ඊ සිගරට්ටුවෙන් ජීවිතය අලුතෙන් උරා බීමේ ධනවාදය


Photo: Yamu.lk
ධනවාදය තුළ ලාභය අතිශය වැදගත් සාධකයක්. එහිදී මිනිස් නිර්මානශීලිත්වය ‍යොමු වන්නේත් ලාභ ලැබීමේ අලුත් මාර්ග පාදා ගැනීමටයි.

ධනේශ්වර ආර්ථික වර්ධනය මනින්නේ පර‍ිභෝජනය මත පදනම් වෙලා ය කියා තර්ක කරන්නට පුළුවන්. ධනේශ්වර ආර්ථික වර්ධන වේගය ගණනය කිරීමේදී උපයෝගී කර ගන්නේ දළ දේශීය නිෂ්පාදිතය හෝ දළ ජාතික නිෂ්පාදිතයයි. මෙහිදී නිෂ්පාදනය කරන්නේ කුමන ආකාරයක භාණ්ඩ හා සේවාවන් ද කියන එක සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස් සමාජයට විනාශකාරී ප්‍රතිඵල අත් කර දෙන අවි ආයුධ නිෂ්පාදනය හා භාවිතය වුණත් ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඉවහල් වෙනවා.

ලාභ ලැබී‍මේ අරමුණ මත මිනිස් සමාජය ධාවනය වීම හේතු කරගෙන මතු වන ගැටලු රාශියක් තිබෙනවා. අපි අද කතා කරන්නට යන කාරණය මේ සඳහා උදාහරණයක්.

පසුගිය දිනෙක ස්කැන්ඩිනේවියානු රටක ජීවත් වන මගේ මිතුරෙක් මට කී ආකාරයට දැන් ඊ සිගරට් ඒ රටේ ඉතා ජනප්‍රියයි. ඊ සිගරට් කියන්නේ මොනවාද? තවම ලංකාවේ වෙළඳ‍පොළ ගැඹුරින් විනිවිද නැති ඊ සිගරට් ගැන හඳුන්වා දෙන්න නෙමෙයි මෙම ලිපිය ලියන්නේ. ධනවාදී නිෂ්පාදන රටාවේ ලාභ ලැබීමේ ආන්තික අරමුණ තේරුම් ගැනීම හා එළඹෙන අනතුරක් ගැන කතා කිරීම තමයි අපේ අරමුණ. එහෙත්, ඊ සිගරට් ගැන කතා කරන අය ඒවා ප්‍රවර්ධනය කරන්නන් බවට පත් වන්නේ නිතැතින්මයි. 

පසුගිය කාලයේ ලෝකය පුරාම දුම්වැටි විරෝධී අධ්‍යාපනයක් හා උද්ඝෝෂණයක් ඇති වුණා. විශේෂයෙන් ම දුම් බොන්නන් නිසා අක්‍රිය දුම් පානය කරන්නන්ගේ හිමිකම්වලට ඇති වන ගැටලුව මත මේ දුම්වැටි විරෝධී උද්ඝෝෂණයට සාධාරණ මිනිසුන්ගේ සහයෝගය ලැබුණා. ලංකාවේත් දුම්වැටි දවටනවල පිළිකා අනතුර පිළිබඳ ග්‍රැෆික් රූප ඇතුළත් කිරීම ගැන කතා කෙරුණා. සිගරට් පැකට්වල මතුපිට 80%ක් ආවරණය වන පරිදි පිළිකා අනතුරු පිළිබඳ ග්‍රැෆික් රූප ඇතුළත් කළ යුතු බව පසුගිය පෙබරවාරියේදී පාර්ලිමේන්තුව විසින් දුම්කොළ හා මත්පැන් පිළිබඳ ජාතික පනත හා සම්බන්ධව ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලද යෝජනා තුනකින් කියැවුණා. ලංකා දුම්කොළ සමාගම මෙම නියෝග අභියාචනාධිකරණයේ අභියෝගයට ලක් කළා. නඩු විභාගය දැන් අවසන්. තීන්දුව හෙට, මැයි 12දා, ප්‍රකාශයට පත් කරන්නට නියමිතයි.

දුම් පානයට එරෙහිව නීති, අධ්‍යාපනය හා උද්ඝෝෂණ නිසා දුම්වැටි වෙළඳාම පසුගිය කාලයේ ශීඝ්‍රයෙන් පහත වැටුණා. ලෝකය පුරා ම දුම්වැටි නිෂ්පාදන සමාගම් ලබන ලාභය පහත වැටුණා. ලංකාවේත් සිගරට් වෙළඳාම පහත වැටී තිබෙන බව වාර්තා වෙනවා. එහෙත්, මෑත අධ්‍යයනවලින් හෙළිදරව් වී ඇති පරිදි බීඩි අලෙවිය ඉහළ ගොස් තිබෙන නිසා මිනිස්සු දුම්බීම අතහැර දමමින් ඉන්නවා ද නැද්ද යන්න ගැන ගැටලුවක් තිබෙනවා. මම ඉහතදී පෙන්වා දෙන ලද කරුණ අනුව බැලුවා ම ලංකාවේ මිනිස්සු වැඩිපුර බීඩි බිව්වත් ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවා.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ලෝකය පුරා ම දැවැන්ත වෙළඳපොළක් නිර්මානය කළා. එයින් ලාභ ලැබූ අය ලෙහෙසියෙන් එය අතහැර දමන්නට සූදානම් නැහැ. ඇමරිකා එක්සත් ජනපදයේ දුම්කොළ සමාගම් පවා සිගරට් පැකට්ටුවේ ග්‍රැෆික් රූප සටහන් මගින් අනතුරු ඇඟවීමේ යෝජනාව අධිකරණයේ අභි‍යෝගයට ලක් කර තිබෙනවා. අවි ආයුධ නිෂ්පාදකයෝ වගේ ම දුම්වැටි නිෂ්පාදකයෝත් ලාභ ලබන්නේ මරණය මතයි. මිනිස් සමාජයේ විනාශය මතයි.

දුම්කොළවල තිබෙන නිකටින් කියන්නේ ඇබ්බැහිකාරක රසායනිකයක්. එයට ඇබ්බැහි වූ අයට එයින් මිදෙන්න අපහසුයි. නිකටින්වලට ඇබ්බැහි වූ අය වෙනුවෙන් තමයි මුලින් ම ඊ සිගරට් නිෂ්පාදනය වුණේ. එමගින් කෙරුණේ තාර හා දුම්කොළවල අඩංගු වෙනත් විෂ ද්‍රව්‍යවලින් හා පිළිකාකාරකවලින් තොරව නිකටින් වාෂ්පය පමණක් ආඝ්‍රානය කරන්නට අබ්බැහි වූවන්ට අවස්ථාවක් ලබා දීමයි. එහි අරමුණ වුනේ ඇබ්බැහි වූවන්ට ක්‍රමානුකූලව එම ඇබ්බැහියෙන් ‍මිදෙන්නට අවස්ථාව ලබා දීමයි.

එහෙත්, දුම්වැටි නිෂ්පාදන සමාගම් මේ නව නිෂ්පාදනය දෙස බැලුවේ තමන්ගේ අහිමි වී ගිය ලාභ නැවත ලබා ගන්නට පැමිණි ආශිර්වාදයක් ලෙසයි. ඒ නිසා ලෝකයේ පුරෝගාමී ඊ සිගරට් නිෂ්පාදන සමාගම් දැන් තිබෙන්නේ දුම්කොළ සමාගම් හිමියන්ගේ අතේයි.

දැන් ලංකාවේත් ඊ සිගරට් අලෙවිය පටන් අරගෙන තිබෙනවා. කොළඹ අවට නම් අන්තර්ජාලයෙන් ඇණවුම් කර ගෙදරට ම ගෙන්වා ගැනීමේ පහසුකම පවා තිබෙනවා. මූලික වියදම වැඩි නිසා තවම මෙය ජනප්‍රිය ඉහළ පැළැන්තියේ අය අතර පමණයි. මූලික වියදම තරමක් ඉහළ වුණත්, ඊ සිගරට්ටුවෙන් දුම් බොන්නට යන වියදම සාමාන්‍ය සිගරට්වලින් දුම් බොනවාට වඩා අඩුයි.මේවා උරන අය සමාජය තුළ ලොකු කුතුහලයක් ඇති කරමින් නිරායාසයෙන් ම ඒවායේ ප්‍රවර්ධකයන් බවට පත් වෙනවා. තවම මේවා සම්බන්ධ ප්‍රමිති නීති කිසිවක් ලංකාවේ නැහැ. ලෝකයේ බොහෝ රටවල තත්වයත් එහෙමයි.

ඊ සිගරට්ටුව සමන්විත වන්නේ නැවත ආරෝපණය කළ හැකි බැටරියකින් හා එමගින් ඇති කරනු ලබන තාපය මගින් වාෂ්ප බවට පත් වන දියරයක් සහිත කාට්‍රිජයකින්. මේ කාට්‍රිජයත් නැවතපිරවිය හැකි ආකාරයෙන් සකසා තිබෙනවා.ජනප්‍රිය ඊ සිගරට්වල එය උරන විට දැල්වෙන නිල්පාට එල්.ඊ.ඩී. ආලෝකයකුත් තිබෙනවා.

ඊ සිගරට් දැන්වීම්වල මේ නිල් ආලෝකය අලෙවි කරන්නේ නව රැල්ලේ සංකේතයක් ලෙසයි. ඔවුන් දැන්වීම්වල භාවිතා කරන වචන අතිශය පොළඹවා ගන්නාසුළුයි. බොහෝ දැන්වීම්වල කියන්නේ ඊ සිගරට්ටුව විෂ රහිතබව හා පිළිකා අනතුරෙන් තොර බවයි. ඔබට නිකටින් අනවශ්‍ය නම්, ඊ සිගරට්ටුව මගින් දුම්කොළ රස ගැන්වූ ජලවාෂ්ප පමණක් වුණත් ආඝ්‍රානය කරන්නත් පුළුවන් බව අලෙවි කරන්නෝ පවසනවා.

මෙය අලෙවි කරන්නේ සෞඛ්‍යාරක්ෂිත දුම්වැටියක මුවාවෙන්. දුම්කොළවල තිබෙන පිළිකා කාරක බොහොමයක් ඊ සිගරට්ටුවේ නැති බව තමයි කියන්නේ. ඒත්, තවම එහි ආදීනව ගැන විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල හෝ එහි ආදීනව පිළිබඳ වාර්තා ලැබෙන්න කල් වැඩියි.

මෙහි තිබෙන අනතුර තමයි දුම් බීමේ නව රැල්ලක් ඇති වීම. එමගින් පුළුල් ප්‍රාථමික වෙළඳපොළක් නිර්මානය කර ගන්නට දුම්වැටි නිෂ්පාදකයන්ට අවස්ථාව ලැබෙනවා. එම වෙළඳපොළ හරහා දුම් පානයට පිවිසෙන අයගෙන් යම් ප්‍රතිශතයක් සැබෑ දුම්කොළ සිගරට් පානය කරන්නත් ‍යොමු වෙනවා.

මෙහි අනතුර වැඩි ම ළමයින්ටයි. ඇමරිකන් වෛද්‍ය සංගමය මෑතදී පළ කළ වාර්තාවක සඳහන් වන පරිදි එරට තරුණ හා නව යොවුන් ජනගහණය අතර ඊ සිගරට් භාවිතය වැඩි වෙමින් තිබෙනවා. 2011 වන විට එය අත්හදා බලා තිබුණු ප්‍රතිශතය අදාළ වයස් කාණ්ඩයෙන් 3%ක පමණක් වුණත් 2012 වන විට එය 6.5%ක් දක්වා දෙගුණයකටත් වැඩියෙන් වර්ධනය වී තිබෙනවා.

ඊ සිගරට් සම්බන්ධයෙන් සමාජයේ තිබෙන්නේ බොහොම ලිහිල් ආකල්පයක්. ධනේශ්වර සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන භාණ්ඩ වන්දනාව තුළ ඊ සිගරට්ටුවත් නවරැල්ලක් බවට පත්වෙමින් තිබෙනවා. එය අලෙවි කරනු ලබන්නේ නවීන ජීවිතයේ මෝස්තරයක් ලෙසයි. මෙම පසුබිම තුළ විශේෂ‍යෙන් ම ළමයින් අතර දුම් පානය පැතිරීමේ අනතුරක් ඊ සිගරට් විසින් ඇති කර තිබෙනවා. මේ වන විට පළතුරු හා චොකලට් වැනි රසවලින් යුත් ඊ සිගරට් අලෙවි වෙනවා. මේවායේ ඉලක්ක වෙළඳපොළ ළමයින්.

එ වගේ ම කාන්තාවන් අතර දුම් පානය නො පැතිරුණු ලංකාව වැනි සමාජයන්හි කාන්තාවන් අතර ඊ සිගරට්ටුව ප්‍රචලිත කිරීමටත් දැන් සමාගම් කටයුතු කරමින් ඉන්නවා.

ලංකාවේ ඊ සිගරට් අලෙවියේ පුරෝගාමීන් වන්නේ ඔෟෂධ සමාගමක්. ඖෂධ වෙළඳාම කියන්නේත් රෝග හා මරණය මත අසාධාරණ අන්දමින් ලාභ ලබන කෲර ජාවාරමක් නේ. ඒ නිසා එයත් එක්තරා විධියකට සිගරට් වෙළඳාම වගේ ම තමයි. ලංකාවේ ඊ සිගරට් ෆාමසිවලින් එළියට එන එක ඇත්තෙන් ම සංකේතාත්මකයි.

එහෙත්, මේ වන විට ලංකාවේ දුම්කොළ සමාගම ලෝකයේ වෙනත් රටවල වුණා වගේ ම ඊ සිගරට් වෙළඳාමටත් ඇස යොමු කරලායි තිබෙන්නේ. ලංකා දුම්කොළ සමාගම අයිති බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගම මේ වන විටත් ඊ සිගරට් නිෂ්පාදන සමාගමක් ආරම්භ කර තිබෙනවා. එහි නම නිකෝවෙන්චර්ස්. 

ලෝකයේ ඇතැම් රටවල් දැනටමත් ඊ සිගරට් තහනම් කරලා. ලක්ෂම්බර්ග්, මෝල්ටා, ස්ලෝවේනියා, ලිතුවේනියා වැනි රටවල් උදාහරණයි.

පසුගිය අවුරුද්දේ ලංකාවේ සිගරට් අලෙවි වන ප්‍රමාණය 6%කින් පහත වැටුණා. ඒ හේතුවෙන් වැඩි ම ආදායම අහිමි වුණේරජයටයි. මන්ද, අලෙවි වන සිගරට්ටුවකින් සමාගම ලබන ලාභයට වඩා සුවිසල් බද්දක් රජය ලබා ගන්නා නිසායි. දැන් ලංකාවේ ආණ්ඩුව හිතයි, ඊ සිගරට්වලටත් ලොකු බද්දක් පැනෙව්වා නම්, දුම්කොළ වෙළඳපොළෙන් තමන්ට අහිමි වුණ බදු ආදායම් නැවත උපයා ගන්න පුළුවන් නේද කියලා.

මේ ලිපිය කියවන ඔබෙන් අපි බලාපොරොත්තු වන්නේ ධනවාදී සමාජය තුළ තිබෙන ගැටලුව මෙමගින් තේරුම් ගැනීමයි. මිනිස් නිර්මානාත්මක විභවයන් යොමු විය යුත්තේ මෙවැනි නිරර්ථක දේ වෙනුවෙන් ද? ධනවාදී සමාජය තුළ අපෙන් බලාපොරොත්තු වන්නේ බුද්ධිමත් පාරිභෝගිකයන් ලෙස යෝග්‍ය දෙය තෝරා ගැනීම නෙමෙයි. ලාභ ලැබීම වෙනුවෙන් ඔවුන් ගොඩනගන්නේ භාණ්ඩ පසුපස හඹා යන පාරිභෝජනවාදියෙක්. සමාජ වෙනස ආරම්භ කළ යුතු වන්නේ මෙතැනින්. ඔබත් බුද්ධිමත් පාරිභෝගිකයෙක් ද? 
 - ජනරළ, 2014 - 05 - 11

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා, මේ දවස් වල බ්ලොක්ගල්කාරයෝ පොදු අපේක්ෂකයෙක් හොයනවනේ. ඒත් අපි නං අපේ සොන්න නායකතුමා විදියට පිළිගන්නේ අතිගරු වලතර මැතිතුමා. ආයුබෝවේවා සොන්නයානෙනි!

    මේ තියෙන්නේ සොන්න නායකතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය.

    සොන්න නායකතුමාගේ පෝස්ටරයක්

    සොන්නතුමාගේ යූ ටියුබ් චැනලයට මෙතනින් යන්න.

    මෙන්න මෙතනින් තව විස්තර බල ගන්න,

    ReplyDelete
    Replies
    1. ස්කුල් වෑන් එකකින් ආපු සිල්කාරයෝ සෙට් එකක් මට පුකෙව් ඇරලා ගියා. මං දැන් මොකෝ කරන්නේ?

      (පුක යනු කුණුහරුපයක් නොවේ- කකා)

      Delete
  2. ඔය හැන්දෑවට අතපය වෙවුලනවට අරක්කු ඩිංගක්, ගොලිප් එකක් බිව්වට මොකවත් වෙන්නේ නෑ.

    බොරුනං රාජ්ගෙන් අහන්න.

    ReplyDelete
    Replies
    1. ඕං බලපං අහිංසක මාව ගාවගත්තනෙ ඒකටත්.

      Delete
    2. මම නං අද උදේ ඉදලා සෙට් වෙලා ඉන්නේ රාජ්. V&A විස්කි‍යක් ගත්තා. දැන් කාලක් විතර දාලා ඉන්නේ.
      ගොලිප් එකකුත් ගගහා තමයි මේ කොමෙන්ට් එක ටයිප් කරන්නේ.

      ඔන්න මගේ පොට්ට කැබරාවෙන් පින්තුර දෙකකුත් ගත්තා.

      පොටෝ 1

      පොටෝ 2

      මොකෝ කියන්නේ රාජ්, මේ වැහි කාලේ හැන්දෑවක සෙට් වෙලා හීනියට ඇග පත රත්කරගන්න ගමන් පොදු අපේක්ෂකයා තොරමුද තරෙගට?

      Delete
    3. හහ් හහ් හහ්...... ඔහේ නං මාර බඩුවක්.

      Delete
    4. හලෝ රාජ්, මම මේ අද සෙනසුරාදා දවසේ දවල් ඔෆිස් එකෙන් පැනලා ගිහිං ඕල්ඩ් රිසව් භාගයක් ගහලා, හොද චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුත් කාලා ආයේ ආවේ. තව පොඩ්ඩකින් ගෙදර යනවා.

      රාජ් මොකෝ කරන්නේ? හෙට නිවාඩු දවසේ කලකින් දාගත්තු වැඩක් එහෙම තියෙනවද?

      Delete
  3. පැරාගෙ කතාව ඇත්ත. ඊ සිගා වලින් හාණියක් නෑ ම කිව්වත් හැබෑ සිගා වලට ඇබ්බැහි වීමක් තියනව වෙන්න පුළුවන්.
    ධනවාදය ඇතුලෙ ඔයවගේ සීන් වෙන්න පුළුවන් නමුත් කරන්න දෙයක් නෑ. තමන් කරන්නෙ මොකද්ද කියල තීරණය කරන්න තමන්ට පුළුවන් වෙන්න ඕන මිනිහෙක් උනාම.

    මම නං ඔය ඊ මඟුල බොන්න අදහසක් නෑ. අනෙක හැමදාම තියාගෙන උරන්න එපැයි. ඊට හොඳයි ෆ්‍රෙෂ් පිට හැම විසක්ම තියන එකක් අරගෙන ගහල දානව

    ReplyDelete
    Replies
    1. ඔය රෙද්ද සත පහක ගතියක් නැහැ කාලයක් සිගරට් බීපු එවුන්ට. නවත්තන්න ඕන කෙනෙකුට හරි ඒ වගේ සීන් එහෙකට හොඳයි. මෙහෙනම් හෝ ගාලා විකිනෙනවා දැන්. ඉස්සර ඇඩ්ස් ගියේ කැන් ස්මෝක් එනිවෙයා කියලා. දැන් පබ්ලික් ප්ලේසස් වල එහෙම නෝ ස්මෝකින් කියන එකට යටින් ...නෝ ඊ සිගරට්ස් කියලාත් ගහලා තියෙනවා. මම ලංකාවට යැව්වා දෙතුන් දෙනෙකුට ට්‍රයි කරන්න. අපේ අම්මා කිව්වා උන් ඒවා හන්දියේ ලෝඩ් පකීර්ලා වගේ පේන්න ගහගෙන ඉන්නවාලු. දැන් හෙට අනිද්දා ඕවාට ඕන කරන බැටරි ඉල්ලලා එවයි. ඒ බැටරිය ටිකක් ගනන්..අන්න ඒක තමයි බිස්නස් එක මම හිතන්නේ.

      Delete
  4. ගාලු පලාතෙ හරිම පිටිසරබද කන්දක් උඩ ඉස්කෝලෙකට තමා මම ගියේ. මගේ ගම වැල්ල අද්දර පොඩිගමක්.සංචාරක හෝටල්වලින් විසිකරන මැගසින්වල පිටු විකුනල තමයි මම සිගරට් මුල් කාලෙ බිව්වෙ.

    ReplyDelete
  5. එතකොට අර කියුබාවේ හදන සුරුට්‍ටු සමාජවාදී සුරුට්‍ටුද?එයාලා ඒවා හදන්නේ හුදෙක් සමාජ යහපත තකා නම් ඇයි ඒවා එච්චර ගණන්?ඒවා සෞඛ්‍යාරක්ෂිතද?

    ReplyDelete
    Replies
    1. GOOD POINT !!!!!

      Delete
    2. වැඩක් නෑ මම දාන්න හිටපු කොමෙන්ට් එක මෙතන කොටලා. එතකොට අර චේ කටේ ගහගෙන ඉන්නේ යාපනේ සුරුට්ටුවක් වෙන්න ඇති.

      Delete
    3. කියුබාවට යන ඕන එකෙකුට කස්ත්‍රෝ මුත්තා තෑග්ගට දෙන්නේ කියුබන් සිගාස්. බලාගෙන ගියාම කස්ත්‍රෝ මුත්තත් මාර ධනවාදී පොරක් නේ.

      Delete
    4. සමාජවාදය කිව්ව ගමන් චීනය හරි පැරණි රුසියාව හරි කියුබාව හරි අල්ලගන්න එපා. පැරා කියන සමාජවාදය ඒක නෙවේ. ඒක වෙනස් සමාජවාදයක්. හවානා සුරුට්ටුවත් චේ ගෙ සුරුට්ටුව වත් එතෙන්ට අදාල නෑ.
      පැරාගෙ උත්තරේ මමම ලිව්ව

      Delete
    5. සමාවෙයන්.. අපි ඒකට පැරකුම් දර්ශණය හරි, පැරාවාදය හරි කියලා දාමුද? පැරකුම් යුගයකට රට ගෙනියනවයි කියලා රනිල් මහත්තයත් කාළෙකදි කිව්වා නේද? යකෝ ඒ කියන්නේ පැරාගේ ෆිලෝසොෆි එක රනිල්ට දුන්නා වත්ද....?

      Delete
    6. මාතලන්, චේද කීපයක් කියවල තේරුම් ගැනීම උගන්වන්නේ පහේ පන්තියටත් කලින් නේද? යමක් කියවල තේරුම් නොගෙන බොරුවට විලාප තියන එක හරි හිරිකිතයි. අපහු ලිපිය කියවන්න. ඔයාට පහසුවෙන්න පොඩි ඉගියක් දෙන්නම්, මෙයින් කියවෙන්නේ ධනවාදය විසින් ලාබ ලැබීම අරමුණු කරගෙන මිනිස් සමාජයට පොදුවේ අහිතරක නව නිපැයුම් උත්කර්ෂයට නැංවීම ගැන. ඊ සිගරට් එක උදාහරණයක් පමණයි. එහෙම නැතුව සමාජවාදියෝ සිගරට් බොන්නේ නෑ, කියුබාවේ දුම්කොළ කර්මාන්තයක් නෑ කියන එක නෙමෙයි.

      මොනවා වෙතත් ලංකාවේ ධනවාදීන් වගේ පෙනී ඉන්න හදන අයගේ මොලේ කොහොමද වැඩකරන්නේ කියන එකට ඔයා හොද නිදර්ශකයක් (හරියට ලිට්මස් පරීක්ෂාවක් වගේ). එක හින්ද දිගටම කමෙන්ට් දාන්න.

      ප.ලි

      පැරා මේවා මිට වඩා සරලව ලියන්න මාතලන් වගේ අයත් මේවා කියවනවා.

      Delete
    7. මාතලන් සමාජවාදයට සම්භන්ද අය ගැන කතා කරන විට පුරුද්දක් හැටියට අපහාස යෙදුම් යොදනවා.මෙතනදීනම් මුත්තා කියලා.නමුත් ඔහුට කිසිවකු යමක් කිව්වොත් අපහාස කලා පවුද්ගලික දේ අදිනවා කියා මහා ගෝසාවක්.මේ වෙනස ඇයි කියා මහත්මයකු හැටියට මාතලන්ට පැහැදිලි උත්තරයක් දෙන්න පුලුවන්ද.මුත්තා කියන්නේ අපහාස යෙදුමක් නොවෙයි කියා ප්‍රශ්නයෙන් මගහැර නොයනු ඇතැයි සිතමි

      Delete
    8. ඇනෝ... ඔයා ඇවිත් රෙන්න ගියත් සිරා පොරක් වෙන්න ඕන. පැරාට සීනී කිරන්නේ නැතිව. මගේ කොටේ ගහපන් බං පොර වෙන්නේ නැතිව.

      Delete
    9. @ Anonymous May 9, 2014 at 2:02 PM
      ධනවාදය තුල ජේ ආර් ට අප කියන්නේ උතුමා කියා නොවේ පප්පා කියාය. පප්පාට විප්ලවීය සැවුලක් තිබුනේ නැත. අපේ ගමේ කිරි මුත්තාට පැරාට වාගේ සැවුලක් තිබුනේය. ඒ නිසා සැවුල් තිබෙනා නාකින්ට මාතලන් කියන්නේ මුත්තා කියාය. එම නිසා කැස්ට්ත්‍රෝද මට මුත්තා කෙනෙකි. කිරි මුත්තාට මෙනෙම අපේ සීයාටද තිරික්කල තිබිනි. ඒ නිසා අපි පරම්පරාවෙන්ම ධනවාදියෝ වන්නෙමු.

      Delete
    10. අපනම් පුරුදු වී ඇත්තේ මිනිස්සුන්ට රැකියාවෙන් ඇමතීමටයි.එම නිසා අප ජනාධිපතිට ජනාධිපති කියාත් ටුවරිස්ට් ගයිඩ්ට ටුවරිස්ට් ගයිඩ් කියාත් කියමු.ටුවරිස්ට් ගයිඩ්ලා දේශ පාලන විචාරකයන් වීමෙන් පෙන්නුම් කරන්නේ මේ රට වැටී ඇති ආගාදයේ තරමයි

      Delete
    11. අනේද කියන්නෙ..... ගඩ්ඩෙක් වෙලත් මූ මුගේ පුරාජේරුව රෝයල් ගිය එක ගැනයි... තාත්තගෙ බග් ෆියට් එක ගැනයි.... මුත්තගෙ කිත්තගෙ තිරික්කල් ගැනයි.....

      අම්මලගෙ තාත්තලගෙ සල්ලි කාබාසිනිය කරලා... තමන් කරන රස්සාව නිසා හීනමානෙන් විකාර දොඩවන එකක් තමා මූ....

      Delete
    12. "ඔයා ඇවිත් රෙන්න ගියත් සිරා පොරක් වෙන්න ඕන. පැරාට සීනී කිරන්නේ නැතිව. මගේ කොටේ ගහපන් බං පොර වෙන්නේ නැතිව"

      ලංකාවේ ධනවාදියෝ ! අවුරුදු බර ගානක් විපක්ෂයේ සිටීමේ සංකුලතා! අනේ රනිලෝ මුන්ට ගොඩයන්න පොටක් පාදා දියෝ !

      Delete
    13. මොකෙද්ද මේ මාතලං කියන _ _........
      මූගේ ලිපි මාත් මුලින්ම දකැල කියෙව්ව, මොනවද බන් මූ ලියන්නෙ? මූ ලියන ලිපි උඩ යට ගැලපෙන්නෙවත් නෑ. උඩින් දාන කමෙන්ට් එකට හාත්පසින් විරුද්ධ එකක් යටින් දානව. අනේ බන් මාතලන් කොමඩි කතා ටික උබේ පඩංගුවේ ලියපන්. වෙන එකෙක්ගෙ පඩංගුවක ලිපියක් කියවනකොට ඉස්සෙල්ල ඒක කියවල ටිකක් තෙරුම් ගන්න බලපන්. උබ වගේ එකෙක් හිටිය සයිලන්ට් සහන් කියල ඌ එක පරම අන්තරස් දහන් උනා.

      Delete
    14. ඉතාම ඛේදවාචකය වන්නේ මෙවැනි විහිලු සපයන්නන් පොදු අපේක්ශකයා තේරීමට උපදෙස් දීමට තරම් ඉදිරියට පැමින තිබීමයි.

      Delete
  6. ow sathya vicharayak. mamath nirathuruvama avadanayen inne e -dumveti paryeshanvala prathipala gena.mama awrudu 37k dumbona ithihasayakata huramakaruvek.lesi ne liyannan hithana tharam meken mdinna mama mekata abbehi velada kyanna danne nehe. uranava. varga godak thiyenava e dumveti.mama urana pasveni vargaya. memke honde tiyenne papuvata vadinne ne husma genime amaruvak ne samanya dumveti vala vage.. thara ethtthema nehe. meke thava hondak thiyenne uguru 3k 4k edala epanam apahu sakkuve ho case eke dagane passe uranna puluvan..samanya dumvetiya ivaravenakamma uranna one. ath dekath munath husmath amihiri suvadai danavadayen midenna rusiyavata, uthuru koriyavata ho cubavata yanna venava..

    ReplyDelete
  7. බීඩි නවත්තන්නේ නැතුව සිගරට් නවත්වන එකේ ගැටලුවකුත් තියෙනවා, ඒකත් හරියට කසිප්පු නවත්වන්නේ නැතුව බාර් වහනව වගේ තමයි. කොහොමත් සිගරට් බීඩි දුම්කොළ සේරම නවතා දැමියයුතුයි.

    ReplyDelete
    Replies
    1. අනේ අජිත් පිස්සු කෙලින්නේ නැතිව ඉන්නවද...?

      Delete
    2. Kids using e-cigarettes to stealth-smoke pot, police warn.

      read yahoo news.

      Delete
  8. ලංකාවේ එළවළු සහ පළතුරු වලටත් ඔයවගේ වෝනිං එකක් ගහන්න වෙයි, දාන වස විස කන්දරාව බලනකොට!

    ReplyDelete
  9. මම හිතන්නේ ලෝක දෙශපාලනය ආර්ථිකය සමාලෝචනය කර අපේ රටේ දේශපාලන ආර්ථික රටාව ගැන හිතන එක. ඔය මොන වාදේ තිබ්බත් මොකද්ද බන් වෙන හොඳ?

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
    Replies
    1. අපි ඔය රෙද්ද එක්ක එකතු වෙන්නෙ නෑ.... නැට්ට හැලිල්ල අල්ලලා දානවද....

      Delete
  10. මම දන්න තරමින් නම් හාඩ් කෝ දුම් බොන්නො ඊ සිගාස් කියන එක ගැන එච්චර සැලකීමක් නෑ. අලුතෙන් ඇබ්බැහි වෙන උන් *වැඩි වෙන්නෙ නැතිනම්* ඊ සිගාස් කියන්නෙ ඇත්තටම ධනාත්මක වෙනසක්. කොම්පැනියකට නිරපරාදෙ සල්ලි පූජ කිරීම ඇරෙන්න ඒකෙ සිගරැට් වල තියන අවාසි ගොඩක් අඩුයි. එහෙම වැඩි වෙයිද නැද්ද කියන්න තවම අමාරුයි.

    ඒක නිසා මට නම් සිගරැට් අඩු වෙලා ඊ සිගරැට් වැඩි වෙනව නම් ඒක හොඳ දෙයක්. ඒකෙන් ඊ සිගරැට් බොන උන් වැඩි උනත් මට නම් "ක්‍රිකට් මැච් බලන උන්", "ෆිල්ම් බලන උන්" හෝ "ජොලියට ෆොටෝ ගන්න උන්" වැඩි වෙනවට වඩා ලොකුම වෙනසක් නෑ. ඔය කොයිවටත් අපි වෙන කාට හරි සල්ලි දෙනව නෙ.

    පැරකුම් ගෙ "සමාජවාදෙ"ට පැරකුම් වෙන නමක් දාගන්නව නම් හොඳයි. මම කලිනුත් කිව්ව වගේ මට පේන විදියට පැරකුම් ඕක සම්බන්දයෙන් ඉන්නෙ ජේවීපී එකයි හෙළ උරුමෙයි අතර මැදි තැනක. කියන්නෙ මොකක්ද කියල තේරුනත් පැටලෙන දේවල් එන්නෙ ඔය නම නිසා.

    මාතලංට බැන්නට මාතලංගෙ පොයින්ට් එක වැරදිම නෑ නේ, ධනවාදය තුල විතරක් නෙවෙයි සමාජවාදය තුල උනත් දුම් බීම වගේ වැරදි වැඩ ප්‍රමෝට් වෙන්න පුලුවන්. දැන් හවානා සුරුට්ටු කියන්නේ "උත්කර්ෂයට නැංවුනු" දෙයක් නෙවෙයි ද? ඒ සිස්‍ටම් එක දුවන්නේ ලාබ උඩ නෙවෙයි ද? ඒ වගෙම ලාබ ලැබීමේ අපේක්ෂාවෙන් ම උනත්, සිගා වෙනුවට ඊ සිගා වගේ හොඳ ප්‍රවනතාවෙකට කොම්පැනියක් ෆෝස් කරන්න පුලුවන් ධනවාදෙන්මත්.

    දැන් නලින් කියන විදියට ඔතන ධනවාදෙ සමාජවාදෙ කියන්න බෑ, බටහිර මොන පැත්තෙන් ගත්තත් අන්තිමට පරිභෝජනවාදෙට තමයි යන්නෙ. පැරකුම් කියන එක මට තේරෙනවා, පරිභෝජනවාදෙ ට මමත් කැමති නෑ. ඒත් මට හිතෙන්නෙ පැරකුම් ඔය සමාජවාදී පීල්ලෙ ඉන්න ඕන නිසාම ප්‍රශ්න වැරදි කොනෙන් අල්ල ගන්නා බවයි.


    ReplyDelete
  11. මොකෙද්ද මේ මාතලං කියන _ _........
    මූගේ ලිපි මාත් මුලින්ම දකැල කියෙව්ව, මොනවද බන් මූ ලියන්නෙ? මූ ලියන ලිපි උඩ යට ගැලපෙන්නෙවත් නෑ. උඩින් දාන කමෙන්ට් එකට හාත්පසින් විරුද්ධ එකක් යටින් දානව. අනේ බන් මාතලන් කොමඩි කතා ටික උබේ පඩංගුවේ ලියපන්. වෙන එකෙක්ගෙ පඩංගුවක ලිපියක් කියවනකොට ඉස්සෙල්ල ඒක කියවල ටිකක් තෙරුම් ගන්න බලපන්. උබ වගේ එකෙක් හිටිය සයිලන්ට් සහන් කියල ඌ එක පරම අන්තරස් දහන් උනා.

    ReplyDelete
  12. samantha Perera = pAra

    ReplyDelete
    Replies
    1. AnonymousMay 9, 2014 at 6:35 PM=Maathalan - Priyantha Hewage

      Delete
  13. මාතලන් පැරාගෙ සින්ඩියට ගියෙ නැද්ද. ලස්සනට හදල.

    ReplyDelete
    Replies
    1. SAMAJAVADI SINDIYA

      Delete
    2. මොකද්ද බන් ඒ. ලින්ක් එකක් දාපන්කෝ බලන්න

      Delete
  14. කවුරුත් කැමති පරිභෝජනේට තමා.. හැකියාව නැති කමනෙ අවුල..!
    ;)

    ReplyDelete
  15. මේක කියවලා බලන්න ---->

    E-Cigarettes Help Smokers Quit, Study Says


    :-)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා