නොරොච්චෝලේ වෙනුවෙන් චීනයෙන් ගත් ණය නො ගෙවිය යුතු ය

නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමේදී සියලු මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම පැවරී තිබූ චයිනා මැෂිනරි ඉන්ජිනියරින් සමාගමේ චීන ජාතික නිලධාරීන් දෙදෙනකුට සිර දඬුවම් ලබා දීමට චීනයේ අධිකරණයක්‌ මගින් කටයුතු කර ඇති බව අද දිවයින පුවත්පත වාර්තා කරයි.

නොරොච්චෝලේ ඉදිකිරීමේදී වගකීමෙන් කටයුතු නොකොට බලාගාරය අසාර්ථකත්වයට පත් කිරීම හා එමගින් චීනයත් ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පලුදු වන වටපිටාවක්‌ නිර්මාණය කිරීම යන චෝදනා මත එම චීන ජාතික නිලධාරීන්ට දඬුවම් ලබාදී ඇතැයි ද වාර්තා වන බව පුවත්පත පවසයි. 


එහෙත්, ලංකාවේ බලධාරීන් පවසන ආකාරයට නම් නොරොච්චෝලේ බලාගාරයේ කිසිදු ප්‍රශ්නයක් නැත. එ අනුව මේ චීන ජාතිකයන් දෙදෙනා සිරගත කර තිබෙන්නේ නිරපරාදේ ය. 

මෙම චීන ජාතිකයන් දෙදෙනාට මේ අන්දමින් කටයුතු කරන්නට ලැබුණේ ලංකාවේ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ උපකාරයෙන් බවට සැකයක් නැත. ඔවුන් ද හෙළිදරව් කර අධිකරණයට ගෙන යා යුතු ය. චීනයෙන් පොලියට ගත් ඩොලර් මිලියන 450ක් වැය කර, රටවැසියන් ණය බරින් මිරිකමින් සාදන ලද මෙම බලාගාරය කඩාකප්පල් කිරීම යනු ඇත්තෙන් ම රටක‍ට, සමාජයකට එරෙහි අපරාධයකි. 

මහජන මුදල් මේ අන්දමින් නාස්ති කිරීම් හා දූෂණ මානව වර්ගයාට එරෙහි අපරාධ ලෙස සලකා කටයුතු කිරීමේ ක්‍රමවේදයක් වෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය යා යුතු ය. 

ලංකාව නොරොච්චෝලේ බලාගාරය වෙනුවෙන් චීනයෙන් ලබා ගත් ණය ආපසු නො ගෙවන තැනකට යා යුතු ය. චීනය වන්දි වශයෙන් මෙම ණය කපා දැමිය යුතු ය.

 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. පැරා, අළුත්කඩේ අධිකරණය හදලා තියෙන්නෙත් චීන්නු. නරකද අධිකරණයේ නඩු අහන එකත් චීන්නුන්ටම දුන්නා නම්. අනික පැරාලගෙ කට්ටියනේ. මම නම් මනාපයි.

    ReplyDelete
    Replies
    1. උසාවිය අළුත්කඩේ වුණත් තීන්දු එන්නේ අරලිය ගස් වලව්වෙන්නේ...:D

      Delete
  2. බලශක්ති උත්පාදනයට ඕන තරම් පරිසර හිතකාමී නව් තාක්ෂණයන් තියෙද්දී ගල් අඟුරු බලාගාරයක් අටවගත්ත එක ලොකු මෝඩකමක්. අනෙක ගල් අඟුරු පතල් වැහෙනව එන්න එන්නම ඒවගේ ගල් අඟුරු සම්පත ඉවර වීම නිසා.

    ReplyDelete
  3. අයිසෙ පැරා, ඔය පින්තූරෙ තියෙන්නෙ නොරොච්චෝලෙ නෙවෙයිනෙ,
    ඕක ඇමෙරිකාවෙ Three Mile Island න්‍යුක්ලියර් ප්ලාන්ට් එකනෙ.

    ReplyDelete
    Replies
    1. මෝඩයො ඇඟිල්ල දිහා බලන්නෙනැතිව හඳ දිහා බ්ලපන්.

      Delete
  4. ඔය ඉලව්ව හදන කාලෙනං කිව්වෙ විදුලි ඒකකය රුපියල් තුන ගානෙ දෙන්න පුලුවන් කියල.. දැන් ඒ තුනට මොනව වෙලාද දන්නෙ නෑ නේද?

    ReplyDelete
    Replies
    1. දැන් අපිට තුන උගස් කරලා බිල ගෙවන්න පුළුවන්

      Delete
  5. මේ ප්‍රවෘත්තිය සමහර විට 'දිවයින' කඩ මාල්ලේ අතේ රෝලක් වෙන්න පුළුවන්.

    ReplyDelete
  6. චීනයට ණය නොගෙවා සි‍ටීම සාධාරණ වෙන්නෙ කොහොමද හොරකම කළේ ලංකාවෙ එවුන්නෙ? හොරකමට අනුබල දුන්න එවුන් හිරේ දාල නම් චීනෙ යුතුකම හරියට කරල තියනව.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා