Posts

Showing posts from July, 2014

උපුල්ගේ කුකුළු කූඩුවෙන් රනිල්ගේ ධනවාදය හරහා සමාජවාදයට සංවාදයක්

Image
අපට ලෝකය වෙනස් කළ හැකි බලවත් ම ආයුධය අධ්‍යාපනයයි -නෙල්සන් මැන‍්ඩෙලා සිද්ධි දෙකක්. පළමුවැන්න තමයි අපි මෙහි සටහන් කළ උපුල්ගේ කුකුළු කූඩුවට රනිල් යාම. මෙතනදී අපට ඕනෑ වුණ ‍දේ ඇත්තට ම වුණා. අපට ඕනෑ වී තිබෙන්නේ අපේ ජීවිත නැවත ප්‍රශ්න කරන්නයි. එහෙම ප්‍රශ්න කරමින් ඒවා නැවත සමාජවාදී ලෙස අර්ථකථනය කරන්නයි අපට අවශ්‍ය. මේක සමාජවාදය ගැන න්‍යාය වපුරනවාට වඩා අමාරු ප්‍රායෝගික වැඩක්. මහින්දගේ ආණ්ඩුව, ඇමරිකාව, ඊශ්‍රායලය හෝ මුස්ලිම් අන්තවාදය ප්‍රශ්න කළ විට වගේ නෙමෙයි, තමන්ගේ ම ජීවිත ප්‍රශ්න කළ විට වැඩි දෙනෙක් කුපිත වෙනවා. අපට ඕනෑ වුණේ අධ්‍යාපනය ගැන සමාජවාදී විධියට හිතන්න පොළඹවන්න. සමාජවාදී අධ්‍යාපනය කියන්නේ මොකක් ද? සමාජවාදී අධ්‍යාපනය කියන්නේ පුළුවන් තරම් උපාධි නම අගට එකතු කර ගැනීම නෙමෙයි. වැඩිපුර ආදායම් ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙන උපාධි පසුපස හඹා යාමත් නොවෙයි. කොටින්ම කියනවා නම් ලංකාවේ වර්තමානයේ තිබෙන තරගකාරී අධ්‍යාපනය දේහය ම නොවෙයි. මම හිතන්නේ සමාජවාදී අධ්‍යාපනයක් විය යුත්තේ මිනිසාගේ නිර්මානශීලිත්වයට ප්‍රමුඛස්ථානය දෙන එකක්. මිනිසුන් අධ්‍යාපනය ලැබිය යුත්තේ පුද්ගලයාගේත්, මිනිස් සමාජයේත්, සොබාද

උපුල්ගේ කුකුළු කූඩුවට ගිය රනිල්

Image
මේ ඔබේ දරුවාගේ පංතියයි හදිසි දොරටුව කොහිද? මේ සමග ඇති පිංතූරවල තිබෙන පංති කාමරය හෙවත් දේශන ශාලාවේ හැටි බලන්න. සිසුන්ට භාවිතාවට තිබෙන මේසයක පළල සෙන්ටිමීටර් කීය ද? වාඩි වෙන බංකුවක පළල සෙන්ටිමීටර් කීය ද? කෝ හේත්තු වන්නට ඇඳි. උපුල් ශාන්ත සන්නස්ගලගෙන් සිංහල උගත් පරපුරට සිංහල බැරි වන්නට එක් හේතුවක් මෙතැන තිබේ. මේ වනාහි කුකුළු කූඩු ය. රොටරි ශාලාවේ උපුල් ශාන්ත සන්නස්ගලගේ ටියුෂන් පංතියට ගිය රනිල් වික්‍රමසිංහ විසින් සිසුන් තුළ බලාපොරොත්තු දල්වන ලද අනාගතය තුළ මෙවැනි කුකුළු කූඩුවල දුක් විඳීමේ පාපයෙන් මිදෙන්නට ලංකාවේ ළමයින්ට අවස්ථාව ලැබේවා යි අපි පතමු. එසේම, ‍ජේසු ජීවමානයි පන්නයේ ඉන්ද්‍රජාලිකයන් වෙනුවට සැබෑ ගුරුවරුන් බිහි වේවා. බන්දුල ගුණවර්ධන සේ උපුල් ශාන්ත සන්නස්ගලත් ඔහුට සුදුසු තැනට ම යේවා. මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන ම

සුන්දර ඉංගිරිසි: හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී

Image
'හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලී' නම් ගීය මේ දිනවල ඉතා ජනප්‍රියයි. ටින්නෙක කියන්නේ සිංහල වුණ ඉංග්‍රීසි තත්සම වචනයක්. 'සැමන් ටින්නෙක වගේ' කියන උපමාව පාවිච්චි කරන්නේ තදබද වුණ පුංචි බස් ගැන කියන්නයි. සැමන්, සාඩින් කියන්නේ මාළු වර්ග වුණාට, ලංකාවේ අය නම් එමගින් අදහස් කරන්නේ ටින් කරන ලද මාළුයි. කිරි ටින්, පිටි ටින් එහෙමත් තියෙනවා. සමහර වෙලාවට ටින්නෙකට බෙලෙක්කෙ කියලාත් කියනවා. බෙලෙක් කියන වචනය අලුත් සිංහල වදනක්. එය කුමන භාෂාවකින් ආ එකක් ද කියා මට සොයා ගන්න බැරි වුණා. සාමාන්‍යයෙන් බෙලෙක් කියා කියන්නේ තහඩුවලටයි. රත්මලානේ බෙලෙක්කඩේ හන්දියක් තිබෙනවා. ටින් බෙලෙක්ක වැඩිපුර සම්බන්ධ වෙන්නේ කුස්සියත් එක්කනේ. කුස්සියේ තිබෙන ඇතැම් බඩු  වෙනුවෙන් යෙදෙන වදන්වල මුල් තිබෙන්නේ ඉංගිරිසියේ හෝ පෘතුගීසි, ලන්දේසි වැනි භාෂාවලයි. බෝතලය කියන්නේ bottle කියන ඉංග්‍රීසි වදනේ තත්භව ස්වරූපයක්. සමහර පැතිවල මෙයට බෝතුව කියාත් කියනවා. කේතලය නම් වදන සිංහලයට ආවේ ලන්දේසි බසින්. හැබැයි kettle නම් ඉංග්‍රීසි වදනත් මෙයට බොහෝ කිට්ටුයි. පෝච්චියත් ලන්දේසි බසින් ආ වදනක්. දීසිය කියන්නේ dish  නම් ඉංග්‍රීසි ව

සරසවි ආචාර්යවරුනි, උගන්නන්නට බැරි නම්, කාලකන්නිකම් නොකර අස් වෙලා යනු!

Image
ඉල්ලන්නේ ලේ ද එහෙනම් ගනිව් බොල රජරට විශ්වවිද්‍යාලයේ ළමයි උද්ඝෝෂණයක් කළ හ. ඒ පංති තහනම් කළ සිසුන් 28කගේ පංති තහනම ඉවත් කරවා ගන්නට ය. පංති තහනම් කරන්නට ඇත්ත‍ේ ද මොකක් හරි ජල්බරියක් නිසා ය. සාමාන්‍ය ජනතාව වන අපි ඕවා ගැන ඒ තරම් ඉන්ටරෙස්ට් නැත. ආණ්ඩුවේ ළමයි මේ උද්ඝෝෂණය පැවැත්වූ අට්ටාලයට කීප සැරයක් ම ගිනි තැබූ හ. විශ්වවිද්‍යාලයේ උප කුලපති ළමයාට හා සෙසු ආචාර්ය හා පරිපාලන ළමයින්ට මෙම ගැටළුව විසඳීමට බැරි විය. පුදුම විය යුතු නැත. මේ ළමයි බොහෝ දෙනෙක් දන්නේ තමන් ශිෂ්‍ය අවධියේ ලියා ගත් සටහන් ආපසු ළමයින්ට ලියා ගන්නට කියවන්නට පමණි. ගැටුම් කළමනාකරණය වැනි දේ ගැන වුව ඔවුන්ට තිබෙන්නේ පොත්වල ලියා ගත් සටහන් පමණක් විය හැකි ය.  පසුව ළමයි මේ ළමයින්ව කන්තෝරුවේ හිර කරගෙන ඉල්ලීම් ඉල්ලා සටන් කළ හ. ඒ වෙලාවේ විසඳුම් දෙන බව පොරොන්දු වූ ආචාර්ය ළමයි පසුව සරසවිය වසා දමා ළමයින්ව ගෙදර යැවූ හ. සරසවිය වසා තිබෙන එක හරි ජොලි ය. ළමයි ගෙදර ය. ආචාර්යවරු ඕමි බල බලා ජොලියෙ ඉන්නවා ය. ඔහොමම හිටපල්ලා යයි උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක කියයි. එහෙම තිබෙනකොට රජයේ විශ්වවිද්‍යාල අසාර්ථක බව පෙනේ. එය පෞද්ගලික  විශ්වවි

උන්ගේ යුද්ධය, උන්ගේ සාමය හා පලස්තීන ඊශ්‍රායල් ගැටුම

Image
ජුලි 22දා වන විට දෙසතියක පමණ සිට ගාසා තීරයේ ඇවිලී යන ඊශ්‍රායල් - පලස්තීන ගැටුම්වලින් පලස්තීන ජාතිකයෝ 600ක් පමණ මිය ගොසිනි. ඊශ්‍රායල් ජාතිකයෝ 29ක් මිය ගොස් සිටි අතර ඉන් 27දෙනෙක් ම සොල්දාදුවෝ ය. මෙම ගැටුම හේතුවෙන් මේ වන විට පලස්තීන ජාතිකයෝ ලක්ෂයක් පමණ ජීවත් වන්නේ අනාථ කඳවුරුවල ය. ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමග ම මායිම් ප්‍රදේශවල ජීවත් වන පලස්තීන ජනයාට ඉවත් වන ලෙස දැනුම් දී තිබේ. අවුරුදු කීපයකට වතාවක් තමන්ට මෙසේ ගෙවල් දොරවල් හැර දමා මෙසේ අනාථ කඳවුරුගත වන්නට සිදු වන බව පලස්තීන වැසියෝ පවසති. ඊශ්‍රායලයත්, පලස්තීනයත් අතර මෙවර ගැටුම ඇති වූයේ මිනීමැරුමක් මුල් කරගෙන ය. එහෙත්, ඒ මිනීමැරුම අඬන්න සිටි අයගේ ඇහැට ඇඟිල්ලෙන් ඇනීමක් විය. අඬන්නට සිටියේ කවුරුද? ඇත්තෙන්ම, ඊශ්‍රායල් රජයට හා ගාසා තීරයේ බලය හිමි හමාස් සංවිධානය යන දෙකටමත් මෙම යුද්ධය අවශ්‍ය වී තිබුණු බව පෙනේ. ගැටුම් නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය කළ ඉල්ලීම නො තකා හරිමින් දෙපාර්ශ්වය ම එකිනෙකාට පහර දී ගැනීම හා ඒ පසුබිමේ කියැවෙන කතාවලින් ඒ බව ඔප්පු වේ. ගාසා තීරය මායිම් වන්නේ ඊජිප්තුවට හා ඊශ්‍රායලයටයි. 1967 වසරේදී

MH 17 ගුවන් යානය බිමහෙළීම රුසියාවේ 9/11ද?

Image
ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගනිමින් තිබූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH 370 නම් ගුවන් යානය අතුරුදහන් වූයේ පසුගිය මාර්තු 8දා ය. යානයට හා එහි ගමන් ගත් මගීන් හා කාර්ය මණ්ඩලයට අයත් 239 දෙනාට සිදු වූ දෙය තවමත් අභිරහසකි. මැලේසියානු ගුවන් සේවයට අයත් MH 17 ගුවන් යානය කාර්ය මණ්ඩලය හා මගීන් ඇතුළු 298ක පිරිසක් සමග ජුලි 17දා ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් බලා පියාසර කරමින් සිටියදී ගිනිකොණදිග යුක්රේනයට කඩාවැටුණේ මිසයිල ප්‍රහාරයකිනි.  මැලේසියානු ගුවන් යානය වෙඩි තබා බිම හෙළුවේ නැගෙනහිර යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයේ රුසියානු බස කතා කරන ජනයා අතර මුල් බැසගෙන සිටින බෙදුම්වාදී සංවිධානය විසිනි. රුසියානු සම්භවයක් ඇති මේ ජනයාගේ හිමිකම් වෙනුවෙන් රුසියාව පෙනී සිටින අතර යුක්රේන් රජය සමග සටන් කිරීම සඳහා රුසියාව ඔවුන්ට යුද ආධාර ද පිරිනමයි.  ඩොන්බාස් මහජන මිලීෂියාවේ කැරැල්ල යුක්රේනයේ දකුණුදිග හා නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාප්ත වී තිබෙන යුක්රේන රජයට එරෙහි රුසියාවට පක්ෂපාත උද්ඝෝෂණවල කොටසකි. රුසියාව මේවාට ආධාර කරයි. කලින් සෝවියට් සමූහාණ්ඩුවේ කොටසක් ලෙස රුසියාව සමග සමීපව පැවති යුක්රේනය බටහිර පක්ෂපාතී රජයන්

රජපක්ෂ ක්‍රමය වෙනස් කරන සටන ඇරඹේ

Image
Image Credit: Twitter/  Azzam Ameen රාජපක්ෂ ක්‍රමය මේ රටේ ඇති ගැටලුවලින් ප්‍රධාන ගැටලුවකි. ඒ ගැටලුවට විසඳුම් සෙවූ පමණින් සියලු ගැටලුවලට විසඳුම් ලැබෙන්නේ නැත. එහෙත් රාජපක්ෂ ක්‍රමයට අභියෝග කිරීම අතිශය දේශපාලනික ය.  රාජපක්ෂ ක්‍රමය යනු කුමක් ද? රාජපක්ෂ ක්‍රමය නිර්මානය වන ප්‍රධාන කුළුණු හතරක් තිබේ.  එකක්, ගෝඨාභ‍යගේ මිලිටරි ආඥාදායකත්වය හා කොලොම්පුර පොදු අවකාශ නිර්මානයයි. එහි මූලික ලක්ෂණය ප්‍රජාතන්ත්‍ර විරෝධයයි. දෙවැන්න, බැසිල්ගේ සංවර්ධන චින්තනයයි. එය එක අන්තයකින් කැසිනෝකාරයන් පසුපස යාම හා අනෙක් අන්තයෙන් දිවිනැගුම නම් නාස්තිකාරදිළිඳුකම දුරලීමේ වැඩසටහන විසින් නිරූපණය වන රටේ ආර්ථිකය මත සිටුවන ලද පිළලයකි. චීන ආයෝජන මෙහි ප්‍රාණ නාලියයි. දූෂණය එහි ආත්මයයි. තෙවැන්න, නාමල් බේබිගේ රාත්‍රී මෝටර් රේස්වලින් නියෝජනය වන සෙල්ලක්කාර නාස්තිකාරවාදයයි.  සිව්වැන්න, මහින්ද රාජපක්ෂ විසින් නියෝජනය කරනු ලබන අයහපාලනයයි. ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය බල්ලාට දමන, ඥාති මිත්‍ර සංග්‍රහය උත්කර්ෂයට නගන, ප්‍රජාතන්ත්‍රවාදයට ඔච්චම් කරන, දූෂණය රජ කරවන පාලන ක්‍රමවේදයයි.  රාජපක්ෂ ක්‍රමය වෙනස් කළ යුතු යයි අප කියන්න

No More July සුහද හමුව හා දෙමළ ඩයස්පෝරාවේ ප්‍රගතිශීලියෝ

Image
රතිඤ්ඤා ඇඳුම - බන්දු මනම්පේරි Please reconsider your position on the Tamil diaspora. In your articles you paint the diaspora with a broad brush labeling them as separatists. The Tamil diaspora represent many views, there is a significant group who seek autonomy within United Sri Lanka. The majority is for a federal sort of solution. So it's unfair and inaccurate to label everyone as separatists. Can we label all Sinhalese as racists or anti-Tamil? මේ දෙමළ ඩයස්පෝරාව පිළිබඳ අප දක්වන ලද අදහස් පිළිබඳ මතු කරන ලද විවේචනයකි. දෙමළ ඩයස්පෝරාව ‍තුළ බොහෝ දර්ශන ඇති බවත්, එක්සත් ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පාලනයක් ‍වෙනුවෙන් පෙනී සිටින සැලකිය යුතු කණ්ඩායමක් එහි සිටින බවත්, එහි බහුතරය ෆෙඩරල් ස්වරූපී විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ නිසා, දෙමළ ඩයස්පෝරාවේ සියලු දෙනා බෙදුම්වාදීන් ලෙස නම් කිරීම අසාධාරණ හා වැරදි සහගත බව ඉන් කියැවේ. සියලු සිංහලයන් ජාතිවාදීන් හා දෙමළ විරෝධීන් ලෙස සැලකිය හැකි ද යන්න ද මෙම අදහස් දක්වන අය විමසති. කිසියම් සමාජයක අදහස් පද්ධතියේ පොදු නියෝජනයන් හෝ ප්‍රකාශනයන් ලෙස අපට

ඉතිහාස මළ විකාර මැද කොස්තාපල් පුන්‍යසෝම

Image
පසුගිය දිනෙක මා ඉන්ටනෙට් කැෆේ එකක සිටියදී එහි පැමිණි අයෙක් එහි කොස්තාපල් පුන්‍යසෝම හොර වීඩියෝ එක තිබේදැයි විමසනු ඇසිණි. එවැනි හොර වීඩියෝ පටි ගැන දන්වන අයට තෑගි දෙන බවට පත්තරවල දැන්වීම් ද පළ වේ. ඉවත් කිරීමට පෙර හොරෙන් කොස්තාපල් පුන්‍යසෝම බලන්නැයි කියන ව්‍යාජ සබඳතා සමාජ ජාල වෙබ් අඩවිවල බෙදා ගැනේ. මේ රටේ කලා ශිල්පීන් රඟපාන, මේ රටේ නිපදවන ලද චිත්‍රපටයක් මුදල් ගෙවා චිත්‍රපට ශාලාවකින් බලන්නට තරම් නිර්ලෝභී මිනිසුන්සොයා ගැනීම කෙතරම් දුෂ්කර ද යන්න මට තේරුම් ගියේ කොස්තාපල් පුන්‍යසෝම බලන්නට චිත්‍රපට ශාලාවට ගිය විට ය. මේ තරම් ජනප්‍රිය කොස්තාපල් පුන්‍යසෝම බලන්නට සිටියේ දහදෙනෙක් පමණි.  ඉතිහාස කෝලම් සිනමා රැල්ල ඇතැමෙක් හඳුන්වන්නේ ජාතිකවාදී සිනමා රැල්ල කියා ය. එත්, අපේ ජාතියේ අය ඒ චිත්‍රපටවලත් බලන්නේ හොර වීඩියෝවයි. රෙද්දෙ ජාතිකවාදය කියන්නේ මේවාට ය.  ආණ්ඩුවේ අනුග්‍රහය ලබමින් ඉතිහාසය වමාරා කන ජාතිවාදී සිනමා රැල්ලක් මැද කොස්තාපල් පුන්‍යසෝම වැනි චිත්‍රපටයක් නිර්මානය වීමත් ලොකු දෙයකි. එහෙත්, මුළු චිත්‍රපටය පුරාම දකින්නට ලැබෙන්නේ ලංකාවේ කතාකරුවන්ගේ පොදු දුර්වලතාව වන කතාවක් ගොතා ගැනීමේ නො හැකියාව

විජයාවතරණය, මහින්දාගමනය, පෘතුගීසීන්ගේ පැමිණීම හා 1983 කළු ජූලිය

Image
අසූ තුනේ කලු ජූලියට 31 වසරක් සපිරෙයි. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ අනුග්‍රහය ලද සිංහල ජාතිවාදියෝ එදා ඒ දෙමළ සංහාරය කළේ සමස්තයක් ලෙස සිංහල සමාජයේ කැමැත්ත පරිදි ය. සිංහලයෝ බහුතරයක් දෙනා එය අනුමත කළ හ. එයට එරෙහිව නැගී සිටියේ අතළොස්සකි. හැබැයි, පසු කලෙක නම් සිංහල කලා නිර්මානවල සිටිය තරමක් සිටියේ දෙමළුන් සඟවාගෙන රැක ගත් උදාර සිංහලයෝ පමණි. මා සිතන පරිදි එය ‍වරදකාරී හැඟීමේ ප්‍රකාශනයකි. 1983 ලාංකීය දේශපාලනයේ සන්ධිස්ථානයකි. දෙමළ සන්නද්ධ අරගලය නැගලා යන්නට පටන් ගත්තේ එයින් පසුව ය. එසේම, සංවර්ධිත රටවල දියුණු ජීවිත සොයා මහා පරිමාණ දෙමළ සංක්‍රමණයක් ආරම්භ වූයේ ද එතැනිනි.  එසේම, සිංහල ජාතිවාදය හා දෙමළ හා සුළු ජාතික විරෝධී යුද්ධය ලංකාවේ ප්‍රධාන රාජ්‍ය භූමිකාව බවට පත් වූයේ ද එතැන් සිට ය. මෙය කෙතරම් ගැඹුරු දේශපාලනික අවශ්‍යතාවක් ද යත් යුද්දෙ නැතිව ඇත්තට ම අපට පාළු ය. 2009න් පසු අපි මුස්ලිමුන් අල්ලා ගත්තේ ඩයස්පෝරාව සමග කරන යුද්ධය අපේ ඇඟට නො දැනෙන නිසා ය. අැඟට දැනෙන යුද්ධයක් නැතිව අපට දැන් ජීවත් වන්නට බැරි ය. 83 කළු ජූලිය හා එ් සමග කුළුගැන්වුණු තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව හා වැන

No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක්

Image
No More July!!!! ජුලි කලුවරට එරෙහිව ස්වයං ආලෝකයක් දල්වන්න ජූලි 23 වන දා සවස 3 ට විහාර මහා දේවී එලිමහන් රංග පීඨයට එන්න! නැවතත් ජුලි මසක් එළඹ තිබේ. මේ, පසුගිය වසර 31 පුරා සිදුවූවාක් මෙන්ම ඉතිහාසය අපට අභිමුඛ වන මොහොතයි. ලාංකිකයින් ලෙස, එක් ජාතියක සිය සහෝදර ජනතාවට එරෙහිව මනුෂ්‍යත්වයේ සාධකය මඟ හැර වෛරයේ අඩයාලම සළකුණු කළ ස්ථානය ලෙස 1983 ජුලි 23 වැනි දිනය ඉතිහාසයට එක්වෙයි. මිනිස් ජීවිත, දේපළ මතු නොව විශ්වාසය ද සහෝදරත්වය ද මිනිස් බැඳීම් ද ශූන්‍ය කළ ඒ අඳුරු දින කිහිපය රටක් ලෙස අප රැගෙන ගියේ තිස් වසරක සිවිල් යුද්ධයකට ය. එය හුදු යුද්ධයක් ලෙස පමණක් නිර්වචනය කළ නොහැකි වන්නේ ඒ තුළ ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය ද , සුවහසක් සිහින සහ බලාපොරොත්තු ද ඉපදුණ පොළවෙහි ජීවත් වීමේ අයිතිය ද නිර්දය ලෙස පැහැර ගැණුනු නිසාවෙනි. ජාතිවාදය විසින් නිරන්තරයෙන් පෝෂණය කරනු ලබන සමාජ දේශපාලනික යාන්ත්‍රණයක ගොදුරු බවට පත්ව ඇති ලංකේය පුරවැසියාට එම යාන්ත්‍රණය විසින් සියලු ජනමාධ්‍යයන් සහ ක්‍රමවේදයන් හරහා යෝජනා කරමින් සිටින්නේ වර්ගවාදය පදනම් කර ගනිමින් අනෙකා අපායට පිරිහෙළිය යුතු බවයි. එබඳු අන්තවාදී සංස්කෘ

සිංහලයාගේ ප්‍රශ්නය - 2

Image
(සිංහලයාගේ ප්‍රශ්නය - 1   ලිපිය මෙතැනින් කියවිය හැකි ය.) සිංහල බෞද්ධයන් ආරක්ෂා කර ගන්නට නම් රටේ සෙසු ජාතීන් ද ආරක්ෂා කර ගත යුතු බව ගම්පොළ පැවති රැස්වීමකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. ලංකාවේ බෞද්ධ ආගමික අන්තවාදී ව්‍යාපාර නිරන්තරයෙන් ම විකුණන්නේ සිංහල බෞද්ධයාට ලෝකයේ වෙනත් රටක් නැති බව හා නුදුරු අනාගතයේදී ම සෙසු ජාතීන් විසින් සිංහල බෞද්ධයා මෙම දිවයිනේ සුළුතරයක් බවට පත් කරනු ඇති බව ය. මේ බිය නිර්මානය වීමට මූලික හේතුව වන්නේ මුස්ලිම් ජනයාගේ ජනගහණ වර්ධන වේගය සෙසු ජාතීන්ට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීමයි. මුස්ලිම් ජනගහණයේ වර්ධන වේගය අනුව, වැඩියෙන් ම තර්ජනයට ලක් වන්නේ සිංහලයෝ නොව, දෙමළ ජාතිකයෝ ය. මන්ද, යුද්ධයේ හා මහා පරිමාණ සංක්‍රමණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ ජාතියේ ජනගහණ වර්ධන වේගය ඉතා අඩු බැවිනි. ලංකාවේ ජනගහණ වර්ධනය පාලනය කළ යුතු ය. එකී පාලනය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතිය ද සංවේදී විය යුතුව තිබේ. තව වසර සිය ගණනකින් හෝ මුස්ලිමුන් ජනගහණයෙන් තමන් පසු කර යනු ඇතැයි බියක් ඇතිනම් සිංහලයන් විසින් කළ යුතුව තිබෙන කාර්යය වන්නේ අතීතයේදී කළාක් මෙන් එක්කෝ මුස්ලිමුන් තම ජනවර්ගය තුළට අවශෝෂණය ක

චන්ද්‍රපුෂ්ප පරවුණා ද? පරවුණ මල් යළි පිපේ ද?

Image
නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරිය; දූෂණයට ලක් වූ රුසියානු කාන්තාව බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයකු මරා දැමීම හා ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීම සම්බන්ධයෙන් තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණ විසි වසරක සිර දඬුවමකට ලක් විය. මෙය හැඳින්වෙන්නේ ලොවම බලා සිටි නඩු තීන්දුවක් ලෙස ය. තීන්දුවෙන් පසු ලෝකය අහක බලා ගන්නටත් ඉඩ තිබේ. එහෙත්, මෙම නඩු කටයුත්ත අවසන් වී නැත. මෙම දණ්ඩනය තහවුරු වී නැත. තීන්දුවට එරෙහිව අභියාචනා කරන බව විත්තියේ නීතිඥවරු පැවසූ හ. නඩු විභාගය තරමට ම මෙම අභියාචන විභාගය ද වැදගත් ය. අලුත් සිද්ධි සිදු වී මේ අපරාධය යටපත් වේ ද? අභියාචනා නඩු විභාගය පිළිබඳ ජනමාධ්‍ය අ‍වධානය දිගට ම රැඳී පවතී ද? ලෝකය අහක බලා ගනීවි ද? සම්පත් චන්ද්‍රපුෂ්පගේ ඉරණම තීන්දු වන්නේ මෙකී කාරණා මත ය. ඔහු යළි නිදහස් වී ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කරන්නට එක් වන්නේ කවදා ද? අභියාච‍නයෙන් නිදහස් වී ද? නැතිනම් ජනාධිපති සමාවකින් ද? නැතිනම් ජනාධිපතිට ඔහුත් තවත් එක් කොන්ඩොමයක් පමණක් වෙයි ද? මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න ඔබගේ අදහස් අපි මහත් සේ අ

පලස්තීන අර්බුදය මතුපිටින් නොව ගැඹුරින්

Image
පලස්තීනය නැවතත් යුද පිටියක් වී තිබේ. ගාසා තීරයේ ඉස්ලාම් අන්තවාදී හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර බොහෝ විට උඩදී ම විනාශ කරනු ලැබේ. එයින් සිදු වන හානිය අවම ය. එහෙත්, ඊශ්‍රායලය විසින් එල්ල කරනු ලබන ප්‍රතිප්‍රහාරවලින් පලස්තීන ජනයාට සිදු වන හානිය අති මහත් ය. කුඩා දරුවන් ඇතුළු සිය ගණන් පලස්තීන ජනයා මේ ප්‍රහාරවලින් මිය යති.  ප්‍රහාරවලට ලක්ව මිය ගිය දරුවන්ගේ හා වැළපෙන මිනිසුන්ගේ ඡායාරූප මේ දිනවල ලොව පුරා බෙදා හැරෙමින් තිබේ. එසේ කරන්නේ පලස්තීන ජාතිකයන් කෙරෙහි ලෝකයේ අනුකම්පාව දිනා ගන්නට ය. ඊශ්‍රායල් හා ඇමරිකන් විරෝධය කුළුගන්වන්නට ය. එහෙත්, මේ වන විට ලෝකය ඇති තරම් පලස්තීනයට අනුකම්පා කර තිබේ. කොටින් ම ලංකාවේ ජනාධිපති පවා පලස්තීනයට අනුකම්පා කරයි.  එහෙත්, මේ අනුකම්පාවන්ගෙන් සිදු වන කිසිවක් තිබේ ද? නැත. පලස්තීන වැසියන්ට අවශ්‍ය වන්නේ සාමයයි. ආරක්ෂාවයි. ඔවුන්ට නො ලැබෙන්නේ ද එයයි.  පලස්තීන ප්‍රශ්නය වැනි ප්‍රශ්න උග්‍ර වීමට එක් හේතුවක් වන්නේ ලෝක බල දේශපාලනික උවමනාවන් ඔස්සේ මෙම ප්‍රශ්නය විග්‍රහ වීමයි. ඊශ්‍රායලය පවතින්නේ ඇමරිකානු ආරක්ෂාව මත බව ඇත්තකි. අැමරිකාව ලෝකය මත පතුරුවන ආධි

රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් රෙදි නැතිව අපිත් පාරේ

Image
ආණ්ඩුව රාජ්‍ය නොවන සංවිධාන මර්දනය කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගවලට එකහෙළා විරෝධය පළ කරමු. මේ මොහොතේ ආණ්ඩු විරෝධී අරගලයේ ප්‍රධාන බලවේගය රාජ්‍ය නොවන සංවිධාන බව විපක්ෂයට නැති විරෝධයක් රාජ්‍ය නොවන සංවිධානවලට එල්ල වීමෙන් පෙනේ. රාජ්‍ය නොවන සංවිධාන විසින් මතු කරනු ලබන දූෂණයට, මානව හිමිකම් උල්ලංඝනයන්ට, ප්‍රකාශනයේ නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ කාරණා ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.  එහෙත්, ඒ සමගම මේ ටිකත් ලිවිය යුතු ය. රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් පෙනී සිටීමට බැරි හිරිකිතයක් දීර්ඝ කාලීන සමාජ ක්‍රියාකාරිකයකු ලෙස රාජ්‍ය නොව සංවිධාන ඇසුරු කළ අයකු ලෙස මට තිබේ.  රාජ්‍ය නොවන සංවිධාන තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී අභ්‍යන්තර ව්‍යූහයක් රජයටවත් නැත.  රාජ්‍ය නොවන සංවිධාන තුළ තරම් ඥාති සංග්‍රහ, පවුල්වාදයන්, කට්ටිවාදයන් රාජපක්ෂ පවුලේ හෝ ආණ්ඩුවේවත් නැත. රාජ්‍ය නොවන සංවිධානවල තරම් වැඩවසම් ස්වාමි සේවක සම්බන්ධතා පැරණි වලව්වලවත් නැත.  රාජ්‍ය නොවන සංවිධානවල තරම් දූෂිත මුදල් ගනුදෙනු මුදල් අමාත්‍යාංශයේවත් නැත.  රජ පැටව්වත් රාජ්‍ය ‍ න ොවන සංවිධාන තරම් මහජන මුදල් නාස්ති කරන් න ේ නැත.  රාජ්‍ය නොව

සිංහලයාගේ ප්‍රශ්නය - 1

Image
මගේ ලාංකික කොඩිය වාමාංශික අපි බොහෝ දෙනෙක් දෙමළාගේ හෝ මුසල්මානයාගේ ප්‍රශ්නය ගැන බෙහෙවින් සංවේදී වන්නෙමු. එහෙත්, අපි සිංහලයාගේ ප්‍රශ්නය ගැන එපමණ ම සංවේදී ද? සිංහලයාගේ ප්‍රශ්නය? සිංහලයාට මොන ප්‍රශ්නයක්දැයි අසන අයත් සිටිති. ලංකාව සිංහල ආධිපත්‍යයෙන් යුත් රාජ්‍යයකි. එහි විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, හමුදා, පොලිස්, රාජ්‍ය, පළාත් පාලන පමණක් නොව භාෂා, සංස්කෘතික ආදී සෑම සියලු ක්ෂේත්‍රයක ම ආධිපත්‍යය ඇත්තේ සිංහලයන්ට ය. වෙනෙකක් තබා සිංහල කම්කරුවන්ට ගෙවන වැටුප දෙමළ කම්කරුවන්ට වඩා වැඩි වන අවස්ථා පවා තිබේ. එහෙව් රටක සිංහලයන්ට මොන ප්‍රශ්නයක් ද?  සිංහලයන්ට තිබෙන ප්‍රශ්නය වන්නේ මේ ආධිපත්‍යය ගිලිහී යාම පිළිබඳ ඇති බියයි. ආධිපත්‍යවාදය ප්‍රජාතන්ත්‍රවාදී නැත. එහෙත්, වත්මන් ලෝකය ආධිපත්‍යවාදයන් ප්‍රතික්ෂේප කරමින් ප්‍රජාතන්ත්‍රවාදය අගයයි. එවැනි සංදර්භයක් තුළ සිංහලයාට ද ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කරමින් ලෝකය සමග පැවතිය නො හැකි ය. සිංහලයාට ප්‍රජාතන්ත්‍රවාදය ගැටලුවක් වන්නේ සුළු ජාතීන්ට ද ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්නට සිදු වූ විට ය. සුළුතර පාතීහු ජාතික හිමිකම ඉල්ලා සිටිති. දේශපාලන බලය වෙනුවෙන් සට

මුස්ලිමුන් අතහැර දෙමළුන් සමග පැටලීමට චන්ද්‍රසිරි යළි ආණ්ඩුකාරයා කිරීම

Image
G.A. (Government Agent) චන්ද්‍රසිරි හා මහ ඇමති විග්නේශ්වරන් ආණ්ඩුවට ජාතිවාදය නැතිව බැරි ය.හරියට යුද්දෙ නැතිව පාළුයි වගේ ය.  මුස්ලිම් වතුර කොරහේ ජිහාඩ් කිඹුලන් මැරීමේ මෙහෙයුම බේරුවලින් කූටප්‍රාප්තියට පැමිණියේ ය. ආණ්ඩුවට කඩේ යන ඇමති හකීම් කියන්නේ මුස්ලිමුන් ආර්ථික වශයෙන් මර්දනය කිරීමේ උත්සාහයක් ඇති බවයි.  අපට හකීම් ඇතුළු බහුතරයක් මුස්ලිමුන්ට කියන්නට තිබෙන්නේ තව කඩේ පලයව් කියන එක ය. සිංහලයන්ට කියන්නට තිබෙන්නේ මුස්ලිමුන් ව්‍යාපාරික වශයෙන් මර්දනය කරන්නට උත්සාහ කිරීම යනු අනෙකක් නොව ලංකාවේ ආර්ථිකයට ඇණ තැබීම ම බවයි. ආණ්ඩුව ඔය පම්පෝරි ගහන ආර්ථික වර්ධන වේගය ඇති වන්නේ මේ රටේ සියලු ජාතිවල, ආගම්වල මිනිසුන් යෙදෙන ආර්ථික ක්‍රියාවලි හේතුවෙනි.  ලංකාවට ඍජු විදේශ ආයෝජන ලැබීම තවත් අඩු වන්නට ද මෙම තත්වය ඉවහල් වනු  ඇත. ලංකාවේ පුරවැසියන්ටවත් සිය ආයෝජනවල ආරක්ෂාව සහතික විය නො හැකි සංදර්භයක් තුළ විදේශිකයෝ ආයෝජන රැගෙන මෙහි ඒවි ද?  ලංකාවේ ආණ්ඩුවේ අනුග්‍රහය ලබන අන්තවාදීහු ආයෝජකයන්ට පමණක් නොව සංචාරකයන්ට පවා අනතුරුදායක තත්වයක් නිර්මානය කර තිබේ. එහෙත්, පාලක පවුලට මේ සියල්ලට වඩා වැදගත් වන්නේ පවුලේ බලය රැ

ෆේස්බුක්හි වයිරල් වුණ විකල්ප මිනිසකුගේ කතාව

Image
අන්තර්ජාලයේ සාමාන්‍යයෙන් වයිරල් වන දේවලට වඩා වෙනස් දෙයක් වයිරල් වී තිබෙනු දුටුවා. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කතා වයිරල් වීම සුලබයි. ඒත්, බොහෝ දෙනෙක් මේ වීඩියෝව ෆේස්බුක්හි බෙදාගෙන තිබුණේ මේ කතා කරන පුද්ගලයා කවුරුදැයි නො දැනයි. එහි පළ වූ අදහස් දැක්වීම් අතරේ මම මෙම පුද්ගලයා රජරට සේවයේ ප්‍රේම රංජිත් විජේවික්‍රම බව කියා පළ  කළ අදහසටත් 26දෙනෙක් කැමැත්ත පළ කර තිබුණා. මේ වීඩියෝව බෙදාගෙන තිබෙන සංඛ්‍යාව 4600ටත් වැඩියි. කැමැත්ත පළ කර ඇති සංඛ්‍යාව1200කට ආසන්නයි. අදහස් 260කට වඩා පළ කර තිබුණා. මේ කතා කරන්නේ දැනට කොළඹ ගුවන් විදුලියේ සංගීත පාලක ලෙස සේවය කරන ප්‍රේම් රංජිත් විජේවික්‍රම. මට ඔහු මුලින් ම හමු වුණේ රජ‍රට සේවයේ කෙටි කලක් නිවේදකවරයකු ලෙස සේවය කරද්දීයි. එක් සේවා මුරයක මා නිවේදකව සිටියදී ඔහු ක්‍රියාකාරී සහායක ලෙස වැඩ කළා මට මතකයි. එතකොටත් ඔහු රජරට සේවයේ සංගීත පාලක.  ප්‍රේම් රංජිත් විජේවික්‍රම තමයි, දැන් සුනිල් එදිරිසිංහ ගායනා කරන, මහින්ද චන්ද්‍රසේකර ලියූ ප්‍රසිද්ධ ගීයක් වන 'පැන මඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ' ගීය මුලින් ම ගායනා කළේ. තනුව වෙනස්. ඒ පටිය තවමත් රජරට සේවය