පවුලට එරෙහිව රට එකට පූට්ටු වීම හෙවත් රජ පවුලේ මුක පූට්ටු වීම

පවුල කියන්නේ මේ ඔහෙලාගේ අපේ මායියා නො වේ. රජ පවුල යයි සිතා සිටින රාජපක්ෂ පවුල ය. ඕනෑම මණ්ඩලයක මෙන් මේ පවුලේ ද කචල් ඇත. එහෙත්, මොන කචල් තිබුණත් රටට එදිරිව මේ පවුල එකට ය. ඒ නිසා පවුලේ ආරාවුල් ඇති වන තෙක් බලා ඉඳීම වනාහි එළුවාගේ ඇට කුට්ටම වැටෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුපස ගෑටීම වගේ ය.

එහෙත්, පවුලට එරෙහිව රට එකතු වන්නේ නැත. අවුල තිබෙන්නේ එතැන ය. ඒ අවුල රජ පවුලේ සොමිය වේ. එහෙත් දැන් නම් කමිං කලර්ස් නෝ ගුඩ් පුතා ය කියා තාත්තා පුතාට කියා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙවෙනි පෙළ සදාකාලිකව ම පවුලට සෙකන්ඩ් වී සිටිනු ඇතැයි සිතනවා නම් ඒ හ‍ඳේ තමා ය. ඒ නිසා තාත්තා තුන්වරක් ජනාධිපති චක්කරය කරකවා ඊට පසු බාප්පලා පුතාලා කොරන්නට හිතාගෙන ඉන්නවා නම් දැන් ටිකක් ඒ පැලෑන අවුල් සහගත වෙමින් තිබේ.

යා දෙක නො රත රත වගේ හිටපු ‍අය දැන් රජ පවුලට එරෙහිව පූට්ටු වෙමින් සිටිති. නිමල් සිරිපාල හා මෛත්‍රීපාල පූට්ටු වෙලා ය. විමල් හා චම්පික පූට්ටු වෙලා ය. රතනලා රාජිතලාත් පූට්ටු වෙලා ය. අලුත් ම ආරංචිය අනුව රනිල් හා සජිතුත් පූට්ටු වෙන්න කිට්ටු ය.

මේ අය පූට්ටු වෙමින් ඉන්නේ විධායක ජනාධිපතිගේ තටු කැපිල්ල ඉස්සරහට දමාගෙන ය. ඇයි යකෝ, ඔරිජිනල් ව්‍යවස්ථාවේ තිබුණු විධායක ආතල් එක ගත හැක්කේ තුන්පාරක් පමණ ය කියන කෑල්ලත් කපා දැමූ පසු රජ පවුලට පමණක් නොව අනෙක් කාට කාටත් සොරි ම තමා නො‍වැ. 

මෙහෙම පූට්ටු වීගෙන වීගෙන ගියොත් රජ පවුලට මුක පූට්ටු වනු ඇත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. කවුරු පූට්ටු වුනත් අන්තිමට ජනතාවට නම් මුඛ පූට්ටුය

    ReplyDelete
  2. මේ වන විටත් හුදී ජනයා ගේ මේ කියන මුඛ පූට්ටු විතරක් බේරී නැත සැබෑම මුඛය ද මූට්ටු වී ඇති ගානය
    කන්නත් නැ බොන්නත් නෑ.වතුර බිල දැක්කම නාන්නත් බෑ

    ReplyDelete
  3. මේ ලිපිය ලියා තිබෙන්නේ අජිත් පැරකුම් නොවේ. ඒ නිසා වෙන අයත් එක්ක බෙදාගැනීමෙන් වළකින්න.

    ReplyDelete
    Replies
    1. එහෙනම් කවුද මේක ලියුවෙ?

      Delete
    2. හරක්! ලියපු එකා ගැන හොයන්නෙ නැතුව, ලියල තියෙන දේ ගැන කතා කරපල්ල. මහින්දයට අන්තිමේදි, එකට ඉන්න උන් ටිකවත් නැති වෙයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා