ලංකාවේ සිටින පකිස්තාන් සරණගතයෝ කවුරුද?

ලංකාවට පැමිණි පසු වීසා ලබා ගැනීම සඳහා ලක් රජය විසින් විදෙස් සංචාරකයන්ට ලබා දී තිබෙන පහසුකම පකිස්තාන ජාතිකයන්ට තව දුරටත් ලබා නො දීමට ගිය සතියේ ආණ්ඩුව තීරණය කළා. පකිස්තාන ජාතිකයන් වෙනුවෙන් ඔන් එරයිවල් වීසා නම් වූ මෙම පහසුකම අවලංගු කිරීමට හේතු වුණ කාරණා කීපයක් තිබෙනවා. 

පසුගිය දිනෙක ඉන්දීය ආණ්ඩුව චෙන්නයිහිදී ෂකීර් හුසේන් නම් ලාංකිකයකු අත් අඩංගුවට ගත්තා. ඔහු පකිස්තානු ත්‍රස්ත කණ්ඩායම් වෙනුවෙන් ඔත්තු බැලූවකු බව ඉන්දීය ආරක්ෂක අංශ චෝදනා කරනවා. 

ඉන්දීය විරෝධී කාශ්මීර ත්‍රස්ත සංවිධානයක් වන ලෂ්කාර්-ඉ-ටයිබා වැනි අන්තවාදී සංවිධාන ලංකාව පදනම් කරගෙන ක්‍රියාත්මක වන්නට තිබෙන ඉඩකඩ ගැන ඉන්දියාව සිටින්නේ අවදියෙන්. මේ පිළිබඳව ඉන්දියාව ලංකාවේ ආණ්ඩුවට අනතුරු අඟවා තිබෙනවා. 

ලංකාව පකිස්තානුවන්ට 'පැමිණි පසු වීසා' ලබා දීම අත්හිටුවීමට තවත් හේතුවක් වුණේ ලංකාවේ මේ වන විට සිටින පකිස්තානු සරණාගතයෝයි. 1500කට වැඩි පකිස්තානු සරණාගතයින් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔවුන් සංචාරකයින් ලෙස මෙරටට පැමිණි අයයි. ඔවුන් පසුව ලංකාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචිය ලබාගෙන තිබෙනවා. ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලීම් සලකා බැලෙමින් තිබෙනවා. තවම දේශපාලන සරණාගතභාවය පිළි ගනු ලැබ තිබෙන්නේ දෙසීයක පමණ පිරිසකගේ පමණයි. සංවර්ධිත බටහිර රටක දේශපාලන රැකවරණ ලැබෙන තෙක් මේ පකිස්තානුවන් ඇතැම් විට වසර ගණනක් ලංකාවේ රැඳී සිටිනවා. ඔවුන් පවුල් පිටින්, කුලී නිවාසවල දුක සේ ජීවත් වෙනවා. ඔවුන්ට එතරම් කලක් ලංකාවේ ඉන්නට සිදු වී තිබෙන්නේ මෙරට එක්සත් ජාතීන්ගේ සරණාගත කොමසාරිස් කාර්යාලයට එතරම් විශාල පුද්ගලයන් ප්‍රමාණයක් පිළිබඳ කටයුතු කිරීමට පහසුකම් නැති නිසායි.

ලංකාව සරණාගතයන්ට රැකවරණ දීමේ සම්මුති අත්සන් කර නැති වුණත්, සරණාගතයන් සම්බන්ධයෙන් සානුකම්පිත වීමේ ජාත්‍යන්තර වගකීමක් ලංකාවට තිබෙනවා. ඒත්, පසුගිය දිනවල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් මේ සරණාගතයන් අත්අඩංගුවට ගන්නට පටන් ගත්තා. මේ වන විට 250ක පමණ පකිස්තානු සරණාගතයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරමින් තිබෙනවා. වීසා නැති මේ පකිස්තානුවන් පිටුවහල් කිරීමට සූදානමකුත් තිබෙන බව වාර්තා වෙනවා. එහෙත් එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය එයට විරෝධය පළ කර තිබෙනවා. 

පසුගිය කාලයේ අගමැතිතුමාගේ නමත් ඈඳුණු මහා පරිමාණ හෙරොයින් ජාවාරමක මහ මොළකරුවන් පකිස්තානු ජාතිකයෝයි. ඔවුන් ග්‍රීස් ටින් තුළ සැඟවූ හෙරොයින් කිලෝ 150කට අධික ප්‍රමාණයක් පකිස්තානයේ සිට ලංකාවට හොරෙන් ගෙන ඒමට උත්සාහ කරද්දී රේගුව විසින් අල්ලා ගනු ලැබුවා. පකිස්තානුවන් මෙවැනි ජාවාරම් සමග සම්බන්ධ වීම නිසා පකිස්තාන සරණාගතයන් සම්බන්ධයෙන් සැකමුසු වීම සාධාරණීකරණය වෙනවා. 

ඒත්, මේ පකිස්තාන් සරණාගතයන් කියන්නේ තමන් ලංකාවට පැමිණ සිටින්නේ එරට සුන්නි මුස්ලිම් අන්තවාදීන්ගෙන් බේ‍රෙන්නට ය කියායි. මේ පකිස්තානුවන්ගෙන් වැඩි දෙනෙක් අයත් වන්නේ අහමඩදියා නම් ඉස්ලාම් නිකායකටයි. පකිස්තාන ක්‍රිස්තියානි බැතිමතුන් ද සරණාගතයන් අතර සිටිනවා.

අහමදියා මුස්ලිම්වරු කියන්නේ දහනමවන සියවස අගභාගයේදී බ්‍රිතාන්‍යයට යටත් ඉන්දියාවේ විසූ මිර්සා ගුලාම් අහමඩ් (1835–1908), විසින් කරන ලද දේශනාව අනුගමනය කරන ප්‍රජාවක්. අහමඩ් දේශනා කළ පරිදි ඔහු තමයි මුස්ලිම්වරුන් බලාපොරොත්තුවෙන් සිටින ගැලවුම්කාර මහ්දිවරයා. අහමදියාවරුන් විශ්වාස කරන පරිදි ගුලාම් අහමඩ් යනු ආගමික යුද්ධ හා ලේ හැලීම් අවසන් කර සාමය, යුක්තිය හා සදාචාරය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙවියන් විසින් එවන ලද දූතයෙකි. 

තමන් ඉස්ලාම් ආගම එහි සැබෑ අරුතින් පිළිපදින පිරිසක් බව අහමදියා මුස්ලිම්වරු විශ්වාස කරනවා. ඔවුන් සාමකාමී ප්‍රජාවක්. එහෙත්, ඔවුන්ගේ ඇතැම් භාවිතාවන් සම්ප්‍රදායික ඉස්ලාම් දහම සමග නො පෑහීම නිසා ඔවුන් නිරතුරුව ම සම්ප්‍රදායික ඉස්ලාම් බැතිමතුන්ගේ විරෝධයට ලක් වී තිබෙනවා.

අහමඩ්ගේ මරණින් පසු අහමදියා ව්‍යාපාරය කොටස් දෙකකට බෙදුණා. එක් පිරිසක් අහමඩ් යනු මහමත්තුමාගේ අනුප්‍රාප්තිකයකු ලෙස පිළි ගනිද්දී අනෙක් පිරිස කියන්නේ මහමත්තුමාට අනුප්‍රාප්තිකයකු සිටිය නො හැකි බවයි. 

කෙසේ වෙතත්, අහමදියා ව්‍යාපාරය ලොව පුරා පැතිර තිබෙනවා. හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසන පරිදි ලොව පුරා අහමදියා අනුගාමිකයන් මිලියන 10ක් සිටිනවා. 

පකිස්තානයේදී හා සවුදි අරාබියේදී අහමදියාවරුන් නීත්‍යානුකූලව මුස්ලිම්වරුන් ලෙස සලකන්නේ නැහැ. ඔවුන්ට හජ් වන්දනාව සඳහා අවස්ථාව ලැබෙන්නේ නැහැ. 

පකිස්තානයේ අහමදියා ජනගහණය මිලියන දෙකත් පහත් අතර වෙනවා. පකිස්තාන පාර්ලිමේන්තුව 1974දී සමමත කළ නීතියක් අනුව මහමත්තුමා අවසාන නබිවරයා ලෙස නො පිළිගන්නා අය මුස්ලිම්වරුන් ලෙස සැලකෙන්නේ නැහැ. සියා උල් හක් හමුදා පාලකයාගේ සමයේ ගෙන එන ලද නීති අනුව අහමදියාවරුන්ට ආගම ඇදහීමේ නිදහස අහිමි කර තිබෙනවා. ඔවුන්ට කුරාන් පාඨ කීම, යාඥා කිරීම පවා තහනම්. පකිස්තානුවන් ජාතික හැඳුනුම්පත් හා විදෙස් ගමන් බලපත්‍ර අයදුම් කිරීමේදී අහමද් යනු නබිවරයකු යයි නො පිළිගන්නා බවට හා අහමදියා යනු මුස්ලිම්වරුන් නො වන බවට දිවුරුමක් දිය යුතුයි.   

භෞතික විද්‍යාව සඳහා නොබෙල් තෑග්ග දිනූ අබ්දුස් සලාම් නොබෙල් තෑග්ග දිනූ පළමු මුස්ලිම් ජාතිකයා සේ ම පකිස්තානුවාත් වෙනවා. ඒත්, පකිස්තානය ඔහුගේ සොහොන් කොතේ ඔහු මුස්ලිම්වරයකු ලෙස තිබූ සඳහන ඉවත් කළා. එසේ කළේ ඔහු අහමදියා බැතිමතකු නිසායි.

අහමදියා මුස්ලිම්වරුන්ට එරෙහි ප්‍රහාර පකිස්තානයේ ඉතා සුලබයි. 2010 මැයි 28දා සිකුරාදා යාඥා මෙහෙයන් අතරතුරදී අන්තවාදීන් පිරිසක් විසින් අහමදියා මුස්ලිම් පල්ලිවලට එල්ල කරන ලද ප්‍රහාරවලින් 94දෙනෙකු මිය ගොස් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා. පකිස්තානයේ ඇතැම් මද්රසා ආගමික පාසල්වල අහමදියාවරුන් දුටු තැන මරා දැමිය යුතු බවට ඉගැන්වෙන්නේ යයි ලංකාවේ ජීවත් වන අහමදියා සරණාගතයෝ පවසනවා.

ලංකාවේත් 1915 සිට අහමදියා මුස්ලිම් ප්‍රජාවක් තිබෙනවා. කොළඹ හා මීගමුවේ ඔවුන්ගේ පල්ලි ද පිහිටා තිබෙනවා. ලංකාවේත් සම්ප්‍රදායික ඉස්ලාම්වරු අහමදියාවරුන්ව මුස්ලිමුන් ලෙස සලකන්නේ නැහැ.

ලංකාවේ රැඳී සිටිමින් සංවර්ධිත රටවල දේශපාලන රැකවරණ අපේක්ෂා කරන අහමදියා මුස්ලිම්වරුන් හා ක්‍රිස්තියානි බැතිමතුන් ව්‍යාජ හේතු ඉදිරිපත් කරන ආර්ථික සංක්‍රමණිකයන් පිරිසක් බවයි පකිස්තාන රජය පවසන්නේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. නොමග ගොස් සිටින අහමදියා මුස්ලිම්වරුන් සැබෑ ඉස්ලාම් භක්තිය තුලට අනුගත කර ගැනීම සියලු ඉස්ලාම් භක්තිකයන්ගේ අපේක්ෂාව සහ ප්‍රාර්ථනය වෙනවා.

    ReplyDelete
    Replies
    1. නොමග?

      ඒ කියන්නේ ඔවුන් සාමය වෙනුවෙන් පෙනී සිටීමද?

      Delete
    2. @ Anonymous July 4, 2014 at 5:13 AM,
      ඔයාට කවුද බලය පැවරුවේ ඉස්ලාම් භක්තිකයකු "නොමඟ" ගියා දැ යි නැද්දැ යි තීරණය කරන්න?

      Delete
    3. "නොමග ගොස් සිටින" "සැබෑ ඉස්ලාමීය භක්තිය" මොකද්ද ඒ? ඕව පොඩ්ඩක් පැහැදිලිව කියපන් බන්. කොහෙවත් නැති ඒව විශ්වාස කරාට කමක් නෑ, ඒ පොඩ්ඩක් පැහැදිලිව කියපන්.

      Delete
    4. අහමදියා පමණක් නොවෙයි ශියා, සුෆි වගෙ ඉස්ලාම් නිකායවලත් ප්‍රචන්ඩත්වයක් නෑ.මැලේසියාවෙ ඉන්දුනීසියාවෙ මුස්ලිම්වරුනුත් ප්‍රචන්ඩ ක්‍රියා කරන්නෙ නෑ.මේක ඉස්ලාම් ආගමට වඩා අරාබි ජාන වල වරදක් කියල මට හිතෙන්නෙ

      Delete
    5. සින්හල පුකවල් ලෙව්වට කමක් නද්ද?

      Delete
    6. 'අරාබි ජාන වල වරදක් කියල මට හිතෙන්නෙ' ඈ බං ඇනෝ එහෙනං ඥානසාරයා අරාබියෙක්ගේ හොර ශොට් එකක්වත්ද​?

      Delete
    7. ඥානසාර කියන්නෙ චරිතාංග නළුවෙක්නෙ.එයාගෙ චරිතාංග නළුකම දැන් විකට නළුකමක් වුනත් බඳව ගත්තෙ චරිතාංග නළුවෙක් ලෙසනෙ.අපරාධ සහ ජාන අතර ප්‍රබල සම්බන්ධයක් තිබෙනව.පෙළවල පරීක්ශාවක් කරන විට සමහර පවුල් වල එක දිගට අපරාධකරුවන් බිහිවෙලා තිබෙනව.
      මුහුදුබඩ මිනිසුන්ට අරාබි ජාන බලපාපු බව ආයෙ කියන්න ඕන නැහැනෙ.
      අද යුද්ධ තිබෙන ප්‍රදේශ වල මීට වසර දහස් ගනනකට පෙරත් යුද්ධ තිබුන බව ඔබ අසා නැතිව ඇති.
      මොසුල් හා නිනවේ කියන්නෙ ඇසිරියන් වරුන් විසින් ලේ ගංගා ගලා යැවූ ප්‍රදේශ.ඇමොරයිට්,සුමර්,ආකේඩියන්,එලමයිට්,හුරියන්,යුදෙව්,වැනි සෙමිටික් ගෝත්‍ර මිනිසුන්ට වධ දුන්නේත් මිනිසුන් මැරුවේත් ඒ සදහා ඔවුන්ට උන්මාදයක් තිබුන ලෙසිනුයි.
      ඉස්ලාමයේ දරුණුකමට හේතුවත් එහි නිර්මාපකයන් දරුණු ම්ලේච්ඡ මිනිසුන් වීමයි.

      Delete
    8. මොසුල්,නිනවේ ගැන කිව්වෙ කාලිෆ් රාජ්‍ය සදහා දරුණු සටන් ඇවිලුන ප්‍රදේශ ඒවා නිසා.නින්නවේ කියන්නෙ ඇසිරියානු අධිරාජ්‍යයේ අගනුවර.එක් සෙමිටික් ගෝත්‍රයක් කාන්තාරය ලේ වලින් පොඟවල ඉවර වෙලා හති අරින කොටම අනික් සෙමිටික් ගෝත්‍රය ලේ වගුරුවන්න පටන් ගන්නෙ හත් දවසක් කන්ඩ නැතිව සිටි බල්ලෙකුට බත් පිගානක් ලැබුන වගෙයි.සමකාලීනව ලෝකෙ කිසිම මානව සමාජයක මෙවනි අති දරුණු වධ හිංසා හා සමූලඝාතන සිදුව නැහැ.ඔවුන්ගේ දරුණු කමත් එක්කම යන අනෙක් ගතිය තමයි අධික දේව භක්තිය.ඒ එක්කම අධානග්‍රාහීව සෙසු ඇදහිලි විනාශ කල යුතුයැයි සිතීම.යුදෙව්වන්ගෙ යාහ්වේ (යෙහෝව ) ගැන බයිබලයෙ පළමුවැනි ගිවිසුමේ තියන දේවල් බලන්න.යුදෙව් දෙවිය පමනක් නොවෙයි අනෙක් දෙවිවරුත් මේ වගේම ලේ පිපාසිතයන්.

      ඉස්ලාමය බිහිවුනේ මෙවැනි සමාජයක.ඒ වගෙ සමාජයක කරුණාව මෛත්‍රිය තමයි අත් කකුල් කපන එක,දොඹකර වල එල්ලන එක.ඒක ඊට වඩා රුදුරු භීෂනයකට සාපේක්ෂව ලොකු කරුණාවක් .

      Delete
    9. AnonymousJuly 4, 2014 at 3:07 PM
      සින්හල පුකවල් ලෙව්වට කමක් නද්ද?
      ---------------------------------------------------------------

      හිකිස් . උඹ ලංකාවේ තම්බියෙක් නං , තියෙන කාලකන්නි කමට මුස්පේත්තු ආගමක් අදහුවට , උඹේ ඇඟේ දුවන්නෙත් සිංහල ලේ තමයි. අල්ලා හුජ්ජ බරයි කිය කිය මර ලතෝනි දුන්නට ඔරිජිනල් සවුදි තම්බි උඹලව සත පහකට ගණන් ගන්නේ නැහැ.

      Delete
  2. අපේ රටේ ජනගහනය වැඩියි..ඉතිං අපිට පුලුවන් කමක් නැහැ තවත් ජනතාවක් බාර ගන්න..මේ ඉන්න ජනතාවත් යම් යම් හේතු නිසා විදේසගතවෙනවා..

    ReplyDelete
    Replies
    1. ලංකාව ඔය ක්‍රින රිෆියුජීස් ප්‍රඥප්තියට අත්සන් කරලා නෑ. එනිසා වගකීමක් පැහැර ඇරියේ නෑ කියන්න බැරි වුනත්, ජීවිතය බේරා ගෙන පලා එන ජනතාව බේරා ගැනීම යුතුකමක්.

      මේ රටේ ජනතාව සෑහෙන පිරිසක් සරණාගතයින් ලෙස පිටරටවල ඉන්නවා. වැඩියෙන්ම ඉන්නේ ඉන්දියාවේ, සමහරු අවුරුදු විස්සකටත් වඩා!

      Delete
    2. පාකිස්ථානයත් ඔය 1951 සරණාගත සම්මුතියට තව ම අත්සන් කර නැහැ ---

      Convention relating to the Status of Refugees

      Delete
  3. මෙය අපේ රටේ අනාගතය කෙරෙහි ඉතා භයානක ලෙස බලපාන ප්‍රවනතාවක් ලෙස මා දකිනවා. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති වලට අපි අත්සන් කර නැතත්, ඒවා අපට බලෙන් පටවන්නට පාකිස්තානයට සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකියාව තිබෙනවා. පාකිස්තානය යුද්ද කාලේදී වෙන රටවල් අහක බලාගනිද්දී අපිට ආයුධ විකිණුවා. එහෙම නැති වුනානම් අපි ලොකු අමාරුවක වැටෙනවා. නමුත් එහෙම කියලා අද අපි පාකිස්තාන් වසුරු නළලේ ගාගන්ඩ යෑම භයානකයි. එක්සත් ජාතීන් කියන්ඩ ඉඩ තියනවා උඹලා යුද්ධය පිලිබඳ පරීක්ෂණයට සහාය දෙන්නෙත් නෑ. මේ මිනිස්සුන්ටත් හිරිහැර කරනවා, අපි උඹලට ආර්ථික සම්බාධක පැනවීමට සලකා බලනවා කියලා. මෙය ඉතා දැඩි සාමූහික ප්‍රයත්නයකින් ගහන්න ඕනේ ගේම් එකක්.

    ReplyDelete
    Replies
    1. මම සිහළ කරුමේ කියන බයිලා හිස් මුදුනෙන් පිළිගන්නේ නෑ. නමුත් මට හොඳට තේරේනවා මාර කෑමක් කන්න යන්නේ කියලා. හැබයි දෙමළ කේස් එක වගේ ලේසි වෙන්නේ නෑ. මුන්ගේ කොමිනිකේෂන් පට්ට. දැනටමත් දුප්පත් උන් ඔක්කෝම වැඩේට පෙල ගස්වලා තියෙන්නේ. කොච්චර කිව්වත් වැඩක් නෑ.

      Delete
    2. ගූ තලනො පච ගහන්නෙ නැතුව ඉදහන් බන්

      Delete
    3. මේ ගූ තලනගෙත් තියෙන්නෙ බොග දේශපලයක්

      Delete
    4. කාගේවත් වසුරු බාරගන්න අපි කැමති නෑ, ඒත් අපි හැමතැනම වසුරු දාලා නිසා, අනෙත් අයගේ ඒවා බාරගන්න එක වගකීමක් වෙලා. අපට තියන වගකීම් සේරම ඔය වගේ ඒවා. දැන් දැන් අපි වසුරුදාන්නේ අර ප්‍රසිද්ධ ප්‍රේමදාස ගේ මේස් සහ ෆෑන් ක්‍රමයටනේ.

      Delete
    5. මාතලන්ටයි මේ කොමෙන්ටුව
      තම්බිලට බෑ බන් දෙමළුන්ට වගෙ ගේමක් ගහන්න.දෙමළු අවුරුදු 30 ක් අල්ලන් හිටියෙ තමිල්නාඩුවෙ සපෝට් එක නිසා.තම්බිලට එහෙම සපෝට් කරන්න රටක් නෑ.සිතියම අරන් බලහන් පාකිස්තානෙ ඉදන් නැගෙනහිර වෙරළට ආයුධ ගේන එක ප්‍රායෝගිකද කියල.
      නැගෙනහිර මුස්ලිම් ජනාවාස අම්පාරෙ ඉදන් ට්‍රින්කො වෙනකම්ම වෙරළබඩට සීමා වෙලා.ගොඩබිම් ප්‍රහාරයකට උන්ට මූණ දෙන්න බෑ.
      දෙමළු එහෙම නොවෙයි .උන්ට උතුරු පළාතත් නැගෙනහිර කොටසකුත් තිබුන.දෙමලුන්ට බටහිර සහාය තිබුන.තම්බිල කුලප්පු වුනොත් මුලින්ම ගහන්නෙ ඇමරිකන්කාරය.පිලිපීනෙ මින්ඩනාවෝ වල දැක්කනෙ.
      හැබැයි තම්බිල්ල මොනව කරයිද කියල කියන්නත් බෑ.උන්ගෙ අලුත් රාජ්ජෙ ස්කඩ් මිසයිලයක් තියනවලු.ඒකෙන් වෙන බලපෑඅම ඒක ගෙනයනකොට පාර අවහිර වීම කියල යුධ විශ්ලේශකයෙක් කියල තිබුන
      තම්බිල වහසි බස් දොඩන්නෙ ඇමරිකාවෙ ලෝක වෙළැදපළැට ගැහුවෙ උන් කියලනෙ.ඇමරිකන් කාරය ඒවට හිනාවෙන්නෙ ගුදයෙන් බන්.ඇමරිකන්කාරයට මැදපෙරදිගට ඇතුල් වෙන්න හේතුවක් ඕන වෙලා තිබුනෙ.එම ප්‍රහාර පිටතින් එල්ල වූවක් නොවේය කියල සැක පහල වෙලා තියෙන්නෙ.
      ඇමරිකන් බුද්ධි අංශ එක්ක හැප්පෙන්න තම්බිලට බෑ බන්.
      දෙමළු එක්ක යුද්දෙ දිනන්නත් ඇමරිකන් සහාය ලැබුන.තම්බිල ත්‍රස්තවාදි වැඩ කරන්න ආවොත් ඉන්දියාවයි ඇමරිකාවයි ඒව ලත් තැන ලොප් කරනව බන්.
      හැබැයි තම්බිල තුන්වේලටම කැකිරි කන පොත කටපාඩම්කරන බුද්ධිමත්තු නිසා දර්ගා නගරය වගෙ තැනක කාලිෆ් රාජ්‍යයක් හදයිද කියන්නත් බෑ.

      Delete
    6. /*තම්බිල කුලප්පු වුනොත් මුලින්ම ගහන්නෙ ඇමරිකන්කාරය*/

      ඒක වැරදියි, ඇමරිකන් කාරය ගහන්නෙ උන්ට එතන වාසියක් හරි නැත්නම් උන්ට අවාසියක් වෙනවනම් විතරයි, නැතිව තම්බින්ට කෙලවන්න ඕනෙ කියල නෙවේ.
      ලඟ උදාහරණ ගත්තොත්, බිල් ලාඩෙන් ව හැදුවෙ සොවියට් වලට කෙලින්න, සදාම් ව අප් කරා ඉරාන් වලට ගහන්න, සදාම් කුර්දි උන් විශ වායු ගහල මරද්දි මුකුත් කිව්වද? මුල නැතත්පසුව ගඩාපිට උනත් ශේප් එකෙ හිටිය ඌ ඩොලර් වලට නැතිව වෙන මුදල් ඒකක වලට තෙල් විකුනන්න ලෑස්තිවෙනකන්.

      මම දන්නෙ නෑ අමෙරිකන් කාරායට ලංකාවෙන් වාසියක් තියනවද නැද්ද කියල, නමුත් කොටි ත්‍රස්තවාදෙදි ක්‍රියා කල ආකරය අනුව වෙන්නෙ මොකක්කද කියල ලාවට හිතා ගන්න පුලුවන්.

      -ප.ගෝ.

      Delete
  4. අනුකම්පාව භූමිකම්පාවක් වෙන්ඩ ඉඩකඩ බොහෝමයි !!!!

    ReplyDelete
  5. දැන්වත් මේවා නතර වෙන එකම ඇති.........

    ReplyDelete
  6. anukampawa nitharama thamange wasiyata ganna pradanama jathiyak thamai islam(muslim)jathiya,Uparima thawa awrudu 2-3 withara thrasthawadya karagena yawi.namuth europaye boho thenwala tharunayan me islam anthawadayata wiruddawa negitimin sitina bawai penne,Edata wishala kedawachakayakin awsanwenne,eka NAZI wadaya tharamma hari eetath wada darunuwewi

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා