ඥානසාරලාට ඇමරිකන් වීසා කුමටද?

ඇමරිකාව තමන්ගේ වීසා අවලංගු කළ බව කියමින් ඥානසාර අඬයි. බොබසේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේගේ ද වීසා අවලංගු කර ඇති බව වාර්තා වේ. ඔහුගේ දියණිය ඉගෙන ගන්නේ ඔවුන්ට අනුව කමකට නැති රාජ්‍යයක් වන ඇමරිකාවේ ය. 

ලංකාවේ බොහෝ ඊනියා දේශප්‍රේමීන්ගේ හැටි මෙසේ ය. ඔවුන්ගේ එක පයක් ලෝකෙන් උතුම් රටේ ය. ‍අනෙක් පය ලෝකයේ නරක ම රටේ ය. ඇත්තම කියනවා නම් ඔවුන්ට ලෝකෙන් උතුම් රට ලංකාව නො වේ. ඔවුන් මෙහිදී තිරිසනුන්, ම්ලේච්ඡයන් හා පල් සොරුන් ලෙස හැසිරෙන්නට හේතුව එයයි. 

ලංකාවේ බොහෝ අග්‍රගන්‍ය දේශප්‍රේමීන්ගේ එක කකුලක් අැමරිකාවේ ය. නැතිනම් වෙනත් සංවර්ධිත රටක ය. ඔවුන්ගේ අනෙක් කකුල තිබෙන්නේ මේ රටවල්වල දියුණුව හරහා වැටිලා ය. ඔවුන් මෙහි නාඩගම් නටන්නේ මේ රටට කෙළ වුණාට ඔවුන්ට ප්‍රශ්නයක් නැති නිසා ය. ඔවුන්ට රටක් ඇත. ඔවුන්ගේ ළමයින්ගේ අනාගතය තිබෙන්නේ එහි ය. ඔවුන් ඒ රටවල්වල පොඩි පොඩි අතානාත්තු කර ජීවත් වුණාට මෙහේ මාර ලොක්කෝ ය. එහේදී නම්, ඔවුහු තමන් ගෙවූ බදුත් ආපසු ලබා ගන්නා දිළින්දෝ ය. සමහරු රට පනින්නේ මේ රටින් කරදර ය කියා ය. 

ලෝක පුරවැසිභාවයක් නිර්මානය වීම ඇත්තෙන් ම හොඳ දෙයකි. සංක්‍රමණය ඈත අතීතයේදී සිට ම මිනිසුන් විසින් කරන ලද දෙයකි. එය අයිතිවාසිකමක් ලෙස සලකන එකේ වරදක් නැත. 

එහෙත්, ලංකාවේ ඊනියා දේශප්‍රේමියෝ මේ ලෝක තත්වයන් ලංකාව නම් දූප‍තේ තිබෙනවාට අකැමැති ය. ඔවුන්ට මේක සිංහලයන්ගේ පමණක් රට ය. කලින් ආවේ සිංහලයන් ය, අනෙක් අය පස්සේ ආ අය ය, ආදී වශයෙන් කලින් ඇති වුණේ කිකිළි ද බිත්තරය ද වැනි ගොන් තර්ක නගමින් සිංහල නො වන ජන කොටස් රටින් පිටුවහල් කිරීමට අරඅඳිති.වාර්ගික සංහාරයන් හා ශුද්ධ කිරීම් සැලසුම් කරති.

ඥානසාර වැනි ජාතිවාදී ආගමික ත්‍රස්තවාදීන්ට විවිධත්වයට ගරු කරන ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වීසා නො දිය යුතු ය. එය මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අනිවාර්යයෙන් ම සිදු විය යුතු එකකි. ලෝකය වටේ කරක් ගසමින් ඔවුන් කරන්නේ ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමයි. මිනිසුන් දූෂ්‍ය කිරීමයි. 

මෙය මෙතනින් නතර නො විය යුතු ය. ඇමරිකානු පුරවැසියන් ලංකාවේ කරන ක්‍රියාකාරකම් පිළිබඳ සොයා බැලීමේ වගකීමක් ද ඇමරිකාවට තිබේ. 

දැන් ඥානසාරලාගේ තර්කය වනු ඇත්තේ මුස්ලිම් ත්‍රස්තවාදීන්ට දෙන අවස්ථා තමන්ට නො දෙන්නේ ඇයි ද යන්නයි. ත්‍රස්තවාදය මුස්ලිම් වුණත්, බෞද්ධ වුනත්, ආයුධ සන්නද්ධව නො සිටියත්, රාජ්‍ය ත්‍රස්තවාදය වුණත්, ඒ කවරකින් වුවත් සිදු වන්නේ එක ම දෙයකි. ඒ වනාහි මිනිස් සමාජයේ විනාශයයි. ඒ නිසා, සියලු ත්‍රස්තවාදයන්ට ඉඩ නො දිය යුතු ය.

මේ තීරණයට එරෙහිව ඥානසාර හෝ දිලන්ත විතානගේ සිය වෛරී දිව  ලෙලවන්නේ නැත්තේ ඇයි? 

පහත පළ වන්නේ ඥානසාර අඬා වැටෙන පුවතයි. උපුටා ගත්තේ දිවයිනෙනි.  

ඇමරිකාවේ දොර වැසේ

චතුර පමුණුව
රාජ්‍ය නොවන සංවිධාන හා මුස්‌ලිම් අන්තවාදී සංවිධානවල කේළාම් නිසා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තම වීසා අත්හිටුවීමට ක්‍රියාකර ඇතැයි බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ප්‍රකාශ කර සිටියහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට වසර පහක්‌ සඳහා ඇමරිකානු වීසා නිකුත් කර තිබුණු අතර එය 2011 වසරේ සිට 2016 දක්‌වා වලංගුව තිබිණි.

කෙසේ නමුත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ නීති අංශයේ ප්‍රධානියා ඉකුත් සෙනසුරාදා ඥනසාර හිමියන් අමතා ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උන්වහන්සේගේ වීසා අත්හිටුවා ඇති බවයි.

අසත්‍ය චෝදනා පදනම් කරගෙන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බව "දිවයින" කළ විසුමකදී ඥනසාර හිමියෝ ප්‍රකාශ කළහ.

වීසා අත්හිටුවීමේ තීරණය කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ තීරණයක්‌ නොව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ තීරණයක්‌ බව එහි නීති අංශයේ ප්‍රධානියා විසින් දැනුම් දී තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Gota, Basil, should be next? Mervin Silva is trying to get US visa along with his son Malaka,

    ReplyDelete
    Replies
    1. Dallas Alahapperuma, Chandima Rasaputra are also Americans. God knows how many more Americans are in this Government. It seems that Sri Lanka is the 51st State of the USA.

      Delete
    2. මේ වේ...... ගෙ පුතාලා ටික වීස අරගෙන එහේ ගිහින් පදිංචි නොවී මෙහේ කරන්නේ මොන හු...... ද?

      Delete
    3. වීසා තිබුණට මොකද ඔය උඩ සෙට් එකෙන් කිසිම එකෙකුට හරියට ඉංග්‍රීසි බැහැ. ගෝටාට සරල වාක්‍යයක් ව්‍යාකරණානුකූලව ගලපලා කියන්න බැහැ. හැමදාම වරද්දනවා. උච්චාරණය අන්තිමයි. ඒ කාලෙ කොච්චර හිනා වුණත් ප්‍රේමදාස කතා කලා ඔයිට වැඩිය හොඳ ඉංග්‍රීසි. ආනන්දෙ ඉගෙන ගත්තාය කියන ඩලස් ළඟදි බැන් කි මූන් හම්බවෙනකොට පාලිත කොහොනා එක්ක ගියාලු පරිවර්තකගේ වැඩේ කරන්න. මුන් කොච්චර ඇමෙරිකාවෙ හිටියත් එහේ සමාජය එක්ක මික්ස් වෙලා නැහැ.

      Delete
    4. AnonymousJuly 1, 2014 at 2:37 PM @ ඒක නම් පිළිගන්න අමාරුයි.එතකොට ඔය කට්ටිය කොහොමද ඇමරිකාවෙ රස්සාව කළේ

      Delete
    5. @ Anonymous July 1, 2014 at 2:50 PM
      පෙට්‍රල් ෂෙඩ් එකක කාර්වල වින්ඩ්ස්ක්‍රීන් පිහදාන්න, සුපර්මාර්කට් එකක බඩුවල ලේබල් අලවන්න ඉංග්‍රීසි ඕනෙ නැහැ.

      Delete
    6. උන් කරපු ජොබ් වල හැටියට ඔය දන්න ඉංග්‍රීසිය ඇති.

      Delete
    7. @AnonymousJuly 1, 2014 at 2:37 PM ----
      නොදන්න ඉංග්‍රීසිය වැරදියට උච්චාරණය කිරීම පැත්තකින් තියන්නකෝ... ලොක්කට සිංහලවත් හරියට උච්චාරණය කරන්න පුළුවන්ද? දැන් ප්‍රජාචන්ච්‍රවාදය බල්ලාට දාලා තියෙන්නේ ඒක නිසා වෙන්න පුළුවන්. ගෝටාට හරියට ඉංග්‍රීසි තියා සිංහලවත් ව්‍යක්තව කතා කරන්න බෑ.

      හැබැයි ආර්. ප්‍රේමදාස නම් සිංහල ඉතා හොඳට කතා කළා විතරක් නෙවෙයි, රෑ ඉස්කෝලෙට ගිහිල්ලා හරි ඔය දැන් ඉන්න එවුන්ට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කළා.

      Delete
  2. මෑතක දී කියවූ ලිපිවලින් හොඳ ම එක යි මේ!!! අන්ට්ගර්ගතය සමඟ 100%ක් එකඟ යි.

    ReplyDelete
  3. මෑතක දී කියවූ ලිපිවලින් හොඳ ම එක යි මේ!!! අන්තර්ගතය සමඟ 100%ක් එකඟ යි.

    ReplyDelete
  4. පාලිත කොහොන ඔන්න දැන් අඬනවා ලංකාව වගේ දුප්පත් රටකට විරුද්ධව බොරු චෝදනා කරන්නත් සාක්ෂිකරුවන් සොයා ගන්නත් හරිම ලෙහෙසියි කියලා. එයාගෙත් එක කකුලක් ඕස්ට්‍රේලියාවේ, අනෙක මෙහේ. පවුලයි, ළමයිනුයි එහේ. දැන් මිනිහා බය වෙලා ඉන්නේ එක්සත් ජාතීන්ගේ විමර්ශනයෙන් මිනිහා වැරදිකාරයෙක් වෙයි කියලා. සුදු කොඩි කේස් එකට මිනිහාත් තෝල්කකමක් කළානෙ. ඒකයි ඔය අඬන්නේ. මම අහන්නේ තිස්ස දෙවේලේ මේ රට ආශ්චර්යයක් කියලා කියන ආණ්ඩුවේ මිනිහෙකුට එක පාරටම මේක "දුප්පත් රටක්" වුණේ කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++

      Delete
    2. @AnonymousJuly 1, 2014 at 1:36 PM ----
      කොහොන නෙවෙයි බං, මුගේ හරි නම "කොහොනා". මූ tom-tom beater කෙනෙක් නිසා තමුන්ගේ නමින් ඒක අහුවෙයි කියලා නමත් ළාවට වෙනස් කර ගෙන. අපිත් ඉතින් මාතලේ මිනිස්සුනේ..

      Delete
    3. උබ කුලය ගැන ඇදල ගහන්නේ උබ අලි පුකෙන් ආපු එකෙක්ද?
      මිනිස්සු ඉපදෙන්නේ ඉල්ලලා නෙවේයි
      "කොහනගේ' කුලය හොයන්නේ නැතිව ඌ කරන කියන දේ ගැන හරි වැරැද්ද ලියපන් මිනිහෝ.

      Delete
  5. පැරාට පිස්සු. අපෝ වීසා කැන්සල් කරපු එකමයි හොඳ. රූපවාහිනියේ ළොව වටා වැඩ සටහනේ සුජීවයි ප්‍රසාදුයි හැම තිස්සෙම කියනවා එහේ දරුණු ආර්ථික අර්බුධයකට මුහුණ් අ දීලලු ඉන්නේ. ජන ජීවීතය අඩාල වෙලාලු. ඔබාමාට විරුද්ධව ජනතාව නැගිටිනවලු, අරකලු මේකලූ. එහෙම රටකට මේ වගේ රටක් රාජ්ජයක් වටින මනුස්සයෙක් අහවල් එකට වඩිනවය. ඕන් බලහල්ලා මාධ්‍යා සාකඡ්චාවක් තියාලා උන් වහන්සේ පාස්පෝට් එක ඉරනවා කීතූ කීතු වලට. මොකෝ ඕන උනොත් ආයේ එකක් ගන්න බැරුවය. අළුත් පාස්පෝට් වහන්සේ කෙනෙක් පන්සලටම වඩ්ඩයි. සොරි වඩම්මයි.

    ReplyDelete
  6. නලින් ද සිල්වාගේ පුතා ආචාර්ය චානක ද සිල්වාද කසි කබල් බටහිර කසි කබල් ඇමෙරිකානු විශ්ව විද්‍යාලයක ඉගෙන ගෙන දැන් එහිම කසි කබල් බටහිර විද්‍යාව උගන්වයි. කසි කබල් බටහිර විද්‍යාව භංග වේවා! ජාතික චින්තනයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. එපාම කරපු වංචනිකයෙක්.බටහිර කියන වචනෙ කියන කොට වෙව්ලල දත් මිටිකාල කතා කරන්නෙ.අම්මෝ මේ වගෙ හොරු.ඇමරිකන් භාන්ඩ වර්ජනය කරන්න කියල කොළඹැ කඩ ගානෙ ගිය ගූදාසගෙත් පවුලම ඇමරිකාවෙලු නේද.උන් ගණදුරු මැදියම අරුනළු දකින්න ගියාද දන්නෙ නෑ

      Delete
    2. booruwa nalinta chanaka silva kiyala puthek na. thopita ethakota midle east wada karana un gana katha nadda. job karana eka ona rataka karapu den. eka unge aithiyak. ewata thathalawa gawa ganna thopi thamai gobba kuhakayo...

      Delete
    3. වැරදුණා ආයිබෝවන්ඩ. චානක ද සිල්වා කියල පුතෙක් ඉන්නවා නලින් ද සිල්වාගේ භාර්යාව වන ආචාර්ය තමරා ද සිල්වා මැතිනියට නම්. එයා ඉතින් නලින් ද සිල්වාගෙමද කියලා කියන්ඩ දන්නෙ නෑ. සමහරවිට අල්ලපු ගෙදර මිනිහගෙ හොර ෂොට් එකක් වෙන්න ඇති. මං කිව්වෙ සමාජ සම්මතය. එයා නලින් ද සිල්වාගෙම පුතාද නැද්ද කියලා දන්නෙ ඔතින් පාන අල්ලපු ඔය ගොල්ලම තමයි.

      Delete
  7. දේශප්‍රේමය ගැන කතා කරන ඔක්කොම බොරුකාරයො.පරන වමේ එකාලත් ඔහොමමයි.ඒ අතින් එජාපය අවංකයි.මේ රටේ අයට ඉංග්‍රීසි වහ කදුරු කරල තමන්ගෙ ළමයි සෝබෝන් යවපු ශ්‍රීලනිපයට වඩා පුළුවන් ඕන එකෙකුට යන්න අවස්තාවක් දුන් එජාපය හොඳයි.
    ඔය හැම එකාම මේ රටේ මෝඩයන්ට කියන්නෙ බටහිර කියන්නෙ මහා භයානක තැනක් කියල.ඔය එකෙක්වත් චීනෙට රුසියාවට පදිංචි වෙන්න යන්නෙ නෑ.ගියොත් රුසියන්කාරයො ගහල මරනව.උන්ට විදේශිකයන් ඉවසීමේ පුරුදු නෑ.
    සිව්දෙසෙ කි

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර යූඇන්පී-විරෝධියෙක්.... කිසිම හේතුවකට නෙවෙයි... යාළුවෝ, නෑදැයෝ කියපු නිසා. ඒ වුණත් අවුරුදු 17 ක යූඇන්පී පාලනයයි අවුරුදු 20 ක ශ්‍රිලනිප පාලනයයි දැකපු මට දැන් තේරෙනවා යූඇන්පී පාලනයක් යටතේ ආණ්ඩුවේ කොටස්කාරයකු නොවන කෙනෙකුට පවා මීට වඩා සාධාරණයක් ඉෂ්ට වෙනවා කියලා. ශ්‍රිලනිප කියන්නේ පසුගාමී, වැඩවසම් ආකල්පවලින් පිරුණු, ජාති හා ආගම්වාදී පක්ෂයක්.

      Delete
    2. මම ඉස්සර උග්‍ර UNP පාක්ෂිකයෙක්. අපේ තාත්තත් එහෙමයි. අපේ සීයා හිටපු මැම්බර් කෙනෙක්. ඒත් පුතා අද වෙනකොට මං ඉස්සර හිටියා වගේ අන්තවාදී UNP කියන තැනින් එළියට ඇවිත් ඉන්නේ. ඇත්තම කිව්වොත් මමත් මගේ සහෝදරියන් දෙදෙනාත් ඔබ ඔය කියන 17 වසරක පාලනය යටතේ බොහෝම හොඳ වාසි අත්පත් කරගත්තා. ඒත් ඇත්තම කතාව අපි හුග දෙනෙකුගේ අවස්ථා පැහැරගත්තා කියන එකයි. අද ජීවිතේ යමක් කමක් තේරෙන වයසට ඇවිත් ඉද්දි තමා ඒ ගැන කල්පනා කරනකොට කරපු වැරදි අවබෝධ වෙන්නේ. විශේෂයෙන්ම මේ රජය යටතේ මගේ දරුවෝ තුන් දෙනාම අද උපාධිධාරී පත්වීම අරගෙන රජයේ රැකියාවන්වල යෙදෙනවා. ඒ කිසිම තල්ලුවකින්වත්, බාධාකිරීමකින්වත් තොරව. ඒත් මට මතකයි අපේ කාලේ අපි UNP උන හින්දා අපේ වැඩ ටික කරගත්තට මගේ අහල පහල හිටිය UNP නොවන පවුල්වල අයට රජයේ රැකියාවක් කියන එක මොන තරම් අමාරු වැඩක් උනාද කියන එක. කොටින්ම පක්ෂයේ ශාඛා සමිතියේ ලියුම් දුන්න අපේ ලොකු තාත්තා කී දෙනෙකුට ඒ අයට මිහි විය යුතු අවස්ථා නැති කලාද කියලා මං දන්නවා. ඒක උනේ අපේ ලොකු තාත්තා අතින් විතරක් නෙවෙයි ඒ කාලේ හැම ගමකම උනේ ඕකයි. වැරදිලාවත් අදත් ඒ වගේ තත්වයක් තිබුනනං මගේ දරුවෝ තුන් දෙනා කොයි තරං අසරණ වෙනවද කියලා කල්පනා කරනකොටයි අපි කල වරදවල් අවබෝධ වෙන්නේ. ඔය දරුවා ඔය කියන කතා ගැන මට මීට වඩා කියන්න දෙයක් නැහැ. කොහොම උනත් ගාමිණි දිසානායකත් එක්ක අවසාන UNP නායකයත් වලපල්ලට ගියා. දැන් ඉන්නේ එදා හිටිය නායකයෝ නෙවෙයි. කොටින්ම මේ රනිල් කරන කියන දේ ඇහුවාම දැක්කාම අපිට ලැජ්ජයි අපි UNP කාරයෝ කියලා කියන්නවත්. මම මහින්දට චන්දේ දුන්නා පලවෙනි වතාවට යුද්ධය දිනුවට පස්සේ. මේ වතාවේ ඡන්දය දීම ගැන තාම හිතලා නැහැ. ඒත් එදාට වඩා අද සාධාරණයක් තියෙනවා කියලා මට පේනවා දරුවෝ. එහෙම පෙනි පෙනි වැඩිහිටියෙක් හැටියට බොරු චෝදනා කරන්න හිත් දෙන්නෙ නැහැ. රනිල් උනත් මේ ඇත්ත පිළි අරං කතා කරනවනං මම උනත් ආයම රනිල්ට චන්දේ දෙන එක ගැන කල්පනා කරනවා. ඒත් අර අනිත් පැත්තෙන් පැන්න මංගල වගේ තකතීරුවෙක් එක්ක එකතු වෙලා ඒ වගේම කතා කිය කිය ඉන්න කල්නං මට ඒකට හිත හදාගන්න බෑ. ඒ තත්වය එහෙම උනොත් සමහර විට මට මේ පාරත් මහින්දටම ඡන්දේ දෙන්න වෙයි. නැත්තං කටු ගානවා.

      Delete
    3. ඔය මහත්තයා ලැජ්ජාවට පත්වෙලා තියෙන කරුණු බැලුවහම දැනවෙන දේවල්වල හැටියට මහින්දට දුන්න කියන්නත් ලැජ්ජයි . මොකද unp කලේ තොපේ ලොකුතාත්ත ලියුම් දිපුඑක නැතිකරේ රනිල් සහ ප්‍රේමදාස . තෝ කියන මහලොකු අන්තිම unp නායකයා ලලිත් ඇතුලත් මුදලි එක්ක එකතුවෙලා අයිත් රෙස්ට් හවුස් පතවීම දෙන එක ගෙන්න තමයි unp එක කඩාගෙන ගියේ . යකෝ දැන් රටේ ඉන්න ඔක්කොම ගුරුවරු විද්‍යා පීථ වලින් ඩිප්ලෝම ගත්ත අය .ඒ ක්‍රමය ඇතිකරේ තොට නායකයා කියන්න ලැජ්ජා රනිල් . යකෝ දැන්
      උබ කියනවා මහින්ද යුද්දේ දිනුව කියල මොනවද උබටයි උබේ ළමයින්ටයි ලැබුනේ . උබ කියයි දැන් පාරේ බෝම්බ පුපුරන්නේ නැ එකම මදිද කියල .උබට ඉන්න පුළුවන් මහින්දගේ මල්ලි ගෝඨා නියමකරන සිමාවේ ඉන්නකන් විතරයි . උබට ආඩම්බර මහින්දගේ යාලුවෝ කව්ද කියල බලමු . උගන්ඩාවේ ගෝත්‍රික නායකයෙක් , ලංකාවේ ගමකට වඩා අඩුවෙන් ජනගනය තියෙන සි සේල්ස් , කනුපල්ලේ මැරුණු ගඩාපි . මුන් එක්ක තමයි මහින්ද ලංකාව 22 සියවසට ගෙනියන්න හදන්නේ . බලපන් ලංකාවේ අයවැයෙන් තමන්ගේ මල්ලිලට අයියලට බෙදාගෙන තියෙන හරිය . 85% තවත් උබ කියනවා මහින්ද තමයි ආඩම්බරකාර තාත්ත කියල .යකෝ උබ ට ලජ්ජා නැතිඋනාට මේවා කියවන අපිට ලැජ්ජයි . මට කියපන් උබට හරි රටට හරි ලැජ්ජ වෙන්න රනිල් කියපු එක දෙයක් . තමන්ගේ බලය රැකගන්න ජාතින් අතර බේධ වපුරලා ආගම අතර වයිරය වපුරලා කරන වැඩේට උබට ලජ්ජා නැද්ද . යකෝ මහින්ද ට වැඩ මතුගම පාලිත වටිනවා . පව්ලේ ඉන්න කිසිම උගත් කමක් නැති කාලකන්නි ටික ලංකාවේ ඉහලම පරිපාලන යට දාල ජාතික ධනය කාබාසිනියා කරන මහින්ද ගැන උබට තවමත් ලජ්ජා නැද්ද . මහලොකුවට අනේ අපේ හාමුදුරුවනේ කියාගෙන ගෝරිල්ලෙක් වගේ පපුවට ගහගන්න නායකයා මහනායක 4 දෙනාම එපකියපු කාර්රෙස් දළදා මාලිගාව වටේ පැද්ද . මේවටත් තොට ලජ්ජා නැත්නම් හෙට අංගොඩ ගිහිල්ල උබේ ඔලුවේ තියෙන්නනේ ගූ ද ගොමද කියල බලවගනින් කාලකන්නිය

      Delete
    4. අල්ලස් කොමිසමේ ලොක්කිගේ මාරුවට හේතුව ?
      අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මී ජයවික්‍රම මහත්මියගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් දක්වා නැති නමුත්, ප්‍රබල ඇමැතිවරුන් කිහිපදෙනකුට එරෙහිව කොමිසමට ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධයෙන් ඍජුව තීරණ ගැනීමට හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරිය සූදානම් වීම මෙම ස්ථාන මාරුවට මුලික වශයෙන් බලපෑ ඇතැයි එම කොමිසමේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
      පසුගිය ජුනි 24 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් මෙම මාරු කිරීමට අදාළ ලිපිය නිකුත් කර ඇත.
      විවිධ චෝදනා රැසක් එල්ල වී ඇති කොමිසමේ සභාපති ජගත් බාලපටබැඳි මහතාට මාරුවීමක් ලබා නොදී කොමිසමේ පරීක්‍ෂණ කටයුතුවලදී සාර්ථක සහ ඍජුව එම කටයුතු සිදුකළ ඉහළම නිලධාරිනියක මෙලෙස මාරු කිරීම ගැටලුසහගත බව කොමිසමේ බොහෝ නිලධාරීන් පවසති.
      මේ වන විටත් අදාළ තනතුරට පත්කෙරෙන්නේ කවුරුන්ද යන්න හෙළිදරව් වී නැති අතර, අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු නොමැතිව අල්ලස්‌ සම්බන්ධ චෝදනා සඳහා නඩු පැවරීමේ කටයුතු කළ නොහැකි බැවින් අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට අක්‍රිය වී තිබේ

      Delete
    5. කාර් රේස් දළදාව වටේ ගියේ ඇයි?
      නාමල් රාජපක්ෂගේ විනෝදය උදෙසා මෙවර කාර් රේස් භ්‍රමණය වුයේ දළදා මාළිගාව වටාය. බහුතරයක් දෙනා මතු කල ගැටළුව වන්නේ කාර් රේස් තැබීමට වෙනත් තැනක් නැතිද යන්නය.
      පශ්චාත්-නූතන යුගයේ දී මිනිසාගේ අවිඥාණය යනු ඇදක් යට හෝ රෙද්දක් අස්සේ හෝ හෝටල් කාමරයක් ඇතුලත ඇති දර්ශණයක් නොවේ. මෙකළ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍යයයි.
      නමුත් එය තව විදාරණය කළ යුතුය. මේ යුගයේ අවිඥාණය යනු සමාජ-ආධිපත්‍ය බිද ඒ ඇතුලත ඇති විනෝදය පැහැර ගැනීමයි. ලංකාවේ කාටවත් දළදා මාලිගාව වටේ කාර් රේස් තැබිය නොහැක. එය අපට තහනම්ය. යමෙකුට එම තහනම් දෙය උල්ලංඝණය කළ හැකි නම් ඉන් අපරිමිත විනෝදයක් ලැබිය හැක.
      රාජපක්ෂලා මේ කාර් රේස් හරහා ලබන්නේ වෙනත් අය නොලබන ඒ අයට පමණක් හිමි විනෝදයයි. ඒ නිසා මේ ගැන සදාචාර විවේචන කර ඵලක් නැත. මල්වත්ත හෝ අස්ගිරිය වැනි පන්සල් වලින් මේ පිළිබදව විවරණයක් බලාපෝරොත්තු වීම මුල්ලා ඕමාර් ගෙන් පෝලියෝ එන්නත ගැන විග්‍රහයක් බලාපොරොත්තු වීමකි.
      අවධානය යෙමුකළ යුත්තේ කාර් රේස් වලට නොව රාජපක්ෂල විදින අප නොවිදින විනෝදය කෙරෙහිය. යථාර්ථයට වඩා ෆැන්ටසිය බලවත් දේශපාලන සාධකයකි.

      Delete
    6. රෑ පානේ රේස් යන්න නුවර වීදී වෙන්කරන්න
      බේබිලා ගේ ෆන් කඩන්න, එපා අනේ එරෙහිවෙන්න
      රටක ඉඳන් ආපු සුද්දො මල් වට්ටිය ගත්ත ඔන්න
      මාලිගාව ලඟින් යද්දි නයිට් රේස් බලන් යන්න
      මාලිගාවේ තේජස දැක දළදා හිමි පිහිට ගන්න
      යුරෝපයෙන් සුදු ඇඳගෙන ආපු ඈයො මේ අහන්න
      මල් පුදලා තෙල් පුදලා දළදා හිමි වැඳල එන්න
      යමින් ගමන් බීර බිබී නයිට් රේස් බලල යන්න
      මොණරාගල ඉඳන් ආපු නාකි නඩේ මේ අහන්න
      දළදා හිමි වැන්දානම් ඉක්මනින්ම ගෙදර යන්න
      නාකි නේද නුවර නැතේ කිසිවක් උඹලට බලන්න
      තව ටිකකින් නයිට් වෙනව, බේබි ඒවි කොඩි වනන්න
      ඔලමොට්ටල මී හරකෝ, කාකි සූට් කියයි ඔන්න
      ඔය කරත්ත, මල් සයිකල් පාරෙන් අහකට කරන්න
      තව ටිකකින් කැන්ඩි ටවුන් සුරපුරයක් වෙයි දිලෙන්න
      බාධාවක් තොපි හිටියොත් ඕව අරන් පලකො යන්න
      පාර දෙපස අඩි දහයේ පෙට්ටි වෙළඳ සැල් වහන්න
      ඕව එක්ක බැහැනෙ යකුනෙ කැන්ඩියෙ රේසිං පදින්න
      මේ දින තුන කඩේ වහලා ගෙදර ඉඳන් බුදිය ගන්න
      කන්න බොන්න නැතුවත් ඇති අපි ඒවට මක් කොරන්න
      උදේ වරුවේ ඕනෑ නම් දළදා හිමි වැඳලා යන්න
      පාර පුරා වැලි පුරවපු ගෝනි තියල ඇතිනෙ ඔන්න
      සුදු ඇඳගත් ඔය අම්මා නුවර ටවුන් පහු කරන්න
      ඕනෑ නම් යන්න ඔන්න කොට්ට උඩින් පැනල යන්න

      Delete
    7. සිරිකොත ප්‍රහාරය ඇතුළු වෙනත් බොහෝ ගැටුම්වලට සහභාගි වූ මැරයන් අලුත්ගම සහ බේරුවල ගැටුම්වලටත් සම්බන්ධ වූ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.
      ප්‍රහාරවලට පැමිණි පිරිස් මේ වන විට හඳුනා ගෙන ඇති බව පැවසූ විපක්ෂනායකවරයා මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදුවීමට ඉඩ නොතබන බව ගැටුම් වලින් පීඩාවට පත් ජනතාව ඉදිරියේ අවධාරණය කර සිටියේ ය.
      ගැටුම්වලින් හානියට පත් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සංචාරයක නිරත වූ අවස්ථාවේ විපක්ෂ නායකවරයා ඒ බව කියා සිටියේය.
      හානියට පත් නගර යළි ගොඩනැගීමට පෙර ගැටුම්වලට සහභාගී වූ හා ගැටුම් මෙහෙයවූ පුද්ගලයන්ට දඬුවම් ලබා දිය යුතු බව ප්‍රදේශවාසීහු විපක්ෂනායකවරයා ඉදිරියේ ප්‍රකාශ කළේය.
      අලුත්ගම සහ බේරුවල පැවති ගැටුම් සහ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරන බවත් විපක්ෂනායකවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය

      Delete
    8. ආහාර රස කාරක සහ ආහාර කල් තබා ගැනීමේ කාරක නිෂ්පාදනය කර අපනයනය කරන ආයතනයක් ලෙස ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වී එතනෝල් කන්ටේනර් පිටින් බදු රහිතව ගෙන්වා ඒවා විෂ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ජාවාරම් කරුවන්ට අලෙවි කරන පුද්ගලයෙක් සහ ඔහු සමග ගෝඨාභයගේ සම්බන්ධය පිලිබඳ තොරතුරු වාර්තා වී ඇත.
      මොහු නමින් කේ.ටී.ඩී.ජයරත්න නමැත්තෙක් වන අතර ඔහු විසින් ව්‍යාජව අටවාගෙන ඇති සමාගම ''මැජෙස්ටි නැචුරල් ෆුඩ් ඇන්ඩ් කෙමිකල්ස් එක්ස්පෝර්ට් ලිමිටඩ්'' නම් වේ. එය පිහිටා ඇත්තේ දොම්පේ දාඹුකන්ද ප්‍රදේශයේ අංක 337 සී දරණ ස්ථානයේ ය.
      මොවුන් එතනෝල් කන්ටේනර් 20 ක් පමණ පසුගිය වසර තුල මෙරටට බදු රහිතව ආනයනය කර ඇති අතර ඒ සියල්ලම ඉහත ලිපිනයේ පිහිටා ඇති කර්මාන්ත ශාලාවට පැමිණ නැත. සියල්ල මත්පැන් නිෂ්පාදකයන්ට විකුණා තිබේ. ආහාර රස කාරක සහ ආහාර කල් තබා ගැනීමේ කාරක අපනයන කර ඇත්තේ ද ඉතා කුඩා ප්‍රමාණයකි. කන්ටේනර් 20 ක නිෂ්පාදන අපනයනය කර නැත.
      මෙම ආයතනයේ ආනයන අපනයන පිලිබඳ රේගුවේ නිලධාරීන් පිරිසක් විමර්ශනයක් පවත්වා ඇති නමුත් හිමිකරු ජයරත්න නැමැත්තාගෙන් විශාල අල්ලස් මුදල් ලබා එම විමර්ශන කටයුතු සඟවා දමා තිබේ. විමර්ශන කටයුතු ආරම්භ කර පසුව සඟවා දමන ලද්දේ රේගුවේ කර්මාන්ත හා සේවා අංශයේ රේගු අධිකාරීන් වන පරාක්‍රම ජිනදාස, උපාලි පෙරේරා හා ජගත් ගුණතිලක යන නිලධාරීන් විසිනි.
      එතනෝල් ජාවාරම් කරුවන් එක් කන්ටේනරයකින් පමණක් කෝටි 15 ක පමණ ශුද්ධ ලාභයක් ලබන බව වරක් පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
      ශ්‍රී ලංකාවේ අපරාධයක් සිදුවන්නේ කොතැනද, ඒ පිටුපස සිටින හස්තය වන අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන නම් ඇමරිකානු පුරවැසියාට මෙම එතනෝල් ජාවාරම් කරුවා වන කේ.ටී.ඩී. ජයරත්න විසින් ලක්ෂ 25 ක අල්ලස් මුදලක් පරිත්‍යාගයක මුවාවෙන් ගෙවන අයුරු දැක්වෙන දුර්ලභ සේයාරුවක් මෙහි පළ වේ.
      ගෝඨා මෙම මුදල් ලබා ගත්තේ හොර එතනෝල් ජාවාරමට සහාය දැක්වීමට නොවේ නම් කළ යුත්තේ ඉහත කී රේගු නිලධාරීන් විසින් යටපත් කර ඇති පරීක්ෂන මෙහෙයවා වරදකරු ජයරත්න අත් අඩංගුවට ගෙන තම නිර්දෝෂී භාවය පෙන්වීමයි

      Delete
    9. ජාත්‍යන්තර පරීක්‌ෂණය වළක්‌වාගත හැකිව තිබුණා -ජයන්ත ධනපාල
      ආණ්‌ඩුව ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කළා නම් අන්තර්ජාතික පරීක්‌ෂණය වළක්‌වන්නට ඉඩ තිබුණ බව වොෂින්ටන්හි සහ ජිනීවාහි හිටපු ශ්‍රී ලංකා තානාපති ජයන්ත ධනපාල මහතා පවසයි.
      'ඉරිදා දිවයින' පුවත්පත සමග කල සාකච්ඡාවකදී ඔහු එබව සඳහන් කර ඇත. ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් මෙසේ කරුණු පැහැදිලි කර ඇත.
      '' ආණ්‌ඩුව ශ්‍රී ලංකාව තුළ අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කළා නම් මේ අන්තර්ජාතික පරීක්‌ෂණය වළක්‌වන්නට ඉඩ තිබුණා. අපේ රටේ දක්‌ෂ නීතිඥවරු ඉන්නවා. මා කීප වතාවක්‌ යෝජනා කළා රට ඇතුළෙ අපක්‌ෂපාතී පරීක්‌ෂණයක්‌ ආරම්භ කරමු කියල. අපි ඒක කලින්ම ආරම්භ කළා නම් මේ අන්තර්ජාතික පරීක්‌ෂණ වුවමනා නෑ. එබඳු පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න තවමත් පුළුවන්.
      එල්. එල්. ආර්. සී. කොමිසම ජිනීවා ගිය අපේ කණ්‌ඩායමට විශාල වාසියක්‌ වුණා. ජිනීවාවල දී ඉදිරිපත් වුණු විසඳුම වුණෙත් එල්. එල්. ආර්. සී. කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලයි. ඒ විදිහටම යුද අපරාධ සිදුවුණාද නැද්ද පිළිබඳව අපි අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කරල තිබුණ නම් එයිනුත් අපේ රටට ලොකු වාසියක්‌ ලැබෙන්න ඉඩ තිබුණා. එහෙම තිබුණ නම් මේ ජාත්‍යන්තර පරීක්‌ෂණ එන්නෙ නෑ.
      අපේ හමුදාවන්ට අවමානයක්‌ :
      දැන් පිටරට අය හිතන්නෙ අපි ඇත්ත හෙළි නොකර සඟවගෙන ඉන්නව කියලයි. මම හිතන්නෙ අපි අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ නොකිරීමෙන් අපේ හමුදාවන්ට අවමානයක්‌ සිදුවුණා කියලයි. අපේ වීරෝදාර සෙබළු ජීවිත පූජාවෙන් සටන් කරල ත්‍රස්‌තවාදීන් පරාජය කළා. ඒ සටනෙදි යුද අපරාධ සිදුවුණාද නැද්ද කියල අප විසින්ම අපක්‌ෂපාතී පරීක්‌ෂණයක්‌ නොපැවැත්වීම නිසා ත්‍රස්‌තවාදීන් පරාජය කර අප ලැබූ ඒ ජයග්‍රහණය අද බාල්දු වී තිබෙනවා.
      ආණ්‌ඩුව විසින් රට තුළ අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කිරීම රටේ ස්‌වෛරීභාවයට අවමානයක්‌ නෙමෙයි. අපේ රටේ අන්තර්ජාතික මට්‌ටමේ විනිසුරුවන් ඉන්නවා. නීතිඥවරු ඉන්නවා. යුද අපරාධ සිදුවී ඇත්දැයි සොයාබැලීමට අභ්‍යන්තර පරීක්‌ෂණයක්‌ ආරම්භ කරන්න දැනුත් පුළුවන්.''

      Delete
    10. තමන්ගේ තාත්තගේ වයසේ මනුස්සයෙකුට කතා කරන්නේ ඔහොමද බං. කවුද උඹව හදාපු අම්මා තාත්තා?

      Delete
    11. යකෝ උගේ ඇග වයසට ගියාට මොලය වයසට ගිහින් නෑ . ඊටත් අනගාරික දර්මපාල කතාකරේත් ඔය විදිහට .කතාකරන විදිහ නෙමෙයි කතාකරපුව ගැන කතාකරපන් කාලකන්නිය

      Delete
    12. @ AnonymousJuly 1, 2014 at 5:14 PM

      ඔය මහත්තයා කතාකරන්නේ කටෙන්ද පුකෙන්ද නොදනිමි. මේ ආණ්ඩුව තරම් දේශපාලන පත්වීම් දෙන ආණ්ඩුවක් මෙතෙක් තිබුනේ නැහැ. උපාධිධාරී පත්වීම් ඔක්කොම දෙන්නේ මන්ත්රීලාගේ ඇමැතිලාගේ ලැයිස්තු වලට විතරයි. මේ කියන්නේ සම්පූර්ණ ඇත්ත. දෙසපාලුවන්ගේ පුක ලෙව නොකාපු උපාධිධාරීන්ට අදටත් හුළං.

      Delete
    13. @UnknownJuly 1, 2014 at 8:39 PM
      තමන්ගේ තියෙන නැහැදිච්ච කම සාධාරණිකරණය කරන්න අනගාරික ධර්මපාලත් මේකට ගාවගන්න ඕනේ නැහැ. ඔහු තෝ තෝ කියා කතා කරපු තැනක් නැහැ. එහෙම කතා කරන්නේ තිරිසන්නු වගේ හැදිච්ච මුඩුක්කු කුඩ්ඩෝ.
      උඹලා වගේ අය නම් UNP එක පිටිපස්සේ ඉන්නේ , UNP එකට චන්දෙ දෙනවට වඩා වහ කන එක වැඩිය හොඳයි.

      උඹලාගේ පක්ෂේ පිරිහෙන එක අහන්නත් දෙයක් යැ !

      Delete
    14. unp එක ගැන කතාකරන්න උබට තියෙන රුදාව මොකක්ද .උබ අනගාරික දර්මපාල ව දන්නනෙත් නැහැ මුඩුක්කු වෙන් තමයි තොපේ ගෝඨා ඇන ගත්තේ යකෝ කුඩුකාරයෝ ඉන්නේ මුඩුක්කුවේ නෙවෙයි .අරලියගහ මන්දිරේ , දුමින්ද සිල්වා ඉන්නේ මුදුක්කුවේද ,කුඩු නිදහස්කරන්න ලියුම් දීපු අගමැතිය ඉන්නේ මුදුක්කුවේද ? රටටම කුඩු බෙදන මර්වින් සිල්වා ඉන්නේ මුදුක්කුවේද? යකෝ වැරදි දේට වැරදියි කියන්න උබෙන් වාග් විද්‍යා පාඩම් ඉගෙනගන්න ඕන නැහැ .තොපි මහා ඉහලින් පිළිගන්න අර කාලකන්නි නානාසරය උගත් සිල්වත් බික්ෂුන් වසන්සේලට කතාකරපු හැටි ගැන කතාකරපිය බූරුව

      Delete
  8. අපේ සාදුට ඔය සුද්දොන්ගෙ වීස ඕනෙ නැහැ. උන්නාන්සෙට ඕනෙම නම් ඉර්ධියෙන් වඩියි.

    ReplyDelete
    Replies
    1. @AnonymousJuly 1, 2014 at 3:13 PM ---
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. පුක වඩියි

      Delete
    3. පුක වුනත් වැඩියොත් කොහොමද මල්ලී?

      Delete
    4. ඥාණසාරුගේ පුක විතරක් ඇමරිකාවට වැඩියොත් බෙට්ට හලලාම එන්න පුළුවන්.

      නැද්ද මල්ලි?

      Delete
  9. ශ්‍රී ලංකාවේ බලපැවැත්වෙන්නේ රාජපක්ෂට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයකි. මේ වන විට බ්ලොක් කර ඇති වෙබ් අඩවි සංකයාව 8කි. මෙය ශ්‍රී ලංකාවේ උත්තරීතරම නිතිය වන 1978 ආණ්ඩු ක්‍රම විවස්ථාවෙන් ස්ථාපිත කර ඇති මුලික අයිතිවාසිකමක් වන බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය අමුඅමුවේ උල්ලංගනය කිරීමකි. විදායක ජනදිපතිවරුන් අතින් මානව හිමිකම් සුරැකෙයි යයි සිතීමද උගහටය. බාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය ගැන සැලකීමේදී අමතක කල නොහැකි මුලික අයිතිවාසිකම් නඩු තීන්දු දෙකක් ඇත. මේ නඩු තීන්දු දෙකම අසහාය මාක් ප්‍රනාන්දු විනිසුරුතුමන්ගේය. ඒ ජනගොෂා නඩුව සහ දේශප්‍රිය එරෙහි නුවරඑලිය නගර සබා නඩුවයි. මේ නඩු දෙකම පැවරුනේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේය. ජනගොෂා නඩුවේදී එවකට වීපක්ශය විනාඩි 15ක් විවිද ශබ්ද කරමින් විරෝදතා දැක්වුහ. ඒ අතර ගන්ටාර ගැසීම වාහන වල නලා ශබ්ද කිරීම වෙනත් බාන්ඩ වලට ගැසීමද විය. මෙම නඩුවේ පෙත්සම්කරුවූ හොරණ නගර සබා සාමාජික බෙරයකට ගැසූ අතර පොලිසිය පැමිණ ඔහුගේ බෙරයද කඩා ඔහුට පහර දුන්හ. ඔහු ශේෂ්ට්‍රදිකරණයේ පැවරු මුලික අයිතිවාසිකම් නඩුව දිනු අතර එය ජන ගෝෂා නඩුව නමින් ප්‍රසිද්දියට පත්විය. දේශප්‍රිය මුලික අයිතිවාසිකම් නඩුවේදී පෙත්සම්කරුගේ පුවත්පත් 450 ක් අත්අඩංගුවට ගෙන ඒවා ජනතාව අතට පත්වීම වලක්වන ලදී. මෙම නඩුවේදී මාක් ප්‍රනාන්දු විනිසුරුතුමා කිවේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකදී විසම්මුතිය ඉවසීම පමණක් නොව එය උනන්දු කිරීමද සිදුවිය යුතු බවයි. රාජපක්ෂ පාලනය යටතේ සිදුවන්නේ මේ දෙකම නොව එය අමුඅමුවේ විනාශ කිරීමයි. මර්දනය කිරීමයි

    ReplyDelete
  10. නානසාර යායුත්තේ බුරුමය,වියට්නාමය,උතුරු කොරියාව ආදි බෞද්ධ රටවලටය. ඒ රටවල අපේ රටේ මෙන් සෙල්ලම් දැමීමට බැරිය.
    තවත් අය බටහිර හා අමරිකාවේ සදාකාලිකව පදිංචිව සිටිමින් වෙබ් අඩවි පවත්වා ගෙන යමින් ලංකාවේ මෝඩ මිනිසුන් අවුස්සමින් එම රටවලටවී සුර සැප විඳිති!
    මෙහිදී තව කිව යුත්තක් ඇත.විදේශීය තානාපති කාර්යාල පරිශ්‍රයන් අයත් වන්නේ ඒ ඒ රටවලටය.එහි බලපවත්වන්නේ ලංකාන්ඩුවේ නීති රීති නොවේ.
    නානසාරට වීසා නොදීම මත කල්ලි කරුවන් ගේට්ටුවෙන් එලියේ කවර සෙල්ලම් දැමුවද ,තානාපති පරිශ්‍රය තුලට ඇතුල්ව අර රාවනාකාරයා මුස්ලිම ඇමති කෙනෙකුගේ ඇමති කාර්යාලයට කඩාවැදී ගොන්පාට් දැමුවාසේ කිරීම අනතුරුදායකය.

    පුන්‍යසෝම

    ReplyDelete
  11. මොළේ පිස්සු යැයි කියා මෙඩිකල් කොන්ඩෙම් කර හමුදාවෙන් ඉවත්ව ගොස් ඇමරිකාවේ සුළු රැකියාවක් කරමින් සිට අයියා ජනාධිපති වූ නිසා ලංකාවට පැමිණ ආයතන පරිපාලනය ගැන මෙලෝකේ අධ්‍යාපනයක් නොමැතිව නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතනයක් මෙහෙයවීම බාරගත් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ විසින් නාගරික සංවර්ධන අධිකාරිය මේ වන විට රුපියල් මිලියන 22680 ක් හෙවත් කෝටි 2268 ක ණය කාරයකු කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
    එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ලබා දුන් පිළිතුරකින් මේ බව අනාවරණය විය.
    කොළඹ ඇතුළු දිවයිනේ ඕනෑම නගරයක වාණිජ වටිනාකමක් ඇති පූජා භූමි ද ඇතුළු ඕනෑම ස්ථානයක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නේ ශත පහක් හෝ වන්දි නොගෙවා වුවද ඒවායේ නොදන්නා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෑම නිසා නාගරික සංවර්ධන අධිකාරිය මෙවැනි අති විශාල ණය කාරයකු වී ඇතැයි දැන ගන්නට තිබේ.
    මෙම විවිධ ව්‍යාපෘති සඳහා ගෝඨා විසින් යොදවන්නේ ත්‍රිවිධ හමුදාවේ සෙබලුන් ය. සැළසුම් ශිල්පීන්, පෙදරේරුවන්, වඩු කාර්මිකයින් සහ කම්කරුවන් වශයෙන් සියළු දෙනා ත්‍රිවිධ හමුදා සෙබලූන් යොදවා ගැනීම සිදුවන්නේ කිසිදු අතිරේක ගෙවීමකින් තොරව නිසා වැඩකුලී විශාල වශයෙන් ඉතිරි කර ගනිමිනි. එසේ තිබියදී රුපියල් කෝටි දෙදහස් තුන්සියයක් පමණ ණය වී තිඛෙන්නේ අහවල් කාරණයක් නිසාදැයි පාර්ලිමේන්තුවේදී හෙළි නොවින.

    ReplyDelete
  12. ජාතිවාදය ආගම්වාදය පතුරා තම අතුරු
    හමුදා ලවා රට ගිනි තැබූ මැදමූලන
    මරා රටේ ප්රශ්න පසෙක තබා, අඩුම
    ගණනේ අලූත්ගම බේරුවල ඛේදවාචකයන් ගැන
    අපක්ෂපාතී පරීක්ෂනයක් කරන බවට ට්විටර්
    පනිවුඩයකින් පොරොන්දු වූවද ඒ කිසිවක් සිදු
    නොකොට, රාජ්ය සංචාරයක මුහුණු වරින් තම
    හොර ගණු දෙනු කටයුතු සොයා බැලීම
    සඳහා මාලදිවයිනේ සහ සීෂෙල්ස්
    කුඩා රාජ්යයේ සංචාරයක නියුක්තව සිටී.
    මාලදිවයිනට ගිය මැදමූලන මරා එහි දින දෙකක්
    ගත කළ අතර ඔහුගේ පාසැල් කාලයේ සිට
    හොර බිස්නස් මිතුරෙකු වන දෑල බණ්ඩාරද
    ගමනට එකතු කරගෙන තිබිණ. දෑල බණ්ඩාර
    එහි තානාපතිද වේ.
    සාමාන්යයෙන් මාලදිවයිනට
    ලඟාවීමට ගත වන්නේ පැයක පමණ තරමේ අඩු
    කාලයක් වුවද මාදමූලන මරා එහි ගත කළ දින
    දෙක පුරාම ශ්රී ලන්කන් එයාර් ගුවන් යානයක්
    එහි ගුවන් තොටුපොලේ රඳවා තබා ගත්තේය.
    සාමාන්යයෙන් ත්රී වීලරයක් වුව තමන්ගේ ගමන
    ගොස් එනතුරු නිකම් රඳවා ගන්නවා නම්
    ත්රීවීලර් රියැදුරා ඒ කාලයටද මුදල් අය කරයි. ඒ
    එසේ නම් දින දෙකක් ගුවන් යානයක්
    නිකරුණේ මාලදිවයිනේ රඳවා ගැනීමෙන්
    කෙතරම් මුදලක් විනාශ වන්නේදැයි
    කල්පනා කළ යුතුය. (ගුවන් යානය
    මාලදිවයිනේ වේලෙමින් රඳවා සිටින අයුරු ඉහල
    සේයාරුවේ දැක්වේ)
    කෙසේ වෙතත් ඉන්පසුව මරා අද සීෂෙල්ස්
    දිවයිනට ලඟා වූයේය. වසරක් වැනි කෙටි
    කාලයක් තුල මරා සීෂෙල්ස් ගිය දෙවන
    අවස්ථාව මෙයයි. කිසිදු රාජ්ය තාන්ත්රික
    ගමනක් නොවන මෙය සම්පූර්ණයෙන්ම
    ඔහුගේ හොර ගිණුම් සොයා බැලීම සඳහා සහ ඔහු
    විසින් සී ෂෙල්ස් හි මිලදී ගත් දූපත ගැන
    සොයා බැලීමට ගිය ගමනකි. මරා විසින් සී
    ෂෙල්ස් වලින් දූපතක් මිලදී ගෙන ඇති බව
    ලංකා ඊ නිව්ස් මීට පෙර හෙළිකෙළේය. ලංකාව
    සමග කිසිදු හරි හමන් ව්යාපාරික ගණුදෙනු නැති
    සීෂෙල්ස් රාජ්යයට රාජ්ය නායකයෙකු ලෙස
    යෑමට වෙනත් කිසිදු හේතුවක් නැත.
    ලංකාවේ මහජන මුදල් ගසා කමින්
    ආසියාවේ කෝටි ප්රකෝටිපතියෙකු වී සිටින
    මරා දෙවන වතාවටත් මේ කුඩා රාජ්යයට
    ගියේ තමා මිලදී ගත් දූපත තම බිරිඳට පෙන්වීමට
    ය.

    ReplyDelete
  13. පොදු වැසිකිලි,පුද්ගලික වැසිකිලි,කැසිකි
    ලි,ගදකිලි,ලැට් වල,
    ඇල,කුනු ඇල,කානු,කුනු කානු,
    පාලම,බොක්කවුව,
    ගුවන් තොට,වරාය,බස් නැවතුම්පොළ,හන්ද
    ියේ බස් නැවතුම,
    නාගරික රථ ගාල,පුද්ගලික රථ ගාල,ත්රී වීල් රථ
    ගාල,කරත්ත පොල,
    හයි වේ,කාපට් පාර,තාර පාර,ගොඨා ගල්
    අල්ලපු පාර,
    කොන්ක්රීට් පාර,ගෝඨා ගල් අල්ලපු වෝකින්
    පාත්,
    ෆුඩ් සිටි,මාලු මාකට්,එලවලු මාකට්,කඩ,පෙට්ටි
    කඩ, පංසල,පල්ලිය,කෝවිල,ඉස්කොලේ,පුස්
    තකාලේ,ක්රීඩා සංකීර්ණේ,ලැබ්
    එක,ඉස්පිරිතාලෙ එකී නොකී හැම ලබ්බම
    මහින්ද රාජපක්ෂ උතුමාණන් විසින් කරවන
    ලද්දක් බව සටහන් කර තමන් විසින්ම විවෘත
    කරගැනීමත්,
    බබාල නැලවීම,බබාල වඩා ගැනීම,බබාලට
    තොත්තු දීම ආදියට වහා ඉදිරිපත් වීමත්,
    උප්පැන්න සහතිකේට,මගුල් සහතිකේට,මරන
    සහතිකේට අත්සන් කිරීමත්,
    කොටහලු මගුලට,මගුලට,දානෙට,පිරිත්
    පිංකමට,ඉස්පිරිතාලෙට,උපවාසෙට,පා
    ගමනට,මරනෙට ඕනම ගුබ්බෑයමක රින්ගීමත්,
    ජාතිවාදය,ආගම් වාදය,දේශපලනය වෙනුවෙන්
    ඇවිස්සීමත්,
    ඒ හැම දේකටම තමන්ගෙ නම උඩින්ම
    කියවාගැනීමත්,
    ඒ මදිවට තමන්ගෙම රූපෙ ගහපු ටී ෂර්ට් අනුන්ට
    බලෙන්ම අන්දවල මෙහෙම ආතල් ගැනීමත්
    එදා මෙදාතුර ලොකේ පහල වුනු හැම
    ඒකාධිපතියෙක්ම කරපු එකම විදියේ මානසික
    රෝගී වැඩ තමයි!

    ReplyDelete
  14. ඌ‍ට මොකටද ඇමරිකන් වීසා? මොකට ගත්තද දන්නෙ නෑ.

    ReplyDelete
  15. හැමදේටම හොම්බ දමන කතන්දරකාරයා මේ පෝස්ට් එක මග හැරලා වගෙයි. ඒ මේ පොස්ට් එකේ අන්තර්ගතය ඔහු වැනි කුහකයින්ට කෙලින්ම වදින බැවිනි. කැලණිය විශ්ව විද්‍යාලයෙන් අධ්‍යයන නිවාඩු ලබා ඔස්ට්‍රේලියාවට ගොස් එහිම පැලවූ රසික සූරියආරච්චි හෙවත් කතන්දර කාරයා එහි සිට ලංකාවේ හැටහුටාමාරක් ප්‍රශ්න අන්තර්ජාලය හරහා විසඳයි. ඕනෑම විෂයකට පොරගේ අදහසක් අටහ. එත් පැරාගේ මේ පොස්ට් එකට අදහසක් නැත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා