කළ වරද වෙනුවෙන් ආණ්ඩුව ගෙවිය යුතු වන්දිය

බේරුවල, මතුගම ප්‍රදේශවල ඇති වූ වාර්ගික ගැටුම් සම්බන්ධ මුළු වගකීම රජය භාර ගත යුතු ය. බොදු බල සේනා සංවිධානය දිරි ගන්වමින්, එයට අනුග්‍රහ සපයමින්, මෙහෙයවමින් කරන ලද විනාශයේ කළු පැල්ලම මැකීමට බැරි වුණත්, කරන ලද වරද නිවැරදි කිරීමට ආණ්ඩුව උපරිමයෙන් කටයුතු කළ යුතු ය.

  • ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ සියලුම පුද්ගලයන් (සිංහල හා මුස්ලිම්) හඳුනාගෙන, අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.
  • ‍මෙම ගැටුම ඇවිළවූ බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වහා තහනම් කළ යුතු ය. එම සංවිධානයේ හා එයට අනුබද්ධ සංවිධානවලත්, එහි නායකයන්ගේත් දේපල රාජසන්තක කළ යුතු ය.
  • ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු බොදු බල සේනා නායකයන්ට එරෙහිව ජාතිවාදී කුපිත කිරීම් ඇති කිරීම, මහජන කැළඹීම් ඇති කිරීම සඳහා කටයුතු කිරීම හා ජන සංහාර සඳහා උත්සාහ කිරීම සම්බන්ධ නීති ප්‍රකාරව කටයුතු කළ යුතු ය.
  • ධර්ගා නගරය මැදින් ප්‍රකෝපකාරී පෙළපාළියක් යාමට අවසර දුන් හෝ එය වැළැක්වීමට කටයුතු නො කළ හෝ පොලිස් බලධාරීන්ගේ වැඩ තහනම් කර විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු ය.
  • ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වීමට පුද්ගලයන්ට අවසර දුන් හා නීතිය ක්‍රියාත්මක නො කළ බලධාරීන්ට එරෙහිව විනය හා නීතිමය ක්‍රියාමාර්ග ගත යුුතු ය. 
  • ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ජීවිත හානි සිදු වූ පුද්ගලයන්ගේ පවුල්වලට වන්දි ගෙවිය යුතු ය.
  • ‍දේපල හානි වෙනුවෙන් පූර්ණ වන්දි ගෙවිය යුතු ය.

‍ලංකාවේ නැගෙනහිර නොවන ප්‍රදේශවල ජීවත් වන මුස්ලිම්වරුන් ද මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවට පත් නො වන්නට නම්, ඔවුන්ට මෙතෙක් ජීවත් වූ ආකාරයට ජීවත් වෙන්නට ඉඩ දිය යුතු ය. ඔවුහු වෙළඳ ප්‍රජාවකි. ඔවුන්ට සිය ජීවනෝපාය  කරගෙන යන්නට නිදහස ‍නො ලැබෙන පරිසරයක් නිර්මානය කිරීම අතිශය භයානක ය. සාපේක්ෂ වශයෙන් මෙම ප්‍රජාවේ තිබෙන ආගමික, අධ්‍යාපනික හා සමාජ තත්වය අනුව ජිහාඩ් කල්ලිවලට පහසුවෙන් තරුණයන් ගොදුරු කර ගැනීමට පුළුවන. එසේම, ජාත්‍යන්තරව මුස්ලිම් ජනයා අතර තිබෙන ත්‍රස්තවාදී ප්‍රවණතා සමග සම්බන්ධතා වර්ධනය විය හැකි ය. 

ලංකාවේ ජිහාඩ් කල්ලි ගැන මෙතෙක් තිබුණේ ප්‍රබන්ධිත ප්‍රවෘත්ති ය. එවැනි සන්නද්ධ කල්ලි පවතින බව සනාථ කළ හැකි ද්‍රව්‍යමය සාධක නැත. එහෙත්, බෞද්ධ ත්‍රස්තවාදී බොදු බල සේනා විසින් අවුළුවන ලද ගැටුම්කාරී තත්වය විසින් රටේ පවතින ස්වභාවය සපුරා වෙනස් කළ හැකි ය. 

මේ වනාහි අනවශ්‍ය බියක් හෝ අභිමානය පිළිබඳ කාරණයක් නොවේ. දේශපාලකයන් විසින් කරන ලද වැරදි නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. 

අපට සිටින්නේ බොලීවියාවේ ජනතාව සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සම්මානයට පාත්‍ර කරන ලද ජනාධිපතිවරයෙකි. ලංකාවේ ජනතාව හිනා කාලා මැරෙන එක වළක්වා ගන්නට ඔහු උත්සාහ කළ යුතු ය. 
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැණි වරකා ගහටත් හෙණ වදී.
    http://sinhala.lankanewsweb.net/news/12712-2014-06-16-13-58-23

    ReplyDelete
  2. MACHAN oba hari meka muslim rata sinhalayata inna be. sinhalaya elwanna oni ubala puluwan tharama ohoma liyapan.

    ReplyDelete
  3. එහෙනං අප කියමුකෝ 88/89 භීෂණ සමයේ මිනිමරපු,මංකොල්ලකෑම් සිදුකරපු අජිත් පැරකුම්වගේ උදවියට දැන් හරි දඩුවම් දීලා ඔවුන්ගෙනුත් වන්දියක් අයකරගන්න කියලා.

    තමුන් නොසැහෙන්න මනුෂ්‍යත්වයට එරහි අපරාධ සිදුකරලා,දැන් මේ බණ කියන්න එන එකම විහිළුවක් පැරකුම්.

    ReplyDelete
    Replies
    1. ඇනෝ 88/89

      මචෝ උඹත් හරියට මැක්කා වගේ පොරක්නේ හැමතිස්සෙම 88/89 වෙනදේවල් දන්නෙම නැද්ද්ද බන්, මට කියන්න බෑ උඹට ඕක ලියන්න එපා කියල, උඹ කියන කතාව ඇත්ත, හැබය් බන් ඕක හැමතිස්සෙම කියනකොට නීරසය් නේ, හරියට විරේක බීලවගේ, යනවා යනවා ඉවරයක් නෑ. අයෙත් උඹට කොහේ හරි ඔය කතාව ලියන්න හිතුනොත් මමනම් කියන්නේ උඹ ලියන එක ටික දවසකට නවත්වල මෙන්න මෙයාලව හම්බවෙලා බලපන් http://www.nimh.health.gov.lk/index.php?option=com_content&view=section&layout=blog&id=1&Itemid=4

      මන් දන්නා කීපදෙනෙක්ම ඔතනින් ගොඩ ගියා

      සුභ දවසක් වේවා !!!

      Delete
    2. මෙම බ්ලොග් අඩවිය කරන අයට එරෙහිව කෙනෙක් 87/89 චෝදනාවක් කර තිබුනි.එය වරදකි.අප කළ යුත්තේ මෙවැන්නන් සමාජගත වූ විට ඔවුන්ට කොලොප්පම් කර කැලයට තල්ලු කිරීම නොව ඔවුන් රැකියා කරමින් මධ්‍යම පාන්තික ජීවිත ගත කරමින් වර්තමානයේ ගත කරන ජීවිතයට දිරි දීමය.
      87/89 ජේවීපී කළ අය අද ඇමතිවරුය,මහාචාර්යවරුය,වෙනත් රැකියා කරන අයයි,සමහරු පැවිදි වී ඇත.මේ කිසිවෙකුට 87/89 ගැන චෝදනා කරන්නේ නැත.එසේනම් අජිත් පැරකුම්ට විතරක් චෝදනා ඇයි?
      කේ.පීඑ,කරුනා,පිල්ලෙයාන් මෙනම් අජිත් ද සමාජයේ ප්‍රයෝජනවත් පුරවැසියෙකි.
      87/89 කාලයේ සියළු අපරාධකරුවන් (එකෙක් හැර ) දඩුවම් ලැබුන බව මගේ හැගීමයි.මේ ඉතුරු වූ එකා මහ කැත කතාවක් කියා තිබුනි.වාරි ව්‍යාපාර කරන විට ගැඩවිලුන් මැරෙන බවයි.ජවිපෙන් මැරුම් කෑ අයට මේ කතාවෙන් මොනතරම් වේදනාවක් දැනෙනවා ඇද්ද

      පැරකුම් ලා නොමඟ ගිය අයයි.අද ඔහු එම අපරාධ ගැන පසුතැවිලි වෙනවා විය හැක.එනිසා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ ඇඩ්මින් මහතාට නිකරුනේ නින්දා නොකරන ලෙසයි.

      Delete
    3. මේ හරකා මහින්දයගෙ පස්ස හෝදල කීයක් හරි හොයාගන්න එකෙක්.

      Delete
  4. බෞද්ධයින් අතර මුස්ලිම් විරෝධී ජාතිවාදී හැඟීම් ඇති කිරීමේ පුරෝගාමියා බෞද්ධ භික්ෂුවක වූ ගංගොඩවිල සෝමය. ඔහු එය කළේ ඉතාම සුක්ෂ්ම ආකාරයෙනි. සමහරවිට තමන් මේ අවුලන ගිනිපුපුර අනාගතයේ මහා ගිනි ජාලාවක් වන බව ඔහු නොසිතන්නට ඇත. එහෙත් අද වෙමින් පවතින්නේ එයයි. ගංගොඩවිල සෝම අප අතර නැතිවුවද ඔහු ඇවිලවූ කාලකණ්නිත්වයේ ගින්න බුර බුරා ඇවිළෙමින් පවතී. මේ මහා ගින්න පසුගිය සති අන්තයේ අලුත්ගමදී බිලි හතරක් ගත්තේය. මේ අවසානයය සිතිය නොහැක. මේ සිද්ධීන් මේ රටේ පිරිසක් විසින් මහා වීරයකු සේ හුවා දක්වන ගංගොඩවිල සෝමගේ සෑබෑ භූමිකාව නැවත ප්‍රශ්න නොකරන්නේද?

    http://anonymousaya.blogspot.com/2014/06/blog-post_4249.html

    ReplyDelete
    Replies
    1. ගංගොඩවිල සෝම හිමියන් කිව්වේ බෞද්ධයන්ගේ වැරදි. උදා පංසලට කාවැදුනු හිංදු දේව ඇදහීම් ගැන. බුදුන්ගේ මග නොගිය එක ගැන. මේ චෝදනාව අමූලික අසත්‍යකි.

      Delete
    2. එතකොට මේකා දීඝවාපිය මුස්ලිම් මිනිස්සු අල්ල ගත්තා කියලා පච කෙළියෙම නැද්ද? මුස්ලිම් මිනිස්සු පැටව් ගහනවා තොපිලත් පැටව් ගහපියව් කිව්වෙම නැද්ද? අෂ් රෆ් එක්ක වාදෙට ගියේම නැද්ද?

      Delete
    3. දැන් කූරගල වගේද? කූරගලත් මුස්ලිම් පල්ලි නැහැනේ නේද? ඔය ග්‍රැෆික් වලින් හදපුවනෙ නේද!!!!!!!!!!!!!!!!

      Delete
    4. ඇයි මේ රටේ මුස්ලිම් පල්ලි හදන්න බැරිද? ඒකටත් ගණයින්ගෙන් අවසර ගන්න ඕනෙද?

      Delete
  5. බෝම්බ 17 ක්‌ සමග දර්ගා නගරයේ දී
    ඇල්ලූ තිදෙනාගෙන් දෙදෙනකු රිමාන්ඩ්

    විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

    මහජන පීඩාවන් හා දේපළවලට හානි කිරීමට පෙට්‍රල් බෝම්බ 17 ක්‌ ළඟ තබාගෙන සිටි බව කියන අළුත්ගම දර්ගා නගරයේ පදිංචි තිදෙනකුව ඊයේ (17 දා) දහවල් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    බම්බලපිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක යූ. ඩී. ගුණතිලක මහතා ප්‍රමුඛ පොලිස්‌ නිලධාරීන් පිරිසක්‌ විසින් මේ තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන් වූ මොහොමඩ් ලප්සාර්, අබ්දුල් නසාර් යන දෙදෙනා අද (18 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, මොහොමඩ් මුනින්දාස නමැත්තා රුපියල් ලක්‌ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් අයේෂා ආබ්දීන් මහත්මිය නියෝග කළේය.

    අළුත්ගම පොලිසියේ සැරයන්වරුන් වූ (14504) රාජකරුණා, (5871) විමලරත්න යන මහත්වරු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    ReplyDelete
    Replies
    1. සෑම ක්‍රියාවකටම ඒ හා සමාන වූද ප්‍රතිවිරුද්ධ වූද ප්‍රතික්‍රියාවක් තිබේ. රාජ්‍ය අනුග්‍රහය සහිත සිංහල බෞද්ධ ත්‍රස්තවාදයට එරෙහිව පීඩිත මුස්ලිම්වරුන් මෙහම නොකළොත් ඒක තමා පුදුමය!

      Delete
    2. සාමකාමීව තිබ්බ රටට වහාබී උන්මාදයක් ගෙනල්ලා දැන් ඉල්ලන් කාලා තවත් ඉල්ලන් කන්නයි යන්නේ. ආගමික නිදහස කියන්නේ, සෞදියෙ තියෙන රෙද්ද එහෙම්මම ල\කාවේ ඉල්ලන එක නෙමෙයි. නෝම්බි කාලෙට මහ රීට ටකේ ගහගෙන ගියාම, පස්වේඑල වඳින්න පල්ලියට එන කියන්න අනික් ආගමිකයින්වත් ඇහැරවන්න ඕනද? ආගමික නිදහස කියන්නේ. තමන්ගේ ආගම අනික් උන්ට කරදරයක් නොවෙන්න අදහගන්න එකටයි! එහෙම කරනතාක් කල් සාමේ තියෙයි.

      Delete
    3. තොපිම වැරදි කරලා, තොපිම මිනී මරලා දැන් අනුන්ට බැනපියව්.

      Delete
    4. AnonymousJune 18, 2014 at 10:57 AM

      Thumbs up mate!

      Para,

      You looks so generous to Muslims. Remember, if Europeans didn't come to SL, you could be another Muhammed. Now they left, no rule and order in country so Muslims started to take the advantage and trying to grab the control by one way the other.

      This cannot be stopped unless you resist and control them. How you do will depend case to case and there are Muslim massacres in all over the world whether you like it or not.The more we keep quiet and be generous to them, the more they grow and getting stronger.

      Look what British PM said and do you believe any Sri Lankan leader has guts to say something like this, except BBS guys?

      http://tinyurl.com/o86bk67

      So, don't just be hurry to take the minor's side to make your stake big. Be wise, by the sake of a Teacher.

      Cheers!

      Delete
    5. AnonymousJune 18, 2014 at 11:25 AM @
      ඔබ ඉතා වැදගත් කරුණක් මතු කළා.එදා පෘතුගීසීන් එන විට මුස්ලිම්වරු අවසන් හින්දු අධිරාජ්‍ය වූ විජයනගර අධිරාජ්‍යද පරාජය කර ඉන්පසු ඇතිවූ කුඩා දෙමළ රාජ්‍යයන්ද පරාජය කරමිනුයි සිටියේ.පෘතුගීසීන් ආ නිසා එය වැළකුනා.නැත්නම් ලංකව තවත් මාලදිවයිනක් හෝ බංග්ලාදේශයක්.
      මේ ගැන හොඳම විග්‍රහය කළේ බුද්ධිමත් බ්ලොග්කාරියක් වන බස්සියි.ඇන්තැර්ක්ස් වලට ගඩොල්බාග විසදුමක් නොවන බව ඇය පෙන්වා දුන්නා.අනෙක් ඊනියා පන්ඩිත බ්ලොග්කරුවන් ප්‍රශ්නය තම තම දෘෂ්ටිකෝනවලින් පරන පොත්වල අච්චු වලට දමමින් විකාර අදහස් පළ කළා.

      Delete
    6. කවුද කියන්නෙ ශ්‍රී ලංකා පොලීසිය අකාර්යක්ෂම ආයතනයක්ය කියලා, නේද අපේ හාමුදුරුවනේ?

      Delete
    7. එක තතමයි, හොද වෙලාවට Eropeans ඇවිල්ලා අපෙරටවල් අල්ල ගත්ත හින්ද ලංකාව බේරුනා. ඒ වගේම Norway /Israil පිහිටෙන් BBS හදල ඒකට රජයේ ආශිර්වාදය ලැබුන හින්දා බුද්ධාගමත් දැන් බේරගන්ඩ පුළුවන්....

      Delete
  6. මේ ලිපිය ගැන කියන්න තියෙන්නේ මෙපමණය ලංකාවේ ඇත්තටම එදා ඉදන් අද දක්වා මුස්ලිම් නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් කළ කී දෑ ගැන අබමල් රේණුවක් තරම්වත් අවබෝධයක් මේ ලේඛකයාට නැත. මුස්ලිමුන්ට එරෙහිව බෞද්ධයන්ට සංවිධාන ගොඩනගාගන්නට සිදුවූ හේතුව ගැන මොහුට අවබෝධයක් නැත. මුස්ලිමුන් සිටින පළාතක සිංහලවකුට නිදහසේ ජීවත්වන්නට බැරි මුත් සිංහලයන් 100%ක් සිටින පළාතක වුවත් මුස්ලිමයකුට නිදහසේ ජීවත්වන්නට හැකිබව මොහු දන්නේ නැත. බෞද්ධ සිද්ධස්ථානවලට මුස්ලිමුන් කරන කෙනෙහිළි ගැන මොහුට අවබෝධයක් නැත. මානව හිමිකම් කවුන්සිලය යුද්දයේ අවසන් දින කිහිපය ගැන කතා කරනවා සේ මොහු කතා කරන්නේ මෙතෙක් කල් මුස්ලිමුන්ගේ කෙනෙහිලි කම්වලට ඇස් කන් පියා සිට බැරිම තැන සිය රතු ඉර පැනීම නිසා සිංහලයන් ගත් පියවරෙහි ප්‍රතිඵල පමණය. අනෙක අලුත්ගමදී ගැටුම පටන්ගත්තේ ද සිංහලුන් නොවේ. මුස්ලිමුන් 7.2%ක්ව සිටියදී මෙසේ නම් තව වැඩි වුවහොත් අපේ ඔලුවට අත හෝදන බව තේරුම්ගන්නට තරම් මොමුට මොළයක් නැත.

    ReplyDelete
  7. බහුතරයක සාමාජිකයෙක් හා සුළුතරයක සාමාජිකයෙක් රන්ඩු වුන විට එම සාමාජිකයා අයත් වන කන්ඩායමේ ඔළුගෙඩිගනන ගනන් කර තීන්දු දීම නම් විහිලුවකි.මට මතක් වෙන්නේ පාසල් යන කාලයේ කියවූ 71 කැරැල්ල ගැන ලියවුන පොතකිනි.එම පොතේ එක් අවස්තාවක කැරලිකරුවන් පසුබැසයනවිට ඔවුනට නඩු ඇසීමට අවස්තාවක් එළැඹේ.කැරලිකරුවන්ට වැදගත් සිද්ධිය කුමක්ද යන්න නොව පැමිනිලිකරු හා විත්තිකරු යන දෙදෙනාගෙන් වඩා ධනවත් කවුද යන්නයි.ප්‍රශ්නගත කරුණෙහි ධනවතා විත්තිකරුය.විසදුම කැරලිකරුවන්ගේ කෝකටත් තෛලය වන මරණ දඩුවමය.
    සාපේක්ෂ ධනවතා ට වෙඩි තබයි.ඔහුගේ බිරිදගේ විලාප මැද කැරලිකරුවෝ ආපසු යති.
    ජවිපෙ තිරශ්චීනත්වය ගැන මෙවනිම සිදුවීමක් අන්තර්ජාලයෙ හමුවී මෙහි පළ කළෙමි.එහිදී ජවිපෙ සාමාජිකයන් පැපොල රෝගියෙක් ලෙඩ ඇදෙන් ඇදගෙන විත් ඔහු ලවාම වලක් හාරා ඔහු මරා බල්ලෙකු සේ වල දමයි.
    ඇත්තෙන්ම ජවිපෙ ම්ලේච්ඡත්වය ප්‍රශ්න කිරීමට ලක් නොවීය.ජවිපෙ මර්ධනයේදී ආරක්ෂක අංශවල ම්ලේච්ඡත්වයද ප්‍රශ්න නොකෙරුනි.එහි ප්‍රතිපලය ජවිපෙ 87/89 මහා ම්ලේච්ඡත්වයකට රට ඇද දැමීමයි.
    උතුරේ සිදුවීම් ගැනද පූර්න අධ්‍යනයක් කර නැත.එහෙත් දෙවන ලෝක සංග්‍රාමය ගැන අදද පර්යේශන කෘති ලියවේ.

    මෙම බ්ලොග් අඩවිය කරන අයට එරෙහිව කෙනෙක් 87/89 චෝදනාවක් කර තිබුනි.එය වරදකි.අප කළ යුත්තේ මෙවැන්නන් සමාජගත වූ විට ඔවුන්ට කොලොප්පම් කර කැලයට තල්ලු කිරීම නොව ඔවුන් රැකියා කරමින් මධ්‍යම පාන්තික ජීවිත ගත කරමින් වර්තමානයේ ගත කරන ජීවිතයට දිරි දීමය.
    87/89 ජේවීපී කළ අය අද ඇමතිවරුය,මහාචාර්යවරුය,වෙනත් රැකියා කරන අයයි,සමහරු පැවිදි වී ඇත.මේ කිසිවෙකුට 87/89 ගැන චෝදනා කරන්නේ නැත.එසේනම් අජිත් පැරකුම්ට විතරක් චෝදනා ඇයි?
    කේ.පීඑ,කරුනා,පිල්ලෙයාන් මෙනම් අජිත් ද සමාජයේ ප්‍රයෝජනවත් පුරවැසියෙකි.
    87/89 කාලයේ සියළු අපරාධකරුවන් (එකෙක් හැර ) දඩුවම් ලැබුන බව මගේ හැගීමයි.මේ ඉතුරු වූ එකා මහ කැත කතාවක් කියා තිබුනි.වාරි ව්‍යාපාර කරන විට ගැඩවිලුන් මැරෙන බවයි.ජවිපෙන් මැරුම් කෑ අයට මේ කතාවෙන් මොනතරම් වේදනාවක් දැනෙනවා ඇද්ද

    පැරකුම් ලා නොමඟ ගිය අයයි.අද ඔහු එම අපරාධ ගැන පසුතැවිලි වෙනවා විය හැක.එනිසා කරුණාවෙන් ඉල්ලා සිටින්නේ මේ ඇඩ්මින් මහතාට නිකරුනේ නින්දා නොකරන ලෙසයි.

    ReplyDelete
  8. පැරා හිතනවද ඔය ක්‍රියාවළියන් එකක් වත් ඉෂ්ඨ වේවි කියලා? හැබැයි අර ගෝඨා කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්දෙ ඉල්ලන කොට බොරුනම් බලන්න ඔය ෆයිසර් මුස්තෆා, ෆවුසි වගේ මුස්ලිම් දේශපාලකයෝ ඔක්කොම ඌට සහයෝගය දක්වන්නෙ නැද්ද කියල. ඒ විතරක් නෙමෙයි සුළු වාසි බලාගෙන කොළඹ ඉන්න සමහරක් මුස්ලිම් ඡන්ද දායකයොත් ඌට මනාප දානවා! මේක එහෙව් සමාජයක්!

    ReplyDelete
  9. යටත් විජිත යුගයේ සිංහලයන් මොන තරම් අහිංසක ලෙස සිටියාද කියාත් එකල පොලීසිය සහ යටත් විජිත නිලධාරීන් කොයිත්‍රම් පක්ෂග්‍රාහීව සිටියාද කියාත් දැන ගැනීමට මෙය හොද ලිපියකි.මෙය ලැබුනේ අරුණි ශපීරො ගෙ අඩවියේ ලින්ක් එකකිනි.

    1815 මාර්තු මස දෙවැනි දින සිංහලේ රාජ්‍යය එංගලන්තයේ මහ රජතුමාට පවරා දෙමින් අත්සන් කරන ලද උඩරට ගිවිසුමට සිංහලේ රාජ්‍යය වෙනුවෙන් පාර්ශ්වකරුවන් වූ සියලු දෙනාම සිංහලයෝ වූහ. රටේ පාලනාධිකාරයට නීත්‍යනුකූලව හිමිකම් තිබූ කිසිදු වෙනත් ජන වර්ගයක්‌ එවක නොවූ බවට එය ප්‍රබල සාක්‍ෂියකි. එහෙත් එතැන් සිට හරියටම වසර 100 ක්‌ ගතවූ තැන 1915 දී සුළු ජන කණ්‌ඩායමක්‌ විසින් සිංහලයන්ගේ ආගමික නිදහසට අභියෝග කරමින් ප්‍රහාරයක්‌ එල්ල කරනු ලැබීය. එම ප්‍රහාරයෙන් ප්‍රකෝපයට පත්වූ සිංහලයන් විසින්ද එම සුළු ජන වර්ගයට පෙරළා පහර දෙනු ලැබිණ.

    ඉංග්‍රීසි යටත් විජිත ආණ්‌ඩුව විසින් යුද්ධ නීතිය පනවනු ලැබ ස්‌ත්‍රීන් දෙදෙනකු ඇතුළු 66 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමෙන්ද, සිවිල් සහ හමුදා අධිකරණ මගින් 5193 දෙනකු වැරැදිකරුවන් ලෙස දඬුවම්වලට යටත් කිරීමෙන්ද, තවත් අතිවිශාල පිරිසක්‌ නඩු නොපවරා අත්අඩංගුවේ රඳවා ගැනීමෙන්ද මුදාහැරීම සඳහා කප්පම් මුදල් ලබා ගැනීමෙන් හා යාන වාහන සහ ගවාදී සතුන් බලහත්කාරයෙන් පවරා ගැනීමෙන්ද සිංහලයන්ට මහත් ව්‍යසනයක්‌ ගෙන දීමට මුල්වූ එම වාර්ගික ගැටුම පිළිබඳ සත්‍ය ඉතිහාසය මේ වන විට කණපිට හැරෙන්නට පටන්ගෙන ඇති බව මෙකල පළවන ඇතැම් ලිපි ලේඛන වලින් පෙනෙන්නට තිබේ.

    බ්‍රිතාන්‍ය පාලන සමය ගැන කතාකරන බොහෝ දෙනා විසින් ඕනෑම කාරණයක්‌ සඳහා කෝකටත් තෛලය" ලෙස භාවිත කරනු ලබන "බෙදා පාලනය කිරීමේ න්‍යයය" මෙම කාරණය සඳහා ද යොදා ගනිමින් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සමගි සමාදානයෙන් විසූ සිංහල හා මුස්‌ලිම් දෙපිරිස අතර ගැටුමක්‌ නිර්මාණය කොට භේද භින්න කිරීමේ අපේක්‍ෂාවෙන් ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් මෙම ගැටුම උපක්‍රමශීලීව නිර්මාණය කරන ලද්දක්‌ ලෙස විග්‍රහ කරමින් ලියන ලද පුවත්පත් ලිපියක්‌ මෑතකදී කියවන්නට ලැබීමෙන් පසුව මෙය ලිවීමට අදහස්‌ කළෙමි.

    අතීතයේ පටන් සිංහල, මුස්‌ලිම් දෙවර්ගයා ඉතා සුහදව සිටි බවත්, එම සුහදතාවය නිසාම මුස්‌ලිම්වරුන් සිංහල රජවරුන්ගෙන් නම්බුනාම පවා ලබාගත් බවත්, 1505 දී පෘතුගීසීන් ලංකාවට එනවිට විශාල මුස්‌ලිම් ජනසමූහයක්‌ කොළඹ පදිංචිව සිටි බවත්, කිසිsදු ගැටීමකින් තොරව සිංහලයන් සමඟ සුහදව ජීවත්වූ බවත්, එම තත්ත්වය විනාශ කිරීමට යෙදූ උපක්‍රම අතරින් සාර්ථකම උපක්‍රමය වූයේ සිංහල - මුස්‌ලිම් කෝලාහලය නිර්මාණය කිරීම බවත් එම ලිපියේ සඳහන් විය.

    1915 ගැටුම "සිංහල - මුස්‌ලිම් කෝලාහලය" යනුවෙන් නම් කිරීම පවා වත්මන් පරපුර නොමග යවනසුලුය. එම සිද්ධිය ඇසින් දුටු හා ඊට මුහුණ දුන් පැරැන්නන් එය හැඳින්වූයේ "මරක්‌කල කෝලාහලය" යනුවෙනි. මුස්‌ලිම් යන වාර්ගික නාමයක්‌ එවක පොදු ජන භාවිතයෙහි නොවීය. එම ගැටුම මුස්‌ලිම් කෝලාහලය ලෙස හැඳින්වීමෙන් ඊට සම්බන්ධ නොවූ මැලේ, බෝරා සහ ඇµaගන් ආදී ඉස්‌ලාම් ආගම අදහන වෙනත් ජන කොටස්‌වලට අසාධාරණයක්‌ වන අතර ලංකාවේ තුන්වැනි විශාල ජනවර්ගය වූ මුස්‌ලිම් ජනයා සමස්‌ත වශයෙන් මෙම ගැටුමට මුල්වන්නට ඇතැයි යන දුර්මතය ද ප්‍රකාශ වෙයි.

    එවකට 'මෝනිං ලීඩර්' පුවත්පතේ කතුවරයාව සිටි ආමන්ඩ් ද සූසා විසින් ලියන ලද Hundred days in Caylon under the flartial law - 1915" නමැති කෘතිය සිංහලට පරිවර්තනය කළ යසපාල වනසිංහ මහතා එම කාරණය මෙසේ සඳහන් කර ඇත.

    1915 දී ඇතිවූ මෙම ගැටුම් සිංහල සමාජය තුළ තහවුරු වී ඇත්තේ "සිංහල මරක්‌කල - කෝලාහලය නමිනි. එබැවින් මම මගේ පරිවර්තනය ද එනමින්ම නම් කළෙමි."
    - (සිංහල - මරක්‌කල කෝලාහලය - 13 පිටුව)

    ReplyDelete
  10. http://www.divaina.com/2011/08/03/badada01.html

    ReplyDelete
  11. ජාතිවාදයම,තමුන්ගෙ දේසපාලන බඩගෝස්තර වාදය කරගත්,අමන දේසපාලුවන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන එක විහිලුවක්.

    ReplyDelete
    Replies
    1. මතයක් පල කරන්න ඉස්සර වෙලා අදාළ කාරනා ගැන ටිකක් හොයල බලන්න ඕනෑ. එක පැත්තක් දෙස විතරක්ම බලල මදි. අද චම්පික රණවක මහතා මේ ගැන කරලා තියෙන ප්‍රකාශය අහල ඉන්න.ඊට පස්සෙත් ඔබ මේ මතයේම ඉන්නවාද?

      Delete
    2. චම්පික රණවක කියන්නෙ මේ අවාසනාවන්ත තත්වය ඇති කළ එකෙක්. දැන් උගේ වැදි බණ අහන්නෙ මොන කෙංගෙඩියකටද?

      Delete
    3. චම්පික රණවක වැනි පාහරයන් ගැන කතා කිරීමේදී 'මහතා' වචනය භාවිතා කොට ඊට අවමන් නොකරන්න.

      Delete
    4. පැරා,
      පතිරගොඩ සිංහලයන්ට සහ පංසලට මුස්ලිම් වරුන් විසින් කර ඇති විනාශය ඔබ දර්ගා නගරයට යන විට නොදැක්කේ මන්ද? මේ විනාශය සිංහලයන් විසින්ම කරගත්තා කියා ඔබ සිතුවද ? ඔබගේ ඒක පාක්ෂික මත පළකිරීමෙන් රටට අවමානයක් ඇති වෙන බව ඔබ නොදුටුවේ මන්ද?
      යම් සිද්ධියක් ගැන සමාජයට මතයක් ඉදිරිපත් කිරීමට පෙර ඒ ගැන ගැඹුරු විශ්ලේෂණයක් අවශ්‍ය බව ඔබට නොදැනුනේ මන්ද? ඒ උනත් ඔබ ගුරුවරයෙක් යයි ඔබම කියා ගන්නවා.ඔබ වැනි රටට හෙන ගැහුවත් තම මතය සනාථ කිරීමට තැත් කරන අමනයන් නිසා ගුරුකමද බලු වෙලා තියෙන බව ගුරුවරයෙක්වූ මා කියනවා.

      Delete
  12. All brothers unite and fight back.
    Allah Hu Akbar

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ ඥාණසාරත් මේකේ කොමෙන්ට් දාන්න පටන් අරන්! පිස්සු කොටු කොටු වෙනව.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. AnonymousJune 18, 2014 at 4:28 PM
      Are you nuts?

      Delete
  13. පැරා....මේ සියලු දේ පැකිලීමක් නැතිව පිලිගන්නෙමි. පැරා... මේ කිසි දෙයක් තුල නැවත ඇති කරන්නාවු ජාතීන් අතර අවිශ්වාසය නැවත ගොඩ නැගිය හැකිද..ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන ගොඩ නගනා දායකත්වය පිලිබඳ ඔබගේ අදහස් මොනවාද...ඔබගේ අදහස් කියන්න. යමක් කමක් වටහා ගන්නට උත්සාහ කරනා අය වෙනුවෙන් යමක් කියන්න. ඔය ඔබගේ පාඨකයින්ට අත්වැලක් හෝ තව බෝම්බයක් විය හැකියි. යමක් ලියා සැඟව සිටීම කමෙන්ට් බොක්ස් වැසුවා හා සමානය යැයි මම හිතමි.

    ReplyDelete
  14. ජාතික සමගිය ගොඩනැගීම සඳහා සිවිල් සමාජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි. එ් සඳහා බලය බෙදාගැනීමේ දේශපාලන ක්‍රියාමාර්ග හැර අන් කිසිවක් දැන් වලංගු නැහැ.

    ඔය සිංහල පාසල්වල දෙමළ උගන්වන එක, පොලිසිවල දෙමළෙන් පැමිණිලි ලියාගන්න එක වගේ ඒවයින් දැන් ‍චූන් කරන්න බැහැ.

    ඇත්ත ජාතික සමගිය තිබෙන්නේ බලය බෙදා ගැනීමේ දේශපාලනය තුළයි. වෙන කතා නිකම් ප්‍රලාප.

    ReplyDelete
  15. kawru monawa kiwwath mea vinaasaya sandaha mulma gini koora raththu kale maa igenagath panthiyaka Somarathne naming sita , asaarthaka paasal adyaapanayakin pasu Gangodavila Soma naming pavidi wooo, himi nama bava mage pawdgalika hangiemai.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා