ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ. දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ.
රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය.
චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකින් ආණ්ඩුව උදය ගම්මන්පිල මිළ දී ගෙන හමාර ය. චම්පිකලා ගියත් උදය ගම්මන්පිල ආණ්ඩුවේ නතර වෙන්නට ඉඩක් තිබේ. අනෙක් පැත්තෙන් චම්පිකට එරෙහිව පාවිච්චි කරන්නට ෆයිල් මහින්ද ළඟ තිබේ. ආණ්ඩුවෙන් කඩාගෙන ගිය ප්‍රබල විරුද්ධවාදීන් නන්නත්තාර කළ හැටි ගැන චම්පිකට අත්දැකීම් තිබේ.
එහෙත්, චම්පිකලාට එක වාසියක් ඇත. ආණ්ඩුව බොදු බල සේනාව ඉදිරියට දමා අවුස්සන ජාතිවාදය හා ආගම්වාදය, බොදු බල සේනාව තාප්පයට ඇන ගත්තාට පසු තමන් අතට ගැනීමේ බලාපොරොත්තුව ඔවුන්ගේ හිත් තුළ නළියනු පෙනේ.
කෙසේ වෙතත් රතන හිමිගේ වචන ටික නම් ආණ්ඩුව ගැන ආප්තෝපදේශයක් වැනි ය.
මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා.
ජයවේවා! මේ වනාහි ගිලෙන නැවෙන් මීයන් පැන යාම ආරම්භ වන කාලයයි. මහින්ද, බැසිල්, ගෝඨාභය, නාමල්, මේ කියන්නේ ඔබ ගැන නොවේ නම් කා ගැන ද?
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com