ධර්ගා නගරය මැදින් චාරිකාවක්

ධර්ගා නගරය හරහා අලුත්ගම ගියෙමි. ධර්ගා නගරයේ එක් කෙළවරක අඹගහ හන්දිය අසල සිංහල පිරිසක් රැස් වී සිටිය හ. ධර්ගා නගරය පුරා ම පොලිසිය යොදවා තිබිණි. මුස්ලිම් කඩ වසා තිබිණි. සිංහල කඩ හා සිංහල ද මුස්ලිම් ද ‍නො දන්නා කාගිල්ස් ෆුඩ් සිටිය ඇර තිබිණි. මහ පල්ලියේ සෑහෙන මුස්ලිම් පිරිසක් පාර දෙස බලාගෙන රැඳී උන්හ. ඔවුන් වෙතින් දිස් වුණේ කැළඹුණු ස්වභාවයකි. පල්ලියේ ගේට්ටු අගුලු ලා තිබිණි.ඒ ඉදිරිපිට පාරේ පොලිස් කුළු පොලු හමුදාව රැඳී සිටියේ ය.මුළු නගරය පුරා ම දැවැන්ත පොලිස් බලඇණියක් යොදවා තිබිණි.

අලුත්ගම නගරයේ බොදු බල සේනාව රැස්වීමක් පවත්වමින් සිටියේ ය. හාමුදුරුවරු විශාල පිරිසක් එයට සහභාගි වන බව වාර්තා විය.කටකතාවල නම් කියවුණේ තුන්දාහක් හාමුදුරුවරුන් එයට සහභාගි වන බවයි. එච්චර හිටි බවක් නො පෙනුණි. 

පසුගියදා මුස්ලිම් පිරිසකගේ ප්‍රහාරයකට ලක් වූ බව කියන අයගම සමිත හිමියන් පෙළපාලියකින් ධර්ගා නගරය හරහා ඔහු වසන කුරුඳුවත්ත පන්සලට රැගෙන යන්නට බොදු බල සේනාව සැලසුම් කර තිබිණි. නගරයේ කෙළවරක අඹගහහන්දිය පැත්තට වන්නට පාරෙන් ඇතුළේ පිහිටි පන්සලකට යන පාර බෞද්ධ කොඩිවලින් සරසා තිබිණි.

වාර්තා වන ආකාරයට ගැටුම ඇති වී තිබෙන්නේ ‍බොදු බල සේනාවේ රථ පෙළපාලියට මුස්ලිම් අන්තවාදීන් විසින් ගල් ගැසීම නිසා ය. පිරිසක් තුවාල ලබා ඇති අතර කඩ හා වාහන ගිනි තබා තිබේ.

බේරුවල යනු සුවිසල් මුස්ලිම් ජනගහණයක් ජීවත් වන ආසනයකි. ඉස්සර එය බහු ආසනයක් විය. 1977දී බාකීර් ඒ. මාකර් එහි පළමු මන්ත්‍රීවරයා වන විට දෙවන මන්ත්‍රීවරයා වූයේ සිංහලයකු වූ ආර්.ජී. සමරනායක බව මගේ මතකයයි.

මෙහි සිංහල හා මුස්ලිම් මිනිසුන් අතර දීර්ඝ කාලයක සිට යම් යම් ඝර්ෂණයන් තිබෙන මුත්, සාමාන්‍ය කාල වකවානුවලදී එහි ජනයා අන්‍යෝන්‍ය වශයෙන් සමගියෙන්, සාමයෙන් ජීවත් වෙති. එකට ජීව‍නෝපායන්හි හා සමාජ කටයුතුවල යෙදෙති. එහෙත්, දෙපැත්තේ ම අන්තවාදීහු ද සිටිති. දෙජාතියේ ම සාමාන්‍ය ජනයා මෙම අන්තවාදින්ගේ බසින් පහසුවෙන් කුපිත වෙති. ජාති ආගම්වාදයෙන් අන්ධ වූ විට මේ දෙගොල්ලෝ ම කටයුතු කරන්නේ බුද්ධියෙන් නොවේ.

දර්ගා නගරයේ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ හාමුදුරු නමක් වන අයගම සමිත හාමුදුරුවන් ත්‍රිරෝද රියකින් ධර්ගා නගරයේ ත්‍රිරෝද රියකින් ගමන් කරමින් සිටි අවස්ථාවේ ඉදිරියෙන් ගමන් කළ යතුරුපැදිකරුවකු පාර අවහිර වන සේ ගමන් කළ බවත් කීප වරක් නළාව නාද කිරීමෙන් පසුව ඔහු ඇතුළු පිරිස සමිත හිමියන්ට හා රියදුරාට පහර දුන් බවත් සමිත හිමියන් පොලිසියට පැමිණිලි කොට තිබිණි.

ලංකාවේ නීතියේ ආධිපත්‍යය ඉතා දුර්වල බව කවුරුත් දනිති. මෙවැනි සිදුවීම් සිංහල මිනිසුන් පමණක් ජීවත් වන ප්‍රදේශවලත් සිදු වේ. මා නිතර ගමන් කරන එක් අතුරු මාර්ගයක පදිංචි ජනතාව බොහෝ විට පාරේ යන්නේ වම් පැත්තෙනි. එම පටු පාරේ ධාවනය වන වාහනවල රියදුරන්ට එය මහත් වධයකි. දිනක් මා එසේ පාර අවුරමින් වම් පැත්තෙන් යමින් සිටි තරුණ පිරිසකට තරමක් තදින් නලාව හැඬවූවෙමි. මා ඔවුන් පසු කර යන අතර එක් අයෙක් මෙසේ කීවේ ය. "මේක අපේ පාර, හරිද?" මා ඔහු සමග වාදයට ගියා නම් ඔවුන් ද මට පහර දෙන්නට ඉඩ තිබිණි. එ් ජාතිවාදය නිසා නො වේ. හැබැයි ඉතින් හාමුදුරු නමකට ‍ගැසීම ප්‍රශ්නවලට අත වැනීමක් බව නො දන්නා කෙනෙක් ලංකාවේ නැත.

හාමුදුරුවන්ට පහර දුන්නේ මුස්ලිම් අන්තවාදියකු වන්නත් පුළුවන. නැතිනම් නහරකාරයකු වන්නත් පුළුවන. ජාති, ආගම් ගැන කැක්කුමක් නැතත්, නහරකාරයෝ ද සාමාන්‍යයෙන් ජාතිවාදය සමග පහසුවෙන් සෙට් වෙති. හාමුදුරුවන් අතර ද කළු පැහැයට හුරු අමුතු සිවුරු ජාතියක් අඳින නහරකාරයෝ සිටිති. එවැනි අය ඕනෑම ප්‍රජාවක සිටීම සාමාන්‍ය තත්වයයි.

හාමුදුරුවන් තුවාල ලැබ රෝහල්ගත කර ඇති බව ඇතැමෙක් කී හ. පෙරේදා අලුත්ගම උද්ඝෝෂණයටත් සහභාගි වූ සංචාරක කර්මාන්තයට සම්බන්ධ රැකියාවක් කරන තරුණයෙක් මා සමග කීවේ එය බොරුවක් බවයි. විශ්‍රාමික වැඩිහිටියෙක් මා සමග පැවසුවේ හාමුදුරුවන්ට ලෙඩ නැති බව මුස්ලිම් දොස්තරකු කියන බවත්, ලෙඩ ඇති බව සිංහල දොස්තරකු කියන බවත් ය.

කිසිවකු තමන්ට පහර දුන් බව කියන අය තමන්ට අමාරුවක් ඇතත්, නැතත්, රෝහල්ගත වීම සාමාන්‍ය දෙයකි. කොහොම වුණත්, මෙතන මහා පහරදීමක් නම් සිදු වී නැති බව පෙනේ.

පොලිසිය පහර දුන් පුද්ගලයන් අත්අඩංගුවට නො ගත් බව කියමින් සිංහලයෝ ගාලු පාර අවුරමින් උද්ඝෝෂණය කළ හ. සාමාන්‍ය කෝලාහලයක් වූ හැටියේ සිදුවීම වූ තැනට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා පොලිසියක් ලංකාවේ නැති බව ද සාමාන්‍ය තත්වයකි. මෙම තත්වය මත පැතිරුණු කටකතාවක් කෙතරම් දුරදිග ගොස් තිබුණා ද යත් එක් පුද්ගලයකු කී‍වේ හාමුදුරුවන්ට පහර දීම සඳහා පොලිසිය උදව් කර තිබුණු බවයි.

අන්තිමේදී ‍පොලිසිය අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරන ලදී. ඒ වනාහි නීතිමය ක්‍රියාමාර්ගවල ආරම්භයයි.

සති කීපයකට පෙර ද මෙම නගරයේ මුස්ලිම් කඩයකට කිසියම් පිරිසක් විසින් ගිනි තබන ලදී. එයට හේතුව ලෙස දැක්වුණේ මුස්ලිම් පුද්ගලයකු සිංහල පුද්ගලයකුට කළ ලිංගික අපචාරයකි. විෂම වාර්ගික වූ මෙම ලිංගික අපචාරය හැරුණු විට තවත් එවැනි ම විෂම වාර්ගික ලිංගික අපචාර ද, සම වාර්ගික ලිංගික අපචාර ද ඕනෑ තරම් මේ රටේ සිදු වේ. එහෙත්, ඒ හැම එකක් සම්බන්ධයෙන් ම වාර්ගික හෝ වෙනත් ස්වෝත්තමවාදී කලබල ඇති වන්නේ නැත.

අද සිළුමිණ පුවත්පතේ මුල් පුවත බේරුවල ගැන ය. එහෙත්, ඒ බේරුවල ගැන ජාතික හෙළ උරුමයේ දිලන්ත විතානගේ කරන අන්තවාදී ප්‍රකාශයකි. පහත පළ වන්නේ එම පුවතින් උපුටා ගත් කොටසකි.

"අලුත්ගම ප්‍රදේශයේදී ඉකුත් 12 වැනිදා භික්ෂූන් වහන්සේ නමකට පහර දුන් බව කියන සිද්ධිය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායක අනුර කුමාර දිසානායක නිශ්ශබ්දව සිටින්නේ කුමක් නිසා දැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ මහතා ප්‍රශ්න කරයි.

තම සංවිධානය මුස්ලිම් අන්තවාදී කල්ලිවල ක්‍රියා කලාපය මීට පෙර විවේචනය කළ අවස්ථාවලදී ජනතා විමුක්ති පෙරමුණ පුවත්පත් නිවේදන නිකුත් කරමින් තම සංවිධානයට විරෝධය පළ කළ බව පවසන විතානගේ මහතා මුස්ලිම් අන්තවාදීන් සිදු කළ මේ ප්‍රහාරය පිළිබඳව එම පක්ෂය නිහඬව සිටින බව ද කියයි.

ජනතා විමුක්ති පෙරමුණේ අතීත හැසිරීම් හේතුවෙන් වර්ෂ 1971 දී සහ වර්ෂ 1988 - 89 දී සිංහල බෞද්ධ තරුණයන් විශාල වශයෙන් මිය ගිය බව පැවසූ විතානගේ මහතා වර්තමානයේදී ද ජනතා විමුක්ති පෙරමුණ හා එහි නායකයා තම සංවිධානය කරන කියන දේ හරි හැටි සොයා නොබලා සිංහල බෞද්ධයන්ට විරුද්ධ ස්ථාවරයක පසුවන බවට චෝදනා කරයි.

සිංහල බෞද්ධයන්ට සිදුවන අකටයුතුකම් පෙන්වා දීම හැර වෙනත් කිසිදු වරදක් බොදු බල තරුණ සංවිධානය කර නොමැති බවත්, තම සංවිධානය අකටයුත්තක් වරදක් සිදුකර ඇත්නම් පෙන්වා දෙන ලෙස මේ පිළිබඳ අදහස් දැක්වූ බොදු බලසේනා සංවිධානයේ මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ද කියා සිටියහ."

මහජන මුදලින් නඩත්තු වන සිළුමිණ පුවත්පත මෙවැනි ප්‍රවෘත්තියක් අද දවසේ සිය මුල් පුවත ලෙස පළ කිරීමෙන් ඇත්තට ම කර තිබෙන්නේ පනින රිලවුන්ට ඉනිමං තැබීමකි.

බොදු බල සේනාව අද අලුත්ගම රැස්වීමේදී කරන්නට සිටි කතා සිළුමිණ කල් තබා ම ප්‍රධාන පුවතේ පළ කර තිබිණි. එය ජවිපෙ විරෝධී ප්‍රකාශයක් ලෙස පෙනුණත්, මේ මොහොතේ එවැනි මුල් පුවතක් පළ කිරීමේ අරමුණ ජනතාව කුපිත කර වාර්ගික අසමගිය ඇති කිරීම බව ඉතා පැහැදිලි ය. එහෙම නැතිනම්, ජවිපෙ නායකයාට බොදු බල සේනාව දක්වන ප්‍රතිචාරය මුල පිටුවේ ප්‍රධාන පුවත ලෙස පළ කරන සිළුමිණ පත්තරය බොදු බල සේනාවේ නිල පුවත්පත විය යුතු ය.

වාර්ගික, ආගමික හැඟීම් අවුස්සමින් මිනිසුන් සෙසු ප්‍රජාවන්ට එරෙහිව කුපිත කිරීම ඉතා පහසු කාර්යයකි.දැන් මෙම ලිපියට ප්‍රතිචාර දක්වන ඇතැමෙක් ද කරනු ඇත්තේ වාර්ගික අගතීන් සමග එක් වී අප ප්‍රශ්න කිරීමයි. 

අප මුස්ලිමුන්ට පක්ෂ අය බව ඔවුන් කියනු ඇත. එහි ඇත්තක් නැත්තේ ම නැත. මන්ද, ප්‍රමාණාත්මකව ගත් කල මුස්ලිම් ජනතාව මෙහි සුළුතර ප්‍රජාවකි. වැඩි පිරිසක් එක් වී සුළු පිරිසකට පහර දෙන කල සුළු පිරි‍සේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මිනිස්කම වෙනුවෙන් අප කළ යුතු යුතුකමකි. ඔබ කියන්නේ අප සියලු දෙනා එක් වී මුස්ලිමුන්ට පහර දිය යුතු ය කියා ද? අප නම් එයට එක් වන්නේ නැත. අප ප්‍රශ්න විසඳා ගත යුත්තේ අප සතු බලයෙන් නොව යුක්තියෙනි.

මුස්ලිම් ජනතාව අතර ද අන්තවාදීහු සිටිති. ඕනෑම ප්‍රජාවක එවැනි අය සිටිති. එවැන්නන් සිටියා ය කියා බහුතර ශක්තිය යොදා ඒ මුළු ප්‍රජාවෙන් ම පලිගැනීම වැරදි ය.

අනෙක් පැත්තෙන් සුළුතර ජාතිවාදයන් මතු වන්නේ බහුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව බව වීම ද ඇත්තකි. සමහර විට සුළුතර ජාතිවාදයන්ට ප්‍රතිචාරාත්මකව නැවත වටයකින් බහුතර ජාතිවාදයන් ශක්තිමත් වන අන්දම ද දැකිය හැකි ය. 

කෙසේ වුවත්, අන්තවාදයට පිළිතුර අන්තවාදය වන්නේ නැත. අන්තවාදයේ පිළිසරණ සොයන ජාතීහු ඇත්තෙන් ම සියතින් ම සිය වල කපා ගනිති.

මෙය මුස්ලිම් ජනතාවට බලපානු ඇත්තේ මෙසේ ය. මුස්ලිම්වරු වෙළඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන් අනිවාර්යයෙන් ම සියලු ප්‍රජාවන් සමග සුහදව කටයුතු කළ යුතු ය. ඔවුන්ට ලාභ ලැබිය හැක්කේ එවිට ය. සිංහල ජනයා අතර ඇති වන මුස්ලිම් විරෝධය ඔවුන්ගේ ව්‍යාපාරවලට තාවකාලිකව හෝ බලපානු ඇත.මුස්ලිම් මිනිසුන් මෙය තේරුම් නො ගන්නා නිසා ඔවුන්ට තේරෙන භාෂාවකින් එය තේරුම් කර දිය යුතු බව මා සමග කතා කළ එක් ගුරුවරයෙක් පැවසී ය. එහෙමය කියා මුස්ලිම් ජනතාව සිංහලයන්ගේ සියලු අකටයුතුකම් ඉවසිය යුතු ය කියා අප නම් කියන්නේ නැත. කිසිවකු තවෙකෙකුට යටත් වී ජීවත් වීම ප්‍රජාතන්ත්‍රවාදය නො වේ.

ජාතික පදනමින් සිංහලයන්ට පහර දීමට මොළයක් තිබෙන මුස්ලිම්වරුන් ඉදිරිපත් වේ යයි සිතිය නො හැකි ය. හේතුව, වාර්ගික වශයෙන් ඔවුන්ගේ සුළුතරකමයි. සිංහල ගම්මාන මැද බේරුවල වැනි කුඩා ජනාවාසවල ජීවත් වන මුස්ලිම්වරුන්‍ට වාර්ගික පදනමින් ගැටුම් ඇති කරගෙන පැවතිය නො හැකි ය. මා මේ බව පෙන්වා දුන් විට එක් සිංහල මිනිසකු පැවසුවේ මුස්ලිම් මිනිසුන්ට මැද පෙරදිග හා පකිස්තනය වැනි රටවලින් ආධාර ලැබෙන බව හා ඔවුන් සතුව අවි ආයුධ තිබෙන බවයි. නයින් ජීවත් වන්නේ හුඹස්වල බව ඇත්ත ය. එහෙත් අප බිය විය යුත්තේ නයින්ට මිස හුඹස්වලට නො වේ.

මුස්ලිම්වරුන් ලංකාවේ සිංහලයන් අභිභවනය කිරීම ඉදිරි සියවස් ගණනාවක් තුළදීවත් අපේක්ෂා කළ හැකි දෙයක් නො වේ. මුස්ලිම්වරුන් සිංහලයන් අභිභවනය කරනු ඇතැයි කියා ඔවුන් තුළ පදනම් විරහිත භීතියක් නිර්මානය කිරීම සිංහල ජාතිවාදීන්ගේ උපායකි.

මෙම දීර්ඝ ලිපිය අවසානයේ මට කියන්නට තිබෙන්නේ මෙයයි. අද වන විට ඇති වී තිබෙන මුස්ලිම් විරෝධී කළු ජූලියක් නිර්මානය වන තත්වය ඉතා පැහැදිලිව ම අන්තවාදීන් විසින් නිර්මානය කරන ලද්දකි. මෙයට මුල පිරුවේ සිංහල බෞද්ධ අන්තවාදීන් වුව ද මුස්ලිම් අන්තවාදීහු ද එයට දායක වූ හ. මෙයින් දෙපැත්තේ ම අන්තවාදීන් ලාභ ලබති. ඔවුන්ට විදේශ ආධාර, විදේශ චාරිකා, යාන වාහන, මිළ මුදල්, කාර්යාල, නිවාස, ලිංගික සැප වැනි සුඛ විහරණයන් රැසක් මේ හරහා ලැබී තිබේ. ඒවා දිගට පවත්වා ගැනීමටත්, තමන් සමග එක් වන සෙසු අයටත් ඒවා සම්පාදනය කර දීමටත් මේ අයට තව තවත් ජාතිවාදය අවුළුවන්නට සිදු වනවා ඇත. 

රටක යහපත් පාලනයක් තිබිය යුත්තේ මෙවැනි ප්‍රවණතාවන් පාලනය කර ගැනීමට ය. නැතිනම්, රට දිනෙන් දින ම යනු ඇත්තේ අගාධයට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා කඳුලු බේරෙන්න වදිනවා..... නානසාර සාදු ඇවිත් දර්ගාටවුමෙ රීලා රීලා ගියා..... අපිට ඉතින් මාස ගානක් ගූ ඇද්ද හැකි.....

    ඉන්න බෑ මූන ඇස් දනවා... පොඩි එවුන් අඬනවා....

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවට එල්ළවුන විරොධය මුස්ලිම් ජනතාව වෙත හැරවිමෙ මෙහෙයුම
      A. Fernando

      Delete
  2. //විදේශ ආධාර, විදේශ චාරිකා, යාන වාහන, මිළ මුදල්, කාර්යාල, නිවාස, ලිංගික සැප වැනි සුඛ විහරණයන්//

    මෙව්වා ලැබෙන්න ජාති වාදී වෙන්න ඕනි නෑ... බ්ලොග් ලියුවාම ඇති....

    උදාහරණ ගොඩක් තිබ්බත් හොඳම සහ හැම එකකටම ගැලපෙන එකා තමා අභීත එදිරිසිංහ..... ඔය ඔක්කොම ඌ ගත්තෙ බ්ලොග් ලියලා....

    ReplyDelete
    Replies
    1. අභීතයා කරනදේවල් උඹට මොකද බං. ඌ කුඩු විකුනන්නෙ නෑනෙ. අනුන්ගෙ රෙද්දවල් හොයන්නැතිව හිටහං බං.

      Delete
    2. ඌ කුඩු විකුනන්නෙ නැති උනාට මීමුරේ බඩු විකුනනවනෙ. ඒ මදෑ.

      Delete
  3. ලියන්නට දෙයක් නැත. පැරා සියල්ලම පැහැදිලිව ලියල. සම්පූර්ණ ලිපිය සමග එකග වෙමි.

    ReplyDelete
  4. දසුන් ප්‍රසංගJune 16, 2014 at 12:43 AM

    සිංහලයන්ට නායකයෙක් නැහැ !
    ඒ සිංහලයන්ට නායකයෙක් අපි හොයන්න ඕන !

    නානසාර භික්ෂූව අලුත්ගමදී ජාතිය ඇමතූ හැටි !

    https://www.youtube.com/watch?v=RiHEYxOyrfc#t=11

    ඒ වෙන කවුරුවත් නෙවේ අපේ ගෝටාභය මහත්තයා! එතුමා විතරයි අපිට ඉන්න එකම සිංහල නායකයා අපිට විශ්වාස කරන්න පුළුවන් එකම රාජ්‍ය නිලධාරියා!
    අපි කියනවා එතුමාට අපි කලින් වතාවක මාධ්‍ය සාක්ච්චාවක කිව්වා වගේ එතුමන්ට ආගමික අමාත්‍යාංශය විතරක් නෙමේ මේ අපේ සිංහලයගේ නායකත්වය ගන්නත් සුදුසුකම් තියෙන බව දැනගනිල්ලා ඔය පරදේශක්කාර මරක්කල හැත්ත !

    ඔය ටිකත් කිව්ව නම් හරි !

    කොහොමවුනත් ඔය ටිකත් ඊලග ජනාධිපතිවරණයේදී හරි මහා මැතිවරණයදී කියනවා !

    ඒක එකාන්තායි.

    ReplyDelete
    Replies
    1. යකුනේ අපිට ඉන්නේ ඔච්චරයි...

      Delete
  5. ///මෙයට මුල පිරුවේ සිංහල බෞද්ධ අන්තවාදීන් වුව ද මුස්ලිම් අන්තවාදීහු ද එයට දායක වූ හ. ///
    පැරා වගකීමෙන්ද කියන්නේ පටන් ගත්තේ සිංහල බෞද්ධ පැත්තෙන් කියලා. එහෙමනං දෙන්න බලන්න ඒකට හේතු සාධක? කොතැනින්ද පටන් ගත්තේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. කොටින්ට එරෙහි යුද්ධයේදී මුස්ලිම් ජාතිකයන් හිටියේ ආණ්ඩුව හා සිංහලයන්ගේ පැත්තේ. ඔවුන් කොටින්ගෙන් සෑහෙන්න බැට කෑවා.

      මුස්ලිම් විරෝධය මතු වුණේ 2009 වසරේ කොටින්ගේ පරාජයත් සමගයි. ජාතිවාදීන්ට අලුත් සතුරෙක් ඕනැ වුණා.

      අද වෙනකල් කොහේ හරි තැනක මුස්ලිම් මිනිස්සු සිංහල බහුතර ජනතාවට එරෙහිව දේශපාලනික ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා ද? තියෙනවායි කියන ජිහාඩ් කල්ලි කෝ?

      මුස්ලිම් ගැහැනු බුර්කා අඳින එක හෝ පවුල්වල වැඩිපුර ළමයි හදන එක හෝ සිංහලයන් එරෙහි ප්‍රහාරයක් නෙමෙයි.

      Delete
    2. 1915 ඔහේට අමතක වුනාද හිතලාම අමතක කරාද? නැත්තං ඔහේගේ දන්නැති කමද?

      පංසල් ඉඩම් බලහත් කාරයෙන් අල්ලන එක පිරිත් දැමීමට තහනම් කිරීම, ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන විනාශ කිරීම, මේවා යුක්ති සහගතද?

      පැරා මේකෙන් පැනලා යන බව මම දන්නවා උත්තර දෙන්න බයයනේ?

      මෙම කරුණු පසුබිමෙහි පෙළ ගැසෙන විට 1915 මැයි මස 28 දින පොලිසියේ හා අදාළ බලධාරීන්ගේ අවසරය මත තූර්යවාදක කණ්ඩායමක් කාසල්හිල් වීදියේ ගමන් කරන අතර ඒ වන විට මාර්‍ගයේ ආරක්ෂාවට සිටි කුරේ නම් පොලිස් නිලධාරියා වාදන කණ්ඩායම්වලට ඒ වීදියෙන් ගමන් කිරීම තහනම් බව පවසා හරවා යැවීය.ඒ යන ගමනේයාර 120ක් පමණ එහා යෝනක පල්ලියක සිටින ජනයා මෙම බැති ගී කණ්ඩායමට සහ තූර්ය වාදකයන්ට කළ සරදම් ඉවසා ගත නොහී හරවා යැවූ කණ්ඩායමක් නැවත පෙර ගිය දෙසටම ගමන් කරන්නට විය.බැති ගී කණ්ඩායම පසු පස ගිය බෞද්ධයන්ට මරක්කලයන් ගල් ගැසීමට පටන් ගත් ‍‍‍හෙයින් උදහසට පත් වූ බෞද්ධයන් ද මුවර්වරුන්ගේ පල්ලියට හානි ක‍‍ළේය.මෙය හේතුව කර ගනිමින් රාත‍්‍රියේ ද ඇති වූ ගැටුම් දින දෙකක් පුරා මැයි මස 30 වන දින දක්වා පැවතුණි.එයින් ඇතැම් අය අත්අඩංගුවට පත් වු අතර තවත් අය සිරගත විය.පොලීසියට කෝලාහලය සංසිදවාගත නොහැකි වූයෙන් පංජාබ් හමුදාව කැඳවන ලදී.ජූලි 01 වන දින එය කොළඹ එනම්, බස්නාහිර පළතට පැතිරුණු අතර ඊළග දිනයෙහි දකුණ,මධ්‍යම,උතුර මැඳ,සබරගමුව ආදී පළාත්වලට ද පැතිර ගියේය.අවසානයේ දින 09කට පසු ජූනි 06 වැනි දින කෝලාහලය පාලනය කළ ද පැන වු යුධ නිතිය ඉවත් කරන ලද්දේ අගෝස්තු මස 30 වැනිදාය.

      උපුටා ගැනීම විකි

      Delete
    3. @පැරා, 
      ඔව් එ්ක වෙන්න ඇති ඔය කියන මුස්ලිම් පක්ෂ, පක්ෂෙන් පක්ෂෙට පැන්නේ? හෙළ උරුමය, JVP එකතු වෙලා ඒ පාවදීම් නවත්වන්න පාඩමක් උගන්වන කම්....

      Delete
    4. පැරා මේ කතාව ඇත්ත උනාට. අද ඉන්ටර්පෝල් එකෙන් කියලා තියෙනවා. මෙහේ අල් කයිඩා සෙන්ටර් එකක් කියලා. ඔය බුර්කා අස්සේ ඉන්නේ අල් කයිඩා නෙමෙයි කියලා පැරා කොහොමද කියන්නේ. ඒකයි අපි මුලින්ම මේ දේවල් කිව්වේ. පැරා එදා පිලිගත්තෙත් නෑ අද පිලිගන්නෙත් නෑ. අපේ බූරුවන්ට පෙනුනෙත් නෑ. අත් ඉන්ටර්පෝල් එකට පේනවා.

      බොබසේටත් පිස්සු..
      ලෝගූ අඳින බුර්කා අඳින උන්ටත් පිස්සු..
      මේවට පිලියම් නොයොදන ආන්ඩුවටත් පිස්සු..

      Delete
    5. @ Maathalan
      ඇයි බං මේවා දැක දැක "සුළු" කණ්ඩායම් වලටම විතරක් පක්ෂග්‍රාහී ටෝක් දෙන (කඩේ යන) පැරාට පිස්සු නැතෙයි??

      Delete
  6. රට යන්නෙ කොහෙද කියල හිතා ගන්න බෑ.වාර්ගික අසමගිය පතුරුවන ඉමේජ් එකක් 4699 ක් ලයික් කරල,1170 ක් ශෙයා කරල.කොමෙන්ට් වුනත් 90 % ක් අන්තවාදී ඒව.හැම දෙනෙක්ම එකට එකතුවෙන්න ඕන වෙලාවක්.නැත්නම් මේව කොතනින් කෙලවර වෙයිද දන්නෙ නෑ.සමහර හාමුදුරුවරුන්ට ඕන රට අමු සොහොනක් කරන්ඩ

    ReplyDelete
  7. ඥානසාර ත්‍රස්තවාදියාට බය වෙන්න තරම් පොලීසිය නපුංසක ද?


    බොදු බල සෙනා නම් බෞද්ධාගමික ත්‍රස්ත සංවිධානය මේ වන විට අළුත්ගම දර්ගා නගරය කේන්ද්‍ර කරගෙන් අවුලුවා තිබෙන මුස්ලිම් විරොධී ප්‍රහාරයන් බේරුවල ආසනය දක්වා පැතිර යාමට ඉඩ දීමෙන් පසුව පොලිස් ඇඳිරි නීතිය අලුත්ගම නගරටත් බේරුව නගරයටත් පනවා ඇත.

    බොදු බලා සේනා ඇතුළු බෞද්ධ ත්‍රස්ත සංවිධාන ගණනාවක් එකතුව පොලීසියේද උදව් ඇතිව අලුත්ගම නගරයේ පැවති ‘අවදිවව් බොදු මහ සමුළුවෙන්’ පසු හට ගත් කලබලකාරී තත්වය හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසීය.

    මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමග බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරය තුල මෙම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් බොදු බල සේනා ත්‍රස්ත සාමාජිකයන් ගමන් කරමින් සිටියදී ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

    මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බව මෙම බොදු ත්‍රස්තයන් පවසයි. තත්වය පාලනය කිරීම සඳහා අවසානයේ පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබේ.

    මේ වන විට චෝදනා එල්ල වන්නේ සමතයකට පත්ව තිබු ප්‍රශ්නයක් යළි අවුලුවා ලීම සඳහා බොදු ත්‍රස්තයන්ට එම නගරයේ සමුළුවක් කැඳවීමට අවසර ලබාදීම පිළි බඳවය. රාජපක්ෂ වරුන්ගේ ආශිර්වදය ඇතිව ක්‍රියාත්මක වන ඥානසාරගේ බොදු බල සේනාවත් තවත් සිවුරු පොරවා ගත් දාමරිකයන් කිහිප දෙනෙකුගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අනෙක් සිංහල රාවය, රාවනා බලය නම් ත්‍රස්ත සංවිධානත් නඩත්තු කරනු ලබන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින්ය. ඒ අනුව මෙම ගැ‍ටුමද රාජපක්ෂවරුන්ගේ වුවමනාව ප්‍රකාශයට පත් වීමක් විනා අන් යමක් නොවේ.

    මේ නිසා ඥානසාරලා ඉදිරියේදී පොලීසියේ නිළධාරීන් නපුංසකයන් වීම අහඹුවක් නොවන නමුත් තමන් හැඳසිටින කාකී නිල ඇඳුමටවත් ගෞරවයක් වන ලෙස කටයුතු කිරීමට පොලිස් නිළධාරීන්ට කොන්දක් තිබිය යුතුය. මෙම බොදු ත්‍රස්තයන්ගේ ‍රැස්වීම පැවැත්වීමට අවසර නොදීමට හැකියාවක් පොලීසිය සතුව තිබිණි.

    ශිෂ්‍යන්ගේ උද්ඝෝෂණ වැලැක්වීමට අධිකරණ නියෝග ලබා ගැනීමට තිබෙන හදිස්සිය මෙහිදී නොමැතිවීම ගැටලු කාරීය.

    මෙම ගැ‍ටුම් ඇතිවීමට පෙර පොලීසිය නිසියාකාරව ක්‍රියාත්මක නොවීමෙන් සනාත වන්නේ මෙය රාජපක්ෂවරුන්ගේ අනුදැනුම යටතේ සිදුවූවක්ය යන සැකයය.

    කෙසේ නමුත් ඥානසාරලාගේ ත්‍රස්තවාදය මේරට පොලීසියෙන් හෝ නීතියෙන් තවදුරටත් විසඳා ගත නොහැකි තැනට පත්ව තිබේ. අනෙකාගේ නිදහස තමාගේ නිදහසේ මූලික කොන්දේසිය ලෙස පිලිගන්නා ජනතාවක් මෙරටේ වෙත්නම් කළ යුතුව ඇත්තේ අනෙකා වෙනුවෙන් ඥානසාරලාට එරෙහිව පාරට බැසීමය.

    ReplyDelete
  8. මගේ මවගේ පියා ලංකාවේ අයෙක් නොවේ. එමනිසා මගේ දෙමාපියන් ආගම් දෙකක් අදහන්නේ. මම නං මොන ආගමක් වත් අදහන්නේ නෑ.

    ඒත් මට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි ලංකාව හෝ ලෝකය ක්‍රිස්තියානි,හින්දු,බෞද්ධ ආදී මොන ආගමක් අදහන උදවියගෙන් හෝ ආගමක් අදහන්නේ නැති උදවියගෙන් සමන්විත උනාට කමක් නෑ. ලංකාවෙත් ප්‍රධාන ආගම හින්දු උනත් ක්‍රිස්තියානි උනත් ගැටලුවක් නෑ.

    හැබැයි මුස්ලිම් ජනතාවට නං මගේ කිසිම කැමැත්තක් නෑ. කොටින්ම කිව්වොත් ඉස්ලාම් කියන්නේ ආගමක් නෙමෙයි.ඒක තමයි ත්‍රස්තවාදය. මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය හින්දා බැටකන්නේ හින්දුන්,ක්‍රිස්තියානින්,බෞද්ධයන් මෙන්ම අනෙකුත් ආගම් අදහන උදවිය සහ ආගම් අදහන්නේ නැති අය.

    මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය යුරෝපයටත්, ආසියාවටත් අනෙකුත් රටවලටත් තර්ජනයක්. මගේ ප්‍රාර්ථනය නම් මේ මුස්ලිම් ත්‍රස්‌තවාදය ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායිලය වගේ රටවල් සමග එක්කාසු වී මෙය සමුල ඝාතනය කරන දිනක් උදාවේවා යන්නයි. ඇතැම් විට මේ සදහා නොසිතු විරු අන්දමේ හෝ මිලක් ගෙවීමට සිදුවෙයි.ඒත් මුස්ලිම් ත්‍රස්‌තවාදය කියන්නේ කොපමණ මිලක් හෝ ගෙවා පරාජය කලයුතු දෙයක්.

    ReplyDelete
    Replies




    1. Spot on......!

      Dumb fucker of Sri Lankan government stand by palestine (there is not even a country only territories). Irony is that they (fatah) helped and trained ltte back in '80s. At the beginning of CBK's time yasser Arafat came as a diplomat. Most funny thing is that Sri Lanka sought helped to defeat ltte. guess who is it; from Israel, they provided fighter jets to defend Jaffna against ltte in 2000s.

      I am a Buddhist, but a huge fan of Israelites (Zionists). They are the only nation who was able to take their holy land back after thousands of years by (let’s admit it "brutally") attacking Muslims (in 1948, 1967 and 1973 and so on). It is the Israel we should stand by as a nation. It is pity Sinhalese not backing Ben Gurion / Moshe Dayan type politicians in Sri Lanka


      Delete
    2. සිරියාවේ ත්‍රස්තවාදීන්ට ඊශ්‍රායිලය උදව් කරනවා නේද ? ත්‍රස්තවාදය ලෝකෙන් නැතිකරන්ඩ මේ ගොල්ලෝ සහයෝගේ දෙයිද?

      Delete

    3. This is because the Israel want's their hostile countries to be weak. On the other hand iranians (sworn enemy of Israel) gave their military support to Assad regime.

      By default it is considered Jews hate muslims now as much as they hated zanies back in 19s.

      Delete
  9. //////අප මුස්ලිමුන්ට පක්ෂ අය බව ඔවුන් කියනු ඇත. එහි ඇත්තක් නැත්තේ ම නැත. මන්ද, ප්‍රමාණාත්මකව ගත් කල මුස්ලිම් ජනතාව මෙහි සුළුතර ප්‍රජාවකි. වැඩි පිරිසක් එක් වී සුළු පිරිසකට පහර දෙන කල සුළු පිරි‍සේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීම මිනිස්කම වෙනුවෙන් අප කළ යුතු යුතුකමකි. ////
    පැරා, ගොඩ කොච්චර ලොකුද පොඩිද කියන දේ පැත්තකට දාල 'හරි' 'වැරදි' අනුව 'පැත්ත' තීරණය කලා නං තමයි වටින්නෙ. ඔය විදියට බැලුවම ඉතිං පැරාට හැමදාම ඉන්න වෙන්නෙ 'සුළු' පැත්තෙ තමා

    ReplyDelete
    Replies
    1. හරියට හිරි රාජ්, හරි වරැදිද කොහොම උනත් ගොඩ පොඩි නම් එකත් කර ගන්න දක්කන්න හරි ලේසි නොවැ.

      Delete
    2. ඇත්ත රාජ්. පැරා හැමවෙලාවෙම "සුළු" පැත්තට පාක්ෂිකයි. මේ ලිපිය පුරා මටනම් දකින්න තියෙන්නෙ පැරා අළුත්ගම සිදුවීම් පෙළ "මහ" සිංහල පිරිස විසින් "සුළු" මුස්ලිම් ජාත්කයන් වෙත එල්ල කර න ජාතිවාදී සිදුවීමකට පමණක් ලඝු කර ඇති බවයි. එහෙම නැතිව සිදුවීමේ හරි වැරැද්ද කිරා මැන බැලීමක් මෙතන කරලා නෑ.

      Delete
  10. World top most wanted terrorists are Muslims. top ten terrorists groups are Muslims. Muslim came to destroy the world - Martin L king, What else are they humans?

    ReplyDelete

  11. පැරකුම්ගෙ ලිපියෙන් 99% ක් සමඟ එකඟ වෙමි.රාජ් කියපු ලෙස ලොකුද පොඩිද කියන දේ පැත්තකට දාල 'හරි' 'වැරදි' අනුව 'පැත්ත' තීරණය කලා නං තමයි වටින්නෙ
    මෙතන ලොකු මුස්ලිම් ඒරියා එකකට ගිහින් කලබල කරන්නෙ ඇයි කියල හිතන්න.හැම අතින්ම අවාසිය සිංහලයන්ට තියාගෙන මේ වගෙ වලියක් යන්නෙ මෝඩකම නිසාමද
    නැත්නම් ආන්ඩුවට තියන ජාතිවාදී චෝදනාවෙන් ආන්ඩුව බේරන්නද
    මේ ජාතිවාදීන් ඇත්තටම ජාතිවාදීන් නොවෙයි අවස්ථාවාදීන්.මුන් පස්සෙ යන එවුන් නිකම් අමාරුවෙ වැටෙනව.
    කොටි දළදා මාලිගාවට ගහද්දි,අහිංසකයො ගම්මාන පිටින් මරද්දි,බස් පුපුරවද්දි ඔහොම සංවිධාන බිහිවුනේ නෑනෙ.එක රැයින් මුස්ලිම් විරෝධයක් ආවෙ කොහොමද
    මේක ලොකු බොරුවක්.ඇත්තටම මුස්ලිම් විරෝධීනම් කැමරා ඉස්සරහ පිස්සු කෙලල රට සවුත්තු කරන්නෙ නැතිව කොච්චර දේවල් තියනවද කරන්න.
    මුස්ලිම්වරු සුළුජාතියක් නිසා කවුරුවත් සිංහලයන්ට අනුකම්පා කරන්නෙ නෑ.
    රටේ නම කැත කරන ඇබිත්තයන්ට පොලීසියෙනුයි මුස්ලිම්වරුනුයි ලවා ගුටි ගස්සවන මේ අවස්ථාවාදී හාමුදුරුවරුන්ට සියළුදෙනා විරුද්ධ වෙන්න ඕන.

    ReplyDelete
  12. හරියට තහවුරු නොකළ ආරංචි අනුව සිංහලයො කාලලු රජ කෑමක් අවුරුදු 2500 කට ඇතිවෙන්න.මුස්ලිම්වරුන්ගෙන් කාල එනකොට ආරක්ෂක අංශ දුන්නලු අතුරුපස.
    ඊලඟට මේ වගෙ වැඩවලට යන්න හොඳ පළාත් ටිකක් කියන්නම්
    අක්කරෙයිපත්තු,සමන්තුරෙයි,පොතුවිල්,කාත්තන්කුඩි වගෙ පැතිවල බොදුබලසේනා රැස්වීම් තියන්නයි තියෙන්නෙ.
    මුස්ලිම්වරු කියන්නෙ මේ රටේ යතාර්තයක්.උන්ට විරුද්ධව පෙලපාලි ගිහින් වැඩක් නෑ.අපි කැමති වුනත් අකමැති වුනත් උන් එක්ක සහයෝගෙන් ඉන්න වෙනව.උන් පන්නනව කියන එක ප්‍රායෝගික නෑ.මුස්ලිම් විතරක් නොවෙයි අනෙක් ඔක්කොම එක්ක ශේප් එකෙන් ඉන්න ඕන.
    මුන් ගුටිකන එකෙන් අපිටත් ලැජ්ජයි.ආරංචියක් යනව ජාතික වීරයො තම්බිලගෙ හිරබාරෙට පත්වෙලා පල්ලියක රදවල හිටිය කියල
    එක සතුටක් නම් තියනව ආන්ඩුව රට ආයෙ 1983 ක් කරන්නෙ නම් නෑ.ඒ ගැන ජනාධිපතිතුමාට ස්තුති කරන්න ඕන.
    උන්ට විරුද්ධනම් උන්ගෙ කඩවලට නොයා ඉදපල්ල.ඒක මම අනුමත කරනව නොවෙයි.
    මම නම් බුකියෙත් ජාතිවාදීන්ට නිතරම කිව්වෙ උඹල කනව විතරක් නොවෙයි අපටත් ඇට නැති පරිප්පු කන්න වෙනව කියල.
    මුස්ලිම්වරු සමඟියි.ඒක උන්ගෙ ආගමත් එක්ක එන එකක්.ඒකට අපට කරන්න දෙයක් නෑ.අපේ ආගම කියන්නෙ ඔක්කොම අටහ් ඇරල තපසට පලයවු කියලනෙ.ඉතින් පොල්ලක් ගත්තත් ගිල්ටි ෆීලින් ඇතිවයි අපට පොල්ල ගන්න වෙන්නෙ.දුටුගැමුනුත් යුද්දෙන් පස්සෙ පසුතැවිලි වුනානෙ.
    මුස්ලිම් අයට සටන කියන්නෙ ශුද්ධ වූ කර්තව්‍යයක්.ඒ වගේම ඔවුන්ගෙ ආගමෑඉ හැම දෙයක්ම සකස් වෙලා තියෙනෙ ඔවුන් බෝවෙලා පැතිරෙන්ම විදියට කොමියුනිටි එක ශක්තිමත් වෙන විදියට.අපට කරන්න දෙයක් නෑ.ගුටි නොකා ශේප් එකක් දා ගනිමු.දැන් කියාවි මම බයගුල්ලෙක් කියල.ඇත්ත ඒක නොවෙයි.මම කියන්නෙ යතාර්තය.
    ඉතිහාසය පුරාම අපි කෑව බන්.ඉන්දියාව රජීව් මරපු එකට කොටිය එක්ක ඔරොප්පු නොවුන නම් ඇමරිකාව බින් ලාඩන් එක්ක ඔරොප්පු නොවුන නම් අපි දෙමලුන්ගෙනුත් කනව බන්.
    අපි කරන්න ඕන ඉගෙනීම වෙළද ව්‍යාපාර වලින් දියුණු වෙන එක.වලියට ගියොත් අපියි ගුටිකන්නෙ.
    හුජ්ජ කරල බුදිය ගනිවු ජාතික වීරයිනේ මුස්ලිම්වරුන්ගෙ හිරබාරෙට පත් නොවී.

    ReplyDelete
    Replies
    1. හික් හික් හී...
      කොනකපාල කෙනෙක් කොමෙන්ට් එකක් දාල සිංහල එකෙක් වගේ. මමත් ඔය බොදුබල ඩයල් කරන වැඩ අනුමත කරන්නෙ නෑ. නමුත් උඹලා කරන ගල් යුගේ බූරු වැඩ අනුමත කරන්නෙත් නෑ.

      Delete
    2. /මුස්ලිම් අයට සටන කියන්නෙ ශුද්ධ වූ කර්තව්‍යයක්/

      කොහොමද අවජාතක ගෙරි මුස්ලිම් බල්ලගේ කතාව.
      තොපි වගේ මෝඩ ජාතියක් තවත් නෑ.
      යකෝ තොපි තමා ඈමරිකන් කරයාගේ බිලි පූජාව.
      තොපෙ මෝඩ තම්බි රටවල හෑමතෑනම යුද්ද.
      බල්ලාට උසි උසි කිව්වාම වගේ තොපිටත් ජිහාඩ් ජිහාඩ් කිව්වාම කඩු පොලු උස්සගෙන ඈනකොටාගන්න යනවා.
      අන්තිමට තොපිම නෑහෙනවා මෝඩ ජාතිය.(මෝඩ අන්තවාදියෝ ටික නෑහෙන ඵක අන්තිම හොදයි.ඵ්ත් තොපේ වේස ජිහාඩ් වලට මෑදිවෙලා මෑරෙන අහින්සක මිනිස්සු පවු.)
      යකෝ අල්ලෙක් කියල ඵකෙක් නෑ පොත පත කියවපියව්.....හම්බ ලෝගුව වීසි කරලා මනුස්සයෙක් වෙයව් ලොවෙත් නෑති අල්ලෙක් නිසා නෑහෙන්නයි නහන්නයි හදන්නෙ නෑතුව මෝඩ තම්බියා.

      Delete
  13. ෆේස් බුක් මිතුරෙකුගේ ටයිම් ලයින් එකෙන් උපුටා ගත් සටහනක්.

    ====================================
    ලොව මෙතෙක් ඇතිවූ සියලු ආගම්, ජාතීන්, සංස්කෘතීන් හා ශිෂ්ටාචාර වලට වඩා මනුෂ්‍යත්වයත් මනුෂ්‍ය සභ්‍යත්වයත් වටින්නේ සහ අගනේ යැයි මම තිරව විශ්වාස කරමි. කිසියම්ම ජාතියක් හෝ ආගමක් උසස්වන්නේද එකී ජාතීන් හෝ අදහන්නන් ශිෂ්ට සම්පන්න වන්නේ ද ඔවුන් කොතෙක් දුරට මානුෂික හා සාධාරණ ආකාරයෙන් අන් මිනිසුන්, සතුන් හා පරිසරය හා ගනු දෙනු කරන්නේද යන ආකාරය මත පමණි. තම ජාතිය හෝ ආගම අන් කිසි ජාතියකට හෝ ආගමකට වඩා උසස් යැයි පාරම් බාන්නා මා හඳුනා ගන්නේ මෝඩයකු ලෙස පමණි. සුවිසල් විශ්වය තුළ දූලි අංශුවකටත් වඩා කුඩා මේ මහ පොළොව මත කිසියම්ම හෝ ඉඩක යම් ජාතියකට, ආගමකට හෝ සත්ත්ව කොට්ඨාශයකට අනෙක් සතුනට වඩා වැඩි අයිතියක් ඇතැයි අදහන්නාද මා සලකන්නේ ඇසුරු නොකළ යුතු බාලයකු හැටියට පමණයි. මෙවැනි පටු බෙදුම් හා මිථ්‍යා ආකල්ප මත පදනම්ව අන් ජාතීන්ට, ආගමිකයන්ට සහ සත්ත්වයන්ට එරෙහිව ක්‍රියාවෙන්, වචනයෙන් හෝ සිතුවිල්ලෙන් අසමගියට තුඩු දෙන කටයුතු වල යෙදෙන්නෝ මගේ මිත්‍රත්වය ලබන්නට කිසි ලෙසකින් වත් සුදුසු නොවන්නෝ යැයි මම සිතමි. එවන් පුද්ගලයින් තරාතිරම නොබලා, ඥාති, ගුරු, ගෝල, හිතවත්කම් නොබලා මාගේ මිතුරු ලේඛනයෙන් ඉවත් කරනු ලබන බව කරුණාවෙන් සලකන්න.

    මට ජීවත් වීමට ඉතිරිවී ඇති ඉතිරි දින හෝ වසර කිහිපය අසමගියෙන් ගිනි ගන්නා රටක ජීවත් වන්නට මට උවමනා නැත. මා කුඩා කාලයේ ජීවත් වූ සාමකාමී රට වැනි පරිසරයක ඉතිරි කාලය ගතකරන්නට මට අවශ්‍ය හෙයින් දෑ, ගොත්, ආගම්, කුල මල වෙනස් කම් ඇවිලීමට උඩ ගෙඩි දෙන හැමෙකෙක්ම දුරින් දුරු කළ යුතු පවිටුන් ලෙස පිටු දකිමි.
    ======================================

    ෆේස් බුක් මිතුරෙකුගේ ටයිම් ලයින් එකෙන් උපුටා ගත් සටහනක්.

    ReplyDelete
  14. Mr.peraku,1915 kolahalaya gena kiyawanna,Hundred days under the Marshal Low(Armand de Suza) eelagata (lankawe pasidda naduwibhaga keepayk-kiyana pothe Gadoladeni kedawachakaya kiyana naduwa)Lekakaya wadugodapitiya. Mata name mula tika amathkai.potha eththe lankawe ape maha gedara.

    ReplyDelete
  15. Mama aluthgama dharganagaraya gena hondata dannawa oya dekalathiyenne mathu pita witharai.oya dharga town eke den awrudu 20-30 nitharama sinhala yanta asada rana wenwa.podda weradunath watawenawa,wela ekek dennek hondata gehuwatapasse anith ewun palayan palayan kiyala (apeekata) shep karanne.awrudu 30 kata withara kalin police jeep eka kadayak kadagena gihin police niladarinta gehewwe rohal gatha karanna.helmat dannema nee!!!Paththagodaya.

    ReplyDelete
  16. මංමුලාවු ජාතියක් තව තවත් මුලාකරන අය කරන්නේ රට තවත්වත් අපකීර්තියට පත් කරන එකයි. ආන්ඩුව නිදිද නැත්නම්, නින්දෙන්ම මිය ගිහින්ද...
    මේ රැස්වීමට පෙර අසාද් සාලි පොලිස්පතිට මේ බව ලියා දන්වා තිබුනා. කරපු දෙයක් නැහැ.

    ප.ලි. 1977 මැතිවරනයෙන් බේරුවල ආසනයට ජී.අයි.ඩි. ධර්මසේකර කොමියුනිස්ට් පක්ෂෙන් තරඟකර තුන්වැනි තැනට ආවා. ඡන්ද 15000ට ආසන්න ගානක් ගත්තා. රෙජිනොලෙඩ් කුරේ ස්වාධීනව ඉල්ලා ඡන්ද 53ක් ගත්තා. කාලය කොතරම් වෙනස් වෙලාද...

    ReplyDelete
  17. පිස්සන් දෙපිරිසක් අතර ඇති වූ හබයක්.තුවාල වන්නේ රටට ඒකයි ප්‍රශ්නය.ආගම විෂයි කියන එක දැන් හොදටම තේරෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. මේ සිද්ධිය සම්බන්ධයෙන් මම කියවපු හොඳ ම කොමෙන්ටුව. කෙටි යි නමුත් හරියට ම කියන්න ඕනේ දේ කියලා තියෙනවා.

      Delete
  18. meka kiyawala sinhala aya vadiya kalabala wenna epa muslimunta kade yana site ekak meka,thambiz kenekgema wennath puluwan.

    ReplyDelete
  19. මාගේ දයාබර මුස්ලිම් සහෝදර හහෝදරියන් වෙත,
    දයාබර සොයුරු සොයුරියනි ඉවසීමෙන් සැමවිටම කටයුතු කරන්න.
    මා උපතින් කතෝලිකයෙක් වන කෙනෙක්. නමුත් මා මේ මොහොත වන විට කිසිම ආගමක් අදහන්නෙක් නොවෙමි. නමුත් මා සිතන ආකාරයට මා ඉතාම මානව හිතවාදියෙකි. එලෙස සියළු මානව වර්ගයන්ට ආදරය කරන පුද්ගලයෙක් ලෙස එම මානවයන්ගේ හැසිරීම් සිතුම් පැතුම් වලට ගරු කරන තැනැත්තෙක් වෙමි. එම නිසා එම මානවයන්ට තමන් කැමති ආගමක් ඇදහීමට ඇති අයිතියට ගරු කරමි. ( ඒ මා කිසිම ඇදහීමක් කෙරෙහි ඇති ගරුත්වය නිසා නොව මිනිසාටම ගරු කිරීමක් ලෙසයි) මට අනුව නම් මා කිසිම ආගමකට මුල් තැනක් දෙන්නේ නැත එම සියලු ආගම් එකම ස්තරයක පවතියි.
    මේ මොහත වන විට ඉතාම පැහැදිලිව ජාතිවාදය වැපිරීම සදහා යම් පිරිසක් විසින් පවතින ආණ්ඩුවෙන් කොන්ත්රා තුවක් ගෙන ඇති බන පෙනෙයි. මෙම සිදුවීම් වල මූලය ගැන මොහොතක් සිතා බලන්න. මෙම කොන්ත්රකත්කරුවන් බෞද්ධයන්ටවත්, මුස්ලිම් අයටවත්, කතෝලිකයන්ටවත්, කිසිම ජාතියකටවත් ආදරයක් ඇති අය නොවන බව මනාව වටහා ගන්න.
    මේ අපේ ආදරණීය රට ජරා කුණු ගද ගහන තත්වෙට පත් කර හමාරය. පාලකයන් හට ජනතාවට කීමට දෙයක් ඉතිරි වී නොමැත. ඔවුන්ට අවසාන වශයෙන් ඉතිරි වී ඇත්තේ ජාතිවාදය ඇවිස්සීම පමනි. ලොකයේ සහ අපේ රටේද මෙවැනි දේ වලට අතීත උදහරණ උවමනාවටත් වඩා අපට ඇත.
    ආදරය, ප්රේ මය මෛත්රිිය අපගේ දහම කර ගන්නට උත්සහ කරමු.

    ReplyDelete
  20. ඉහත කමෙන්ට් එක මුහුනු පොතේ මිතුරෙකුගෙන් මම ගත්තෙ.

    ReplyDelete
  21. //මිනිස් ඝාතන රැල්ලක්, දැවැන්ත දේපල විනාශයක් හා මේ මොහොතේත් ඇවිලී යන මහා සිංහල - මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට බොදු බල සේනාව හා එය පිටුපස සිටින ජාතිවාදී බලවේගවලට හැකි වී තිබේ. //
    බොදු බල සේනා පාංකඩයන්ගේ මෘග හැසිරීම් තවත් ඉවසන්න ගියොත් රටම විනාශයි ආයිබං.
    නානසාර වැනි පිස්සු බල්ලන් බැඳ තබමු.

    ReplyDelete
  22. ලෝකෙ කොහේ හරි ආගමික යුද්ධයක් තියනව නම් ඒකෙ එක පාර්ශවයක් මුස්ලිම්. මේ ලෝඅකෙ කොහේවත් බෞද්ධ-කතෝලික, කතෝලික-හින්දු, හින්දු-බෞද්ධ ආගමික යුද්ධ නෑ.ඕන රටක ආගමික යුද්ධයක් නම් එතන මුස්ලිම්ල. බෞද්ධ-මුස්ලිම් බංග්ලාදේශය, මියන්මාරය. කතෝලික-මුස්ලිම් පකිස්තානය,සුඩානය,නයිජීරියාව ඇතුළු බොහෝ අප්‍රිකානු රටවල්.හින්දු-මුස්ලිම් ඉන්දියාව,බංග්ලාදේශය. යුදෙව් මුස්ලිම් ඊශ්‍රායලය,පලස්තීනය. ඒ මොකුත්ම නැත්තම් ශියා මුස්ලිම්-සුන්නි මුස්ලිම් යුද්ධෙ ඉරාකයෙ ඉරානයෙ. මුස්ලිමුන් කියන්නෙ පිළිලයක්. උන්ට වෙන කිසි ජාතියක් එක්ක ඉන්න බෑ.
    මොකද උන් එක තැනක ගෙයක් හදාගත්තොත් ටික කලක් යද්දි එතන පොඩි පොඩි ගෙවල් බර ගානක් හදල මුස්ලිම් කොලනියක් දාගන්නව.පල්ලි හැම තැනම අටවනව.අන්තිමට එතන මුල් පදිංචි කරුවො එලවල දානව.රටක ටිකක් මුස්ලිම් උන් වැඩි වෙද්දි බලන්න තියන ප්‍රශ්ණ.සාමාන්‍ය කෑම කන්න බෑ හලාල් ඕන. ළමයින්ට සාමාන්‍ය ඉස්කෝලෙ යන්න බෑ මුස්ලිම් ඉස්කෝල ඕන.සාමාන්‍ය බැංකුවට/රක්ෂණ ආයතනයට යන්න බෑ ඉස්ලමික් බැංකු ඕන.අන්තිමට රටේ නීතියට ගරු කරන්න බෑ ශරියා නීතිය ඕන.අන්තිමටම රට මුස්ලිම් රටක් උනාම පරන කාලෙ තිබුණු අනිත් ආගම් ඔක්කොගෙම සංකේත බෝම්බ ගහල කුඩු කරනවා ඇෆ්ගනිස්තානෙ වගේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා