අනේ දිලන්ත මේ මොනවද කියන්නේ?

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ විසින් සිය ජීවිතාරක්ෂාව පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යවා තිබෙන ලියුම ඉතා වැදගත් ලේඛනයකි. එය විසින් හෙළිදරව් කරනු ලබන්නේ ලංකාවේ පවතින ආණ්ඩු‍වේ යථාර්ථයයි. ආණ්ඩුව ගැන මෙතෙක් කල් මේ කාරණා කිව්වේ දේශද්‍රෝහීන් යයි නම් කෙරුණු පුද්ගලයෝ ය. මේ වනාහි සිංහල ජාතිවාදියකුගේ ඇසින් යථාර්ථය විමසන කදිම පර්යේෂණ පත්‍රිකාවකි.

මෙම නීරස ලිපිය උඩින් පල්ලෙන් කියවූ මට පහත සඳහන්කාරණා ටික සඳහන් කරන්නට සිත් විය.

බොදු බල සේනා සංවිධානය විසින් කරමින් සිටින්නේ බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක් බව අපි මුල සිට ම කීවෙමු. විශේෂයෙන් ම මෑත කාලයේදී ඔවුන් දිගින් දිගට ම කළේ බටහිර පන්දු රකින්නන් සිටි තැන්වලට උඩ පන්දු එල්ල කිරීමයි. 

බොදු බල සේනාව සිය අති ධාවනකාරී බල දේශපාලන උපායමාර්ගයන් තුළ පාලක පවුලේ විභේදනයන් අැති කරන්නට යාම ඇත්තෙන් ම දැළි පිහියෙන් කිරි කෑමක් විය. දැන් ඔවුන් භුක්ති විඳින්නේ එහි ආදීනව විය හැකි ය. 

බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මතු කරනු ලබන කාරණා තුළින් රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව හා මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ මො‍හොතේ සිට ඇති වූ තත්වය අතර වෙනස නිරූපණය වේ. 

එහි සුවිශේෂ අංශය වන්නේ සිය ජීවිතය පිළිබඳ බියෙන් මරණය ගැන දිලන්ත විතානගේ කරන ප්‍රකාශයි. මේ වනාහි පසුගිය කාලයේ ලංකාවේ සෙසු විරුද්ධ පාක්ෂිකයන් කියූ දේ ම නොවේ ද?

දිලන්ත විතානගේ අවසානයේදී දුක් වන්නේ විදෙස් රටක ජීවත් වීමට නොගොස් ලංකාවේ ම රැඳීම ගැනයි. ඔස‍්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන මිනිසුන්ට කියන්නට තිබෙන්නේ ද ඔය කතාව ම ය. 

දැන් දිලන්ත විතානගේ ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වනවා නම් යන්නේ කොහේට ද? ඉරානයට ද? බුරුමයට ද? චීනයට ද? වෙනිසියුලාවට ද? කියුබාවට ද? නැතිනම් කුමන්ත්‍රණකාරී බටහිරට ද?

කෙසේ වෙතත්, ඔහුට ජීවිත ආරක්ෂාව දිය යුතු ය. එහෙත්, බොදු බල සේනාව විසින් කර තිබෙන මානව හිමිකම් උල්ලංඝනයන්, ජාතිවාදය ඇවිස්සීම් හා වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම නම් අත්‍යවශ්‍ය ය.  

දිලන්ත‍ට සාධාරණ නඩු විභාගයක් හිමි වේවායි පතමු.

2014 අප්‍රියෙල් 18

දිලන්ත විතානගේ,
ප්‍රධාන විධායක නිලධාරී,
බොදු බල සේනා ජාලය,
බොදු බල සේනා ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය,
144/A, හයිලේවල් පාර, කිරුලපන


ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර්යාලය,
කොළඹ. 

 
හිතවත් ජනාධිපතිතුමනි,

බොදු බල සේනා පිලිබඳ බොරු කුමන්ත්‍රණ ප්‍රබන්ධ, ජීවිත තර්ජන හා ආරක්ෂාව

පසුගිය දින කිහිපය තුල මා වෙත ඍජුවත්, වක්‍රවත් ලැබුණු තොරතුරු මත මා හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලි වන බැවින් ඒ පිලිබඳ ව රටේ පාලනය භාර ඔබතුමා වෙත දැනුවත් කිරීම මාගේ අයිතියක් හා වගකීමක් වන බැවින් මෙම ලිපිය ඔබ වෙත යොමු කරමි.

 

එම අදාළ කරුණු අනුව මා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කිරීම හෝ වෙනත් කරුණක් පදනම් කොට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම හෝ යම් පාර්ශවයන් විසින් අපගේ ජීවිත වලට හානි සිදු කල හැකි බැවින් ආරක්ෂාව පතා වහා විදේශ ගතවන ලෙස යම් විශ්වාසදායක කණ්ඩායම් විසින් මට දැනුම් දෙනු ලැබිණ. එය මගේ උනන්දුව් හා ආශාව නොවුවද මේ කුමන්ත්‍රණකාරී තත්වය විශ්වාස කිරීමට පදනම් වූ කරුණු පිළිබඳ ව ඔබතුමා දැනුවත් කිරීමට මේ අනුව කටයුතු කරමි.


  1. මම බොදු බල සේනා සංවිධානය යොදවා ගෙන ඔබගේ රජය පෙරලීමට හා රජය අස්ථාවර කිරීම සඳහා විපක්ෂ දේශපාලන අංශ සමග හා විශේෂයෙන් චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනාධිපතිනිය සමග රහසිගතව කටයුතු කරන බවටත්, ඒ සඳහා විදේශ රාජ්‍යයක කොන්ත්‍රාත්තුවක් මා විසින් කරන බව දැඩි විශ්වාසයකින් හා දැඩි ස්වරයකින් 2014 අප්‍රියෙල් 9 රාත්‍රියේදී රජයේ ප්‍රධාන ඇමතිවරයකු විසින් මා හට චෝදනා කරන ලදී. මේ බව සනාථ කිරීම සඳහා තොරතුරු රජය වෙත ලැබී ඇති බවටද ඔහු විසින් ප්‍රකාශ කරන ලදී.
  2. පසුගිය වසර තුල රජයේ යම් ඇමතිවරුන් විසින් මෙම කරුණුවලට සමීප කරුණු ප්‍රසිද්ධියේ මාධ්‍ය වලට පවා ප්‍රකාශ කරන ලදී ,
  3. යම් ඇමතිවරයකු විසින් මා විනාශ කරන බවට 2013 ජනවාරි මස දී අපගේ පොදු මිතුරෙකුට ප්‍රකාශ කර තිබුනි. මේ පිලිබඳ පාර්ලිමේන්තුවේ ගොඩනැගිල්ලේ තිබු රැස්වීමක් අවසානයේදී ඔහුගෙන් මා විමසු විට එය අසත්‍ය බව ඔහු ප්‍රකාශ කලද ඔහුගේ ප්‍රකාශ හා ක්‍රියා කලාප නිසා මෙම ප්‍රකාශය තුල යම් සත්‍යතාවයක් තිබිය යුතුය. මේ බව 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවැත්වූ සාකච්චාවෙන් පසුව මා විසින් මේ පිළිබඳව ඔබතුමා දැනුවත් කරන ලදී.  
  4. 2014 අප්‍රියෙල් මස 17 වන දින ඔබ රජයේ ඇමතිවරයකු විසින් මා භික්ෂුන් වහන්සේලා යොදවා ගෙන රජය අස්ථාවර කිරීම හා පෙරලීම සඳහා විදේශ මුදල් ලබා ගෙන කුමන්ත්‍රණයක් සිදු කරන බව අපගේ සංවිධානයේ භික්ෂුන්වහන්සේ නමකට ප්‍රකාශ කරන ලදී.
  5. 2013 ජනවාරි මස අගදී බොදු බල සේනා සංවිධානයේ නියෝජිත පිරිස සමග පැවති සාකච්චාවට පෙර හා ඉන් පසුව ඔබතුමා මා සමග පෞද්ගලිකව පැවසු කරුණු අනුව, එනට පෙර උඩවලව හෝටලයක් විවෘත කරන ලද අවස්ථාවේ හා ඉන්දියාවේ සංචි පුජාභුමියෙදී ඔබතුමා හදිසියේ මා සමග කියන ලද කරුණු අනුව ඔබතුමාද මා පිලිබඳ එවැනි මතයක සිටින බව මට ඉතා පැහැදිලි විය.

ඔබගේ රජය අස්ථාවර කිරීමට හා පෙරලීමට මා විසින් කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බවට ඔබට ඒත්තු ගැන්වෙන පරිදි නිතර නිතර ඔබ හමුවී අදහස් ප්‍රකාශ කිරීමටත්, මාධ්‍ය මගින් එවැනි පරිසරයක් කෘතිමව නිර්මාණය කිරීමට මාධ්‍ය මෙහෙයුමක් සිදු කිරීමටත් ඉන් අනතුරුව මා අත්අඩංගුවට ගැනීමට යම් සිද්ධියක් පදනම් කර ගැනීමටත් යම් කුමන්ත්‍රණ සිදුවන බව ලැබී ඇති තොරතුරු අනුව මට පැහැදිලිය.

1989 පරිගණක ඉංජිනේරු උපාධිධාරියකු ලෙස සුදුසුකම් ලැබූ මා හට ගෞරවනීය ලෙස විදේශ ගතවී කටයුතු කල හැකි අවස්ථා අතහැර මා මගේ රටට පැමිණියේ රටට ඇති ආදරය නිසාය. වසර 20 ක් තිස්සේ රටේ පාසල් පද්ධතියට පරිගණක විෂය හඳුන්වා දීමට ගනු ලැබූ උත්සාහයන් අසාර්ථක වූ අවස්ථාවක 2001 දී ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියට තොරතුරු තාක්ෂණ විෂය හඳුන්වා දීමට ජාතික ප්‍රතිපත්තිය සකස්කරමින් නායකත්වය දුන් මා කිසිදු දේශපාලන පක්ෂයක හෝ නායකයකු ගේ ගැතියකු නොවේ. මා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, චන්ද්‍රිකා කුමාරණතුංග මැතිනිය හා ඔබතුමාද ඇතුළුව බොහෝ දේශපාලකයින් සමග කටයුතු කලේ ශ්‍රී ලංකාව තුල තොරතුරු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මිස දේශපාලන අරමුණකින් නොවේ. චන්ද්‍රිකා රජයේ උපදේශකයකු ලෙස කටයුතු කරන විට විපක්ෂයේ සිටි ජනතා විමුක්ති පෙරමුණේ “රට හදන පස් අවුරුදු සැලැස්මට” තොරතුරු තාක්ෂණය පිලිබඳ පිටු දෙකක් ලියා දුන්නේ එවකට පළාත් සභා මන්ත්‍රීවරයකු වූ විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් නිසා ඒ පිලිබඳ ප්‍රසිද්ධියේ පෙනී සිටිමිනි. මම මෙම කටයුතු බොහොමයක් කලේ ප්‍රසිද්ධියේ මිස හැංගි හොරා නොවේ.

 

දැන් ඔබතුමා ළඟ සිටින බොහෝ දෙනා ඔබ සමග ප්‍රසිද්ධියේ හමුවීමට පවා බිය වූ 2003 දී මා ඔබගේ වෙබ් අඩවිය සාදා දීමට උපකාර කර එය දියත් කිරීම් කල දිනයේදී ප්‍රධාන කතාව කලේ ප්‍රසිද්ධියේ ය. 2003 දී මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි වැටුප් හා වරප්‍රසාද ලබමින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ රජයේ ආයතනයක වැඩ කල මට විපක්ෂ නායක වරයා වූ ඔබගේ වෙබ් අඩවිය විවෘත කිරීමට බියක් නොතිබුණි. එහිදී ද මා කතා කලේ තොරතුරු තාක්ෂණයෙන් ප්‍රජාතන්ත්‍රවාදය සවි බල ගැන්වීම පිලිබඳ වය. එහෙත් 2005 දී ඔබතුමා ජනාධිපති වූ විගස ඔබගේ නිලධාරීන් කටයුතු කලේ එම රැකියාවෙන් ඉවත්වන තැනට මට හිරිහැර කිරීමය. එමෙන්ම 2013 දී මා බොදු බල සේනා ආරම්භ කිරීමට මුලික වීම තුල නැවත මගේ රජයේ තනතුරින් ඉවත්වීමට බලපෑම් කලේද එම කණ්ඩායම්ය. මා මේ තනතුරු හැමවිටම දැරුවේ මගේ සුදුසුකම හා දක්ෂකම් නිසා බැවින් මෙම තනතුරු හා වරප්‍රසාද වලට වඩා මගේ වෘත්තීය භාවය ආරක්ෂා කිරීමට තනතුරු වලින් ඉවත්වීමට කොන්දක් තිබීම ගැන සතුටු වෙමි.

මම දිනපතාම මරණානුස්සතිය කරනු ලබන ඕනෑම මොහොතක මරණයට සුදානම් පුද්ගලයෙකි. හැකි ඉක්මනින් මේ සසර අවසන් කිරීමට මම කැමතිය. බොහෝ දේ අල්ලා ගෙන බදා ගෙන සිටින බොහෝ දෙනාට ඒවා අත්හැරීමට දුෂ්කර වුවද බොහෝ දේ අතහැරීමට පුරුදු පුහුණු වී ඇති මා හට ඊ ළඟ ආත්මයක සැප විදීම්ටද එතරම් ආශාවක් ද නැත.

මෙවැනි තත්වයක් තුල මගේ ජීවිතය නැතිවීම පිලිබඳ මට එතරම් කණගාටුවක් නොමැත. එහෙත් මා කිසිදු ආකාරයකින් සම්බන්දතාවයක් නැති විදේශ කුමන්ත්‍රණයක් හා රජය පෙරලීමේ සැලැස්මක් පිලිබඳ මා සම්බන්ද කොට ප්‍රබන්ධ ගොතා “සත්‍ය තොරතුරු වෙනුවට ඔබතුමා සතුටු වන තොරතුරු නිර්මාණය” කිරීමෙන් රටට වන හානිය ගැන කනගාටුය.

කෙසේ වෙතත් මෙම ප්‍රචාරාත්මක පරිසරය තුල ඔබද, රජයද, රටද අස්ථාවර කිරීමට අපව විනාශ කිරීමට යම් කණ්ඩායම් ගෙනයනු ලබන කුමන්ත්‍රණ ගැන ඔබතුමා දැනුවත් කිරීම මෙම ලිපියේ එක් අරමුණකි. එමෙන්ම විවිධ රාජ්‍ය විරෝධී කණ්ඩායම්ද මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගත හැක.

 

දෙවන අරමුණ වනුයේ මෙම කුමන්ත්‍රණයට හසු කිරීමට අපේක්ෂිත අප සංවිධානයේ මහා ලේකම් රාජකීය පණ්ඩිත පුජ්‍ය ගලගොඩඅත්තේ ඤානසාර හිමිට හා මගේ ජීවිතයට සිදු විය හැකි හානි පිලිබඳ වගකීම රජය හා ඔබ විසින් භාරගතයුතු බව දැනුම් දීමය.
 

තෙවන අරමුණ වනුයේ එවැනි තත්වයක් තුල මගේ ජීවිතයට හානියක් සිදු වුවහොත් මගේ පවුලේ හා දරුවන්ගේ වගකීම රජය හා ඔබ විසින් භාර ගත යුතු බවය දැනුම් දීමය.
 

බොදු බල සේනා සංවිධානය හෝ මම කිසිදු විටක රටේ කලබල ඇති කිරීමට හෝ රජයන් අස්ථාවර කිරීමට කටයුතු නොකර ඇති අතර ඒ සම්බන්ධව කිසිදු රටකින් අරමුදල් ලබා ගෙන නැත. බොදු බල සේනා හැමවිටම ක්‍රියාකර ඇත්තේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුල වන අතර “ගෝලීය බලවේග හමුවේ සුළුතරයක් වී විවිධ තර්ජන වලට ලක් වී ඇති සිංහලයන්ගේ හා බෞද්ධයින්ගේ” අයිතිවාසිකම ගැන කතා කිරීම “ජාතිවාදයක් හා ත්‍රස්තවාදයක්” කරනු ලබන එළිමහන් සිරකඳවුරක අපට ජීවත්වීමට සිදුවීම ඉතාමත්ම කණගාටුදායකය.
 

අපි වසර දෙකක් තුල අයුක්තියට අසාධාරණයට එරෙහිව අප විසින් කරනු ලැබූ නිවැරදි අරගලය කුමන්ත්‍රණයක් ලෙස හංවඩු ගසන මුදලට බලයට යටවූ සිවිල් සමාජ නායකයින් හා ඊනියා මාධ්‍ය කටයුතු කරන කෘර සමාජයක අපට ජීවත්වීමට සිදුවීමද කනගාටුවකි. අප කරනු ලැබූ සියලු අරගල සත්‍ය කරුණු පදනම් කොට ඉතා පිලිවෙලින් හා ඉවසීමෙන් කල බව පැහැදිලිව ප්‍රකශ කරනු ලබන අතර අනාගතයේ යම් දිනක ජනතාවට සත්‍ය තේරුම් යනු ඇත.
 

යම් අන්තවාදී සංවිධාන විසින් නැගෙනහිර පළාතේ බෞද්ධ පුරාවස්තු වන ඉපැරණි දාගැබ ඩෝසර් වෙද්දී, ජාතික පරිසර පද්ධතිය විනාශ කරද්දී, , අන්තවාදී මුලධර්මවාදී කණඩායම් ත්‍රස්තවාදයට මග හෙළි කරද්දී, අධිකරණය, අධ්‍යාපනය, ආර්ථිකය, දේශීය අහාර පද්ධතිය ඇතුළු සියලු ක්ෂේත්‍ර වලට අන්තවාදී මුලධර්මවාදී බලපෑම් සිදු වෙද්දී එම කටයුතු පිලිබඳ ඉතා ඉවසීමෙන් කරුණු ඉදිරිපත්කරද්දී විසදුම් නොලැබෙන විටක ඒ පිලිබඳ ජනතාව දැනුවත් කිරීම කුමන්ත්‍රණයක් ලෙස ප්‍රකාශ කිරීම කනගටුදායකයක තත්වයකි.
 

ඔබේ ආණ්ඩුකාරවරයකු ‘ගව ඝාතනය පින්කමක්” ලෙස රාජ්‍ය මට්ටමින් නිර්වචනය කොට ප්‍රවර්ධනය කරද්දී, යම් අන්තවාදී සංවිධාන විසින් “ත්‍රිවිධරත්නය මැණික් ගල් තුනකට නිර්වචනය කොට, එම ගල් වල සරණ පතන පුද්ගලයින් ලෙස බෞද්ධයින් හාස්‍යට ලක් කොට, බුදුන් වහන්සේ මිනි මස් කෑ පුද්ගලයකු කොට , උන්වහන්සේගේ දැනුම උපහාසයට ලක් කොට රටපුරා ප්‍රසිද්ධියේ සීඩී තැටි බෙදන විට” , එය ඉන්ටර්නෙට් ඔස්සේ ප්‍රචාරය කර බෞද්ධයින්ට අභියෝග කරද්දී” එම කටයුතු වසරක් තුල සිදු වෙද්දී වගකිව යුතු පාර්ශව කිසිදු පියවරක් නොගද්දී - රටේ ව්‍යවස්ථාවේ පරිදි බුදු දහම සුරැකීමට, පරිසරය සුරැකීමට බොදු බල සේනා නිර්භයව කටයුතු කරද්දී අපගේ කටයුතු විදේශ කුමන්ත්‍රණ ලෙස සැක කිරීම බොදු බල සේනාවේ පමණක් නොව, ඔබගේද, රජයේද, ජාතියේමද, රටේමද අවාසනාවක් ලෙස මට සිතේ.
 

කෙසේ වුවද නිවැරදිව, සත්‍යවාදීව හා යුක්තිගරුකව කටුතුකරන අපව හා අපගේ වැඩපිළිවෙල ස්වභාව ධර්මය හා ලෝක යුක්තිය අපව හා අපගේ ව්‍යාපාරය ආරක්ෂා කරන බව විද්‍යාත්මකය.
බුදු දහම පරපුරෙන් සුරැකීමට අප ගනු ලබන උත්සාහය සාර්ථක වේවා!

ස්තුතියි,
මෙයට හිතවත්

දිලන්ත විතානගේ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. සාදු කියන්න පින්වත ( අඩෝ මේක කිවල ඉවරනම් සාදු කියපන් ඩෝ .......!!!)

    ReplyDelete
    Replies
    1. ජැක්සන්April 19, 2014 at 10:56 PM

      ජිහාඩ් ,තව්හිඩ් ජමාත්,තම්බි,හම්බ,මුස්ලිම්,ඉස්ලාම්,අල්හා දෙවියන්,නො ලිමිට්,තම්බි කඩ ,ගෝනි බිල්ලෝ ‍

      ෂුවර් මේ සෙට් එකේ වැඩක්....

      අපේ සිංහල බෞද්ධ දිලන්තට ආවඩා ආයු බෝ‍ වේවා!

      Delete
    2. හා...හා ...පින්වත කලබල වෙන්න එපා. අපිත් කියන්නේ එකමයි ඩිලන්තට සුදු වැන් නොපෙනී තව ලියුම් ලියන්න හැකියාව ලැබේවා.

      Delete
    3. 'කෙසේ වෙතත්, ඔහුට ජීවිත ආරක්ෂාව දිය යුතු ය. එහෙත්, බොද් බල සේනාව විසින් කර තිබෙන මානව හිමිකම් උල්ලංඝනයන්, ජාතිවාදය ඇවිස්සීම් හා වාර්ගික හා ආගමික ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීම නම් අත්‍යවශ්‍ය ය. '

      එතකොට අජිත් පැරකුම්, ඔහෙලා ඒ කාලේ කරපු මිනීමැරුම්/මනුෂ්‍යත්වයට එරහි අපරාධ ගැන පරීක්ෂණ පවත්වන්න ඔනි නැද්ද? 89 කාලේ අපි දැක්කනේ ඔහෙලා කරපු අපරාධ.

      Delete
    4. මොකද වීරවිල කඳවුරේ පැරකුම්ලා රදවන් හිටියට ඒවාට හරි හමන් පරීක්ෂණයක් පවත්වලා දඩුවම් ලැබුනේ නෑනේ. දැන්හරි ඔහෙලා කරපු අපරාධ වලට දඩුවම් දුන්නා නම් නිරපරාදේ මැරුණු උදවියට සැනසීමක් ලැබෙයි.

      Delete
    5. අවුරුදු ගණන් රඳවාගෙන කරපු පරීක්ෂණ කෝ? අපි එදාත් අහපු ප්‍රශ්නය ඒක තමයි. අපි වැරදි කළා ය කියමුකෝ. ඇයි අපට සාධාරණ නඩු විභාගයකට අවස්ථාව නො දුන්නේ?

      ඒ නිසායි අපි කියන්නේ, දිලන්ත විතානගේට ඒ අවස්ථාව ලැබිය යුතුයි කියලා.

      Delete
    6. පැරාට 87/89 අපරාධ ගැන චෝදනා කරන්න කාටවත් බෑ. පුනරුත්ථාපනය කියන්නෙ දඩුවමක් තමයි. පැරා මොන වරද කළත් ඔහු ඒවාට සදාකල් විදවිය යුතු නෑ. දැන් ඔහු රටට ප්‍රයෝජනවත් පුරවැසියෙක්. ඔහුට ඒ විදියට ඉන්න දෙන්න. කරුණල,පිල්ලෙයාන් ල, කේපීල, බලුවංශල පුනරුත්ථාපනය නොවීත් හොදට ඉන්නෙ.ඇයි පැරාට විතරක් අමුතු නීතියක්.
      ඔහොම තර්ක කරන්න ගියොත් ත්‍රස්තවාදියෙකුට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න කවදාවත් බැරි වෙනවා.
      ආයෙ පැරාකැලේට තල්ලු කරන්නද හිතා ඉන්නෙ.
      එදා කැලේ හිටියෙ තාක්ෂණය නොදන්න නිකම්ම නිකම් පැරා
      අද තාක්ෂනය දන්න පැරා
      තුන් වැනි කැරැල්ල සයිබර් යුද්ධයක් වෙයි. පැරාට බයවෙන්න කියනව නොවෙයි. ඒත් ඔහුව අඩුවෙන් තක්සේරු කරන්න එපා. මොකද ඔහු ටෙක්නොලොජි දන්නව
      පැරා කැලේට ගියොත් කාටවත්ම බ්ලොග් ලියන්න බැරි වෙයි. මේක විහිලුවක් නොවේ

      Delete
    7. මම ඇනෝගේ අදහසට සීයට සීයක් එකඟයි. 71දී පුනරුථ්තාපනය වුනු සමහරු අද නොයෙකුත් මතවාදයන්වල ඉන්නවා. 89 කියන්නෙත් තවත් එක් හරි හෝ වැරදි අරගලයක්. ඒ ගැන නොයෙකුත් මතයන් තියෙනවා. මේ විදිහට කියන්න ගියොත් කිසිම දවසක අයුක්තියට එරෙහිව කිසිම අරගලයක් කරන්න බැරිවෙයි. වැරදි නම් වැරද්ද විමසා සිටිය යුතුයි. එහෙම නැතිව ඕනෑම දේශපාලන සාකච්ඡාවකදි 89 ගඩොලෙන් මූණට දමලා ගහනා එක බංකොලොත් කමක් විතරක් නෙමේ..අනියත බිය ගැන්වීමක්. ඒක ඕනෑම අරගලයකට සහභාගිවූ අයට වලංගුයි. කොටියාට පවා. අමතක කරන්න එපා ලෝකයෙ බොහෝ අරගල සිදුවුනා. අපරාධයට දඬුවම් නියම කරන්නේ පාරේ පේමන්ට් එකේ නෙමේ. ඔතනින් පිට පැන්නාම තමයි අවනීතිය එලිදකින්නේ.

      Delete
    8. ඔවු අරූ මේ පුද්ගලයට විතරක් නොවෙයි 87/89 කතා කාටවත්ම කියන්න බැහැ. මම ජවිපෙට හා ඔවුන්ගෙ මතවාදය හා එකඟ නැති කෙනෙක්. ඒත් මේ තත්වය යටතේ ඔවුන්ටත් කිසිම ධනාත්මක දෙයක් මේ වටපිටාව ඇතුලෙ කරන්න බැහැනෙ. ජවිපෙ හොරකමක් එළිකරන්න කට ඇරියත් මොකෙක් හරි එකෙක් ඇවිත් 87/89 කියල බෙරිහන් දෙනව. මේක මාර මගුලක්නෙ.

      ජවිපෙ වගේම මේ ඇඩ්මින්වරයාත් සමාජයට අද ලොකු මෙහෙවරක් කරනව.ඒක ලඝු කරන්න බැහැ.

      Delete
    9. අද බොහෝ අය ට්‍රයි කරන්නේ හඬ නගන තැන් මඩවලින් යටපත් කරන්න. අද ඕනෑම වේදිකාවක පේන්නේ ඒකනේ. මට ජවිපෙ, පෙරටුගාමි අය සමගත් විවේචන සහ විචාර තියෙනවා. නමුත් ඔවුන් මේ බහුභූත දේශපාලන කරළියේ මහජනතාව සහ රාජ්‍ය වෙනුවෙන් ඉතා ඉහල මැදිහත්වීමක් කරනවා. ඒ මැදිහත්වීම අගය කර ඔවුන් දිරිමත් කරනවා හැරෙන්න ...දැන් වෙන්නේ අපංබ්‍රංස මැද හිස් සිමෙන්ති බ්ලොක් (බ්ලොග්ස් නෙමේ .වරදවා තේරුම් ගන්න එපා) ගල් වලින් සංවාද එහා මෙහා කරලා කණපිට හරවනවා. අන්තිමට ලියපු එකා සහ කියපු එකා වැරදියි .

      Delete
    10. 5.04 ඇනෝ....ඔන්න ඔහොමනේ බන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් මතවාද හා සමගම සමාජ ජීවිතය ගෙනියන්න ඕන.

      Delete
  2. ආනන්තරීය පාප කර්ම කියලා කොටසකුත් තියෙනවලු නේ..

    ReplyDelete
    Replies
    1. දැනුයි හරි එක ආවේ... දිඨ්ඨ ධම්ම වේදනීය....

      Delete
    2. මට ඔය මහ්ප්පරාණ සඟිස්කුරුත නං දැනුං තේරුං මදි..
      අපි කියන්නෙ ඕකට "ඉල්ලන් කනවා" කියල :D
      ඕ යේස් !!

      Delete
    3. මේ එක නෙමෙයි ඇයි ඔයා අන්තිමට 'ඕ යේස් !!' කියන්නේ. කවුරුහරි මොනවහරි කරන ගනමන්ද ඔයා කොමෙන්ට් කොටන්නේ. අපි ලගදී බලපු වැලක කෙල්ල කැගැහුවෙත් 'ඕ යේස් !.., 'ඕ යේස් !..' කියල.

      Delete
    4. කියල දෙන්නං වස්තුවේ .. හැබැ‍යි කියල දෙද්දි හයියෙන් ඕ යේස් ඕ යේස් ගාන්ඩ ඔට්ටු නෑ .. !!!!
      කැමතිද ??? :D

      Delete
    5. එතකොට මාතලන්ලා කරපු දිඨ්ඨ ධම්ම වේදනීය පාප කර්ම ගැන මොකෝ හිතන්නේ?

      Delete
    6. අපි නම් එහෙම ඒවා කරලා නෑ. ඒත් සමහර අය නම් එහෙම කරලා තියෙන බව මෙතනත් ඔය කතා වෙන්නේ.

      Delete
    7. හලෝ පුකේ ලින්ක්, චි..චි.. ඔය පොඩි පොඩි දේවල් වලට කලිසම ගලවන්න යන්න එපා. පවු නොදරුවා පොඩි කාලේ සෑහෙන අතවරයකට ලක්වෙලා තියන හැඩයි.

      Delete
    8. හා මචං ..මෙන්න රුපියල් පහ ..දැන් යන්න. උම්මා !!!

      Delete
    9. චැ .... මචං උඹ කලිසම ගැලෙව්වේ රුපියල් පහකටද ? කිව්වත් වගේ බාල අපරාද කෙස් එකක් වගේ !

      Delete
    10. මාතලන් ඔයා?? අම්ම හිතුවේ ඔහේ ආගම ධර්මය ගන විශ්වාස කරන්නේ නැති පොරක් කියලා. එහෙම එකෙක් මෙ පාප කර්ම ගැන කතා කරන්නේ. ඉස්සර රාජ් මෙ ගැන ලියලා තිබුනා හොද පොස්ටුවක්. (මාතලන්ලා බ්ලොග් අවකාශයට ඇවිත් ජංගියේ චු කර කර ඉන්න කාලේ)

      Delete
    11. ප්රුෆ් රීඩින් පුකේ ලින්ක් එන්න.....උඩ කොමෙන්ට් එකේ අකුරු අඩුයි කියල යන්න!

      Delete
  3. බට කැලේට ගිනි තබා නිවන්නට චූ කිරීම කියන්නේ මේකට තමයි

    ReplyDelete
  4. This is the most important bit -
    " බොදු බල සේනාව සිය අති ධාවනකාරී බල දේශපාලන උපායමාර්ගයන් තුළ පාලක පවුලේ විභේදනයන් අැති කරන්නට යාම ඇත්තෙන් ම දැළි පිහියෙන් කිරි කෑමක් විය. දැන් ඔවුන් භුක්ති විඳින්නේ එහි ආදීනව විය හැකි ය. "

    https://www.youtube.com/watch?feature=player_embedded&v=T3wb4t4DK08

    ReplyDelete
  5. Gnanasara criticized Basil Rajapaksa soon after the incident in Hotel Nippon recently, this would have been the likely cause for all this.

    BBS should know what Rajapaksa's expect from them and stick to that, rather than trying to explore how much potential they have.

    Rajapaksa's would soon apply "condom" theory to BBS.

    ReplyDelete
  6. සබ්බේ තසන්ති දණ්ඩස්ස
    සබ්බේ භායන්ති මච්ඡුනෝ

    යනුවෙන් දහමෙයි දක්වනුයේ සියලු සත්වයන් දඬුවමට හා මරණයට බිය බවයි.

    ReplyDelete
  7. ඔය 88/89 භීෂණ සමයේ සමහරු කරපු දේවල් වල හැටියට බොදු බල සේනාව කරලා තියෙන මානව හිමිකම් උල්ලංගණයන් මොනාද?

    බොදු බල සේනාව ගැන පරීක්ෂණ පවත්වන එක හොදයි. හැබැයි ඒ වගේම භීෂණ සමයේ මිනි මරලා දැන් මහලොකු සුදනෝ වෙලා, ආණ්ඩුවේ රස්සාත් අරං හැම දේම විවේචනය කර කර ඉන්න අය ගැනත් පරීක්ෂණ පවත්වන්න ඕනි. භීෂණ සමයේ කරපු අපරාද ගැන සැබෑ පරීක්ෂණයක් පවත්වලා ඒ මිනීමරුවන්ට දඩුවම් දීමට පැරා විරුද්ධද?

    (පුළුවන් නං කොමෙන්ට් ඩිලීට් කරන්න. අනුන්ගේ වැරදි හොයන පැරාගේ භාවිතාව ගැන ප්‍රශ්න කෙරුවම පැරාට කරන්න පුළුවන් ඒවායින් පැනලා ගිහින් කොමෙන්ට් ඩිලීට් කරන එක.)

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ රස්සා කිව්වේ ඒවාට පඩි ගෙවන්නේ මැදමුලන පොල් වත්තෙන් ලැබෙන අදායමෙන්ද ? එතකොට 88/89 කලේ මිනිමරපු විමල් වීරවංස ලක්ෂ ගණන් ලයිට් බිල් අපේ සල්ලි වලින් ගෙවන එක කමක් නැද්ද ?

      Delete
    2. 1988, 89 කාලය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීම ගැන අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. එතකොට අපටත් පුළුවන් අවුරුදු ගණන් අපව වධකාගාරවල රඳවාගෙන හිටිද්දී දැකපු දේ ගැන සාක්කි දෙන්න. අපි එදා ඉඳන් ම ඉල්ලුවේ සාධාරණ පරීක්ෂණයක් තමයි. අපට නො ලැබුණේත් ඒක ම තමයි.

      Delete
    3. පැරා ඔබ ඒ කාලෙ කළ දේවල් වල ලැයිස්තුවක් දමන්න. එතකොට මුන්ගෙ කටවල් වැහෙයිනෙ.නැතිනම් අනික් එවුන් කළ දේවලුත් ඔබේ පිට යනවා. මෙන්න මං කළේ මෙච්චරයි ඒවට මම පුනරුත්ථාපනය වුනා කතාව ඉවරයි

      Delete
    4. # AnonymousApril 20, 2014 at 4:11 PM

      එහෙමයි සෑර්. සෑර්ගේ පුක සුදුද? (පුක යනු කුනුහරුපයක් නොවේ- කකා)

      Delete
    5. AnonymousApril 20, 2014 at 9:01 AM කොමෙන්ටුවේ ගූතලන් ගඳ එන්නේ ඇයි

      Delete
  8. අජිත් පැරකුම් යන්නේ නැද්ද සයිබර් අවුරුදු උළෙලට? අද තමයි දවස. ගිහින් කඹ අදින්න. දින්නොත් මීමුරේ ටුවර් එකක්.

    ReplyDelete
  9. කොහොම වුනත්,වැඩිකල් නොගොස් නානසාරල එයාලගෙම සුදු වැන් වලින් ඉල්ලගෙන කන බව අපි නම් දැනගෙන හිටියා.

    ReplyDelete
    Replies
    1. වැඩේ තියෙන්නෙ මිත්‍රයා..ඒ ඉල්ලගෙන කෑම කෑවත් නැතත් ඒ වෙනකොට කල හැකිව තියෙන ඩැමේජ් එක නම් ඉර් රිවර්සිබල්.

      මට නම් හිතෙන්නේ ඩිලන්තට හුලාගෙ ඉරනම අයිති වෙන්නත් බැරි නැහැ! ඒ කියන්නේ කවුන්ටර් ඇටෑක් දෙන්නෙ නැතුව හිටියොත්, තානාපති සේවය වගේ එකක් ශුවර්

      - Dimithri

      Delete
  10. "කරන කලට පව් මිහිරිය මී සේ
    විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ"

    ReplyDelete
    Replies
    1. hariyata hari
      mewa kiyala thiyenne kata kahanawata newene

      Delete
  11. මේ දේවල් වලින් පේන්නෙ අල්ලා දෙවියන්ගෙ බලය තමයි. මුස්ලිම් වරුන්ට එරෙහි උද්ඝෝෂන කරපු එක හාමුදුරුනමකට ගින්නෙන් දඩුවම් ලැබුනා. ගින්නෙන් දඩුවම් දීම අල්ලා දෙවියන්ගෙ ක්‍රමයක්.

    ReplyDelete
    Replies
    1. මෙන්න බොලේ දිලන්ත ඇනො කොමෙන්ට් දානවා. ලොවෙත් නෑ !

      Delete
  12. ඥානසාර කියන්නෙ මර්වින් වගේම ගොඩ නගපු චරිතයක් විතරයි. උසි උසි කියපුවම පනිනව. හැබැයි මේ ලඟදි පාලක පවුලෙ විභේදන ඇති කරන්න ගියාම නම් මටත් හිතුන අද හෙටම වැඩේ කොස් දෙල් වල් දෙල් වෙයි කියල. ඒ මිනිස්සු එක පවුලෙ අය උන් සමඟියි .මැද්දට පනින පිට මිනිහ අන්තිමට වැරදිකාරය. මෙහෙමත් ගොන් හැත්ත.දිලන්තය දැනටම වෙවුලල .ඥානසාරලත් දැන් ගානසාරල වෙලා ඇති. ඇට නැති පරිප්පුව පස්සෙන් ආපු සාමනේරයො ටිකයි ෆේස්බුක් ශෙයා කරපු කොල්ලො කුරුට්ටො ටිකයි කෑවොත් තමයි ලස්සන.
    පොලිස් ප්‍රකාශකය කියයිද දන්නෙ නෑ ෆේස්බුක් හරහා ජාතිවාදාය වපුරමින් ඥානසාර හා දිලන්ත වැනි අය නොමඟ යවමින් ක්‍රියාත්මක වූ දුප්පත් කොල්ලො ටිකක් හා සාමනේරයො ටිකක් පස්සෙ විශේෂ බල ඇණි කිහිපයක්ම පන්නනව කියල.

    87/89 ත් ඕක වුනේ. මහ හාමුදුරුවරු ඉස්සරහට ආවෙ පළමු වෙඩිල්ල මට තබන්න කියාගෙන. සාමනේරයො කොල්ලො කුරුට්ටො ගියෙ උන් පස්සෙ .අන්තිමට සාමනේරයො කොල්ලො කුරුට්ටො ටික ටයර් උඩ ගියා.අර ලොකු හාමුදුරුවරු තමන් පිටිපස්සෙ ආපු සාමනේරයො කොල්ලො කුරුට්ටන්ගෙ ලිස්ට් පොලීසියට ආමි එකට දුන්න. දැන් සාමය උදාවුනහම ආයෙ බැරි එවුන් ඉස්සරහට දාල පොදු අපේක්ෂකයො වෙන්න යනව.
    බුකියෙ ඉන්න කී බෝඩ් වීරයො 87/89 දේවල් දන්නෙ නෑ. උන් ඉපදිලා තියෙන්නෙ පස්සෙ. උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    " මෝඩයනේ අන්තිමට උඹලට ඉන්නෙ උඹලගෙ දෙමවුපියොයි සහෝදරයොයි විතරයි. හම්බයන්ට දෙමළුන්ට බැනල වීරයො වෙන උඹල අතුරුදහන් වූවන්ගෙ ලැයිස්ටුවට ගියොත් පොලීසි ආමි කෑම්ප් වලට දුවන්න ඉන්නෙ උඹලගෙ දුප්පත් අම්මල.
    මෝඩයනේ උඹලට කොහෙද ජාතියක්.ජාතිය තියෙන්නෙ ලොකු ලොක්කන්ට. දැන් සැප විදින්නෙත් උන් නෙ. හම්බයන්ට කෙළවුනත් ඇත්තටම කෙළවෙන්නෙ දුප්පත් හමබයන්ට. දෙමළුන්ටත් එහෙමයි.
    ජාතිය බේර ගන්න ඕන නම් සිංහල ධනපතියොයි මුස්ලිම් ධනපතියොයි ඒක බලාගනීවි.කායික මානසික ශ්‍රමය විකුනල ජීවත් වෙන කම්කරු අපට මොන ජාති ආගම්ද මලේ නගේ

    බිදුනු වැව සිද්ධිය දැක්ක නේද? ජාත්‍යාන්තර පීඩනය ආපු වෙලාවෙ තව පොඩ්ඩෙන් දුප්පත් ගැමියො ටික එල්ලුම්ගස් යනව.

    ReplyDelete
    Replies
    1. යථාර්තය සරලව

      Delete
    2. ++++++++++++++

      Delete
    3. AnonymousApril 20, 2014 at 6:47 PM

      - - - - - - -

      Delete
    4. //මෝඩයනේ උඹලට කොහෙද ජාතියක්.ජාතිය තියෙන්නෙ ලොකු ලොක්කන්ට. දැන් සැප විදින්නෙත් උන් නෙ. හම්බයන්ට කෙළවුනත් ඇත්තටම කෙළවෙන්නෙ දුප්පත් හමබයන්ට. දෙමළුන්ටත් එහෙමයි.
      ජාතිය බේර ගන්න ඕන නම් සිංහල ධනපතියොයි මුස්ලිම් ධනපතියොයි ඒක බලාගනීවි.කායික මානසික ශ්‍රමය විකුනල ජීවත් වෙන කම්කරු අපට මොන ජාති ආගම්ද මලේ නගේ//
      This is the truth, where the most of the juniors cannot understand.
      well said comrade!!
      Clement Peris

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා