙකුගෙ පින්තූරයක් අරගෙන ගහ ගන්න

      Delete
    2. ඒකත් බැනේ බොලව්... ඌරා ගැහුවම, මුස්ලිම් උන්ට මල පනිනවනේ

      Delete
  10. ඒකත් බැනේ බොලව්... ඌරා ගැහුවම, මුස්ලිම් උන්ට මල පනිනවනේ

    ReplyDelete
  11. api janadipathigepoto eka dala T,shirtekak endoth eka thhanamkaraida.

    ReplyDelete
  12. මේක සංකීර්ණ කේස් එක් පැරා.
    ජේවීපී කාරයො 'මහින්ද චින්තනය' හැදුව. ඊට පස්සෙ සෙට් එකක් 'මහින්ද චින්තන ඉදිරි දැක්ම' හැදුව. කාගෙවත් චින්තනයක් තවත් කවුරුවත් හැදීම විහිළුවක් තමයි. මහින්ද එක්කෙනෙක් එයාගෙ චින්තනය තව කෙනෙක්.

    ඒ විදියම ඇට ලේ මසින් සැදි මහින්ද එක්කෙනෙක්. 'මහින්දගෙ පින්තූරෙ' තව කෙනෙක්. තේරුනාද? කොටින්ම ඔය රූපෙ ඉන්න මහින්දයි හැබෑ මහින්දයි දෙන්නෙක්. ඒ වගේ වෙලාවක ටීෂර්ට් එකේ රූපෙ ගැහිල්ල අවුලක් නෑ

    ReplyDelete
    Replies
    1. මට ඕව තේරෙන්නෙ නැහැ. එතකොට ඔය ඉන්නෙ අපේ ජනරංජන, මොනවදෝ රෝහන නාමධාරී ජනාධිපති උතුමාණන් නෙමෙයිද?

      Delete
    2. මේ පොරගේ තවත් එක වේශ නිරූපනයක්.

      Delete
    3. රාජ් ඔයා 3මාන බලනව වැඩියි වගේ! :-)

      - Dimithri

      Delete
    4. දිමිත්‍රි,
      ඒක හොඳ විහිවවක්!

      Delete
  13. මේ.... ඕං එන්නෙපා එකේකේව කියන්න අපේ උතුමානන්ට හරිය.. එයැයිට මොකෑ එහෙම ගහන්ට බැරි...හ....එයැයිනෙ පොර...හ.....මමත් ගහනව එයැයිගෙ පිංතූරෙ පච්ච්යක් මගෙ වම්... නෑ...නෑ.. දකුනු තට්ටමේ... ඌරු කටක් දාල ඇස් දික්කොරං බලං ඉන්නව .......හිල දිහා... ඇයි බැරිය...? හ....

    ReplyDelete
  14. ඇත්ත පැරා....හැම ඒකාධිපතියෙක්ම අන්තිම කාලේ ඔහොම තමයි හැසිරීම.

    ReplyDelete
  15. නොදකින් මෙහෙම පාලකයෝ...

    ReplyDelete
  16. රු.1000 ත් අත් උස්සගෙන ඉන්න රූපයක් දාපු එක ඕක මොකද්ද, විලිලැජ්ජාවෙ සන්තෝසෙ බැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා