සරුංගල්කාරයන්ට ගුවන් යානා ලයිසන් දීම

ප්‍රාදේශීය සභාවක සභාපතිකමට සුදුසු කෙනෙකුට රටක් ම භාර දී‍මේ ආදීනව ලෙස ලොවටම වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල් හම්බන්තොට හැදෙමින් තිබේ. 

මේ ඒ මෝඩකමේ දෙවන මට්ටමයි. පාසලක විදුහල්පතිකමක හා ඇමති ධුරයක වගකීම් අතර වෙනස තේරුම් ගන්නට බැරිකම මෙතැන ඇති ප්‍රශ්නයයි.

උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර සම්පාදකයින් සහ විවිධ විභාග රාජකාරිවල නියුතු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ කතිකාචාර්යවරුන්ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තම අත්සනින් ලිපියක් යවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ උසස් පෙළ සිසුන්ට දේශන පැවැත්වීමට ලිඛිතව කැඳවීම් කර ඇත.

තමන්ගේ ජනපි‍්‍රයතාවය වෙනුවෙන් පාසල් 9905 ක් තිබියදී එක් පාසලක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රය සතු සියලූ සම්පත් යොදවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ජනපි‍්‍රය කරවීමට අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කරමින් සිටී.

එහිදී එම පාසලේ උසස් පෙළ හදාරණ සියලූ සිසුන් සමත් කරන බවට පුරසාරම් දෙඩවීමක් ද සිදුකරමින් සිටින අතර මේ වන විට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන හා විභාග කටයුතු කරන ආචාර්ය මහාචාර්යවරුන් එම පාසලේ උසස් පෙළ විෂයන්ට අදාළ දේශන සඳහා ගෙන්වීමට කටයුතු කර ඇත.

කතිකාචාර්ය රියන්සි පේ‍්‍රමලාල් නමැත්තෙකුගේ සම්බන්ධීකරණය යටතේ මෙම කටයුත්ත සිදු කර ඇත.

මේ වන විට විභාග දෙපාර්තමේන්තුවේ ප‍්‍රශ්න පත‍්‍ර වෙනත් කිසිවෙකුට මුද්‍රණය කළ නොහැකි බවට නීති පනවමින්, විභාගයට පෙර සියලූ ප‍්‍රශ්න පත‍්‍ර සාකච්ඡා හා පෙරහුරු සම්මන්ත‍්‍රණ ද නවත්වමින් සෙසු පාසල්වල දරු දැරියන් පීඩනයට පත් කර ඇති අධ්‍යාපන ඇමතිවරයා මේ ආකාරයට නීත්‍යානුකූල නොවන ලෙස තම බලය යොදවා කටයුතු කිරීම ලංකා ගුරු සංගමය දැඩි ලෙස හෙළා දකී.

මේ වන විට මෙම දේශන සඳහා සහභාගි නොවන ආචාර්ය මහාචාර්යවරුන් විභාග කොමසාරිස්වරයා හරහා බරපතළ පළිගැනීම්වලට ලක් කරමින් සිටී.

මේ තත්වය උසස් පෙළ විභාගයට පෙනී සිටින සමස්ත දරුවන්ට බරපතළ අසාධාරණයක් වන බැවින් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලංකා ගුරු සංගමය විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් ද ඉල්ලා සිටී.


  - ලංකා ගුරු සංගමය
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මේ අමත්‍ය මණ්ඩලයෙන් මුලින්ම පන්නලා දාන්න ඕනේ ඔය මී හරක් බන්දුලයාව.මු රටේ අධ්‍යපනය හදනවා නෙමේ වනසනවා...:)

    ReplyDelete
  2. ඕකා පිස්සෙක් කියලා ටියුෂන් යන කාළෙම කියලා. අපිව එලෙව්වේ රෝයල් බල්ලෝ කියලා. මේ යකා කියනවා ඒ කාලේ ලංකාවේ සමාජවාදේ පිහිටවලා ඒකේ නායකයා වෙනවා කියලා. හැමිනිලා තියෙයි එහෙනම් ලංකාවට.

    ReplyDelete
    Replies
    1. ඉතින් හරිනේ බං..... ඌ ඉපදිලා තියෙන්නේ ලංකාවේ අධ්‍යාපනය විනාස කරන්නනේ.... ඉතින් ඌ ඒ ටික ටියුෂන් දෙන කාලෙත් කළා, දැන් අජ්ජාපන ඇමති වෙලා ඉතුරු ටිකත් කනවා..

      Delete
  3. ඕකව නෙවෙයි එලවන්න ඕන, ඕකගෙ මහ එකාව. මේ හැම එකාම කරන්නෙ මහ එකාට ඕන කරන දේවල්.

    ReplyDelete
  4. AnonymousApril 28, 2014 at 5:03 PM
    Sahathika aththa... Gan kabarayage mutti thama okkoma

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා