පළාත් සභා ඡන්දෙන් පසු මෙතැනින් කොතැනට ද?

බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුවේ බහින කලාව ඇරඹී ඇති බව පැහැදිලි ය.

ආණ්ඩුව ‍මේ මොහොතේ පටන් ම සැරසෙමින් ඉන්නේ මේ ජනවරම මංකොල්ල කෑමට ය. ඒ කියන්නේ විපක්ෂ ඡන්දයෙන් පත් වූ මන්ත්‍රීන් මිළ දී ගන්නට ය. ඔබේ මනාපයෙන් පළාත් සභාවට තේරී පත් වූ ගෙම්බන් කීපදෙනෙක් ආණ්ඩුවට එක් වනු දැක සිත කම්පා කර නොගන්නට ජනතාව වග බලා ගත යුතු ය.

පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලයේ වඩාත් කැපී පෙනෙන වෙනස ජවිපෙ නැගීමයි. අප ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පිබිදීම එතරම් නොතකන්නේ ඉතිහාසය පුරා ම මෙවැනි පුද්ගල කේන්ද්‍රීය සෝඩා බෝතල්වලට වැඩි ආයුෂක් නො තිබුණු නිසා ය.

ජවිපෙ සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නේ තමන්ට සුපුරුදු අන්දමින් බිම් මට්ටමින් වැඩ කරන්නේ නැතිව වීම විශේෂයකි. ගෙන් ගෙට කැන්වසින් යාම, පෝස්ටර් ගැසීම, ‍කොඩි දැමීම වැනි ජවිපෙ සම්ප්‍රදායික ප්‍රචාරණ කටයුතු මෙම මැතිවරණයේදී එතරම් පුළුල්ව සිදු කෙරුණේ නැත. එයට ප්‍රධාන හේතුව ජවිපෙ බිම් මට්ටමේ ක්‍රියාකාරී බලවේගය පක්ෂයෙන් ඉවත් වී යාමයි. ජවිපෙ ඡන්ද ලබා ගත්තේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වෙතින් ලද ආවරණය නිසා ය. නායකත්ව වෙනස හා අනුර කුමාර දිසානායක තුළින් ප්‍රදර්ශනය වූ දේශපාලන වෘත්තිකභාවය ද මේ ජයග්‍රහණයට ඉවහල් විය.

ජවිපෙට දෙන ලද ඡන්දවලින් ඉතා පැහැදිලිව ම පුළුල් සමාජ වෙනසක් පිළිබඳ අපේක්ෂා ප්‍රකාශයට පත් වී තිබේ. මේ පිළිබඳව ජවිපෙ බැරෑරුම් ලෙස කල්පනා කළ යුතු ය. ජනතාවගේ අපේක්ෂාව පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙනසක් බව ඉතා පැහැදිලි ය.මෙම තත්වය 2004 වසරට යම්තාක් දුරකට සමාන ය. එදා ජනතාව ජවිපෙ මහ ඉහළින් දිනවමින් අපේක්ෂා කළ දෙය වැනි දෙයක් මෙදාත් ජනතාවගෙන් ප්‍රදර්ශනය වෙමින් තිබේ. 

එහෙත්, අද වන විට ජවිපෙ එදාටත් වඩා පිරිහී තිබේ. ජවිපෙ වටා එක් රැස් වෙමින් සිටින්නේ ඒ පාරෙන් දේශපාලන ඉනිමගේ දුර යාමට බලාපොරොත්තු වන අවස්ථාවාදීහු පිරිසකි. 2004 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි කර ගත් බොහෝ දෙනෙක් මේ වන විට ආණ්ඩුවේ ය. එහෙත් ඔවුන් අතර ද සමාජ නායකයන් විරල ය. අද ජවිපෙ ව‍ටා ඒකරාශී වන පිරිස සමාජ නායකයන් බවට පත් කිරීමේ මූලික වගකීමක් ජවිපෙට තිබේ. 

අනෙක් පැත්තෙන්, මෙය ජවිපෙට තනිවම යා හැකි ගමනක් නොවේ. වෙනස් කළ යුතුව තිබෙන්නේ දේශපාලන නායකත්වය පමණක් නොවේ. පවත්නා දූෂිත, ඒකාධිපති, ජාතිවාදී, ආගම්වාදී පාලන ක්‍රමය වෙනස් කළ යුතු ය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කළ යුතු ය. ඒ සඳහා නායකත්වය ගැනීමේ වගකීමක් ජවිපෙ වෙත පැවරී තිබේ. 

නායකත්වය ගැනීම යනු එක්සත් ජාතික පක්ෂය, සරත් ෆොන්සේකාගේ පක්ෂය හා රාජ්‍ය නොවන සංවිධාන ටික කළමනාකරණය කර ගැනීම පමණක් නො වේ. මෙම බලවේග ඇත්තෙන් ම උත්සාහ කරමින් සිටින්නේ ජවිපෙ කළමනාකරණය කර ගන්නටයි. 2004 සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ ද එයයි. එයින් වැළකීමට නම් ජවිපෙ සිය පදනම ශක්තිමත් කර ගත යුතු ය. මෙම පදනම වනාහි පාවෙන ඡන්ද නොව, රටේ සක්‍රිය වාම බලවේගයයි. ජවිපෙ එය කළමනාකරණය කර ගැනීමට මැදිහත් විය යුතු ය.

ජවිපෙ කටයුතු කළ යුතුව තිබෙන්නේ සෙසු වාම කොටස් මර්දනය කරගෙන ඉදිරියට ඒමට නො ව, එම බලවේගයට නායකත්වය දෙන්නට ය. විහේෂයෙන් ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය හැදීමේ ක්‍රියාවලිය දක්වා ජවිපෙන් වෙන්ව ගිය බලවේගය කළමනාකරණය කර ගැනීම සඳහා ජවිපෙට වෙනස් ආකාරයක ප්‍රවේශයක් තිබිය යුතු ය. කැඩි කැඩී පරමාණුකරණය වෙමින් තිබෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ද අලුත් තත්වය තුළ බරපතල වගකීමක් තිබේ. මන්ද, මෙම ජනතා අපේක්ෂාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජවාදය පිළිබඳ ‍අපේක්ෂාවකි.

ජවිපෙ හමුවේ තිබෙන අනෙක් අභියෝගය නැවතත් ජාතික ප්‍රශ්නයයි. දෙමළ, මුස්ලිම් ඡන්ද නොමැතිව මේ ආණ්ඩුව පරදවන්නට කිසිවෙකුට බැරි ය. දෙමළ, මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ කිසිදු හැකියාවක් ආණ්ඩුවට නැතිමුත්, ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයකට නොපැමිණ දෙමළ සහයෝගය ලබා ගැනීම දුෂ්කර වනු ඇත. අඩු තරමේ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පළාත් සභා සමග බලය බෙදා ගැනීමට හෝ කැමති වන්නේ නැති පක්ෂයකට දෙමළ ජනතාව සිය නායකත්වය යටතට ගන්නට කිසි දිනෙක බැරි වනු ඇත. සැබෑ වෙනසක් පිළිබඳ සිහිනය හරහා නැවතත් වැටෙන්නේ ජාතික ප්‍රශ්නයේ අඳුරු සෙවණැල්ලයි. 

ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. දන්න තරමට පළාත් සභාවල පක්ෂ මාරු කරන්න බැහැ??

    ReplyDelete
  2. පැරා මහත්තයො මමනම් දකින්නෙ පොන්සේකට දී ඇත්තේ වඩාත් සටන්කාමී ඡන්දයි. තනි පුද්ගලයෙකුට නෙවෙයි ඒ ඡන්ද දීල තියෙන්නෙ අනෙක් 3 ගොල්ලම එකවගේ බහුබූතයො කියල පෙන්නන්න. ඒකෙදි පත්වෙන්නෙ කවුද කියල අදහසක්වත් අපිට තිබුනෙ නෑ.
    ඒ පිරිසිදු විරෝධාකල්පයයි.

    ReplyDelete
  3. ජවිපෙට,
    ඔය කියන "සෙසු වාමවාදී කොටස් එකතුකරගෙන දෙමළ මුස්ලිම් ඡන්ද දිනාගෙන..... " වගේ කතන්දර හීන විතරයි. ඒක අපිත් දන්නව ජවිපෙත් දන්නව නමුත් පැරා දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නෙ රාජ්.

      ෆොන්සි මෙච්චර චා වෙලා පක්ෂෙ ඔක්කොම උන් බැන බැන අයින් වෙද්දිත් මිනිස්සු ඔච්චර චන්දෙ දුන්නෙ ජෙප්පන්ට දෙන්න අකමැති නිසා කියන elephant in the room පැරා එක වාක්‍යෙන් කපල දාන්නෙත් ඔය හීනෙ ඩිස්ටර්බ් වෙන නිසා.

      හරි වැරැද්ද මොක වුනත් වාමවාදී කොටස් ඇත්ත වාමවාදී ප්‍රතිපත්ති වලට එකතු කරොත් චන්ද නම් දිනනව බොරු. දෙමළ මුස්ලිම් චන්ද "දිනා ගන්නව" කියන්නෙත් 2010 ෆොන්සි කරා වගේ එලිපිට කතා ගරන්න බැරි ප්‍රතිපත්ති උඩ නම් වෙන්නෙ තියන චන්ද ටිකටත් කෙලවෙන එක.

      Delete
    2. දේශපාලන දේශගුණය හැමදාම එක විදියට තියෙන් නැ. ප්‍රජාතන්ත්‍රවාදය හා යහ පාලනය වෙනුවෙන් අනෙකුත් ජනතා බලවේග JVP නායකත්වය යටතේ වඩාත් නව්කරණය වූ දේශපාලන ක්‍රමවේදයක් ඔස්සේ ඉදිරියට යන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ ,මිසක් JVP එකේ නෙවෙයි.

      Delete
    3. "ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සුන්ගේ" කියන්නේ ගෙඩිය වැටෙන කම් බලා සිටීමය. ජෙප්පන්ට හෝ යූඇන්පියට දීම මේ ආණ්ඩුවට දීමට වඩා හොඳ යයි බහුතරයකට සිතෙන තාක් කල් මේ ආණ්ඩුව පවතිනු ඇත.
      ඒකට තමා හරියට මාකට් කර ගැනීම තමන්ගේ වැඩකි.

      Delete
  4. apinam anura kumarata

    ReplyDelete
  5. ///ජවිපෙ කටයුතු කළ යුතුව තිබෙන්නේ සෙසු වාම කොටස් මර්දනය කරගෙන ඉදිරියට ඒමට නො ව, එම බලවේගයට නායකත්වය දෙන්නට ය. /////

    මෙපමනක් නොව අපෙන් තොර පැවත්මක් නැත කියන ආකල්පයෙන් මිදෙන්න ඕන. මම හිතන්නේ දැන් ජවිපෙ නිවැරදිවෙමින් පවතින යුගයයි කියලා. ඔවුන් වඩාත් ඉක්මනින් බිම් මට්ටමින් ජනතාවට සමීප විය යුතුයි. මොකද එක්තරා තීරනාත්මක අවස්තාවකදි මේ මාධ්‍ය ඔවුන්ව අතහැර , මාධය හාම්පුතුන්ගේ අණට යටවෙනවා. වඩාත් ලංවිය යුත්තේ ඔබ අතහැර නොයන බිම් මට්ටමට මිස පවතින මාධ්‍ය සෙප්පඩ විජ්ජාවට නොවන බව ඔවුන් වටහා ගතයුතුයි.

    ReplyDelete
  6. //අද වන විට ජවිපෙ එදාටත් වඩා පිරිහී තිබේ. ජවිපෙ වටා එක් රැස් වෙමින් සිටින්නේ ඒ පාරෙන් දේශපාලන ඉනිමගේ දුර යාමට බලාපොරොත්තු වන අවස්ථාවාදීහු පිරිසකි. 2004 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර හිමි කර ගත් බොහෝ දෙනෙක් මේ වන විට ආණ්ඩුවේ ය. එහෙත් ඔවුන් අතර ද සමාජ නායකයන් විරල ය. අද ජවිපෙ ව‍ටා ඒකරාශී වන පිරිස සමාජ නායකයන් බවට පත් කිරීමේ මූලික වගකීමක් ජවිපෙට තිබේ. //

    තිත්ත ඇත්ත....

    ReplyDelete
  7. සන්ධානය නියෝජනය කරන කුඩා පක්ෂවලට මෙම පළාත් සභා මැතිවරණයේදී මොනවද ලැබුණේ. ඔවුන්ගේ දිය වී යාම හෝ ඔවුන්ව දිය කරවීම ඇරඹී ඇත. උදය ගම්මන්පිලගේ ජනප්‍රියත්වය හා තිබූ ස්ථාවරය මත තේරී පත්වී ඇති නමුත් සෙසු දිස්ත්‍රික්කයන්හි තත්ත්වය බරපතල බලපෑමක් නොවේද?
    උදය ගම්මන්පිල සන්ධානයේ ජයග්‍රහණය මත පත්වූවා නොව උදය ගම්මන්පිලගේ හා හිරුණිකාගේ ජයග්‍රහණය මත සන්ධානය තේරී පත්ව ඇත. පොන්සේකාගේ අපේක්ෂකයන් පිල් මාරු කරන ආකාරයට මොවුනුත් ක්‍රියා කළේ නම්, අද කොළඹ දිස්ත්‍රික්කය සන්ධානයේ පරාජයයි.

    කෙසේ වෙතත් පොදු ජනතාවගේ නියම නායකත්වයක් හා සැබෑ පොදුජන නියෝජනයක් සහිත සන්ධානයේ කුඩා පක්ෂ තමා පත්ව ඇති සැබෑ තත්ත්වය අවබෝධ කරගනිමින් සැබෑ ස්වාධීන සන්ධානයක් ගොඩනගා ගැනීම අද අවශ්‍යව ඇති අවශ්‍යතාවයකි. (මෙයට ජාතික නිදහස් පෙරමුණ අදාල නොවේ - ජාතික නිදහස් පෙරමුණ යනු සැබෑ වාමවාදී අරගලයක නියැලුණු ජනතාවාදී පක්ෂයකින් වෙන් කෙරුණු ධනවාදී බත්ගොට්ටන් කණ්ඩායමකි.)

    සන්ධානයේ සිටින සැබෑ වාමවාදී කණ්ඩායමක් හා ජේ.වී.පී. යේ සන්ධානයක් ගොඩ නැගෙන්නේ නම්, ජනතාවට යම් අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

    ආශ්චර්යය කෙසේ වෙතත්, කේතුමතී නුවර දුර නැත.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇනෝ සුළු පක්ෂවල තත්වය අසරණයි.
      LSSPඑකෙන් කීර්ති කාරියවසම්, CPඑකෙන් බිංදු වීරසිංහ, MEPඑකෙන් සිසිර ජයකොඩි , JNPඑකෙන් රොජර් සෙනෙවිරත්න දිනුම්. රණවිරු සෙට් එකෙන් උඳුගොඩ කියලා හිටපු කෙනෙක් දිණුම් මම හිතන විදිහට. විමල්ගේ ප්‍රියන්ත බෙල්ලන,නෙලුක් මල්ලව අහලකවත් නැහැ.

      බස්නාහිර ගම්මන්පිල සහ වර්ණසිංහ ගැන හිතලා කළුතර ලිස්ට් එකේ ඊළඟට ඉන්න පියනන්ද සාධුට බෝනස් එකක් දෙයි කියලා හිතනවා. වෙන නම් දකින්න දෙයක් නැහැ දියවීම හැර.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා