බොදු බල සේනාව ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගත් ලැයිස්තුවේ එජාපය හා ජවිපෙත්

බොදු බල සේනා කියන්නේ ඇත්තෙන් ම ත්‍රස්ත සංවිධානයක්. ඔවුන් නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව මොබ් ප්‍රචණ්ඩත්වය එල්ල කරන ආකාරය පිළිබඳ මාධ්‍ය ආවරණ ඕනෑ තරම් සිදු වී තිබෙනවා. එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වෙන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, එය ආණ්ඩුවට සම්බන්ධ වීම නිසා හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද පවතින ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා නිසායි.

ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණ කරන හා තොරතුරු බෙදා දෙන පිළිගත් මූලාශ්‍රයක් වන Terrorism Research and Analysis Consortium (TRAC) විසින් බොදු බල සේනා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් බව ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

මෙම තොරතුරු මූලාශ්‍රය කෙතරම් නිවැරදි ද යත් එය විසින් එක්සත් ජාතික පක්ෂය ද දැනට අක්‍රිය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා.

එහි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් වීම ගැන පුදුම විය යුතු නැහැනේ. පිල්ලෙයන් නායකත්වය දෙන ටී.එම්.වී.පී. නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය‍ේ හවුල්කාර පක්ෂයත් එම ලැයිස්තුවේ තිබෙනවා.

සබැඳි පුරුක් සමග සම්පූර්ණ විස්තරය මෙතැනින්: Not only Bodu Bala Sena (BBS) but United National Party (UNP) also in Terrorism Research and Analysis Consortium (TRAC) list of terrorist groups


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Bodu bala senawa karana weda hodai namuth den rate janathawata theerum gihin thiyanawa budubalasenawa karanne ragapeemak bawa ...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා