සුන්දර ඉංග්‍රීසි: මයි හන්ඩ්‍රඩ් යෙලෝ යෙලෝ ස්ලීපිං ඔන් ද ඩොන්කි බෙඩ්

ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ විහිළු කතා ගොඩක් සමාජයේ පැතිර තිබෙනවා.  මේ කතාවලින් කෙරෙන්නේ භාෂාවේ පුංචි පුංචි කාරණා අරගෙන සිනා වීමයි. සමහර විට මේ විහිළු සම්බන්ධ වන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඇතැම් වචනවල උච්චාරණයන් එක්කයි. 

එක දවසක් එක් ඉංග්‍රීසි පංතියක සිසුවෙකුට හදිසි අවශ්‍යතාවක් ඇති වෙලා. මේ පන්තියේ ගුරුවරයා අවධාරණය කර තිබෙන්නේ හැකි තරම් ඉංග්‍රීසියෙන් කතා කරන්නටයි. සිසුවාටත් අවශ්‍ය ඉංග්‍රීසියෙන් ම කතා කරන්නයි. 

"Sir, may I render?" කියා සිසුවා ගුරුවරයාගෙන් ඇසුවාලු. 

ඉංග්‍රීසි බසින් රෙන්ඩර් කියන්නේ යමක් පිරිනැමීමයි. ගුරුවරයා සතුටින් මෙහෙම කීවාලු. "Yes son, you may." 

ඒත්, සිසුවාට අවශ්‍ය වෙලා තිබෙන්නේ කිසියම් ශරීර කෘත්‍යයක් ගැන කියන්නයි.

ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ තිබෙන විශේෂ ලක්ෂණයක් තමයි, වැසිකිළිය, ලිංගිකත්වය හා අසභ්‍ය යයි කියන වචනපිළිබඳව කොතැනකින්වත් සිසුන්ට අධ්‍යාපනයක් නො ලැබීම. මෙය හරියට taboo එකක් තහංචියක් වගෙයි. ලංකාවේ වැඩි දෙනෙක් ශාරීරික අවශ්‍යතාවන් පිළිබඳව ඉංග්‍රීසියෙන් කතා කරන්නට දන්නේ නැහැ. 

පාසල්වලදී ළමයින්ට පුහුණු කරන භාවිතාවක් තමයි,"May I go to toilet?" කියන එක. ඒත්, එය ටිකක් අවිනීත යයි සලකන්නත් පුළුවන්. ඒ නිසා ඇතැමෙක් ටොයිලට් වෙනුව‍ට washroom වැනි වදනක් භාවිතා කරනවා. 

පිස් (piss) කරනවා කියා මුත්‍රා කිරීමට වෙනුවෙන් භාවිතා කරන අයත් ඉන්නවා. ඒත් piss කියන්නේ අසභ්‍ය වදනක්. පී කරනවා කියන්නේ (pee) කතා ව්‍යවහාරයේ මුත්‍රා කිරීම වෙනුවෙන් යොදන වදනක්. 

ලංකාවේ ඇතැමෙක් සිතන්නේ ඉංග්‍රීසියෙන් මුත්‍රා කරනවාට කියන්නේ පම්ප් කියායි. ඒ නිසා පම්ප් එකක් දාන්න යන කට්ටිය ඉන්නවා. 

මළ පහ කිරීමට ව්‍යක්ත ඉංග්‍රීසියෙන් භාවිතා කරන්නේ defecation, excretion වැනි වදන් ය. Shit නම් ක්‍රියාපදය හා නාමපදය සැලකෙන්නේ අසභ්‍ය වදනක් ලෙසයි.

බොග දානවා කියන වදන හදාගෙන තිබෙන්නේ bog (මඩ වගුර) යන ඉංග්‍රීසි වදනින්.

පඩ නම් වචනය හැදී තිබෙන්නේ ඉංග්‍රීසි fart ඇසුරිනුයි. 

බොහෝ සංස්කෘතීන් තුළ ශරීර කෘත්‍යයන් සම්බන්ධ වදන් තරමක් දුරට තහංචි (taboo) ස්වරූපයක් ගන්නවා. ශරීර කෘත්‍යයන් සම්බන්ධ ඉංග්‍රීසි අව්‍යක්ත යෙදුම් ලැයිස්තුවක් http://en.wiktionary.org/wiki/Appendix:English_toilet_slang කියන වෙබ් ලිපිනයේ හමු වුණා.

සිංහලයාගේ භාෂා භාවිතාව තුළ 'ගිහින් එන්නම්' කියා කියමනක් තිබෙනවා. ඒ නිසා සමහරු "I'll go to the toilet and come," යි කියනු අසන්නට ලැබෙනවා. හැබැයි මෙය අසන විදේශිකයෙක් එය අසභ්‍ය ප්‍රකාශයක් ලෙස සලකන්නට ඉඩ තිබෙනවා. එහි තේරුම "මම වැසිකිළි යනවා, ඔබත් එන්න," යි තේරුම් යාම එයට හේතුවක්. 

සමුගැනීමකදී සිංහලයින් බොහෝ විට 'මම / අපි ගිහින් එන්නං' කියා කියනවා. මෙය මුල් ඉංග්‍රීසි සංස්කෘතියේ නැති, සිංහලයන්ගේ සුවිශේෂ ලක්ෂණයක්. ඒ නිසා "Good bye" වෙනුවට "I'll go and come" කියා කියන සිංහලයන් ඉන්නවා.

ලිපිය පටන් ගත්තේ ඉංග්‍රීසි සම්බන්ධ විහිළු කතා මාතෘකා කරගෙන නේ. 'ට්‍රැක් පැන්නද' මන්දා.

ඉංග්‍රීසි පංති ගිහින් ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගත්ත සිසුවෙක් දවසක් බස් නැවතුමේ ඉන්නකොට වැස්සක් වැස්සා. මිනිහා අත කුඩයක් තිබුණා. කුඩයක් අත නො තිබුණු, තෙමෙමින් හිටි ගැහැනු ළමයකු ළඟට ගිහින් ඔහු මෙහෙම කිව්වා. "Why are you outstanding? Come and understand my umbrella." ඔහු අදහස් කළේ "ඇයි ඔයා එළියේ හිටගෙන ඉන්නේ? ඇවිත් මගේ කුඩේ යටින් හිටගන්න" කියායි. 

මේ තවත් එවැනි සංවාදයක්.

Are you Christmas? (ඔයා ක්‍රිස්තියානිද?)

No.

Then why are you hanging a church? (එහෙනම් ඔයා කුරුසයක් එල්ලගෙන ඉන්නේ ඇයි?)

ක්‍රිකට් තරගයකට සහභාගි වන්න පිටින් ආපු කණ්ඩායමක නායකයෙක් සත්කාරක කණ්ඩායමෙන් මෙහෙම ඇහුවාලු. 

Who is the captain?

I is the captain?

Oh, you are the captain?

Yes I are the captain. 

සමහර විහිළු හැදිලා තිබෙන්නේ සිංහල වචනවල ඉංග්‍රීසි පරිවර්තනවලින්. 

Black fat rice flies very mathematics යි කිව්වේ කලුතර හාල්මැස්සන් හරි ගණන් ය කියන්නයි. 

Village water came to my salary යනු ගංවතුර මගේ පඩිය ළඟටම ආවාය කියන එකලු. 

My hundred yellow yellow sleeping on the donkey bed  - මගේ සීයා කහ කහ බූරු ඇඳ උඩ බුදි. 

ලංකාවේ සමහරු හිතනවා අඹයාළුවන්ට ඉංග්‍රීසියෙන් mango friends යි කියනවා කියලා.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. The mutton eaten Croton. = එළුවා මල්ගස් කයි.

    ඇයි නේද කියලා අහන්න no no කීම?

    ReplyDelete
  2. කම් සහ කමින් වචනවල ශබ්දයේ වෙනත් තේරුමක් ද ඇත.

    ReplyDelete
    Replies
    1. කමින් බොමින්
      oh... no.... I'm...... Coming......!!!

      Delete
    2. පැරා

      මා කියූයේ ද වචනයේ නොව එහි ශබ්දය ගැනයි. එනම් ඔබ දි ඇති "I'll go to the toilet and come" උදාහරණයේ මෙන් විදේශිකයෙකු අපේ උච්චාරණය ඇසූ විට ඇතිවිය හැකි තත්වය ගැනයි.

      මේ කතන්දරයේ කමෙන්ටුවක පාඨකයෙක් එය කියා තිබුණා.
      http://kathandara.blogspot.com/2012/06/i-am-coming-i-am-coming.html

      Delete
    3. Kaka hamadama wage adath gon kathawak patan aran neda?

      Delete
  3. අත්හරවාගන්න බැරි විකාර යෙදුමක් තමයි, no යන්න, වාක්‍ය අගට දමා කතා කිරීම. මේ ලෙඩේ හැදිලා තියෙන්නේ, සිංහලයේදී නේද/නේ යන පදයේ අර්ථය ගැනීමට සිතා, no යන පදය යෙදීමයි.

    උදාහරණ:
    You are going home, no.
    Today is Monday no.

    අහලා නැද්ද අර මන්ත්‍රී තුමෙක් දිසාපති තුමාට කතාකරපු හැටි? තමුසේ දිසාපති. මම මන්ත්‍රී, කවුද උසස්? මමයි උසස්. හොඳයි බලමු.

    You the GA, I the MP, You high or I high? Who high? I the High. Good sea.

    ReplyDelete
  4. ඇයි සනත් ජයසූරිය කිව්වෙ පස් කමිං අවුට් කියල.
    pas coming out

    ReplyDelete
  5. පොඩි එවුන් නිතරම කියන්නේ ....'අයි නෝ යූ නෝ හූ නෝ බකමූනෝ' කියලා!

    ReplyDelete
  6. ද මෑන් ඊස් ගොයින් යෙලෝ..යෙලෝ...

    ReplyDelete
  7. මයි ෆාදර් මයිනෙක් ඊටීන්...
    මගේ තාත්තා මගේ බෙල්ල කයි..

    ReplyDelete
    Replies
    1. ඇයි ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා
      ළමයි ඩ්‍රයිවින් ප්‍රින්සිපල්
      http://kathandara.blogspot.com/2009/09/principal-driving-skoda.html

      Delete
  8. පැරා අද බොහොම සිම්පල් වෙලා.උදේම සුදු වෑන් එකක් වත් කැරකුනාද?

    ReplyDelete
  9. ටින් ටින් ඩබල් ටින්.. වන් ටින් ඩවුන් ටින් :D

    ReplyDelete
  10. පාකි නකේ බෙල් තේරේ......ලාම්පු රි...පයාර් කෙරේ.....(කොහොමද අපේ හින්දි?

    ReplyDelete
  11. "Wanakanam,kallawadadei"Kohmada ape demala?!!! Bombekiththang.

    ReplyDelete
    Replies
    1. 'Payinda koko bombe kiththang' yanuwen sampoorna wiyayuthuyi.

      Delete
    2. oya me demala chithrapati balala thiyenawaa? 'Kallawadan warykale' and 'Wanakaanam kanne kayyapadam'

      Delete
    3. "Wanakaanam kallawadan paakan"
      "Sella Walawe"

      Delete
    4. මේ පරණ බ්ලොග් එකක තිබ්බෙ, හින්දි ඇන්ඩ් දෙමළ.

      http://funlokaya.blogspot.com/2012/07/blog-post.html

      Delete
  12. Paajaka papanjaka paanachika pamaladeka.... (Kohomada ape swahili?)

    ReplyDelete
  13. Hujaththahupanjaththa,humaladeththapapamaladeiya,//Ape panemamageheiya,henemamage++++iya.

    ReplyDelete
  14. බස් කමින් නෝ කලර්ස් - බස් එක එන පාටක් නෑ

    නෝ ද පීපල් නෝ හූ ද අයි ආ - දන්න මිනිස්සු දන්නව මම කවුද කියල

    -ප.ගෝ.

    ReplyDelete
  15. නමුත් දැන් සමහර අය හිතා මතාම වැරදි ඉංග්‍රීසි පාවිච්චි කරනවා විහිළු ආකාරයෙන්.

    වට ක්ලොත් ආ.. - මොන රෙද්දක්ද

    මාර වෙඩිමක් සෙට් වෙන්නෙ ගියේ - මාර 'මගුළක්' සෙට් වෙන්නෙ ගියේ (මෙහි මගුල යනු විවාහය නොව, සාමාන්‍ය පාවිච්චියෙ යෙදෙන කරදරයක් යන වචනයය )

    ආච්චිගෙ ක්ලොත් එක තමයි

    -ප.ගො.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා