ප්‍රජාතාන්ත්‍රික සමාජයක නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ විය හැකි ද?

ලංකාවේ ඇතැම් විනිසුරුවරු තවමත් හිතාගෙන සිටින්නේ තමන් නඩුකාර හාමුදුරුවරුන් ය කියා ය. 

අධිකරණ බලතලවලට මුවා වෙමින් ඔවුන් කරන ඇතැම් ක්‍රියා අයත් වන්නේ කුමන නීතියට ද යන්න බරපතල ගැටලුවකි. 

විනිසුරුවරුන් යනු නීතියට ඉහළින් සිටින පිරිසක් නො වේ. 

ලංකාවේ නීතිය ප්‍රකාරව විනිසුරුවරුන් විසින් දෙනු ලබන නඩු තීන්දු සම්බන්ධයෙන් ඔවුන් වගකිවයුතු බවක් පෙනෙන්නේ නැත. මන්ද, ඉහළ අධිකරණයකින් එම නඩු තීන්දුව වැරදි බව ප්‍රකාශයට පත් කළ විට පවා, අදාළ නඩු තීන්දුව දුන් විනිසුරුවරයාට ඒ පිළිබඳ වගකීමක් පැවරෙන්නේ නැත. එහෙත්, නඩු තීන්දුවක් වැරදි ය කියන්නේ එතැන නීති විරෝධී දෙයක් සිදු වී තිබෙන බව නො වේ ද? නීති වි‍රෝධීව කටයුතු කරන කවරෙක් වුව ද දණ්ඩනයට ලක් විය යුතු ය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යනු නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ පන්නයේ වැඩ සිදු විය හැකි තැනක් නො‍වේ. 

රාවය පුවත්පතේ පළ වූ පහත සඳහන් වාර්තාවෙන් හෙළිදරව් වන්නේ අධිකරණ පරිශ්‍රයන් තුළ ඇති පීඩනයේ තවත් පාර්ශ්වයකි. 

තම සේවාදායකයාට යුක්තිය ඉටුකරවා ගැනීමට අධිකරණයෙන් කළ ඉල්ලීමක් ඉවත දමා තම නීතිඥ වෘත්තිය මාස 6කට අත්හිටුවන බවටත්, මාස 6කට රිමාන්ඩ් භාරයට පත් කරන බවටත් මහේස්ත්‍රාත්වරයකු විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේයැයි නීතිඥවරියක විසින් අධිකරණ‍ සේවා කොමිසමටත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයටත් පැමිණිල්ලක් ඉදරිපත් කර තිබේ.
මොරටුව මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා ට එරෙහිව මෙසේ පැමිණිලි කර ඇත්තේ මොරටුව අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන බෙන්ෂි මෙන්ඩිස් මහත්මිය යි.
මොරටුව මහේස්ත්‍රාත් වරයා ඉදි‍රියේ විභාග වූ නඩුවකදී, සේවාදායකයා වෙනුවෙන් කළ ඉල්ලීම පසෙක දමා, තමා රිමාන්ඩ් කරන බව කී අරවින්ද පෙරේරා මහේස්ත්‍රාත්වරයා, ඒ අවස්ථාවේ අධිකරණයේ සිටි රිමාන්ඩ් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තමන් ළගට කැදවූ බව, පැමිණිල්ල ඇතුළත් දිව්රුම් ප්‍රකාශයෙන් ඇය කියා සිටී.
එදිනම තවත් නඩුවකට විත්තිකරුවකු වෙනුවෙන් පෙනී සිටි අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා, මින් පසු අධිකරණයේ පෙනී නොසිටින ලෙසත්, තමාගේ ඉල්ලීම් කෙරෙහි ඇහුම්කන් නොදෙන බවත් පැවසු බවද ඇගේ පැමිණිල්ලේ සදහන් වෙයි.
මොරටුව මහේස්ත්‍රාත්වරයා පිළිබද එවැනි පැමිණිල්ලක් ලැබී ඇති බවත්, ඒ පිළිබද පරීක්ෂා කිරීමට කමිටුවක් පත් කිරීමට නියමිත බවත් නීතිඥ සගමයේ ලේකම් අජිත් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
මීට පෙරද අරවින්ද පෙරේරා විනිසුරුවරයාට එරෙහිව, බැංකු ණය ලබාගෙන් ඒවා නොපියවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, එම චෝදනා සලකා බැලූ එවකට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකගේ සභාපතිත්වයෙන් යුත් අධිකරණ‍ සේවා කොමිසම ඔහුගේ සේවය අත්හිටුවන ල‍දී.
මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ධුරයට පත්වූ පසු, ඔහු නැවතත් සේවයේ පිහිටුවනු ලැබිණි.
(රාවය)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. VINI SURU NOVE, VINI SORU VIYA YUTHUYA.
    API KIYANNE NADU KARAYO KIYALANE, HARIYATA MALU KARAYO WAGE.

    ReplyDelete
  2. මේක දැන් කොහොමත් නීතියක් නැති,වැඩවසම් ක්‍රමේ කර පින්නාගෙන යන රටක් බවට ආයෙමත් පත් වෙමින් යනවා වගෙයි.

    ReplyDelete
  3. ඕක ඒ හැටි දෙයක් නෙමේනෙ,රටේ නායකයගෙ ඉඳල ඉහල තනතුරු වල ඉන්න එකෙක් වත් ඒ තනතුරු වලට සුදුසු අය නෙමේනෙ.

    ReplyDelete
  4. අශිෂ්ඨත්වයට හිස ඔසවන්නට හැකි පසුබිමක් සැකැසුණු සමාජ පරිසරයක එය මතු වන තැන ගැටළුවක් කර ගැනීමම උත්ප්‍රාසයකි. ධනවාදයෙන් යථාර්ථය බවට පත් කළ වටිනාකම් හැර වෙන කුමන වටිනාකමක් ඔය කියනා විනිසුරුවන්ද ඇතුළත් ඊනියා ලාංකික මධ්‍යම පන්තියට තිබේද ?

    ReplyDelete
  5. විනිසුරුවොයි, නීතීඥයොයි විතරක් නොවෙයි පැරා, පාරෙ ඉන්න පොලිස් කරයො හිතාගෙන ඉන්නෙත් ඒගොල්ලො නීතියට යටත් නෑ කියල සහ නීතිය අර්ථ දැක්වෙන්නෙ ඒ අයගෙ දැනුමෙන් කියල. පැජරෝ එකක්, ප්‍රාඩො එකක් ඩ්‍රයිව් කරගෙන ආවොත් එක විදියකට, පරණ වාහනයක් නම් තවත් විදියකට තමයි කථා කරන්නෙ. තමන්ගෙ පංතියෙම මිනිස්සුන්ට තමයි ඔක්කොම පුස් පාට් දානී.

    ReplyDelete
  6. පුදුමෙ කියන්නේ, මේ රට රාජාණ්ඩුවක් බවට පත් වෙලා ඒකේ රජා හැටියට මහින්ද ඔටුනු පළන්දන එකට උගත්, නූගත් සිංහල (සමහරවිට මුස්ලිමුන්ගෙනුත් කොටසක් ) මිනිස්සුන්ගේ මාර කැමැත්තක්නෙ තියෙන්නේ!!!! ආර්. ප්‍රේමදාස ඉන්න කාලේවත් මිනිස්සු මේ විදියට දීන වුණේ නෑ.

    ReplyDelete
  7. ෙමතන ෙපාඩි වැරද්දක් තියනවා. නඩු තීන්දවක් ඉහල උසිවිවකින් අහක දාපු පලියට ඒක නීති විෙරා්ධි ෙවන්ෙන් නැහැ. ඒෙහම කලා කියලා පලවැනියට නඩු අහපු නඩුකාරය වැරැදි කාරෙයක් වෙන්ෙනත් නැහැ. ෙම්ක ෙලාෙක් ඔනැම රටක සිද්ධෙවන ෙවන වැඩක්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා