විමල් කරන්නේ රඟපෑමක් ද?

විමල් හොඳ නළුවකු බව ඇත්ත ය.

එහෙත්, අප සිතන පරිදි දැන් නම් ඔහු කරමින් ඉන්නේ රඟපෑමක් නො වේ.

ඔහු මේ කරමින් ඉන්නේ ඔහු වැනි අයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි දෙයකි. ආණ්ඩුව අසීරු තත්වයකට පත් වෙමින් සිටියි. ආණ්ඩුවේ මර්දනයේ හස්තය ද බුරුල් වෙමින් තිබේ.

දේශපාලනයේදී ඉදිරියට යා හැක්කේ උපායික විශේෂඥයන්ට ය. විමල් කරන්නේ කල් යල් බලා අඩියක් 'පෙරට' තැබීමයි. ගමන අනතුරුදායක විය හැකි ය. එහෙත්, මේ නම් වැඩේට වෙලාව තමා ය. වේලාසනින් අවදි වන කුරුල්ලන්ට ආහාර සොයා ගැනීම පහසු ය. අනාගත පාලනයක බලය තහවුරු කර ගැනීමට නම් දැන් දැන් ම පෙරට ආ යුතුව තිබේ. එසේම, රාජපක්ෂ පවුල් පාලනය තුළ වෙනත් අයෙකුට ඉදිරියට යන්නට ලැබෙන්නේ නැති බව පැහැදිලි ය.

විමල් කරන්නේ රංගනයකැයි අවධාරණය කරන්නේ කවුරු ද? විමල්ගේ සම්ප්‍රදායික සතුරා වන ජනතා විමුක්ති පෙරමුණයි.

ජවිපෙට විමල් යනු ද්‍රෝහියෙකි. මරණ දඬුවම දීම කළ නො හැකි නිසා ජීවතුන් අතර සිටින්නෙකි.

ජවිපෙට විමල් සමාජවාදය ගොඩනගා දුන්නත් භාර ගන්නට බැරි ය. මන්ද, විමල් ද්‍රෝහියකු වන හෙයිනි.

උපායික දේශපාලනයේදී මේ අන්දමින් හැඟීම්බර වී බැරි ය. විමල් යනු යථාර්ථයක් නිසා දැන් ඉතින් ඔහු සමග වැඩ කරන ක්‍රමයක් ‍සොයා ගන්නට ජවිපෙට සිදු වනු ඇත.

විමල් තැබූ පියව‍ර ආණ්ඩුවේ නිවට මැති, ඇමති විශාල පිරිසකට ධෛර්යයක් සපයනු ඇති බව නිසැක ය.

මොවුහු අවස්ථාවාදීහු ය. අපි ඒ බව දනිමු. ආණ්ඩුවට එරෙහිව සටන් කරන විපක්ෂය ද එතරම් ම අවස්ථාවාදී ය. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමේ අරගලයේදී ඔවුන් යම් මෙහෙවරක් කරන්නට සූදානම් වේ නම්, ජනතාව වන අප ඔවුන් සුහදව පිළිගෙන අවස්ථාව ලබා දිය යුතු ය. 

ජනතාව වශයෙන් අප මේ මොහොතේ දේශපාලනය තක්සේරු කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම මුල් තැන තබා ය.

දේශපාලකයන්ගේ උන්නතිකාමී හා අවස්ථාවාදී ක්‍රියාමාර්ග මැදින් අපේ ඉලක්කය පාදා ගන්නට මැදිහත් වීම අපගේ වගකීමයි. ඒ සඳහා ජනතාව ලෙස අප සබුද්ධික විය යුතු ය. හැඟීම්වලට වහල් නොවී යථාර්ථය මැනැවින් තේරුම් ගෙන දේශපාලනයට මැදිහත් විය යුුතු ය.  

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. විමල් ගැන ඔබ ලියා ඇති කරුණු ඇත්ත වෙන්න පුලුවන්.හැබැයි මමනම් ඔහුව පිළි නොගන්නේ සම්ප්‍රදායික පුරුෂාධිපත්‍යවාදියෙකු නිසා.

    ReplyDelete
    Replies
    1. හැමතැනකම ඔයාගේ මෙව්වා එකේ රැස්මාලාව පෙන්නන්න එපා.

      Delete
    2. Wimal is a third class, dirty man, who couldnt eliminate characteristics unique to his poor cast. We dont have any discrimination against his cast, however, he should have acquired some human qualities as he went on.
      He betrayed his party and its vision, he is saying he is against west, but sent his children to UK for education, his children eat pizza, drink coca cola, wife wears expensive victoria secret branded underwear, he is a millionair, all bribed money, he is oppurtunistic, he was "fasting unto death" while his mother Sali nona died, he dindt event go to see her body.

      Delete
  2. මට නම් පෙන්නේ විමල් ලෙමන්පෆ් රඟපෑම ඇන ගත්තා වාගේම..... මේ සැරේ රඟපෑමත් ඇන ගන්ඩ පටන් ගත්තා කියලා....

    ReplyDelete
  3. ආණ්ඩුවේ බිඳ වැටීම ආරම්භ වී තිබේ.විමල් එල්ලෙන්ට පිදුරු ගසක් සොයයි.ඒත් දැන්නම් ප්‍රමාද වැඩියි වගේ.

    ReplyDelete
  4. විමල්ට වඩා ප්‍රභාකරන් විශ්වාස කල හැකිය. ඔහු අනිවාර්යෙන්ම වෙඩි තියනවා ඇත. විමල් කාට හෝ වෙඩි තියයිද නැද්ද කියා විමල් වත් දන්නේ නැත.

    ReplyDelete
  5. උපායික දේශපාලනයේදී මේ අන්දමින් හැඟීම්බර වී බැරි ය. විමල් යනු යථාර්ථයක් නිසා දැන් ඉතින් ඔහු සමග වැඩ කරන ක්‍රමයක් ‍සොයා ගන්නට ජවිපෙට සිදු වනු ඇත.//
    විමල් යනු ජවිපෙට අකමැත්තෙන් හෝ වැඩ කිරීමට සිදුවෙන ආකාරයේ යථාර්ථයක් නොව තවත් එක්තරා පුද්ගලයෙක් පමනි.ඔහු එක්කෝ ශ්‍රීලනිපයෙන් හෝ එජාපයෙන් නාමයෝජනා ගනු ඇත.ජානිපෙ කියා දෙයක් නැත.විමල්ගෙ පුද්ගලික ජනප්‍රියත්වය නිසා ඔහු ඉදිරි මැතිවරනවලින් ජය ගනු ඇත.එහෙත් ඔහුගේ පක්ෂයේ කිසිම කෙනෙකුට ඒ වරම නැත.ඔවුහු දැන්ම විමල්ගෙන් ගැලවෙන්නට පටන් ගෙන තිබේ.පිදුරු ගස් හොයන්නෙ ඔවුනුයි.ඒත් ඔවුන්ට ගැලවීමක් නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ ද පෙන්වා දෙන්නේ විමල් යථාර්ථයක් බවයි.

      Delete
    2. මා විශ්වාස කරන්නේ විමල් වගේ එකෙක් යථාර්ථයක් වීම රටේ අවාසනාවක් බව යි.

      Delete
    3. මා විශ්වාස කරන්නේ විමල් වගේ එකෙක් යථාර්ථයක් වීම රටේ අවාසනාවක් බව යි.

      Delete
    4. AnonymousMay 23, 2014 at 7:53 AM හා AnonymousMay 23, 2014 at 7:53 AM කොමෙන්ට් දැමුවේ AnonymousMay 23, 2014 at 1:22 AM දැමූ මා නොවෙයි. මාද කියන්නේ විමල් නම් පුද්ගලයාට යම් ජනප්‍රියත්වයක් ඇතත් ඔහු බලවේගයක් නම් නොවන බවයි.ඔහු පුද්ගලයෙකු ලෙස ජනප්‍රියය.එය ඔහුට ඇමති සැප ළැබීමට ප්‍රමානවත්වේ.එහෙත් ඔහු ගෙ පැරණි භූමිකාව (ජාතික ව්‍යාපාරයේ නායකත්වය ගෙන )නම් දැන් රඟ පෑමට නොහැක.ඔහු ජානිපෙ පසෙකට දමා ප්‍රධාන පක්ෂයකින් නාමයෝජනා ගෙන කීකරු ඇමති කෙනෙක් වනු ඇත.

      Delete
    5. //AnonymousMay 23, 2014 at 7:53 AM හා AnonymousMay 23, 2014 at 7:53 AM කොමෙන්ට් දැමුවේ AnonymousMay 23, 2014 at 1:22 AM දැමූ මා නොවෙයි.//

      ගොන් පාර්ට් දෙන්න එපා ළමයි. මමත්වේ ඔච්චරම වටිනවනම් ප්‍රොෆයිල් එකක් හදාගන්නවලකෝ

      Delete
  6. මේක ඇත්ත සීන් එකක් නම් විමලයට ලගදීම කුඩුවේ කුරු ගණන් කරන්න වෙනවා (එක අතකට 89 ත් බැරි උන එකේ එකත් නරකම නැහැ ).
    එහෙම නැත්නම් මේකත් ලෙමන් ෆුෆ් සීන් එකක්.

    ReplyDelete
  7. I think wimal will go in a white van soon

    ReplyDelete
  8. විමල් බුද්ධිමතෙකි. සියලු සහතික පත් ලද්දෝ බුද්ධිමතුන් බවට එම සහතික පත් ලැබීම තුලින් නිර්මාණය නොවන අතරම සියලු ම බුද්ධිමතුන් සහතිකපත් ලද්දෝම නොවෙන බව අප රටේ මෑත කාලින ඉතිහාසය විසින් පසක් කර දෙන්නේ මහාමාන්‍ය ඩි.එස්. සේනානායක අගමැතිඳුන් මෙන්ම සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සිහියට ගන්වමින්ය. පෙර කි දෙදෙනා විසින්ම කල කාර්‍ය භාරය ඉතිහාසගතවී ඇති අතර, බුද්ධිමතෙකු ලෙසින් විමල් විසින් කරන ලබන කාර්යභාරය සුළු කොට හරිය නොහැක. එය ගැන පුළුල් සංවාදයක් ගොඩනැංවිම අවශ්‍යයෙන්ම කල යතු කරුණකි.

    ReplyDelete
    Replies
    1. Wimal is a 3rd class, dirty, cunning shameless man,

      Delete
  9. @Wmk Samarasekara.
    හැබෑට. කොච්චර විතර පුළුල් එකක්ද? ආයිබොවන්ඩ.

    ReplyDelete
  10. පැර, දෙශපාලනයේදි තර්කයෙන් නිගමන ගන්න එකනම් මහ මෝඩ වැඩක්, එහෙනම් අර උපුල් ජෝශප්ලා, විසල්ලා ගෙ විග්‍රහ අනුව ආණ්ඩුව සෙත්තපෝච්චි වෙලා ගොඩක් කල්.

    විමල් කරන්නෙ රඟපෑමක්, ඔහු ලාස්ති වෙන්නෙ ෆුල් ස්කේල් ඔපරේශන් එකකට අවශ්‍ය යටිතල පහසුකම් සකසා ගැනීම.
    නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ, ඔහු කොතරම් දුරට මේක කර ගන්න පුලුවන් වෙනවද කියන එක අනුව. ඔහු මහින්දෙ අවශ්‍යතාවයට සරිලන තරමින් හෝ අඩුවෙන් සාර්තක උනොත් ඔහු දිගටම මහින්දත් එක්ක මේ නාට්ටිය ශූට් කරයි. හැබැයි කොතනදි හරි ඔහු සීමාව ඉක්මවා අති සාර්තක උනොත්, ඔහු හිතනවා යකෝ මෙච්ච පුලුවම් කමක් තියෙද්දි මම මොකටද අනුන්ට සීනි කිරන්නෙ කියල.

    එතැනදි, ඔය පැරා ලිපියෙ කියල තියන විදියට කස්ටිය ඔහුව උඩ දාන්න සෙට් වෙන්න ඕනෙ. අන්න එතකොට අපිට පුලුවන් ෆොන්සේකා 2 ෆිල්ම් එක ශූට් කරන්න, අවසානෙ කොහොම වෙයිද දන්නෙ නෑ.

    ප.ගෝ.

    ReplyDelete
  11. Samantha Perera අනේ යකෝ මේ වල් පෙරේත දේශපලනය කරන මේ බලු දේශපලඥය ගැන ලංකාවෙ ජනතාවට තාම තේරුම් ගන්න බෑ කියන්නෙ ඒක මහම මහ ඛේදනීය තත්වයක්, අනේ විමලෝ තෝ පොන්නයෙක් වගේ පී.බී. අල්ලගෙන දගලන්නෙ බැනපන්කො තොගෙ මහ එකාට ලංකවේ මහ හොරා මහින්දයට, ආ..... බෑනේ මුගේ ලයිට් බිලත් මාසෙට 120,000/- නේ. දැන් මූ අදින ෂර්ට් ජාතිය මොකද්ද දන්නෙ නෑ. නිවාස ඉදිකිරීම් එකේ ඉදන් හොරා කාල කොමිස් ගගහ දැන් පී.බී. ව අල්ලගෙන. මූ හරියට අඩියක් තිබ්බොත් ඉතින් මූට වෙන්නෙ සරත් ෆොන්සෙකට,ශිරානි බණ්ඩාරනයකට වෙච්ච එකේ අනිත් එක. අඩෝ විමලෝ තෝ මහ ලොකු දේශපාලනයක් කරනව කියල හිතාගෙන හිටියට මේ රටේ සවිඥ්ඥානික මිනිස්සු සුළු කොටසක් හරි ඉන්නව කියල මතක තියා ගනින්.
    Yesterday at 2:26pm · Like · 2

    ReplyDelete
    Replies
    1. Samantha ayyata hariyata kenthi gihin.

      Delete
  12. තිර නාටකය මරා ගෙ නම් විමලෙ ගේ ඈක්ටින් කලක් පවති නමුත් කතාව හා රෑගුම ස්වකිය නම් උඩ ඉන්න අය ගෙ පිහිට මදි වෙයි

    ReplyDelete
  13. ඇමතිකමෙනුත් ඉල්ලල අස්වුනානං නේද හොඳ, එතකොටවත් යන්තං මිනිස්සු විශ්වාස කරයි මූ කරන්නෙ බොරුවක් නොවෙයි කියල. ඒත් මටනං සතේකට විශ්වාස නෑ.

    ReplyDelete
  14. Wimal is a third class, dirty man, who couldnt eliminate characteristics unique to his poor cast. We dont have any discrimination against his cast, however, he should have acquired some human qualities as he went on.
    He betrayed his party and its vision, he is saying he is against west, but sent his children to UK for education, his children eat pizza, drink coca cola, wife wears expensive victoria secret branded underwear, he is a millionair, all bribed money, he is oppurtunistic, he was "fasting unto death" while his mother Sali nona died, he dindt event go to see her body.

    He is so cunning and he knows that Mahinda's leadership is coming to an end, now he is trying to see whats the next best deal he can find....

    ReplyDelete
    Replies
    1. සරලව කියනවා නම්, විමල් කියන්නේ ජඩයෙක්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා