ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ජනාධිපති අතීරණයේ. ඒත්, රවිනාථ ආරියසිංහ නම් සහයෝගය දෙන්නේ නැතිලු

ලංකාවේ අරාජිකත්වය ජාත්‍යන්තර දේශපාලනය දක්වා ම විහිදී තිබෙන ආකාරය ගැන අපූරු නිදසුනක් අද පුවත්වලින් හඳුනාගත හැකි ය.

ප්‍රවෘත්තිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පවත්වන්නට යනු ලබන ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂණය ගැන ය. මේ අද දිනමිණ පුවත්පතේ පළ වූ වාර්තා දෙකකි.

පරීක්ෂණයට සහාය දෙනවා ද නැද්ද යන්න තීරණය කිරීමට පාර්ලිමේන්තුවට බලය දෙනවා - ජනාධිපති කියයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නට පත්කර ඇති පුද්ගලයන් හට මෙරටට පැමිණෙන්නට ඉඩ දෙනවාද නැතිද යන්න තීන්දු කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරීමට තීරණය කර තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මෙරට යුද අපරාධ පිළිබඳ සොයා බලන්නට පත් කර ඇතැයි කියන පුද්ගලයකු මෙහි පැමිණ ඒ සම්බන්ධයෙන් සොයා බලන්නට, පරීක්ෂණ කරන්නට අවසර ඉල්ලා ඇති බව පැවසූ ජනාධිපතිවරයා ඊට ඉඩ දෙනවාද නැද්ද යන්න ජනතාව වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තුවෙන් විමසා සිටීමට සූදානම් බවත් ප්‍රකාශ කළේය. (දිනමිණ)

පරීක්ෂණ සඳහා කිසිදු සහායක් දෙන්නේ නෑ. නවී පිල්ලේට රවිනාථගෙන් පිළිතුරක්

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා කිසිඳු සහායක් ලබා නොදෙන බව ශ්‍රී ලංකා රජය ජගත් මානව හිමිකම් කවුන්සලය හමුවේ අවධාරණය කරයි.

ජාතීන් අතර සංහිඳියාව ක්‍රියාවලිය මෙන්ම ජාතිය ගොඩනැඟීමේ හා වගවීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති රවිනාථ ආරියසිංහ මහතා ප්‍රකාශ කරයි. (දිනමිණ)

මෙම පුවත් දෙක අනුව පෙනෙන්නේ ජනාධිපති තවමත් තීරණයක් ගෙන නැති බවයි. එහෙත්, රවිනාථ ආරියවංශ හෝ විදේශ කටයුතු අමාත්‍යංශය හෝ නම් තීරණය අරගෙන හමාර ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ රවිනාථ කියන්නේ 1984 කාලේ විතර ජාතික රූපවාහිනියේ රෑ 8 ට දුඹුරු පාට කමිසයක් වගේ එකක් ඇඳගෙන ප්‍රවෘත්ති කියවපු එකෙක්. අපරාදේ... අදත් පැරා කොහෙද යන හාල් පාරුවෙක් ගැන ලියලා එයාගේ ලියන්න ගිය කාලයයි, අපේ කියවන්න ගිය කාලයයි නාස්ති කරලා දැම්මනේ.....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ නිකම්ම නිකං හාල්පාරුවෙක් නොව, රවිනාථ උපාධිදාරී හාල්පාරුවෙක් වෙන්න ඕනෑ.

      උසස් පෙලට මැත්ස් (?) කළාට, පොර පස්සේ මාධ්‍ය ඩිප්ලෝමාවක් හෝ උපාධියක් කරලා ජාත්‍යන්තය සබඳතා ගැනත් එවැනි සුදුසුකමක් ලබාගත් අයෙක් වගෙයි මට මතක.

      ඊට පස්සේ 1988-89 දී විතර වෙන්න ඕනෑ ඔහු ඩිප්ලෝමැටික් සර්විස් එකට බැඳුණේ.

      ලංකාවේ තානාපති සේවයේ ඉන්නා වෘත්තිකයින් කිප දෙනාගෙන් එක් අයෙක් ඔහු.

      බහුතරයක් තානාපති ලා හිටපු දේශපාලුවෝ සහ ආමිකාරයෝ නේ!

      Delete
  2. මොකෑ නැත්තේ.. වීසා ඇපෲ කරන වැඩේ පාර්ලිමන්ට් එකට දෙනවයි කියලා තිබ්බේ. ඒ වැඩෙන් ඊළඟ ඡන්දෙත් ගොඩ. මම කිව්වේ නවී පිල්ලේ කියන්නේ මහින්ද මහත්තයගේ යාළුවෝ කියලා.. ඒ වැඩෙන් මහින්ද මහත්තයා ගොඩ යන විදිය පැරාට කියන්න ඕන නෑ නේ..

    ReplyDelete
  3. අපේ රටේ මානව හිමිකම් ගැන හොයන්න ජගත් මානව හිමිකම් කවුන්සලේට ඉඩ දෙන්නේ මොන බම්බුවකටද? ජනාධිපතිවරයා කරන්න ඕනේ තමන්ගේ රට ගැන තමන් අවශ්‍ය තීන්දුව අවස්ථාවට උචිත විදිහට අරන් තියෙන නිසා එතනින් එහාට කතා එපා කියන එකයි. කැබිතිගොල්ලෑවේ බස් පුපුරනකොට ඒ අහින්සකයන්ට මානව හිමිකම් තිබුනද කියලත් උන්ගෙන් අහන්න ඕනේ. අනෙක එක්සත් ජාතීන්ගේ හමුදා වෙන රටවල් වලට කඩා වැදිලා කරන මානව හිමිකම් කඩකිරීම් ගැන අපිත් ප්‍රශ්න කරන්න ඕනේ. එක්සත් ජාතීන්ට බය වෙන්න ගියොත් මේ ලෝකෙ ජීවත් වෙන්න බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. පකිස්!!! එක්සත්ජාතීන්ගේ සංවිදානයේ සාමාජිකත්වයෙන් ලංකාව ඉවත් වුනා නම් මේ ප්‍රශ්න මොකුත් නැහැනේ.ඇමේසන් වනාන්තරයේ ගෝත්‍රිකයෝ වගේ ආතල් එකේ ඉන්න ඇහැකිනෙ.

      Delete
  4. පකිස්!! එකසත් ජාතීන්ගේ සංවිදානයෙන් ලංකාව ඉවත්වුණා නම් වැඩේ ගොඩ නේද?ඇමේසන් වනයේ ගෝත්‍රිකයෝ වගේ අපිට ඉන්න ඇහැකි නේ?

    ReplyDelete
  5. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා