පලස්තීන අර්බුදය මතුපිටින් නොව ගැඹුරින්

පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර බොහෝ විට උඩදී ම විනාශ කරනු ලැබේ. එයින් සිදු වන හානිය අවම ය. එහෙත්, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය. කුඩා දරුවන් ඇතුළු සිය ගණන් පලස්තීන ජනයා මේ ප්‍රහාරවලින් මිය යති. 

ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොව පුරා බෙදා හැරෙමින් තිබේ. එසේ කරන්නේ පලස්තීන ජාතිකයන් කෙරෙහි ලෝකයේ අනුකම්පාව දිනා ගන්නට ය. ඊශ්‍රායල් හා ඇමරිකන් විරෝධය කුළුගන්වන්නට ය. එහෙත්, මේ වන විට ලෝකය ඇති තරම් පලස්තීනයට අනුකම්පා කර තිබේ. කොටින් ම ලංකාවේ ජනාධිපති පවා පලස්තීනයට අනුකම්පා කරයි. 

එහෙත්, මේ අනුකම්පාවන්ගෙන් සිදු වන කිසිවක් තිබේ ද? නැත. පලස්තීන වැසියන්ට අවශ්‍ය වන්නේ සාමයයි. ආරක්ෂාවයි. ඔවුන්ට නො ලැබෙන්නේ ද එයයි. 

පලස්තීන ප්‍රශ්නය වැනි ප්‍රශ්න උග්‍ර වීමට එක් හේතුවක් වන්නේ ලෝක බල දේශපාලනික උවමනාවන් ඔස්සේ මෙම ප්‍රශ්නය විග්‍රහ වීමයි. ඊශ්‍රායලය පවතින්නේ ඇමරිකානු ආරක්ෂාව මත බව ඇත්තකි. අැමරිකාව ලෝකය මත පතුරුවන ආධිපත්‍යය ප්‍රශ්න කිරීමේදී මැදපෙරදිග කලාපයේදී ඇමරිකාව ඊශ්‍රායලය සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ බරපතල ගැටලුවක් මතු වේ. එය අපගේ දැඩි විවේචනයට ලක් වන අතර ම අප මෙම ප්‍රශ්නය ගැන ගැඹුරින් බැලීම ද අවශ්‍ය ය.

ඇමරිකාව පෙනී සිටින්නේ ලෝකයේ ප්‍රජාතන්ත්‍රවා‍දයේ ආරක්ෂකයා ලෙස ය. එහෙත්, ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන්නේ ගෝලීය ධනවාදයේ සීමාව තුළයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආයෝජකයන්ට සංචලනය සඳහා ඇති ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම ශ්‍රමිකයන්ට නැත. ආයෝජකයන්ට සංවර්ධනය පිළිබඳ තීන්දු ගැනීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දිළින්දන්ට නැත. 

එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය සමාජවාදය දෙසට නැඹුරු නො වෙමින්, ජාතිවාදය වෙත කේන්ද්‍ර වීමේදී, සමාජවාදීහු ද ඉතා කණගාටුදායක ලෙස ජාතිවාදය වෙත ම තල්ලු වනු දක්නට ලැබිණි. ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ජාතිවාදය තුළින් සොයා ගත නො හැකි බවට සාක්ෂි අද වන විට ඕනෑ තරම් ලැබෙමින් තිබේ. ලංකාවේ දෙමළ ජාතික විමුක්ති අරගලය මේ සඳහා අපට සමීප නිදසුනකි. 

මේ සඳහා හොඳම නිදසුන පලස්තීනයයි. ‍ගෝලීය ධනවාදයේ නියෝජනයන් වන ඇමරිකා එක්සත් ජනපදයට හා ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනය විසින් හමාස් නම් ජාතිවාදී හා ආගම්වාදී අන්තවාදී සංවිධානය බිහි කරගෙන තිබේ. ඉස්ලාමීය, බෞද්ධ, හින්දු ආදී අන්තවාදයන් යනු ලෝකය පසුගාමිත්වය වෙත යොමු කරන ප්‍රවණතා ය. ප්‍රශ්නවලට විසඳුම් සඳහා වන අරගලය තිබෙන්නේ ගෝලීය ධනවාදයත්, ජාතිවාදයත් යන දෙක ම ප්‍රතික්ෂේප කිරීම තුළ ය. 

පීඩක ඊශ්‍රායල් ජාතිවාදයට හා ‍ගෝලීය ධනවාදයට එදිරිව පීඩිත පලස්තීනුවන්ගේ ජාතිවාදය වෙනුවෙන් ලෝකය පෙනී සිටිය යුතු නැත.

පලස්තීනය හා ඊශ්‍රායලය වැනි නම් මධ්‍යධරණී මුහුද සහ ජෝර්දාන් නදිය අතරතුර භූගෝලීය ප්‍රදේශය සහ වෙනත් යාබද භූමීන් විස්තර කිරීම සඳහා ඉතිහාසය මුළුල්ලේ භාවිතා කර තිබේ. යුදෙව්, ක්‍රිස්තියානි, ඉස්ලාම් ආදී ආගම් ගණනාවක මුල් ඇදුණු ආගමික භූමියක් වන මෙය ඉතිහාසය මුළුල්ලේ සිදු වූ ආගමික යුද්ධ, මහා ජන සංචලන ආදිය හේතුවෙන් කලින් කලට දැවැන්ත විපර්යාසයන්ට ලක් වී තිබේ. ඊජිප්තු මම්ලුක් සුල්තාන් රාජ්‍යයේ හා පසුව ඔටෝමාන් අධිරාජ්‍යයේ සිරියානු ප්‍රාන්තයේ කොටසක්ව පැවති පලස්තීනය 1917දී බ්‍රිතාන්‍යය විසින් යටත් කර ගන්නා ලදී. කලක් මෙම ප්‍රදේශය දකුණුදිග සිරියාව ලෙස ද හැඳින්විණි.

යුදෙව්වන් යනු ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ලොව පුරා ම පැතිර සිටි ජන කණ්ඩායමකි. ඔවුන්ට‍ එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ පැතිරෙන්නට පටන් ගත්තේ 19වන සියවස තරම් ඈත කාලයේ සිට ය. විශේෂයෙන් ම ජර්මනිය වැනි නැගෙනහිර යුරෝපීය රටවල සිදු වූ යුදෙව් සංහාරයන් සමග යුදෙව් ජනයා තුළ ද ජාතික හැඟීම් හා ජාතියට දේශයක් පිළිබඳ හැඟීම වර්ධනය විය. අද අපි සියොන්වාදය ලෙස දකින ජාතිවාදයේ නැගීම සිදු වන්නේ මෙම සංදර්භය තුළයි. 

වාමාංශික, දක්ෂිණාංශික, ආගමික, නිර්ආගමික ආදී ලොව පුරා යුදෙව් ජනකොටස්වල සහයෝගයෙන් සාමූහික ජනාවාස බිහි කිරීමේ දේශපාලනික සංචලනයක් 19වන සියවසේ සිට සිදු විය. ආලියා නම් වූ මෙම වැඩසටහනේ මුල් පියව‍රේදී 1882 සිට 1903 දක්වා කාල පරිච්ඡේදය තුළ යුදෙව් ජාතිකයෝ 35,000ක් වත්මන් ඊශ්‍රායලය පිහිටි භූමියට සංක්‍රමණය වූ හ. 1890 වන විට ජෙරුසලමේ බහුතර ප්‍රජාව බවට පත් වන්නට ඔවුන්ට හැකියාව ලැබිණි. එහෙත් අවට ප්‍රදේශවල තවදුරටත් බහුතකරය වූයේ ගෝත්‍රික අරාබි ජනයා හා ක්‍රිස්තියානි අරාබිවරු ය. 

1897දී බිහි වූ පළමු සියොන්වාදී කොංග්‍රසය විසින් පලස්තීන භූමියේ ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීම පිළිබඳ යෝජනාව සම්මත කර ගන්නා ලදී. එහෙත්, ඔටෝමාන් අධිරාජ්‍යය තුළ මෙම යෝජනාව ඉදිරියට ගෙන යාමට සියොන්වාදීන්ට අවස්ථාව නො ලැබිණි. 

දෙවන ආලියා ලෙස හැඳින්වෙන 1904 - 1914 සමයේදී යුදෙව් ජාතිකයෝ 40,000ක් දකුණුදිග සිරියාවේ ජෆා නගරය කේන්ද්‍ර කරගෙන පදිංචි වූහ. මෙම සංක්‍රමණිකයන්ගෙන් බහුතරය රුසියාවේ හා පෝලන්තයේ සිදු වූ යුදෙව් සංහාරයන්ගෙන් මිදී පළා ආ ජනයා ය. සියොන්වාදීන් සිය ජාතික භාෂාව ලෙස හීබ්‍රෑ බස යළි පිහිටුවන්නේ ද මෙම සමයේදී ය. 

විසිවන සියවසේ මුල් පනස් වසර තුළ ලොව පුරා යුදෙව්වෝ මිලියන ගණනින් පලස්තීනයට සංක්‍රමණය වී පදිංචි වූ හ. මේ දැවැන්ත, සංවිධිත සංක්‍රමණය සාධාරණීකරණය කළ හැකි සිද්ධි දාමයක් ද තිබේ. ඒ අතර ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ නාසිවාදීන් විසින් කරන ලද දැවැන්ත යුදෙව් සංහාරයයි. මෙම වකවානුවේදී යුදෙව් ජනයා මිලියන ගණනින් මිත්‍ර හමුදා සමග යුද්ධයට ද සම්බන්ධ වූ හ. මේ යුද ප්‍රවීණයෝ පසු කලෙක පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් බිහි කිරීමේ සටනට නායකත්වය දුන් හ. පසු කලෙක, දෙවන ලෝක යුද්ධයෙන් දුර්වල වූ බ්‍රිතාන්‍යයට එරෙහිව නිදහස් අරගලයක් ද සියොන්වාදීන් විසින් ආරම්භ කරන ලදී. 

අවසානයේදී 1948 වන විට, සම්ප්‍රදායිකව මුස්ලිම් ආධිපත්‍යයක් පැවති පලස්තීනය තුළ බිහි කරන ලද කෘත්‍රිම ජනාවාස ඔස්සේ භූමියට අයිතිවාසිකම් කියමින් ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කර ගැනීමට සියොන්වාදීහු සමත් වූ හ. වෙන් වෙන්ව පලස්තීන රාජ්‍යයක් හා ඊශ්‍රායල් රාජ්‍යයක් බිහි කිරීමේ එක්සත් ජාතීන්ගේ සැලැස්ම පලස්තීන අරාබිවරු මෙන් ම, යුදෙව් ඊශ්‍රායල්වරු ද ප්‍රතික්ෂේප කළ හ. 
පලස්තීන් යුද්ධයෙන් පසු 1949දී පලස්තීනය හා ඊශ්‍රායලය


ඊජිප්තුව, සිරියාව, ජොර්දානය හා ඉරාකය පලස්තීන භූමිය ආක්‍රමණය කළ හ. ඊශ්‍රායලය ද පෙරළා පහර දුන්නේ ය. අරාබි රටවල් විසින් ද අරමුණු කරනු ලැබුවේ ස්වාධීන පලස්තීනයක් බිහි කිරීමට නොව පලස්තීන‍යේ කොටස් තමන්ට ‍ඈඳා ගැනීමටයි. 

යුද්ධයෙන් පසු ජෝර්දානය ජෝර්දාන් නදියේ බටහිර ඉවුර තම රටට ඈඳාගෙන එහි පලස්තීන අනන්‍යතාව මකා දමා පලස්තීනුවන් ජෝර්දාන් පුරවැසියන් බවට පත් කිරීමට පියවර ගත්තේ ය. ඊජිප්තුව ගාසා තීරය යටත් ප්‍රදේශයක් බවට පත් කර ගත් මුත් එහි වැසියන්ට ඊජිප්තු පුරවැසිභාවය පිරිනැමුවේ නැත. ඒ වෙනුවට ඔවුන් අනාථයන් පිරිසක් බවට පත් කරන ලදී. ඊජිප්තුව පලස්තීන වැසියන් පාවිච්චි කළේ ඊශ්‍රායලයට එරෙහිව සිය උපායික අරමුණු සාක්ෂාත් කර ගැනීමටයි. 

එහෙත්, පලස්තීනුවන්ගේ ජාතික හැඟීම් අකා මකා දැමීමට ඊශ්‍රායලයට හෝ අරාබි රටවලට බැරි විය. 1964දී පලස්තීන විමුක්ති සංවිධානය බිහි විය. 

1967දී ඊජිප්තුව, ජෝර්දානය හා සිරියාව ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට සැරසෙමින් සිටියදී මුලින් පහර දුන් ඊශ්‍රායලය සය දින යුද්ධයකින් මේ රටවල් තුන විසින් අත්පත් කරගෙන තිබුණු ගාසා තීරය, බටහිර ඉවුර හා සිරියාවේ ගෝලාන් කඳුකරය ද ඊශ්‍රායලයට ඈඳා ගත්තේ ය. 

වර්තමානයේ පලස්තීන රාජ්‍ය හිමිකම එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝකයේ බොහෝ රටවල් විසින් පිළිගෙන ඇතත්, පලස්තීන භූමිය තවමත් ඊශ්‍රායල් ආධිපත්‍යයට යටත් ය. ගාසා තීරයේ ජනගහණයෙන් 99%ක් ම පලස්තීන මුස්ලිම් ය. බටහිර ඉවුරේ 75%ක් මුස්ලිම් ය. ඊශ්‍රායලය තමන්ට හිමි භූමිය යයි සලකන බිමේ මුස්ලිම් ජනගහණය 16%කට වැඩි ය. පලස්තීනුවෝ මේ බිමේ යුදෙව්වන්ට පමණක් දෙවන වන විශාලතම බහුතර ප්‍රජාවයි. 


පලස්තීන අර්බුදයට විසඳුම් සෙවීමේදී සියොන් ජාතිවාදයට වි‍රුද්ධ පදනමකින් පලස්තීන ජාතිවාදය සමග සිට ගැනීම ලොව පුරා වාමාංශිකයන් අතර ජනප්‍රිය ස්ථාවරයක් වී තිබේ. එහෙත්, අද වන විට පලස්තීන විමුක්ති අරගලය ද භේද භින්න වී තිබේ.  ගාසා තීරයේ බලය හොබවන හමාස් සංවිධානයත් බටහිර ඉවුරේ බලවත් ෆාටා සංවිධානයත් අතර උග්‍ර ගැටුමක් නිර්මානය වී තිබේ. 

පලස්තීනය හා ඊශ්‍රායලය අතර ලේ හැලෙන අර්බුදය ඇමරිකාවට අභියෝග කරන්නට යොදා ගැනීම හේතුවෙන් අවසානයේදී සිදු වී තිබෙන්නේ ධනවත් ඊශ්‍රායලයට කෙසේ වෙතත්, දිළිඳු පලස්තීනයට නම් අපායක් නිර්මානය වීමයි. 

පලස්තීන අර්බුදයට එකම භූමියක රාජ්‍ය දෙකක් පැවතිය හැකි විසඳුමක් යෝජනා වී තිබෙන අතර දෙපැත්තේ ම ජනතාවගෙන් ම එයට සුබවාදී ප්‍රතිචාර ලැබී තිබේ. ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැක්කේ මේ ඔස්සේ සාකච්ඡා ඉදිරියට ගෙන යාමෙනි. පලස්තීන මෙන් ම ඊශ්‍රායල් වැසියන්ට ද ගෞරවනීය සාමයක් අවශ්‍ය ය. යුද්ධය අවශ්‍ය වන්නේ අන්තවාදීන් අතළොස්සකට හා මේ ප්‍රශ්නයෙන් වාසි ලබන තුන්වන පාර්ශ්වයන්ට ය.

පලස්තීන අර්බුදයේ ඉතිහාසය හැදෑරීම වැදගත් ය. මන්ද, අප මෙම ප්‍රශ්නය දෙස බැලිය යුත්තේ ඇමරිකන් විරෝධී හැගීම්වලට වහල් වී නො වේ. එහෙම හැඟීම්බර වූ විට අප ගොස් සිට ගන්නේ අන්ත ජාතිවාදයන් සමගයි. අප සෙවිය යුත්තේ සමාජවාදී ස්ථාවරයක් ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. /*එහෙත්, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය සමාජවාදය දෙසට නැඹුරු නො වෙමින්, ජාතිවාදය වෙත කේන්ද්‍ර වීමේදී, සමාජවාදීහු ද ඉතා කණගාටුදායක ලෙස ජාතිවාදය වෙත ම තල්ලු වනු දක්නට ලැබිණි.*/

    මේකට හේතුව 20වන ශතවර්ශයේ ලෝකය පුරා කරපු සෑම සමාජවාදී පර්යේශනයන්ම අසාර්ථක වීම නෙමෙයිද ?
    ලෝකේ ගොඩක් මිනිස්සු ඒ ගොනා විකුණලා ඉවරයි නේද පැරා තාම බැඳගෙන හිටියට ?


    /*යුදෙව්වන් යනු ව්‍යාපාරික ප්‍රජාවක් ලෙස ලොව පුරා ම පැතිර සිටි ජන කණ්ඩායමකි. ඔවුන්ට‍ එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ පැතිරෙන්නට පටන් ගත්තේ 19වන සියවස තරම් ඈත කාලයේ සිට ය.*/

    වැරදියි පැරා. ඊට ගොඩක් කලින් ඇන්ටිසෙමටිසම් පටං ගත්තේ


    මේ ලිපියේ
    යුදෙව්වන් = ද්‍රවිඩයන්
    පලස්තීනුවන් = සිංහලයන්
    ඊජිප්තුව , ඇමරිකාව = දකුණු ඉන්දියාව

    කියල ආදේශ කරගෙන නැවත සැරයක් කියෙව්ව ම බොක්ක කූල් වෙලා ගියා බෙරිච්ච බේරිල්ල ගැන හිතිලා. :D

    ReplyDelete
    Replies
    1. //ලෝකේ ගොඩක් මිනිස්සු ඒ ගොනා විකුණලා ඉවරයි නේද//

      හරි නේන්නම්, ගොනා විකුණලා වෘර්කයෙක්වනේ බැදන් ඉන්නේ. වෘර්කය කිවෙවාම මතක් වුනේ බැලුවේ නැද්ද 'wolf of wall street' ?

      //මේ ලිපියේ
      යුදෙව්වන් = ද්‍රවිඩයන්
      පලස්තීනුවන් = සිංහලයන්
      ඊජිප්තුව , ඇමරිකාව = දකුණු ඉන්දියාව

      කියල ආදේශ කරගෙන නැවත සැරයක් කියෙව්ව ම බොක්ක කූල් වෙලා ගියා බෙරිච්ච බේරිල්ල ගැන හිතිලා. :D //

      මේකට කියන්නේ නරුම වාදයද ජාති වාදයද ?

      බැරි වෙලාවත් මෙහෙම උනොත්,

      යුදෙව්වන් = සිංහලයන්
      පලස්තීනුවන් = ද්‍රවිඩයන්
      ඊජිප්තුව , ඇමරිකාව = ඉන්දියාව

      'දකුණු ඉන්දියාව' කියල රාජ්‍යයක් තියන සිතියම් පොතුත් තියනවද ? D :

      ප්‍රභාකරන්ට ජම්බු පෙන්නන්න ඇමරිකාව, ඊශ්‍රායලය, බ්‍රිතාන්‍ය කොහොමටත් අපිට උදවු කරානේ!

      Delete
    2. /* බැලුවේ නැද්ද 'wolf of wall street' ? */
      බැලුව බැලුව මචෝ. හැබැයි ජෝර්ඩන් ට වෘකය කිව්වට කුඩු ටිකක් උරාගෙන බඩුවක් ගහගෙන ඉන්න මිනිහ නිකං මී පැටියෙක් වගේ සමාජවාදී සමූල ඝාතක නායක පොල්පොට් එක්ක බැලුවම. මුන්නහේ බැලුවේ හෙම නැද්ද Year Zero - The Silent Death of Cambodia ?


      යුදෙව්වන් = සිංහලයන් .... කියල ආදේශ කර ගන්න බැරි කමක් නැහැ එත් එකේ කිසිම සමාන කමක් පෙන්නේ නැහැ නේ. දැන් සිංහලයෝද වෙනම රාජ්ජයක් ඉල්ලන්නේ ? සිංහලයෝද වෙන උන්ගේ රටක ගිහිල්ල සක්ක ගහගෙන අයිතිය ඉල්ලන්නේ ? සිංහලයන්ද රටක් නැතුව කොහෙන් හරි කෑල්ලක් කඩාගන්න මානන්නේ ? සිහලයන්ටද ජාත්‍යන්තර සහය තියෙන්නේ ?

      ම්හු .. මානසික රෝගියෙක් ඇරෙන්න මේ සමානකම වෙන කෙනෙක්ට පේන්නේ නැහැ.

      Delete
    3. //සමාජවාදී සමූල ඝාතක නායක පොල්පොට් එක්ක බැලුවම//

      පොල්පොට් සමාජවාදී කියල ඔයාට කියල දුන්නේ ජෝර්ජ් බුෂ්ද?, එතකොට උතුරු කොරියාවත් සමජවාදීද? ඔයා සමාජ වාදය කියන්නේ මොනවගේ එකකටද කියල දැනගන්න කැමතියි.

      තව දෙයක් හිට්ලර් එහෙමත් සමාජ වාදීද දන්නේ නෑ නේද ?

      //මානසික රෝගියෙක් ඇරෙන්න .........//

      අංගොඩ ගොඩක් රෝගීන්නුත් හිතන් ඉන්නේ දොස්තරට පිස්සු කියල :D

      //දැන් සිංහලයෝද වෙනම රාජ්ජයක් ඉල්ලන්නේ ? සිංහලයෝද වෙන උන්ගේ රටක ගිහිල්ල සක්ක ගහගෙන අයිතිය ඉල්ලන්නේ ? සිංහලයන්ද රටක් නැතුව කොහෙන් හරි කෑල්ලක් කඩාගන්න මානන්නේ ? සිහලයන්ටද ජාත්‍යන්තර සහය තියෙන්නේ ?//

      ඔයාට කවුද කියල දුන්නේ ලංකාව සිංහලයාගේ විතරක් රට කියල. ඉතිහාසය කියන්නේ මහාවංශය කියන දේ විතරක් නෙමෙයි. සිංහලයාට මෙන්ම දෙමළාට ද ඉතිහාසයක් ඇත.

      ම්හු .. ජාතිවාදියෙක් ඇරෙන්න මනුස්සයෙක් වනම් පෙන්න නැ .

      Delete
    4. //මුන්නහේ බැලුවේ හෙම නැද්ද Year Zero - The Silent Death of Cambodia ?//

      ඇමරිකන් හමුදාව ටොන් 500,000 වඩා බෝම්බ කාම්බෝජියාවට දැම්ම එකත් ( දෙවැනි ලෝක යුද්දයේදී ජපානයට හෙළි බෝම්බ බරට වඩා තුන් ගුණයක්) ඔය film එකේ තිබුන කියන්න අමතක උනාද ?

      Delete
    5. තව දෙයක්, ඕකෙම තමයි පොල් පොට්ව හිටපු බවුද්ධ භික්ෂුවක් හැටියට හදුන්වල දෙන්නෙත්. ඒවගේම පොල් පොට් ජාතිවාදීයෙක් (මහසොහොන් පිල්ලිය වගේම !)

      පොල් පොට් හිටපු බවුද්ධ භික්ෂුවක්ද, සමාජවාදියෙක්ද ? උන්මත්තක ජාතිවාදී මිනිමරුවෙක්ද ?

      Delete
    6. ගූඩ් ඇනෝ. යු ටියුබ් ගිහිල්ල හොයාගෙනම බලල.

      @AnonymousJuly 18, 2014 at 6:38 PM
      yep ! . "හිටපු" බෞද්ධ භික්ෂුවක්. ඒ කාලේ මිනි මරපු බවක් වාර්තා වෙලා නැහැ
      උග්ර සමාජවාදයෙන් ඔලුව ඔද්දල් කරගත්තෙක්. ඒ කාලේ මරපු මිනී වල ගණන් මිමි වත් නැහැ. off the chart

      @Anonymous July 18, 2014 at 5:15 PM
      /*ඔයාට කවුද කියල දුන්නේ ලංකාව සිංහලයාගේ විතරක් රට කියල. ඉතිහාසය කියන්නේ මහාවංශය කියන දේ විතරක් නෙමෙයි. සිංහලයාට මෙන්ම දෙමළාට ද ඉතිහාසයක් ඇත.*/

      නැතුව නැතුව. සිංහලය ගේත් රට. දෙමලගේත් රට හැමෝටම ඉන්න තියෙන රට. එත් දෙමල තමයි ජාතිවාදී පදනමින් "දමිල" ඊළම කියල පිරිසිදු වර්ගවාදී ජාතිවාදී පදනමින් අලුත් රටක් හදන්න හැමෝටම ඉන්න තියෙන රටෙන් බාගයක් ඉල්ලලා මිනී මැරුවේ. දැන් අපි ඒකට මොකෝ කොරන්නේ ? :D


      /*පොල්පොට් සමාජවාදී කියල ඔයාට කියල දුන්නේ ජෝර්ජ් බුෂ්ද?, එතකොට උතුරු කොරියාවත් සමජවාදීද? ඔයා සමාජ වාදය කියන්නේ මොනවගේ එකකටද කියල දැනගන්න කැමතියි. තව දෙයක් හිට්ලර් එහෙමත් සමාජ වාදීද දන්නේ නෑ නේද ?*/

      දැන් ශතවර්ෂයක් තිස්සේ තැටමුවනේ ඔය සිහින රාජ්ජේ හදා ගන්න .ගුඩ් ඇනෝ කියන්න කෝ එහෙනං එහෙම මොඩල් සමාජවාදී රාජ්ජයක නමක්.

      මෙන්න බලන්න වෙන කෙනෙක් කියන එකක්. ඒකෙ නං සමබර බවක් තියෙනවා නේද.
      ingusmant1 week ago


      The khmer rouge were communist fundamentalists, they basically took all those ideas that were being discussed by the 'academic' about the liberation of man and brought it to its very real consequences. The idea of forcing society to accommodate a model is marxist theory 101, lets not forget that the forced industrialization of both russia and china killed MILLIONS, and no I'm not overlooking what the west did, just pointing out there are two sides to every coin.

      Delete
    7. ඇනෝ , මේ දෙන්නම කතා කරන්නේ හෝද හෝද මඩේ දාපු ප්‍රශ්නයක් නේ. ප්‍රදාන ලිපියට අදාලත් නැහැ. ඒක නිසා ඔබ කැමති නම් පිළිතුරු සපයන්න. එත් ප්‍රදාන ලිපිය සමග සම්බන්ධයක් නැත්නම් මම ආයි සාකච්චාවට සම්බන්ධ වෙන්නේ නැහැ. පැරා පව්. (සහ මට කම්මැලියි) :)

      Delete
    8. බාගදා ඔළුව අනිත් පැත්තට හයි වෙලා තියන නිසා වෙන්න බැරිනෑ ලියපු දෙයක් තේරුම් ගන්න බැරි,

      //එත් දෙමල තමයි ජාතිවාදී පදනමින් "දමිල" ඊළම කියල පිරිසිදු වර්ගවාදී ජාතිවාදී පදනමින් අලුත් රටක් හදන්න හැමෝටම ඉන්න තියෙන රටෙන් බාගයක් ඉල්ලලා මිනී මැරුවේ.//

      මම නම් දන්නේ එහෙම මිනි මැරුවේ LTTE එක කියල. ඔයා කියන විදියට දමිල මිනිසුන් සියල්ලන්ම LTTE ද, එකද ද්‍රවිඩයන් = යුදෙව්වන් උනේ. මිනිස්සුන්ගේ ජාතිකත්වයට පදනම් විරහිතව චෝදනා කිරීම තරම් අමනකමක් තවත් ඇද්ද?

      //"හිටපු" බෞද්ධ භික්ෂුවක්. ඒ කාලේ මිනි මරපු බවක් වාර්තා වෙලා නැහැ
      උග්ර සමාජවාදයෙන් ඔලුව ඔද්දල් කරගත්තෙක්. ඒ කාලේ මරපු මිනී වල ගණන් මිමි වත් නැහැ//

      මගේ තර්කය වෙන්නේ පොල්පොට් උම්මත්තක ජන ඝාත්කයෙක්, හිට්ලර්, ඉඩියාමින්, සදාම් හුසේන්, ගඩාපි වගේ තවත් පිස්සෙක්, එකට මිනිහ සිවුරක් පොරවන් හිටපු එක අදාළ වෙන්නේ නෑ වගේම වියාජව රතු කොඩියක් අතින් අරන් හිටපු එක අදාල වෙන්නෙත් නෑ. පොල්පොට්ගේ ජන ඝාතන හා සමාජවාදය අතර සම්බන්දයක් නෑ.

      //දැන් ශතවර්ෂයක් තිස්සේ තැටමුවනේ ඔය සිහින රාජ්ජේ හදා ගන්න .ගුඩ් ඇනෝ කියන්න කෝ එහෙනං එහෙම මොඩල් සමාජවාදී රාජ්ජයක නමක්//

      මෙහෙම එකක් නෑ. ධනවාදියෝ පොරොන්දු වෙච්ච 'උතෝපියාව' වෙනුවට බිහි කලේ මිහිපිට අපායක්නේ. ඒ අපායේ කොටි ගණන් මිනිස්සු දුක් විදින කොට, අපාය හොදයි කියල ඉන්නේ නැතුව 'සිහින රාජ්ජේ' හදා ගන්න තමයි වැඩ කරන්නේ. මේදේ තමයි හිසක් සහ හදවතක් ඇති හැම මිනිහම කරන්නේ.

      Delete
    9. ඇනෝ, කරුණාකරලා දැන් ශතවර්ෂයක් තිස්සේ තටමමින් උත්සාහ කරන සමාජවාදී සිහින රාජ්‍ය බෙට්ට ලෝකේ කොහේ හරි රටක රීල පෙන්නලා ඉන්න ඒක කරන්න පුළුවන් වැඩක් කියල.

      මෙතන ඇවිල්ල හීනෙන් දැකපු , තාම රීලත් නැති , රෙන්න තියෙන බෙට්ටක දිග පළල ගැන සංවාද කරලා අනුන්ගේ කාලේ නාස්ති කරන්න එපා. ඔබ වගේ උදවියට රෙන්න පුකේ (පුක යනු කුණුහරපයක් නොවේ - කකා ) ගූ ත් නැති බව දන්නෝ දනිති.

      Delete
    10. //රාජ්‍ය බෙට්ට ලෝකේ කොහේ හරි රටක රීල පෙන්නලා ඉන්න ඒක කරන්න පුළුවන් වැඩක් කියල.//

      //මෙතන ඇවිල්ල හීනෙන් දැකපු , තාම රීලත් නැති , රෙන්න තියෙන බෙට්ටක දිග පළල ගැන සංවාද කරලා අනුන්ගේ කාලේ නාස්ති කරන්න එපා. ඔබ වගේ උදවියට රෙන්න පුකේ (පුක යනු කුණුහරපයක් නොවේ - කකා ) ගූ ත් නැති බව දන්නෝ දනිති.//

      කනගාටුදායකයි සහ ගුජුප්සාජනකයි!! ඔබ සැබෑ ධනවාදියෙක් බව පෙනේ. අපේ සුභ පැතුම් පිළිගන්න.

      ''ප්‍රඥාව ඉබේ පහළවන දෙයක් නොවේ එය ලඟාකරගත යුතු දෙයකි''

      Delete
  2. සාමයට වඩා මිනිස්සු යුද්ධයට කැමතිය නේද? දැන් ඔය පස්නෙ සාමෙන් ඉවරවුනාට වඩා ලොකු පිබිදීමක් මේ යුද්ධය නිසා ඇතිවෙල තියෙනවත..

    ReplyDelete
  3. පැරා....... යුදෙව්වන්ට එරෙහි ජාතිවාදී අදහස් යුරෝපයේ මධ්‍ය කාලීන යුගයේ සිටම පැවතුණා. ෂේක්ස්පියර්ගේ "වැනීසියේ වෙළෙන්දා" නාට්‍යයත් යුදෙව් විරෝධී එකක්. එයින් නිරූපණය කරන්න උත්සාහ කරන්නේ ෂයිලොක් ඇතුළු යුදෙව්වන් ඉතා දුෂ්ටයි කියන එක.

    ReplyDelete
  4. පලස්තීනුවන්ගේ නිවාස එක මොහොතකින් බිමට සමතලා වනු දකින විට කණගාටුවක් ඇතිවේ. එහෙත් එය යුද්ධය නමැති තෝරාගැනීමේ අතුරු පලයකි. ලංකාවේද මෙය සිදුවන්නට ඇත. ලංකාවේ යුද්ධයට පක්ෂ වුනු මට ඊශ්‍රායල් පහරදීමට විරුද්ධ වීමට තරම් කුහකයෙක් විය නොහැක. කණගාටුවෙන් වුවත් ඊශ්‍රායල ප්‍රහාර ඉවසීමට සිදුවේ. ලංකාවේ වුනා මෙන් හමාස් සංවිධානයේ පස්ස බිම ඇනෙන තුරු පහරදීමද සමහරවිට ඊශ්‍රායලය සතු හොඳම විසඳුම විය හැක. ඒක කෲරයි. නරකයි තමයි. ඒත් ත්‍රස්තවාදීන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන බසෙනි. දැන් පැරා උනත් සන්නද්ධ විප්ලවයට විරුද්ධ උන බහින්න බෙහෙත් ඒ දවස්වල හම්බ වුනු නිසානේ.

    ReplyDelete
    Replies
    1. ඉහත කොමෙන්ටුව අයිති ඇනෝ@

      'එහෙත් එය යුද්ධය නමැති තෝරාගැනීමේ අතුරු පලයකි'

      තම අයිතීන් අමු අමුවේ උදුරා ගනු ලබන කොට ප්‍රතිප්‍රහාර එල්ල නොකොට කරන විකල්පයනම් කුමක්ද​? ඔබම​ යෝජනා කරන්න​.

      'ත්‍රස්තවාදීන්ට පිළිතුරු දිය යුත්තේ ඔවුන්ට තේරෙන බසෙනි'

      ඔබ ත්‍රස්තවාදීන් ලෙස හමාස් හඳුන්වනවානම් ඊශ්‍රායීලය​ හඳුන්වන්නේ මොන නමින්ද?

      'ලංකාවේ වුනා මෙන් හමාස් සංවිධානයේ පස්ස බිම ඇනෙන තුරු පහරදීමද සමහරවිට ඊශ්‍රායලය සතු හොඳම විසඳුම විය හැක'

      ලංකාවේ සිදු වූ දෙයත් අද හෝ මේ වනතුරු පලස්තීනයේ සිදුවන දෙයත් ඔබ සම කරනවද​? ලංකාවේ සිදුවුනේ භෞමික අඛන්ඩතාවය වෙනුවෙන් ත්‍රස්තවාදීන්ට එරෙහිව කරන්න වූ සටනකි. මෙහි දී අවසන් පැය කිහිපය ප්‍රශ්නාන්තර නමුත් රජය කරේ සාධාරණීකරනය පුළුවන් සටනකි. මෙහි දී එල් ටී ටී ය ත්‍රස්ත සංවිධානයක් වන්නේ ඔවුන් මනුශ්‍ය සංහාර, දේපල විනාෂ වැනි ත්‍රස්ත ක්‍රියාවල යෙදීම හා රටේ කොටසක් අල්ලා ගැනීමට තැත් කිරීම නිසයි. එය එසේනම් තම භූමියේ අයිතිය​ උදුරගෙන මනුෂ්‍ය සංහාර,​ ත්‍රස්ත ක්‍රියාවන් වල යෙදෙන​ ඊශ්‍රායීලයට එරෙහිව සටන් වදින හමාස් සංවිධානය ඔබේ සිතට එකඟව ත්‍රස්තවාදී එකක් ලෙසද ඔබ දකින්නේ.

      Delete
    2. ත්‍රස්තවාදීන් යන්නෙන් මම අදහස් කලේ ආයුධ සන්නද්ධ බවයි. සමාවන්න වැරදි තේරුමට.

      ඊශ්‍රායලය ඔවුනුත් ත්‍රස්තවාදීන් තමයි. හමාස් උනත් ත්‍රස්තවාදීන්.

      යුද්ධය නරකයි. හොඳ යුද්ධ කියා කිසිවක් නෑ. ප්‍රබලයා දුර්වලයාව වට්ටනවා. ඒක තමා යථාර්තය.

      ඔබ හමාස් සංවිධානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සාධාරණය කරනවා. මම කියන්නේ ඔබ ප්‍රතිප්‍රහාර එල්ල කරනවා කියන්නේ යුද්ධය නමැති තෝරාගැනීම කරනවා කියලයි. ඊට පස්සේ රිදෙනවා කීම විහිළුවක්. හමාස් සංවිධානය ඊශ්‍රායලය සමග යුද්ධ කරනවා කියන්නේ විහිළුවක්. හරියට පැරාලා ආණ්ඩුව පෙරළුවා වගේ. උන බහින්න රිදෙන්න හම්බ වෙනවා. අපරාදේ අහිංසක මිනිස්සුන්ටත් පරිප්පු කන්න වෙනවා. හමාස් සංවිධානය යුද්ධ කරනවා නම් ඔවුන් ඒ සඳහා සූදානම් විය යුතුයි. නැතුව දැන් කරනවා වගේ ගහන්නන් වාලේ රොකට් ගැහුවම සිද්ධ වෙන දේ තමයි ඔබ ඔය දකින්නේ.......

      Delete
    3. පරදින උන් ඕයි ත්‍රස්තවාදින්, දිනන උන් තමයි ඕයි හොද උන්.

      Delete
  5. කෝ මේ මාතලන් ගොයියා..... ඇල්කේමියාට වගේ ඉහලට ඉගෙන ගන්න බැරි උන... කකාට වගේ සැපවත් රටක හොඳ ජීවිතයක් ගෙවන්න බැරි උන....අඩු ගානේ පැරාට වගේ සිවිල් සමාජයේ දන්නා කියන පොරක්වත් වෙන්න බැරි උන එකේ ඇරියස් එක යන්න හීනමාන කුණුහරුප කමෙන්ට් එකක් රීල යන්නකෝ ඇවිත්...

    ReplyDelete
    Replies
    1. පාඩුවේ ඉන්න දියන් බං මුට මේ වගේ ටොපික් වලට කුණුහරුප ඇරෙන්න කොමෙන්ට් නෑ

      Delete
    2. නෑ මචෝ මේ ගැන කියන්න දෙයක් නෑ. පැරා කියලා තියෙන්නේ තනිකර ඇත්ත. මීට අමතරව තව දේකුත් තියෙනවා ඒ තමයි. හමාස් මේ දේ අවුරුද්දකට සැරයක් අනිවාර්යයෙන් කරනවා. හේතුව පලස්තීනෙට ලැබෙන විදේශාධාර, පොඩි උන් ටිකක් මරාගෙන, දින කීපයක් අහස් ගුන්ඩු විද්දයින් පස්සේ. මාර සල්ලියක් එන්නේ පලස්තීනෙට. පට්ට කම්මැලි ජාතියක් වන පලස්තීන ජාතිකයින්ට මේක නිධානයක්. යුද්ධය උන්ට ආශිර්වාදයක්.

      Delete
    3. කම්මැලි? ඔබතුමා එහෙ ගිහින් ආවා වගෙනෙ කතාව.. කවදාහරි පලස්තීන ජාතිකයෙක් එක්ක වැඩක් කරලා තියෙනවද? කරානම් ඔහම කියන්නෙ නෑ

      Delete
    4. හිත හිත අලුත් අලුත් කුණුහරප කියන්න එපා ඕයි මාතලන්

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. hamasla mewage hema awruddema megema gahanne MATHALAN Kiwwa wage widesa aadara ganna eka no:1 withrak nowei,no:2 europaye ratawalwalata saranagathayan yeweemano:3 saranagathayan lesin samahara koota aagamika pracharakayan yeweema no;4saranagathayan samaga europaye purama puhunu satankameen sthanagatha kireema.Ea anuwa mathalange Kathawa hariyatahari.(Samaharawita PERA j me adahasata ekanga nowewi mokada pera prayogikawa dannenethi nisa,pothapathe mewane.

    ReplyDelete
  8. Hey, Para thanks a lot for sharing ur knowledge ,, i always wanted to know how jews came to israel

    ReplyDelete
  9. පලස්තීන - ඊශ්‍රායල ගැටුම තුල ඇමරිකාව සම්බන්ධ විෂයෙහි ධනවාදී බලපෑමක් තිබුනත් එකී සමස්ත අරගලය ධනවාදය මත පදනම් වුවක් නොවන බව සැලකිය යුතුය. යුදෙව් ජාතිකයින් දෙවියන් තමන්ට දුන් පොරොන්දු දේශය සොයා ඒමේදී හෝ සොලමන්ගේ දේවාලය තුන්වන වරටත් ඉදිකිරීම ඉදිරියේ සමාජවාදයට කලහැකි කිසිවක් නැත. එසේ නම් කලයුතු වන්නේ ඊශ්‍රායලය තුල සිටින වාමාංශිකයින් ශක්තිමත් කිරීමයි. එය හරියට ඇමරිකාව තුල සමාජවාදී පාලනයක් ඇතිකිරීම හා සමාන දුෂ්කර ඇතැම්විට කිසිසේත් නොකල හැකි කාර්යයකි. මන්ද මෙකී සමස්ත ගැටුම සමාජ- ආර්ථික ප්‍රශ්ණයකටත් වඩා ආගමික-දේශපාලනික මුහුණුවරකින් යුක්ත නිසාය. මෙකී ගැටලුව විසඳිය හැක්කේ මේ සම්බන්ධයෙන් වූ ඓතිහාසික කරුණු කාරණා නිවැරදිව හැදැරීම් තුලින් හා මැදපෙරදිග දේශපාලනමය හා හමුදාමය බලතුලනයක් ඇතිකීරීම හරහා පමණි. එයට ඊශ්‍රායලය කිසිවෙටකත් ඉඩ නොදෙන නමුත් ගැටලුවට ඇති එකම විසඳුම එයයි. අවශ්‍යනම් අරාබි රටවල්වලට ඉරානය උදාහරණයට ගත හැක.

    හමාස් සම්බන්ධව වර්තමාන මාධ්‍ය තුලින් එල්ල වන චෝදනාවට මගේ පිලිතුර නම්, හමාස් සංවිධානයට මේ ඉදිරියේ ගතහැකි විකල්ප ක්‍රම දෙකක් එසේ නම් ඇති බවයි. එනම්,

    01. ෆතා සංවිධානය මෙන් පලස්තීන ජාතිකයින් පාවාදී ලෝකයට පෙනෙනෙ සේ ඊශ්‍රායලය සමග බොරු ගිවිසුම් වලට එලඹී (පලස්තීන ජනතාව බහුතරයක් මේ සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවද සැලකිය යුතුයි ) ඇමරිකාවෙන් ඩොලර් ගණනින් ආධාර ලබා ගැනීම.

    02. ආයුධ සන්නද්ධ අරගලය ඉදිරියටම ගෙනයාම.

    විසඳුම අංක 02 නම් එයට ත්‍රස්තවාදී හෝ අන්තවාදී යැයි චෝදනා කිරීමේ කිසිඳු පදනමක් නැත. එසේනම් කලයුතු වන්නේ ම්වුන්ටද නවීන අවි ආයුධ ලබාදී පලස්තීන (ගාසා) වැසියන් නියෝජනය කරන රජයක් ලෙස ඔවුන්ගේ ආරක්ෂාව උදෙසා සමබර නීත්‍යානුකූල යුද්ධයක් ඊශ්‍රායලය සමග සිදුකර ගෙන යාමට ඉඩ සැලසීමයි. නැතහොත් ආයුධ සන්නද්ධ වීමකින් තොරව අරගලය කරගෙන යන ආකාරය පැහැදිලි කිරීමයි.

    ReplyDelete
    Replies
    1. නැතහොත් ආයුධ සන්නද්ධ වීමකින් තොරව අරගලය කරගෙන යන ආකාරය පැහැදිලි කිරීමයි

      අන්න උත්තරෙ තම්බ්ස් අප්

      Delete
  10. ලන්කාවෙ මාර මිනිස්සු ඉන්නෙ LTTE එකෙන් රට බෙදන්න රටෙන් කෑල්ලක් අල්ලගන්නකොට එකා ත්‍රස්තවාදී නමුත් ඒ දේම පලස්තීනයෙ යුදෙව්වො කරනකොට පලස්තීනුවො ත්‍රස්තවාදීන්

    ලන්කාව බෙදන්න දෙන්නෙ නැතුව සටන් කරපු අපෙ හමුදාව වීරයෝ හැබැයි පලස්තීනය බෙදන්න නොදෙන පලස්තීනුවන් ත්‍රස්තවාදීන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා