Posts

Showing posts from April, 2014

පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා - රතන හිමි

Image
ජාතික හෙළ උරුමය ආණ්ඩුවට පත්තු කරන රතු එළිය ගැන මව්බිම පුවත්පත විසින් අසන ලද ප්‍රශ්නයකට අතුරලියේ රතන මන්ත්‍රී හාමුදුරු‍වෝ උත්තර දෙන්නේ මෙලෙසයි: ආණ්ඩුව වහාම මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න ඕනැ.  දැන් ආණ්ඩුව කරන්නේ 2002දී රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැඩසටහනමයි. හරියටම කියනවා නම් මේක නියම යූ.ඇන්.පී. ආණ්ඩුවක්. පරණ යූ.ඇන්.පී. ආණ්ඩුවමයි මේ. වෙනසකට තියෙන්නේ පරණ යූ.ඇන්.පී. ආණ්ඩුව බෙදාගෙන හොරකම් කළා. මේ ආණ්ඩුව කීපදෙනෙක් එකතුවෙලා හොරකම් කරනවා. අපිට නම් ඔය දෙකම එකයි. නාස්තිය, දූෂණය නෙවෙයි ප්‍රශ්නය ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් තියෙන්නේ. රතන හාමුදුරුවන් යනු චම්පික රණවකගේ දේශපාලන මුට්ටියයි. චම්පික ඔලුව දැමීමට පෙර රතන හාමුදුරුවන්ගේ මුඩු හිස එළියට දමා බලන්නේ සිවුර නිසා එයට රැකවරණයක් ඇති බව දන්නා නිසා ය.  චම්පිකගේ දේශපාලනය තුළ තිබෙන්නේ ඉවසීමත්, ආසයි-බයයි තත්වයත් මුසු වුණ තත්වයකි. ජාතික හෙළ උරුමය ආණ්ඩුවට සම්බන්ධ වීමත් සමග චම්පික ඉදිරියට පැමිණියා මෙන් ම දැඩි ලෙස සීමා වීමක් ද සිදු විය. එහෙත්, ඇමතිවරයකු ලෙස නම් චම්පිකට කරන්නට ලැබුණු කැකිරි ගෙඩියක් නැත. එක පැත්තකින

ආගමික පොලිසිය හා අනාගමික සාමය

Image
ආගමික ගැටලූ විසඳම සඳහා වන විශේෂ පොලිස් එ්කකය අද පෙරවරුවේ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පරිශ්‍රයේදී විවෘත කරන ලදී. එහිදී අදහස් දැක්වූ පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් කියා සිටියේ ආගමික කි‍්‍රයාකාරකම් සම්බන්ධ පැමිණිලි කඩිනමින් විමර්ශනය කිරීම මෙම පොලිස් ඒකකයේ අරමුණ බවයි. විවෘත කර සුළු වේලාවකින් සිහල රාවය සංවිධානය එහි පැමිණිල්ලක් දැමුවේ බුදු දහමට කරන ලද නිග්‍රහයන් සම්බන්ධ පැමිණිලි තුනක් සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා නො කරන බවටයි.  මේ ආගමික පොලිසියට එන පැමිණිලි කුමන අන්දමේ ඒවා වනු ඇද්ද යන්න ඉදිරියේදී දැක ගත හැකි වනු ඇත.  සාමාන්‍යයෙන් මේ පැමිණිලි මෙසේ වනු ඇතැයි අනුමාන කළ හැකි ය: ආගමික හරවාගැනීම්වලට එරෙහි පැමිණිලි ආගම් ප්‍රචාරයට එරෙහි පැමිණිලි ආගම්වලට එරෙහි ප්‍රචාරයන්ට එරෙහි පැමිණිලි ආගමික නිදහසට බාධා කිරීමට එරෙහි පැමිණිලි යම් ආගමික නායකයන්ගේ ආගමිකභාවය පිළිබඳ පැමිණිලි ආගමික අයිතිවාසිකම් පිළිබඳ පැමිණිලි දේපල ආරාවුල් ආගමික නායකයන් අතින් සිදු වන අපරාධවලට එරෙහි පැමිණිලි ආගම් බිහි වුණේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා ය. දැන් ආගම්වල හා ආගම් අතර ප

සරුංගල්කාරයන්ට ගුවන් යානා ලයිසන් දීම

Image
ප්‍රාදේශීය සභාවක සභාපතිකමට සුදුසු කෙනෙකුට රටක් ම භාර දී‍මේ ආදීනව ලෙස ලොවටම වැඩක් නැති ගුවන් තොටවල්, වරායවල් හම්බන්තොට හැදෙමින් තිබේ.  මේ ඒ මෝඩකමේ දෙවන මට්ටමයි. පාසලක විදුහල්පතිකමක හා ඇමති ධුරයක වගකීම් අතර වෙනස තේරුම් ගන්නට බැරිකම මෙතැන ඇති ප්‍රශ්නයයි. උසස් පෙළ විභාග ප‍්‍රශ්න පත‍්‍ර සම්පාදකයින් සහ විවිධ විභාග රාජකාරිවල නියුතු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු සහ කතිකාචාර්යවරුන්ට අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන තම අත්සනින් ලිපියක් යවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ උසස් පෙළ සිසුන්ට දේශන පැවැත්වීමට ලිඛිතව කැඳවීම් කර ඇත. තමන්ගේ ජනපි‍්‍රයතාවය වෙනුවෙන් පාසල් 9905 ක් තිබියදී එක් පාසලක් වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රය සතු සියලූ සම්පත් යොදවමින් හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහල ජනපි‍්‍රය කරවීමට අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කරමින් සිටී. එහිදී එම පාසලේ උසස් පෙළ හදාරණ සියලූ සිසුන් සමත් කරන බවට පුරසාරම් දෙඩවීමක් ද සිදුකරමින් සිටින අතර මේ වන විට ප‍්‍රශ්න පත‍්‍ර සකස් කරන හා විභාග කටයුතු කරන ආචාර්ය මහාචාර්යවරුන් එම පාසලේ උසස් පෙළ විෂයන්ට අදාළ දේශන සඳහා ගෙන්වීමට කටයුතු කර ඇත.

සුන්දර ඉංගිරිසි - ඉස්ටුඩන්ට්ස් ඉස්ටොප් ඇට් ඉස්කූල්

Image
උච්චාරණය අනුව ඉංගිරිසියේ පංති භේද හොයන පිරිසක් ලංකාවේ ඉන්නවා. මේ අය කොළඹ හා තවත් ප්‍රධාන නගර කීපයක් ආශ්‍රිත ප්‍රධාන පෙළේ පාසල්වලින් ඉගෙනුම ලැබූ නිවෙස්වල ඉංග්‍රීසියෙන් කතා කරන පැළැන්තියයි. පසුගිය කාලයේ ලංකාවේ නැගී ආ ජාතිකවාදී ප්‍රවණතා මැද මේ අයගේත් හුළං බැස්සා. ඉස්සර නම් මොවුන් සිංහල පාවිච්චි කළේ ගෙදර වැඩකාරයන්ට කතා කරන්නටයි. ඒත්, පසුකාලීනව ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතීන් පිරිහීමත් සමග ම දැන් මේ පැළැන්තියේත් ප්‍රමිති පිරිහිලා. ඒ භාෂාව පැත්තෙන් විතරක් නෙමෙයි. ආර්ථික හා සමාජමය පැතිවලිනුත් ඔවුන් එදා පවත්වාගෙන ගිය ආධිපත්‍යය අද නැහැ.  ඉස්සර අපි අසා තිබුණු කාරණයක් තමයි, කොයි තරම් ජාතිය ගැන කතා කළත්, ලංකාවේ ආණ්ඩුවේ කැබිනට් රැස්වීම පැවැත්වුණේ ඉංග්‍රීසියෙන් බව. ඒත්, දැන් පාලන බලය අත්පත් කරගෙන සිටින ලුම්පන් ධනපති පැළැන්තිය ඉංග්‍රීසි තියා සිංහලවත් හරි හැටි දන්නා පිරිසක් නෙමෙයි. ඒ නිසා ඔවුන් ඒ මහ ඉහළින් අගය කරමින් තිබුණු සම්ප්‍රදායන් පයින් ගසා බිඳ දැමුවා. හැබැයි, හීනමානයකුත් එක්කයි. හීනමානය යි කීවා ම, සිංහල ගැමියන්ගේ ඉංග්‍රීසි භාවිතාවේ අැද පලුදු සොයන පැළැන්තියට තිබෙන භාෂා මාන්නක්කාරකමත

ටයිටැනික් නැවේ සිට දෙකේ ඇලේ අත් ට‍්‍රැක්ටරය දක්වා හදිසි අනතුරු ගැන සමාජවාදී විශ්ලේෂණයක්

Image
මැලේසියානු ගුවන් යානය අතුරුදහන් වී වැඩි කලක් යන්නට පෙර තවත් ඛෙදවාචකයක් වාර්තා විය. පෙරළී ගිලී ගිය සෙවොල් නම් දකුණු කොරියානු නෞකාවේ ගමන් කරමින් සිටි මගීහු සිය ගණනක් මිය ගිය හ. මරණ සංඛ්‍යාව තවමත් අවිනිශ්චිත ය. මිය ගිය අයගෙන් වැඩි දෙනෙක් විනෝද චාරිකාවක් යමින් සිටි පාසල් සිසු පිරිසකි. නැවේ සිටි මගීන් 476දෙනා අතරින් 339දෙනෙක් ම පාසල් සිසුවෝ වූ හ. බේරා ගත හැකි වී තිබෙන්නේ 174දෙනෙකු පමණි. නැව පැදවූ 69 හැවිරිදි කපිතාන්වරයා නොසැලකිලිමත් ලෙස වේගය අඩු නොකර නැව හැරවීම මෙසේ පෙරළී ගිලී යාමට හේතුව ලෙස සැක කරනු ලැබේ. අවසන් මගියා ද පිට වීමට පෙර නැවෙන් පිට වී තිබෙන කපිතාන්වරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. නැවේ කාර්ය මණ්ඩලයේ 29දෙනෙකුගෙන් 22දෙනෙක් දිවි ගලවා ගන්නට සමත් වූ හ. ඔවුහු වැඩි දෙනෙක් උදව් අවශ්‍යව සිටි මගීන් නො තකා හැර තමන්ගේ දිවි ගලවා ගත් අය වෙති. මෙම නැව යාත්‍රා කරමින් තිබුණේ පසුගිය දිනවල ලංකාවේ විකාශය වූ ජනප්‍රිය කොරියානු ටෙලි නාට්‍යයක් වන චංගුමී චරිතය අඩංගු සුජාත දියණි මාලා නාටකයේ ද සඳහන් වූ ජේජු දිවයින වෙත යාත්‍රා කරමින් තිබියදී ය. කිමිදුම්කරුවෝ සීතල අඳුරු දියේ මළ සිරුරු සොයමින් සි

මැයි දිනේටත් කම්කරුවෝ නිල් පාටයි

Image
මේ සටහන අපගේ ෆේස්බුක් මිතුරකු විසින් තබන ලද එකකි. ඔහු මෙය පළ කරනවාට අකැමැති වන්නට පුළුවන් නිසා එහි වගකීම භාර ගනිමින් නිර්නාමිකව නැවත පළ කරමි. මෙමගින් ලංකාවේ කම්කරු පංතිය ගැන යම් අදහසක් ලබා ගත හැකි ය. මේ උද්ඝෝෂණය කළේ කවුදැයි පළමුව විමසිය යුතුය. ඒ "ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ආදේශක කම්කරුවන්" පිරිසකි. මගේ දැනුමේ හැටියට නම් ආදේශක හෙවත් අනියම් කම්කරුවන් යනු තාවකාලික හෙවත් හුදු කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවාගන්නා පිරිසකි. ඔවුන් අදාළ තනතුරේ ස්ථිර කිරීමට හෝ, වෙනත් නිලයක් ලබාදීමට හෝ සේවායෝජකයා බැදී නොසිටී. කොහොමත් පාඩු ලබන ලංකා දුම්රිය සේවයට මේ මොහොතේ තවත් අලුතින් සේවකයන් බඳවා ගන්නවා යනු කොහෙත්ම කළ නොහැකි මෙන්ම කළ නොයුතු වැඩක් ද වෙයි. මේ සේවකයන් බඳවාගන්නා ලද්දේ කොන්ත්‍රාත් පදනම මත බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ කර තිබියදී පවා ඔවුන් සිය නිලය ස්ථිර කරන ලෙස උද්ඝෝෂණය කිරීමේ මොනම සාධාරණත්වයක් වත් මට නම් පෙනෙන්නේ නැත. ආණ්ඩුව යනු පිනට රස්සාවල් දෙන දන්සලක් නොවේ. එහෙම වුණු කාලවල් ද තියෙන්නට ඇත. එහෙත් ආණ්ඩුව යනු රැකියා නැත්තවුන්ට නිකං කන්න බොන්න දෙන දන්සැලක් නොවේ; එසේ විය යුතු ද නැත. රස්සාවක් නැ

ඥානසාර හාමුදුරුවන්ට ලැබුණු මුත්තගෙ තුට්ටුව

Image
වටරැක විජිත නාටකය අවසන් බව එහි අධ්‍යක්ෂ ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිවේදනය කරයි.  එහෙත්, ඊයේ එහි උද්වේගකර ජවනිකාවක් ඊයේ කර්මාන්ත හා වානිජ අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහි ප්‍රධාන චරිතය රඟපෑ බෞද්ධ භික්ෂුවගෙන් ඥානාසාර හාමුදුරුවෝ පරිස්සම් විය යුතු ය. මන්ද, ඔහුට බ්‍රේක් ඇත්තේ ම නැත. මේ දවස්වල ලංකාවේ බෞද්ධ නායකයකු වෙන්නට තිබෙන හොඳ ම සුදුසුකම එයයි. වටරැක විජිත හිමි ඔහුට අහු වුණා නම් සම්බෝල හදන හැටි ද ලෝකයට පෙන්වන්නට ඉඩ තිබිණි.   හැබැයි, මුදා හරින ලද සුනඛ සේනාව ගැන ඥානසාර හාමුදුරුවන්ට ම දැන් දැන් බිය ඇති වී තිබේ. අර චීවරධාරියා පොලිස් ලොක්කකුට ගහන්න පනින හැටියට සිවුර නැතිනම් අනිවාර්යයෙන් ම ආයුධ පෙන්නන්නට යන්නට ලැබෙනවා නිසැක ය.  හැබැයි සාදු, මේකත් මතක තියා ගන්න. අපි, ඔහෙලා වගේ මිනිස්සු රාශියක් අසූනමයේදී ටයර් උඩ යවපු කට්ටියක් මේගොල්ලෝ. සිවුරට තිබෙන ගෞරවයේ තරම ඒ දවස්වල දැකගන්න ඇතිනේ.  සිවුරට මුවා වෙලා නටන නැටිලි දැන් නම් ඕවර් යන්න ඔන්න මෙන්න බව කරුණාවෙන් සලකන්න. තමුන්නැහෙලා කනකොට ඒකෙත් මානව හිමිකම් පාර්ශ්වය කතා කරන්න වෙන්නේ අපට ම ය. හැබැයි සාදු, ඔය වාසුලා වගේ නෙමෙයි, අපි ඔබව වුණත් මර

ආගමික සංකේත පච්ච කොටන්නෝ හා පච්ච කොටාගත් අය පිටුවහල් කරන්නෝ

Image
පිටුවහල් කිරීමට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික සංචාරක නයෝමි කෝල්මන් උරහිසේ බුදුරුවක් පච්ච කොටාගෙන සිටි සංචාරක කාන්තාවක් රටින් පිටුවහල් කරන ලදී.  නිවෙස්වල බුද්ධ රූප ඇත. එහෙත්, ඒ බුද්ධ රූප යට සිටිමින් පස් පව් කරනු ද දැකිය හැකි ය. කාර්යාල, කඩ, බස් ආදියේ ද බුද්ධ රූප ඉදිරියේ තබාගෙන වංචා, සොරකම්, දූෂණ‍, දුරාචාර, විෂමාචාර කරනු දක්නට හැකි ය.  ඉස්සර නම්, කරේ එල්ලන ධර්ම චක්‍ර, බුද්ධ රූප සහිත මාල පෙති ආදිය ලංකාවේ පිංකම්පොළවල සල්පිල්හි විකුණන්නට තිබිණි. තැන‍, නො තැන නො බලා හංදි හංදි ගානේ බුද්ධ රූප තැබීම නම් මෑත කාලයේ සිට සිදු වන දෙයකි. විශේෂයෙන් ම, පාරවල් සංවර්ධනය කිරීමේදී ඉඩම් අත්පත් කර ගැනීම වළක්වා ගැනීමට ද බුද්ධ රූප භාවිතා වී තිබේ. එසේම, අන්‍යාගමිකයන් සිටින ප්‍රදේශවල බෞද්ධ ආධිපත්‍යය සලකුණු කිරීමට ද අතන මෙතන බුද්ධ රූප තැන්පත් කරනු ලැබේ.  බුදු රුව, බෝ කොළ, ධර්ම චක්‍රය, බුදු සරණයි, අම්මා බුදු වේවා වැනි වචන ආදිය පච්ච කොටා ගත් මිනිස්සු ලංකාවේදී ද අපට හමු වෙති.  බුදු දහම වෙනත් ඇතැම් ආගම් මෙන් ජනයා මත ආධිපත්‍යය පතුරුවන ලද ආගමක් නොවේ. එහි තිබුණේ නිදහස් භාවිතාවකි.එසේම, බුදු හිමියන් යනු ලංකාවේ

බොදු බල සේනාවේ පය පැටලුණ කොහොල්ලෑ තලිය වටරැක විජිත හිමි

Image
ඡායාරූප දිවයිනෙනි සිලි බෑග් එකක් කකුලේ පැටලී තිබේ ද? වටරැක විජිත හිමි දේශපාලනික වශයෙන් පරිණත භික්ෂුවක් නො වේ. එහෙත්, කුමන හෝ පදනමකින් ඔහු කරමින් සිටින්නේ ඉතාම අභියෝගාත්මක කාර්යයකි.  ඔහු අභියෝග කරන්නේ බලවත් මැරවර හමුදාවක් හා ත්‍රස්ත සංවිධානයක් ලෙස ලෝක මට්ටමේ 'කීර්තියක්' ඇති බොදු බල සේනාවට ය. එය කරන්නේ ද තනිවම ය.  ඔහු පිටුපසින් මුදල් යහමින් ඇති රාජ්‍ය නොවන සංවිධාන ඇති බවක් නො පෙනේ. එසේ ම, ජිනීවා දක්වා ඔහුව ඔසවාගෙන යා හැකි අය ද නැත. අඩු තරමේ බටහිර රටක දේශපාලන රැකවරණ ලබා ගැනීමට උදව් කරන්නට කෙනෙකු පවා නැත.  ඔහු තවමත් උත්සාහ කරන්නේ ජන පදනම මත සිටිමින් සිය අරගලය පවත්වාගෙන යන්නට ය. එහෙත්, එය පහසු නැත. බොදු බල සේනාව ඔහුට එරෙහිව මුළු බලය ම යොදා සටනට පිවිස තිබේ. හේතුව, භික්ෂු බලවේගය තුළ සිය මැරවර ආධිපත්‍යය නො නැසී පවත්වාගෙන යන්නට ගලගොඩඅත්ත නිකායට තිබෙන උවමනාවයි.  වටරැක විජිත පරාජය වනු ඇත. එහෙත්, ඔහු පරදින්නේ හොඳ සටනක් දී ය. ඔහු ජෝක් එකක් කර පෙන්වන්නට දිවයින ඇතුළු ජාතිවාදී මාධ්‍ය දරන උත්සාහය පැරදවිය යුතු ය.   මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත්

කොටි සංවිධානය නැවත ගොඩනැගීම හා නැවත මර්දනය කිරීම

Image
තේවියන්, ගෝපි, අප්පන් විදෙස්ගත දෙමළ ඊලාම් විමුක්ති සංවිධානය විසින් විසින් ලංකාවේ පොළවේ කොටි සංවිධානය නැවත ‍ගොඩනැගීමට දරන ලද ප්‍රයත්නයක් ආණ්ඩුවේ ආරක්ෂක අංශ විසින් ඉතා කෘෘර ලෙස ලෙයින් හා යකඩින් මර්දනය කර දැමුවේ ය.  වාර්තා වී ඇති ආකාරයට ලංකාවේ කොටි සංවිධානය නඟා සිටුවීම සඳහා මූලික වී කටයුතු කළ කොටි සංවිධානයේ හිටපු මරාගෙන මැරෙන ගුවන් නියමුවකු වූ තේවියන්ගේ නායකත්වයෙන් යුත් යාන්ත්‍රණය ම මේ වන විට විනාශ කර දමා තිබේ‍. තේවියන් හා ඔහුගේ සගයින් දෙදෙනා වන ගෝපි හා අප්පන් මරා දමන ලදී. ඔවුන්ට ඩයස්පෝරාවෙන් මුදල් ගෙන්වා දුන් වවුනියාවේ ව්‍යාපාරිකයකු ද, නවාතැන් හා වෙනත් සහයෝගයන් දුන් අය ද අත්අඩංගුවේ ය. ඔවුන් විසින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත නිවාස  ආදී සියල්ල මේ වන විට අක්‍රිය කර දමා තිබේ.  මෙම මෙහෙයුම වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිම බලය පාවිච්චි කළ හ. නිදසුනක් ලෙස වන්නි වනයේ සැඟවී සිටි තේවියන්,‍ ගෝපි හා අප්පන් යන තිදෙනා විනාශ කිරීමට හමුදා සෙබලුන් 3000ක් යොදා ගන්නා ලදී.  කොටි සංවිධානය යළි ගොඩනැගීම සඳහා දරන ලද මෙම ප්‍රයත්නය මුලිනුපුටා දැමීම පිළිබඳ කිසිදු පාර්ශ්වයකින් විරෝධයක් ද මතු වූයේ නැත. හරියට 2009 ම

හම්බන්තොට වරායේ දේශපාලනය නො තේරෙන එක්සත් ජාතික පක්ෂය

Image
අජිත් පී. පෙරේරා ගත් සියල්ල විස්තර කරන කතා කරන පිංතූයක් හම්බන්තොට වරායේ සිද්ධිය ගැන පළ වූ ඕපාදූප කොලමක මෙසේ සඳහන් විය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම චාරිකාව සංවිධානය කරමින් සිට ඇත්තේ රවි කරුණානායක ඇතුළු පිරිසකි. එහෙත් අජිත් පී. පෙරේරා ඇතුළු පිරිස එය බ්‍රහස්පතින්දාට යොදාගෙන රවිට ආරාධනා කර තිබෙන්නේ බදාදා ය. එය අසා රවිට‍ කේන්ති ගොසිනි. ඔහු ගමන නෑවිත් මාරු වී තිබේ. එහෙත්, එහිදී මන්ත්‍රීන්ට සිදු වූ දේ ගැන රවි සතුටින් සිටින බව ද වාර්තා වි්‍ය.  එක්සත් ජාතික පක්ෂය දන්නා උලව් දේශපාලනයක් නැති බවට වෙනත් සාධක මොනවාද? මෙම සිද්ධිය වනාහි කියලාවත් කර ගන්නට බැරි දෙයකි. හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවල අකාර්යක්ෂමතාව හා දූෂිතභාවය රටටත්, ලෝකයටත් හෙළිදරව් කරන්නට එය තරම් ඉවහල් වූ තවත් සිද්ධියක් මෙතෙක් නම් සිදු වී නැත.  එක්සත් ජාතික පක්ෂයේ තවත් අදේශපාලනික දේශපාලනඥයකු වන සජිත් ප්‍රේමදාස හම්බන්තොට පදිංචි වී සිටත් මෙවැනි හෙළිදරව්වකට අවශ්‍ය පසුබිම සකසා නැත.  එක්සත් ජාතික පක්ෂයේ අජිත් පී. පෙරේර‍ා ඇතුළු මන්ත්‍රී පිරිස අතට ලැබුණු මෙම අවස්ථාව මනා ලෙස කළමනාකරණය කර ගත් හ. එහිදී මාධ්‍යකරුවන් විසින් ද ස

අනේ දිලන්ත මේ මොනවද කියන්නේ?

Image
බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරි දිලන්ත විතානගේ විසින් සිය ජීවිතාරක්ෂාව පතා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යවා තිබෙන ලියුම ඉතා වැදගත් ලේඛනයකි. එය විසින් හෙළිදරව් කරනු ලබන්නේ ලංකාවේ පවතින ආණ්ඩු‍වේ යථාර්ථයයි. ආණ්ඩුව ගැන මෙතෙක් කල් මේ කාරණා කිව්වේ දේශද්‍රෝහීන් යයි නම් කෙරුණු පුද්ගලයෝ ය. මේ වනාහි සිංහල ජාතිවාදියකුගේ ඇසින් යථාර්ථය විමසන කදිම පර්යේෂණ පත්‍රිකාවකි. මෙම නීරස ලිපිය උඩින් පල්ලෙන් කියවූ මට පහත සඳහන්කාරණා ටික සඳහන් කරන්නට සිත් විය. බොදු බල සේනා සංවිධානය විසින් කරමින් සිටින්නේ බටහිර හා දෙමළ ඩයස්පෝරාවේ කොන්ත්‍රාත්තුවක් බව අපි මුල සිට ම කීවෙමු. විශේෂයෙන් ම මෑත කාලයේදී ඔවුන් දිගින් දිගට ම කළේ බටහිර පන්දු රකින්නන් සිටි තැන්වලට උඩ පන්දු එල්ල කිරීමයි.  බොදු බල සේනාව සිය අති ධාවනකාරී බල දේශපාලන උපායමාර්ගයන් තුළ පාලක පවුලේ විභේදනයන් අැති කරන්නට යාම ඇත්තෙන් ම දැළි පිහියෙන් කිරි කෑමක් විය. දැන් ඔවුන් භුක්ති විඳින්නේ එහි ආදීනව විය හැකි ය.  බොදු බල සේනා ප්‍රධාන විධායක නිලධාරිවරයා විසින් මතු කරනු ලබන කාරණා තුළින් රනිල් වික්‍රමසිංහ පාලන සමය තුළ පැවති ප්‍රජාතන්ත්‍රවාදී වටපිටාව හා මහින්ද

හම්බන්තොට වරාය හා ගුවන් තොටුපල අසලදී එජාප මන්ත්‍රීන්ට පහර දුන්නේ කවුරුද?

Image
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් පිරිසක් හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපල බලන්නට ගිය අවස්ථාවේ එහි සිටි ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් එල්ල කරන ලද ප්‍රහාරය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිරුවත හා සංවර්ධනය නමින් කරන මංකොල්ල‍යේ ස්වභාවය කදිමට රටට හෙළි කළේ ය. එජාප මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් ගන්නා ලද මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ ඉහත ඡායාරූපයේ තිබෙන හිස් පසුබිම මත්තල ගුවන් තොටුපලේ යථාර්ථයට දෙස් දෙයි. මන්ත්‍රීවරුන්ට අඩන්තේට්ටම් කිරීමට පැමිණෙන එක් පුද්ගලයෙක් කියන්නේ අද ගුවන් තොටුපලට ගුවන් යානා තුනක් බැස්සවූ බවයි. ජාත්‍යන්තර ගුවන් තොටුපලක් හා ගුවන් යානා තුනක්! මේක නේ ද ආශ්චර්යය, හසන්ත මහත්තයෝ! මෙම ප්‍රහාරය අනිවාර්යයෙන් ම ආණ්ඩුවේ මහ තැනක් විසින් මෙහෙයවන ලද බව පෙනේ. තමන් එහිි ගියේ නාමල් රාජපක්ෂගේ උපදෙස් මත යැයි හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු පවසා තිබේ. ඔහු කලබලය මැද පිස්තෝලයක් අතින්‍ ගෙන දිව එන ආකාරය මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ පිරිස අතර සිටි එක් අයෙක් කියන්නේ තමන් හම්බකරගෙන කන්නේ මෙම 'සංවර්ධන' ව්‍යාපෘතිවලින් බවයි. ඇත්තෙන් ම මේ පිරි

බොදු බල සේනාව ත්‍රස්ත සංවිධානයක් ලෙස හඳුනාගත් ලැයිස්තුවේ එජාපය හා ජවිපෙත්

Image
බොදු බල සේනා කියන්නේ ඇත්තෙන් ම ත්‍රස්ත සංවිධානයක්. ඔවුන් නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව මොබ් ප්‍රචණ්ඩත්වය එල්ල කරන ආකාරය පිළිබඳ මාධ්‍ය ආවරණ ඕනෑ තරම් සිදු වී තිබෙනවා. එයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වෙන්නේ වෙන කිසිවක් නිසා නොවෙයි, එය ආණ්ඩුවට සම්බන්ධ වීම නිසා හා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල ද පවතින ජාතිවාදී, ආගම්වාදී ප්‍රවණතා නිසායි. ත්‍රස්තවාදය පිළිබඳ පර්යේෂණ හා විශ්ලේෂණ කරන හා තොරතුරු බෙදා දෙන පිළිගත් මූලාශ්‍රයක් වන Terrorism Research and Analysis Consortium (TRAC) විසින් බොදු බල සේනා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් බව ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මෙම තොරතුරු මූලාශ්‍රය කෙතරම් නිවැරදි ද යත් එය විසින් එක්සත් ජාතික පක්ෂය ද දැනට අක්‍රිය ත්‍රස්ත සංවිධානයක් ලෙස ඉතා නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. එහි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් වීම ගැන පුදුම විය යුතු නැහැනේ. පිල්ලෙයන් නායකත්වය දෙන ටී.එම්.වී.පී. නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය‍ේ හවුල්කාර පක්ෂයත් එම ලැයිස්තුවේ තිබෙනවා. සබැඳි පුරුක් සමග සම්පූර්ණ විස්තරය මෙතැනින්: Not only Bodu Bala Sena (BBS) but United National Party (UNP) also in Terro

ඇනොනිමස් ඇවිත් මස් කිරීම හා බ්ලොග් අවකාශ‍යේ ගේම්

Image
සැම රෙදි සේදී ජලෙනි පිරිසිදු වේවී සොඳිනී දන මන සෝදා ලන සේ ඔසු නැත මේ ලෝකයෙහි (මාතලන් චිත්‍රපටයේ ගීයක කොටසකි) සුන්දර ඉංගිරිසි මා ජනරළ පුවත්පතට ලියන කොලමකි. පසුගිය 13දා එය බ්ලොගයේ පළ කර මා නිවාඩුවක් සඳහා ගියේ අන්තර්ජාලය පැත්ත පළා‍තේ නෑවිත් පාඩුවේ ඉන්නට සිතාගෙන ය. බ්ලොගයේ පැත්තක සඳහන් කළා සේ ම " විරාමයක් ගන්න, ආපසු හැරී බලන්න, අලුතින් ජීවිතය අරඹන්න ..........." උවමනාවක් මට තිබිණි.  අප්‍රේල් 15දා මා ටැබ් එකකින් සුළු වේලාවකට බ්ලොගයට පිවිසියේ කමෙන්ට් බලන්නට ය. එහි මාර වැඩක් වී තිබිණි. මාතලන් බ්ලොග්කරුවා කියා තිබූ කරුණක් වන්නේ කුල්ලට කියන ඉංගිරිසි වචනය පිළිබඳ කතාව මා වෙනත් බ්ලොගයකින් අසා දැනගෙන ලියූ එකක් බවකි. ඒ පිළිබඳ එම කතාව පළ කළ 'ඔරිජිනල්' බ්ලොග්කරුවාට ස්තුති නො කිරීම පිළිබඳ ආඩාපාලි රැසක් එහි කියා තිබිණි.  ඇත්තෙන් ම, කුල්ලේ කතාව වනාහි ඉතා ප්‍රසිද්ධ, මුලින් ම ඇසූ කාල වකවානුව කවදාදැයි මට නම් මතක් කර ගන්නටත් අපහසු පැරණි කතාවකි. එහෙත්, මාතලන් ඉල්ලා සිටින නිසා එහි ගරුත්වය නිදහස් සිතුවිලි බ්ලොගය ලියන ලේඛකයාට පිරිනමමි. එකී බ්ලොගය මා එතරම් කියවා ඇති එකක් නො වේ. (ම

සුන්දර ඉංගිරිසි - 5: පොල් මුඩ්ඩට ඉංගිරිසියෙන් කියන්නේ මොකක්ද?

Image
Winowing fork ඔන්න එකමත් එක දවසක ටියුෂන් පංතියක සිසුවෙක් ගුරුවරයාගෙන් මෙහෙම ඇහුවා. "සර්, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද?" සර් ඒක දැනගෙන හිටියෙ නැහැ. ඒත්, තමන් ඒ බව නො දන්නා බව පෙන්නන්නත් ඔහු කැමති වුණේ නැහැ. ඒ නිසා තැනට සුදුසු නුවණ භාවිතා කරලා ඔහු බොරු කේන්තියක් ගත්තා. "කුල්ල! තමුසෙට දැන් එච්චරයි අඩු! තමුසෙ මම උගන්නපු අනෙක් වචන පාඩම් කර ගත්තද?" ගුරුවරයා තමන් උගන්වපු ටිකක් අමාරු වචන ටිකක් සිසුවාගෙන් ඇහුවා. ඔහුට මතක නැහැ. සිසුවාට තව ටිකක් දොස් කියූ ගුරුවරයා පංතිය අවසන් කළේ කුල්ලට කියන ඉංග්‍රීසි වචනය නො කියායි. ගෙදර ගිහින් හොයලා කුල්ලට කියන වචනය දැන ගත්තා. පහුවෙනිදා ඇවිත් වැඩකාරයා වගේ පංතියට මෙහෙම කිව්වා."තමුන් ඇහුවා නේද කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද කියලා. දැන ගන්නවා, කුල්ලට ඉංග්‍රීසියෙන් කියන්නේ විනෝයිං ෆෑන්." මේ කතාව ඔබ මීට පෙර අසා ඇති. ඇත්තට ම කුල්ලට විනෝයිං ෆෑන් කියන වචනය හරි ද? මේ පිළිබඳව සොයද්දී දැනගන්නට ලැබුණු කරුණක් වන්නේ බයිබලයේ මැතිව් සංස්කරණයේ සමහර පරිවර්තනවල විනෝයිං ෆෑන් (winnowing fan) කියන වදන භාවිතා කර තිබෙන බවයි.

රූකාන්ත පවුලට අපරාධ කර නිදහස් වූ ජනාධිපති ආරක්ෂකයන් ආපසු සේවයට යන්නේ කා ළඟ ද?

Image
රූකාන්ත සිද්ධියෙන් ලැබූ තුවාල වර්ෂ 2000 ජනවාරි මස 26 වැනිදා රාත්‍රීයේ ආයුධ සන්නද්ධව රූකාන්ත ගුණතිලකගේ නිවසට කඩා වැදී රුපියල් තිස්හය ලක්ෂ පනස්දහසක් වටිනා රන් ආභරණ සහ ජීප් රථය කොල්ලකෑම, ඔවුන්ට තර්ජනය කිරීම සහ ශාරීරික බාධක සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ, පාණදුර පළාත්බද මහාධිකරණය විසින් සිරදඬුවම්, වන්දි හා දඩ නියම රන ලද, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය‍ටතේ ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කළ නිලධාරීන් දසදෙනාට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කර තිබේ. එදිරිසිංහගේ බන්දුල මධුෂාන් කුමාර, වන්නිආරච්චිලාගේ දොන් නිහාල් විජේසිරි, මාන්කොට්ට කංකානමලාගේ සරත් කුමාර රූපසිංහ, ජුවන්දරගේ කරුණාසේන ජයලත්, පිල්වල ගුණතිලකගේ ලෙස්ලි චන්ද්‍රතිලක, දිසානායක අප්පුහාමිලාගේ අතුල සේනාරත්න, රතුහැලඹගේ ධර්මසිරි බට්ටාගේ ලලින්ද රාජරත්න, ඉෂාන් සම්පත් රණසිංහ සහ බොහොතලේ ආරච්චිගේ උපාලි ආරියදාස යන අය මේ අනුව ඊයේ නිදහස ලැබූ හ. මේ වනාහි ඉතා නරක පූර්වාදර්ශයකි. මෙම ජනාධිපති සමාවෙන් ප්‍රකාශ වන්නේ කුමක් ද? බලවතුන් යටතේ විවිධ තනතුරුවල සේවය කරන අතරතුර, එම බලවතුන්ගේ උවමනාව පරිදි අපරාධ කරන විශාල පිරිසක්

දෙපා යටින් වල කපා ගන්නා උදය ගම්මන්පිලගේ නියුරම්බර්ග් යෝජනාව

Image
නියුරම්බර්ග් නඩුවලින් මරණීය දණ්ඩනය ලද හර්මන් ගෝරිං නඩු විභාගය අතරතුර යුද අපරාධ සම්බන්ධයෙන්නියුරම්බර්ග් මාදිලියේ නඩු විභාගයක් පැවැත්විය යුතු බව උදය ගම්මන්පිල යෝජනා කර තිබේ. නියුරම්බර්ග් නඩු වනාහි දෙවන ලෝක යුද්ධයෙන් පසු නාසිවාදීන්ට එරෙහිව මිත්‍ර හමුදා පාර්ශ්වයෙන් අසන ලද නඩු පෙළකි. මෙම නඩු පෙළ අසනු ලැබුවේ ම යුදෙව් සංහාරය ඇතුළු මානව වර්ගයාට එරෙහිව අපරාධ හා යුද අපරාධවලට වගකිව යුතු නාසි නායකයන්ට දඬුවම් කිරීමයි. මෙම නඩු විභාගයට පෙර බ්‍රිතාන්‍ය අගමැතිවරයා යෝජනා කළේ මෙම නාසි නායකයන් නඩු විභාගයකින් තොරව මරා දැමිය යුතු බවයි. එහෙත්, ඇමරිකාව එයට එරෙහි විය. එම මරණීය දණ්ඩන වාර්තාගත සාධාරණ හේතු සහගත නීත්‍යානුකූල ඒවා බවට පත් කිරීමට නියුරම්බර්ග් නඩු විභාගය ඉවහල් විය. එමගින් නාසිවාදයේ පරිච්ඡේදය වසා දමන ලදී. නීතිඥයකු වුව ද උදය ගම්මන්පිලට නියුරම්බර්ග් නඩු විභාග ගැන අවබෝධයක් නැති බව පෙනේ. නියුරම්බර්ග් නඩු විභාගය යනු දේශීය පරීක්ෂණයක් නො වේ. දෙවන ලෝක යුද්ධයේ මිත්‍ර පාර්ශ්වය විසින් කරන ලද ජාත්‍යන්තර නඩු විභාගයකි. ජාත්‍යන්තර අධිකරණය ස්ථාපිත වන්නේ මෙම නඩු විභාගවල ඍජු ප්‍රතිඵලයක් ලෙසයි. එසේම, ජන සංහාර ඇ