සුසිලා හේරත් ගුරුවරියගේ අරගලය හා ළමා අයිතිවාසිකම්

සිය දියණියගේ ගවුම පාසල් විනයට නො ගැලපෙන අන්දමින් කොට නිසා වාටිය ලිහා දිග්ගැස්සූ බවට චෝදනා කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර විසින් පාසලේ බිම දන ගස්වා, සිය දියණියට වැඳ සමාව ගන්නා ලෙස අණ කරමින් අඩන්තේට්ටම් කිරීමට භාජනය වූ නවගත්තේගම ජාතික පාසලේ ප්‍රියානි සුසිලා හේරත් ගුරුතුමිය ඇයට ලැබුණු වන්දි මුදල භාවිතා කරමින් දුප්පත්, අසරණ, දක්ෂ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කර තිබේ. 

ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වනාහි දීනත්වයේ සංකේත වන් ගුරු ප්‍රජාවකගෙන් සමන්විත එකකි. අද‍ාළ පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය පාසලේ දන ගස්වන ලද අවස්ථාවේ පාසලේ සිටි නියෝජ්‍ය විදුහල්පතිවරයා පවා නඩුවේදී සාක්කි දුන්නේ ගුරුවරියට අවාසි වන අන්දමටයි. 

තමන් රිමාන්ඩ් භාරයේ සිටියදී විදුහල්පතිවරු 87ක් තමන් බලන්නට අා බව පළාත් සභා මන්ත්‍රීවරයා පුරසාරම් දොඩයි. ඇත්තෙන්ම, බහුතරයක් විදුහල්පතිවරු යනු සාමාන්‍යයෙන් එවැනි කොන්ද පණ නැති පිරිසක් නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. තනතුරු රැක ගැනීම සඳහා දේශපාලකයන්ගේ දෙපා නමස්කාර කරන විදුහල්පතිවරු අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුලබ ය. 

එසේම, බහුතරයක් ගුරුවරු ද අතිශය ආත්මාර්ථකාමී, පෞද්ගලික ව්‍යාපාරවලට මුල් තැන දෙන, ළමා පීඩක, පොදු යහපත වෙනුවෙන් පෙනී නො සිටින පිරිසක් බව ද කිව යුතු ය. ඔවුන් අතරින් ඇතැමෙක් ද ඉහළ නියෝග මත හෝ විනයට මුවා වෙමින් හෝ තමන්ගේ මානසික අසහනයන් මුදා හැරීමට හෝ මෙම ගුරුවරිය කළ පරිද්දෙන් ම, ළමයින්ගේ කොණ්ඩා කැපීම, කලිසම් ඉරීම, ගවුම් වාටි ලිහීම, පහර දීම, බැන වැදීම වැනි ළමා අපචාරවල යෙදෙති. 

ළමයින්ට චණ්ඩිකම් කිරීමෙන් පාසල් පාලනය කරන්නට දත කන නිවට විදුහල්පතිවරුන්ගේ නියාමනය අනුව තමන්ට ලැබෙන තුට්ටු දෙකේ වැටුප වෙනුවෙන් ළමා අපචාරවල නො යෙදී සිටිය යුතු  බවට පාඩමක් ඉගෙන ගන්නට ගුරුවරුන්ට මෙම සිද්ධිය යොදා ගත හැකි ය. ළමයින්ට ආදරය කිරීම තමන්ගේ වගකීමක් බව ගුරුවරු තේරුම් ගත යුතු ය. එසේම, ඊනියා පාසල් විනයේ නාමයෙන් ළමා අපචාරවල යෙදෙන ගුරුවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අත්‍යවශ්‍ය ය. 

ළමයින්ට අඩන්තේට්ටම් කරන්නේ අදක්ෂ ගුරුවරු ය. ළමයින් ශික්ෂණය කිරීමේ විද්‍යාව දන්නා ගුරුවරු ළමා අපචාරවල නො යෙදෙති. 

සුසිලා ප්‍රියානි හේරත් ගුරුවරිය දේශපාලන අධිකාරියට එරෙහිව කළ මෙම අරගලය අතිශය වැදගත් ය. ඇය පිටුපස සිටි ශක්තිය වූයේ ලංකා ගුරු සංගමයයි. ගුරුවරුන්ගේ හිමිකම් මෙන් ම ගුරුවරුන් අතින් සිදු වන ළමා අපචාර වැළැක්වීම වෙනුවෙන් කටයුතු කිරීමේ ශක්තිය ලංකා ගුරු සංගමයට තිබේ. 

පෞද්ගලීකරණයට ගොදුරු වෙමින් ටියුෂන්කාරයන් බවට පත් වෙමින් පුද්ගලවාදී උන්නතිකාමය තුළ පරමාණුකරණය වෙමින් සිටින ගුරු ප්‍රජාව සිය වෘත්තියේ උන්නතිය හා සමාජයේ අධ්‍යාපන අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානගත විය යුතු ය. 

ගුරුවරු යනු අනාගතය නිර්මානය කරන්නෝ ය. රටේ අනාගතය වන්නේ අධ්‍යාපනයේ වර්තමානයයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සුසිලා හේරත් මහත්මිය යනු පාසල් වල දරුවන්ට වධ හිංසා කරන ගුරුවරු අතරින් තවත් එක් ගුරුතුමියක් පමණි.මෙම වධ හිංසා ලංකා සමාජය අනුමත කරන නිසා ඊට එරෙහිව අපිදු කිසිවක් නොකියමු.නමුත් මේ සිද්ධියෙන් ඇ‍ය ලෝක ප්‍රසිද්ධ වී සුරක්ෂිත වී ඇත.ඇත්තෙන්ම මේ රටේ කිසිම කෙනෙක් සුරක්ෂිත නැත.එහෙත් සුසිලා හේරත් වැනි කෙනෙකුට අත තියන්න දැන් බයය.මේ ගුරුතුමියත් මානව හිමිකම් කඩන්නියක් වුනත් ලෝක මානව හිමිකම් සංවිධාන දැන් ඇය සමඟය.
    මේ ලෝක බලය සුළුපටු දෙයක් නොවේ.මලාලා යුසුෆ්කායිට අත තියන්නට තලේබාන්ලා පවා බයය.
    මේ රටේ ජනතාව තමන් වහන්සේලා සුප්‍රසිද්ධ නොවනතාක් කල් අනරක්ෂිත බව වටහා ගෙන නැත.පුද්ගලයාගේ සුරක්ෂිත බව ඇත්තේ සියලු බල ආයතන වෙනව තිබෙන තාක් කල් පමනි.අද මේ සියල්ල ඒකරාශී වෙමේ අනතුරක් ඇත.එබැවින් ජනතාවට ඉතිරි වී ඇති එකම සරණ ලෝක බලයයි.
    බටහිර බටහිර යැයි කියා නලින් ද සිල්වලාගේ වැදි බණ අසමින් මෙම ලෝක බලයට බනින සියල්ලෝම යන්නේ කොටියාගේ ගුහාවටය.
    සුසිලා මහත්මිය වාසනාවන්තය.ඇයට දැන් උපදෙස් දෙන අය සිටින බව ඇයගේ මේකප් දැමූ පොටෝ එක දුටු පමනින් සිතේ.ඇයට බකින්හැම් මාලිගයට ඇරයුම් නොලැබුනත් ඊලඟ මැතිවරණැයේදී විපක්ෂ වේදිකාවට ගොඩ විය හැක.ඇයට ජනතාව රැවටීමේ හැකියාවක් තිබුනොත් දෑත් ශක්තිමත් කිරීමට ආරාධනාවක් ලැබී පළාත් සභා මන්ත්‍රී සමඟ එකම වේදිකාවේ දකින්නට ලැබුනොත් ඒත් පුදුම විය යුතු නැත.

    ReplyDelete
  2. ----- ප්‍රශ්නයක් සහ උත්තරයක් -----



    ප්‍රශ්නය ---->

    AnonymousMay 21, 2014 at 12:57 PM

    කකා යනු කුමක් ද?


    උත්තරය ---->

    AnonymousMay 21, 2014 at 8:01 PM

    KAKA YANU JOKA GALAWAGENA CHOO, PADA, JEE, THAWARAGENA PUKA PENNAGENA, INNA
    KUMBHANDAYEK

    ReplyDelete
  3. Thanks you for your article.
    Most of the readers do not know how to comment the article. They sent unnecessary comments on good articles. First reader has sent his/her idea but other comments are useless.

    JO

    ReplyDelete
  4. ලමයින්ගේ ගවුම් වල දිග පලල හොයන මෙවැනි මෝඩ තලේබාන් ගුරුවරුන් උඩදාන එක සමාජවාදී ජිවන විලාසිතාව වෙන්න ඇති. මේ පොඩි එකා ඇමැති දුවෙක් නොවී තිබුණානම් මොකද්ද තත්වේ.

    ReplyDelete
    Replies
    1. යමක් කියවා තේරුම් ගන්නට බැරිකම ඔබට ආවේණික ප්‍රශ්නයකි.

      Delete
    2. සහතික ඇත්ත. මමත් ඔය මෑන් තැන් තැන්වලට පැනල ලියපු එව්ව බලාගෙන හිටිය. මිනිහ පේන විදියට දීප්ති පන්සලේ අනුගාමිකයෙක්. ඒකෙ ඉන්න අනික් අනුගාමිකයො වගේම තමයි, ලොකු හමුදුරුවො කියන එව්ව ඇරෙන්න මෙලෝ දෙයක් මුන්ට තේරෙන්නෙ නැහැ. අපිට ලොකු හාමුදුරුවො කියන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ.

      Delete
    3. මේ පෝස්ට් එකට කියන්න ඔනෑ එක දමිත් කේතක ෆේස් බුක් එකේ වචන 3කින් අමු සිංහලෙන් කියල තිබුණි. මා කිව්වෙ ඉතා අඩු සැරෙනි.එතන මුකුත් නොකියා මෙතන පැරා මට ලියූ දේ නොතේරෙනවා යැයි කියන්නේ ඉහත පැරා මොකක් කිව්ව්‍ත් එල කියන ඇනෝ අනුගාමිකයන්ගේ සහයෝගිතා ව්‍යාපාරය නිසා නොවේද?

      Delete
    4. මෙම ලිපියෙන් අප එම ගුරුවරිය කළ ළමා අපචාරය හෙළා දැක තිබේ. අප එසේ කළේ අද ඊයේ නො වන බව කතන්දර විසින් පහත දක්වා ඇති අපගේ ලිපිය කියවා බැලුවොත් ඔබට වැටහෙනු ඇත.

      එහෙත්, ඒ වැරැද්දෙන් පසුව, මෙම ගුරුවරිය තමන්ට සිදු වූ අසාධාරණයට එරෙහිව දේශපාලන බලධාරීන්ට එදිරිව කළ අභීත අරගලය අපි අගය කරමු.

      අප කරන්නේ දේශපාලනයකි. අප යමක් අගය කරන්නේ හෝ හෙළා දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය වෙනුවෙන් අප කරන දේශපාලනයට සාපේක්ෂවයි.

      ඔබ නැවත නැවතත් පෙන්වන්නේ ඔබට යමක් කියවා තේරුම් ගැනීමට ඇති අපහසුවයි.

      Delete
  5. ඔය සිද්ධිය ගැන පලවූ දිවයින මිනීමරු කතුවැකිය මෙන්න.
    http://www.divaina.com/2013/06/17/editor.html

    මේ ඒ මිනීමරු කතුවැකිය ගැන පැරා ලියූ ලිපියයි.
    http://www.w3lanka.com/2013/06/blog-post_4481.html

    ReplyDelete
  6. දරුවන් ගේ ඇඳුම් කොට නිසා දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක්කරන අරමුණින් වාටි කපන ගුරුන් අතින් බිහිවෙන ගෝලයෙක්, තම දුවට වූ අවනඩුවට දඬුවමක් ලෙස ප්‍රසිද්ධියේ අවමානයට ලක්කරන අරමුණින් ගුරුවරිය දන ගස්සීමට ඉඩ තිබේ. මේ කාල වෙනස නොසලකා හළ විට ගුරු ගෝල හමුවකි.

    කෙසේ නමුත් තමා ලද වන්දිය ත්‍යාග කිරීමේ තනි සිද්ධිය පමණක් පැසසුමට ලක්විය යුතුයි.

    ගුරුවරුන්ගේ ම්ලේච්ච ක්‍රියා ගැන පරීක්ෂණ ආරම්බ කිරීම අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීමකි

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා