ජනාධිපතිවරණයට පොදු අපේක්ෂයකු ප්‍රවර්ධනය කරන්නට යෝජනාවක්

අපගේ පසුගිය ලිපිය හා සම්බන්ධව ෆෙස්බුක් ඔස්සේ ආචාර්ය සුමනසිරි ලියනගේ කදිම යෝජනාවක් කර තිබිණි.

පොදු අපේක්ෂකයකු ඉහළින් වැටෙනකල් බලා ‍නො සිට පොදු අපේක්ෂකයකු ගොඩනැගීම සඳහා අප මැදිහත් විය යුතු බව මම ද සිතා සිටියෙමි.

ඒ සමග ම මෙම යෝජනාව ද කරමු.

පොදු ජනතා ජනාධිපතිවරයකු අතින් සිදු විය යුතු කාර්යභාරය කුමක් ද යන්න ගැන ද සංවාදයක් ආරම්භ කළ යුතු ය.

අපි පහත සඳහන් යෝජනාව කරමු. පොදු ජනතා ජනාධිපතිවරයා විසින් නිශ්චිත කාල රාමුවක් තුළ, විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මහජන අදහස් ලබා ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ සමස්ත ලාංකිකයන්ට ම පිළිගත හැකි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යෝජනා කර සම්මත කර ගැනීමට කටයුතු කළ යුතු ය.   

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යෝජනා කරමුදැයි ආචාර්ය සුමනසිරි ලියනගේ පවසයි. 

ඇත්තෙන් ම, ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයා වන්නට අවශ්‍ය දේශපාලනික සුදුසුකම් ඔහු සතු ය. 

ඔහු සමග දේශපාලනය කිරීමෙන් ලද අද්දැකීම් ඔස්සේ අප දන්නා තරමට නිර්මාල් යනු අව්‍යාජ, නො පසුබසින සටන්කරුවෙකි. නම්‍යශීලී පුද්ගලයකු වුවත්, යටත් වන්නෙක් නොවේ. අන්තවාදියකු නො වන ඔහු මධ්‍යස්ථ මතධාරියෙකි. දේශපාලන භාවිතාවේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ ප්‍රකට කරන්නෙකි. නිදහස් මතධාරියකු ලෙස ද සැලකිය හැකි ය. ඔහු කිසි සේත් ම ජාතිවාදියෙක් නො වේ. දූෂිත අතීතයක් නැත්තෙකි. විශ්වාසය තැබිය හැකි පුද්ගලයෙකි. 

ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ පොදු විපක්ෂ සම්මුතියක් සඳහා කටයුතු කරන්නට අවශ්‍ය ප්‍රජාතාන්ත්‍රික විනය ඔහු වෙතින් අපේක්ෂා කළ හැකි ය. 

මේ යෝජනාව බැරෑරුම්ව සලකා බැලීම සඳහා ඔබට ඉදිරිපත් කරමි. අප අතර ඇති දේශපාලන විසංවාදයන් අමතක කර ප්‍රායෝගික ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් මේ යෝජනාව සලකා බලමු යයි අපි ඉල්ලා සිටිමු.

නිර්මාල්, ඔ‍බේ අදහස කුමක් ද?  

නිර්මාල් ගැන ඔ‍බේ අදහස කුමක් ද? 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඇත්තටම විධායක ජනාදිපති ධුරය,බුද්ධිමත්,අවංක කෙනෙකුට රට වෙනුවෙන් ගොඩක් දේවල් කරන්න පුලුවන් තනතුරක්.මෙතෙක් කල් එතෙන්ට ගියෙ,මෙලෝ රහක් නැති හරක් නෙ.නිර්මාල් දේවසිරි කියන්නෙ එතෙන්ට ගොඩක් ගැලපෙන කෙනෙක්.ප්‍රස්නෙ තියෙන්නෙ,වෙන වෙන, ප්‍රෝග්‍රැම් ඔලුවෙ තියාගෙන ඉන්න විරුද්ද පක්සෙ කට්ටිය එයාට සහයෝගය දෙය්ද කියන එකය්.කට්ටිය සෙට් වෙලා,නෙට් එකත් උපරිමයෙන් යොදාගෙන වැඩක් කලොත් අපිත් මෙහෙ ඉඳගෙන සහයෝගය දෙනවා.

    ReplyDelete
    Replies
    1. පැරා පොදු අපේක්ෂකය වෙලා ජනාධිපතිකම ගන්න.ඊට පස්සෙ දකින දකින දේවල් මතුගමට ගේන්න.රටම ණයකරල මතුගම ගොඩ නගන්න.ජාතිවාදය අවුලුවන්න. රටේ අනෙක් පළාත් වල මිනිස්සු ජාතිය ජාතිය ආගම ආගම කිය කිය උඩ පැන පැන ණය ගෙවයි.

      Delete
    2. ජේ ආර් ගේ ව්‍ය්වස්ථාව වෙනස් කිරීම හරියට රිලව් ගෙවල් හැදිල්ල වගේ එකක්. හැම රිලවාම එන්නේ මේක වෙනස් කරන්න. හැබැයි චන්දේ දිනපු ගමන් තමන්ගේ මුල්ම පොරොන්දුව අමතකයි. රිලව් ෆෝම් කරන්න කලින් රිලවා කරන්න යන දේ ගැන බලාත්මක වෙන ලියවිල්ලක් සමාජගත කරන එක එක පියවරක්. ඒක පාර්ලිමේන්තුවේ පුද්ගලික යෝජනාවක් විදිහට ගෙනැත් තියන්න ඕන. හරියට බලලගේ කරේ සීනුව එල්ලනවා වගේ නේද? ඔය ජනාදිපති ක්‍රමේ අහෝසි කරන එක ස්ලෝගන් එකක් විතරනේ. මොකක්ද ප්‍රෝසෙස් එක?? ඕකයි විසඳන්න ඕන හා අමාරු ජිල්මාට් එක

      Delete
  2. ඩර්මඩාසMay 6, 2014 at 11:35 PM

    පැරා , නිර්මාල්ව යෝජනා කරන්නෙ කොයි රටෙ ජනාධිපතිවරනයකටද ?

    ReplyDelete
    Replies
    1. ගෙම්බෙක් ගිය උඩ කිව්වලු. ගෙම්බව මතුරටට වත් යවල බලමු.

      Delete
  3. පස් දුන් රට

    ReplyDelete
    Replies
    1. හා.හා හොරෙ දැනුනා දැනුනාMay 7, 2014 at 9:50 PM

      පැරා අගමැති වෙන්න නේද ?

      Delete
  4. හොඳම යෝජනාවක්! විශ්වාසය තැබිය හැකි අතලොස්සක් දෙනා අතරින් කෙනෙක්. ඔබගේ ලැයිස්තුවේ කිසිවෙකුට ලං විය නොහැකි පෞරුශයක් තිබෙන කෙනෙක්.

    සුලු ජාතික චන්ද මෙම චන්දයේ දී ඉතා තීරනාත්මකයි. දැනට පොදු අපේක්ශකයා ලෙස අංක 1 ට කියවෙන සෝභිත හිමි සුලු ජාතික චන්ද දිනා ගනු නැත. ඔබේ යෝජනාව ඉතා නිවැරදියි.

    ඒක නෙමෙයි...නිර්මාල් තරඟෙට ආවොත්....එදා ඉඳලා කටුස්සොත් නිල්පාටයි!!!!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. //ඒක නෙමෙයි...නිර්මාල් තරඟෙට ආවොත්....එදා ඉඳලා කටුස්සොත් නිල්පාටයි!//

      සහතික ඇත්ත. කටුස්ස කියන්නෙ හතුරට කෙලින්න ඕන උනාම ඕන පාටක් ගන්න ලෑහැස්ති වෙච්ච සත්වයෙක් නොවැ

      Delete
    2. හලෝ රාජ්,
      මේ දවස් වල වහිනවා නේ? ඩ්‍රින්කෙක දාන්න කියාපු දවස.
      මොකෝ කියන්නේ රාජ්. අජිත් පැරකුම් එක්ක එකතු වෙලා ගල් බෝතලයයි, ගොලිප් තුනයි ගහමුද?

      Delete
    3. වැඩක් නෑ මචං ගල් ගැහුවට වදින්නේ නැහැ.ඊට වැඩිය බියර් කෑන් 2 හොඳයි.

      Delete
  5. පැරාගෙ තිබුනු එක හොඳක් තමයි සුමනසිරි ලියනගේ ල ගෙ හාන්සිපුටු විප්ලවවාදී ගණයට නොවැටීම.

    පැරා මතුගම මිනිහෙක් නේ, කඩ වලට, පාරට එහෙම යනව ඇති නේ. ගම් වල මිනිස්සු කී දෙනෙක් නිර්මාල් ව දන්නවද? ඒ මිනිස්සු නිර්මාල් කතා කරනව ටී වී එකක දැක්කොත් මෙන්න අපිට සිරා ජනාදිපති කෙනෙක් කියල හිතාවි ද? මතුගම පාරවල් වල බෝක්කු උඩ ඉන්න මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය, විවෘත්ත භාවය, යහපාලනය නැති එක ගැන, අද්‍යාපනේට 6% නැති එක ගැන, ආගමික ධ්‍රැවීකරණය ගැන පට්ට වොරී එකක ද ඉන්නෙ?

    ආචාර්ය සුමනසිරි ලියනගේ මහත්මයා වගේ පකිස් බූරුවො කවදත් හිතුවෙ රටේ මහජනතාව ගෙ මතේ තමයි රාවයෙ කොලම් වල තියෙන්නෙ කියලා. මිනිස්සුන්ගෙ මතේ හදන්න ප්‍රායෝගික නායකත්වයක් නැතිව ඇකඩමික් විහිළු කරලා, චන්දයක් පැරදුනාම මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ.

    නිර්මාල් හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. (අනික් අතට ලෙචෙක්ට දූෂකයෙක් භීෂකයෙක් වෙන්න ලොකු ශක්‍යතාවෙකුත් නෑ.) පැරා ම කියන්න කෝ, ජෙප්පොයි යූඇන්පී එකයි දෙකම ෆුල් ඩම් දාලා ඇද්දොත් කැම්පේන් එක, නිර්මාල්ට උපරිම කීයක ප්‍රතිශතයක් ඒවිද?

    රජාට කිට්ටු කරන්න කැරිස්මැටික් ලීඩර්ෂිප් එකක් නැතුව අමාරුයි. මිනිස්සු චන්දෙ දෙන්නෙ ටෙම්පරි කොන්ත්‍රාත් කාරයන්ට නෙවෙයි. ඔය විධායක ජනාධිපති ක්‍රමේ නැති කරලා අයින් වෙන ඇජෙන්ඩා එක ජෙප්පන්ට ලොකු වුනාට යූඇන්පී එකට වත් අවංකව ලොකු නෑ.

    ReplyDelete
    Replies
    1. ඇර සෝලෝ අජින මොටෝ....

      Delete
    2. +++++++++++++++++++++++++
      Maathalan - Priyantha HewageMay 7, 2014 at 7:52 @

      නිර්මාල් පොදු අපේක්ෂකය කියන එකත් හරි .ඒකෙන් අදහස් වෙන්නෙ ආණ්ඩුව හිනස්සල බඩ අල්ලන් ඉල ඇට කඩා ගන්න එක වෙන්න ඇති. මූ රටේ පොදු ජනතාවට පිළිගන්න පුළුවන් එකෙක්ද
      සෝභිතල,ශිරාණිල චන්ද්‍රිකාල ෆොන්සේකල රට පිළිගත්ත මිනිස්සුනෙ.මූ උගෙ පඩිය වැඩි කර ගන්න 6% ඉල්ලපු බඩ ගැත්තරයනෙ.මූ ඉල්ලුවොත් කැපුවත් කොළ යූ ඇන් පී කාරයොත් ආණ්ඩුවට චන්දෙ දෙයි.
      මූ මිනිහෙක් යැ පූසෙක්නෙ

      Delete
    3. දැන් නිර්මාල් ජනපතිවරන රැස්විම අමතන්න ගන්නවා මෙහෙම.
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      මම මේ කියන්න හදන්නේ ...
      .............

      Delete
    4. නිර්මාල්ට වඩා සොලිඩ් බඩුවක් නිර්මාල් ළඟ ඉන්නවා. ඒ තමයි දඹර අමිල හිමි.

      Delete
    5. නිර්මාල්ට කොළඹ නගරසභාවට වගේ තැනකට දාල බලන්න හොඳයි. ඉන් එහා නිර්මාල් දාන එක අසූ දෙකේ වාසු ජේ ආර් ට ගේමට ඉල්ලුව තරම්වත් නැගල යන්නෙ නෑ.

      Delete
  6. අනෙක් කාරණා පැත්තකින් තියමු. මේ කැරිස්මැටික් ලීඩර්ෂිප් හෙවත් ආකර්ෂණීය නායක පෞරුෂය කියන්නේ පුද්ගලයකුගේ තනි උරුමයක් ද? මම නම් හිතන්නේ එහි පුද්ගලයාගේ පෞරුෂයට වඩා සමාජ ‍ගොඩනැගීමක් තිබෙනවා කියලායි.

    උදාහරණයකට බරක් ඔබාමා ගන්න. ඔහු සම්බන්ධයෙන් වැඩිපුර තිබෙන්නේ සමාජ ගොඩනැගීමක්. එහිදී ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන් වැදගත් වුණා.

    ලංකාවේ එවැනි පෞරුෂයක් ගොඩනගන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් දේශපාලන පක්ෂවල ව්‍යාපාරවල නැහැ. ඒ නිසා තමයි, පොදු අපේක්ෂකයන් උඩින් පාත් වෙනකල් අපි බලා ඉන්නෙ.

    නිර්මාල් කියන කාරණය අමතක කර හෝ අපි උත්සාහ කරමු පොදු අපේක්ෂයකු ගොඩනැගීමේ ප්‍රජාතාන්ත්‍රික භාවිතාවක් බිම් මට්ටමෙන් පටන් ගන්න.

    අපි ඉන්නේ අනුන්ගේ පාන්වලට හොදි වෙන්න නෙමෙයි. අපි ම පානුත් හදමු.

    ReplyDelete
    Replies
    1. එහෙම ගොඩ නගන්න පැරා. ලංකාවේ බුද්ධිමත් ජනතාවගේ ජන විඥ්ඥාය දැන ගෙන ඉන්න ඕන. මෙහෙම හරක් ජනතාවකට නිර්මාල් ඉදිරිපත් කරලා වැඩක් නෑ. කෙනෙක් ගෙනෙයි තර්කයක් එහෙනම් විග්නේස්වරන් දිණුවේ කියලා. ඒ තැනට විග්නේස්වරන් නෙමෙයි පඹයෙක්ගේ මුට්ටියට අළු වලින් ඉරි තුනක් තිරස් අතට ඇඳලා මොට්ටුවක් තියලා මේ තමයි අපේ මහ ඇමති කියලා කිව්වා නම් දෙමළ මිනිස්සු පඹයට උනත් ඡන්දේ දෙනවා. මොකෝ එයාලා දන්නවා විග්නේස්වරන් කියන්නෙත් සිරි ලංකාව තුල පඹයෙක් පමණයි කියලා. එජාපයෙන් නුවරට දාපු වරාවැවට මොකක්ද උනේ.

      ජනතාව ඉල්ලන්නේ පොරක්. උන්ට වැඩක් නෑ උගත් කම්. දැණුවත් කම්. ඒකනේ සජිත් ඉල්ලන්නේ. බල්ලා මැරුණා කියලා රතිඤ්ඤා දාලා සෙලබ්‍රේට් කරපු කෙනාගේ පුතාව ඉල්ලලා මැරෙන්නේ හදන්නේ. ඒ අතින් බැලුවම නිර්මාල්ට වඩා සෝභිත හාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නවා. නමුත් මාත් කැමති නෑ හාමුදුරුවෝ ඉල්ලනවට.

      Delete
    2. ආණ්ඩුව කරන දේවල් වල හැටියට පාරෙ යන මිනිහෙක් ඉල්ලුවත් දිනන මට්ටමක් තියෙන්නෙ.ඒත් නිර්මාල් වගෙ කෙනෙක් රටේ ජනතාව නියෝජනය කරන්නෙ නෑ.පුද්ගල පෞර්ෂය කියන්නෙ සමාජ ගොඩ නැගීමක් වුනත් ජනාධිපතිවරනෙකදි ඒක ඉතා වැදගත්.විශේෂයෙන් ලංකාව වගෙ පසුගාමී රටක.
      දැන් 2010 තිබුන යුධ ජයග්‍රහණ වාසිය නැහැ.විකල්පයක් ලෙස තවත් රජ කෙනෙක් හෝ අධිකාරම් කෙනෙක් පොදු අපේක්ෂකය කරන එක විසදුම නොවෙයි.ඒත් ජනතාව තුල පිළිගැනීමක් තිබෙන කෙනෙක් වෙන්න ඕන. රාවය කොළමක් කියන්නෙ ජනමතය නොවෙයි.සාමාන්‍ය මිනිසුන්ට රාවයෙ අන්ඩර දෙමල තේරෙන්නෙත් නෑ.

      Delete
    3. පික්සුද මල්ලි. මේ පාරත් එතුමා දිනනවා දිනනවාමයි

      Delete
    4. මාතලං ලෙසටම කියා ඇත.

      කැරිස්මැටික් ලීඩර්ෂිප් එක කියන්නේ රජා ගේ බූදලයක් නොවේ. ඇත්තටම මහින්දත් ටිකක් තග තිබුනට දකුණෙ මිසක් ජාතික නායකයෙක් හැටියට ලොකු ප්‍රතිරූපයක් තිබුනු කෙනෙක් නෙවෙයි නේ 95-2004 වෙනකම්. ඒ කාලෙ නිමල් සිරිපාල, මෛත්‍රී වගේ උනුත් ඒ ලෙවල් එකේම වගේ හිටියා.

      මහින්ද දිනන්න පුලුවන් වුනේ මිනිස්සුන්ට මාකට් කරන්න පුලුවන් ලයින් එකක් (ජාතිකත්වය) අල්ල ගෙන මෙන්න අපේ ලීඩර් කියලා ජෙප්පොයි හෙළ උරුමෙයි දුන්නු ගේමත් නිසා. මතක නේ, ශ්‍රී ලංකා එකට මහින්ද ගැන කියන්න ලොකු කතා තිබුනෙ නෑ.

      ඒත් ඔය වැඩේ හරි ගියේ මහින්ද ඒ වෙන කොටත් හෝම් වර්ක් ටික කරලා තිබුනු නිසා සහ රනිල් කොටි ඕනවට වඩා හුරතල් කරල මිනිස්සුන්ට රිද්දල තිබුනු නිසා, මහින්ද උත්තරේ වෙන දැවෙන ප්‍රශ්නයක් මිනිස්සුන්ට රනිල් හදල දුන්නා.

      නිර්මාල් ට එහෙම වාසියක් නෑ. සුමනසිරිලා හිතන් ඉන්නෙ ඔය රාවයෙ යන ඉෂූස් මිනිස්සුන්ගෙ දැවෙන ප්‍රශ්න, ඒව ගැන කතා කරන නිසා නිර්මාල් දැම්මම හරි කියලා. සුමනසිරිලා තේරුම් ගන්නෙ නැත්තෙ, නිර්මාල් මාකට් කරන්න කලින් අපිට වෙන ජනාදිපති කෙනෙක් ඕනෙ ඇයි කියන එක මාකට් කරන්න ඕන කියලා.

      අපේ පාලම්-බෝක්කු ජන විඥ්ඥානෙ ග්‍රේන් එක තියෙන්නෙ ඔය දූෂන විරෝධී යහපාලන දිශාවට නෙවෙයි කොටි විරෝධී බටහිර විරෝධී දිශාවට.

      Delete
    5. මාතලං කියපු එකට පොඩි කෑල්ලක් ඇඩ් කරමි. දෙමළ ජන විඥ්ඥානයේ උගතුන්ට, සිංහල ජන විඥ්ඥානයේ නැති ලීඩර්ෂිප් ක්‍රෙඩිබිලිටි එකක් ඇත.

      විග්නේස්වරන්ට ඒකත් වාසියකට එන්න ඇති.

      Delete
    6. මහින්දට තැන ආවෙ 2005දි නෙමෙයි, මහින්දව නග්ගල ගත්තෙත් ජෙප්පො ජනාධිපතිවරනෙදි නෙමෙයි. මහින්ද ගැන රටේම අවධානය ආවෙ, නිමල්ලට, මෛත්‍රීලට වඩා උඩට ආවෙ 2004 ජන්දෙන් පස්සෙ කවුද අගමැති කරන්නෙ කියන ප්‍රශ්නෙ ආ වෙලාවෙ. එදා ජෙප්පො හිටියෙ කදිර ගාව. චන්ද්‍රිකාට ඕන උනේ මෛත්‍රිට දෙන්න. ඒත් රටේම හාමුදුරුවරුන්ගෙන් ආපු බලපෑම නිසා මහින්දට නොදී බැරි උනා. අන්න ඒක තමයි මිනිහ මුලිම්ම ජාතික නායකයෙක් විදියට ඉහලට නැගපු තැන. ඉන් පස්සෙ පත්තරවල දේශපාලන ඕප දූප ලියපු උන්ට කැබිනට රහස් දුන්නු එකේ පගාව විදියට උන් මහින්දව හිමීට පිම්බුව.

      අනික මහින්ද ඇමති කාලෙ මිනිහ වටේ හිටපු උන් එක්ක යම් වැඩ ටිකක් කරල තිබ්බ රට පුරාම. හම්බන්තොට බඳගිරියෙ විතරක් නෙවෙයි කලාවැවේ මාලු බාන උන්ටත් ධීවර නිවාස හදල දුන්න.

      කම්කරු ප්‍රඥප්තිය කියපු බයිල එක මිනිහ කරපු නොම්මර එකේ ආයෝජනයක්. ගොඩක් රජයෙ සේවකයො නම්මපු ගේමක්. ඒවගේ යටින් මිනිහ වෙඩි ලණු ඇදල තිබ්බෙ, ජෙප්පොන්ටයි චම්පිකලටයි තිබ්බෙ පත්තු කරන්න විතරයි.

      ඒ ඔක්කොම තිබ්බත් මහින්දට මාර ගේමක් රනිලට දෙන්න උනා. හේතුව රනිල්ගෙ ලබ්බක් නිසා නෙමෙයි, රාජිතල, කෙහෙළියල, දයාසිරිල, එස්බීල ඔය ඔක්කොම වටකරගෙන මහින්දට නෙලපු නිසා සහ ඒකට චන්ද්‍රිකගෙ සෙට් එක යටින් උදව් කරපු නිසා.

      රනිල්ට ඒ වගේ ස්වර්ණමය අවස්ථාවක් ආයි එන්නෙ නෑ. මොන තරම් පොරක් උනත් මහින්ද එක්ක හැප්පෙන රනිල්ට ලැබෙන මේ අන්තිම අවස්ථාවෙත් බෑ.

      මහින්දට විරුද්ධ පොදු අපේක්ෂකයෙක් කරන්න ඉන්නෙ එකයි. මිනිහව ඒ තැනට ගන්න ගේමක් ගහන්න එදා එස්බිය සැටලයිට්ට දුන්න වගේ ඉස්සරහට එන්න කෙනෙක් හොයන එක තමා අමාරු.

      මහින්දට විරුද්ධව චන්දෙට දාන්න පූවන් හොඳම මිනිහ බැසිල් ( ඊට වඩා මහින්දට දිනන්න දෙන එක හොඳා තමා ).

      වෙන මේ රටේ ජාතික තලයෙ කෙනෙක් දැන් නෑ. හැබැයි සංගක්කාර ආවොත් සෑහෙන ගේමක් දෙන්න පුලුවන්. මොකද සර සර ගාල කඩ්ඩ වනන උගත කියල පාවෙන නාකි චන්දත් කඩන්න පුලුවන්, කොල්ලො කෙල්ලො ආකර්ෂනය වෙන එකෙක් නිසා. ඒත් අවසානෙ හිරේ යන්න ලෑස්තිවෙන්න වෙනව ජනරාල්ට වගේම, මොකද දූෂණ චෝදනා එන නිසා.

      Delete
    7. මම තවත් කොහෙදි හරි දැක්කා සංගවා පොදු අපේක්ෂකයා හැටියට යෝජනා වෙලා තියනවා.. මම හිතන්නෑ මිනිහට එච්චර අවසිහියක්වත්, මොලේ අමාරුවක්වත් ඇති කියලා..කුජීත වෙච්ච ජීවමාන උදාහරණයක් ඇස් ඉදිරිපිටම ඉන්නකොට...

      Delete
    8. @ Indika මෙහෙම වරෙන් ඉන්දික....නිර්මාල්ට ගහන එකද වෙන්න ඕන..මොකද නිර්මාල් ඕක ඉල්ලන එකක්වත් එයාට බලාපොරොත්තුවක්වත් නැති බවනේ කියන්නේ. ඕක සුමනසිරිගේ සහ පැරා ගේන එකක්නේ. නිර්මාල්ට ගහලා වැඩක් නැහැ. හරි කෙනෙක් යෝජනා කරපන්. අපි ඉපදිලා ඉන්නේ ගහන්න විතරක් නම් ගගහා ඉමු. උඹලා වගේ අය කරන්න ඕන යෝජනා ඉදිරිපත් කරන එක මිසක්, සාකච්ඡාව මඩක් කරන එක නෙමෙයි. මඩ දීපන් ඇනෝලාට. කෝ යෝජනා. ඇයි නිර්මාල් උදෙසා මඩ වලක් හදන්නේ. නිර්මාල් ඇතුලු ආයෝජනය තියමු මේ රෙජිමයට හරස් කරන බලවේග ලෙස. උඹලා ඔය කරන්නේ මරා විරෝදි බලවේග කුජීත කරන එකනේ. ඕකම තමයිනේ මෙච්චර කල් , මරා රෙජිමයට ඕන වුනේ. පැරා මේ කරන්නෙත් ඒ ප්‍රොජෙක්ට් එකේම කොටසක්ද කියලා හිතෙනවා. පැරා යෝජනා කරලා ගිනි අවුලවල අහක බලා ඉන්න එක. එහෙම හිතන්න වෙනවා පෙරටුගාමි කුකුල් කොටුවට නරි පැන්න කාලේ මතක් වෙනකොට. දැන් ඉතින් න්‍යායික පොලු ගේන්න එපා. පවතින අවශ්‍යතාවය ඉදිරියට ගනින්. ජවිපෙ මේ ගැන හිතන්න ඕන. එහෙම නැත්නම් අපි මනෝ රාජික කොමියුනිස්ට් රාජ්‍ය හදලා ඊට පස්සේ මේවා කරන්න ඕන නම්, ඒ පරිසරය හැදෙන කම් ජනතාව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් බිම උලා කනකන් බලා ඉමු.

      Delete
    9. එවැනි සමාජ තත්වයන් ලෝකේ අද බිහිවෙන්නේ නැහැ. නරක ටිකක් හරි හොඳ කරගන්න උත්සාහ කරනවා ඇරෙන්න..හොඳම හොඳ ලැබෙන්න බොහෝ කල් යයි.

      Delete
    10. අරූ, මගේ පුද්ගලික මතය පොදු අපේක්ෂකයෙක් ගෙනල මහින්දට ගහල වට්ටල වැඩක් නෑ කියන එක.

      මහින්ද උනත් භය නැතුව කෙලින්නෙ "මොනා කලත් දිනනව" කියන තැන ඉන්න නිසා.

      ඉතින් වෙන්න ඕන මහ චන්දෙකදි ඔය සරණල රත්තරන්ල මර්වින්ල වගේ මේ ආන්ඩුවෙ ඉන්න කෙරුමො කියල හිතන් ඉන්න බාල සත්තු ටිකක් හලන තැනට වැඩ කරන එකයි.

      මොකද ඉන්න එකා මාරු කරල වෙන එකෙක් ගත්තත් වෙන්නෙ අර සත්තු ඌ ගාවට සෙට් වෙන එකයි. මහින්දට උනෙත් ඒකයි.

      2004 චන්දෙදි රටේ මිනිස්සු ජෙප්පො දිනෙව්වෙ ඒක හිතාගෙනයි. ඒත් ජෙප්පො වල කපල බැහපු නිසා මිනිස්සු ආයි ඒ තැනට ගේන එක ලේසි නෑ.

      අනික අපි හොයන දියසේන කුමාරය උඩින් එන්නෙ නෑ. මිනිස්සු ඉන්න එකාව ගහල නමල හදා ගන්න ඕන. අපේ මතවාදය යොමු වෙන්න ඕන ඒ දිහාවට. නැතුව වෙන කුමාරයෙක් හොයාගෙන, ඌ හින්ද හිරි වැටිල, ගිණිකන වැටිල පස්සෙ ඒකත් ඇවිත් කෙලිනකල් නිදාගෙන ඉන එක නෙමෙයි. එහෙම උනොත් මේ රට හැමදාම ඔතන.

      Delete
    11. ඉන්දික උඹ මහින්ද ගෙ ඉතිහාසෙ ගැන කියපු ටික හරි. අගමැති කමටත් කලින් ඕකට අඩිතාලම වැටුනෙ ශ්‍රී රෝහණ ජනරංජන නම්බු නාමෙන්. මමත් "මහින්ද හෝම් වර්ක් කරල තිබුන" කියල අදහස් කළේ ඔය ටික තමයි.

      හාමුදුරුවන් ගෙන් ආපු බලපෑමටත් වඩා එවෙලෙ මහින්ද චන්ද්‍රිකාට කෙලින්ම තර්ජනය කළා කියලයි කියන්නෙ. මහින්දට ඒ වෙන කල් කපල තිබුනු චන්ද්‍රිකාට ආණ්ඩුව බේර ගන්න ඕන නිසා සහ ජෙප්පන්ට චන්ද්‍රිකාගෙ තිබුනු සදාකාලික වෛරය නිසා එවෙලෙ වෙන කොටත් ජෙපි විරෝදී උනු මහින්දට දෙන එක ගුනයි කියල හිතෙන්න ඇති.

      කොහොම උනත් මහින්ද කියන අයිඩියලොජි එකක් නොතිබුනු හිත හොඳ චන්ඩියා චරිතෙට අයිඩියලොජිකල් ෂේප් එකක් ලැබුනෙ ජාතික ව්‍යාපාරෙන්.

      නිකන්ම හොඳ ඩයල් එකකට අපේ රටේ දිනන්න බෑ. දකුණු ආසියාවෙ මිනිස්සුන්ට ඕන හොඳ මිනිස්සු නෙවෙයි නායකයො. අනික අපේ ජන විඥ්ඥානෙට හරි යන අයිඩියලොජි එකක්. අච්චර කුල්ටූර් ජේ ආර් ආවෙත් "ධර්මිෂ්ඨ සමාජයක්" කියාගෙන. ජෙප්පො කොච්චර මැරුනත් මිනිස්සු ජෙප්පන්ට එක්සෙකටිව් බලයක් දෙන්න කැමති නැත්තෙ නිකන් නෙවෙයි සමාජවාදෙ ලංකාවට අරහං නිසා.

      උඹේ ඔක්කොමත් හරි සංග ගෙ කතාව තමයි කතාව. ඌට චන්ද හම්බ වේවි ෆේස්බුක් එකේ නම්. මිනිස්සු මිනිහෙක්ට කැමති කියන්නෙ ඒ මිනිහ ජනාදිපති කරන්න කැමති කියන එක නෙවෙයි. ෆොන්සේකට වෙච්ච එකේ හොඳ එක සංග ඉල්ලුවොත් වෙන්නෙ.




      Delete
    12. /// ඕක සුමනසිරිගේ සහ පැරා ගේන එකක්නේ. නිර්මාල්ට ගහලා වැඩක් නැහැ. හරි කෙනෙක් යෝජනා කරපන්. ///

      අරූ මචන් නිර්මාල්ට ගහල නෑ නේ කවුරුවත් මෙතන, නිර්මාල් ජනාදිපතිවරනෙට හෝප්ලස් කේස් එකක් වෙන්නේ මොකද කියලයි කතා කරල තියෙන්නෙ. අපි නෙවෙයි නිර්මාල් නුත් ඒක දන්නවා.

      මේව කතා කරල විපක්ෂයෙ චූන් බැස්සට මට නම් කමක් නෑ. අපි අර ලංකාඊනිවුස් එකේ වගේ මහින්ද ගෙ මර කම් ගැන බනින ගමන් "මංගලගෙ කුරුඳු පොලු වලින් විපක්ෂෙට නව උත්තේජනයක් ආව" කියන ජාතියෙ පක්කලි නෙවෙයි නෙ?

      මහින්ද 2005 දින්නෙ මිනිස්සු රවට්ටල නෙවෙයි. අයිඩියලොජි එකක් මාකට් කරල, ඒක උඩ පොරොන්දු දීල. ඒ හම්බ උනු චන්ද වලට මහින්ද 2009 දි නය ගෙව්වා, පොර ගෙ 2010 දිනුමට ප්‍රධාන හේතුව ඒක. ඔය සරල සත්‍ය පිලි නොගන්න එකෙක් මහින්ද ගෙ රැවුලටයි ලමයි වඩා ගැනිල්ලටයි බැන බැන චන්ද දිනන්න ප්ලෑන් කරල වැඩක් නෑ.

      නිර්මාල් ට මම සලකනව නිර්මාල් X එකටත් බැඳෙන්න ඉස්සර ගොඩක් උන් පොර ගෙ නම වත් අහල නැති කාලෙක කළ දෙයක් නිසා. ඒත් නිර්මාල් ප්‍රසිඩන්ෂල් මැටීරියල් නෙවෙයි.

      Delete
    13. //ශ්‍රී රෝහණ ජනරංජන නම්බු නාමෙන්//

      මම නම් ඔය නම ඇහුවෙත් ඕක මහින්දයට දුන්නු වෙලාවෙයි :D

      අරූ,

      මචෝ ලංකාවෙ දේශපාලනය කරන්න ඕන ලංකාවෙ මිනිසු එක්ක. මර්වින් සිල්ව එළ බුවා, ගමට වැඩ කරන එකා කියල කියන මාතලන්ල එක්ක. එහෙම නැතිව මේ කැම්රියෙන් නැතුව මරුටියෙන් යන්න කියන අතලොස්සක් පැරාල එක්ක නෙමෙයි.

      අපි බලන්න ඕන එතනදි කාවද ගේම් තියන්න පුලුවන් කියල. ආසියාවෙ රිදී සීනුව, ඔක්ස්ෆර්ඩ් සංගමේ සභාපති වෙච්චි බන්ඩ අවුරුදු කීයද කලේ කියල දැක්කනෙ.

      හැබැයි දැන් මහින්දත් තමන්ගෙ දේශපාලන භාවිතයෙ උච්චතම තැනට ඇවිත් ඉවරයි. අර පීටර් ප්‍රින්සිපල් එකේ කියවෙන විදියට මහින්දගෙ අයිඩියොලොජි එකයි ස්ට්‍රැටජි එකයි තව ඉස්සරහට ගෙනියන්න බෑ. ඒක ඇත්තටම ක්ලයිමැක්ස් එකට ආවෙ යුද්ධෙ ඉවරවෙලා ෆොන්සේකව ජොබ් එකෙන් එලවල මමයි රජා කියල වටේට ගේම දෙන්න ගත්තු කාලෙ.

      සරම උස්සන් ස්ටේජ් එකට දුවන, පපුවට අත්වලින් ගහගෙන ඇඬෙන කතා කරන, ප්‍රතාපවත් උඩුරැවුළ තීන නායකයෙක් වෙනුවට පරිණත දේශපාලන දැක්මක් සහ මූල්‍යවිනයක් සහිත නායකයෙක්ගෙ අවශ්‍යතාව රටට ඇවිල්ල ඉවරයි.

      ඇත්ත ඒක උනත් රටේ බහුතරය මේක පිළිගන්න සූදානම්ද? මම හිතන්නෙ නෑ. ඉතින් එහෙම තත්වයක් උඩ පොදු අපේක්ෂකයෙක් ගේන්න අවශ්‍ය පාර හදන එක, ඒ කියන්නෙ ඇයි අපි මහින්දට විරුද්ධවෙන්න ඕන කියන එක මිනිස්සුන්ගෙ ඔළුවලට යවන්නෙ කොහොමද? ඒක නොකර ගහන ගේම් පුස්ස බින්ද වගේ තමයි.

      ඒ දේ නොකර ජොකියෙක් දාල ගේමක් දෙනවට වඩා හොඳයි තටු කපල මහින්දවම තියා ගන්න එක.

      Delete
    14. @ ඉන්දික & ප්‍රොෆ් ඇනෝ.......මචංස්ලා මම මාතලන්ගේ පෝස්ට් එකේ දාපු කමෙන්ට්ස් ටිකම උඹලාගේ සාකච්ඡාවට එකතු කරන්නම්.

      1)පළමුවෙන්ම මේ මහින්දව පරද්දන්න බැහැ කියන මානසිකත්වයෙන් එලියට එන්න ඕන බන්. ඕක ගිල්ලවලා තියෙන්නේ. කොහොමත් දිනනවා කියන එක දැන් වලංගු නැහැ මගේ හිතේ.
      2)2009 නොවැම්බර් මාසේදි ආණ්ඩුව ජනාධිපතිවරනයට යනවාය කියන වෙලාවේ තිබ්බ තත්වය නෙමෙයි දැන් තියෙන්නේ. රාජපක්ෂ දේශපාලනික ගරා වැටීමකට ලක්වෙමින් තියෙන්නේ. මහින්දව අධි තක්සේරුවක තියන එකත් , විරුද්ධ මතධාරීන්ට කරන අසාධාරනයක්. මේ ගොබල්ස් මතය ජනතාව අතරට ගෙනියන්නේ සමහර මාධ්‍ය.
      3)මම හිතන්නේ එදා මහින්ද මොන තරම් ප්‍රාදේශීය වශයෙන් පිම්බිලා හිටියත් ජවිපෙ තල්ලුව නොලැබෙන්න මහින්දව උඩට ගන්න බැහැ. මේ බලපන් 2005 ප්‍රතිඵල. එදා ජවිපෙ වෙන ස්තාවරයක හිටියා නම් මොකක්ද වෙන්නේ. මහින්ද ඒ බව දන්නවා. මහින්දගේ කකුලෙන් ඇදපු ඒ පක්ෂේ සමහරු පවා, මහින්දගේ කකුල අත හැරියේ ජෙප්පෝ ඉන්වෝල්ව් වෙච්ච නිසා.

      Mahinda Rajapaksa United People's Freedom Alliance 4,887,152 50.29%
      Ranil Wickremesinghe United National Party 4,706,366 48.43%
      4)///උඹ හිතනවද මේ සංසාරෙදි සෝභිත හාමුදුරුවෝ විධායක ජනපති කම අතහරිනවය කියලා.//////

      මට හිතෙනවා ඔව් කියලා. ඒ සඳහා අනිකුත් දේශපාලන පක්ෂ විසින් පෙර ඉගෙනගත්ත පාඩම් මත සම්මුතියකට ආ යුතුයි.
      5)පුද්ගලයා වෙනුවට වැඩ පිලිවෙලක් තමයි නිවැරදි ක්‍රමය. නමුත් අප ජීවත්වෙන සමාජය දිහා ආපහු ඇස් ඇරලා බලන්න ඕන. අපි ප්‍රතිරූප වන්දනාවෙන් ඉන්දියාවටත් එහා ගිහිල්ලා මේ වෙනකොට (ක්‍රිකට්,ෆිල්ම්ස් ඈඳා නොගෙන ඉන්න ට්‍රයි කරමු ). ඒනිසා තමයි මම හිතන්නේ වැඩ පිලිවෙලකට එකඟවෙන, සිවිල් සමාජය හා නිවැරදිව බද්ධවී ඉන්න, නමුත් ප්‍රතිරූපයක් සහිත පුද්ගලයෙක් තමයි අද දවසේ පොදු අපේක්ෂකයා විය යුතු කියලා. ඒ නිසා තමයි මම හිතන්නේ සෝභිත හිමි මේ කතාකරන මොහොතවනවිට හරිම පුද්ගලයා කියලා. මහින්ද පරාජය කිරීම තුලින් මම දකින්නේ මේ මජර, අසික්කිත, නීතිය බල්ලන්ට ලෙවකන්න දාපු,සමස්ථ සමාජයම ලෝකයා ඉදිරියේ කානුවට ඇදලා දාපු පජාත රෙජීමය පරාද කිරීම හැර අන් කිසි දෙයක් නොවේ. එය පරාජය කිරීම මුලින්ම සිදුකල යුතු බවයි මගේ වැටහීම. ඒ වෙනුවෙන්ම තමයි, නිශ්චිත වැඩ පිලිවෙලකට එකඟ වෙන සහ ඒ වෙනුවෙන් යටත් වෙන මෙන්ම ප්‍රතිරූපයක් ගොඩනගා ගත් පුද්ගලයකු උවමනා වෙන්නේ.
      6)මම හිතන්නේ දඹර අමිලගේ ආමන්ත්‍රනය , ඊට වඩා වෙනස් ආකාරයෙන් පොදු ජන මනසට ඇතුල්විය යුතුයි. ඔහුගේ රැඩිකල් ස්වරය ග්‍රාමිය ජන විඥ්ඥානයට ඇතුල් කරවන්න බැහැ . ග්‍රාමිය තරුණයා සහ ග්‍රාමීය වැඩිහිටියා පැහැදිලිවම වෙනස් චින්තනයන් දෙකක්. ඒ දෙපිරිසම ආමන්ත්‍රනය කරන්න පුළුවන් සෝභිත චරිතයට. මේ මට දැනෙන විදිහ.
      7)මචෝ උඩ ඉඳන් පල්ලෙහාට මගේ තෙල බෙදාගෙන ආවා. දැන් ටැන්කිය හිස් :D
      උඹගේ පෝස්ට් එකටත් පැරාගේ පෝස්ට් එකටත් මගේ ආචාරය!!


      Delete
  7. එරාජ් කාවින්ද ප්‍රනාන්දු ඉදිරිපත් කලානම් නිර්මාල්ට වඩා ඡන්ද ගනියි. විහිළුවක් නොවේ.

    ReplyDelete
  8. API CHANDRIKATA BAYAI MALLIYE

    ReplyDelete
  9. ඉදිරි ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වශයෙන් මහ වෙදැදුරු අනුරුද්ධ පාදෙනිය මහතා සුදුසු යැයි මම යෝජනා කරමි.එතුමා 2012 වසරේ ඇමරිකාවේ නායකත්ව පුහුණුව ලැබූ පළපුරුදු උගත් බුද්ධිමත් නායකයෙකි.රටේ දැවෙන ප්‍රශ්න ගැන උනන්දුවක් දක්වයි.නිර්මාල්ට වඩා පාදෙනිය හොඳයි.

    ReplyDelete
    Replies
    1. නිර්මාල්ට වඩා නම් පාදෙනිය හොදයි තමයි.

      Delete
    2. මහින්ද දේපළ විකිනීමට
      පාදෙනිය අවයව විකිනීමට
      වමා.... අරගල විකිණීමට

      Delete
  10. Mr. Mervin Silva is 100% perfect for the leadership THAN the guy called NIrmal(a)

    ReplyDelete
  11. සුමනසිරි ලියනගේ කියන්නේ මහ පොලොවේ ජීවත් වන මනුස්සයෙක් නෙමෙයිනේ. තියරි බුක්ස් වල අකුරු අස්සේ ජීවත් වෙන කෙනෙක්. කාලයක් තිස්සේ රාවයේ ලියපු බයිලා මතක ඇති නේ. මොනවද ලිව්වේ. මොනවද කිව්වේ කියලා එයාටවත් මතකද මම දන්නේ නෑ. අපි නම් කියන්නේ සුමනසිරි කියන් දේටත් වඩා ඉදිරියට ගියපු කතාවක්. නිශ්චිත කාළ රාමු වැඩක් නෑ. මුන් දැන් අවුරුදු ගානක් විපක්ෂේ ඉන්නවා. ව්‍යවස්ථා 100 හදන්න තිබුනා. හැදුවද? නෑ. ඇයි අවශ්‍යතාවයක් නෑ. මෙතුවක් කල් හැම එකාටම ඕන උනේ ජේ ආර් කෙනෙක් වෙන්න. දැන් හැම එකාටම ඕන මහින්ද රජපක්ෂ කෙනෙක් වෙන්න. වෙනසක් නැතිව එන මොකෙක්ගෙන් වත් වැඩක් නෑ. නිර්මාල් දානවට වඩා හොඳයි. මහින්ද මහත්තයට එරෙහිව තවත් මහින්ද කෙනෙක්ම දාන එක. මම යෝජනා කරනවා ජේෂ්ඨ මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර. මොකෝ මොනවා නැතත් මහින්ද රාජපක්ෂට මඩ වල හරි ගහයිනේ. අනික එච්චර මහන්සි වෙන්න ඕනත් නෑ. බෝතලය්ක් දුන්නාම ඇති.

    ReplyDelete
  12. ලාංකීය දේශපාලනය ඇතුලෙ කරන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් කල්පනා කරලයි පොදු අපේක්ෂකය තේරියයුත්තේ. මම හිතන්නෙ නං නිර්මාල් ආවොත් ඔහු ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රධාන ප්‍රතිවාදියා ගන්න ගන්න අඩුම ඡන්ද ප්‍රතිශතය ගනීවි කියලයි.

    අනෙක් අතට නිර්මාල් එනව නං මහින්ද ලොක්කට කරන්න තියෙන්නෙ එයාගෙ අර දෙමළ ප්‍රශ්නය බ්ලොග් එකේ පිටපත් ටිකක් සිංහල සමාජයට බෙදාහරින එක විතරයි.

    ReplyDelete
    Replies
    1. රාජ් ට ,මාතලන්ට වැටහෙන දෙය පැරා නොදැන ඉන්නවා යයි සිතිය නොහැක. පොදු අපේක්ෂකයා හොයාගන්න අවංක වෑයමකට වඩා මෙම බ්ලොග් ලිපිය තුළ අත්තේ නිර්මාල් AKAවමා ගෙන් ලකුණු දා ගැනීමේ පුද්ගලික ගේමක් නොවන්නේ නම් දේශපාලන බ්ලොග් රචකයකු ලියූ බොළඳතම යෝජනාව ලෙස නිර්මාල් පොදු අපෙක්ෂකයා කිරීමේ යෝජනාව සැලකිය හැකියි.

      Delete
    2. මේ ගැන බොයිම් බවාක් එහෙම මොකුත් කියලා නැද්ද උදිත

      Delete
    3. රාජ්ට ජනාධිපති උපදේශක කමක් දෙන්න වටිනවා... ඒක නෙවෙයි මචන් අපි පැරාව දාමුද පොදුඅපේක්ෂකය හැටියට....

      Delete
    4. නිර්මාල් සුදුසුයි ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙකුට විරුද්ධව පොදු අපේක්ෂකයෙකු ලෙස යෝජනා කරන්නට. ඔහු ආවොත් මෙරට පැවති ජනාධිපතිවරණයකදී අපේක්ෂකයෙකු ලබා ගත් අඩුම ඡන්ද ප්‍රමාණය ගන්න බව නිසැකයි.

      Delete
    5. ඔහුගෙ දෙමළ ප්‍රශ්නය බ්ලොග් එකේ පිටපත් රට පුරා බෙදා හැරියොත් මහින්දගෙ ඡන්ද ප්‍රතිශතය 75% පන්නයි.බඩගැත්තරකමට ලියපු එන්ජීඕ කාරයෙක් හොඳයි එන්ජීඕ කාරයන්ගෙ ගෙට් ටුගෙදර් එකක් මෙහෙයවන්නට.

      Delete
    6. Uditha MeeghathennaMay 7, 2014 at 9:26 AM @
      +++++++++++++++++++++++++++++++
      මං හිතුවෙ මේක විහිලුවක් කියල.කියවගෙන යනකොට තමයි සිරාවට කියල දැන ගත්තෙ.

      Delete
  13. //කොටින් කිව්වොත් ශ්‍රී ලංකාවේ ඇමති ධුරයක් තරම් වත් දිනා ගැනීමට බලාපොරොත්තුවන දේශපාලකයකුට වෙළක මීහරකකු සිවුරක් පොරවාගෙන සිටිනවා දැක්කත් සිරික්කිය දමා, දෙකට තුනට නැමී ඌට වැඳ “කොහොමද අපෙ හාංදුරුවනේ, බෑරක් වැඩියයි, තණකොළ වැළඳුවැයි?” යි අසන්නට පුළුවන්කම තිබිය යුතුය. (ඉස්ලාම් භක්තිකයකු වන ෆවුසි අමාත්‍ය තුමාගේ කාමරයේ පවා දිනපතා මල් පුදන බුදු කුටියක් තිබේ.) අප්‍රසිද්ධියේ මොනවා කළත්, ප්‍රසිද්ධියේ ‘පොදු හතූරා’ වන ලෝක බැංකුවට, පර සුද්දාට, සෑබෑ ලෝකයේ හමු නොවන අන්‍යාගමික මිෂනාරිවරුන්ට එරෙහිව ගිරිය කඩාගෙන කෑගසන්නට පුළුවන්කම තිබිය යුතුය. ජාතික චින්තනය ගැන පොර ටෝක් දෙන්නට පුළුවන්කම තිබිය යුතුය. පන්සල් ගානේ මල්වට්ටි ඔසවාගෙන යායුතුය. (වැඩි අමාරුවක් නැති නිසා රනිල් මෙය නම් එක්තරා දුරකට කරයි.) ඉඳහිට චණ්ඩිපාට් එකක් දාන්නට, හා අවශ්‍ය වෙතොත් ‘ජනතාව වෙනුවෙන්’ හිරේ යන්නටද පුළුවන්කම තිබිය යුතුය. මේවා නිවැරදි යැයි මින් කිසිසේත් අදහස් නොකෙරේ. එහෙත් මේවා කරන්නට බැරි කෙනකු, දේශපාලකයින්ට වඩා ආත්මාර්ථකාමී, මෝඩ, අඳබාල, ජඩ ඡන්ද දායකයින් පිරිසක් ඉන්නා අපේ රටෙ අපේ රටේ නායකත්වය නොපැතිය යුතුය. //

    උපුටා ගැනීම.
    http://taboosubjects-mirrored.blogspot.jp/

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++

      Delete
    2. දෙයි දෙයි ගා පපුවට ගසා ගැනීමට පුළුවන් විය යුතුය... (හැලපයා)

      Delete
    3. @බඩු කාරයාMay 7, 2014 at 9:45 AM
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  14. ඒත් මේ තත්වෙ දැන් වෙනස්වෙමින් පවතිනවා.මට හිතෙන විදියට ඕනම කෙනෙකුගෙ දුර්වලකම තමයි තමන් ගැන කරන අධිතක්සේරුව.ආණ්ඩුව හිතන්නෙ ජනතාව මෝඩයො කියල.ඒත් එහෙම කියල අතේ කයිතන් වන වැඩ කරනකොට ගොන්නුන්ගෙත් අං හැලෙනව.ජාතිකත්වය පිටුපස තිබෙන්නෙ වැඩවසම්වාදය කියන එකත් දේශප්‍රේමය පිටුපස තිබෙන්නෙ අවිචාර ප්‍රදේශවාදයක් කියන එකත් ජනතාව තේරුම් ගන්නව.ප්‍රාදේශීය මානසිකත්වයෙන් නොව ජාතික මට්ටමින් තීරණ ගන්න පුළුවන් පාලකයෙක් හිටියනම් හොදයි කියන තැනට මිනිස්සු එනව.
    රනිල් ඔය කියන තරම් දුර්වලයෙක් නොවෙයි.සිවුර්ක දාගත් මීහරකෙකුට වුනත් වදින ගතිය ඇත්ත.ඒත් වන්දෙක් නොවන රනිල්ට මම ගරු කරනව.මම 2005 දිත් 2010 දිත් මේ ආණ්ඩුවට චන්දෙ දීපු ෆෝන් එකේ මහරජානෙනි සින්දුව රිගින් ටෝන් එකට දාගෙන හිටපු කෙනෙක්.සල්ලි නාස්තිය දැක්කම මම හිතුව හැම දේකම දෙපැත්තක් තියනව කොටි විනාස කළානෙ කියල.මම දැන් කියන්නෙ කොටි ඉතුරුවෙලා මේ සල්ලි නාස්තිය සිද්ධ නොවුනනම් හොදයි කියල.ඒ කාලෙ අපට පාරෙ බැහැල යන්න බෑ ඔවෙලේ බෝම්බ පුපුරනවද දන්නෙ නෑ.ඒත් රටම ණැය කාරයො කරල මේ නාස්ති කරන සල්ලි ඉතුරුවුනානම් හොඳයි කියල මට හිතෙනව.

    ආපහු 2005 ට යන්න පුළුවන්නම් (විද්‍යා ප්‍රබන්ධ සංකල්පයක් වන කාල යන්ත්‍ර යකින් හෝ )මම ඡන්දෙ දෙන්නෙ රනිල්ට.ජාතිකත්වයෙන් ඔද වැඩිල මම ඒ කාලෙ මගෙ ප්‍රමාණයට හෝ කරපු දේශපාලනය ගැන මම අද පසුතැවෙනව.
    පොදු අපේක්ෂකයෙක් ගැන කියනවනම් විනේශ්වරන් හෝ සම්බන්ධන් වගෙ කෙනෙකුට වුනත් චන්දෙ දෙන මට්ටමට මිනිස්සු ඉන්නෙ.හැබැයි ඒ සංවර්ධන වැඩ බලන්න ට්‍රිප් එකක් හරි ගිය අය තමයි.

    ReplyDelete
    Replies
    1. විකට අයිවන් මෙක 2005 දි කිව්වා. මම හිතන්නේ මිනිහා හරියට කියපු එකම දේ. 'ප්‍රභා මැරුනාම දකුණේ දේසපාලනේ බැලන්ස් කරන්න අනේ ප්‍රභා හිටියා නම් කියලා කියවෙන දවසක් එන බව.'

      Delete
    2. අපි නම් එදා ඉඳලම කිව්වේ එකම විකල්පය රනිල් බව. ඒත් රනිල් දිනවන්න වෙන්නෙත් මහින්ද දිනෙව්වා වගේමයි. එයාට තනියෙන් දිනන්න බෑ. ඔතනදි තම්යි පුරස්නේ එන්නේ. මොකෝ විමල් හා චම්පික කරන්නේ ගරු රඟපෑමක් කියලා අන්තීමට කාටත් තේරේවී. විමල් කරන්නේ අර ෆොන්සේකා රජා වෙන්න ඉල්ලපු වෙලාවේ එයාගේ පක්ෂේ මුසම්මිල් කරපු දේමයි.

      Delete
  15. 77 දි මැතිණිගෙ කාලෙ මිනිස්සුන්ට සමාජවාදය අප්පිරිය විය.ජේ ආර්ට තුනෙන් දෙක ලැබුනෙ ඒ නිසාය. දැන් මිනිස්සුන්ට අප්පිරිය වෙන්නෙ බුද්ධාගම හා ජාතිකත්වයයි.ඒවා හොරා කෑම සදහා ආවරණ බව හැමෝම දනිති.පළාත් සභා වල ජිනීවා එක වැඩ නොකළේ එනිසාය.රට ජාතිය ගැන කතා කරන සාමාන්‍ය මිනිහෙක් දෙසත් බලන්නෙ හොරක් දෙස බලන ඇසකිනි.බස් එකේ ලඟ ඉන්න එකා රට ජාතිය ආගම ගැන කියවනවා නම් පර්ස් එක තියෙනවද කියල බලන මානසිකත්වයක් ඇතිවෙමින් පවතී.

    ReplyDelete
  16. සුළු ජාතින් දිනන්නට පුළුවන්නම් දැනට ඉන්න හොඳම කෙනා පාඨලී....

    ReplyDelete
  17. මහින්දට විරුද්ධව ඉදිරිපත් කරන්න තරම් පෙර වැරදි නැති ජනප්‍රිය චරිතයක් නැහැ. 2015 අතාරින්න වෙනවා. කාලයක් යනකොට එළුවගෙ බිජ්ජ වැටෙන්නත් බැරි නෑ!

    ReplyDelete
  18. මාතලන්ල කතන්දරල ඉන්න එකේ අපි මොකටද පිටස්තර පොදු අපේක්ෂකයෙක් ගැන හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. සොරි අමතක වුනා පැරා

      Delete
    2. මා 2009 අග දී පොදු අපේක්‍ෂකයෙකු ගැන යෝජනාවක් කෙරුවෙමි. එය අදටත් වලංගුය.

      http://kathandara.blogspot.com/2009/12/blog-post_08.html

      ඔහු රටම දන්නා පුද්ගලයෙකි. රට හැදීම ගැන මනා අවබෝධයක් ඇති බව පෙනේ!

      මා හිතන පරිදි මේ යෝජනාව සියළු දෙනාටම එකඟ විය හැකි ආකාරයේ යෝජනාවකි!


      http://kathandara.blogspot.com/2009/12/blog-post_08.html

      Delete
    3. මගේ මේ යෝජනාවට එදා පැරා ද එකඟ වී ඇති බව පෙනේ!
      http://kathandara.blogspot.com/2009/12/blog-post_08.html?showComment=1260277921407#c228807481384840422

      Delete
  19. මොකද මේ බ්ලොග්කාරයො ඇනෝ එන්න කැමති.මෙතන කොමෙන්ට් 43ක් තියෙනව.මෙතන ප්‍රසිද්ධ බ්ලොගර්ස් ල 35 ක්වත් ඉන්නව. ඇයි මේක දේශපාලන පෝස්ට් එකක් නිසා බයක්වත් නිසාද

    ReplyDelete
  20. මේ ලියන්නේ මේ පිළිබදව පැරකුම් මගේ අදහස විමසා ඇති බැවිණි. අළුතෙන් මගේ අදහස දැනගැනීමේ පලක් නැත. මෙහි ඇති ප්‍රතිචාර දෙස බැලූ විට අපිට සියල්ල තේරුම් ගත හැකිය. මේ යෝජනාව නිසා මා කැමති එක් දෙයක් සිදුවේ. එනම් මාගේ පොදු අනන්‍යතාවය තනිකරම විහිළුවක් බවට පත්වීමයි. මා හිතන්නේ එය හොද දෙයක් බවයි. මේ කාලයේ අපි ප්‍රවර්ධනය කළ යුත්තේ අදහස් මිස පුද්ගලයින් නොවේ. සුමනසිරි ගේ ඊ මේල් පිටුවේ උපුටා දැක්වෙන බර්ටෝල්ට් බ්‍රෙක්ටි ගේ ගැලීලියෝ නාට්‍යෙය් එන මේ ප්‍රකාශය සිහියට නගාගන්න. "Pity that land that needs heroes. කෙසේ වෙතත් මගේ අනන්‍යතාවය විහිළුවක් බවට පත් වුවත් මේ මාතෘකාව අධිපති විපක්ෂ කතිකාවෙන් පිටත් විකල්ප කතිකාවක් ගොඩනැගීම වැදගත්ය. ඊට අමතරව කිව යුත්තේ මා දැනට සහයෝගය දෙන්නේ සෝභිත හිමි පොදු අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කිරීමටයි. ඒ පිළිබදව පැරකුම් මතුකරන කරුණු වැදගත් ඒවාය. ඒ පිළිබදව පසුව කතා කිරීමට බලාපොරොත්තු වෙමි.
    Nirmal Dewasiri

    ReplyDelete
    Replies
    1. /*මේ කාලයේ අපි ප්‍රවර්ධනය කළ යුත්තේ අදහස් මිස පුද්ගලයින් නොවේ*/

      /*මා දැනට සහයෝගය දෙන්නේ සෝභිත හිමි පොදු අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කිරීමටයි.*/

      මෙතනම පොඩි කන්ට්‍රඩික්ශන් එකක් නැද්ද?

      Delete
    2. yes I agree you are right. There is a contradiction.

      Delete
    3. //මෙහි ඇති ප්‍රතිචාර දෙස බැලූ විට අපිට සියල්ල තේරුම් ගත හැකිය//

      මෙතන තියන කොමෙන්ට් වලින්, නිගමන වලට යනඑකනම් හොදදෙයක් නෙමෙයි. මේකේ කොමෙන්ට් කොටන එකාලා 80% ඉන්නේ රට. එකලා කීබෝර්ඩ් දේශපාලනය තමයි කරන්නේ. අහිමි විච්ච ප්‍රතිරුප වල ඇරියස් එක සයිබර් ප්‍රතිරුප වලින් කවර් කරන ඒකතමයි වෙන්නේ. සක්කරයාගේ පුතා වයිමා ව මේ තනතුරට යෝජනා උනත් උන්දැටත් වෙන්නේ මේ ටිකම තමයි. උදාහරණයක් විදියට අර උඩ කොමෙන්ට් කරල තියෙන Uditha Meeghathennaකියන මනුස්සයට ඕනේ මිනිහා දීප්තිගේ පොරක් කියල මේ බ්ලොග් සෙට් එකට කියන්න. මොකද දීප්ති කියන මෙලෝ අලයක් මේකේ බ්ලොග් ලියන එකාලට තේරෙන්නේ නෑ. ඉතින් දීප්ති පොර Uditha ඊටවඩා ටිකක් අඩු පොර. ලංකාවේ ඉන්න මොන කෙරුම උනත් මුන්ට ගොන් පාර්ට්. මොකද මුන් ඉන්නේ රටනේ.

      පැරත් සීරියස් සංවාද පටන්ගන්නේ හරි තැන්වල තමයි. පැරා හිතන් ඉන්නවනම් බ්ලොග් කියන්නේ විකල්ප ජනමාද්‍ය භාවිතාවක්, සංවාද වලට කියාපු තැන කියල, සොරිම තමයි.

      Delete
    4. @AnonymousMay 8, 2014 at 7:16 AM
      ++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. ඇනෝ ම්චෝ ඔයාට වැරදීමක් වෙලා...මගේ දීප්ති ට සම්බන්ධතාවක් නැහැ ඔහේට අමතකද මම කවුද කියල අර මල්ලි අරුනි ශපිරෝ අක්කාගෙ මල්ලි. ඉන්න මං අක්කගෙන් අහල එනකං පොදු අපෙක්ෂකයා කවුද කියල

      Delete
    6. දීප්ති ලියන මෙලෝ බෝලයක් බ්ලොග් ලියන එවුන්ට තේරෙන්නෙත් නෑ, ඌ වටේ ඉන්න උන්ට තේරෙන්නෙත් නෑ. ඌට තේරෙන්නෙත් නෑ. එකම දේ දීප්ති පොර සහ එහෙම කියපු එකා ඊගාවට පොරවීමයි.

      Delete
  21. මේ සාකාච්ඡාව සාර්ථකව පවත්වා ගෙන යන්න පුළුවන් නම් හොඳයි කියන ඒක මගේ අදහස.
    දේශපාලන පක්ෂ න්‍යාය පත්‍රයන්ගෙන් බැහැරවූ ජාතික තලයේ සිවිල් ක්‍රියාකාරී නායකයෙක්ගේ අඩුව නේද මේ පෙනෙන්නේ? ඇයි එවැනි සිවිල් ක්‍රියාකාරීන් අපේ රටට අහිමි කියන ප්‍රශ්නය විටින් විට හිතෙනවා. මට හිතෙන්නේ එවැනි චරිත කාලයෙන් කාලයට එක් එක් පක්ෂ විසින් හෝ රජය විසින් ගිලගන්නවා...නැත්නම් විහින් අතකොළු වෙනවා. ඇත්තටම අපිට එහෙම අය හිටියාද?

    මම පෞද්ගලිකව මේ වාතාවරනය යටතේ, සෝභිත හිමියන් හැර වෙනත් කෙනෙකු ගැන හිතන්න තරම් ප්‍රමානවත් අවබෝධයක් නැහැ. නමුත් සියල්ල වෙනස් විය හැකියි එක් තත්පරයකින්. සිවිල් සමාජයට වඩා ඉහලින් දේශපාලන සමාජය ඔසවා තැබීම සහ වන්දනා කිරීමේ ආදීනව තමා මේ. අප කවුරුත් වග කිව යුතුයි.

    ReplyDelete
  22. මා 2009 අග දී පොදු අපේක්‍ෂකයෙකු ගැන යෝජනාවක් කෙරුවෙමි. එය අදටත් වලංගුය.

    http://kathandara.blogspot.com/2009/12/blog-post_08.html

    ඔහු රටම දන්නා පුද්ගලයෙකි. රට හැදීම ගැන මනා අවබෝධයක් ඇති බව පෙනේ!

    මා හිතන පරිදි මේ යෝජනාව සියළු දෙනාටම එකඟ විය හැකි ආකාරයේ යෝජනාවකි!


    http://kathandara.blogspot.com/2009/12/blog-post_08.html

    ReplyDelete
  23. නිර්මාල්ට වඩා සොලිඩ් බඩුවක් නිර්මාල් ළඟ ඉන්නවා. ඒ තමයි දඹර අමිල හිමි.

    ReplyDelete
  24. nirmal NGO kaarayek. eya rata paawaa dei

    ReplyDelete
  25. පැරා , ඔය ප්‍රශ්ණේ දීප්ත කුමාර ගෙන් අහන්නකෝ,අපිට වද දෙන්නේ නැතිව ,මිනිහ එක්ක පැරාටත් තියෙනවානේ ලිහා ගන්න බැරි කාරනා.දිප්ත ගෙන් ඇහැව්වොත් පැරාගේ 'බ්ලොග්' එක අපිට ජේම්ස් බොන්ඩ් චිත්‍රපටියක් වගේ ඉදිරියේ බලත ඇහැකි.

    ReplyDelete
  26. දවස ඉවර වෙන්න ලං උනත් , දවසේ හොදම විහිලුව.......මං හිතං උන්නේ පැරා ලා වගේ සීරියස් පොරවල් විහිලු දන්නේ නෑ කියලා.......

    ReplyDelete
    Replies
    1. මේක දැකපු හැටියෙ මට හිතුනෙ පැරකුම් මහ මෝඩයෙක්නෙ කියල.මුලදි උගත් බුදිමත් විචාරකයෙක් කියල හිතුවට මෙහෙම යෝජනා කරන්නෙ මහ මෝඩයෙක්නෙ කියල හිතුව.පස්සෙ හිතුව නිර්මාල වගෙ අයගෙ හිත දිනා ගන්න පෝස්ට් එක දාන්න ඇති කියල. දැනුයි තේරෙන්න පැරකුම් කරල තියෙන්නෙ කට්ටිය රයිඩ් එකක එක්කගෙන ගිහින් කියලයි.මේක බලල හිනා වෙනව ඇති. කට්ටිය වටේ කරකවපු තරමක්.මේක ලොක්ක දැක්කනම් යකෝ උබ මටත් වඩා මොළ කාරයනෙ ඉදා ගනින් ජනාධිපතික කියල ජනාධිපතිකම පැරකුම්ට දෙනව.

      Delete
  27. පැරාගෙ ලිපිය කියවනකොට මගේ කල්පනාව සීරියස් වුනා......
    නිර්මාල් ජනාදිපති වුනා නම් පට්ට කියල හිතුන
    ඊට පස්සෙ කල්පනාවට ආව දෙමළාගේ ප්‍රශ්නය
    ඊට පස්සෙ නිර්මාල් ඇද ඇද කතා කතා කරන විදිය
    නිර්මාල් වැනි උසස් මනසක් ඇති මනුස්ස භාවය උපරිමයටම ඇති පොදු අපේක්ෂකයෙකුට ලංකාව තුල ඉඩක් ඇතැයි සිතිය නොහැකිය.

    ReplyDelete
  28. අපේ රටට බුද්ධාගම ලැබුනත් එයින් නිවැරදි චින්තනයක් ගොඩනගා ගැනීමට නොහැකිවී ඇත. සර්වජන චන්ද බලය ලැබුනත් එය හරියට පාවිච්චි කරන විදිය ඉගෙනගැනීමට නොහැකිවී ඇත. මේ ක්‍රමය වෙනස් කිරීමට මාර්ග දෙකක් තිබෙනවා. එකක් තමයි අපේ අය "පිළිගන්න" කෙනෙක් ඉදිරිපත් කිරීම. හාමුදුරුවන් වහන්සේ කෙනෙකු මේකට ගැලපෙනවා (එහෙම උනොත් හාමුදුරුවන්ගේ කුණු ගොඩවල් ඇවිස්සෙන එක අනිවාර්යයි. අප එයට පිළියම් සොයා ගන්න ඕන.) අනෙක් මාර්ගය තමා අපේ අයගේ අදහස් වෙනස් කිරීම. එකට ඉතින් සෑහෙන කාලයක් යාවි. නමුත් මෙය කවදා හෝ කලයුතු දෙයක්. ඒ උනත් අපේ විකල්ප අදහස් සංවාද කරන බොහෝ අය කරන්නේ මිනිස්සුන්ට මල පන්නලා මෝඩ ආතල් එකක් ගන්න එක විතරයි. කිසිම උපායශීලී බවක් නැහැ. මේ අය මිනිස්සුන්ව තවත් බොරු දේශප්‍රේමී, ආගම්වාදී බලවේග වලට තල්ලු කරනවා.

    ReplyDelete
  29. ඒඩීපි රත්නායකMay 14, 2014 at 10:26 PM

    පැරකුම්ගේ යෝජනාව ගැඹුරින් සලකා බැලිය යුතුය කියලයි මම හිතන්නෙ .අපට ඉහලින් පටවන තෙක් බලාසිටීම අමන වැඩක් . මෙච්චරකල් අපි කලේ ඒකයි . වමේ සහ අනික් ප්‍රගතිශීලීන් ප්‍රධාන දේශපාලන අරගලයට ඇතුල් වෙන්නෙ නැතිව සිල්ලර වැඩ කර කර ඉන්නව , ප්‍රධාන දේශපාලන අරගලය දක්ශිණාංශයට භාරදීල .වඩාත් හොද දෙයක් ලබා ගන්න අඩුම ගානෙ කේවල් කිරීමේ හැකියාව හරි ඇතිකරගන්න ප්‍රගතීශීලී පිලෙන් විකල්ප පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න පුලුවන්නම් ඒක හොද දෙයක් . මේ කරල තියෙන කමෙන්ට්ස් බොහොමයක් සාධනීය සංවාදයකට මග පෙනවන්නේ නෑ.ඒ නිසා ඒ උඩ නිගමනවලට එන්න බැහැ . මගේ යෝජනාව නම් මේ සංවාදය බිමට ගේන්න ඕනැ කියන එකයි . ඒ කියන්නෙ අපි එකතුවෙලා ඇත්ත කතාබහකට බහිමු කියන එකයි . මේ ගැන වැඩි යමක් ලියන්න බලාපොරොත්තු වෙනව ඉදිරියේදී .

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා