කොටි සංවිධානය නැවත ගොඩනැගීම හා නැවත මර්දනය කිරීම

තේවියන්, ගෝපි, අප්පන්
විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් විසින් ලංකාවේ පොළවේ කොටි සංවිධානය නැවත ‍ගොඩනැගීමට දරන ලද ප්‍රයත්නයක් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ඉතා කෘෘර ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කර දැමුවේ ය. 

වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ කොටි සංවිධානය නඟා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවකු වූ තේවියන්ගේ නායකත්වයෙන් යුත් යාන්ත්‍රණය ම මේ වන විට විනාශ කර දමා තිබේ‍. තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දමන ලදී. ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයකු ද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද අත්අඩංගුවේ ය. ඔවුන් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාස  ආදී සියල්ල මේ වන විට අක්‍රිය කර දමා තිබේ. 

මෙම මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිම බලය පාවිච්චි කළ හ. නිදසුනක් ලෙස වන්නි වනයේ සැඟවී සිටි තේවියන්,‍ ගෝපි හා අප්පන් යන තිදෙනා විනාශ කිරීමට හමුදා සෙබලුන් 3000ක් යොදා ගන්නා ලදී. 

කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා දරන ලද මෙම ප්‍රයත්නය මුලිනුපුටා දැමීම පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් ද මතු වූයේ නැත. හරියට 2009 මැයි මාස‍යේ අවසන් යුද්ධය සමයේ මෙනි.

කොටි සංවිධානය හෝ වෙනත් ආදේශක සංවිධානයක් ගොඩනැගීමට මුල් වූ පිරිස ක්‍රියා කර ඇති ආකාරය පිළිබඳ වාර්තා කියවන විට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ ඔවුන් ගරිල්ලා කණ්ඩායමක් ලෙස මෙන් ම, රහසිගත දේශපාලන සංවිධානයක් ලෙස ද කටයුතු කර තිබෙන්නේ ආධුනික ස්වරූපයකින් බවයි. මූලිකවම ඔවුන්ට මර්දනයේ දිග, පළල හා ගැඹුර පිළිබඳ පැහැදිලි විශ්ලේෂණයක් තිබුණු බවක් නො පෙනේ. එබැවින් අතීතයේ කොටි සංවිධානය විසින් සයනයිඩ් කරලින් සං‍කේතවත් කරන ලද රහස්‍යභාවය හා කැප කිරීම වෙනුවට මෙහි දක්නට ලැබෙන්නේ දියාරු, ලිහිල්, විසිරුණු හා අපරිණත ස්වභාවයකි. 

දැඩි විනයකින් යුක්ත කුඩා ගරිල්ලා කණ්ඩායමක් ඔස්සේ, ඉතා සියුම්ව හා ඉවසිලිමත් ලෙස එක් වරම ප්‍රධාන ඉලක්කයක් වෙත යොමු වෙනවා වෙනුවට මෙම කණ්ඩායම උත්සාහ කර තිබෙන්නේ අර්ධ මිලිටරි ස්වරූපී බහුජන දේශපාලන සංවිධානයක් ගොඩනගන්නට බව පෙනේ. පෝස්ටර්, පත්‍රිකා, සාකච්ඡා ආදිය ඔස්සේ පුළුල් බහුජන සංවිධානයක පදනම දැමීමට ඔවුන් උත්සාහ කර ඇති බව පෙනේ. 

තේවියන්, ගෝපි, අප්පන් යන තිදෙනා යුද්ධයෙන් ජීවිත බේරාගත්, අත්අඩංගුවට හෝ පත් නොවූ, බටහිර රටකට පළා ගොස් සුරක්ෂිත ජීවිත ගත කිරීමේ අවස්ථාව තිබූ අයයි. ඒ අවස්ථාව පිළිකෙව් කරමින් ඔවුන් ආපසු මෙහි ආවේ ඇයි? එසේ පැමිණ අතිශය අනතුරුදායක ව්‍යායාමයකට උර දෙන්නට ඔවුන් පෙළඹුණේ ඇයි? ඔවුන් නියෝජනය කරන්නේ අප ජීවත් වන සමාජයේ කුමන බලවේගයක් ද? අප මතක තබා ගත යුතු කාරණයක් වන්නේ කොළඹ සිටියත්, උතුරු නැගෙනහිර සිටියත්, විදෙස්ගතව සිටියත් මේ වනාහි අප ජීවත් වන සමාජයට ම ‍අයත් මිනිසුන් බවයි. 

1989 මර්දනයෙන් වසර කීපයකට පසු ජවිපෙ යළි නැගී සිටියේ ද මේ අන්දමට ම ය. ඉතිරි වී සිටි ජවිපෙ සාමාජිකයෝ හිරු පුවත්පත වැනි පෙරමුණු සංවිධානවලට ආවරණය වෙමින් සංවිධාන කටයුතු කරගෙන ගිය හ. 1994දී ජවිපෙ මැතිවරණයකට ද තරග කළේ ය. 2009දී මර්දනයට ලක් වූ එල්ටීටීඊ සංවිධානයට 2014දී යළි හිස එසවීමට ආණ්ඩුව ඉඩ නො දීම පිටුපස පැහැදිලිව ම ජාතිය පිළිබඳ කාරණයක් තිබේ.

කොටි සංවිධානය නැවත ගොඩනැගීමට දරන ලද මෙම උත්සාහය බලය යොදා මර්දනය කළමුත්, වසර පහක් යද්දී සිදු වූ මෙම හිස එසවීම හා එහි පුළුල් ස්වභාවය ගැන දේශපාලනිකව නැවත සිතිය යුතු ය. එය මර්දනය කිරීමට දෙමළ ජනතාවගෙන් ලැබුණු සහයෝගය ගැන උදම් අනන ගමන් ම එය ගොඩනැගීමට ලැබී තිබෙන සහයෝගය ගැනත් තක්සේරු කර බැලිය යුතු ය. 

වැදගත් ප්‍රශ්නය වන්නේ එසේ වන්නේ ඇයි ද යන්නයි. කොටි සංවිධානය පරාජය වූ මුත් දෙමළ ජාතිකවාදය පරාජය වූයේ නැත. දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් යුත් දේශපාලන ප්‍රවාහයෙන් තෘප්තිමත් නො වන දෙමළ ජාතිවාදයකට තවමත් ලක් පොළව සරු පසකි. ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ පසේ රෝපණය වන පැළ දල්ලක් දෙකක් දමන විට ම විනාශ කර දැමීමෙන් ප්‍රශ්නය විසඳන්නටයි. 

අප එදා සිට ම කියන්නේ ජාතිවාදය සඳහා ඇති සරු පස නිසරු කර දැමිය යුතු බව ය. එය කරන්නේ කෙසේ ද? 

දෙමළ පමණක් නො ව සිංහල, මුස්ලිම්, බෞද්ධ ආදී සියලු අන්තවාදයන් පිටුදැකිය යුතු ව තිබේ. එසේ කළ හැකි වන්නේ ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කිරීමෙනි. 

ප්‍රජාවන් අතර සංහිඳිියාව ඇති කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා මානව හිමිකම් තහවුරු කිරීමෙනි. 

ලාංකීය දේශපාලන ප්‍රජාව ගොඩනැගීම අපගේ ඉලක්කය විය යුතු ය.

දේශපාලන ප්‍රශ්නවලට ‍දේශපාලන විසඳුම් ලබා දිය යුතු ය. මර්දනය තාවකාලික ජයග්‍රහණයක් පමණි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Para, this is utter BS. They had a covert operative going on in colombo. Even DBSJ thinks they were plotting to kill MR or GR. So to hell with your sympathy towards terrorists. Those killed were terrorists, period !

    ReplyDelete
    Replies
    1. British tourist with Buddha tattoo expelled

      Monday, 21 April 2014 18:55

      A British female tourist who had the image of the Buddha tattooed in her hand was arrested by the Katunayaka Airport Police and produced before Negombo Additional Magistrate T.M.T. Bandara today.

      Police told the court that the image of Buddha sitting on a lotus flower was tattooed in her hand and it was contrary to Buddhism.

      Michele Calmon (37) who arrived in Sri Lanka this morning was scheduled to visit several other countries in the region.

      The Magistrate ordered the Police to hand over the suspect to the Mirihana detention camp through prison officials for immediate extradition

      http://www.dailymirror.lk/top-story/46112-british-tourist-with-buddha-tattoo-deported.html

      Delete
  2. LTTE සහ JVP සැසඳීම යෝග්‍යයි.
    දෙගොලෝම ජාතිවාදියෝ.
    දෙගොල්ලෝම තම ප්‍රධාන සතුරා සමග සටනටත් කලින් කෙරුවේ එකම ඉවුරේ සිටි නමුත් අදහස් වෙනස් අය මරා දැමීමයි.

    ReplyDelete
    Replies
    1. yeh! terrorist sympathising on other terrorists :)

      Delete
    2. එකම අය තමයි. හරියට හරි.a

      Delete
    3. කකා,
      අපි පින්තුර වල දැක්කා අපේ කකා සයිවර් අවුරුදු උත්සවේට ගිහිං නුගත් බාසුන්නැහැලාවයි, පැන්සොන් ගිය මිලිටරි මිමෝයි බදාගෙන ඉන්නවා. හරිම කුජීතයි කකා. ඇයි කකා ඒ වගේ වැඩ කරන්නේ? ආ කකා? කකා පන්සලකට පල්ලියකට යන්නේ නැද්ද? ඇයි ඔහොම කුජිත වැඩ කරන්නේ?

      එක්කෝ අජිත් පැරකුම්ව අඩගහගෙන ගිහිං ඔතන කඹ ඇද්දා නං කමක් නෑ. ඒත් කකා කියන්නේ බොහොම උගත් බුද්ධිමත් මැසිමදුරුවෙක්. ඉතිං කකා කකාගේ ස්ටේටස් මේන්ටෙන් කරන්නේ නැත්තේ ඇයි?

      Delete
    4. කඹ ඇද්දට කමක් නෑ... ඇදල දිනුවනම් තමා වැඩේ.... එහෙනම් අර අසරණ ඔබා මාමාට වෙච්ච වැඩේ තමා.... ලක්ෂ ගානකට කෙලවෙන්නෙ.... අබීත දැන බලන් ඉන්නෙ හොඳ එකක් මෝරා කරගන්න...

      Delete
    5. කකාගේ තියරිය අනුව සැසදීමට යෝග්‍ය අනෙක් අය,

      කතන්දරයා හා ගලබොඩඅත්තේ ඥානසාර
      දෙදෙනාටම තට්ටය ඇත

      චාලි චැප්ලින් හා හිට්ලර්
      දෙදෙනාටම ලගින් යන රවුල් මොස්තරක් ඇත

      කැප්ටන් හැඩොක් (ටින්ටින් ) හා රත්තරන් (ඇමතියා)
      මුණ පුරා රැවුල ඇත

      බණ්ඩාරනායක හා ලෙනින්
      බණ්ඩාරනයාගේ ගෝල්ෆේස් පිලිමෙයි ලෙනින්ගේ රුසියාවේ පිළිමයි එක ලගින් යයි

      මාටින් ලුතර් කිං හා ලැරී කිං
      දෙදෙනාගේම නම අගට ´කිං 'ඇත

      Delete
  3. Ajith ayya it is great analysis. You have open the causal factor of the problem. Unfortunately now will come so many commentators
    and will blame you ugliest way. Don't be worry this is the maturity gap relatively you. Most of this contaminators who make dirty this valuable blogs are the dehumanized, unconsciousness and consumerism man kind. your like great people are very scare in my country and my country ask much more people like you in this historical moment.

    ReplyDelete
  4. kotiyata nawatha hisa esawiimata ida nodiyayuthumayi. eke wada karanna deyak na. mun marapu eka hari. eke waradak kohethma na.

    ReplyDelete
  5. ජේ.ආර්. තුමා නිය පොත්තෙන් කඩන්න තිබුන දේ නොකඩා හිටපු නිසා තිස් අවුරුද්දක් මුලු රටම දුක් වින්දා. ආයෙ ආයෙත් ඒ වරදම කෙරෙන්න ඕනද ? මේ ලිපියෙ මුල හරිය සමූල ඝාතනයෙන් පසු ප්‍රතිසංවිධානය වන්නේ කෙසේද කියලා උපදෙස් දෙන එකක් වගේ.. මේ වගේ ලිපියක් ඔවුන්ට මුලින්ම කියවන්න ලැබුනනම් ඔහොම වෙන එකක් නෑ.. හෙහ් හෙහ්...

    ReplyDelete
  6. සෙන්න කියන කතාව ඇත්ත. එදා ජේ ආර් මේ විදියට ප්‍රභාකරන් ඇතුළු තුන් හතර දෙනා මරා දැම්මානම් අබුරුදු 30 ක් රට දුක් විදින්නේ නෑ. මේ ලිපියෙන් කියන්නෙ ආයෙ හැම තැනම බෝම්බ පුපුරවන ලෙස කරන ආරාධනාවක්.හරියට ත්‍රස්තවාදය කරන්නෙ කොහොමද කියල උගන්වන්න යනවා වගෙයි.
    1994 දි ජවිපෙ ආවෙ සම්පූර්නයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක් වුනා. ඒත් මොවුන්ට තිබෙන්නෙ රට දෙකඩ කිරීමේ වුවමනාවයි.මොනව දුන්නත් උන්ට වැඩක් නෑ ඒක ඇර.
    මේකට හේතුව දෙමළ මානසිකත්වයයි. සුද්දගෙ කාලෙ මේ රට දෙමළ රටක් ලෙසයි තිබුනෙ.දෙමළු විදේශ රටවල ඒ ඒ භාෂා ඉගෙන ගත්තට උන් සිංහල ඉගෙන ගන්නෙ නොකර බැරි කමට. සිංහලෙන් කතා කරන්න කැමතිත් නෑ.
    දෙමළුන්ට ලෝකෙ කොහෙන්හරි රටක් වුවමනා වෙලයි තිබෙන්නෙ.ඒක ගන්න සාපෙක්ෂව පහසු ලංකාවෙන් බව උන් දන්නවා.
    ජවිපෙත් කොටිත් සැසදීම වැරදියි.ජවිපෙට ඕන වුනේ සමාජවාදී රජයක් (උතුරු කොරියන් පන්නෙ වුනත් ) ගොඩ නගන්න. නමුත් කොටින්ට ඕන රට විනාශ කරන්නට.

    ReplyDelete
  7. ආණ්ඩුවේ පිටපතට අනුව රගපාන ලද නාට්‍යය පැරා ගෙඩිය පිටින්ම ගිලලා අපටත් බෙදන්න හදන හැටි දැකීම හරිම අපුලක්

    ReplyDelete
  8. //////ප්‍රජාවන් අතර සංහිඳිියාව ඇති කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහපාලනය හා මානව හිමිකම් තහවුරු කිරීමෙනි. ///////
    කවදා මෙහෙම කරයිද කියන එක තමයි ගැටළුව. මොකද දැන් පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදයදත්, නීතියේ ආධිපත්‍යයත්, මානව හිමිකම් සුරැකීමත්, යහ පාලණයත් නාමිකව පවතින ව්‍යූහයක් නිසා. ඒ කියන්නේ ජාතීන් අතර සංහිඳියාව සිහිනයක්.

    ReplyDelete
  9. මීට පස්සෙවත් හිටපු කොටි මෙහෙම දේවල් කරන්න කලිං පැරාගෙන් අහල ඉන්නව නම් තමයි හොඳ. ගරිල්ලා සටන් සංවිධානය කරනව කියන එක එහෙම මේ ගෝපිල තේවියන්ල වගේ උන්ට හිතු මතේට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවට පැරාට තියෙනව වගේ විශේෂඥ දැනුමක් ඕනෙ. දැං මේ කෙටි ලිපියෙ උනත් පැරා කොච්චර වැදගත් තොරතුරු ටිකක්ද දිල තියෙන්නෙ. එහෙම ඒවට කන් නොදී ගෝපිල ඔහොම ඇන ගන්න එක පුදුම වෙන්න දෙයක් නෙමේ.

    ReplyDelete
  10. පැරා කියන නමේ තේරුම පොර කියන එක (මීවනපලානෙ අරිසෙන් අහුබුදු ක්‍රමයට අනුව ) ඉතින් මේ වගෙ පොරවල් ඉන්දැද්දිනෙ කොටි මෙහෙම අමාරුවෙ වැටෙන්නෙ. එක්කො කොටි මේ බ්ලොග් එක කියවන්නෙ නෑ. මේ උපදෙස් අහපුවම කොටින්ට නොමෙයි ජේවීපීකාරයන්ටත් කිති කිති වගේලු.

    ReplyDelete
  11. "අප එදා සිට ම කියන්නේ ජාතිවාදය සඳහා ඇති සරු පස නිසරු කර දැමිය යුතු බව ය."

    පැරා කියන කතාව ඇත්ත. තවමත් තියෙන්නේ සරු පසක්. හැබැයි පස නිසරු උනත් එකට පොහොර දමන්න කට්ටිය ඉන්නවා කියන එක.

    මේ මැරුණ අය විදේශ ගත වෙලා ඉඳන් ආපු අය. ඒ අය නැවත සටන් කරන්න හැදුවේ ඇයි කියන එක ඒ අයගේ මානසික තත්ත්වය මත තීරණය කරන්න ඕන දෙයක්. ඒ අය නියෝජනය කලේ ලංකාවේ දෙමළ ස්මාජයද කියන එක ප්‍රශ්නයක්.

    මම දෙමළ මිනිස්සු එක්ක වැඩ කරන්නේ. ඒ හුඟ දෙනෙක් කැමති නැහැ ආයෙත් යුද්ධෙ එනවට.

    මතක තියා ගන්න මේ 1956 සිංහල හෝ දෙමළ සමාජය නෙමෙයි කියන එක. මිනිස්සු අතර සංස්කෘතික වෙනස්කං අඩුයි දැන්.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා