විමුක්තිය සොයා පළා යන ලංකාවේ ම්‍ධ්‍යම පංතිය

මොහොතකට කලින් එක්තරා පුවත්පත් කතුවරයකුගේ ෆේස්බුක් ගිනුමක දුටුවා, ඔහු ස්ථිරවම ලංකාවෙන් පිට වී වෙනත් රටකට සංක්‍රමණය වන්නට යන බව. 

මේ කතුවරයා සිංහල ජාතිකවාදී අදහස් ඇති තරමක් ලිබරල් නැඹුරුවකිනුත් යුත් කෙනෙක්. සිංහල ජාතිකවාදීන් පවා අවසානයේදී කරන්නේ මේ දේ. අඩු තරමේ ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් හෝ ඔවුන් තෝරා ගන්නේ බටහිර, සංවර්ධිත රටකට සංක්‍රමණය වීමේ විසඳුමයි. මා නිරීක්ෂණය කර ඇති ආකාරයට ලංකාවේ වඩාත් ම උන්නතිකාමී මධ්‍යම පංතික බලවේගයේ ස‍ිහිනය සංක්‍රමණයයි. මෙහි තිබෙන පරස්පරය වන්නේ වැඩියෙන් ම දේශප්‍රේමී, ජාතිකවාදී, ආගම්වාදී අදහස් දරන්නේ ද මෙම බලවේගය ම වීමයි. දකුණේ ‍මහින්ද රාජපක්ෂ හා උතු‍රේ ප්‍රභාකරන් මෙම බලවේගයන්ගේ නිර්මාණ වෙති.

එහෙත් ඔවුන් යන්නේ ලෝකෙන් උතුම් ම රට, ලෝකෙ හොඳ ම වතුර, සිංහල ගම, සරම හා බැනියම, බුලත් විට, සිංහල හාලේ බත් විතරක් නෙමෙයි සිංහල බෞද්ධ සංස්කෘතිය, සිංහල බුදු දහම, ජාතිකවාදී දේශපාලනය හා සිංහලයන්ගේ අහවල් එක වන මහින්ද චින්තනය ද මෙහි තබා ය. දෙමළ අය නම් අපට ඉතිරි කර යන්නේ මරාගෙන මැරෙන බෝම්බ ය.

අප මේ කියන කාරණය සිංහල මෙන් ම දෙමළ ඩයස්පෝරාවට ද පොදු ය. රුද්‍රකුමාර්ට මෙන් ම ගෝඨාභය රාජපක්ෂට හා ප්‍රේමකුමාර් ගුනරත්නම්ට ද පොදු ය.

පුරවැසිභාවය වෙනස් කර ගත්තත්, බොහෝ දෙනෙකුට තමන්ට මේ ගොරක දේශයේ තිබුණු පිළිගැනීමෙන් අංශු මාත්‍රයක් හෝ තමන් යන රටෙන් නො ලැබෙන නිසා එතැන් සිට ඔවුහු සිය අනන්‍යතා අර්බුදය ‍ප්‍රකාශ කිරීම සඳහා ඩයස්පෝරා හදා ගනිති.


හැත්තෑව දශකයේදී සේපාල ඒකනායක ඉතාලි අලිටාලියා ගුවන් යානයක් පැහැර ගත්තේත්, දැන් ලංකාවේ මිනිස්සු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියා යන්නේත් එක ම අරමුණක් වෙනුවෙනි. ඒ සංවර්ධිත, ප්‍රජාතන්ත්‍රවාදී රටක අලුත් ජීවිතයක් ආරම්භ කිරීම සඳහා ය. දුප්පතුන් එසේ කරද්දී මධ්‍යම පංතිකයන් කරන්නේ සල්ලි විසි කර දරුවන් අධ්‍යාපනයට එතෙර යවා, වෘත්තිකයන් බවට පත් කර, ඔවුන්ට සංවර්ධිත රටවල ජීවිත ගොඩනංවා දී ජීවිතයේ අවසන් කාලය ගෙවන්නට එහි යාමයි. තවත් කොටසක් ලංකාවේ තමන්ට ජීවිත තර්ජන ඇති බව කියා පිටරටවල දේශපාලන රැකවරණ ලබා ගනිති.

මේ අය මැරෙන තුරාමත් ඔවුන්ට සිය අනන්‍යතා අර්බුදයෙන් ගොඩ ඒමට බැරි වන හෙයින්, ඔවුහු ජීවිතාන්තය දක්වා ම ලංකාවට මළ කරද‍ර වෙති. ඒ ඔවුන්ගේ අලුතින් සොයා ගත් දේශප්‍රේමය නිසා ය. මේ දේශප්‍රේමය වෙනුවෙන් ඔවුන්ට කරන්නට තිබෙන්නේ ඩොලර් හෝ යුරෝ සොච්චමක් වැය කිරීම හා අවුරුද්දකට විතර වතාවක් සිංහ හෝ කොටි කොඩි රැගෙන උද්ඝෝෂණයකට සහභාගි වීම පමණි. සීත කාලයේ අඩු වියදමින් නිවාඩුවක් ගත කිරීමට සිය මාතෘ භූමියට එන මේ දේශප්‍රේමියෝ සිය දරු මුණුබුරන්ට සිය මුල් පෙන්වමින් මාර සතුටක් ලබති. තමන් ජීවත් වන රටේදී කීයටවත් නො ලැබෙන මාර පිළිගැනීමක් ලැබ, ඒකත් ආපසු මෙහේට ම විකුණා ආපසු සිය සැබෑ රටට යන්නේ තමන්‍ට වී තිබෙන අලකලංචිය තවත් පටලවාගෙන ය.

බොහෝ සිංහල සංක්‍රමණිකයන්ගේ දෙවන පරම්පරා සිය තාත්තලාගේ මනස්ගාත අමතක කර දමා තමන් දැන් ජීවත් වන තමන්ගේ රටේ ජීවිතය සතුටින් භාර ගනිති. තුන්වන පරම්පරාවට යන විට ලංකාව ඔවුන්ට තවත් ලාභදායී ටුවරිස්ට් ඩෙස්ටිනේෂන් එකක් පමණි. 

‍එහෙත්, දෙමළ සමාජයේ මෙය වෙනස් ය. යුද්ධයට ස්තුති වන්නට පවුල් පිටින් ම විදෙස්ගත වී සිටින ඔවුහු ඒ රටවල්වලත් පුංචි පුංචි පොකට් ඇතුළේ ම ජීවත් වෙති. ඔවුන්ගේ ඊළඟ පරම්පරා ද ඒ රටවල ජීවිතයට එකතු වන්නේ සෙමින් ය. එහෙයින් ඔවුන්ගෙන් මෙහි ජීවිතයට ඇති කරදරය වැඩි ය.

මේ බොහෝ දෙනෙකුට සිය අනන්‍යතා ප්‍රශ්නය නිසා ලංකාව හැරමිටියකි. අනතුරට පත් මාධ්‍යවේදියකු, රටින් පළා යන්නට සිදු වූ දේශපාලන ක්‍රියාකාරිකයෙකු, පීඩිත ජාතිකවාදියෙකු වැනි අනන්‍යතා අවන්හල් ‍සේවකයකු වැනි සාමාන්‍ය අනන්‍යතාවකට අමතර දෙයක් එකතු කරයි. මං මෙහේ මෙහෙම හිටියට එ‍හේ පොරක් යන මානසිකත්වය කාට නැතත් තමන්ට හෝ වැදගත් විය හැකි ය. 

ඔවුන්ගේ භෞතික යථාර්ථය තුළ ඇත්තෙන් ම ඔවුන්ට ලංකාවේ සාමය ඇති වීම බරපතල ගැටලුවකි. ලංකාව සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදය හා සංවර්ධනය දෙසට යොමු වූ රටක් වුවහොත් ඔවුන්ට සිය අනන්‍යතා හැරමිටිය හා ඇතැම් විට ආර්ථික ප්‍රාණ නාලිය ද අහිමි වී යයි.

ලංකාවේ සිංහල හා දෙමළ දෙජාතියට වැඩියෙන් ම ආදරය කරන මිනිසුන් සිටින තැන ඩයස්පෝ‍රාව වන්නේ මෙම සංදර්භය තුළ ය. ඔවුන්ගේ ආදරයේ අභිලාෂය ලංකාව වලේ ම තබා ගැනීමයි. වෙන මොනවා නැතත්, මෙහි සිටින අසරණයන්ගේ ඉරිසියාවෙන් හෝ ඔවුන්ට සැනසෙන්නට ලැබෙන්නේ එවිට ය.

ඊනියා ජාතිකවාදීන්ගේ රටට ආදරය කිරීමේ මූලික කොන්දේසියක් විය යුත්තේ හැකි අවසාන මොහොත දක්වා ‍මේ රටේ ම හිඳිමින් මේ රට හරි මග වෙත ගැනීමට උත්සාහ කිරීමයි. 

දෙමළ ජාතිකවාදීන් නම් කළ යුතුව තිබෙන්නේ ආපසු පැමිණ සිය ඊලාම් අරගලය මෙහි ආරම්භ කිරීමයි. ‍එහෙම නැතිව මසකට ඩොලර් 25ක් 50ක් එවා මෙහි දුප්පත් තරුණ තරුණියන් මරාගෙන මැරෙන තෙක් බලා සිටීම අම්බානක කුහකකමකි. 

සාමාන්‍යයෙන් ජාතිද්‍රෝහියකු, දේශද්‍රෝහියකු වන මා වැන අය නම් මොන තූත්තුකුඩියක ගියත් කමක් නැත. මම නම් සිංහල හෝ දෙමළ හෝ ජාතිකවාදියෙක් නො වෙමි. මේ ජාතීන් දිය වී ගොස් ලාංකීය දේශපාලන ප්‍රජාවක් වෙත අනුකලනය වීම මගේ සමාජ දේශපාලන අභිලාෂයයි. එසේම, භූගෝලීය වශයෙන් ද ලෝකයේ රටවල් එකට බැඳෙනවාට මම කැමති ය.

මා මේ රටෙන් පළා ‍නො ගොස් ඉන්නේ එක ම එක හේතුවක් නිසා ය. උපතින් මා අයත් වන සමාජයේ ජීවත් වීමට මා කැමති නිසා ය. ඒ සමාජය සමස්තයක් ලෙස ගොඩ ගන්නට මම මට හැකි අන්දමින් අරගල කරමි. මට සිතෙන අන්දමට එය දේශපාලනික ය. අප සමාජයක් ලෙස අගාධයට යමින් තිබෙන තත්වය තුළ මා වැඩියෙන් ම ආදරය කරන මගේ දරුවන් වෙනුවෙන් කුමක් කළ හැකිදැයි මට සිතා ගන්නට බැරි ය. 

විමුක්තිය සොයා පළා ගිය මිනිසුන් ජාතිවාදයේ, ආගම්වාදයේ හා ඒකාධිපතිවාදයේ පසුගාමිත්වය තුළ ගිල්වා  ලංකාව අනාථ කිරීමට යත්න දරන එක ඇත්තට ම බරපතල තත්වයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. //මා මේ රටෙන් පළා ‍නො ගොස් ඉන්නේ එක ම එක හේතුවක් නිසා ය. //

    යන්න බැරි වුනාම දුකට මිනිස්සු කියන කථා....

    ReplyDelete
    Replies
    1. යන්න බැරි වුනාම දුක දැනෙන්නේ යන්න ආසාව තියෙන අයටය.
      මටත් රට යන්නට ආසාවක් නැත. රට දාල යන්නට දුකක් ඇත. ඒ මොන කරුමයක් නිසාදැයි තේරුම් ගන්නට මා උත්සාහ කළේ ද නැත.
      කොහොම වුනත් පිටරට ජීවත් වෙමින් ලංකාවට ආදරය කිරීම විහිළුවක්. මේ කියන්නේ රැකියාව වෙනුවෙන් හෝ වෙනත් අවශ්‍යතාවක් වෙනුවෙන් පිටරට ජීවත් වන්නට සිදු වී ඇති අය ගැන නොවේ.
      ගමේ සිට නගරයට සංක්‍රමණය වී ඇති අය ගැනත් මේ තත්වය යම් පමණකින් අදාලය.

      Delete
  2. පුරවැසිභාවය වෙනස් කර ගත්තත්, බොහෝ දෙනෙකුට තමන්ට මේ ගොරක දේශයේ තිබුණු පිළිගැනීමෙන් අංශු මාත්‍රයක් හෝ තමන් යන රටෙන් නො ලැබෙන නිසා...
    Not necessarily. At least you have the freedom and ability to help your relatives back in Sri Lanka

    ReplyDelete
  3. //පුරවැසිභාවය වෙනස් කර ගත්තත්, බොහෝ දෙනෙකුට තමන්ට මේ ගොරක දේශයේ තිබුණු පිළිගැනීමෙන් අංශු මාත්‍රයක් හෝ තමන් යන රටෙන් නො ලැබෙන නිසා //
    Majority of the skilled migrants have been well accepted into the industries here( where I live) and they are very happy.No interference from politicians or swollen headed intellectuals

    ReplyDelete
    Replies
    1. come and see and come to a final conclusion

      Delete
  4. ලංකාවේ මානව හිමිකම් කැඩීමක් වී නැතියැයි උද්ඝෝෂණයට නොබෝදා ඉතාලි‍යේ සිට බස්වලින් ජිනීවා ගිය අයගෙන් සමහරු ඉතාලි‍යේ වීසා ලබාගෙන ඇත්තේ ලංකාවේ දී තමන් ගේ මානව හිමිකම් කඩවුණුබව කියා යැයි වාර්තා වී තිබුණා.

    ReplyDelete
    Replies
    1. ane pawe............

      Delete
    2. කතන්දර කාරයා නමින් සැඟවී සිටින රසික කියන පුද්ගලයා කැලණිය සරසවියේ තිබුණු තමන්ගේ රැකියාවට පොල්ල තියා ඔස්ට්‍රේලියාවට පැනගොස් එහි සිට ලංකාවේ සියලු ප්‍රශ්න විසදන්නට බ්ලොග් අවකාශය යොදාගන්නේ ජාත්‍යාලය නිසාද නැත්නම් අධෝ මාර්ගයේ අමාරුවක් නිසාද?

      Delete
    3. මා දන්න විදියට නම් මේ ගිය බොහෝ අය බලෙන් වගේ අරන් ගිය අය. ඔවුන් ජීනීවා යාමේ එකම අරමුණ තව රටක් බලාගැනීම හෝ අර කියපු බස් එකේ පොඩි ගාණකට යාමට ලැබීම.
      අනේ කාලේ වනේ වාසේ කීවලු

      Delete
    4. @ Anonymous March 26, 2014 at 10:44 PM

      මෝඩයා කියලා මරන්නයැ, එනිසා ඇනෝ ප්ලීස් මේ අහන්න.

      1. කතන්දරකාරයා යනු බ්ලොග් ලොව ඉන්නා චරිතයකි. ඒ චරිතය මේ දක්වා සිට ඇත්තේ සිරි ලංකාවේය. තායිලන්තයේ ඉගෙන ගෙන ඇත. වරක් නිවාඩුවකට ඉතාලිය සහ ජර්මනියට ගියේය. ඒ චරිතය වෙනත් රටක සිටින බවක් කියන්නේ ඔබ පමණි. එවැනි දෙයක් මට කතන්දර බ්ලොගයෙන් සොයා දෙන්න.

      2. කතන්දර බ්ලොග් එක ලියන පුද්ගලයෙක් ඇත. ඔහු පිළිබඳව ඔබට ලැබී ඇත්තේ සත්‍ය තොරතුරු නොවන බව පෙනේ. කරුණාකර ඔබේ මූලාශ්‍රවලින් නැවත විමසා දුර්මත ඉවත්කර ගන්න.

      Delete
  5. මිනිසුන් රට හැරයන්නේ ආර්තික ප්‍රතිලාභ වලටත් වඩා උසස් සංස්කෘතිය සොයාගෙන​. ලන්කාවේ නීතිය ක්‍රිය්‍යත්මක නොවීම , විනයක් නැති පසුගාමී සමාජය , අසංස්කෘතිය නිසා සාමාන්‍ය මිනිසා යනු ලන්කාවේ හතරවන පන්තියේ පුරවැසියෙක්.

    ReplyDelete
    Replies
    1. හරියටම හරි සමහර මිනිස්සු ඉන්නව සමාජ අසධාරණය කියන එකට අධි සංවේදී අය..ඒ මිනිසුන්ට මේ රටේ ජීවත් වීම හරිම අමාරුයි...ඕනම අසාධාරණයක් වෙද්දි අහක බලාගෙන ඉන්න පුළුවන් අයට නම් ගානක් නැතුව ඇති.

      Delete
  6. ශ්‍රී ලංකාවේ යම් ප්‍රමානයක්ට බුද්ධිමත් මිනිසුන් සිටින බවට අප විශ්වාස කරමු. තවමත් මේ ර​ෙට් උගත් දොස්තරවරු, ඉන්ජිනේරුවන්, ගණකාධිවරුන්, ඇතුලු වෘත්තිකයන් පිරිසක් සිටිති.

    නමුත් ශ්‍රී ලංකාව යනු නූගතුන් විසින් බුද්ධිමතුන්ව පාලනය කරන රටකි. එයට මූලික හේතුව නම් ලංකාව සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් වීමයි.

    අසංස්කෘතික පසුගාමී ගෝත්‍රික රටවල බලවත් සිවිල් උගත් මිනිසුන් ගෙන් සැදුම් ලත් සමාජ කවයක් නැත​. එවැනි රටවල සිටින සුලුතරයක් වූ බුද්ධිමත් වෘත්තිකයන් සමාජ ප්‍රශ්න වලදී තම ඔපීනියන් දෙන්නට යන්නේ නැත​.

    නූගත් පාදඩ වනචාරීන් විසින් බලය ගෙන යන රටක තම ඔපීනියන් දීම යනු දෙකයි දෙකේ පොල්ලක් ඔලුව හරාහා වැදීමය​. එම නිසා මොවුන් බොහෝ විට කරන්නේ තම ඔපීනියන් තමා තුල තබා ගෙන මේ මජර ක්‍රමය හරහා මුදල් උපයා ගැනීමය​.

    එසේ උපයන මුදල් වලින් මොවුන් තම දරුවන් දියුණු රට වලට ඉගෙනුම සඳහා යවා ඉන්පසු ඔවුන්ට ඒ රටවල පුරවැසි භාවය ලබා දෙති. තම දරුවා ලංකාව වැනි සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික නූගත් රටක පුරවසියෙකු වීමට වඩා සංස්කෘතික, ආර්ථික සහ සමාජමය වශයෙන් දියුණු රටක දෙවන පන්තියේ පුරවැසියෙකු වීම වඩාත් යහපත් බව ඔවුන් විශ්වාස කරති.

    මෙය ප්‍රසිද්ධියේ නොකීවද සත්‍ය තත්වය මෙයයි. මේ ගැන කල හැකි දෙයක් නැත​. ප්‍රසිද්ධියේ රට ජාතිය ගැන කථා කරන නලීන් ද සිල්වලා ගුනදාස අමරසේකරලාවත් තමන් ගේ දරුවන් හා දරුවන්ගේ දරුවන් වත් ලංකාවේ තියා ගත්තේ නැත​. හේතුව ලංකාව යනු සංස්කෘතික වශයෙන් පහත් පසුගාමී ගෝත්‍රික රාජ්‍යක් බව ඔවුනද හොඳාකාරවම දන්නා නිසාය​.

    ReplyDelete
  7. ලංකාව හැරයන සමාජවාදීන් හා විප්ලවවාදීන් වෙනුවෙන් ලියන්න අමතක වෙලා වගේ පැරාට. වාමාංශික පක්ෂ වල අයත් පොඩ්ඩ එහා මෙහා වෙනකොට දේශපාළණ රැකවරණ බලා විදේශගතවෙනවා. ඒ ඇමරිකාව, ඔස්ට්‍රේලීයාව, එංගලන්තය, ජපානය, ඉතාලිය වගේ මාක්ස්වාදි එහෙම නැත්නම් සමාජවාදී රටවලට. දැන් ඔය පට්ට වාමාංශික පොරක් වෙච්චි, කාල් මාක්ස්ගේ මල්ලි, ඒ කියන්නේ වාසුගේ දරුවෝ ඉන්නේ ලෙනින් ගොඩනගපු ඇමරිකාවේ. සමාජවාදයේ අඬහැරය වෙච්චි විමල් වීරවංශගේ පුතා ඉන්නේ එංගලන්තේ. කක්කාවලත් දේශප්‍රේමය බහුලව පවතින නලීන්ද සිල්වගේ පුතා ඉන්නේ බටහිර කුමන්ත්‍රන කාරයොත් එක්ක. පැරාට පැනගන්න තිබුන චාන්ස් වලින් පැන ගත්තා නම් ඉවරයි. මොකෝ පැරාට ගම හැදිම්ම කෙසේ වෙතත්, පැරාගේ මස්සිනා මහින්ද මහත්තයට කඩේ යන එකවත් නවත්ත ගන්න බැරි නිසා.

    එකෙම සරණ කොහොම හරි පැට්ටෝ දෙන්නා අපනයනය කරලා දාන්න වැඩිදුර අජ්ජාපනේට හරි. සමහර විට අර මම කලින් කියපු සමාජවාදි රටවල ඉඳන් ධනවාදය ගැන ලෙක්චර් දෙන කාඩරයෙක් අල්ල ගත්තා නම් සප් එකක් නොදී ඉන්න එකක් නෑ. එතකොට පැරාටයි හාමිනේටත් වයසට ගියාම ජැකට් එකක් දාගෙන, පන්සලකට ගොඩ වෙලා, බනක් දහමක් අහගෙන, වාමංශික දායක දායිකාවෝ වෙලා ජනතාවට විමුක්තිය ඇති කරන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ට රට යන්න සිද්ද වෙනවා‍ වෙන්න පුළුවන්. මෙතන ප්‍රශ්නෙ මාතලන්, රට ගැන මහත් භක්තියෙන් කතා කරමින් පිටරට ගිහින් සැප විඳින්න උත්සාහ කිරීමයි. මට වැටහෙන විදිහට පෝස්ට් එක ලියල තියෙන්නෙ ඒ වගේ දෙයක් ගැනයි.
      මාක්ස්වාදීන් රට යාම ප්‍රශ්නයක් නෙවෙයි. මාක්ස්වාදය කතා කරන්නේ සකළ දේශ වාසී නිර්ධනයින්ගේ එකතු වීම ගැනයි.

      Delete
    2. ඔව් ඒ උනාට මෙයාගේ මත්තුරුකාවේ කෑල්ලක් අඩුයි..

      Delete
    3. @ හෙනහුරා,
      මැරවින්ගෙ ‍පට්ට අනුගාමිකයෙක් හින්දද මන්ද මේ මාතලන් කියන ඩයල් එකත්, බජාර් බාසාවෙන් අම්බ පඬි ටෝක් දෙනවා. ඒ වුනාට මෑන්ට යම්කිසි ලිපියක් කියවලා ඒකෙ අන්තර්ගතය තේරුම් ගන්න බැරි බව (තමන්ගෙ ලොක්කට වගේම) මේ කමෙන්ට් වලින්ම තේරෙනවනේ. ඉතින් ඒ නිසා ඒ ගැන පැහැදිලි කිරීම්වලට යන්න එපා. තමන් සියල්ල දත් කියලවන හිතාගෙන ඉන්නෙ.

      Delete
    4. මේ අර දාස් කැපිටල් ඇනෝද.. මට නිකන් ගොම ගඳක් ආවා... මචෝ බඩු බා ගත්තද...?

      Delete
    5. මේ මාතලං කියන්නෙ මචංලා අර නිදහස් අදහස් එකේ සමාජ විද්‍යාත්මකව ගෝත්‍රවාදය ගැන කතා කරන තැනකට ගිහින් දියුනු රටවලත් ක්ලබ්ස් තියන නිසා ඒව ගෝත්‍රවාදී නෑ කියපු පොර නේ.මූ හිතන් ඉන්නෙ ගෝත්‍රවාදී කියන්නෙ සිංහලෙන් කතා කරන,බුලත් කන එක කියල ද කොහෙද.මොකද ඌ වචනෙ තේරුම දන්නෙ නෑ... එහෙන් මෙහෙන් දැකල තියෙන්නෙ ඔය බොදු බලු එකට එහෙම මිනිස්සු ගෝත්‍රවාදියො කියනවා.ඉතින් හිතන් ඉන්නෙ ගෝත්‍රවාදය කියන්නෙ ගොඩේ කමට කියල හෙහෙ....

      සුද්දො ආස්සරේ කරාට මූට කඩ්ඩත් බැහැ මම හිතන්නෙ දෙයක් කියවල තේරුන් ගන්න වත්.මූට හයේ පාරවල් ගහන්න පුලුවන් ඔය චන්ද්‍රසිරි බණ්ඩාර වගේ කබ්බන්ට තමා .....

      Delete
    6. මට ඒවා හරි පුළුවන්. උඹට මෙළෝ දෙයක් බෑ. හැමදාම කියන්නේ එකම දේ. උඹ දන්න එකම දේ අනුන්ගේ සීනී කිරන එක විතරයි. ගෝත්‍රිකයන්ට ගෝත්‍රික කියන වචනේ දැක්කත් ඇඳි වතේ හුජ්ජ යනවා.

      Delete
    7. මෝඩයෝ කතා කරන්න ඉස්සෙල්ලා ඉගෙන ගනින්."ක්ලබ් ගෝත්‍රික වෙන්නෙ කොහොමද එහෙනම් සුද්දොත් කරන්නෙ" වගේ මෝඩ කතා කියන ගමන් අපිට උගන්නන්න එන්නෙ නැතුව.හෙහ්හ් හෙහ් හී

      උබ සුද්දන්ට මොකක් හරි දීල කීයක් හරි හොයා ගත්ත පලියට සමාජ විද්‍යාව වෙනස් වෙන්නෙ නෑ මෝඩයෝ...

      Delete
    8. මොකෝ මචෝ මල පැන්නයි. එහෙම කොහොමෙයි තර්කයක් ගොඩ නගන්නේ. ගෝත්‍රික ගතිය ඉස්මතු වෙනවනේ. ඕකනේ කියන්නේ උඹ පච කෙලියට කොමෙන්ට් පච කෙලින්නේ නෑ කියලා. කොමෙන්ට් එකෙන් පේනවා උඹේ තරම සහ ගොන් කම.

      Delete
    9. බොලව් බොලා හැමදාම කියන්නෙ එකම දේ. මාතලං එහෙම නෙවෙයි එක එක දවසට වෙනස් වෙනස් ගොන් කතා කියල වෙනස් වෙනස් මෝඩ ආතල් දෙනවා.

      Delete
    10. මචෝ විප්ලවේ පැත්තක තියාලා. කොහිල කොරටුවක් දාගනින්. මූලග්ගායට කියාපු බෙහෙත. අපේ ආච්චි කිව්වේ.

      Delete
    11. කොහිල කන එක ගෝත්‍රවාදී වැඩක් බන්?ඇයි සුද්දො කොහිල කන්නෙ නෑනේ ....

      Delete
  8. Para Aiyye...underwear 1 Andinna ona Yatata. EEta udin thamai Trouser/ Sarama andinne.

    1. Existance
    2. then Living
    3 and then what you need, business, teaching, family planning, idle from morning to evening...or what ever .....
    check-out you your stability of the 1st option. there where your all(almost) short comings are..... V never think abt it.

    ReplyDelete
  9. Pamanak welawata muu `yatata andinnethuwa enawa..

    Ayeth welawaka..muu underwear1 udin endan enawa....

    Api ahuwei owata....

    new year season 1 ne... Wikata endum tharanga hemaa thalami meyaa..

    ReplyDelete
  10. //හැත්තෑව දශකයේදී සේපාල ඒකනායක ඉතාලි අලිටාලියා ගුවන් යානයක් පැහැර ගත්තේත්, දැන් ලංකාවේ මිනිස්සු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියා යන්නේත් එක ම අරමුණක් වෙනුවෙනි//

    ඔතන ප්ලේන් එක පැහැරගත්තු අරමුණයි බෝට්ටුවෙ රට පනින එකයි කතා දෙකක් නේද?. සේපාල ඉල්ලුවෙ ඉතාලියෙ හිටිය තමන්ගෙ දරුව ගාවට ආපහු යන්න වීස දෙන්න බෑ කිව්ව නිසා බිරිඳයි දරුවයි තම්න් ගාවට ගේන්න කියල මිසක ප්ලේන් එකක් හයිජැක් කරල ඉතාලියට පැනල එහේ පදිංචිය දෙන්න කියල නෙමෙයිනේ!

    බෝට්ටුවල රට පනින්නෙ උතුරෙ තීන සෝවියට් ක්‍රමේ පාලනයෙ පීඩනය දරා ගන්න බැරි දුප්පත් දෙමළු සහ පිටරට සුරපුරයෙ මහන්සිවෙන්න සූදානම්, ලංකාවෙ මඩවලේ දාඩිය හෙළන්න කම්මැලි සිංහලයො.

    මධ්‍යම පාන්තික බහුතරයක් වෘත්තිකයො රට යන්නෙ දරුවොන්ගෙ උසස් අධ්‍යාපනය ගැන හිතල. මොකද් ඒ යන ගොඩක් අය තමන්ට හොඳ පිලිගැනීමක්, ආදායමක් ලංකාවෙදි තිබ්බත් අපේ අහින්සක වාම වාමන අවිශිබමේ සහ සමවදි පොදුසිසයන්ගෙ අරුන්ගෙ මුන්ගෙ පිහිටෙන් කෙලවිලා නාකි ඇදුරු උත්තමයන්ගෙ කම්මැලි කම් සහ අර උඩ කිව්ව ගොබ්බයන්ගෙ ගොන් තර්ක නිසා යාවත්කාලීන නොවුන පාඨමාල පිරිච්චි විස්සවිද්‍යාල වල තමන් වගේම දරුවොත් කුරුවල් වෙනවට අකමැති හින්ද අමාරුවෙන් උනත් නහින දෙහින කාලෙ රටකට පනිනව ආයි ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න.

    වලේ මඩ කලතන උන් නවත්තල ඒක පිරිසිදු කරන්න ට්‍රයි කරන එක හොඳ දෙයක් තමයි. ඒත් කවුරුත් බලන්නෙ පහසු ක්‍රමේනෙ. ඒක ඉතින් මනුස්ස සොභාවෙ.



    ReplyDelete
  11. Praxis is the one and only measurement
    in real Politics.
    I Supposed you are very well Conscious about what you said here below

    සාමාන්‍යයෙන් ජාතිද්‍රෝහියකු, දේශද්‍රෝහියකු වන මා වැන අය නම් මොන තූත්තුකුඩියක ගියත් කමක් නැත.

    U r Honest.

    ReplyDelete
  12. Don't mislead your innocent sinhala readers by such a statements. thank you.
    ,හැත්තෑව දශකයේදී සේපාල ඒකනායක ඉතාලි අලිටාලියා ගුවන් යානයක් පැහැර ගත්තේත්, දැන් ලංකාවේ මිනිස්සු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියා යන්නේත් එක ම අරමුණක් වෙනුවෙනි

    ReplyDelete
  13. Kind request..
    Try to find out how Sepala lived 70...s in italy,comparison to the right now and let us read it in Sinhala.
    thanx.

    ReplyDelete
  14. දුක සැප ඔය කොයි දීපංකරේත් එකයි... ඇමරිකාවේ විඳින දුක් සැපත්, ලංකාවේ විඳින දුක් සැපත්, වෙන රටක විඳින දුක් සැපත් අතර කිසිම වෙනසක් නෑ. එකම වෙනස විඳින ක්‍රමයේ ඇති වෙනසයි.

    ReplyDelete
  15. පැරා දීප්තිට බැන්නට, මේක දීප්තිගෙ ලිපියක කාබන් කොපියකි. කියල තියන දේ වචන මිසක් අදහසෙ වෙනස් නැති හින්දා දීප්තිගෙ ලිපියට දාපු පිලිතුරම දාන්නම්.
    -ප.ගෝ.

    /*ඒ රටවල ගතින් ජීවත් වූවාට මනසින් ජීවත් වන්නේ ලාංකිකයන් විදිහටයි. */
    ඔව් මෙක ඇත්ත, අපි අවුරුදු විස්සක් විතර ජීවත් වෙලා, ඇඟට කාවැදිච්ච එකක් එක. සමහර විට දීප්ති ඔසී හරි යූඑස් හරි ඇවිත් කඩදාසියෙන් පිහදාගන්න හිතාන හිටියට අපි පුලුවන් වෙලාවට වතුර යූස් කරනවා, මොකද ඒක තමයි පුරුදු හින්ද. අතින් කනව මොකද පුරුදු හින්දා. අපෙ එකෙක් මුන ගැහුනොත් මචන් කියනවා. හබැයි එහෙම කියන්නෙ කරන්න දීප්තිගෙ මනෝ විකාර ජාති ආලෙට නෙවෙයි, ඒ අපි පුරුදු විදිය හින්ද. හැබැයි අපි හැන්දෙන් කාල පාරෙදි අපෙ එකෙක් දැක්කාම හේ මෑන්, වට්ස් අප් කිව්වොත් මුන්ම තමයි කියන්නෙ අරුන් "විඥාණකව" සුද්දො වෙල හැබයි ලංකාවෙ ඉන්නකොට කෑවෙ කොස් කියල.

    /*මේ නිසා මේ රටවල ඉන්න සිංහල බෞද්ධ අය එකතු වෙලා ශ්‍රි ලාංකිකයන් ගේ සංගම් හදාගෙන තියෙනව*/
    සංගම් හදාගෙන තියනව, ඔව්, මොකද එකෙන් වෙන්නෙ එක කොන්ටෙක්ට්ස් එකකට අදාල මිනිසුන් සමූහයක් එකට ගොනු වීම, මොකද තමන්ට හුරුපුරුදු දෙවල් නිසා, සමහර විට ලකෑන් හරි ජිජැක් හරි දීප්තිට කියල නැතුව ඇති, මිනිස්සු කියන්නෙ ස්භාවයෙන්ම ඒකරාශි එව්න්න කමති ජාතියක්, ඒක ගෝත්‍රික යුගයෙ සිට ආරක්ශාවට පවැත්මට කරල ජාන වලින් එන එකක්. දීප්තිගෙ x එක හදා ගත්තෙ ඇයි, ල'න්කාවෙ ඉස්කෝලවල වෙන වෙනම සංගම් හදාගෙන තියෙන්නෙ ඇයි? දැන් දීප්ති කියන්නෙ අපි රට ඉන්න හින්ද අවුරුද්ද සමරන්න එපා කියලද? අපිට ඒ වෙනුවෙන් උත්සවයක් කරන්න එපා කියලද. අපි ඒවා නොකර මොනවා කරන්න කියලද දීප්ති කියන්නෙ, නැශනල් හොලිඩය් එකේ මියාමි බීච් එකේ අව්ව තපින්නද? එහෙම නැත්නම් අර ඔයාගෙයි නිර්මාල්ගෙයි නොකෙරන විවාදෙ වගෙ ගොන් ආතල් ගන්න කියලද (වාදෙ නතත් මොනව උනත් නියම ඩබල එක නගුලෙ බඳින්න ).

    /*මේ සිංහල අය මොනවද මේ විදිහට පිටරට වෙලා කරන්නේ. උදේ ඉදන් රෑවෙනකම් සල්ලි හම්බ කරන්න වහල්ලු විදහට වැඩ කරන එක විතරයි.*/
    එක්කො දීප්ති දන්නෙ මැද පෙරදිග මේඩ්ස්ල යන එක ගන විතරයි, එතකොට දීප්තිම කියන මහාචාර්ය ගුණපාල මහතාත් එහෙමද? එතකොට දීප්ති ගෙ (ඉල්ල ගත්තා තියරි අනුව දීප්තිගෙ කාතවෙම ඇතුලෙන් පරස්පරයක් නේද? කුහක කමට කියනවා වෙන්න බෑ, ඒත් ඉරිසියාව කියන්නෙ හොඳ කරන්න බැරි ලෙඩක් දීප්ති.

    /*මේ වගේ අය ගෙවල් හදන්න තෝර ගන්නේ විශේෂයෙන්ම නුවර වගේ පාළාත්*/
    දීප්ති කොහෙන්ද මේක මෙහෙම කියන්න ස්ටැටිස්ටික්ස් හොයා ගත්තෙ? දැන් නුවර පිරිල ඇති නේද පිටරට ඉඳන් ආපු උන්ගෙන්?

    /*හැබැයි මේ අය දන්නව දැන් ලංකාව හරිම අප්සට් රටක් ජීවත් වෙන්න සුදුසු නැහැ කියලා. ඒ නිසා මේ අය හිතන් ඉන්නේ කවදා හරි දවසක මේ රට ඉර්දි ප්‍රාතිහාර්යකින් මනුෂ්‍යවාසයට සුදුසු රටක් විදිහට හැදුන දවසක තමන් හම්බ කරපු සල්ලි ගෝනි පිටින් ගෙනත් කරදයක් නැතිව ජීවත් වෙන්නයි.
    */ඔව්, නීතිය බල්ලට ගිහින්, කස්සිප්පු කාරයෝ මන්ත්‍රීල, ඇමතිල වෙන්න පුලුවන් රටක් හොඳයි කියල කියන්නද කියන්නෙ. හැබයි අපි රටට කෙලවන්නෙ නැන්, උඹලට වාහනෙ යන්න පෙට්‍රල් ටික ඉම්පොර්ට් කරන්න, ගෙදරට ඕන වොශින් මැශින් එක ඉම්පෝර්ට් කරන්න ඕන විදෙශ විනිමයෙන් සුලු කොටසක් හරි අපි රටට එවපු සල්ලිවලින්, අර අපහාස කරපු අරාබියෙ දුක් විඳපු මිනිසුන්ගෙන් ලබුනෙ. අපි දීප්තිල වගෙ ප්‍රාතිහාර්ය විස්වාස කරන්නෙ නති හින්ද තමයි අපෙ හැකියාව අනුව මෙහෙම ඇවිත් ඉන්නෙ, නැත්නම් ඉති සදාතනික (නොවෙන ) වමක් ගැන හිතනවා වගෙ කවද හරි හරි යයි කියල ලැගගෙන ඉන්න තිබ්බ.
    ලමයි ගැන කියල තියන ටිකෙන් නම් දීප්තිගෙ නොදැනුවත්කම පේනවා, මම හිතන්නෙ ලැකාන්ගෙ අල්ලපු ගෙදර එකාද කොහෙද කියල තිබ්බ කට ඇරියොත් මෝඩයා නසිති කියල.

    ReplyDelete
  16. පැරා හිනා යන කෑලි ගොඩක් තියනවානෙ

    /*ලෝකෙන් උතුම් ම රට, ලෝකෙ හොඳ ම වතුර, සිංහල ගම, සරම හා බැනියම, බුලත් විට, සිංහල හාලේ බත් විතරක්*/

    අපි දාල ගියෙ මෙහෙම රටක් නෙවෙ, සමහර විට අපි ගියාට පස්සෙ එහෙම හැදුනද දන්නෙ නෑ.

    /*හැත්තෑව දශකයේදී සේපාල ඒකනායක ඉතාලි අලිටාලියා ගුවන් යානයක් පැහැර ගත්තේත්*/

    පොඩ්ඩක් පරණ පත්තර දෙක තුනක් හොයාගෙන බලන්න, නැත්නම් කියවන්න විකි එක http://en.wikipedia.org/wiki/Sepala_Ekanayake

    /*මේ අය මැරෙන තුරාමත් ඔවුන්ට සිය අනන්‍යතා අර්බුදයෙන් ගොඩ ඒමට බැරි වන හෙයින්,*/

    මොකක්ද මේ? පොඩ්ඩක් පැහැදිලි කරන්න, දීප්තිටත් හරියට කියන්න බැරි උන.

    /*සීත කාලයේ අඩු වියදමින් නිවාඩුවක් ගත කිරීමට සිය */

    ඒ කාලෙට ටර්කි, පෙරු, ඩුබායි හරි ඊජිප්තුවට උනත් යන එක ලාබයි ලංකාවට එනවට වඩා.

    /* ඔවුන්ට ලංකාවේ සාමය ඇති වීම බරපතල ගැටලුවකි*/
    ඔව් පැරා, අපි ආසයිනෙ ලංකාවෙ ඉන්න අපෙ අම්මල තාත්තල අනිත් නෑදෑයෝ යාලුවෝ යුද්දෙට අහුවෙනවට, ඉතින් අපි කැමතියි ලංකාවෙ සාමෙ නැතිවෙනවනම්,

    /*මෙහි සිටින අසරණයන්ගේ ඉරිසියාවෙන් හෝ ඔවුන්ට සැනසෙන්නට ලැබෙන්නේ එවිට ය*/
    මේ තියෙන්නෙ බලල එලියට පැනල, ඉතින් පැර පිට රට ඉන්න උන් මෙච්චර දු ප්‍රශ්ණ විඳගෙන ඉන්නවේනම් ඇයි ඔහෙ ඉන්නෙ උන් (ඔය ) ඉරිසියා කරන්නෙ? සමහර විට පැමිනි දුක පැණි රසයි කියල කියන හින්ද ආස ඇති නේද.

    /*මා මේ රටෙන් පළා ‍නො ගොස් ඉන්නේ එක ම එක හේතුවක් නිසා ය.*/
    පැරා, අවංක උත්ත්‍රයක් දෙන්න, නිකමට ඔයාට පී.ආර්. ගන්න හිතුනොත් ගන්න සුදුසුකම් තියනවද? දන්නෙ නැති හින්ද අහන්නෙ? අඩුම ගානෙ සරණෑගත විසාවක් ගන්න ඔය සම හරක් පත්තර කාරයෝ කරා වගෙ ආණ්ඩුවෙන් දෙක තුනක් ඇනලවත් තියනවද ලඟදි. මිදි ඇඹුල් කතාවක් අහල තියනවා, ඒකමද මෙ.

    /*විමුක්තිය සොයා පළා ගිය මිනිසුන් ජාතිවාදයේ, ආගම්වාදයේ හා ඒකාධිපතිවාදයේ පසුගාමිත්වය තුළ ගිල්වා ලංකාව අනාථ කිරීමට යත්න දරන එක ඇත්තට ම බරපතල තත්වයකි.*/

    පැරා, ඇත්තටම, ඔය පිටකොටුවෙ, ටවුන්හෝල් එකෙ "ජාතිවාදයේ, ආගම්වාදයේ" පිකටින්, එක එක පිස්සු සීන්, එතකොට "ඒකාධිපතිවාදයේ " පැවැත්මට චන්දෙ දෙන්නෙ වගෙ ඔක්කොම කරන්නෙ රට ඉන්න උන් නිවාඩුවට ලංකාවට ඇවිත්ද?

    ReplyDelete
  17. 'උන්නතිකාමය' වචනාර්ථයෙන් ගත්තම 'දියුනු වෙන්න තියෙන ආශාව' නම් ඒක නරක දෙයක් නොවේනෙ. රට හැර යන්නේ අනන්‍යතා ප්‍රශ්නයක් නිසා නම් ඒක වුනත් ගර්හා කල යුතු දෙයක් නොවෙයි; ජෙනුඉන් සමාජ-ආර්ථික-ආර්ථික දේශපාලන ප්‍රශ්නයක්. 'මං මෙහේ මෙහෙම හිටියට එ‍හේ පොරක් යන මානසිකත්වය' වගේ දේවල් වල නම් පොඩි 'දීප්තිමය' ගතියක් තියෙනවා! මේක සරල සදාචාරමය ලඝුකිරීමක් ලෙසයි මට පේන්නෙ. ඇත්ත ප්‍රශ්නය ඒක නොවෙයිනේ. ලංකාවේ තත්වය හොඳනම් දෙමල සිංහල සැලකිය යුතු කොටසක් ඔය විදියට රට හැර යන්නේ නැහැනේ. දියුනු ලෝකයක ජීවත් වීමේ සිහිනය ඕනෙම කෙනෙකුට තියෙන්න පුලුවන්. මට නම් ඒකෙ වැරැද්දක් පේන්නේ නැහැ.

    මේ කියන එක්ස්ට්‍රා-දේශප්‍රේමිත්වය තමයි ඇත්තම ප්‍රශ්නය. එහෙම වෙන්නෙ කුහකකමකට කියල තේරුම් ගන්න ගියොත් අපි මුලා වෙනවා. මේක ලාංකික පොදු මධ්‍යම පාංතික විඥානයේ ඩයස්පෝරා පාර්ශවයේ ප්‍රකාශය.

    - Dimithri

    ReplyDelete
  18. මෙහි මැය මැ වැරැදි නො. පළා යනු කොළ පැහැයයි. පළා යන්නේ කොළරාව නිසා මැ විය යුතුයැ. පලා යන්නේ නම් එයින් හැඟෙන්නේ යමෙකින් වහ වහා ඉවත් වීමයි. පළා >පලා කළොත් යහපති.

    ReplyDelete
  19. නලීන් ද සිල්වා ඉපදුනු කාලයේ ලංකාවේ වසූරිය රෝගය පැතිරී යාම නිසා අලුත ඉපදුනු ළමුන් බොහෝ දෙනෙකු මිය ගියහ​. බිළිඳු නලීන් ද සිල්වාට එවනි විපතක් නොවූයේ දෙමාපියන් විසින් කලට වෙලාවට එඩ්වඩ් ජෙනර් නම් බටහිරයෙකු විසින් සොයාගත් වසූරිය රෝගය වලක්වන වසූරිය එන්නත ඔහුට ලබා දීම නිසාය​.

    නලීන් ද සිල්වා හැදෙන වැඩෙන කාලයේ ලංකාවේ හාල් හිඟයක් ඇති විය​. එම නිසා එඞලන්තයේ නිශ්පාදිත නැව් මගින් බුරුමයේ සිට හාල් ලංකාවට ගෙන එනු ලැබීය​. එම නිසා නලීන් ද සිල්වා මන්ද පෝෂණයට ලක් නොවී හැදුනි වැඩුනි. ඔහු පාසල් ගියේ බටහිරයන් ගේ තාක්ෂණයෙන් නිශ්පාදනය කල බස් රථයකිනි. පසු කාලයක බටහිර තාක්‍ෂණය යොදා නිපදවූ මෝටර් රථයකින් ඔහු ගමන් බිමන් ගියේය​.

    තරුණ නලීන් ද සිල්වා වරක් වැස්සට තෙමී බ්‍රොන්කයිටිස් හදා ගත්තේය​. වෙද මහතෙකුගේ කසාය සුමාන දෙකක් බිව් නමුත් බ්‍රොන්කයිටිස් රෝගය වැඩිවී නිව්මෝනියාවට හැරුනේය​. මේ නිසා නලීන් ද සිල්වාගේ පියා ඔහුව බටහිර දොස්තර කෙනෙක් වෙත ගෙන ගියේය​.බටහිර දොස්තර නලීන් ද සිල්වාගේ පෙනහළු ආසාදනය වී තිබෙන බව සොයාගෙන ඔහුට ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං නම් සුද්දා සොයාගත් පෙනිසිලින් නම් ප්‍රතිජීවකය දුන්නේය​. පෙනිසිලින් වලට පින් සිද්ද වන්න නලීන් ද සිල්වාගේ පණ බේරුනේය​.

    විශ්ව විද්‍යාලයට ගිය නලීන් ද සිල්වා ලංකාවේ බොහෝ ප්‍රදේශ වල සංචාරය කලේය​. ඔහු බොහෝ විට ගමන් කලේ ජෝජ් ස්ටීවන්සන් නම් ඇමරිකන්කාරයා සොයා ගත් දුම්රියේය​. මෙයට නලීන් ද සිල්වලා කිව්වේ රේල්ලුව කියාය​.

    විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කොට නලීන් ද සිල්වා බටහිර තාක්‍ෂණය මගින් නිපදවූ ගුවන් යානයකින් එංලන්තයට ගියේ ආචාර්‍ය උපාධිය කිරීමටය​එඞලන්තයේ සිටි කාලයේ ඔහු පණ ගැට ගසා ගත්තේ දේශීය කොස් දෙල් කා නොව බටහිර කෑම මගිනි. ආචාර්‍ය උපාධිය කිරීමෙන් පසුව නලීන් ද සිල්වා ලංකාවට පැමිණි විගස ඔහුට රැකියාවක් ලැබුනි. ඒ එඞගලන්ත ආචාර්‍ය උපාධිය නිසාය​.

    මේ කාලයේ ඔහු පෙළවහක් කර ගත්තේය​. ඔහුට දරුවන් ලැබුණි. නලීන් ද සිල්වා ගේ දරුවා කුඩා කාලයේ පෝලියෝ රෝගය හිස ඔසවා ලමයින් බොහෝ දෙනෙකු අබ්බගාත කරන ලදී. නලීන් ද සිල්වා ගේ දරුවා කුරිරු පෝලියෝ රෝගයෙන් බේරෙන ලද්දේ සුද්දෙකු විසින් සොයාගත් පෝලියෝ එන්නතට පින්සුදු වන්නටය​. එසේම නලීන් ද සිල්වා ගේ දරුවා කාස රෝගය​, වසූරිය​, ගලපටලය , සරම්ප ,කක්කල් කැස්ස වැනි රෝග වලින් බේරා ගත්තේ සුද්දන් ගේ වෛද්‍ය තාක්‍ෂණයේ පිහිට මගිනි. මේ නිසා නිරෝගීව හැදුනු වැඩුනු දරුවා පසු කාලයක බටහිර රටක වැඩිදුර අධ්‍යාපනය සඳහා ගියේය​.

    මධ්‍යම වයසේදී නලීන් ද සිල්වාට මැලේරියාව සෑදුනි. ගැට අන්නාසි , පැපොල් යුශ බෙහෙත් වශයෙන් ගත්තද මැලේරියාව සුව නොවීය​. අවසානයේදී මැලේරියාව සුව වන්නේ සුද්දෙකු විසින් සොයා ගත් ක්ලොරොක්වීන් නම් බෙහෙත නිසාය​. මෙලෙස බටහිර තාක්‍ෂණයේ බටහිර විද්‍යාවේ පිහිෙටන් පණනල ගැට ගහගත් නලීන් ද සිල්වා බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි කීවේය​. මෙයට චූන් ගිය ලංකාවේ මාධ්‍යකාරයෝ රූපාවාහිනී වැඩසටහනක් සඳහා නලීන් ද සිල්වාට දිනයක් සහ වෙලාවක් දුන්හ​.

    නියමිත දිනයේදී සුවිස් ඔරලෝසුවෙන් වෙලාව බලා වේලාපහින් නැගිට ගත් නලීන් ද සිල්වා සුද්දන් සොයා ගත් ක්ලෝරීන් මගින් විස නැසූ වතුර වලින් නාගෙන දේශීය අමුඩයක් වෙනුවට සුද්දන් නිපදවූ සස්පෙන්ඩරයක් යටට ඇඳ ඊට උඩින් ජාතික ඇඳුම ඇඳලා බටහිර තාක්‍ෂණයේ මහිමයෙන් නිපදවන ලද මෝටර් රථයකින් ජාතික රූපාවාහිනියට ගියේය​. හෙතෙම ජාතික රූපාවාහිනියට ගොස් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව කීවේය​. මේ සිංහ ගර්ජනාව ලංකාවේ සකල හුදී ජනයන්ට මහාචාර්‍ය නලීන් ද සිල්වා සූරීන් ගේ රූප කාය සමග​ ඒ මොහොතේම දැක බලා ගන්නට හැකි වූයේ ජෝන් ලොගී බෙයාඩ් නම් සුද්දා විසින් සොයාගත් රූපාවාහිනී තාක්‍ෂණයට පින්සිදු වන්නට .

    අමිල ගුණරත්න

    ReplyDelete
    Replies
    1. මේක නම් රස සාගරයක්.. බ්ලොග් එකක් පටන් ගත්තොත් නරකද...?

      Delete
    2. ela..............

      Delete
  20. මේක ගලක කොටලා නලින් ද සිල්වාගේ ගේ ඉස්සරහ හිටවපං. පොර සුද්දන්ගේ විද්‍යාවෙන් හදපු පරිගණක භාවිතයක් නැහැ.

    ReplyDelete
  21. මේක ගලක කොටලා නලින් ද සිල්වාගේ ගේ ඉස්සරහ හිටවපං. පොර සුද්දන්ගේ විද්‍යාවෙන් හදපු පරිගණක භාවිතයක් නැහැ.

    ReplyDelete
  22. පිටරට ඉන්න මිනිස්සු වර්ග කීපයක් ඉන්නවා
    1) හවුස් මේඩ් (මැදපෙරදිග රටවල / සිංගප්පූරුව / සයිප්‍රස්)
    2) හොරෙන් පැනලා (බෝට්ටුවෙන් යුරෝපයට , ඔසී වලට පැන්න​) කළා ප්‍රසංග වලට ඇවිත් ගල් වූ , විසිට් එකකට ඇවිත් ගල් වූ : මේ අය ලැබෙන රස්සාවක් කරගෙන ඉන්නවා. බොහෝ විට ක්ලීනින් වගේ ජොබ් කරන්නේ. සමහරු ක්ලීනින් වගේ ජොබ් වලින් හොයන සල්ලි වලින් සුලු වියාපාර අරඹලා දියුනු වූ අයත් ඉන්නවා
    3) ස්කිල්ඩ් මයිග්‍රන්ට්- දොස්තරලා , විශ්ව විද්‍යාල වල පරියේශක , ඉංජිනේරු වගේ රැකියා වලට එන අය​. මේ අය ලංකාවේ වගේ 10 -15 ගුනයක මුදලක් හොයනවා, ඒ වගේම ලමයි ලෝකේ තියන හොඳම විශ්ව විද්‍යාල වලට යවන්නේ. මේ අයගේ 2-3 පරම්පරා තමයි ක්‍ර්‍රිම් එක​.
    4) ලංකාවේ ආන්ඩුවෙන් තිබ්බ ජෙනුඉන් තර්ජන නිසා එසයිලම් ලැබූ අය (මේ අයට දීමනාවක් ලැබෙනවා)
    5) ලංකාවේ ආන්ඩුවෙන් ජීවිත තර්ජන තිබ්බා කියා බොරුවට එසයිලම් විසා ගන්න රට පැනපු අය​. මේ අය සමහරු ලංකා ආන්ඩු විරෝධී දෙමල ඩයස්පෝරා එකට සෙට් වෙලා ඒ අයගෙනුත් ගතමනාවක් හොයාගෙන ඉන්නවා. තව කොටසක් එසයිලම් විසා හදාගත්තට පස්සේ මාර දේශප්‍රේමී. පන්සල් එක්ක සෙට් වෙලා සිංහ කොඩි අරගෙන ලන්කාවේ දේශපාලකයෝ පිටරට ආවම ඒ අය පිලිගන්න යන කොටසක්.

    සාමාන්‍යයෙන් දියුනු ශිශ්ට රටකට පැන ගන්න බැරුව ලංකාවේ තියන පසුගාමිත්වය එක්ක සහ කසිප්පු කුඩු මැර නූගත් දේශපාලකයෝ පාලනය කරන රටක ඔලුව නමාගෙන ජීවත් වෙන මිනිසුන්ට බටහිර දියුනු ශිශ්ට රටක ජීවත් වන ලාන්කියයන් කෙරෙහි ඉරිසියාවක් මෙන්ම තමන් ගැන ආත්ම අනුකම්පාවක් එනවා. ඒ නිසා සමහර විට මිදි ඇඹුල් කතා කියනවා. බොහෝ විට මිදි ඇඹුල් කතා කියන්නේ මොනම විදියකින්වත් බටහිර රටකට පැන ගන්න බැරි අය​. දීප්ති ගේ මිදි ඇඹුල් කතා මම කියවලා නැහැ. නමුත් නීතියානුකූල විදියට හොඳ රැකියාවකට බටහිර රටකට යාමට IELTS කරලා තියෙන්න ඕනේ. පිලිගත් විශ්ව විද්‍යාල උපාධියක් වෘත්තීය සහතික තියෙන්න ඕනේ. ඒ වගේම සොෆ්ට් ස්කිල්ස් හොඳට තියෙන්නත් ඕනේ. ඉතින් මේ මූලික සුදුසුකම් නොමැති අය විසිට විසා ගිහිල්ලා ගල් වීම හෝ බොරු එසයිලම් දැමීම තමයි බොහෝ විට කරන්නේ.

    ReplyDelete
  23. ධර්මරත්නMarch 26, 2014 at 7:08 PM

    පැරා , කරුණාකරලා ලංකාවේ මධ්‍යම පංතියේ සකසුම නිර්වචනය කරන්න.ලංකාව හැර යන්නේ ඇත්තටම මධ්‍යම පාංතිකයාද,මගේ අදහස නම් නැත යන්නයි.

    ReplyDelete
    Replies
    1. මධ්‍යම පංතිය නිර්වචනය කළ හැකි එක් ආකාරයක්:
      ලංකාවේ යහපත් ආර්ථික තත්වයක් තිබියදීත්, ලංකාවේ තමන් දායක වී ගොඩනගන ලද පසුගාමී තත්වයට වඩා වෙනස් ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට ජීවිත සොයා රටින් පළා යන අය මධ්‍යම පංතියට අයත් වෙති.

      Delete
  24. ලංකාවේ යහපත් ආර්ථික තත්වයක් තිබියදීත්....... ඒක පමණක් මදි නේද පැරා , ඔබ ලන්කාවේ උගත් වෘතිකයෙක් කියලා හිතන්න ඔබ රැකියාව කරන කොට මර්වින් ලා වගේ නූගත් දේශපාලකයන් ගෙන් අසාධාරන බලපෑම් එනවා , රාජකාරිය නීතියට කරන්න බැහැ. උදාහරනයක් හැටියට වෛද්‍ය ආනන්ද සමරසේකර ගන්න , මේ අධිකරන විසේසංඥ වෛද්‍යවරයාට සිදු වෙනවා දේශපාලන බලපෑම් සහ වෙනත් බලපෑම් මත දුමින් ද සිල්වාගේ මොලේට බරපතල තුවාල වෙලා කියලා රිපෝට් එකක් දෙන්න​. මේ වගේ දේවල් බටහිර රටවල අධිකරන විසේසංඥ වෛද්‍යවරුන්ට වනවද ? ඔබ ලන්කාවේ උගත් වෘතිකයෙක් නීතියට ගරු කරන පුද්ගලයෙක් උනත් පාරේ යනකොට ඩිෆෙන්ඩර් පිරිවරාගෙන අට පාස් දේසපාලකයෙක් එනවා. ඒ ප්‍රභූ ආරක්ශකයෝ ඔබට කුනුහර්පෙන් බැනලා ඔබගේ වාහනය අයින් කර ගන්න කියනවා. ඔබගේ ඉඩම අසල් වැසියා කොටසක් බලහත්කාරයෙන් අයිති කරගෙන​, ඔබ පොලිසියට යනවා නීතිය සාදාරනය ඉල්ලලා , අසල් වැසියා ඇමතිගේ සම්බන්ධීකරන ලේකම් , ඒ නිසා පොලිසිය නිහඩයි. අසල් වැසියා මායිමත් අල්ලගෙන ඔබට උදේ හවහා අපහාස කරනවා. ඔබගේ දරුවන් යන්නේ ලන්කාවේ විශ්ව විද්‍යාල වලට එහිදී ඔවුන්ව බරපතල ලෙස හින්සනයට ලක් වෙනවා. ඔබ අසරනයි . ඔබට මේ සිස්ටම් එකේ ජීවත් වෙන්න අනුගත වෙන්න ඕනේ මේ නිසා එක්කෝ ඔබ මේ අසංකෘතික ගෝත්‍රික ක්‍රමයේ මහින් ද අබේසුන්දර , ජැක්සන් ඇන්තනි , අනුර සේනානායක වගේ සපෝටර් කෙනෙක් වෙන්න ඕනේ. නැත්නම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න ජග්මනයෙක් වෙන්න ඕනේ.

    ReplyDelete
  25. ගැටළු ආවම පැන දුවන එ්කත් එක්තරා උපක්‍රමයක්. එතනත් ගැටළු නම් තවත් තැනකට පනිනිවා, එතැනත් ගැටළු නම් තවත් තැනකට පනිනවා. ....පැනගෙන පැනගෙන යනවා.

    ReplyDelete
  26. මෙහි අදහස හොද නිසාවෙන් උපුටා ගැනීම සහිතව මෙහි පල කරන ලදි. මෙවන් අදහස් වඩ වඩාත් ප්‍රචාරය කලයුතුය.
    http://deephe.com/news.php?id=735757

    ReplyDelete
  27. සාමාන්‍යයෙන් ජාතිද්‍රෝහියකු, දේශද්‍රෝහියකු වන මා වැන අය නම් මොන තූත්තුකුඩියක ගියත් කමක් නැත. මම නම් සිංහල හෝ දෙමළ හෝ ජාතිකවාදියෙක් නො වෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා