2014-07-11

කමෙන්ට්කරුවන්ට කරුණාවෙන් දන්වා සිටින වග නම්

මෙම බ්ලොගයේ පළ කරන අදහස් පරිපාලක විසින් කලින් කියවා බලා පළ කිරීමට සිදු වී තිබෙන බව කරුණාවෙන් සලකන්න. 

එයට හේතු වී තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා සදාචාරය ගැන අවබෝධයක් නැති අතළොස්සක් විසින් නිර්නාමිකව පෙනී සිටිමින් කරනු ලබන නින්දිත අදහස් පළ කිරීම් ය. 

අපට පෞද්ගලිකව කරන ලද මඩ ගැසීම්, බැන වැදීම්, අවලාද නම් අපි තඹ දොයිතුවකට මායිම් කර නැත. ඒ කිසි කමෙන්ටුවක් ඉවත් කර ද නැත. කොටින් ම කීවොත්, නිර්නාමිකව හා බොරු නම්වලින් එන දුර්වල ‍පෞරුෂයන් අපි පඩයකට මායිම් කරන්නේ නැත. අප අපගේ මතවාද වෙනුවෙන් පෙනී සිටින්නේ නමින් ම ය. අදහස් දැරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට අපි බය නැත. 

විසිපස් වසරකට වැඩි කාලයක් ති‍ස්සේ අප නිමග්නව සිටියේ විප්ලවවාදී දේශපාලනයක ය. තවමත් කරන්නේ ද එය ම ය. විප්ලවවාදී දේශපාලනය යනු මධු විත සාදයක් වැනි දෙයක් නො වේ. බීලා කබරයා දැමූ දාට පසුදා උදේ බීම නවත්වන බව කියන අය මෙන් අපි අපගේ දේශපාලන අතීතය හෙළා දකින්නේ නැත. එහෙත්, එය දෙස ස්වයං විවේචනාත්මකව බලන්නට පසුබට වන්නේ ද නැත. 

කියන්නට තිබෙන්නේ එක දෙයකි. අප මේ කරන්නේ ද දේශපාලන මැදිහත්වීමකි. අපගේ දේශපාලන මැදිහත්වීම මෙම බ්ලොග් අඩවියට පමණක් සීමා වී නැති බව ද කරුණාවෙන් සලකන්න. 

ඒ නිසා මේ බ්ලොග් ලෝකයේ හා ෆේස්බුක් වැනි අවකාශවල වීරයන් වීමට සිතාගෙන අප සමග පැටලෙන අය කරුණාකර දිනුම ඔබ ලඟ තබාගෙන අපෙන් ඈත් වන්න. මන්ද, ඔබගේ ආශාව හා අපගේ අපේක්ෂාව යනු එකක් නො වේ. 

අප සටන් කරන්නේ වඩා යහපත් සමාජ ජීවිතයක් වෙනුවෙනි.

අපි විරුද්ධ මතවලට අද මෙන් ම හෙටත් ඉඩ දෙන්නෙමු. සමාජවාදී භාවිතාවන් පාදා ගැනීම සඳහා සංවාදය ඉතා වැදගත් ය. 

එහෙත්, ඔබගේ මානසික අසහනයන් දුරු කර ගැනීම සඳහා වෙනත් තැනක් සොයා ගන්න. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com