උන්ගේ යුද්ධය, උන්ගේ සාමය හා පලස්තීන ඊශ්‍රායල් ගැටුම

ජුලි 22දා වන විට දෙසතියක පමණ සිට ගාසා තීරයේ ඇවිලී යන ඊශ්‍රායල් - පලස්තීන ගැටුම්වලින් පලස්තීන ජාතිකයෝ 600ක් පමණ මිය ගොසිනි. ඊශ්‍රායල් ජාතිකයෝ 29ක් මිය ගොස් සිටි අතර ඉන් 27දෙනෙක් ම සොල්දාදුවෝ ය. මෙම ගැටුම හේතුවෙන් මේ වන විට පලස්තීන ජාතිකයෝ ලක්ෂයක් පමණ ජීවත් වන්නේ අනාථ කඳවුරුවල ය. ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ම මායිම් ප්‍රදේශවල ජීවත් වන පලස්තීන ජනයාට ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. අවුරුදු කීපයකට වතාවක් තමන්ට මෙසේ ගෙවල් දොරවල් හැර දමා මෙසේ අනාථ කඳවුරුගත වන්නට සිදු වන බව පලස්තීන වැසියෝ පවසති.

ඊශ්‍රායලයත්, පලස්තීනයත් අතර මෙවර ගැටුම ඇති වූයේ මිනීමැරුමක් මුල් කරගෙන ය. එහෙත්, ඒ මිනීමැරුම අඬන්න සිටි අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය. අඬන්නට සිටියේ කවුරුද?

ඇත්තෙන්ම, ඊශ්‍රායල් රජයට හා ගාසා තීරයේ බලය හිමි හමාස් සංවිධානය යන දෙකටමත් මෙම යුද්ධය අවශ්‍ය වී තිබුණු බව පෙනේ. ගැටුම් නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම නො තකා හරිමින් දෙපාර්ශ්වය ම එකිනෙකාට පහර දී ගැනීම හා ඒ පසුබිමේ කියැවෙන කතාවලින් ඒ බව ඔප්පු වේ.

ගාසා තීරය මායිම් වන්නේ ඊජිප්තුවට හා ඊශ්‍රායලයටයි. 1967 වසරේදී ඊශ්‍රායලය විසින් සය දින යුද්ධයෙන් ඈඳා ගන්නා තෙක් ගාසා තීරය පැවතියේ ඊජිප්තුවේ යටත් ප්‍රදේශයක් ලෙසයි. ඊජිප්තුව විසින් යෝජනා කරන ලද සටන් විරාමය බිඳ වැටිණි. හමාස් සංවිධානය එය ප්‍රතික්ෂේප කළේ ඒ පිළිබඳ තමන්ගේ උපදෙස් ලබා නො ගත් බවට චෝදනා කරමිනි.

හමාස් සංවිධානය හා වෙනත් සන්නද්ධ කණ්ඩායම් විසින් ගාසා තීර‍යේ සිට ඊශ්‍රායලය දෙසට දිනකට රොකට් 100කට වඩා එල්ල කරනු ලැබේ. මේ සංඛ්‍යාව දැන් මඳක් අඩු වී ඇති බව දැකිය හැකි ය. 

හමාස් සංවිධානයේ දේශපාලන නායක කාලිඩ් මෙෂාල් පැවසූ පරිදි හමාස් සංවිධානය සටන් විරාමයක් පිළි ගන්නේ ඒ සමග ගාසා තීරයට පනවා තිබෙන සම්බාධක හා සංචලන බාධක ඉවත් කරන්නේ නම් පමණක් බවයි. ගාසා තීරයේ සිට පිටතට යාම හා එයට ඇතුළු වීම දැඩි ලෙස සීමා කර තිබෙන අතර ඒ වෙත ඉන්ධන, ගොඩනැගිලි ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගෙන යාම ද තහනම් ය.

ගාසා තීරයට මෙම සම්බාධක පනවනු ලැබුවේ 2007දී හමාස් සංවිධානය බලයට පැමිණීමත් සමගයි. ඇමරිකාව, යුරෝපා සංගමය මෙන්ම බොහෝ අරාබි රටවල් ද හමාස් පාලනය පිළි ගන්නේ නැත.

හමාස් සංවිධානයට යුද්ධයෙන් දිනා ගන්නට අරමුණු තිබෙන්නා සේ ම, ඊශ්‍රායලයට ද යම් කාලසීමාවකට වරක් මෙවැනි යුද්ධයක් අවශ්‍ය වී තිබේ. අර්බුදයට ස්ථිර විසඳුමක් ලබා ගැනීමේ උවමනාවක් දෙපාර්ශ්වයට ම නැත. එසේම ස්ථිර විසඳුමක් සොයා ගැනීම සඳහා ශක්තිමත් මැදිහත් වීමක් කිරීමේ හැකියාවක් තිබෙන මධ්‍යස්ථ ජාත්‍යන්තර බලවේගයක් ද ලෝකයේ නැත. දෙපාර්ශ්වය ම විසින් කරනු ලබන්නේ යම් තුලනයක් පවත්වාගෙන යාමයි.

කලින් කලට යුද පලස්තීනය ආක්‍රමණය කර හමාස් සංවිධානය ඇතුළු සන්නද්ධ කණ්ඩායම්වල මිලිටරි යටිතලය විනාශ කර දැමීමේ උවමනාවක් ඊශ්‍රායලයට තිබේ. හමාස් සංවිධානය සතු උමං පද්ධතිය ඊශ්‍රායලයේ එක් ප්‍රධාන ඉලක්කයකි. එසේම, හමාස් සංවිධානය සතු රොකට් අවි බලය විනාශ කිරීම ද ඔවුන්ගේ ඉලක්කයකි. එබැවින් මේ යුද්ධය ඊශ්‍රායල් ආරක්ෂක උපායමාර්ගයේ කොටසකි.

අවසන් වරට මෙවැනි යුද්ධයක් පැන නැගුණේ 2012දී ය. එම වසරේ නොවැම්බර් මාසයේදී ඇති කර ගන්නා ලද සටන් විරාමයෙන් තමන්ට පාඩුවක් සිදු වූ බව හමාස් සංවිධානය පවසයි. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ සම්බාධක ඉවත් කර ගත් නව සටන් විරාමයක් කරා යන්නට ය. 

එහෙත්, හමාස් සංවිධානය විනාශ කිරීමේ උවමනාවක් නැති බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැහැදිලිව දක්වා තිබේ. එසේ කිරීමේ දුෂ්කරතාව පිළිබඳ පාඩමක් ඊශ්‍රායලය ඉගෙන ගත්තේ 2006දී ලිබියාවේ හිස්බුල්ලා සංවිධානය සමග ඇති කර ගත් ගැටුමින් බව විචාරකයෝ පවසති.

පලස්තීනය මෙන් ම, ඊශ්‍රායලය ද තෙල් නිපදවන රටවල් නො වේ. පලස්තීනය රඳා පවතින්නේ කෘෂි ආර්ථිකය හා විදේශාධාර මතයි. ඊශ්‍රායලය වෙළඳපොළ ආර්ථිකයක් ඇති කාර්මික රටකි.

මේ වන විට ඊශ්‍රායලය අතිරේක හමුදා සෙබළුන් 50,000ක් යුද්ධයට කැඳවා තිබේ. එහෙත්, ඊශ්‍රායල ආර්ථිකයට දීර්ඝ කාලීන යුද්ධයක් දරා ගන්නට හැකියාව නැත. ඔවුන් හැම විටම උත්සාහ කරන්නේ කෙටි කාලීනව ගනුදෙනුව බේරා ගන්නට ය. මේ බව දන්නා හමාස් සංවිධානය උත්සාහ කරන්නේ කල් ගන්නට ය.

මේ වන විට නෝර්වේ රාජ්‍යය පලස්තීනය හා ඊශ්‍රායලය අතර සාමය ඇති කිරීම සඳහා මැදිහත් වෙමින් සිටියි. නෝර්වේ යුරෝපා සංගමයේ සාමාජික රටක් නො වේ. ඒ නිසා යුරෝපා සංගම් ප්‍රතිපත්තිවලින් බැහැරව හමාස් සංවිධානය සමග සාකච්ඡා කිරීමට නෝර්වේ රාජ්‍යයට හැකියාව තිබේ.

ජනරළ 2014 - 07 - 27

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ මම සුජීවගෙ නල් ඩිවයිස් එකේ මේ ගැන දාපු කමෙන්ටුවක්.

    //මෙතන නිකම් ගහ ගන්නවට එහා ගිය කතාවක් පලස්තීන් පැත්තෙන් තීනව. රාමදාන් උපවාස කාලය කටේ තියල ඉශ්‍රායෙල් කොල්ලො තුන් දෙනෙක් පැහැර ගන්නෙ, එදිරිවාදිකම් හමාස් පැත්තෙන් පටන් ගන්නෙ නිකම්ම නෙමෙයි. මේ මුස්ලිම් මිනිසු දන් දෙන කාලෙ. ඒ වගේම බඩගින්නෙ ඉන්න කාලෙ. ඒ කාලෙට ගුටි කනකොට අනුකම්පාව වැඩියි සහ ආධාරත් වැඩියි. මේ වෙනකොට මම ඉන්න රටෙ ඩොලර් මිලියල පහමාරක් එකතුවෙලා සතියක කැම්පේන් එහෙකින්. තව මිලියන ගානක් එකතුවෙයි. ඒ වගේම ගාන අන්ඩුවෙනුත් දෙයි. ඒ එක්කම අනෙක් මුස්ලිම් රටවල්, මුස්ලිම් ජාතිකයොත් ලෝකෙ පුරාම ආධාර එකතු කරනව. මේව සේරම ගාස වලට. හැබැයි මේ ආධාර මේ තරන් විසාල ප්‍රමාණයෙන් එකතුවෙන්නෙ වෙන්නෙ නෑ රාමදාන් නැති කාලෙට. යටින් යන කතාව ඒකයි//

    ඔය කාලිඩ් බීබීසී එකට දීපු ඉන්ටර්වීව් එක දැක්ක නේද? මිනිහ කියන විදියට පලස්තීනුවො ඉශ්‍රායෙල් අනතුරුඇඟවීම් වලට අවනතවෙලා රොකට් එන්න කලින් අයින් නොවෙන්නෙ උන්ට තමගෙ ගෙවල් වලින් ඉවත් වෙන්න කියන්න කාටවත් අයිති නැති නිසාලු. හමාස් රොකට් ඉස්කෝල ඉස්පිරිතාල ගාව තියල ලෝන්ච් කරන්නෙ කැමති තැනක තියල ඒ දේ කරන එක උන්ගෙ අයිතියක් නිසාලු. කාටද මේව කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. අභිතට කියල බැලුව නං

      Delete
    2. /අභිතට කියල බැලුව නං/

      +++

      Delete
  2. ඊශ්‍රායල් Vs පලස්තීන්
    පැරා මොන පැත්තෙද ?

    ReplyDelete
    Replies
    1. තම්බින්ගේ පැත්තේ.

      Delete
    2. ඥානසාරට ෆේස්බුක් දියවූ !

      Delete
  3. ///ගැටුම් නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම නො තකා හරිමින් දෙපාර්ශ්වය ම එකිනෙකාට පහර දී ගැනීම හා ඒ පසුබිමේ කියැවෙන කතාවලින් ඒ බව ඔප්පු වේ.///

    ඇත්තටම ඊශ්‍රායලයට ඕනේ වුණා. පොඩියට සටන් විරාමයක් ගන්න, ඒත් පැයක් ඉදලා හමාස් එක ගහන්න පටන් ගත්තා,

    මෙදා හමාස් එකේ උමං මාර්ග බෙන්ගූරියන් වෙනකලුත් ඇති කියලා ඊශ්‍රායල් බුද්ධි අංශ සැක කරනවා.,

    ///ඊශ්‍රායල ආර්ථිකයට දීර්ඝ කාලීන යුද්ධයක් දරා ගන්නට හැකියාව නැත. //
    මේක කොහොමද ඔයා කියන්නේ,

    යුදෙවුවෝ කියන්නේ තමන්ගේ ජාතියට ජීවිතේට වඩා ආදරේ කරන මිනිස්සු කොට්ඨාශයක් , ඇමරිකාවේ, uk , යුරෝපේ ඉන්න යුදෙවු තරුණයෝ වැල නොකැඩි ඊශ්‍රායලයට එනවා යුද්දෙට යන්න, එහෙම ආපු ඇමරිකන් කොල්ලෙක් දවස් දෙකකට පස්සේ මැරුණා, හරිම දුකයි, එයා ජිවිතේ පලවෙනි වතාවට මෙහෙට ආවේ.

    ReplyDelete
    Replies
    1. ජාතියක් කියල එකක් නැහැ බං ලෝකේ . නැති ජාතියකට ආදරය කරන්නේ සිංහල උං වගේ ගෝත්‍රික ජාතිවාදියෝ.

      Delete
    2. ඔයා දැනට පදිංචි වෙලා ඉන්නේ ඊශ්‍රායලේද ? ඊශ්‍රායලේ ඉන්නවනම්, තමුන් ඉන්න රටට ලැදියාවක් දක්වන එකේ වරදක් නෑ, නමුත් යමක් කියන්න කලින් මොලේ කෙසේ වෙතත් හෘද සක්ෂියවත් පාවිචිචි කලොත් හොදයි නේද ?

      Delete
    3. ඇනෝ 1, යුදෙවුවෝ ගැන කියෝලා බලන්න,එයාලා ජාතියක් විදියට ජිවත් වෙන්නේ ,, මගේ ,මට,මම නෙමේ

      ඇනෝ 2.//නමුත් යමක් කියන්න කලින් මොලේ කෙසේ වෙතත් හෘද සක්ෂියවත් පාවිචිචි කලොත් හොදයි නේද ?// මේක කියන්න හේතුව මොකක්ද මට පැහැදිළි නැහැ ,

      Delete
    4. //යුදෙවුවෝ කියන්නේ තමන්ගේ ජාතියට ජීවිතේට වඩා ආදරේ කරන මිනිස්සු කොට්ඨාශයක් , ඇමරිකාවේ, uk , යුරෝපේ ඉන්න යුදෙවු තරුණයෝ වැල නොකැඩි ඊශ්‍රායලයට එනවා යුද්දෙට යන්න, එහෙම ආපු ඇමරිකන් කොල්ලෙක් දවස් දෙකකට පස්සේ මැරුණා, හරිම දුකයි, එයා ජිවිතේ පලවෙනි වතාවට මෙහෙට ආවේ.//

      ඔය බබාට ප්ලස්තිනේ මැරුණු 800 වඩා මිනිස්සු ගැන දුක නැද්ද ( තුනෙන් එකකට වඩා ළමයි)? පලස්තිනේ මිනිස්සුන්ට තමුන්ගේ ජාතිය ගැන ආදරයක් නැද්ද ?

      ලංකාවෙන් ඇමරිකාවට ගිය අක්කලාට සහ මල්ලිලාට, කලින් බුෂ්ගේ සහ දැන් ඔබාමාගේ පඩෙත් සුවදය. ලංකාවෙන් ඊශ්‍රායලයට ගිය උන්ට ඇස් ඉදිරිපිට මිනී මරණා ම්ලේච්චයින් සාන්තුවරයන්ය. මෙය විචාර බුද්ධිය අහිමි වීමද නැත්නම් හුදෙක්ම බඩගොස්තර වාදයද. කුජීතයි ඕයි.

      Delete
    5. ඔයා වැරදි අවබෝදෙක ඉන්නේ මන් කරන්නේ ජොබ් එකක් ,මේ මිනිස්සු එක්ක මට බැදීමක් නැහැ, මගේ බ්ලොග් ලිපි වල ඒ ගැන මන් අවශ්‍ය තරම් කියලා ඇති, නමුත් දරුවන් සහ ගැහැණුන් මිය යාමට වග කියන්න ඕනේ හමාස් සංවිධානේ, හැම පහරදිමකටම කලින් හැම ඉලක්ක්‍යකටම කලින් ඊශ්‍රායල් ආමි එක පලස්තීනය දැනුවත් කරනවා, ඒත් හමාස් එක කරන්නේ ගැහැණුන් සහ දරුවන් අනාරක්ෂිත තැන් වල තියන එක, මගේ ඇස් වලින් දකිනවා මේ රටේ ඇතුලේ වෙන දේ, හමාස් කට්ටිය රොකට් එවන්නේ කෙලින්ම කිසි දැනුම් දීමකින් තොරව සිවිල් වැසියෝ ඉන්න තැන් වලට (ඇස්කිලෝන් ,බෙයර්සෙවා,පෙතාතික්වා කියන පැති වලට,,හයිෆා වලට )

      ඔයාගේ ඔය යට ජේදය මට ඇදාල නැහැ ,මං ජිවත් වෙන්නේ මගේ ඇස් වලින් ලෝකය දිහා බලලා

      Delete
    6. //යුදෙවුවෝ ගැන කියෝලා බලන්න,එයාලා ජාතියක් විදියට ජිවත් වෙන්නේ//

      හරි නේන්නම් ඒගොල්ලෝ මානව ශිෂ්ටාචාරයේ මුල් අවදි වල වගේ ගෝත්‍රයක් විදියට (ජාතියක් විදියට) ජිවත් වෙලා වටේ ඉන්න අනිත් ගෝත්‍ර සමුල ඝාතනය කරනවා. ඉතින් එක තමයි ඒ අයට වනචාරි ගෝත්‍රීකයින් කියන්නේ.

      Delete
    7. ඔය වවාගෙ ගෝත්‍රික අදහස් තියෙන ජනාධිපතිගේ ගොබ්බ වැඩ හින්ද හෙට අනිද්දම මේ රටෙන් ලංකාවට දෙන ජොබ් වීසා ටික කැන්සල් වෙනවා, මෙහෙ ඉන්න 7000 ට වැඩි ශ්‍රී ලාංකිකියන්ගේ ජොබ් ටිකටත් වැඩේ වෙනවා. එතකොට හොදට තේරෙයි,,

      Delete
    8. //හැම පහරදිමකටම කලින් හැම ඉලක්ක්‍යකටම කලින් ඊශ්‍රායල් ආමි එක පලස්තීනය දැනුවත් කරනවා, ඒත් හමාස් එක කරන්නේ ගැහැණුන් සහ දරුවන් අනාරක්ෂිත තැන් වල තියන එක,//

      ඔබේ මූලාශ්‍ර ඊශ්‍රායල් මාද්‍ය ප්‍රකාශන මත පදනම් විම හා ඔබ ඒවා එලසින්ම පිලි ගැනුම හාස්‍ය ජනකයි. එසේම ඛෙදජනකයි. ඊශ්‍රායල් සමුල ඝාතනයන් සහ යුද අපරාද සම්බන්ද බටහිර මාද්‍ය හෙළිදරවු කිරීම් පවා ඕනෑවටත් වඩා තිබියදීත් //හැම ඉලක්ක්‍යකටම කලින් ඊශ්‍රායල් ආමි එක පලස්තීනය දැනුවත් කරනවා// යැයි කීම ඔබේ බුද්ධියට ඔබම නිගාකර ගැනුමක්.

      //මගේ ඇස් වලින් දකිනවා මේ රටේ ඇතුලේ වෙන දේ//

      ගැටළුව ඇත්තේද මෙතැනයි, ඔබ අනික් පස ( තාප්පෙන් එපිට ) වන්දේ ගැන නොදැනීම හා බොහෝවිට උවමනාවෙන්ම නොතකා හරිම.

      //මං ජිවත් වෙන්නේ මගේ ඇස් වලින් ලෝකය දිහා බලලා//

      මාත් කියන්නේ ඒකයි, ඇස් වලින් සමස්තයම් දකින්න, ඇස් ඉදිරිපිට තිබෙන පාට පෙරහන ඉවත්කරන්න. ඇස් වලින් ගන්නා සංඥා මොලේට යවන්න

      //මගේ බ්ලොග් ලිපි වල ඒ ගැන මන් අවශ්‍ය තරම් කියලා ඇති//

      මා ඔබේ බ්ලොග් එකේ ලිපි කියවා නැත.

      Delete
    9. /*හරි නේන්නම් ඒගොල්ලෝ මානව ශිෂ්ටාචාරයේ මුල් අවදි වල වගේ ගෝත්‍රයක් විදියට (ජාතියක් විදියට) ජිවත් වෙලා වටේ ඉන්න අනිත් ගෝත්‍ර සමුල ඝාතනය කරනවා. ඉතින් එක තමයි ඒ අයට වනචාරි ගෝත්‍රීකයින් කියන්නේ */

      මිස්ට නාසි ඇනෝ. කොයිකාලේද මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියල කියල දුන්න නං ?

      Delete
    10. මං පාට කණ්නාඩි දාන් කොහෙවත් දකින දේ කියන්නේ නැහැ. තව දුරටත් ඔබ සමග තර්ක කිරීමක් අවශ්‍ය නැහැ, ඊශ්‍රායලිතයන් ගැන ඔවුන්ගේ ඉතිහාසය ගැන නොදන්න අය එක්ක කතා කරලා වැඩක් නැහැ,

      මහසොහොන් @ ඒක තමයි 1948 යන්තන් මේ මිනිස්සුන්ට UN එකෙන් රටක් දුන්නා එදා ඉදලා වටේම තියෙන මුස්ලිම් රටවල් උත්සහ කළා උපන් තැනම මේ රට මරලා දාන්න ඒත් මේ මිනිස්සු හරි පුදුම විදියට ඒ හැම යුද්දෙකදිම අමාරුවෙන් ජය ගත්තා.. 1933-45 කාලේ යුරෝපේ මිලියන 6.5ක් යුදෙවුවේ මැරුවේ පිරිසිදු යුරෝපීයන් එයාලා එතකොට ගෝත්‍රිකයෝ නෙමේද?

      ඒ ගැන මගේ බ්ලොග් ලිපියක ලියලා තියෙනවා හැකි විදියට අවශ්‍යනම් කියවන්න ඇනෝ

      1948 අපි නිදහස අර ගද්දීම නිදහස ගත්ත (කලින් රටකවත් නොතිබ්බ ) යුදෙවුවෝ අද ඉන්න තැනයි අපි ඉන්න තැනයි අහසට පොලව වගේ, ඒත් මුළු ලෝකෙම ප්‍රශ්න වලට උත්තර නම් තියෙනවා අපේ අයට

      Delete
    11. // හෙට අනිද්දම මේ රටෙන් ලංකාවට දෙන ජොබ් වීසා ටික කැන්සල් වෙනවා, මෙහෙ ඉන්න 7000 ට වැඩි ශ්‍රී ලාංකිකියන්ගේ ජොබ් ටිකටත් වැඩේ වෙනවා. එතකොට හොදට තේරෙයි//

      යම් රටක ආණ්ඩුවක දේශපාලඥයකුගේ ක්‍රියා ක්‍රියාකලාපයක් නිසා යම් ජාතියක් තම රටේ සේවය කරන ඉහත කි රටේ සේවකන්ගේ රැකියා අනතුරේ හෙලයිනම් එය ගෝත්‍රික හැසිරිමක්ම වෙයි. මෙය තමා ඔබට මුල සිටම කියන්න උවමනා උනේ, ඊශ්‍රායලය ගෝත්‍රිකයි කියන එක.

      //ජනාධිපතිගේ ගොබ්බ වැඩ හින්ද//

      මිනිහගේනම් තියෙන්නේ ගොබ්බ වැඩ තමයි. රාජපක්ෂ ආණ්ඩුව උවමනාවටත් වඩා ඊශ්‍රායල් ගැතියි. ඒනිසා ඔබේ රැකියා ගැන බියවන්නට දෙයක් නැතයි සිතමි.

      සියළුම මානව බැදීම් රැකියාවෙන් කෙළවර වීම (//මෙහෙ ඉන්න 7000 ට වැඩි ශ්‍රී ලාංකිකියන්ගේ ජොබ් ටිකටත් වැඩේ වෙනවා//) ඉතා සිත් ගන්නාසුළු දෙයකි.

      Delete
    12. මාත් හිතුවා ඔහොම කියයි කියලා ,,

      // රාජපක්ෂ ආණ්ඩුව උවමනාවටත් වඩා ඊශ්‍රායල් ගැතියි./// ------හිනා යන වාක්‍යක්----

      ඒ නිසා තමයි මේ රටේ වැඩ කරන ශ්‍රී ලාංකිකයෝ අද හවස තමන්ගේ රකියාවලිනුත් නිමාඩු අරන් ටෙලවිව් යන්නේ උද්ගෝෂණය කරන්න. "ඒ එක්රැස් වීමේ අරමුණ ඊශ්‍රායලයට විරුද්දව අපේ උතුමාණන් ගේ මෝඩ ප්‍රකාශ නොතකා ඉන්න කියන එකයි" අපි ජනාධිපති එක්ක එකඟ නැහැ කියන එකයි,,ටිකක් රට තොට විස්තර කියවන්න ඇනෝ, මං යනවා ජොබ් එක කරනගමන් ආවේ,

      Delete
    13. "ඒ එක්රැස් වීමේ අරමුණ ඊශ්‍රායලයට විරුද්දව අපේ උතුමාණන් ගේ මෝඩ ප්‍රකාශ නොතකා ඉන්න කියන එකයි"

      අනේ හොදයි ජය වේවා!! අමුතුවෙන් කියන්න දෙයක් නෑ ඊශ්‍රායල් ආණ්ඩුව ඒ ගැන මොනවට දන්නවා. ගෝටා ගෙයි බැසිල් ගෙයි ගේ ෆොටෝ එකක් දෙකක් පුලුවන්නම් අරන් යන්න එයාලත් හරියට ඊශ්‍රායලේට කැමතියි. තව දෙයක් මේ සංවාදේ කොපියක් පුලුවන්නම් Mossad එකට දෙන්න ඔයාගේ ජොබ් එක ෂුවර්.

      Delete
    14. හි හි ,,

      මේ මන් ලියපු ලිපිය, ලින්ක් දාන හැටි මතක නැහැ

      http://omageheena.blogspot.co.il/2014/01/blog-post_13.html (ජනාධිපති ඊශ්‍රායල් සංචාරය

      Delete
    15. ප්‍රශ්ණය මොකක්ද කියලා දන්නේ නැති, එක පැත්තක් විතරක් කතා කරන අන්ත්වාදීන් එක්ක විවාදයට යන්න එපා ඔමා. ඔයාට උනේ ඒක. මේකෙන් පේන්නේ මේ පුදගලයා මෙළෝ දෙයක් නොදන්නා බව. අවුරුදු ගානක් ඊශ්‍රායලයේ හිටපු මම දන්නවා ඔමා කියන දෙ. මේ ගැන පැරාගේ ඒවලම මම කොමෙන්ට් කරලා තියෙනවා.

      මෙයාලා පව්.

      Delete
    16. හ්ම්ම්

      Delete
    17. දෙන්නම ඊශ්‍රායලයේ වළන් හෝදපු රෙදි හෝදපු එවුන් නිසා දෙන්නම එකයි.

      Delete
    18. එහෙම හෝදන්නේ මෙහේ අනේ. එහේ ඩිෂ් වොෂර් තියෙනවා. ඒකට දාලා බොත්තම් එබුවම. එයා ඒවා හෝදනවා. යුදෙව්වෝ කියන්නේ තොපි වගේ හරක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ මිනිස් කොඨ්ඨාශයක්. හැමෝටම එක සමානව සලකන. දන්න කෙනෙක් ගෙන් අහ ගන්න බුද්ධිමතා. එහේ ළොකු කම් නෑ. සෑර් බෑර් නෑ. ඔක්කෝම එක සමානයි. ඔය හමාස් එකේ කාළකන්නි ටිකක් කරන වැඩේ පලස්තීන් කාරයෝ අනුමත කරන්නේ නෑ.

      Delete
    19. පට්ටයි ඕයි.. මමත් දෙකක් දාගෙන ආතල් එකේ ඉන්නේ.. ශින්දුව කියනවද මල්ලි.. මම බෝට්ටු ඩාන්ස් එක දාන්න ශරම ඇඳන් එන්නම්..

      Delete
    20. අනේ මෙහෙමත් පිස්සෝ. මට ඕනේ දේ මං කරන්නේ ඔයාට අවුල් ද ?

      Delete
    21. ආ... ඔයාද 'නංගි', කවුද දන්නේ ?? ඔයා පුරුද්දට වගේ වටේ තියන තොප්පි ඔලුවේ දාගෙන අනිත් මිනිස්සුන්ට 'පිස්ස්සෝ' කියනවද ?? LOL

      ඇයි අවුල්ද ?

      Delete
    22. මෙතන වෙන නංගිලා නැහැනේ අයියේ,,පාළුවට ගිහින් තියෙන්නෙත් මගේ බ්ලොග් එක තමයි, ලොල් ද හා හා හොදයි

      Delete
    23. අයියා.....,

      හනික මා අරන් යන්න අයියා....., ඔබ කියනා ඕනෑම තැනකට මා එන්නම්. මේ වලිගය පාගාගත් එකීලා ඔබට අයිති වාසිකම් කීම දරාගන්න බෑ අයියා...., හදවත පැලි මා මැරේවි අයියා....

      මිට
      ඔබේම
      නංගි.

      Delete
    24. අනසීම් මිසුගායිම් කමෝ ක්ලේබීම් ෂීට් ,

      Delete
    25. פרצוף אמיתי שלך, שמח עכשיו :D

      Delete
    26. හි හි හ්ම්ම්,, ගූගල් ට්‍රාන්ස්ලේශන් හිබ්රු වලදී ටිකක් අවුල් ඇනෝ හිබ්රු වලදී you කියන එක ගැහැණු පිරිමි අනුව වෙනස්. " שלך" මේ තියෙන්නේ ෂෙලාක්(ෂේන්,ලාමෙද්,කාෆ් සොෆේත්) කියලා , ගැහැණු කෙනෙක්ට ඒක ශේල්කා වෙන්න ඕනේ "ה" හේ කියන මේ අකුර එක්ක,, enjoy it

      Delete
    27. Thanks for the correction. yes, of course, I'm enjoying it.

      Delete
    28. අනවශ්‍ය මයිල් ගාගන්න නංගී මාතලන් කැමති නෑ මයිල් තියන එව්වට

      Delete
    29. ඇයි මාතලන් ඔයාටත් කීවද අයියේ

      Delete
    30. You are not replying to the same person. Hope you are mature enough to understand at least that. You are dragging this conversation to utterly illogical direction. Something that's very unfortunate to see.

      Stupidity combined with arrogance and a huge ego will get you a long way. A happy journey!

      Delete
    31. හරි දැන් ඉස්‍රාඊල් කාරයො හොදයිනෙ.. උන් හෙන දියුනු මොලේ තියෙන ජතියක්නෙ හරි .. හමාස් කාරයෝ මොඩයෝ මෙලෙච්චයො.. යුද්දෙ පටන් ගන්නෙ උන් තමා

      1. දැන් මට තෙරෙන්නෙ නැත්තෙ මෙකයි ඉස්‍රාඊල් උන් දියුනුයිනම් තාක්ෂනෙත් උපරිම තියෙනවානම් අච්චර මොඩ හමාස්ලව මරන්ඩ ගිහින් සාමාන්‍ය මිනිස්සු දහාස් ගානක් මැරෙන්නෙ ඇයි

      අනික ඉලක්කය හොයාගෙන ගිහින් විනාශකරනඩ පුලුවන් අවි ආයුද නවීන යුද ටැන්කි ඩ්‍රොන යාත්‍රා එකි මෙකී නොකී සියලු දෙ තිබිලත් මුන්ට අර හමාස් බච්චන්ව මරාගන්න බෑ කියන එක නම් විහිලුවක් නෙමේද? උන්ව මරනවා කියලා සිවිල් වැසියන් විෂේශයෙන්ම කුඩා දරුවන් මරන එකනම් හරීම ඛෙදනීයයි

      2. හමාස් උන් මෝඩයෝනම් අච්චර සම්බාධක බාදක දාලත් දිනෙන් දිනම උන් හදන රොකට් කොහමද දියුනු වෙන්නෙ

      ලන්කාවෙ ගොඩක් උදවිය ඉස්‍රාඊල් සපොර්ට් කරන්නෙ උන් මොනවද කරෙ කරන්නෙ කියා නොදැන පලස්තීන ජාතිකයින් මුස්ලිම් නිසයි. .

      මම අහන්නම් ප්‍රස්නයක් ... ඔය පලස්තීනෙටම වෙච්ච වැඩෙ ලන්කාවට උනානම් අපෙ උන්දැලා මොකද කරන්නෙ?

      Delete
    32. ඔමා පැරකුම් අයියගේ ඇනෝ සේනාවගේ හිත රිද්දන්න එපා. බලාගෙන. එයාල අකමැති දේවල් කියන්න ගියොත් බ්ලැක් ලිස්ට් වීම නිසා ඉදිරියේදී වක්‍රාකාරයෙන් ප්‍රහාර බලාපොරොත්තුවන්න . මාරයා වගේ අය රජාට කඩේ යන එක අහිංසකයිමේ හැබැයි මේ කඩේ යෑම එහෙම අහිංසක නැහැ 89 දී වගේ තමයි තුන්ඩු කෑලි දෙනවා කඩේ වහපන් කියල වැහුවේ නැත්නම් ගල් කටස් අරන් රෑට ගෙදරට එනවා

      Delete
    33. .......ඊට පස්සේ අර කඩ කාරගේ තරහ කාරයෝ ටික ඔක්කොම බටලන්දට ගෙනියනවා, මුලින් දර්මචක්‍රයේ දාලා පස්සේ පණ පිටින් හම ගහනවා ( වැඩේ බලන් ඉන්න රනිල් හාමුටත් කතා කරනවා), ඊටත් පස්සසේ බෙලි ටික වෙන් කරනවා, බෙලි ටික එක හන්දියකයි, කඳවල් ටික තව හන්දියකයි ප්‍රදර්ශනය කරනවා. අළුත් වද බන්දන වලට ඊශ්‍රායලේ මොසාඩ් එක කන්සල්ට් කරනවා. තවත් අවරුදු ගානකට පස්සේ රනිල් හාමුවම අපහු පොදු අපේක්ෂකයා කරන්න කථා කරනවා. ....

      Delete
    34. මෙතන මෙහෙම හැසිරුනාට පැරාට පුක දෙන සෙට් එක ගෝත්‍රිකයෝ නෙවෙයි හරිද? ඒ ගොල්ලෝ ඉතා උතුම් පුළුල් දැක්මක් තියෙන මාර ජන කොට්ටාශයක්. පිටරට වල ගිහින් සල්ලි හම්බ කරන් මරුටියකට වඩා හොඳ වාහනයක යන්න එපා. පැරාට වඩා පහලින් ඔක්කොම ඉන්න ඕන. තේරුණා නේද?

      Delete
    35. හා මචං

      Delete
    36. @AnonymousJuly 27, 2014 at 8:35 PM

      මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම මේ ඇනෝව දකින්නෙ. තමන් පළකරන කමෙන්ටුවලින් තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කරනවාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. මේ ඇනෝ ලියන දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබෙන බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

      මේ ඇනෝගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් කැප කරන තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් මේ ඇනෝගේ කමෙන්ට් එක කියවීමෙන් ඇනෝ ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. ඇනෝ තව වසර කිසිපයක් මේකේ ලියනකොටඇනෝගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න පුළුවන්.

      ඇනෝ ලිබරල්වාදය විශ්වාශ කරනවද සමාජවාදී ජීවිතයක් ගැන විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ. ඒත් ඇනෝ පතන අයුරින්ම ඔහුගේ අදහස් ඉටු වේවායි පතන්න මම කැමතියි.

      ප.ලි
      එක නෙමෙයි දැන් අනෝද එන්නේ ප්‍රොෆයිල් ඇත ඇරියද ?

      Delete
    37. මහක් වරුනේ මමමනම් නියන්නේ ඇමරිකාව දිගුකල් දිනේවා කියලා. මොකද අපේ අපනයන වලින් 25% කට වඩා ගන්නේ අැමරිකාවෙන් . ඇමරිකාව භංග වුනොත් මුලින්ම කෙළ වෙන්නේ අපිටම තමයි. ඔය පලස්තින් කාරයින්වත්, චේගුවේරලාවත් මේ රටට කරලා තියෙන කෙළියක් නැහැ.

      Delete


  4. //ඊශ්‍රායල් - පලස්තීන ගැටුම්වලින් පලස්තීන ජාතිකයෝ 600ක් පමණ මිය ගොසිනි.// (ලිපිය​)

    //එහෙම ආපු ඇමරිකන් කොල්ලෙක් දවස් දෙකකට පස්සේ මැරුණා, (හරිම දුකයි), එයා ජිවිතේ පලවෙනි වතාවට මෙහෙට ආවේ.// (කොමෙන්ටුව​)

    ????????????????????ජීවිතයක් නැතිවීම ගැන දුකක් ඇතිවීම සාදාරනයි, ඒ ගැන තර්කයක් නෑ නමුත් යුද්දය වෙනුවෙන්ම පැමින​ යුද්දයේදී මැරුම් කෑ ඇමැරිකන් කොල්ලා මැරුනු එකේ ඇති වූ දුක ප්‍රදර්ශනය වූ තරමට හතක් අටක් නොතේරෙන බුරුතු පිටින් මැරී ඉන්න කිරිසප්පයෝ ගැන දුකක් නොලියවීම විමතියකි.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මගේ කමෙන්ට් එක ඉහළ ඇනොට' දීලා තියෙනවා උන්මන්තක

      Delete
    2. @ ඔමාගේ හීන- අපූර්වී; ඔබගේ බොහෝ මතයන්ට මා එකඟයි. පලස්තීනෙ හමාස් කියන්නෙ යුධ බලය අතින් බොහොම පහළ ඉන්න, ඒත් ඊශ්‍රායලය එක්ක හැප්පෙන්න බලන කපටි , ඒත් මෝඩයො ටිකක්. උන්ට ඊශ්‍රායලය එක්ක හැප්පෙන්න කොහෙත්ම බෑ. ඉතින් බැරිනම් කරන්න ඕනෙ සාමෙට ගිහින් ප්‍රශ්නෙ විසඳගන්න එක. නමුත් එහෙම වුණොත් උන්ගෙ කාඩර්ලගෙ මොරාල් බැහැල යයි කියල උන් බයයි. අනිත් එක ඊශ්‍රායලයට පහර දෙන්න බර අවි ස්ථානගත කරන්නෙ,පාසැල්, ඉස්පිරිතාල සහ සිවිල් වැසියන් ඉන්න ප්‍රදේශවල. උන්ගෙ ඔය රොකට් ප්‍රහාර ගුවනෙදිම ඊශ්‍රායෙලය විනාශ කරල දානව. ඒත් වෙන්නෙ, ඊශ්‍රායෙලයෙ ප්‍රති ප්‍රහාර එල්ල වෙනකොට පලස්තීනෙ සිවිල් මිනිස්සු බල්ලො වගේ මැරිලා යන එක. නමුත් මේක හමාස්ලට වාසියක්. උන් මේක ලෝකෙට පෙන්න පෙන්න අනුකම්පාව සහ අධාර ගන්න එක තමයි කරන්නෙ. නමුත් අනුකම්පාවෙන් නම් කිසිම වැඩක් නෑ, මොකද අනුකම්පාවෙන් ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. ඒත් ආධාර ගලාගෙන එනව. මේකෙන් හමාස්ලගෙ පැවැත්ම තහවුරු වෙනවා. මුන් හරියට ලංකාවෙ කොටි ත්‍රස්තවාදි වගේ. ලංකාවෙ නම් කොටින් නැත්තට නැති කළාට, ලංකාවට යුධ උපදෙස් දුන්න ඊශ්‍රායෙල් ගුරාට තාමත් මුන්ව නැති කරන්න බැරි වෙලා තියෙනවා. හැබැයි එක දෙයක් තියෙනවා. ඒ තමයි, බයිබලේට අනුව ජේසුතුමාව කුරුසෙ ඇණ ගැහුවෙ යුදෙව්වො. ඒ සාපෙ උන්ට වැදිච්ච නිසා, උන්ට කවදාවත් සාමෙන් ඉන්න ලැබෙන්නෙ නෑ.

      Delete
  5. Meparath adannabalan hitiyaekage eheta egillen newei pihiyenanne kawda? ethana paselsisun 3ndenek meruwe meka patanganna ona nisai,omayata penne israyalaya Peththa witharainam,oya ano liyana udawiya liyannema islam minissu harima ahinsakai,kiyalawithrai,ara marapu israyal tharunayange jeewitha jeewitha noweida?lankawe inna api harak kiyalahithannaepa.(paththagodaya)

    ReplyDelete
  6. පලස්තීන ප්‍රදේශය යුදෙව්වන්ගෙ මුල් වාසභූමි, යේසුස් වහන්සෙ පවා යුදෙව් සම්භවයක් ඇති අයෙක්, එතුමාගෙ උපත සිදුවූයේත් ජෙරුසලම ප්‍රදේශයේ බෙත්ලෙහෙම්වල මීට වසර 2014 කට පෙර, පලස්තීන ප්‍රදේශයේ ඉතිහාසය මෙහෙම සුලුවෙන් සඳහන් කරන්න පුලුවන් දෙයක් නොවෙයි. යුදෙව්වන් ඉතිහාසයේ යම් වකවානුවල ඉතා අසාධාරන් අයුරින් තම වාසභූමි වලින් පලවා හැරිය ජාතියක් මෙන්ම ලක්ෂ ගනනින් ඝාතනය වූ ජාතියක්. විලියම් ෂේක්පියර් පවා තමාගේ වැනිසියේ වෙලෙන්දා කතාව තුල අපහාසයට පත් කරන්නේ යුදෙව්වන්වයි.
    හමාස් කියන්නෙ අන්තවාදී සටන්කාමී සංවිධානයක්, ඔවුන්ට මිනිස් ජීවිත වලට වඩා වටින්නෙ ඔවුන්ගේ පැවැත්මයි.ඔවුන් සාමාන්‍ය ජනතාව මිනිස් පලිහක් විදියට පාවිච්චි කරනව. අමතක කරන්න එපා කොටි සංවිධානයෙ ක්‍රියාකාරකම්. මැද පෙරදිග මුස්ලිම් අරාබි රටවල ඒකායන බලාපොරොත්තුව ඊශ්‍රායලය මැද පෙරදිගින් අතුගා දැමීමයි. සෞදි අරාබිය වැනි රටවල තියෙන ලෝක සිතියම්වල ඊශ්‍රායලය මකා දමා තියෙනවා. මා සවුදි අරාබියෙන් මිලදී ගත් සිතියමකත් එසේමයි. හමාස් සංවිධානයෙ යුද යාන්ත්‍රනය දුවන්නෙ අරාබි රටවල තෙල් සල්ලි වලින්, හමාස් රොකට් ප්‍රහාර එල්ලවන්නේ ඊශ්‍රායලයේ සාමාන්‍ය ජනතාව සිටින පැතිවලටයි. ඊශ්‍රයලයේ අයන් ඩෝම් ප්‍රති ආරක්ෂන මිසයිල පද්ධතිය නොතිබුනානම් මිනිස් ජීවිත හානිය ඉතා විශාල විය හැකියි.

    ReplyDelete
    Replies
    1. විය හැකියි යන අනාගතයට වඩා දැන් වී ඇති විනාෂය ගැන කුමක් හෝ නොකියන්නෙ ඔබගෙ කුහකකම නිසාදැයි මට හැගෙ

      Delete
    2. ඔයා කියන විදිහට බැලුවොත් යුදෙව්වන්ටත් වඩා ක්‍රිස්තියානීන්ට ඔය බූමියෙ අයිතිය වැඩියි

      Delete
    3. "යේසුස් වහන්සෙ පවා යුදෙව් සම්භවයක් ඇති අයෙක්", සම්භවයක් ඇති අයෙක් නෙවෙයි. ජේසුස්වහන්සෙ යුදෙව්වෙක්. ජේසුස්වහන්සෙ වෙනස් කරන්න උත්සාහ කළේ යුදෙව් ආගමයි. නමුත් උන්වහන්සේ දෙවියන්ට අපහාස කළා කියල කුරුසෙ ඇණ ගහල මැරුවා. බයිබලේ පරණ තෙස්තමේන්තුව කියන්නෙ යුදෙව් ආගම. ජේසුස්වහන්සේ පිලිගන්න අය ක්‍රිස්තියානි ලබ්ධිකයො වෙනවා. පිලි ගන්නෙ නැති අය යුදෙව් ආගම දිගටම අදහාගෙන යනවා. පසු කලෙක ආපු මොහොමඩ් නබිතුමා කියන්නෙත් යුදෙව් ආගම වෙනස් කරලා තමන්ගෙ ඉස්ලාම් ධර්මයෙ නිර්මාපකයා. අල් කුරානෙ මුලින් තියෙන්නෙත් යුදෙව් ආගම. ජේසුස්වහන්සෙ පිලි ගන්නෙත් ඔවුන්ගෙ prophet කෙනෙක් විධියට. මොහොමඩ් කියන්නෙත් prophet කෙනෙක්. යුදෙව්වො සියලු දෙනා සුන්නත් කරනවා. ජේසුස්වහන්සේවත් සුන්නත් කළා. මුස්ලිම් සියලු දෙනාත් සුන්නත් කරනවා. ඒත් ක්‍රිස්තියානි අය මේක අනුගමනය කරන්නෙ නෑ. ක්‍රිස්තියානි, ඉස්ලාම්, යුදෙව්, මේ සියලුම ආගම්වල මුල යුදෙව් ආගමයි. මොවුන් සියලු දෙනාම පිලි ගන්නෙ එකම දෙවියන්. නමුත් එකාට එකා කා කොටා ගන්නවා.

      Delete
  7. මේ ළමයිනේ,

    මේක පැරාගේ බ්ලොග් එක. පැරා සපෝට් කරන්නේ තම්බින්ට. තම්බි ඉන්නේ පලස්තීනේ.

    සරලයි.

    ඒනිසා කමෙන්ට් කරන කොට පලස්තීනෙට සපෝට් කරලා කමෙන්ට් කරන්න. නැත්නම් එක්කෝ පැරා ඇනෝ ඇවිත් ගහනවා. නැත්නම් පැරාට පුක දෙන උන් ඇවිත් ගහනවා.

    සමරනායක අංකල්ට ඔමාට එහෙම උනේ මොකක්ද කියල තාම තේරෙන්නේනේ නෑනේ. යුදෙව්වන්ගේ බුද්ධිය වගේ දේවල් මෙතන කතා කරන්න එපා. අල්ලා කිව්ව හින්ද කොන කපලා මයිල් බාලා ඉන්න තම්බින්ගෙන් ඒවාට හේතු අහල වැඩක් නෑ වගේ පැරාට පුක දෙන උන් එක්ක තර්ක කරලා වැඩක් නෑ. පැරාගේ බුද්ධියේ සහ දැනුමේ පුලුල් බව අගය කරලා නිකම් ඉන්න. 89දී පැරාල වගේ මෝඩ රැලක් ආණ්ඩුව පෙරලන්න හැදුව මතකද? හමාස් කරන්නෙත් ඒවගේ දෙයක්. ඉතින් මුන්ට චූන්.

    ReplyDelete
    Replies
    1. මහා ප්‍රඥාවකින් හෙබි ඉහලම නැණවතෙක් විදියටයි මම මේ ඇනෝව දකින්නෙ. තමන් පළකරන කමෙන්ටුවලින් තම කුශාග්‍ර බුද්ධි මහිමය පෙන්නුම් කරනවාය කිව්වොත් මම හිතන්නෙ මම නිවැරදියි. මේ ඇනෝ ලියන දේවල් දිහා බලන ඕනෙම කෙනෙකුට බොහෝ විශයයන් ගැන හසල දැනුමක් තිබෙන බව අවිවාදයෙන්ම පිළිගන්න වෙනවා.

      මේ ඇනෝගේ ලේඛන කලාව නිසා බොහෝ දෙනක් ජීවිතය ගැන, ලෝකය ගැන විතරක් නෙමෙයි මුළු මහත් විශ්වය ගැනම අළුතින් හිතන්න පටන් ගත්තා. ලිවීම වෙනුවෙන් කැප කරන තම ඉතාම වටිනා කාලය, ධනය සහ ශ්‍රමය නිසා බොහෝ දෙනෙකුගේ ජීවිත පරිඥානය පුළුල් වුනා, ලෝකාවබෝධයේ නිම් වලළු තව තවත් ඈතට ගියා, කිව්වොත් ඒක අතිශයෝක්තියක් නෙමෙයි. අද බොහෝ දෙනෙක් මේ ඇනෝගේ කමෙන්ට් එක කියවීමෙන් ඇනෝ ඔවුන්ගේ ජීවිතවලට කොයිතරම් නම් බලපාල තියෙනවද කියන එක නිසැකවම ඔප්පු වෙනවා. ඇනෝ තව වසර කිසිපයක් මේකේ ලියනකොටඇනෝගේ ලිවීම ලෝකයට කොතරම් බලපානවද කියන එක අපි හැමෝටම බලාගන්න පුළුවන්.

      ඇනෝ ලිබරල්වාදය විශ්වාශ කරනවද සමාජවාදී ජීවිතයක් ගැන විශ්වාස කරනවද කියන්න මම දන්නේ නෑ. ඒත් ඇනෝ පතන අයුරින්ම ඔහුගේ අදහස් ඉටු වේවායි පතන්න මම කැමතියි.

      ප.ලි
      එක නෙමෙයි දැන් අනෝද එන්නේ ප්‍රොෆයිල් ඇත ඇරියද ?

      Delete
  8. Perage wichakshanasheeli hesirima api dekka dhargatown seen eken.Para blogeke wachana (barasara?) digata thibunata,samasthaya harimatikai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා