නියෝජ්‍ය ඇමති හේමාල් හා කොස්තාපල් සුමින්ද

මේ පත්තර කෑල්ල මව්බිමෙනි. මේ අර මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ අම්මාගේ පැත්තෙන් ළඟ නෑයකු වූ නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකර විසින් යොදවන ලද මැර පිරිසක් විසින් පහර දෙනු ලැබුවා යයි කියනු ලබන පොලිස් කොස්තාපල් සුමින්ද සමන්ගේ සම්මුඛ සාකච්ඡාවක කොටසකි.

මෙය කියවන විට මට නම් හිතෙන්නේ මේ පුද්ගලයාට පහර දී තිබෙන්නේ ද ඔහු අයත් ආයතනයේ කට්ටිය ම ද කියා ය. එසේ සිතෙන්නේ මේ ජවනිකාවේ විකට ස්වභාවය අනුවයි. 

ඇමති හේමාල් ගුණසේකර කියන්නේ මෙම පොලිස් නිලධාරියා විසින් ම එම පහර දීම නිර්මානය කරගෙන තිබෙන බවයි. එහි අරමුණ විදෙස් රටක දේශපාලන රැකවරණ ලබා ගැනීම බව ඔහු නඟන චෝදනාවයි. 

දේශපාලකයා මෙන් ම පොලිස් නිලධාරියා ද යනු විශ්වාස කටයුතු පුද්ගලයෝ නො වෙති. එක වල්ලේ පොල් යයි කීවත් වරදක් නැත. 

දේශපාලකයා තමන් ගණන් නො ගත් පොලිස් නිලධාරියාට පිරිසක් ලවා පහර දී දැන් අහිංසක චරිතයක් රඟපානවා වෙන්නට පුළුවන. 

පොලිස් නිලධාරියා ද අර කිව්වා වගේ ම දේශපාලන රැකවරණ වෙනුවෙන් නාට්‍යයක් රඟ දැක්වූවා වෙන්නට ද පුළුවන. 

ලංකාවේ දේශපාලකයන් මෙන් ම ජනතාව ද එක සේ දූෂිත ය. දේශපාලකයෝ මහජන මුදල් සූරා කා සිය දරු මල්ලන් වෙනුවෙන් විදෙස් රටවල දේපල මිළ දී ගනිති. 

ජනතාව ද විවිධ අපරාධකරුවන් දේශපාලනය සඳහා පත් කරමින්, තම දරු මල්ලන් ඔවුන්ගෙන් බේරා ගැනීම පිණිස මොකක් හෝ ජිල්මාට් එකක් දමා රට පැන ගැනීමට යත්න දරති. 

මේ දෙගොල්ලන් ම සොයන්නේ මේ රටේ නැති අනාගතයයි. දෙගොල්ලන් ම කරන්නේ මේ රටට අනාගතයක් නැති කිරීමයි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. "දෙගොල්ලන් ම කරන්නේ මේ රටට අනාගතයක් නැති කිරීමයි." නියම කතාව.

    ReplyDelete
  2. කාරුත්ම වැරදි නැත්තං මේ වගේ දේවල් ලියල වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. උබ ලියන එව්වත් ඒ වගේ තමයි වේසෝ. මෙලෝ වැඩක් නෑ.

      Delete
  3. පැරා, මේ දෙකයි පනහේ හාල් පාරුවෝ ගැන ලියලා මොනවටද ඔබේ කාලය හා ශ්‍රමය නාස්ති කර ගන්නේ?

    ReplyDelete
  4. හරි නම් හේමාල් සිටිය යුත්තේ ගමේ සිල්ලර කඩයක තරාදිය ළඟ බඩු කිර කිර.....

    මහින්ද බලයට නාවා නම් බොහෝ විට එය එසේ සිදුවීමට ඉඩ තිබුණා.

    ReplyDelete
  5. නැවත වතාවක් පියෙක් වීමට යන අජිත් පැරකුම් සහෝදරයාට අපගේ සුභ පැතුම්. ඔබ වැනි අවංක,එඩිතර, සත්‍යය ප්‍රකාශ කරනා පුතෙකු ලැබේවා යැයි කියා පාර්ථනා කරන්නෙමු.

    ReplyDelete
    Replies
    1. අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.

      -අජිත් පැරකුම්

      Delete
  6. පැරා,

    ජිමි පේජ් නමැති මහතෙකු විසින් සිදුකරනා ලද සමීක්ෂණයක විස්තර වගයක් මම දැක්කා.

    එකේ තිබුනා බොහෝ කසාද පිරිමින් නමුන්ගේ බිරිඳගේ ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා බැව්. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ පිරිමින් නමුන්ගේ බිරිඳගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව පැරාගේ අදහස මොකක්ද?

    අපි හිතනවා මේ සමීක්ෂණය විදේශීය පිරිමින් සම්බන්ධ කරගෙන සිදුකරන ලද එකක් වුවත්,එය ලංකිකයන්ටද අදාල ඇතියි කියලා. ඇත්තටම කපැරා,පැරාගේ හාමිනේගේ ඉහත කි කාරණාව සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වද සිටින්නේ?

    ReplyDelete
    Replies
    1. තෝ මෙතෙන්ටත් ආවද ඔය යෝනිය අරගෙන.
      ඕක අර පලයන්කො වද දෙන්නෙ නැතුව

      Delete
    2. # AnonymousJune 10, 2014 at 11:27 AM

      පැරා, කොහොමද ඉස්කෝලේ වෙලාවේ කොමෙන්ට් දැම්මේ? පැරාගේ ටැබ් එකෙන්ද?

      Delete
  7. මතුගම පළාතේම සිටිනා ලස්සනම කොල්ලා වන පැරකුම්

    ReplyDelete
  8. මම ඕකට ගිහිල්ලා ඔය කියන විනාසය එකින් එක ඩොකියුමන්ට් කලා. මම ගාව තීයේ විඩියෝ එවිඩන්ස්. ඔඩියෝ රෙකෝඩ් කරපුවා, සිදුවන පරිසරය හානිය ගැන ඇහුවම ඔතන ඉන්න බක්කෝ කියපුවා. සත්තු මරං කාපුවායේ විඩියෝ තියේ. දඩ මස් ගැන කස්ටමර්ලට කියපුවා විඩියෝ, ඔඩියෝ තියේ. ඕනේ එකක් දෙන්නම්. මම අලුත් බ්ලොග් එකක් හදලාම ඔය ඔක්කොම දානවාමයි.

    සුමුදු

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා