සිංහල ජයපානෝත්සවය හා දෙමළුන්ට අඬන්නත් නො දීම

දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය පරදවා වසර පහක් ගෙවීම සැමරීමේ මහා උත්සවයක් ඊයේ මාතරදී පැවැත්විණි. එම උත්සවය පැවැත්වුණේ යුද්ධයෙන් ජය ලැබූ සිංහල පාර්ශ්වයේ ජයපානෝත්සවයක් ලෙස හා මිය ගිය තමන්ගේ ජනයා සැමරීමේ උත්සවයක් ලෙසයි. 

ඒ සමග ම 2009 මැයි 18 දින අවසන් සටනේදීත්, සමස්ත දෙමළ සන්නද්ධ කැරැල්ලේදීත් මිය ගිය දෙමළ ජනයා සැමරීම සඳහා වූ පරාජිතයන්ගේ වැඩසටහන් හමුදා බලය යොදා මර්දනය කරන ආකාරය ද දක්නට ලැබිණි.

ලංකාවේ යුද්ධය කෙරුණේ ජාත්‍යන්තර යුද නීතිවලට ගරු කරන සංදර්භයක් තුළ නො වේ. අවසන් සටනේදී රජය කටයුතු කළ ආකාරය පිළිබඳ  බරපතල ගැටලු මතු වී තිබේ. එහෙත්, ඇත්ත වන්නේ ජයග්‍රහණය අනෙක් පැත්තට දෝලනය වුණත්, දකින්නට සිදු වන්නේ මෙවැනි ම අවසානයක් වීමයි. 

දෙපාර්ශ්වය ම ජයග්‍රහණය ප්‍රාර්ථනා කළේ යුද අපරාධ ඔස්සේ ය. 

ඉතිහාස‍යේ පිළිකුල් සහගත ඒ පරිච්ඡේදය වසා දමන්නට තිබුණා නම් ඇත්තට ම හොඳ ය. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මිනිස්කම හා දේශපාලනික පරිණතකම ජයග්‍රාහී පාර්ශ්වයට නො තිබීම ගැනත් පුදුම විය යුතු නැත. මන්ද, යුද්ධයේ අවසානයක් සඳහා එවැනි අමනකමක් අවශ්‍ය වී තිබිණි. අපි එය නිර්මානය කළෙමු. 

දැන් ඔවුන් ඉල්ලා සිටින්නේ තමන් රැක ගන්නා ලෙසයි. තමන් කළ සේවයට තමන් ඉල්ලා සිටින මිළ ගෙවන ලෙසයි. ප්‍රශ්නය වන්නේ ඒ මිළ ඉතා අසාධාරණ එකක් වීමයි. සිංහල පාර්ශ්වයට පවා එම මිළ දරා ගැනීමට නො හැකි වී තිබේ. මන්ද, යුද්ධයෙන් ජය ගත්ත ද, තම ජීවිත කාලකන්නි වීම අවසන් නො වන්නේ තම වීරෝදාර යුද නායකයන් විසින් ඉල්ලා සිටිනු ලබන අධික මිළ නිසා බව ඔවුන්ට වැටහෙන නිසා ය.

ලංකාවේ දකුණේ දේශපාලන උභතෝකෝටිකය එයයි. 

‍මේ අතරතුර උතුරේ සිදු වෙමින් තිබෙන්නේ දෙමළ ජාතිකවාදී අරගලය අලුත් මානයක් ඔස්සේ වේගයෙන් ඉදිරියට යාමයි. ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් නො දීම ප්‍රතිපත්තිය කර ගත්, සුළු ජාතික මර්දනය සිය දේශපාලන පැවැත්මේ පදනම බවට පත් කර ගත් දකුණේ සිංහල ආණ්ඩුව බෙදුම්වාදයට උත්ප්‍රේරකයක් වී තිබේ.

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ජාත්‍යන්තර මැදිහත්වීමක් අත ළඟට ම එමින් තිබේ.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. ඕනවට වැඩිය හොඳ වෙන්න එපා පැරා .. !!!

    මං හිතනෙ කියපු දෙ තේරුණා ඔයාට.…

    ReplyDelete
    Replies


    1. කිඹුල් කදුළු වලින් තමාම රවටා නොගන්න පැරෝ,
      ඇත්ත ජාතිවාදීන් මීට වඩා genuine.

      Delete
  2. ගසා දුම් බඹර පරපුර එලවාපං
    කඩා ගත් මීය රස කරමින් කාපං
    මොකා කොහොම කීවත් ඒ ඉවසාපං
    එපා ලෙවකන්න කෑ අත හෝදාපං

    නූතන ජන කවි - read them all

    ReplyDelete
  3. දැන් මෝඩි බලයට ආ නිසා ලංකාවට විරුද්ධ යුද අපරාධ, ජාත්‍යන්තර පරීක්ෂණ ආදිය හමස් පෙට්ටියට යනු ඇත. මෝඩිගේ ඉන්දියාව ලංකාවට තර්ජනයක් නොවේ. මෝඩිගේ ඉන්දියාව යනු ලංකාව ආරක්ෂා කරන පළිහකි. දේශපාලන විචාරක දයාන් ජයතිලක ප්‍රකාශ කරන්නෙත් මෙයමයි. ඒ නිසා පැරා ඒ ගැන කලබල නොවුනු තරමට හොඳයි.

    ReplyDelete
    Replies
    1. දේශපාලන විචාරක දයාන් ජයතිලක යනු කුමක් ද ?

      වයින් කලාම මියො අල්ලන පූසෙක්.

      Delete
    2. ඉන්දීය මැතිවරණයෙන් පසු දයාන් ජයතිලක බිබිසි යට කල ප්‍රකාශය මේ රටේ මිනිහෙක් කරපු ගොං සහ මෝඩම අර්ථ දැක්විමයි.දයාන්ට අනුව මෝඩි සහ රාජපක්ෂ අතර සමානකම් බොහොයි.ජාතිකවාදි මෝඩි සහ කැසිනෝ දේශප්‍රේමි මහින්ද අතර ඇති සමාන කම් දයාන් මැනවින් පෙළගැස්සුවා.මේ ලියන මම ඇහින් දු‍ටු දේ......දයාන් අද වගේම ප්‍රේමදාසට කඩේ යමින් සිටි යුගයේ, නමත් වෙනස් කරගෙන,ලේක් හවුස් පත්තර වලට 'අනුරුද්ධ තිලකසිරි' ලෙස කල් ගෙවු යුගයේ ප්‍රේමදාස ගේ නැති ගුණ වයමින් ,[හරියට දැන් මහින්දගේ ගුණ වයන ලෙසටම] ඉන්න අවදියේ හදිස්සියේ ජනරාල් කොබ්බෑකඩුව ගේ අභාවයට පත් වී ප්‍රේමදාසත් සැක කරුවෙක් වි ජන මනස් තුල ප්‍රේමදාස අප්පිරියා සහගත් චරිතයක් වි සිටි කාලයේ දයාන් ප්‍රේමදාසව සුද්ධ කිරිමට සැදි පැහැදි ඔහුගේ මුළු පශ්චාත් භාගයම ප්‍රේමේට පරිත්‍යාග කොට අවමගුලට සහභාගි වීමට බො‍රැල්ලේ කනත්තට වි සිටියේ හරියට විජය කුමාරතුංග ගේ මළගේ දා ගාමීනි ෆොන්සේකා නිදහස් චතුරශ්‍රයේ සිටි ලෙසටමය.ගාමිනි 'හූ'පුජා වකින් පමණක් පිදුම් ලැබුවත් දයාන්ට ලැබුනේ "උපන් ඇඳුමින්"කනත්තේ ධාවන තරඟයකට සහභාගි විමටයි.ඔහු සමඟ සිටි කාන්තාවකටද එම ආකාරයටම සැලකුම් ලැබුනත් අද ඈ මේ රාජපක්ෂ පාලනය පිලිබඳ නිසි ත්ක්සේරුවකින් කටයුතු කරන නිසාවෙන් ඇයගේ නම සඳහන් කිරිම නොවටි.ඒ දයාන්ම අදත් මෝඩි සහ මහින්දගේ සමාන කං කියන්න ගිහිං ඇන ගන්න ඇනිල්ල මැවි පේන විට මට බො‍රැල්ල කනත්ත මත්ක් වේ.

      Delete
    3. ජයලලිතාගේ පක්ෂය මධ්‍යම ආණ්ඩුවට හවුල්වුනත් නැතත්, තමිල්නාඩු ද්‍රවිඩ ජනතාවගේ අභිලාශයන්ට එකඟනොවී මෝදි රජය වැඩ කරයි කියලා හිතනවා නම්...එතන තමයි වැරද්දගන්න තැන.

      ඉන්දීය විදෙස් ප්‍රතිපත්තියේ ආපහු වෙනස් කරන්න දෙයක් තියෙනවාද? ඉන්දීය ඔතනින් වෙන කොහෙට හැරෙන්නද....ඒවා කියන්න කල් වැඩියි. නමුත් මහා ලොකු වෙනස්වීම් වෙන්න විදිහක් නැහැ. ඉන්දියාවේ... තීන්දු තීරන, පරිපාලනමය න්‍යායන් ගැන සාකච්ඡාවෙන්නේ ආණ්ඩු මාරුවෙනකොට මාරුවෙන්නේ නැති බුද්ධිමත් නිලධාරීන්ගේත් ප්‍රභල දායකත්වය මත බවයි මම අහලා තියෙන්නේ. ඉංදියානු රජය යනු දක්ෂ, බුද්ධිමත් නිලධාරීන් සුරක්ෂිතව රඳවාගන්නා සුරැකුම් පොළක්.

      Delete
  4. දැන් දෙවන ලෝක යුද්දෙ ඇනිවර්සරි එකේදි හිට්ලර්ව සමරන්න ජර්මන් කාරයෙකුට පුළුවන්ද? පිළිතුරක් බලාපොරොත්තුවෙන් අහන්නෙ. මං ඇත්තටම දන්නෙ නැති නිසා. දන්න තරමින් තවමත් යුරෝපයේ නාසිවාදීන්ගෙ ක්‍රියා සාධාරණීකරණය කරලා ලිපියක් ලියන්න වත් බැහැ. කොටින්ම හිට්ලර් මැරුවේ යුදෙව්වෝ මිලියනයයි, මිලියන හයක් මැරුවා කියන්නෙ අතිශයෝක්තියක් කියලා කියන්න වත් බැහැ. ඒ අතින් අපි හොඳයි නේද?

    ReplyDelete
    Replies
    1. එක්තරා මතවාදයකින් ඔලුව කොලොප්පං කරගත්තු කෙනකුට මේවා තේරෙන්නේ නෑ බං.

      Delete
    2. @Naleen Dilruksha
      උඩ ඇනෝගෙ කමෙන්ටුවේ මේ ටික ආයම කියවන්න..
      //දන්න තරමින් තවමත් යුරෝපයේ නාසිවාදීන්ගෙ ක්‍රියා සාධාරණීකරණය කරලා ලිපියක් ලියන්න වත් බැහැ.//

      ඔයාටත් වෙලා තියෙන්නෙ ඔය ටිකමනෙ. මොන කෙහෙම්මලක් හරි කියන්න කට අරින්න ආණ්ඩුවෙ ලොක්කන්ගෙ ඇපෲවල් එක එපායැ. ක‍ඩේ යන්න විතරමයි පුළුවන්. ඔව් ඉතිජං මොනව කරන්නත් බඩ රස්සාව රැක ගන්න එපායැ නේද? නැත්තං නිකංම හි.ක. වෙනවනෙ.
      හැබැයි ඉතිං හරි හෝ වැරදි තම මතවාදය එළිපිට කියන කෙනෙකුට ඔයවගේ ගොං කතා නොකියා අඩුම තරමින් උඩ ඉන්න ඇනෝ වගේවැදගත් විදියට යමක් කීවනං නේද හොඳ????

      Delete
    3. ඉතිං බං මං නමින් ම ඇවිත් මගේ අදහස කිව්වා. පැරා දක්ෂයෙක් එත් එයා ඉන්නේ එයාගේ මතවාදය එක්කමයි. අන් මත ඔහුට වහ කදුරු වගේ. ඒ බවයි මා පවසන්නේ. අනික උඩ ඇනෝ කියල තියෙන්නෙත් ඒකම තමා. උඹ මං ගැන කියල තියෙන්නෙත් ඒකම තමා. හික වීම බලාපොරොත්තුවෙන් ඉන්න දෙයක්. එය ස්වාභාවික සංසිද්ධියක් බං.

      Delete
    4. දැන් උඹ කියන විදිහට පැරා පැරාගෙ මතවාදය එක්ක නෙවෙයි නම් කාගෙ මතවාදය එක්කද ඉන්න ඕනැ? උඹලගෙ ලොක්කගෙ මතවාදය එක්කද?

      Delete
    5. මං එහෙම කිසිම තැනක කියල තියනවාද කියපං. මත හැමෝටම තියනවා. එත් තර්කයකදී යම් තර්කයක් බිදෙනකොට එය පිළිගන්න වෙනවා නේද, මේ ලොක්කගේ මතයක් ගැන නොවේ. ලොක්කගේ මතය කෙසේවෙතත් අද මේ විදියට සංවාදයක් කරන්න නිදහසේ ගමනක් යන්න අපට වපසරියක් ආවේ ලොක්කගේ ක්‍රමවේදය නිසා නොවෙද?

      Delete
    6. ඔව්, උඹේ පැත්තෙන් බලන කොට නිදහසේ ගමන් යන්න මහින්දයගෙ පුක ලෙවකාලා හරි කීයක් හරි හොයා ගන්න ලැබුණේ මහින්දගේ ක්‍රමවේදය නිසා තමයි. අනෙක් අතට මේ රටේ දාස් ගාණක් අම්මලා තාත්තලාට දරුවො නැති වුණේත් ඒ ක්‍රමවේදය නිසා.

      Delete
  5. "ලංකාවේ යුද්ධය කෙරුණේ ජාත්‍යන්තර යුද නීතිවලට ගරු කරන සංදර්භයක් තුළ නො වේ"

    ඔය කියන ජතියෙ යුද්දයක් කරන්නෙ කොහොමද? එක උදාහරනයක් දෙන්න පුලුවන්ද..

    ReplyDelete
    Replies
    1. ඇයි 88/89 පැරාල කරපු යුද්දෙ...

      Delete
    2. There is no such thing as a "clean war". Nowhere.

      Delete
  6. පැරා, නිකං ලිස්සලා යන්නේ නැතිව මේකට උත්තරයක් දෙන්න ----

    දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ සෑම වසරකම මිත්‍ර පාක්ෂික රටවල් යුද්ධ ජයග්‍රහණය සමරනවා. මේ අවුරුද්දේ D-Dayහි 70 වන සංවත්සරය ජූනි මස මුල සිට අගෝස්තු මස අවසානය තෙක් පුරා මාස 3ක් ම උත්කර්ෂවත් ලෙස පවත්වන්න කටයුතු යොදලයි තියෙන්නේ.

    මේ වාර්ෂික උත්සව නාට්සි නොවන ජර්මන් ජාතිකයන්ට පවා කොතරම් හිත් පෑරවීමක් ද කියලා ඔබ දන්නවාද? අද වන තුරු ජර්මන් නායකයෙක් ප්‍රංශයේ නෝර්මන්ඩි හි උත්සවවලට සහභාගි වී තිබෙනවාද?

    1945 දී ජර්මනියෙන් උදුරා ගෙන පෝලන්තයට පවරා දුන් පොමනේරියා සහ සයිලීසියා යන ප්‍රදේශ ආපසු ජර්මනියට දෙන්නේ කවදාද? රුසියාව උදුරා ගත් නැඟෙනහිර ප්‍රසියාව ආපසු ජර්මනියට දෙන්නේ කවදාද?

    නිරායුධ ජපන් සිවිල් වැසියන් දෙලක්ෂදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිත් පිත් නැතිව මරා දැමුණු න්‍යෂ්ටික බෝම්බ හෙළූ Enola Gayනම් ගුවන් යානය සාඩම්බරයෙන් වොෂිංටන් නගරයේ අදටත් ප්‍රදර්ශනය කරන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. ඇයි ඇනෝ ඉල් මහ සමරුව.... ඒවත් එතකොට අකැපයිනේ.... පැරා මොකද කියන්නේ මේ ගැන...

      Delete
    2. "නිරායුධ ජපන් සිවිල් වැසියන් දෙලක්ෂදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිත් පිත් නැතිව මරා දැමුණු න්‍යෂ්ටික බෝම්බ හෙළූ Enola Gayනම් ගුවන් යානය සාඩම්බරයෙන් වොෂිංටන් නගරයේ අදටත් ප්‍රදර්ශනය කරන්නේ ඇයි?"

      ජපනුන් පර්ල් වරායට පහර දී නිදා සිටි යෝධයෙක් අවදි කර ඉල්ලන් කෑ නිසා.

      Delete

    3. @AnonymousMay 19, 2014 at 5:22 PM -----

      ඔයාගේ උත්තරය තම්යි උත්තරය!!! ප්‍රභාකරන් ඇතුළු ඊළාම්වාදී දෙමළුන්ටත් වුණේ ඕකම තමයි. ශ්‍රී ලංකා රාජ්‍යය නමැති යෝධයාව අවදි කර ඉල්ලං කෑම. වෙනසකට තියෙන්නේ අමෙරිකන් යෝධයා වගේ නෙවෙයි, මේ යෝධයාට අවධි වෙන්න කල් ගියා.

      Delete
    4. ලෝක යුද්දේ ඉවර වේලා අවුරුද්දු හැට හැත්තෑවක් වෙන්න එද්දී,පහුගිය දවසක ජපාන අගමැති ,යුද්ධයේ දිවි පිදුවන් ස්මරණය කරන දේවස්ථනයකටගියා.... එතැනදී අගමැති කියුවේ "යුද්දේ බියකරු බව නැවැත මෙනෙහි වුන බවත් මේවැනි දෙයක් නැවැත සිදු නොවිය යුතු " වාගේ කතාවක්...හැබැයි ඒ ගමන ගිය කියලා චීනේඅ ,කොරියාව වාගේ ජපාන යුධ මෙහෙයුම් නිසා හානි සිදුවුණ රටවල් විතරක් නෙමේයි ඇමරිකාව හිටන් මල පැනලා අගමැතිව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කලා...

      ලංකාවේ ඇති කරන්ඩ යන අමුතු කරුණාව මොකක්ද අප්පා?

      Delete
  7. කළයුත්තේ දෙපසින්ම මළ අය සැමරීමට එකතුවී ආගමික පිළිවෙත් සංවිධානය කිරීමයි ඒ සඳහා අවැසි බුද්ධිය පසුවී හෝ ලැබෙන පාටක් නැත.. ජේ වී පිය අද ත්‍රස්තයින් (රජයේ නම් කිරීම අනුව)සමරන්නේ ප්‍රසිද්ධියේ නේද ? එහෙනම් ඒ සිංහල ත්‍රස්තයින් නිසාද ? මලේ දෙපැත්තේම අය.. නොමග ගිය තරුණ තරුණියන් සහ සෙබළුන්ට අමතරව සාමාන්‍ය වැසියන්.. රටක් හැටිඔයට එක්වී ඒ මතකය මකා දැමිය යුතුයි ඉදිරියට එකතු වී යන්නට නම්,..

    ReplyDelete
  8. ආන්ඩුවේ හා ප්‍රභාකරන්ගේ බලය තර කර ගැනීමට දිවිපිදූ සැමටම මාගේ හෘදයාංගම ප්‍රනාමය ...

    ReplyDelete
    Replies
    1. දෙපාර්ශ්වයක බල අරගලයකදි දිවි පුද දුන් සිවිල් අහිංසක වැසියන්ට කාගේ පිහිටද? සිංහල දෙමළ මුස්ලිම් වශයෙන් නොව සමස්ථව

      Delete
  9. ආන්ඩුවේ හා ප්‍රභාකරන්ගේ බලය තර කර ගැනීමට දිවිපිදූ සැමටම මාගේ හෘදයාංගම ප්‍රනාමය ...

    ReplyDelete
  10. පැරාගේ ලිපිය පසෙක තබා පැරාව බයිට් කරන්නට යාමක් දකින්නට ලැබීම කණගාටුදායකය.උතුරේ හෝ දකුණේ හෝ කැරලි නිකංම අැති නොවුණ බව පිළිගැනිම පළමුව කුමන මතවාදයක් තිබුණද පිළිගත යුතුය.ඒ පීඩනය නොදැණුන කෙනෙක්ට එය එසේ නොවන නමුදු තමන් විශ්වාස කරන දේශපාලන මතය අනුව වගේම වෙනත් බෞතික කාරණා මත ද එවැනි පීඩනයක් ඇති විය හැකිය.
    මේ සියල්ල උතුරේ අරගලය නිර්මාණය කළ බව සහ මේ රටේ උතුරේ ජනතාවට දෙමළ වීම නිසාම ගැටළුවක් තිබුණ බව අප පිළිගත යුතුය.රජයේ පොදු ක්‍රියා පිළිවෙත් වලදී මේ රටේ ප්‍රධනතම සුළු ජාතීන් හැටියට(මම සලකන්නේ සියල්ලන්ම ලාංකේය ලෙස) සළකන දෙමල සහ මුස්ලිම් ජාතීන් දෙකම දෙමල භාෂාව සිය මව් බස කර ගනිද්දීත් මේ රටේ දෙමළ භාෂාව පරිපාලනමය භාෂාවක් බවට පත් නොවීම මේ අරගලය නිර්මාණය වීමේ එක් හේතුවකි.අදටද බොහෝ ජාතික උත්සව වලදී සිංහලෙන්ම දෙසන අතර මෙහිදී වන්නේ දෙමළ ජනයාට බිහිරන් සේ සිටින්නය.මේ උදහරණයකි.දෙමළ මිනිසුන් මිනිසුන් සහ ලාංකිකයන් ලෙස පිළිගැනීමට මීට වඩා විශ්වාසය තහවුරු කරන වැඩ පිළිවෙළක් අවශ්‍යය බව මම සිතමි.එය රජය විසින් ගත යුතුය.ඒ නිසා මට පේද්ගලිකව එය යෝජනා කිරීමට නොහැකි එය සංකීරන දේශපාලන කර්තවයක් බව කියන්නෙ කළ යුතු දේ අසමින් පීඩා කිරිම නැවත්වීමටය.

    ReplyDelete
    Replies
    1. යුනිකෝ සමග සෝමාMay 19, 2014 at 5:33 PM

      පැරකුම්ලගෙ අතීත ක්‍රියාකාරීත්වය අවතාර මෙන් ඔවුන් පිටුපස ලුහුබඳියි . දැන් බයිලා ගහලා වැඩක් නෑ.

      තමන්ගෙ ඇත්ත පැවැත්මයි දෙන වදනුයි අතර ආලෝක වර්ෂ ගනනාවක ගැප් එකක් තියාගෙන බොග චන්ඩිකම් දාන හෙළයේ වීරෝ දාර බ්ලෝග්කරුවනි ,කොමෙන්ට් කරුවනි ඔයාලා මාාාරයි අයියලා..! කියලා වැඩක් නෑ ,
      සී ....... සීතලයි අයිය ලා.හ්...!

      Delete
    2. නිශ්මා පැරාව කිසිවිටෙක අවතක්සේරුවට ලක් කරන්නේ නෑ.
      මොන හේතුවට කැරැල්ලක් ඇති වුණත්, ඒ අය පටන් ගත්; පැරා පවා සිටි කැරලිවලින් එදා මෙදා තුර මේ මොන මලදානේටවත් නැති අහිංසකයන් කි දාහක් බිලි වුණාද, ඒ සිංහල දෙමළ මුස්ලිම් වෙන්න හැකියි. එසේ නම් හඬ නැගිය යුත්තේ ඒ සැම වෙනුවෙන් නොවෙද, ඇයි මේ එක් පාර්ශ්වයක් ගැන විතරක්. එතකොට ඩොලර් කතා ඇත්ත කියා හිතෙන එකේ වරදක් නැ නේද බං.

      Delete
    3. @නලීන්, ඔයාගේ කතාව ඇත්ත. 1971 සහ 1987-89 දී ජවිපෙ ක්‍රියාධරයන්ගේ මඟ පෙන්වීම යටතේ පවතින රජයට විරුද්ධව සටන් කර ජීවිත අහිමි වූ කැරලිකරුවන්ට තම මතය වෙනස් කරලා උතුරේ දෙමළුන් වෙනුවෙන් කතාකරන්න අවස්ථාවක් නැහැ. මරණයෙන් ගැලවුණු ජවිපෙ ක්‍රියාධරයන්ට ඒ ගැන වගේ වගක්වත් නැහැ.

      Delete
    4. /*
      අදටද බොහෝ ජාතික උත්සව වලදී සිංහලෙන්ම දෙසන අතර මෙහිදී වන්නේ දෙමළ ජනයාට බිහිරන් සේ සිටින්නය
      */

      මේක ගැනනම් කතා කරල ඇතිවෙලා, ඒත් නිකමට මේ මහත්මයාගෙන් අහන්නෙ, දැන් ඔය යාපනෙ, මඩකලපුව වගෙ පැතිවල තියන රජයෙ උත්සවල/ඔෆිස් වල සිංහලෙන් කතා කරනවද?

      Delete
    5. පේදුරුතුඩුවේද
      දෙවුන්දරතුඩුවේද
      සපත්තු වලට පෑගුණ
      පැල්ලමක් නොතිබෙන්න
      සපත්තු වලින්ම
      අතුල්ලා සේදුව
      ගිනි දැලෙන් නොදැල්වී
      ඉතිරි වූ හම් පොඩ්ඩ
      ඥාතිකමකට නැගෙන
      කදුළකට ඉතිරි වුණ
      මතක වස්තුව වුණා

      උතුර දකුණට
      කියා වෙනස් නොවුනත්
      සපත්තුව ඉතිරි කළ
      ලතැවිල්ල සෝ ගින්න
      කාකි ඇදුමට තැනෙක
      ගල් මුල්ය මල් වැල්ය
      මැරි වැටෙනා විටදි
      හැම නෙතක කදුලැල්ය
      කදුළ ඇස උපදින්නෙ
      සිනහවන් මල දාය

      එකම අඩි සළකුණට
      පෑගෙන්නෙ යටවෙන්නෙ
      එකම කදුළක් තමා
      ඇස් වලින් වැගිරෙන්නෙ
      පරණ ලේ පැල්ලමට
      තවත් ලේ එක වෙන්නෙ
      සැවොම එක බවක් නෑ
      තවම වටහා ගන්නෙ

      Delete
  11. ඕනම දෙයක් නියුට්‍රල් කරන්න පුළුවන් නිහඬතාවයෙන්. කුමන හෝ පැත්තකට කෑහැසීමෙන් වෙන්නෙ අනිත් පැත්ත ‍ෆෝම් වීම. ජය සැමරුම් දෙපැත්තම නැවැත්විය යුතුයි. හරියට අර සමහර රටවල දුම්වැටි පැකට්ටුව කාගෙවත් ලේබල් නැතිව සුදු පාටින් තියනව වගේ.

    ReplyDelete
    Replies
    1. හරියට හරි.... දෙමළ අය මැයි 18 වන දා අඬන්න අඬන්න හරියටම එදාට රජය ජයපානෝත්සව තියනවා.

      Delete
    2. එක අත්ත..නියුට්‍රල් කරන්නනම්.. බටහිර රටවල්, පැරාල වගෙ අය රස කර කර ගෙන්න බලන් ඉන්න යුද අපරාද ගොන් පාට් එහෙමත් නවත්ත්වන වෙනවා..

      Delete
  12. ලක්ෂ 21යි නේ.. ගහමුද හීනියට අඩියක්

    ReplyDelete
    Replies
    1. පාෂාණ පාණීMay 19, 2014 at 8:04 PM

      චියර් ස්....

      Delete
  13. පැරා, තිස් අවුරුද්දක් තිස්සේ කුරිරු යුද්ධයක් මෙහෙයවලාත් දෙමළුන්ට දිනාගන්න පුළුවන් වුණු ලබ්බක් නැහැ. උතුරේ අඬන උත්සව පැවැත්වීමෙන් සිදු වෙන්නේ තමුන්ට ලැබෙන්න තියෙන යමක් නොලැබී යාම හෝ එය තව තවත් කල් යෑම. මේ බව දෙමළුන් කවදා තේරුම් ගනීද මන්දා...

    ReplyDelete
  14. සිංහල සිවිල් ජනතාව පවුල් පිටින් මරද්දී සාමාන්‍ය දෙමළු කියන අය ආතල් ගත්තා ඒ නිසා උන්ට අඬන්නවත් අයිතියක් නෑ තමයි.
    මොකද උන් සත්තු සිංහලයන්ට අයිතියක් තියෙනවා දෙමළු මරාගෙන කන්න වුනත්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා