සිරසට අහු ‍වෙන්න එපා - අංක 7788ට කෝල් කරන්න එපා

සිරස සුපිරි තරුව වූ ගයාන් අරෝෂට රුපියල් කෝටියක් තෑගි ලැබිණි.

ඇතැමෙක් මාරයි කියති. එහෙත් එය මාර ‍නොව මාරාන්තික තත්වයකි. 

සිරස එක්තරා විධියක ආණ්ඩුවකි. එක පැත්තකින් එස්.එම්.එස්. හරහා ජනතාවගෙන් සූරා ගන්නා සල්ලිවලින් කොටසක් තෑගි දී සිරස ප්‍රාසාංගික කලා ලෝකයට සුපිරි තරුවක් අතහරියි. 

අහසින් වැටුණු මේ සුපිරි තරු විසින් කලා, සංස්කෘතික අවකාශය තුළ කරන ලද කිසිදු කාර්යභාරයක් නැත. ගෙවල් හැදීම, වාහන ගැනීම, බඩු විකිණීම, බඩු ගැසීම, බඩු වීම හැරුණු විට හරි හමන් සිංදුවක්වත් කියූ සුපිරි තරු නැත. 

තරුණ පරපුර මෙම සුපිරි තරු සිහිනයට උසි ගන්වා ඇත.

එහෙත්, අපගේ විරෝධය මේ තරග පවත්වන එක ගැන නො වේ. තරග මුවාවෙන් කරන මංකොල්ලය ගැන ය. 

සිරසේ 7788 දුරකථන අංකය වනාහි සිරස ජනතාවගෙන් මුදල් සූරාකන ප්‍රධාන මාධ්‍යයයි. ඔවුන් එවැනි කෙටි ඇමතුම් අංකයක් ලබා ගත්තේ කෙසේද යන්න හා සාමාන්‍ය දුරකථන ගාස්තුවලට අමතරව අධික ගාස්තුවක් අය කරන්නේ කෙසේද යන්න අභිරහසකි. ඔවුන්ගේ ස්වයංක්‍රීය සේවයේ චූර්නිකාව අසන විට ම ඔබගෙන් සෑහෙන ගානක් කැපිලා හමාර ය. 

විවිධ වැඩසටහන් ඔස්සේ අංක 7788ට ‍අමතන්නට පොළඹවා, ඇමතූ හැටියේ කොණ්ඩය කැපීම සිරසේ ප්‍රධාන ම කූට ජාවාරම වී තිබේ.  මෙය ඉතා සදාචාර විරෝධී, නීති විරෝධී‍, නින්දිත ජාවාරමකි. 

මේවාට විරෝධය නො දැක්වුවහොත් හෙට දවසේ මීට වඩා කැත ජාවාරම් සිදු විය හැකි ය. ඔබ කිසියම් අංකයක් ඩයල් කළ විට මෙසේ කියන තත්වයක් ඇති වුණොත් කොහොමද? "මෙම ඇමතුම සඳහා ඔබගෙන් විනාඩියකට රුපියල් 100ක් හා අනුමත ගාස්තු අය කෙරේ."

සිරස මෙන් ම වෙනත් ජනමාධ්‍ය ද මේ මංකොල්ලය ගජරාමෙට කරගෙන යති. අපි සිරස ගැන කියන්නේ සිරස ඒ මංකොල්ලයේ නිර්මාතෘ නිසා ය.

සිරසට අහු ‍වෙන්න එපා - අංක 7788ට කෝල් කරන්න එපා.

හැමෝටම කියන්න.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. එළ... කෝල් කරත් ඇස් ඇම් ඇස් ගැහුවත්. එහෙම ගහලා කෙළ උනත් කමක් නෑ. වැදගත් දේකට නම්. මුන්ගේ සුපර්ස්ටාර් සෝ එක ගූ ගොඩක්. බැලුවාම අර රණවිරු ඉස්ටාර් මීට හොඳා.. තුඃ නොදෝමකින්..

    ReplyDelete
  2. ආන් ......ආන්න......රණවිරු ඉස්ටාර් මීට වඩා හොදයි

    ReplyDelete
  3. ඔය කතාව ඉතිං පටං ගත්ත කාලෙ ඉඳලම කිව්වනෙ.. ගහන මැසේජස් අඩුවකුත් නෑ.. ගන්න කෝල් අඩුවකුත් නෑ..

    ReplyDelete
  4. පැරා , ලංකාව තාමත් ප්‍රජාතන්තරවාදී නිදහස් රටක් නේ. යම්කිසි ආයතනයකට යම්කිසි මුදලකට සේවයක් ඉදිරිපත් කරන්න අයිතියක් , පාරිභොගිකයන්ට තමන්ගේ කැමැත්ත පරිදි එම සේවය කොන්සියුම් කරන්නත් අයිතියක් තියෙනවා. තමන් ගෙවන මුදල අඩුද වැඩිද කියල ඒ අය තීරණය කරයි.

    ඔබට මැජික් උනාට ඉහත AnonymousJuly 6, 2014 at 4:18 AM කිව්වා වගේ ඒක ඉතාම සාමාන්‍ය හැම රටකම වගේ භාවිතා වෙන දෙයක්

    මානව අයිතිවාසිකන් ගැන කෑගහන ගොඩක් ඔබ උදවියට ඒක මානව අයිතියක් ලෙස නොපෙනී සූරා කෑමක් ලෙස පෙනෙන්නේ ඔය දාගෙන යල් පැනගිය සමාජවාදී කන්නාඩිය නිසාද ? මිනිස්සුන්ගේ ජිවිතේ ලබ්බකටම ඇඟිලි ගහන්නේ නං සමාජවාදී ටෝටලටෙරියන් ඒකාධිපති ආණ්ඩු.

    මං නං ටී.වී බලන්නේ නැහැ. ඒකත් කියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඔව්. මහ සොහොන්...මේ ක්‍රමය ලෝකයේ බොහෝ රේඩියෝ සහ ටීවී නාලිකා පවත්වාගෙන යනවා. නමුත් මේ රටවල්වල නම් ඒ අයකරන ක්‍රමවේදයන් සඳහන් කරනවා ඒ හැම ඇඩ් එකක් එක්කම ඉතාම චූටි අකුරෙන් හෝ. අපේ එහෙම සඳහන් නොකිරීම තුලම ඇත්තේ පාර්භෝගිකයා රැවටීමයි. එය සාපරාධි වෙළඳ ජිමික් එකක්. පැරා හෝ කවුරුන් හෝ කල යුතුව ඇත්තේ මේ වෙනුවෙන් පාරිභෝගික අධිකාරිය හා සංවාදයක් ගොඩ නැගීමයි. සංවාද කෙසේ වෙතත් රජයේ ආයතන එක්ක නම් සංවාස තමයි කරන්න වෙන්නේ. එක මුද්‍රිත මාධ්‍යයක්වත් මේ ගැන කතා කරනවාද. මේවා ගැන අපි අපි නෙමේ කතා කලයුත්තේ. අපි සහ ඔවුන්. මේ ලියන මමත් කරන්නේ ගානක් හොයාගෙන කුටුම්බ සංරකෂනේ නිසා, අඩුම ගානේ මේවා ලියන පැරාට පොඩි සැලියුට් එකක් දෙනවා.

      Delete
    2. මහසොහොන්,
      ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය යටතේම තමයි පැරා කියන්නෙ මේකට අහුවෙන්න එපා කියල.
      කෙනෙක් මේකට සූරාකෑම කිව්ව කියලත් අවුලක් නෑ. මොකද ගාස්තු බැලුවම සූරාකෑමක් තමයි.

      Delete
    3. මෙකී නොකී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිද්දෙන් අපි සුපිරි තරු බිහි කළා. අපි මිය ගිය පුද්ගලයන්වත් අමතක කළේ නෑ. ඔවුන් සඳහා ඩෙඩ් ස්ටාර් ප්‍රසංගය පැවැත්වීමට සියල්ල සැලසුම් කළත්, අවාසනාවකට මැරුණු කිසිම කෙනෙකුට හඬ නැගීමට නොහැකි වූ නිසා එය අවලංගු කිරීමට සිදුවුණා. ඒත්, ඔබගේ සුපර් ස්ටාර් සිහිනය තවදුරටත් මල් ඵල ගන්වමින් අපි රෝගීන් උදෙසා පේෂන්ට් ස්ටාර්, සුපිරි ගායන තරු මංගල්‍යය ඔබ හමුවට ගෙන ඒමට කටයුතු කළා. ඔව්, මේ තමයි ඒ අසිරිමත් මොහොත. read more........http://boondi.lk/article.php?ArtID=3510

      Delete
    4. හීන් නූලෙන් සූරාකෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. හැබැයි නොදැනෙන්න කළ යුතුය.

      සූරාකෑමට විරුද්ධ වීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි.

      Delete
  5. මේක ද්වේශ සහගතව ලියපු ලිපියක් නේද පැරා.. ඇයි සිරසේ විතරක් අංක දැම්මේග ඉස්සෙල්ලම පටන්ගත්ත කියන තර්කෙ හරි බොලදයි. අනික් අංක ටිකත් හොයල දාන්න ලිපිය සම්පූර්ණ වෙයි

    ReplyDelete
  6. පැරාගේ ගෑනිට මාස් ශුද්ධිය පරක්කු උනත් ආණ්ඩුවට බනින පැරා,ඇයි මේකෙදි ආණ්ඩුවට බැනලා නැත්තේ?

    ReplyDelete
  7. Socialism as lifestyle said,July 6, 2014 at 11:17 AM


    trap to inter net - f..k to Socialism

    get fun

    සිරසට අහු ‍වෙන්න - අංක 7788ට කෝල් කරන්න.

    ආතල් ගන්න.

    ReplyDelete
  8. හිතේ අමාරුවට බොරු පල් හෑලි නොලියා හිටපන් පැරෝ

    ReplyDelete
  9. සිරසට බනිනව කියන්නෙ,ආන්ඩුවට බනිනව කියන එක,තේරුම් ගන්න බැරි ගං කබරයෙක්.

    ReplyDelete
  10. para, samajavvdin lokaya hetiya puke arinna thahanam da? ehenan api samaja vadeta puka haravamu

    ReplyDelete
  11. passairagena SMS gahannatharam mewaye monawadathiyenne?sirasa saha thawath aayathna gananawakma me mankolle karanawa.ewunath apeharak phon ekeanthimasatheth mewata pukaudadagenaSMShari callharikaranawa,anthmata hadissiyakaunama phon ekaillaganna allapugedaratawathewenawa,

    ReplyDelete
  12. උඹ හරි ආතල් ලිපි ලියනට මචං!!! පව් බන් උඹ!! අද තමයි මම Bad ලකුණට ඡන්දේ දුන්නේ!!

    ReplyDelete
  13. labba thamayi TV balanne mokaada you tube thiyenakota owa balana modayinta witharak adala deyaki

    ReplyDelete
  14. ම්ම්ම්ම්.....ඒකත් එහෙමද​? මින් පස්සේ සිරස සුපස්ටාර් බලන්නත් එපාද​? එහෙනං රූපවාහිනියේ, ITN, Eye නාළිකාවේ ප්‍රවුර්තිවත් බලමු.

    ReplyDelete
  15. Itin owa danne danda ...babbu Sirasa me horakama karanne 2005 idanda koheda

    ReplyDelete
  16. කෝටියකට 1000 බඩු කීයක්ද? :D

    ReplyDelete

  17. @ Anonymous July 6, 2014 at 10:54 AMට යි මේ ---

    යම් කිසි කෙනෙකුගේ අදහසක් තමුන්ගේ ම වූ අදහසකින් හෝ තර්කයකින් හෝ බිඳ හෙළීමට නොහැකි විට මුලින් අදහස දැරූ තැනැත්තාට හෝ ඒ තැනැත්තාගේ භාර්යාවට හෝ දෙමව්පියන්ට හෝ දරු මුණුපුරන්ට හෝ නින්දා කිරීම, ආක්‍රෝෂ පරිභව කිරීම සිංහලයාට ම ආවේනික වූ, එමෙන් ම සිංහලයාගේ ජානවල පවතින නුහු ගුණයකි. මෙය සිංහලයන්ගේ රුධිරයේ මිශ්‍ර වී ඇතැයි කියන උතුරු ඉන්දියානු සිව්පා රුධිරය නිසා ඇති වූ තත්ත්වයක් දැ යි පිරික්සීම වටී.

    ReplyDelete
  18. Paka thamami.. okkotama kelaviyan.. Lankawe okkoma salliarayo ahinsaka minissu hooragena kana paka wesa balu balli huththo inne.. Rajayen patan gaththama Privet company wenakam okkoma wesa huththo huththiyo inne.. okkoma makabawila apayatama palayan...

    ReplyDelete
  19. මෙකී නොකී සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිද්දෙන් අපි සුපිරි තරු බිහි කළා. අපි මිය ගිය පුද්ගලයන්වත් අමතක කළේ නෑ. ඔවුන් සඳහා ඩෙඩ් ස්ටාර් ප්‍රසංගය පැවැත්වීමට සියල්ල සැලසුම් කළත්, අවාසනාවකට මැරුණු කිසිම කෙනෙකුට හඬ නැගීමට නොහැකි වූ නිසා එය අවලංගු කිරීමට සිදුවුණා. ඒත්, ඔබගේ සුපර් ස්ටාර් සිහිනය තවදුරටත් මල් ඵල ගන්වමින් අපි රෝගීන් උදෙසා පේෂන්ට් ස්ටාර්, සුපිරි ගායන තරු මංගල්‍යය ඔබ හමුවට ගෙන ඒමට කටයුතු කළා. ඔව්, මේ තමයි ඒ අසිරිමත් මොහොත. read more........http://boondi.lk/article.php?ArtID=3510

    ReplyDelete
  20. agree with ur comment.....but ano's concern is also valid.....

    ReplyDelete
  21. ඇයි රාවණා රජ්ජුරුවො එහෙම නැද්ද?
    ආ නෑ නේන්නම්. රාමායණය බොරු කතාවක්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා