ආගමික සංකේත පච්ච කොටන්නෝ හා පච්ච කොටාගත් අය පිටුවහල් කරන්නෝ

පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක නයෝමි කෝල්මන්
උරහිසේ බුදුරුවක් පච්ච කොටාගෙන සිටි සංචාරක කාන්තාවක් රටින් පිටුවහල් කරන ලදී. 

නිවෙස්වල බුද්ධ රූප ඇත. එහෙත්, ඒ බුද්ධ රූප යට සිටිමින් පස් පව් කරනු ද දැකිය හැකි ය.

කාර්යාල, කඩ, බස් ආදියේ ද බුද්ධ රූප ඉදිරියේ තබාගෙන වංචා, සොරකම්, දූෂණ‍, දුරාචාර, විෂමාචාර කරනු දක්නට හැකි ය. 

ඉස්සර නම්, කරේ එල්ලන ධර්ම චක්‍ර, බුද්ධ රූප සහිත මාල පෙති ආදිය ලංකාවේ පිංකම්පොළවල සල්පිල්හි විකුණන්නට තිබිණි.

තැන‍, නො තැන නො බලා හංදි හංදි ගානේ බුද්ධ රූප තැබීම නම් මෑත කාලයේ සිට සිදු වන දෙයකි. විශේෂයෙන් ම, පාරවල් සංවර්ධනය කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම වළක්වා ගැනීමට ද බුද්ධ රූප භාවිතා වී තිබේ. එසේම, අන්‍යාගමිකයන් සිටින ප්‍රදේශවල බෞද්ධ ආධිපත්‍යය සලකුණු කිරීමට ද අතන මෙතන බුද්ධ රූප තැන්පත් කරනු ලැබේ. 

බුදු රුව, බෝ කොළ, ධර්ම චක්‍රය, බුදු සරණයි, අම්මා බුදු වේවා වැනි වචන ආදිය පච්ච කොටා ගත් මිනිස්සු ලංකාවේදී ද අපට හමු වෙති. 

බුදු දහම වෙනත් ඇතැම් ආගම් මෙන් ජනයා මත ආධිපත්‍යය පතුරුවන ලද ආගමක් නොවේ. එහි තිබුණේ නිදහස් භාවිතාවකි.එසේම, බුදු හිමියන් යනු ලංකාවේ ආණ්ඩුවේ හෝ ආගමික සංවිධානවල දේපලක් ද නො වේ. ලෝක උරුමයක් වූ බුදු දහම එක් සංස්කෘතියකට තනිව හිමි කර ගන්නට බැරි ය. විවිධ සංස්කෘතීන්වල මිනිසුන් ආගම් අදහන්නේ විවිධ ආකාරවලට ය.

ආගම් නො අදහන්නෙකු වන මගේ දැක්මට අනුව නම් ආගමික සංකේත සිරුරේ පච්ච කොටා ගන්නෝ ද, එහෙම කළා ය කියා ඒ මිනිසුන් පිටුදකින්නෝ ද එක වල්ලේ පොල් ය. මේ පොල් මොන පොල් ද කියා තීරණය කර ගැනීම ඔබට භාර ය. මගේ අවංක අදහස කියන්නේ නැත්තේ එයින් ඒ මිනිසුන්ට අදහස් දැරීමේ ඔබේ නිදහසට මා ගරු කරන හෙයිනි.

අරාබියේ තිබෙන ආගමික අන්තව‍ාදයට එරෙහි වන අපි එහි පවතින දැඩි ආගමික නීතිවලින් ආභාසය ලබන්නට උත්සාහ නො කළ යුුතු ය. එහේ එහෙම කරන නිසා මෙහේත් අප එහෙම ම කළ යුතු යයි කරන තර්කය අතිශය ප්‍රතිගාමී ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. හරියට හරි. එක වල්ලෙ පොල්. නිකං නානසාරයි වටරැකයි වගේ

    ReplyDelete
    Replies
    1. මම දැක්කා මේ සිදුවීම ගැන ලන්ඩන් ටෙලිග්‍රාෆ් එකේ දාලා තිබුනා. එකේ කොමෙන්ට් වැටිලා තිබුනා 700 ක් විතර. ඒ කොමෙන්ට් ගොඩක් සුද්දෝ දාපුවා. ඒවායින් බහුතරය මේ කාන්තාව ආපසු හරවා යැවීම අනුමත කරලා තිබුනේ.
      මොකද යම්කිසි විදේශිකයෙක් ලංකාවට එනවා නං,මෙහෙ ඇති සවේදී කරනා ගැන දැනගන්න ඕනි.

      නිකන් පැරකුම් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. ටෙලිග්‍රාෆ් එකේ කොමෙන්ට් ටික බලලා එන්න.

      Delete
    2. රාජ්ට කටඋත්තර නැහැ වගේ.... උබල වගේ උන් ඉන්නකං අපි රට ගැන ජාතිය ගැන කොච්චර කෑගහුවත් වැඩක් නැහැ. මොකද උබලාගෙ පරම්පරාවල් සුද්දන්ට පිලිකන්නෙන් අල්ලපු උන් නිසා...

      Delete
    3. ඇනෝ ඩබල
      සුද්දො හත්සීයක් කමෙන්ටු දැමීම ඔහේලට ලොකු දෙයක් උනාට මට නං එහෙම නෑ. මොකද ඒ කමෙන්ටු දාන්නෙ සුද්දො, මොකටද? තමන්ගෙ මිනිස්සු (උං දකින විදියට) ම්ලේච්ඡයන්ගෙන් පරිස්සං වෙයල්ල කියන්නයි. උඹල යන්නෙ මේ වගේ තැනකට, ඔය විදියට යන්න එපා කියන සරළ කාරණයයි එතන තියෙන්නෙ.

      නමුත් අපිට එයා‍ලගෙ කෝනයෙන් බලන්න බෑ නේද? මේක තේරෙන්නෙ නැත්තං පොඩ්ඩක් හිතල බලන්න

      Delete
    4. @AnonymousApril 24, 2014 at 8:15 AM
      "මම දැක්කා මේ සිදුවීම ගැන ලන්ඩන් ටෙලිග්‍රාෆ් එකේ දාලා තිබුනා. එකේ කොමෙන්ට් වැටිලා තිබුනා 700 ක් විතර" - ඉතිං ඒකෙ ලින්ක් එකක් මෙතන දාන්නකෝ අපිටත් බලාගන්න.

      Delete
    5. BUDHDHA TATOO

      ජයශ්‍රී......ලන්ඩන් ටෙලිග්‍රාෆ් කියලා නම් පත්තරයක් නැහැ මගේ හිතේ. ඩේලි ටෙලිග්‍රාෆ් කියලා ජාතික පුවත් පතක් තියෙනවා. ඒ කොහොම වුනත් මාධ්‍ය මේ ගැන ලිව්වා. මේ තියෙන්නේ ලෝකල් (ඒ පලාතට සීමාවු ) පත්තරයක් වෙන Coventy Telegraph එක කියන හැටි.

      Delete
  2. මෙම කාන්තාවගේ බාහුවේ ඇති ටැටූ රුපය මෙරට අදාල බලධාරීන් විසින් කිනම් පදනමක් මත නිරීක්ෂණය කලේදැයි පැහැදිලි නැත. ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් වූකලී ගෞතම බුදුන් වහන්සේ පෙරටු කොටගත් අටවිසි බුදුවරයන් වහන්සේලා අදහන ථෙරවාදී බෞද්ධයන් සිටින රටකි. එහෙත් ඇයගේ බාහුවේ සිටින්නේ චීනය, ජපානය, මැලේසියාව, සහ තායිවානය වැනි රටවල් සහ යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මතු බුදු වෙතැයි අපේක්ෂාකරන එසේම විශ්වාස කරන "අමිතාභ" නම වූ බුදුන්වහන්සේගේ සේයාරුවකි. මෙරට බෞද්ධයන් අමිතාභ බුදුන් වහන්සේ අදහන්නේ නැත. අදහන පිරිස්ද ඉතාම අල්පය. ඒ අයද අමිතාභ බුදුන් වහන්සේ අදහන්නේ සියලු සැප සම්පත් සහ තමන් විශ්වාස කරන සිහින සැබෑ කර දෙන බුදුන් වහන්සේ වරයෙකු ලෙසිනි. ඒ නිසා අමිතාභ බුදුන්වහන්සේගේ සේයාරුවකින් ථෙරවාදී බැතිමතුන්ට අයහපත්ක වූවා යැයි සිතිය නොහැක. මෙයින් පෙනී යන්නේ ථෙරවාදී බුදු දහම අදහනවා යැයි විශ්වාස කරන මේ තකතීරු නිලධාරීන් පිරිස මහායාන බුදු දහම අදහන ආගමිකයන් බවයි. අමිතාභ බුදුන් වහන්සේ සහ ගෞතම බුදුන් වහන්සේ පිළිබඳ නොදැන සිටීම තුළ පැහැදිල් වන්නේ අප තවමත් අඩුම තරමේ තමන් අදහන ආගම පිළිබඳවත් හරි හැටි නොදන්නා බවයි.

    ReplyDelete
    Replies
    1. ඒ මනුස්සයා ඇත්තටම බෞද්ධ කෙනෙක්ද? අහුවුන නිසා කිව්වාද? ඔය කියන බුදු දහම අදහන කෙනෙක්ද ථෙරවාද බුදු දහම අදහන කෙනෙක්ද? පච්චය කොටන කෙනා හොයාගත්තු බුදු රූපයද? නැත්තං මෙයා අන්තර්ජාලයෙන් හොයලා පච්ච කාරයාට දුන්න රූපෙද? මේක එතැනම කෙටුවේ ඇයි? අපහාසයට නම් කොටන්නේ කොහොද? ඇයට බෞද්ධ සිද්ධස්ථාන වලට යාමට අවශ්‍යම නම් බලධාරීන් මහා සංඝරත්නයට දන්වා තීරණයක් නොගත්තේ ඇයි? ( මහානායක හිමියන්ට දැන්වූවානම් සමහර විට, වරද වටහාදී පච්චය සම්පූර්ණයෙන් වසාගෙන රටේතේ සිද්ධස්ථාන වලත් සංචාරයට ඉඩ දීමට තිබුනා.)

      එලවන්න කලියෙන් මේවා ගැන සොයන්න බලදාරීන්ට බැරිවුනා වගේම ඒ ගෑණූ මනුස්සයා කියපු තමා බෞද්ධ කතාව මුල් කරගෙන එලෙව්වාට පස්සේ ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට අපහාස කරන්න මේ පෝස්ට් ලියන අමන දෙමව්පියන්ට දාව උපන් අජිත් පැරකුම් හරකාට කියන්න වචන ටිකක් දීපල්ලාකෝ..

      ජේවීපී හොරු මිනීමරුවො ගැන ලියපන්කො වැඩ නැත්තං...

      Delete
    2. පැරකුමා ගොනා උප්පත්තියෙන්ම.. හරි පැරකුම් චැලේන්ජ් එක එ ගෑණු මනුස්සයාගේ කොහේ හරි ලිඛිත සාක්ෂියක් පෙන්නපං එයා බෞද්ධ බව පිලිගන්න?

      Delete
    3. අතේ ගහන කිඹුල්ලු විතරක් නෙවෙයි... අතේ ගහන බුදුවරුත් ඉන්නවා එහෙනම්!

      Delete
  3. මේ අමන ක්‍රියාවට විරෝධය දැක්වීමට දහස් ගණනින් ලාංකිකයන් තම සිරුරුවල බුද්ධ රූප පච්ච කොටා ගත යුතුය.

    ReplyDelete
    Replies
    1. කකා එහෙනම් පුකේ බුදු පච්චයක් කොටාගෙන පුක ප්‍රදර්ශනය වෙන විදියට කටුනායකින් එලියට එන්නකො. එතකොට නොමිලෙම පුකේ හිල ලොකු කරගන්න පුළුවන් තැනකට යවයි. බොරු පඩ ටෝක් නැතුව කටයි පුකයි වහගෙන ඔහෙටම වෙලා ඉන්නව හලෝ.

      Delete
    2. කකාගේ තට්ටේ පැලුනේ මාතර ගිය හින්දා නෙමෙයි. දෙවියෝ කෝප වෙලා.

      Delete
    3. අතේ ගහන කිඹුල්ලු විතරක් නෙවෙයි... අතේ ගහන බුදුවරුත් ඉන්නවා එහෙනම්!

      Delete
  4. ක්‍රියාව නං අමන තමා. එත් ඔය කියන ආකාරයේ ගොන් වැඩ කරන්න තරන් දිග අං කාටවත් ඇවිල්ල නෑ මගේ හිතේ

    ReplyDelete
  5. සුද්දෝ ජේසු, කුරුසය වහේ දේවලුත් ගහනවා පච්ච වල. පච්චේ තියෙන්නේ පුක වගේ තැනක නොවේ නම් එක අපහාසෙට කොටන එකක් නොවේ.ගරු කිරීමට හෝ නොදැනුවත්ව කොටපු දෙයක්. එක නිසා දෙගොල්ලොම එක ගොඩට දාන එක වැරදියි. ගරු කිරීමක් ලෙස බුදුරුව පච්චේට ගහපු කෙනෙක් වෙන්නත් පුළුවන් මේ එළවලා දැම්මේ. ලංකාවත් අරාබිය වගේ වෙනවා.

    මෙන්න බුදු රුවට අපාහාස කිරීම ගැන තවත් කතාවක්
    http://mahakalu.blogspot.com/2014/04/BuddhaHeadTable.html

    ReplyDelete
  6. http://lakafrance.blogspot.com/2014/04/tribute-to-kalum-b.html#comment-form

    ReplyDelete
  7. මුලන්ම මම කියන්න කැමතියි. මම ගොඩක් එකඟයි මේ ලිපිය ලියපු කෙනා ගැන. ඔහුට ආගමක් නැහැ කියල කියපු එක මම ඉතා ගරු කරනවා. මටත් ආගමක් නැහැ. කෙසේ නමුත් චතුරාර්‍ය සත්‍ය, කාලාම සුත්ත, සතිපට්ඨාන, විපස්සනා භාවනාව, ආනාපාන සති භාවනාව, පටිච්ච සමුපාදය යනු දේ අධ්‍යයනය කරන කොට/පිලිපදින කොට බුදු හාමුදුරුවන්ට මගේ තියන ගෞරවය අසීමිතයි.

    මමත් හිතනවා මේ කාන්තාව පිටුවහල් කරන්න අවශ්‍ය නැහැ කියල. පච්චය වහ ගෙන යන්න කියා අවවාද කරා නම් ඇති. දැන් බලන්න මේ කතාව ලෝකෙ වටේ යනවා. අපි අරාබි කාරයෝ වගේ කියයි. හරිම නෝණ්ඩියි. බුද්ධාගම කියන්නෙ නිදහස් ධර්‍මයක්. ඇත්තටම බුද්ධාගම කියන්නේ නිදහසේ අන්තය. මනසේ අලීම් වලිනුත් නිදහස් වීම. එක ජපන් හාමුදුරු නමක් ගේ අවවාදයක් වූයේ “ බුදු හාමුදුරුවන් පාරේ දැක්කොත් මරන්න!” ඉතිං අපේ කඩ්ඩ දාන අයියලා කලබල වෙන්න ඉස්සෙල්ලා මම මේකේ තේරුම කියන්නම්. මේ හාමුදුරු නම කීවේ භාවනාවේ දී/දුකින් මිදීමේ යන මාර්‍ගයේ දී බුදු හාමුදුරුවන්ට පවා ඇලීමක් ඇතිවුනොත් ඒ ඇලීමත් දුකට හේතුවක් නිසා ඒ ඇලීමත් අයින් කරන්න කියන එකයි.

    අපි බුදු හාමුදුරුවන්ගේ පිළිම වත් ඉස්සර තැනුවේ නැහැ. බුදු හාමුදුරුවන්ගේ පිළිම හැදීම බටහිරින් ආපු දෙයක් (අපි ඉස්සර පාද වැන්දෙ. ග්‍රීක ඇලිසැන්ඩර රජුගේ කාලයේ ග්‍රීක ආභාෂයෙන් තමයි පිළිම හදන්න පටන් ගත්තේ )

    කෙසේ නමුත් බුදු හාමුදුරුවන්ගේ පච්චයක් ඇගේ කොටන එක අපේ සංස්කෘතියට පටහැණි නැහැ. තායිලන්තයේ ලාඕසයේ ආදී අනිත් බෞද්ධ දම්ම තියන රටවල් වලත් මේක සංස්කෘතියට පටහැණියි නැහැ. අමතක කරන්න එපා බටහිර කට්ටියට තියනවා වගේ අපිටත් සංස්කෘතියක් භාෂාවක් තියනවා. අපට ආවේණික අපේ ගතියක් කියල එකක් තියනවා. අපි ඒවා ගැන ආඩම්බරයි (අප්සට් ගති ගැන නොවෙයි මේ කියන්නෙ). ඉතිං බුදු රාජා වහන්සේට අපි ගරු කරනවා. අපි මේ අපට දුකින් මිදෙන පාර පෙන්නපු කෙනා ව ඔලුව උඩින් තියන්නේ. ඒ අපේ හැටි. අපි කව දා වත් බුදු හාමුදුරුවන්ගේ රූපයේ පච්ච කොටන්නේ නැහැ. ඒ වගේ ම මම හිතන්න කැමතියි අපි නිදහස් උසස් මිනිස්සු කියලා. මේ බටහිරෙන් අපේ රටට ආපු අමුත්තා අපි මේ විදියට අරාබි රටක දේවවාදීන් සලකනවා වගේ සලකන එක වැරදියි. මේ කාන්තාවට හෙමින් අපේ සංස්කෘතිය කියල දීලා පච්චය රෙද්දෙන් වහ ගෙන යන්න කියා කරුණාවෙන් කීවා නම් කෙතරම් කීර්තියක් ද රටටයි බුද්ධාගමටයි.

    ReplyDelete
    Replies
    1. මම ලියපු එකේ ප්‍රශ්නයක් තියනවා. “පටහැනි නැහැ” නොවෙයි “පටහැනි යි” කියල ලියන්න ඕන වුනේ. මෙන්න මම අලුතින් ඒ ඡේදය හරියට ලියමි.
      කෙසේ නමුත් බුදු හාමුදුරුවන්ගේ පච්චයක් ඇගේ කොටන එක අපේ සංස්කෘතියට පටහැනි යි. තායිලන්තයේ ලාඕසයේ ආදී අනිත් බෞද්ධ දම්ම තියන රටවල් වලත් මේක සංස්කෘතියට පටහැනි යි. අමතක කරන්න එපා බටහිර කට්ටියට තියනවා වගේ අපටත් සංස්කෘතියක් භාෂාවක් තියනවා. අපට ආවේණික අපේ ගතියක් කියල එකක් තියනවා. අපි ඒවා ගැන ආඩම්බරයි (අප්සට් ගති ගැන නොවෙයි මේ කියන්නෙ). ඉතිං බුදු රාජා වහන්සේට අපි ගරු කරනවා. අපි මේ අපට දුකින් මිදෙන පාර පෙන්නපු කෙනා ව ඔලුව උඩින් තියන්නේ. ඒ අපේ හැටි. අපි කව දා වත් බුදු හාමුදුරුවන්ගේ රූපයේ පච්ච කොටන්නේ නැහැ. ඒ වගේ ම මම හිතන්න කැමතියි අපි නිදහස් උසස් මිනිස්සු කියලා. මේ බටහිරෙන් අපේ රටට ආපු අමුත්තා අපි මේ විදියට අරාබි රටක දේවවාදීන් සලකනවා වගේ සලකන එක වැරදියි. මේ කාන්තාවට හෙමින් අපේ සංස්කෘතිය කියල දීලා පච්චය රෙද්දෙන් වහ ගෙන යන්න කියා කරුණාවෙන් කීවා නම් කෙතරම් කීර්තියක් ද රටටයි බුද්ධාගමටයි.

      Delete
  8. deer Naomi Coleman.
    Hope u see dis in u google saach. we so sory for wat happen in sri lanka about ur tatoo.
    It is disrespect in our cultur to hav tatoo op budda picture. but it is more disrspetful action to deport you. I am so sad about tis and i not lilk wat happen. i hope you come again to my contry. we love you Naomi Coleman.

    ReplyDelete
  9. රාජපක්ෂ ආණ්ඩුවට පෙර පැවති කාලයේ මේ වගේ තලෙයිබාන් වැඩ තිබුණේ නැහැනේ.මේ නම් අදහා ගත නොහැකි තරම් උමතුවකි.ආගමන විගමන නිලදාරීන් පිස්සන් යයි සිතමු.නමුත් යුක්තිය පසිඳන විනිසුරු වරයා උමතු රෝගියෙකු වීම කොතරම් භයානකද?.ඉතාම විශිෂ්ඨ දර්ශනයක් ඇති බුදුදහමට මේ කාලකන්නි රැල විසින් කර ඇති හානිය නැවත සකස් කල නොහැකි තරම්ය.අනිත් අතට මෙවැනි අමන,ගොන් වැඩ කරමින් සංචාරක කර්මාන්තය නංවන්නේ කෙසේද?

    ReplyDelete
  10. the writer who wrote 'buddhism betrayed' prof Thambiah passed away recently. betrayal of buddhism happens now and continues in Sri Lanka and mostly by so called Sinhala buddhists. shame no?, what abour nanasara getting pistol with 50 bullets from the police a few days back?? shame no??

    ReplyDelete
  11. http://thuppahi.wordpress.com/2012/01/28/mahinda-rajapaksa-cakravarti-imagery-and-populist-processes/
    This is blogging men.. you worthless shit.. learn from the educated how to blog.. Mathalan dont plagiarise content from him.. yet you can follow..

    ReplyDelete
  12. uncle obath lankikayek kiyana eka mathaka thiyaganna. Mehama aya lankave culture eka venas karanava.. hoda daduvam denna one. Balannako lajja nathuva atha pennana hati..

    ReplyDelete
    Replies
    1. පුතා. ඔයා ලිපු දේ ඒ “අංකල් ට“ නොතේරෙයි. විජේසේකර යතුරු පුවරුවක ටයිප් කරල මවු බසින්ම ලියන්න.

      Delete
  13. ශ්‍රී ලංකා පච්ච සෙවීමේ කාර්‍යාංශය වගේ එකක් හදලා ඔය කාව හරි ගොබ්බයෙක්ව සභාපති කරානම් රස්සාවල් ටිකක් දෙන්න පුළුවන් මන්දිරේ උත්සවයක් තියලා.

    ඔය මහ රජ්ජුරුවන්ගේ පච්චයක් පිට පුරා කොටාගත්ත එකෙක් හිටියේ පහුගිය දවස්වල. ඌ එතකොට කරලා තියෙන්නේ රජාට අපහාසයක්ද?

    ReplyDelete
    Replies
    1. ඔබ වගේ මමත් මේ පිටුවහල් කරල අනා ගත්ත කියන එකට මම එකඟයි. ඒත් දේශපාලනය හැම දෙයටම අමුණල කතා කරන්න ඕන නැහැ නෙද.

      මෙතන ප්‍රශ්නය අපේ මිනිසුන්ගේ. අපි දකින්නෙ එක්කෝ කළු එහෙම නැතිනම් සුදු. ඒ දෙක අතර දකින්නෙ නැහැ. අනිත් එක අපට ඕන දෙයක් ඉක්මනින් අමතක වෙනවා. ඇත්තටම කියුවොත් බුදු දහමෙ කඳුලක් නොතේරෙන කට්ටිය ගොඩාක් ඉන්නවා. අපි දැන් බලාපොරොත්තු වෙන්න ඕන මේක ගැන හොඳ විවාදයක්. අපේ හාමුදුරුවෝ පෙන්නලා දෙන්න ඕන මෙතන ප්‍රශ්නය.

      Delete
    2. ඇනෝ........ඔබ හරි. මම එකඟයි.

      දේශපාලනය ගෑවෙන්නෙ නම් මචෝ වෙන මුකුත් හින්දා නෙමෙයි. මේවා පාලනය කරගන්න හෝ ක්‍රමවත් පටිපාටියකට සිද්ධවෙන්න ඕන දේශපාලකයින් හරහා නිසා. ඒ කිව්වේ හැම දෙයක්ම අපේ රටේ දේශපාලනීකරණය වෙලා නිසා. ඒ ඇරෙන්න කාටවත් අපහාසයකට නොවේ. වරදවා හිතන්න එපා. අපිත් කැමතියි ආගම ආගම හැටියටත් දේශපාලනය දේශපාලනය හැටියටත් වෙන් වෙන්ව තබන්නත්, වෙන් වෙන්ව කතා කරන්නත්.

      Delete
  14. ඒ බුද්ධ රූපයක් ද බලන්න ගිය මට ඇති වුනේ බුදු රුවක් බව දකින විටම සියුම් ප්‍රීතියක් සතුටක් ඒ පහන් සිත ඇති කල ඒ බුුදුරුව ඇන්ද කෙනාටත් පිං ඇදගෙන ඉන්න කෙනාටත් පිං

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා