සෞඛ්‍ය සේවයේ වෘත්තීය සටන් ප්‍රතිගාමී ද?

මේ වන විට දියත් වෙමින් තිබෙන හෙදියන්ගේ වැඩ වර්ජනය වෘත්තීය අරගලයක් ලෙස තේරුම් ගැනීම පිළිබඳ ැටලු තිබේ. එය වනාහි වැටුප් ප්‍රශ්නයක් මුල් කරගෙන කරන වර්ජනයක් නොවේ. එහි අරමුණ අලුතින් සේවයට එක් වන හෙදියන්ට සිය මූලික පුහුණුවේ කොටසක් ලෙස සූතිකාගාර පුහුණුව ලබා ගැනීමයි. වර්ජනය කරමින් සිටින හෙදියන්ට මෙම වර්ජනයෙන් තමන් මුහුණ දෙන සැබෑ ගැටලු කිසිවක් විස‍ඳෙන්නේ නැත. 

වැටුප්, අතිකාල දීමනා, අනතුරු දීමනා, නිල ඇඳුම් දීමනා ආදිය ප්‍රමාණවත් නොවීම, අධික ලෙස වැඩ කරන්නට සිදු වීම, රාත්‍රී සේවා මුර කරන හෙදියන් සඳහා විවේක කාමර ආදී ගැටලු රාශියක් තිබියදී, ඒ සියල්ල පසෙක තබා තමන්ගේ තත්වය පිළිබඳ ව්‍යාජ සටන් පාඨයක් මත සමස්ත හෙද ප්‍රජාව ම පාහේ එකාවන්ව නැගී සිටින ස්වභාවයක් දක්නට ලැබේ. 

මෙම නැගී සිටීමේදී හෙද නිලධාරීන්ගේ මහා අනෙකා වී තිබෙන්නේ ඔවුන්ගේ හිමිකම් අවුරාගෙන සිටින ආණ්ඩුව හෝ එසේ හිමිකම් අැහිරීම සඳහා ආණ්ඩුවට සේවය කරන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැනි හොරිකඩ වෘත්තීය සමිති නායකත්වය නො වේ. මෙහිදී අනෙකා වී තිබෙන්නේ වින්නඹුවරියන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. 

හෙද හෙදියන් වැටුප් ශ්‍රමිකයන් ලෙස තමන් නිවැරදිව තේරුම් නො ගැනීම පිළිබඳ ගැටලුවක් තිබේ. සමාජ හා වෘත්තීය තත්වය වැටුපට ඉහළින් තැබීමට හේතුව එයයි. 

ආණ්‌ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් කුමන තීන්දු තීරණ ගත්තත් හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා නොදීමට රට පුරා සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් තුන්සිය හැත්තෑ පස්‌දෙනා ඒකමතිකව තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ (04 දා) ප්‍රකාශකර ඇති බව අද පුවත්පත් වාර්තා කර තිබේ. 

සෞඛ්‍ය සේවාව ම රෝගී වෘත්තීය සමිතිවලින් පිරී තිබේ. ඒ අතරින් බරපතල ම රෝගීහු වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි. සෞඛ්‍ය සේවයේ සිටින සෙසු සියලු වෘත්තිකයන් තමන්ට යටත් වහලුන්ගේ තත්වයෙන් තබා ගැනීමේ මේනියාවකින් දොස්තරවරු පෙළෙති. 

වෛද්‍යවරු සේවයට පිළිපන් වහ‍ාම පංතිමය පිම්මක් බලාපොරොත්තු වෙති. රජයේ සේවයේ යෙදෙන ගමන් ම, පෞද්ගලික සේව‍යේ  යෙදෙමින් රෝගීන් සූරාකමින් ධනය ගොඩගසා ගැනීම ඔවුන්ගේ අරමුණයි. මෙම සංදර්භය තුළ, ඔවුන්ගේ වෘත්තීය අරගල බොහොමයක් ප්‍රතිගාමී අරමුණුවලින් යුක්ත ය. 

වත්මන් ප්‍රශ්නයට අදාළව රජයේ පාලන අපරිණතකම ද කැපී පෙනේ. වෛද්‍ය ආඥා පනතේ වගන්ති හා සූතිකාගාර පුහුණුව පිළිබඳ ගැටලු තිබේ නම්, වෘත්තීය සමිතිවලට පොරොන්දු දීමට පෙර ඒවා විසඳා ගත යුතුව තිබිණි. දරු ප්‍රසූතියට සම්බන්ධ විය යුත්තේ වින්නඹු නිලධාරීන් හා වෛද්‍යවරුන් පමණක් ය යන අදහස ආචීර්ණකල්පික එකකි. වින්නඹු සේවය ඇත්තට ම ආරම්භ වුණේ රෝහල්වලට වඩා නිවෙස්වල දරු ප්‍රසූතිය සිදු වූ වකවානුවක ය. රෝහල්වල සිටින වින්නඹු නිලධාරීන් ද හෙද තත්වයට උසස් කළ යුතු ය. 

එසේම වින්නඹු නිලධාරීන් ලෙස හඳුන්වනු ලබන පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සේවාව ද, මහජන සෞඛ්‍ය හෙද සේවාවක් ලෙස උසස් කළ යුතු ය. 

හෙදියන්ට සූතිකාගාර පුහුණුව ලබා දී හෙද සේවයේ තත්වය උසස් කිරීම රටක සංවර්ධනයට ඉවහල් වන දෙයකි. එයට විරුද්ධ වීම ප්‍රතිගාමී ක්‍රියාවකි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවසම් අදහස් ඇති ප්‍රතිගාමී වෘත්තීය සමිතියකි. තම සේවයට අයත් නොවන හාමුදුරුවරයකු සිය සංගමයේ නායකත්වයට පත් කරගෙන ඔහුගේ විකාරරූපී වෘත්තීය සමිති වැඩපිළිවෙලක සිර වී සිටින හෙද නිලධාරීහු බහුතරය ද ප්‍රතිගාමිත්වයේ සරණ ගිය අය වෙති. 

පවුල් සෞඛ්‍ය සේවිකා‍වෝ ද සටන් කරන්නේ රෝහල්වල නතර වන්නට මිස තම සේවා තත්වය දශමයකින්වත් ඔසවා ගන්නට නො වේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සහතික ඇත්ත. ඔක්කෝම නිසා තැලෙන්නෙ රෝගීන් තමයි.

    ReplyDelete
    Replies
    1. පැරා .. කුඩා අකුරින් තිබෙන, ඔබ උපුටා අරන් තිබෙන කෑල්ල ලියපු උන්දැට පිස්සු . මෙහෙමයි. මෙතෙක් කාලයක් හෙදියෝ නෙමෙයි සුතිකාගාරේ සේවය කලේ. වින්නඹුවන් සහ දොස්තරලා. වින්නඹු ට්‍රේනිං එක ඇරෙන්න හෙදියන්ට විශාල ගණනක් තවත් විවිධ ක්ෂේත්‍ර වල අද්යයනය කටයුතු කරන්න පුළුවන්. එහෙම තියෙද්දී හෙදියන් ෂයිලොක් ල වගේ මේකම කරන්න ඉල්ලන්නේ මොකද කියා බැලිය යුතුයි. ඒ ප්‍රධාන හේතු දෙකක් නිසා.
      1. වගකීම් වැඩියෙන් ලබාගෙන එමගින් තමන්ට ඇති bargaining power එක වැඩි කර ගැනීම. මෙය වැඩ වර්ජන වලදී වැදගත් සාධකයක්. මේ මගින් වැඩවර්ජනයකදී මුළු සෞක්‍ය ක්ෂේත්‍රයම දන ගස්සන්න පුළුවන්.

      2. මෙය හැදෑරීම මගින් තම අද්‍යයන කාලය වසර 4ක් කරගෙන ඩිප්ලෝමා ව නොව උපාදියම සම්පුර්ණ කර ගැනීම.
      මේක බැලුබැල්මට වරදක් නැහැ. නමුත් මෙලෙස උපාදිය සම්පුර්ණ කල හෙදියන්ට වෙනස් වැටුප් තලයක ගෙවීම් කලයුතු වෙනවා. මෙය මුළු සෞක්‍ය ක්ෂේත්‍රයේම වැටුප් විෂමතාවන් රාශියක් ඇති වීමට හේතුවක්. මෙලෙස වෙන වැටුප් විෂමතාවයන් සියල්ල සංශෝධනය කර ගෙවීමට ආණ්ඩුවට මුදල් නැහැ. (වැටුපක් වැඩි කිරීම මිස අඩු කිරීම කල නොහැකියි නේ ) මේ විෂමතාවය අනාගත වැඩවර්ජන රාශියකට බීජය වෙනවා.

      "රෝහල්වල සිටින වින්නඹු නිලධාරීන් ද හෙද තත්වයට උසස් කළ යුතු ය. "
      මෙය මුග්ධ ප්‍රකාශයකි. එසේ ගහෙන් ගෙඩි එන්න සේ උසස් කල නොහැක. ඔවුන් හෙද පාටමාලාව හැදෑරිය යුතුය. වින්නබු සේවය සඳහා ඇති අධ්‍යාපන සුදුසුකම් අනුව කි දෙනෙක් එම විභාගය පාස් වේදැයි සැක සහිතය. ගහෙන් ගෙඩි එන්නා සේ විභාගයක්/අද්යාපනයක් ලබා නොදී උසස් කළහොත් රෝගීන් කී දාහක් මිය යයි දැයි කිව නොහැකිය.

      එමෙන්ම මෙලෙසින් උසස් කළහොත් ඔවුන්ගේ අද්යාපන සුදුසුකම් මත තවත් වැටුප් විෂමතාවයක් ඇති වේ.
      උදා (පමණයි ) :
      හෙද සේවයට අද්‍යාපනය වසර 3. වැටුප රු 50000
      වින්නබු සේවයට අද්‍යාපනය වසර 1. වැටුප 50000

      මෙය තවත් වැඩ වර්ජන රාශියක මුල පිරීමකි

      මේ ගැටුම ට සම්බන්ධ වූ සියලුම පාර්ශව ඇතුලේ සැඟවුණු ගේම් (hidden ajenda ) රාශියක් ඇත. පිටින් බලා ප්‍රශ්නය විග්‍රහ කිරීම අන්දයා අලියාගේ හැටි කිව්වක් මෙන් වේ.

      Delete
    2. මහසොහොන් පිල්ලිය කියන්නේ ආණ්ඩුව ද? නම නම් ඇත්තට ම ආණ්ඩුවට ගැලපෙනවා. එහෙම අහන්න හිතුනේ මේ ටික කියෙව්වාමයි: "මෙලෙස වෙන වැටුප් විෂමතාවයන් සියල්ල සංශෝධනය කර ගෙවීමට ආණ්ඩුවට මුදල් නැහැ."

      ලංකාවේ හෙදියකට රුපියල් 50,000ක් ගෙවනවා කියන්නේ අතිකාල සමග උපරිම වැටුපක් ද?

      සේවා තත්වයන් උසස් කිරීම ගහෙන් ගෙඩි එන්නා වගේ කළ යුතු නැත. ක්‍රමානුකූලව කරන්නට හෝ කොතැනින් හෝ පටන් ගත යුතු ය.

      Delete
    3. මුදල් නම් ප්‍රින්ට් කරලා ගෙවයි. ඇතිවෙන උද්ධමන තත්වය බලපාන්නේ රටේ සියලුම ජනතාවට. මම එය කිව්වේ වගකිවයුතු පුරවැසියෙක් වශයෙන්. මේ ලෝකේ තියෙන හැම දේටම ධනපති ආණ්ඩු වැරදිකාරයා කරලා අවලාද නගන සමාජවදියෝන්ට නං එච්චර දෙයක් ත්රුම් ගන්න අමාරු වෙයි.

      උදා (පමණයි ) කියා විශ්ෂයෙන් ම ලිව්වේ ලියන දේ වරදවා වටහාගෙන නැට්ට පාගාගෙන මරු කියෝන මන්ද මානසික තත්වයක් ඇතියවුන් උදෙසාමයි. පැරාත් ඒ තත්වයට වැටීම කනගාටුදායකයි.

      "සේවා තත්වයන් උසස් කිරීම ගහෙන් ගෙඩි එන්නා වගේ කළ යුතු නැත. ක්‍රමානුකූලව කරන්නට හෝ කොතැනින් හෝ පටන් ගත යුතු ය."
      කරන්න නං දේවල් තව කොච්චර තියෙනවද. ගුරු සේවයේ වැටුප් විෂමතා වලින්ම පටං ගත්තොත් නරකද ? ;)

      Delete
    4. // වින්නඹු සේවය ඇත්තට ම ආරම්භ වුණේ රෝහල්වලට වඩා නිවෙස්වල දරු ප්‍රසූතිය සිදු වූ වකවානුවක ය. රෝහල්වල සිටින වින්නඹු නිලධාරීන් ද හෙද තත්වයට උසස් කළ යුතු ය. //

      පැරකුම් මෙහෙම කියන්නේ මොන පදනමක ඉඳගෙන ද?

      ඔහොම මිඩ්වයිෆ්ලා "නර්ස් ලගෙ තත්ත්වෙට" උසස් කරන එක අපේ සිස්ටම් එක දුවන දියුනු රටවල වත් වෙලා නෑනේ? ඒවයිත් තවමත් ඉන්නවා මිඩ්වයිෆ් ලා. නර්සස් යූනියන් නිකන් ඉඳීවිද පැරකුම් මිඩ්වයිෆ්ලා ඒ ගානට ගන්න ගියොත්?
      http://en.wikipedia.org/wiki/Midwife

      කාටද වැඩියෙන් ලෙඩ තියෙන්නෙ කියලා පැරකුම් ඩයග්නෝස් කරේ කොහොමද කියල නම් දන්නෙ නෑ, එක වෘත්තියක් අඳින ඇඳුම වෙනස් කළා කියල ස්ට්‍රයික් කරපු වෙන වෘත්තියක යූනියන් ඇක්ෂන් එක එහෙමත් සලකල බලල වෙන්න ඇති?

      දොස්තරලාටත් ලොකු ලොකු ලෙඩ ඇත. එය වෙනම කතාවකි.

      Delete
    5. පැරාගේ ගෑණිත් නර්ස්,රාජ්ගේ ගෑණිත් නර්ස් තිත් දෙකයි ඩී නේද?
      දෙන්නම ගෑණිගේ රස්සාව ගොඩ දාගන්න ට්‍රයි එකක් දෙනවා. රාජ්නං ආණ්ඩුවෙ(අපේ) වියදමෙන් නෙට් එනවා. පැරා ගෑණිග් පඩියෙන් නෙට් එනවා(ඕකා ගුරු රස්සාවක් කරනවා කියන්නේ ලෝක ලැජ්ජාවෙන් බේරෙන්න ලංකාවේ කිසිම තැනක ඔය කියන මනුස්සයා උගන්වන පාසලක් නැත.)

      ඉතිං දෙන්නම රට හදන්න කතා කරනවා. අගෙයි.

      Delete
  2. කොහොම උනත් මා දකින්නේ කරන මොන දේ උනත් රොගින් අපහසුතාවයට පත් නොකර කරොත් නේද හොඳ? ඒ ගැන සංවාදයක් පහත වෙබ් අඩවිය හරහා අපි ගොඩා නගා තියෙනවා. ඇවිත් ඒ පැත්තත් බලන්න. මම උනුත් පිලි ගන්නවා වෛද්‍යය වරුන් මෙන්ම සෞඛ්‍යය සෙවයේ අනෙක් පිරිසුත් තමන් කවුද කියන එකල තේරූන් අරන් නැති බව. මොන දේ උනත් අහංසක ජනතාව හැම දේකටම උකසට තියා ගන්න එපා. වෙනත් මාර්ග වල ගියොත් නේද? හොඳ

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න

    ReplyDelete
  3. දොස්තරලගෙ වැරදි විතරද උඹලට පේන්නෙ? දැං දවස් 4ක් ඉදන් නර්ස් ලා ස්ට්‍රයික් කරනවා පේන් නැද්ද? දොස්තරල ස්ට්‍රයික් කලත් රෝහල් වාට්ටු, හදිසි සේවා ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. ඒත් මුන් කිසිම තැනක වැඩට එන් නෑ. වාට්ටු වල බේත් කබඩ් වල දාල ලොක් කරලා. දොස්තරලා තමයි ඔක්කොම වාට්ටු වල වැඩ කරන්නෙ. තව උන් බේත් බෝතල් වල නමත් මාරු කරලා දොස්තරල ලව්වා වැරදි බේත් දෙවන්න ඕන හින්දා.

    අමු අමුවෙ මිනී මරන්න නර්ස්ලට හොදයි. උන් ගැන මේකෙ එක පෝස්ට් එකක්වත් තිබුනද.

    ReplyDelete
    Replies
    1. ඔබතුමත් පුදුම කතාවක්නෙ කියන්නෙ.දොස්තරල ස්ට්‍රයික් කරන කොට අපි කියනව මුන් මහජන මුදලින් ඉගෙන ගෙන මහජනය පීඩාවට පත් කරන එක වැරදියි කියල.නර්ස්ලට එහෙම කියන්නෙ කොහොමද?උන් ඉගෙන ගත්ත එවුන්යැ. මේ මෑතක ඉදන් සයන්ස් වැඩ තුනට බදව ගන්නව.
      නරිස් කෙනෙක් මාත් එක්ක කිව්ව උන් අර ඩොකාල එක්ක ගේම ඉල්ලල ස්ට්‍රයික් කරපු කාලෙ උන්ට බැරිලු ඩොකාලට සර් කියන්න. හරි කතාවක්නෙ.නරිස් ල කවුරු කියල හිත ඉන්නවද දන්නෙ නෑ.
      ටයිප් කරද්දි වැරදිලා නර්ස් කියන එක නරිස් කියල ටයිප් වුනා.ඒක නර්ස් කියනවට වඩා ලස්සන වචනයක් වගෙ.

      Delete
    2. ඔයතරම් උගත් දොස්තරවරු ඇයි අනිත් උන්ගේ වැඩිදුර අද්‍යාපනයට අකුල් හෙලන්නේ.හෙදියන්ගේ සුතිකාගාර පුහුණුවට මෙන්ම සම සෞඛ්‍ය සේවා උපාධිය බාල්දු කිරීම පිටුපස ඉන්නේද හීනමානී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි.

      Delete
    3. දොස්තරගෙ ඉඳල කම්කරුව දක්වා හැම එකාගෙම වගේ අවුලක් තියනව. එකෙක් නරකයි එකෙක් හොඳයි කියන්න බෑ.

      Delete
    4. AnonymousMay 5, 2014 at 12:24 PM
      කවුරුවත් කාටවත් සර් කියන්නේ මොකටද? බලෙන් එහෙම කියවගන්න හදන්නේ තමන්ගේ හීනමානය වහගන්නද?

      Delete
  4. හමුදාවට පොලීසියට වැඩ වර්ජන කරන්න බැහැ.ඒ වගෙ සෞඛ්‍ය සේවයටත් වැඩ වර්ජන තහනම් කළ යුතුයි.නර්ස්ල කරන මේ වැඩේ වැරදියි.නර්ස්ල කියන්නෙ මහලොකු උඩගුකමක් දරාගන්න ඕනා පිරිසක් නොවෙයි.කලා ඒ ලෙවල් වලිනුත් මෑතක් වෙනකම්ම නර්ස්ල බදව ගත්ත.
    වින්නඹුවන්ට විරුද්ධව මේ අය කරන දේ වැරදියි.
    වැඩි දෙනෙකුට දැනුම ලබා දී දැනුම සමබන්ධ බමුණු කුල බිද දැමිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. දොස්තරලාගේ උඩඟු කම ඔබට අනුව හරිද?.

      Delete
    2. හරි නෑ.මම සෞඛ්‍ය සේවයෙ ඔහු හුටප්පර දන්නෙත් නෑ. ඔය උඩගු බව දොස්තරලට විතරක් නොවෙයි කම්කරුවගෙ ඉදන් හැම එකාටම තියෙනව.විශය බද්ධ කාරනයක් තිබුනත් නැතත්.දොස්තරල ගැන මම මීට ඉස්සර කොමෙන්ට් කළා ඒත් මම නම් හිතන්නෙ රාජ්‍ය සේවයෙ හොඳම තැන අධ්‍යාපන ක්ෂේත්‍රය කියල. ගුරුවරු ප්‍රින්සිපල් ල අතර ලොකු පරතරයක් නැහැ.අධ්‍යාපන නිළධාරීන් ගුරුවරුන්ට නිතර ඇස ගැටෙන්නෙ නෑනෙ. ඒ නිසා ධූරාවලි ගැටළුව අවම පාසල් වල කියල මම හිතනව. ගුරුවරුන්ට කොන්ද කෙළින් කරගෙන රාජකාරි කරන්න පුළුවන්. ඒ වගේම ගුරුවරු අතර හරි අපූරු දෙයක් තිබෙනව. ඒ එකිනෙකාට සර් කීම.මේක හරි ලස්සනයි.එතකොට ඔය වචනය නිකම්ම සාමාන්‍යකරනය වෙනව.
      නමුත් රෝහල්,කාර්යාල වල තියෙන ධූරාවලි තමයි මෙතන තිබෙන ඇත්ත ප්‍රශ්නය කියල මට හිතෙන්නෙ.

      Delete
  5. ඒක මෙහෙමයි.සම සාධාරණ සමාජයක් සදහා බමුණු වෘත්තීන් වල ක්‍රියාකාරිත්වය බාධාවක්.නරිසින් නම් බමුණු වෘත්තියක් නොවෙයි.නමුත් ඩොකාල කියන්නෙ බමුණන්. සමාජයෙ වෘත්තීන් කෙටි කාලීන හා දිගු කාලීන ලෙස පුහුණු අනුව වර්ග කෙරෙනවා.දිගු කාලීන වෘත්තීය පුහුණුවක් අවශ්‍ය අය තමයි තම වෘත්තිය ගැන සමාජයේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගෙන බමුනන් වෙන්නෙ. හෙදියොත් බමුණු උප කුලයක් වෙන්නයි මේ සටන් කරන්නෙ .ඒ මිඩ්වයිෆ්ල එක්ක.

    අවුරුදු පහේ කෝස් එකේ සමහර කොටස් වෙනත් වෘත්තිකයන් ඉගෙන ගන්නව. ඩොකාලගෙ දැනුම පරම ශුද්ධ එකක් නොවෙයි.ලංකාවෙ ඒ දැනුම සීමාසහිත වීමක් වෙලා ඒකයි ගැටළුව. නරිසින් වලට අවුරුදු තුනක උපාධියක් දෙනව.ඒක බී එස් සී එකක්.මේ දෙගොල්ල අතර ලොකු වෙනසකුත් නැහැ.දැන් නර්ස්ල ගමක දහයක් පහලොවක් ඉන්නව .ඩොකාලත් ඉදිරියෙදි එහෙම වැඩි වෙයි.ඩොකාල මේකට කැමති නෑ.ඒකයි රට ඉදන් එන අයට කේස් දාන්නෙ. කොහොමටත් ආන්ඩු කියන්නෙත් කොන්ද පන නැති සමාගම් නිසා බමුනන්ට රජ මගුල්.

    ReplyDelete
  6. උඩගු බමුණු වෘත්තීන් ගැන කියනවානම් අපූරු නිදසුන තමයි පරිපාලන සේවා විභාග ඕපන් එක පාස් වුන අය.ලිමිටඩ් පාස් අයගෙ තත්වය මේ තරම් අසාධ්‍ය නැහැ. ඕපන් පාස් වුන අය පාරෙ යන මිනිස්සු එක්කත් රණ්ඩු වෙනවා. කඩේකට ගිහින් බඩු ගන්න ගියාමත් රණ්ඩු වෙනව.බස් වල යන විටත් රණ්ඩු වෙනව. පහල නිළධාරීන් එක්ක පොදු ප්‍රවාහන සේවයෙ එකට යන්න වෙන එක ගැන මැසිවිලි නගනව. මේ අය ලොකු වැටුප් ගන්න අය නොවෙයි.සාමාන්‍ය උපාධියක් කරල තරඟ විභාගෙකින් පාස් වුන අය.මේ අයට ඒක දරාගන්න අමාරුයි.ඔළුව උදුම්මගෙන් ඉන්නෙ පත්වීම ගත්ත අලුත.ලිමිටඩ් පාස් අයට වගෙ මේ අයට වැඩ බෑ. මිනිස් සොභාවය කොයි තරම් අපූරුද කියල කියන්නයි මේ කතාව කිව්වෙ.වැඩවසම් යුගයෙ රදලයො වහල් යුගයෙ වහල් හිමියො හැසිරුන විදිය ගැන පොඩ්ඩක් වත් දොස් කියන්න බැරි සුළු වැටුපක් ගන්න මේ නිළධාරීන් හැසිරෙන විදියට.පරිපාලන අයගෙත් ඕපන් එග්සෑම් එක පාස් වෙලා මුල් අවුරුදු හතර පහ තුල තමයි අසනීපෙ දරුණුවට තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. මේ කතාව පෝස්ටුවේ සාකච්ඡාවෙන කාරණයට අදාළ නැතත්, ඔබ කියන්නෙ සම්පූර්ණ ඇත්ත. මම කාලයක සිට සේවය කරන්නෙ ඔය පරිපාලන සේවෙ මහගෙදරය කියන ඔවුන්ව පුහුණු කරන ආයතනෙ. ඔපන් එක පාස් වුනු උන් ට්‍රේනින් කාලෙදිත් ඉන්නෙ මාර උණකින්. සාපේක්ෂව රාජ්‍ය සේවය ගැන හරි පරිපාලනය ගැන හරි මෙලෝ හසරක් නොදන්නව උනාට ලොකුකම ඉහටත් උඩින්. ඒකට ප්‍රධාන හේතුවක් තමයි ඒ අයට දෙන ට්‍රේනින් එකේදි ඔලුවට දාන මනස්ගාත.

      Delete
    2. මම විවිධ වෘත්තීන් වලට අයත් අය ආශ්‍රය කරන කෙනෙක්. මේ අයව ටිකක් සමීපව දැන හදුනා ගන්න අවස්ථාව ලැබුන.ඒ කියන්නෙ ඔවුන්ව නිරීක්ෂණය කරන්න අවස්ථාව ලැබුන. වෛද්‍යවරු,ඉන්ජිනේරුවො,නීතීඥයො, පෞද්ගලික අංශයෙ ඉහළ වැටුප් ලබන නිළධාරීන් යන හැමෝටම වඩා මේ අයගෙ අමුත්තක් මම දුටුව. වෛද්‍යවරු,ඉන්ජිනේරුවො නීතීඥයො කියන්නෙ තමන්ගෙ වෘත්තීය පුහුණුව දිගුකාලීන වීම හේතුකොටගෙන ප්‍රභූත්වයට පත් වූවන්.පෞද්ගලික අංශයෙ උසස් නිළධාරීන් කියන්නෙ පළපුරුද්ද සහ බුද්ධිය උගත්කම මත ඉහලට ගිය අය.
      නමුත් බදවාගැනීමේ සුදුසුකම සාමාන්‍ය උපාධිය පමනක් වූ මේ උදවිය පත්වීම ලැබූ අලුත ඉතාම අසාධ්‍ය තත්වයකයි ඉන්නෙ.සාමාන්‍ය නිර්ධන පන්තියෙන් ආපු හරියට ගෙයක් දොරක්වත් හදාගෙන නැති බස්වල යන අය.මටම පුදුම හිතුන මේ ගැන

      මේ අය පහළ නිළධාරීන් ගැන දරණ ආකල්පය හා නිළධාරීවාදී අදහස් දැනගෙන මට පුදුම හිතුන. වැඩවසම් යුගවල රදලයන්ට වහල් යුගවල වහල්හිමියන් හැසිරුන විදිය ගැන මට තිබුන අදහස් නැති වෙලා ගියා.විභාගයක් පාස් වෙච්චි මුන් මෙහෙම අදකාලෙ හැසිරෙනවනම් මෙහෙම ආකල්ප දරනවනම් අතීතයෙ හිටපු අර වගෙ ප්‍රතිගාමීන් මොන විදියට හැසිරුනහම මොකද කියල.
      මුන් හිතාගෙන ඉන්නෙ උන් රදල පත්වීමක් ලැබිල.අනෙක් අය උන්ගෙ වහල්ලු කියල.

      පෞද්ගලික අංශයෙ ලොක්කො අනෙක් අය එක්ක එකට වැඩ කරනව. චීනයෙ ඉංජිනේරුව තමන්ගෙ වැඩය නිම වුන පසු කම්කරුව තවම වැඩේ කරනවනම් ඔහු ට උදවු කරනව.
      යාහූ හෝ ගූගල් වගෙ සමාගමක විධායකයන් ඔක්කොම එක්ක එකට ඉදගෙන වැඩකරන හැටි මම දැක්ක නිව්ස් එකක.ඒක නිව්ස් එකක් නොවෙයි ඒ අය ගැන වෙන නිව්ස් එකක ඒ අය වැඩකරන හැටි පොටෝ එකක දාල තිබුන.වැඩ ලෝකයේ ටීම් වර්ක් කියන්නෙ සාමාන්‍ය දෙයක්.

      අලුත පරිපාලන පාස් වෙලා එන අය කිසිම දෙයක් දන්නෙ නැතත් පුදුමාකාර උඩගු බවකින් ඉන්නෙ.මට මේකට හේතුව මොකක්ද කියල හිතාගන්න බැරිව තිබුනෙ. එහෙමනම් පුහුණුවෙදි මේ අයගෙ ඔළුව බ්‍රේන් වොශ් කරනව ඇති ඉංග්‍රීසි ආන්ඩු කාලෙ රාජ්‍ය සේවයෙ සම්ප්‍රදායන්ට අනුව. ඒ කාලෙ පරිපාලන සේවය වැඩවසම් ලක්ෂන මිශ්‍ර වෙලා දරුණු විදියට තිබුනෙ.කට වහරෙත් ඒජන්ත උන්නාන්සෙ කියන්නෙ නිකමටයැ.දැනටත් ආයතන සංග්‍රහයෙ තියෙන්නෙ අස්ස කරත්තෙ යන කාලෙ විස්තරනෙ.


      ඔබ ඔවුන් පුහුණු කරන තැනක වැඩ කරනවානම්

      මොවුන්ව බ්‍රේන්වොශ් කරන දේවල් ගැන යමක් දන්නවා ඇති.කරුණාකර මගේ ඊ මේල් එකට ඒ ගැන ඔබ දන්න තොරතුරු ලබා දෙන්න.

      subasadhaka@gmail.com

      Delete
    3. වෙනී අයියේ,

      මාතෘකාවට අදාළම නැති දෙයක් ඇදගෙන නියම නමින් නැතුව තමුන්ම ඇනෝ කමෙන්ට්ස් දදා තමුන්ම උත්තර දීගෙන කොහෙවත් තියෙන පරිපාලන සේවෙට බනින්නෙ තමුන්ට පරිපාලන සේවෙට ඇතුළු වෙන්න බැරි උන හින්ද වෙන්න ඇති කියලයි මටනම් හිතෙන්නේ.

      ඒත් ඔයා කොහොම හරි SLIDA පුස්තකාල සේවකයෙක් හැටියට හරි ඉන්න හින්ද දන්නවනේ SLIDA එකේ ඉන්න ඔක්කොම දේශකයො පරිපාලන සේවෙ අයම නෙවෙයි කියල. ඉතින් ඔයා ඔය හැමදාම ස්ලීඩා කැන්ටිමේ කෑම වල පින්තූර ගන්න වැය කරන කාලය තිලකසිරි මහත්තයා වගේ දේශකයො එක්ක කථා කරල ඔයාගේ ප්‍රශ්ණ වලට විසඳුමක් හොයාගන්න ඵලදායී විදිහට​ වැය කරන්නකෝ සමාජයට විෂබීජ පතුරන්නේ නැතිව​.

      ඒ ගමන්ම පුළුවන්නම් අර යන යන හැම තැනම රණ් ඩු වෙනවා කියපු නිලධාරියකුගෙහරි නමකුත් දාන්නකෝ ඇනෝ විදිහට හරි අපිටත් නිකමට හරි ඒ අපූරු මනුස්සයව දැනගන්න​.

      Delete
    4. "උඩගු බමුණු වෘත්තීන් ගැන කියනවානම් අපූරු නිදසුන තමයි පරිපාලන සේවා විභාග ඕපන් එක පාස් වුන අය.ලිමිටඩ් පාස් අයගෙ තත්වය මේ තරම් අසාධ්‍ය නැහැ. ඕපන් පාස් වුන අය පාරෙ යන මිනිස්සු එක්කත් රණ්ඩු වෙනවා. කඩේකට ගිහින් බඩු ගන්න ගියාමත් රණ්ඩු වෙනව.බස් වල යන විටත් රණ්ඩු වෙනව.පරිපාලන අයගෙත් ඕපන් එග්සෑම් එක පාස් වෙලා මුල් අවුරුදු හතර පහ තුල තමයි අසනීපෙ දරුණුවට තියෙන්නෙ. මේ අයට ඒක දරාගන්න අමාරුයි." ඔය කියන්නෙ open exam එක පාස් උනාට පරිපාලන සේවයට ඇතුලත් වෙන්න තරම් ලකුණු ප්‍රමාණවත් නොවුණු අය ගැන වෙන්න ඕනෑ... අදාළම නැති comment එක දාපු කෙනත් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති මට හිතෙන්නේ... තමන්ගේ බලාපොරොත්තු කඩ උනාම, අහස උසට මවපු හීන බිඳුණාම, ඇති වෙන මානසික සංකූලතා නිසා කෙනෙක් තැන් තැන් වල රණ්ඩු කරන එක ස්වභාවිකයි...
      මමත් පරිපාලන සේවයේ විවෘත බඳවාගැනීමෙන් පත්වීම් ලබලා තවම මුල් අවුරුදු 5 ඇතුලේ ඉන්නේ. හැබැයි පාරවල් ගානේ රණ්ඩු කරන නිලධාරියෙක්ව මේ වෙනකම් දැකලා නෑ..

      "මේ අය ලොකු වැටුප් ගන්න අය නොවෙයි." සම්පූර්ණ ඇත්ත... මහජනයා පීඩාවට පත්කරලා අපේ ඉල්ලීම් දිනාගන්න කටයුතු නොකිරීම නිසා (හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය, දුම්රිය දෙපාර්තමේන්තුවේ අය විතරක් නෙවෙයි රියදුරු මහත්තුරුත් දීමනා සහිතව අපට වඩා මාසික ආදායමක් ලබද්දී) අපි තාම ගන්නේ අඩු වැටුපක්... අපිට OT නෑ, ඒත් අපි පැය 24ම හදවතේ වගකීමෙන් රාජකාරියට බැඳී සිටිනවා...
      "සාමාන්‍ය උපාධියක් කරල තරඟ විභාගෙකින් පාස් වුන අය."
      සාමාන්‍ය උපාධිය කියන්නේ බඳවාගැනීමේ මූලික සුදුසුකම පමණයි... විශේෂ උපාධිධාරීන්, ඉංජිනේරු, නීති, පශු වෛද්‍ය, දන්ත වෛද්‍ය, මේ සෑම ක්ෂේත්‍රයකම පන්ති සාමාර්ථ සහිත උපාධිධාරීන් පරිපාලන සේවයේ ඉන්නවා... මෑත වසර 12ක විවෘත බඳවාගැනීම් ගත්තොත් 80% න් එහා විද්‍යා ක්ෂේත්‍රයේ උපාධිධාරීන්, සමහර අවුරුදු වල කලා උපාධිධාරීන්ගේ සංඛ්‍යාවට වඩා ඉංජිනේරු උපාධිධාරීන්ගේ සංඛ්‍යාව වැඩියි.
      විශේෂ උපාධි, විෂයානුබද්ධ උපාධි, පන්ති සාමාර්ථ සහිත උපාධි තියෙන කී දාහක් තමන්ගෙ SLAS සිහිනය සැබෑ කරගන්න අසමත් වෙලා තියෙනවද?

      "මම කාලයක සිට සේවය කරන්නෙ ඔය පරිපාලන සේවෙ මහගෙදරය කියන ඔවුන්ව පුහුණු කරන ආයතනෙ. ඔපන් එක පාස් වුනු උන් ට්‍රේනින් කාලෙදිත් ඉන්නෙ මාර උණකින්." මේක කියලා තියෙන කෙනා කවදාවත් ඇත්තටම SLIDA එකේ වැඩකරපු / වැඩ කරන කෙනෙක් නම් වෙන්න බෑ... SLIDA එකේ ඇත්තටම වැඩ කරන නිලධාරීන් නම් දන්නවා පරිපාලන සේවයේ ආධුනික නිලධාරීන් "කාර්ය සහායක" නිලධාරීන්ට පවා කොච්චර ආචාරශීලීව, ගෞරවනීයව, සහෝදරත්වයෙන් සලකනවාද කියලා, ඒ නිලධාරීන් පාරෙදි දැක්කත් අපට කතා කරන්නෙ ඒ මනුස්සකමට....

      Delete
    5. කොහොම වුනත් අදාල මතෘකාව වත් තේරුම් ගන්න බැරි කෙනෙක්ට පරිපාලන සේවය ගැන කතා කරන්න පුළුවන්ද කියලා මුලින්ම හිතන්න ඕන/........

      Delete
  7. කවුරුත් එකයි බන්. හැම දේටම උකසට තියන්නේ අහිංසක ජනතාව. ඇත්තටම මේ අය හදවතින් සමාජ සේවයක් කරනවාද? මදක් හිතා බලන්න.

    හෙද සේවිකාවන්ගෙ වැඩ වර්ජනය ගැ සංවාදයට මෙතැනින් පිවිසෙන්න>>

    ReplyDelete
  8. ආන්ඩුවෙ එය තියෙන යල් පැනපු චක්‍රෙල්ඛ මලු ඔක්කොම වෙනස් කරලා අලුත් ආරකට හදන්න ඕනි..දොස්තරල කරන්නෙ රස්සාවක් විතරයි..හෙදියොත් එහෙමයි..
    දොස්තරල මොනම හේතුවකටවත් ලංකාවෙදි වැරදි කරලා සිරගත වෙනවා අඩුයි..එයාල හිතාමතා බෙහෙත් වරද්දලා දුන්නත් ඒකටත් සමාව තියෙනවා..මේ මොන වෘත්තිය සාධාරනයක්ද?

    දොස්තර නෙමෙයි මොන වෘත්තිය මට්ටම වුනත් නීතියට යටත් කරන්න ඕනි. එහෙම නීතිය බල්ලට දාල යතුරු කැරලි හංගගන්න, ලෙඩ්ඩුන්ට හිතුනු හිතුනු වොලවට ස්ටයික් වලට දක්කන.. කැත සෞඛ්‍ය සේවයේ කැත ගති ටික නැතිකරන්න ඕනි.

    මේ වගේ කරන එක මිලිටරි ටයිප් තමයි.ඒත් වෙන විකල්පයක් නැහැ. අපේම සල්ලිවලිං ඉගෙනගෙන ඉන්න දොස්තරෙක්ගෙන් නර්ස්කෙනෙක්ගෙන් අපට හොදට කතාකරල අපිට තියෙන ලෙඩේවත් අහගන්න අද කාලෙ පුලුවන් වෙන්නෙ කොයි තරම් අඩු අවස්ථාවක්ද? හිතං ඉන්නෙ අහසින් පහත්වුනා කියලා.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++
      සහතික ඇත්ත. මේක නම් ලංකාවට ආවේණික විකාරයක්.හැම එකාම බලන්නෙ බමුණෙක් වෙන්න. ජාතියක් හැටියට අපි හීනමානෙකින් ඉන්නවද මන්ද
      සියලු වෘත්තීන් සමාන කළ යුතුයි.ඕනම වෘත්තියකට බැදෙන කෙනෙකුට ඒ වෘත්තියෙ ඉහලටම යන්න පුළුවන් වෙන්න ඕන.නමුත් කෙටි කාලීන පුහුණුවක් හා දිගු කාලීන පුහුණුවක් අවශ්‍ය වෘත්තීන් අතර භේදය කලක් පවතීවි.ඒත් අදට නොගැලපෙන සපෝටිව් සර්විසස් (වහල් )සහ පාලක සර්විසස් (බමුණු ) භේදය ඉවත් කරන්න ඕන.ඒක වැඩවසම් භේදයක්.

      Delete
  9. වින්නඹුවන් ඉල්ලා හිටියොත් හෙදියන්ගේ සමහර කාර්යයන් ඔවුන්ට පුහුණු කරන්න කියලා හෙදියෝ ඒකට කැමති වෙයිද?

    මෙවැනි අවස්තාවන් වලදී සාම්ප්‍රදායික විදිහට බනින්නේ නැතුව ටිකක් වෙනස් විදිහට හිතලා බලන්න.

    ReplyDelete
  10. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද දින මාද්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කලේ හමුදා සෙබලියන් 3000ට හෙද පුහුණුව ලබාදෙන ලෙස ආරක්ෂක ලේකම් වරයාගෙන් ඉල්ලා සිටින බවය.මෙහි අරමුණ වන්නේ හෙද වැඩ වර්ජනයකදී රෝහල් වල කටයුතු සඳහා ඔවුන්ව යෙදවීමටලු.යම් දිනක දොස්තර වරුන්ගේ වැඩ වර්ජනයකදී ඒ සඳහා කළහැකි විකල්පයකුත් ඔවුන්ම ඉදිරිපත් කළා නම් වඩාත් හොඳයි නේද?

    ReplyDelete
  11. I think this is a very biased article, Parakum never gets health issues right, its probably because of his jealousy towards the doctors and the fact that his wife is a nurse.

    We have observed whatever Parakum writes about health sector, is completely WRONG and has NO basis.

    1. This was not a reason for strike
    2. Midwives were doing their job relatively well so far
    3. Nurses can get trained as midwives after few years working, if they wanted
    4. Every nurse doesnt need to be trained as a midwife, its just a waste of money

    Please see below links to understand whats going on exactly,

    http://tinypic.com/r/24cyzhk/8
    http://tinypic.com/r/kf63o4/8

    ReplyDelete
  12. [IMG]http://i61.tinypic.com/24cyzhk.jpg[/IMG]

    ReplyDelete
  13. http://www.w3lanka.com/2014/05/blog-post_5.html?showComment=1399296972061#c8787263424588478797

    ලබ්බ තමයි, අධ්‍යාපන ක්ෂේත්‍රය තරම් දූෂිත, දේශපාලනීකරණය වුණ වෙන ක්ෂේත්‍රයක් නෑ. විදුහල්පති සේවයේ දහස් ගාණක් උපගුරුවරු විදිහට වැඩ කරද්දි හැම තැනම ඉන්නෙ සුදුසුකම් නැති වැඩබලන විදුහල්පතිලා, ඒ මදිවට කැබිනට් පේපර් දානවා උන්ට ස්ථිර පත්වීම් දෙන්න. ඡන්දයක් කිට්ටු වෙද්දි ඒ විදුහල්පතිලා සේරම එක එක අපේක්ෂකයන්ගේ ගෙවල් වල, ඊට පස්සෙ ළමයින්වයි, දෙමව්පියන්වයි කඩේ යවෝනවා ඡන්දෙට, ඉස්සර කාලවල්වල හිටියයි කියන කොල්ලො ලව්වා හේන් කොටෝපු එවුන් තව හොඳයි.
    අධ්‍යාපන අධ්‍යක්ෂකලා - උන්ගෙනුත් ගොඩක් උන් දේශපාලන පළිගැනීම් කියලා හොරට පත්වීම් ගත්ත එවුන්, සමහරු පවුල් පිටින්, බොරුනම් බලන්න "හැටන්".
    සමහර උන් කැමති නෑ අධ්‍යක්ෂක කමට, උන්ටත් ඕනෑ ප්‍රින්සිපල් වෙන්ඩ. එතකොටනෙ වාසි තියෙන්නේ.
    අධ්‍යක්ෂක කමේ ඉන්න අයත් වැඩි හරියක් මෙළෝ රහක් නෑ. වැඩකට ගියොත් "බදාදට එන්ඩ", බදාදට ගියත් දන්න මගුලක් නෑ, AO ගෙනුයි Subject Clerck ගෙනුයි තමයි සේරම අහන්නෙ. AO ල කියන්නෙ ලෝකෙ ඉන්නෙ පණ්ඩිතම ජාතියනෙ. උන් හිතාගෙන ඉන්නෙ උන් තමයි ආයතන සංග්‍රහය ලියලා තියෙන්නෙ කියලා. අධ්‍යාපන කාර්යාල වලටනම් ඒක ඇත්ත. කිව්වොත් හරි උනත් හරි, වැරදි උනත් හරි. ඉතින් උන්ට සර්, මිස් කියාගෙන වැඳගෙන යන්න ඕනෑ පස්සෙන්, ඊට පස්සෙ කියක් හරි දෙන්නත් ඕනෑ. සමහරු ගුරුවරුන්ගේ ගෙවල් වලටම ඇවිත් සල්ලි ඉල්ලගෙන යනවා. කිසිම අධීක්ෂණයක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා