උතුරේ ප්‍රශ්නය දැන් මට පෙනෙන හැටි


1. ශ්‍රී ලංකාව කියන්නේ සිංහල ජාතික හා බෞද්ධ ආගමික, විෂම ලිංගික, පිරිමි ආධිපත්‍යයෙන් යුක්ත, බහු සංස්කෘතික සමානාත්මතාවට ගරු නො කරන රටක්. ඒ නිසා එය මූලිකව ම ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවෙයි. උතුර කියන්නේ දැනට ඒ ඒකාධිපති පාලනයට යටත් ජනතාවන් ජීවත් වන ලංකාවේ කෑල්ලක්.

2. ලංකාවේ බොහෝ සුළුතර ප්‍රජාවන් පීඩනයට පත් වෙනවා. දෙමළ බස කතා කරන ජනයා ඒ පීඩනයට එරෙහිව බලපත් ප්‍රතිචාරයක් දැක්වූ පිරිසක්.

3. මෙම ප්‍රශ්නයට විසඳුම තිබෙන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි අරුතින් යළි පිහිටුවීම හා ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයක් ඔස්සේ පූර්ණ රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් කිරීම තුළයි.. 

4. මෙතැනදී දෙමළ ජනතාව සටන් කරන්නේ ඔවුන්ගේ භූමිය තුළ ඔවුන්ට අවශ්‍ය දේ කර ගැනීම සඳහා ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන්. අපි ස්වයං නිර්ණ හිමිකම පිළි ගන්නවා කියන්නේ වෙන් වීම විතරක් නොවෙයි. ඔවුන්ට තමන්ට අවශ්‍ය ආකාරයේ පාලනයක් පිහිටුවා ගන්නට ද තිබෙන අයිතිය පිළි ගැනීමයි.

5. ගැටලුව තිබෙන්නේ මෙතැනයි. මිනිස් සමාජය සැහෙන සමාජ හා සංස්කෘතික සංවර්ධනයක් අත්පත් කරගෙන තිබෙනවා. එය තුළ අපි සවුදි අරාබිය පන්නයේ හෝ ඊටත් වඩා අන්තවාදී ආගමික රාජ්‍යයන් බිහි කර ගන්න එක පිළි ගන්නේ නැහැනේ. කිසියම් ජනතාවකගේ ස්වයං නිර්ණ හිමිකම ගැන කතා කරනකොට එම ජනතාවගේ අරගලය තුළ තිබෙන සාධනීය විභවයන් ගැනත් සිතිය යුතුව තිබෙනවා.

6. උතුරේ දෙමළ ජනතාවගේ හා / හෝ දෙමළ ඩයස්පෝරාවේ අරගලය තුළ මේ මොහොතේ තිබෙන සාධනීය විභවයන් මොනවා ද? මට නම් එහි වැදගත් දෙයක් පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොතේ මම නම් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ හිමිකම ගැන එතරම් ගැඹුරින් හිතන්නේ නැහැ. මම එය ප්‍රතික්ෂේප කරන්නේත් නැහැ. ඔවුන්ගේ අරගලය තුළ සාධනීය විභවයන් පෙනෙන්නේ නැති නිසා මම ඒ ගැන එතරම් බැරෑරුම් ලෙස හිතන්නේ නැහැ.

7. මම උතුරේ ජනතාව‍ දේශපාලන බලය සඳහා කරගෙන යන අරගලයට ප්‍රජාතන්ත්‍රවාදී පදනමින් උදව් කරනවා. පවත්නා ඒකාධිපතිවාදී සංදර්භය තුළ ජනතාව බලය ලබා ගැනීම සඳහා කරන අරගල ප්‍රජාතන්ත්‍රවාදීයි.

8. දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මුළු ලංකාවේ ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ කොටසක්.

9. ඒ නිසා උතුරේත් දකුණේත් අරගල ඒකාබද්ධ විය යුතුයි.

10. ඒ සඳහා අපි ජාතිවාදය අත්හළ යුතුයි.මන්ද, ජාතිවාදය එම එකමුතුවට බාධාකාරීයි. 

(උතුරේ ප්‍රශ්නය පිළිබඳ සංවාදයකට කළ දායකත්වයකි.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මුල හරියෙදි අවුල් ගියත්, අවසාන හරියට එනකොට සියල්ලටම එකඟයි කියනවා හැර වෙන කීමට කිසිම අමතර දෙයක් නැත. එකම දේ ඒ දේශපාලණ අයිතිය කිසිසේත්ම වෙනම රාජ්‍යයක් නොවිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මූ කියන වචන මූවත් දන්නෙ නෑ.ඔහෙ දොඩෝනව පිස්සු හැදිච්ච නරිය වගෙ.ඔහොම පීඩනයකින් ඉන්නව කිව්වොත් මාර කෙළියක්නෙ. ගමකට තම්බි පවුලක් එනව උන් පීඩනයක ඉන්නව කියල මේ වගෙ පිස්සෙක් කියනව. එතකොට ඒ පවුලට වෙනම කලාපයක් ඒ ගමෙන් දෙන්න ඕනද?

      Delete
    2. පැරා/මාතලන්: නිදහසේ වේදිකාව ඉදිරිපත් කල සහ එජාපය ඇතුළු විපක්ෂයේ යම් පක්ෂ (JVP/SLVP හැර) අනුමත කල පංචවිධ ප‍්‍රතිපත්ති සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?
      http://platform4freedom.blogspot.com/2009/11/blog-post_19.html

      Delete
  2. Here is a punch bag for our beloved anonymous readers.

    මාතලන්ගේ බ්ලොගයේ දමාපු කොමෙන්ටුව මෙතනත් දාන්නම්.

    රුසියාව Crimea වලට රිංගපු එක හරිය කියපු අපේ විදේශ අමාත්‍යංශයේ කෂ්ටිය මොනවා කියාවිද දන්නේ නැහැ නේද ඉන්දියාව යාපනේට ඇවිත් දෙමළුන්ට ජනමත විචරණයක් තියල සිංහල ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට.

    සමහර විට "සමාජවාදී" රුසියාව එහෙම කරලා Ukraine වලට ඇඟිලි ගැහුවට "පර දෙමලු" ඉන්න දකුණු ඉන්දියාව කොහොමද අපිට එහෙම කරන්නේ, නේද ඇනෝ(s)?

    ReplyDelete
    Replies
    1. මේ පැරාගෙ ලෙවකන එකෙක්. යුක්‍රෙන් කියන්නෙ 1954 වෙනකම්ම රුසියානු පාලනය යටතෙ තිබුන පළාතක්.පර දෙමළු කියන වචනෙ කිසිම කෙනෙක් භාවිතා කරන එකක් නොවෙයි.මෙතන ඇමරිකාව තමයි අනවශ්‍ය මැදිහත්වීම මුලින්ම කළේ

      Delete
    2. ක්‍රයිමියාව පරණ සෝවියට් සංගම් කාලයේදී ජනපති කෘශේව් , කොමියුනිස්ට් පක්ශ තීරනයක් අනුව යුක්‍රේනයට පවරනු ලැබු කොටසක්.. කොටින්ම මෙය පක්ශ තීරණයක් මිස, රටක ඉතියාසය හෝ ජනවර්ගය මත පදනම්ව ගත් තීරණයක් නොවේ...එහෙත් වර්තමානයේ සිදුවන්නේ පරණ සෝවියට් කොමියුනිස්ට් පක්ශ තීරනයක් නිවැරදි කිරීමක් මහජන කැමැත්ත යටතේ...ලංකාවේ තත්වය ඊට වඩා වෙනස් වන්නේ ලංකාවේ ඉතිහාසය සමග එවන් ගැලපීමක්නැති නිසයි...

      Delete
    3. Mayya @ ඔබ ආපු එක හොඳයි මුන් බුදුවෙලා වගෙ කතාව.නොදන්න දෙයක් නෑ.හැබැයි දන්න..................කුත් නෑ

      Delete
  3. //ඉන්දියාව යාපනේට ඇවිත් දෙමළුන්ට ජනමත විචරණයක් තියල සිංහල ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට.//

    පාකිස්තානෙ කාශ්මීරෙට ඇවිත් මුස්ලිමුන්ට ජනමත විචරණයක් තියල ඉන්දියන් ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට?

    බංගලියා බටහිර බෙංගාලෙට ඇවිත් මුස්ලිමුන්ට ජනමත විචරණයක් තියල ඉන්දියන් ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට?

    චීනා සීකිම් වලට අැවිත් ඉන්දියන් චීනුන්ට ජනමත විචරණයක් තියල ඉන්දියන් ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට?

    නාගාලන්තෙ ඒවුන් ඉන්දියන් ආණ්ඩුවෙන් වෙන් වෙන්න දෙන්න කියපු දවසට?

    ReplyDelete
    Replies
    1. What I can say,.. you are a freaking idiot.
      Remember, India already gave PARIPPU in 1983.

      Delete
  4. ඩයස්පෝරාව කියන දේ ගනන් ගත යුතු නෑ..ඔවුන් වෙනත් රටවල පුරවැසියෝ. ඒක සිංහලද දෙමලද ඕන කෙනෙකුට අදාලයි. අපේ රටේ පුරවැසියෝ කියන ඉල්ලන දේට ඇහුන්කං දුන්නනං ඒ ඇති.

    ReplyDelete

  5. ඔබතුමා ලියන දේවල් කියවන විට මට හිතෙන්නේ ඔබතුමා ප්‍රබුද්ධ කෙනෙක් බවයි. ඇත්තටම ඔබතුමා බුදු කෙනෙක් වගෙ කෙනෙක්ද? සාමාන්‍යයෙන් ජේවීපී කාරයො සියල්ල දත් අය බව අපි දන්නවා. ඔබතුමා ලෝක තත්වය පිරිසිද දැනගත්තේ ජේවීපී කරලාද?

    ReplyDelete
  6. උතුරේ ජනතාවගේ අයිතීන් රකින්න ඕනේ.දැන් යුද්දෙන් පස්සේ දකුණේ ජනතාවගේ අයිතීන් කඩ වෙන විදියට උතුරේ ජනතාවගේ අයිතීන් කොහොම කඩ වෙන්න ඇතිද..?

    ReplyDelete
    Replies
    1. මොනවද ඔය තරම් අයිතීන් කඩවීම් .මම අහන්නෙ වෙන ආන්ඩු වල නොවුන අමුතු ඒව. තව හොඳට අන්වීක්ෂ වලින් බලන්නකො. ජේ ආර්ලගෙ ප්‍රේමදාසලගෙ චන්ද්‍රිකාලගෙ කාලෙ නොවුන දැන් වෙන ඒව ටිකක් කියන්න බලන්න.
      අනේ යකෝ ජේ ආරය ප්‍රේමදාසයනෙ කරන තරම් බලු වැඩ කෙරුවෙ. මේ මිනිහ රටවත් බේර ගත්ත උඹල කෙළෙහි ගුන දන්නෙ නැති බල්ලො

      Delete
    2. ඇනෝ උඹලාට වීරයෙක් වෙන්න ඇති ඔය කියන පුද්ගලයින් හැබයි මට එහෙම නැහැ.පහුගිය ආණ්ඩු වැරදි කරපු නිසා තමයි මේ ආණ්ඩුව බලේට ඇවිත් තියෙන්නේ.එහෙම බලේට ආපු මුණුත් උන් වැරදි කල පලියට වැරදි කරනවානම් මොකටද ආණ්ඩු මාරු කරන්නේ.එකම ආණ්ඩුවක් තිබුණාම ඇතිනේ බං ගොන් ඇනෝ.

      Delete
    3. හරි දැන් මේ ආණ්ඩුව වෙනුවට කවුද පත් කරන්නෙ.
      යූ ඇන් පියද ( ඔබා බැලු මල්ල යළි ඔබනුයෙ කුමට )
      ජේවීපියට ආන්ඩු බලය ගන්න බැහැනෙ.විකල්පයක් නෑ නේද? පැරයි කකායි තමයි ඉතින් විකල්පෙ.හයියයියෝ

      Delete
    4. නෝ මේකයි බං වෙන්න ඕනේ.ආණ්ඩුව මේ තරම් පිස්සු කෙලින්න ශක්තිමත් විපක්ෂයක් නැති හේතුව තදින්ම බලපාලා තියෙනවා.එක නිසා දැන් තියෙන ප්‍රමුඛ කාරණාව ආණ්ඩුව පෙරළීමට වඩා ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැංවීමයි.එහෙම නොවෙන්න වෙන්නේ රට තව තවත් අගධය කරා යාම විතරයි.ඇයි මහින්ද මහත්තයා වුණත් හිතයි අපි පිස්සු කෙලියට මොකෝ ජනමතය අපි එක්ක කියලා.නමුත් එක එහම නොවේ කියන එක මේ මැතිවරණය තුලින් පෙන්වන්න ඕනේ නැතුව පලක් නැහැ.

      Delete
    5. උඹේ කතාවට මම එකඟයි මනෝජ්. දිනුම උඹට. ඒක තමයි අද වෙන්න ඕන

      Delete
  7. By the way you addressed a conflict as a උතුරේ ප්‍රශ්නය , you are a nationalist.the question jutting out in north, yes but belongs to all.(consciousness)

    ReplyDelete
  8. මේක වැඩි දෙනෙකුට තේරෙන්නෙ නෑ තේරෙන වැඩි දෙනෙක් තේරුනේ නෑ වගේ ඉන්නවා
    Chaan

    ReplyDelete
    Replies
    1. nNo...man, everybody knows the game, better than the other, but be aware of such a thing, is a threat to exist.that is conscious.

      Delete
  9. මේ ඉංග්‍රීසි කොමෙන්ට් දාන්නෙ පොඩ්ඩිද මාතලන්ද?

    ReplyDelete
    Replies
    1. EI Daruwo PUdgalaya gena wadawenne mepamana.

      Delete
  10. PLS... could any one explain what does it mean really.
    thank youhttp://3.bp.blogspot.com/-3C3Kn7UMozg/Uum-YzFYFhI/AAAAAAAAKsQ/v1-Y8ZsJJnw/s576/Picture1.http://3.bp.blogspot.com/-3C3Kn7UMozg/Uum-YzFYFhI/AAAAAAAAKsQ/v1-Y8ZsJJnw/s576/Picture1.gif

    ReplyDelete
  11. Replies
    1. ne.. machang ara maathalan ge web1 thiyanawane..non visitors laws category karala anna eek a me. cut & paste unne.

      Delete
  12. (4) සහ (6) හරියට සන්නස්ගල කියපු එකක් වගේ!

    සවුදි අරාබිය පන්නයේ හෝ ඊටත් වඩා අන්තවාදී ලක්ශන දෙමල ජාතික ව්‍යාපාරයේ දැන් තියෙනවද? ඇයි දෙමල ඩයස්පෝරාව ගැන ඔච්චර වොරි වෙන්නේ? දැන් බලන්න.. දෙමල ඩයස්පෝරාව සහ සිංහල ඩයස්පෝරාව (එහෙම කියමු ) දෙකම ජාතිවාදීයි!

    අනන්‍යතාවක් සහිත යම් ජන කොටසක්, පාලන බලය සහිත වෙනත් ජනකොටසකින් නිරතුරුව, අඛන්ඩව අසාධාරනයකට ලක් වෙනවා නම් එයම ස්වයං නීර්න හිමිකම සඳහා ප්‍රමානවත් නොවේද? එවන් පීඩිත ජනකොටසකගේ එකමුතුව ආගමිකද, මූල ධාර්මිකද, ජාතියක් මත පදනම් වූවක්ද යන්න අදාල වෙනවාද?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කොහොමද උඹල ඔය පීඩනය කියන එක අර්ථදක්වන්නෙ. අන්වීක්ෂ වලින් බලලද? මොකක්ද ඔය කියන අසාධාරණේ. උඹල කුලියට ගුදවාත අරින එවුන් .

      Delete
  13. Hi, Para
    I have no Google accounts, but anyway I would like to join this discussion. So Para, could you please explain us what is the solution for this crisis? What is the solution that you are going to propose?

    ReplyDelete
    Replies
    1. පැරා මොකෝ ප්‍රමාද තවම ඩික්ෂනරි පෙරලනවද හයියයියෝ පැරා

      Delete
    2. භාවිත අගයක් නැත්නම් හුවමාරු අගයක් ද නැති වී එවැනි භාණ්ඩයක අගයක් නැතැයි කියූ මාක්ස් ඊ ළඟට මුහුණ පෑවේ පාවිච්චියට ගන්නා එක භාණ්ඩයකට ඒ නිසා තවත් භාණ්ඩයකට වඩා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ කෙසේදැයි විමසන්නට. භාණ්ඩ අතර භාවිත වෙනස්කම් තිබිය දී ඒවා අතර පවතින පොදු ස්වභාවයක් සොයන්නට ගත් උත්සාහයේ දී ඔහු එම පොදු ස්වභාවය ලෙස දැක්වූයේ භාණ්ඩයක් නිපදවන්නට වැය කරන ශ්‍රමයයි.

      ශ්‍රමය වැඩියෙන් වෙහෙසන භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ යයි මාක්ස් සැලකීය.

      අතිරික්ත වටිනාකම (surplus value) හැම විටම පොලිය(interest), කුලිය(rent), සහ ලාබය(profit) යනාදියෙන් දකින්නට හැකියි කියන මාක්ස් ඒවා භාණ්ඩයක් නිපදවන්නට සහභාගී වූ කම්කරුවාගේ ශ්‍රමයේ අතිරික්ත අගය බව දැක්වීය.

      මිනිසුන් වෙහෙසන ශ්‍රමයේ ප්‍රමාණයන් මාක්ස් දකින්නේ භාවාත්මක (abstract) ලෙසකටයි.

      ඉතින් ඊ ළඟට ඒ ශ්‍රමය මනින්නට ක්‍රමයක් ඔහු සොයන්නට පටන් ගත්තේය.

      නමුත්, යම් භාණ්ඩයක් නිපදවන්නට යන කාලය ශ්‍රමය ලෙස සලකන මාක්ස්ට වෙළඳපොලේ එකම කාලයට වෙනස් වේතන ලබමින් ශ්‍රමය වෙහෙසන අය දකින්නට ලැබේ. වලක් කපන්නට පැයක් යන අයට එක පඩියකුත් රෝග විනිශ්චයක් දෙන්නට පැයක් වැය කරන දොස්තරවරයෙකුට වෙනත් ප්‍රමාණයක වේතනයක් ගෙවන බවත් ඔහුට දකින්නට හැකිවේ.

      මෙහි දී මාක්ස් සියළු ශ්‍රමය එක හා සමාන ලෙසින් සලකා වලක් කපන අය සපයන්නේ සරල ශ්‍රමය යැයි ද දොස්තරවරයා සපයන්නේ සංකීර්ණ ශ්‍රමය යැයි ද වර්ගීකරණයක් කරන ලදි. සංකීර්ණ නොහොත් කුසලතා ඇති ශ්‍රමය යනු සරල නොහොත් කුසලතා අනවශ්‍ය ශ්‍රමයේ ගුණාකාරයක් පමණක් යැයි ඔහු සලකන ලදි.

      මාක්ස්ට අනුව අත්‍යාවශ්‍ය ශ්‍රමය යනු ශ්‍රමිකයාට සහ පවුලට යැපෙන්නට අවශ්‍ය භාණ්ඩය නිපදවන්නට ගන්නා වෑයම පමණකි. එතැනින් එහාට හදන අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා (එවිට නිෂ්පාදන අගයක් බිහිවෙනවා යැයි මාක්ස් සලකන) ශ්‍රමිකයා වැය කරන ශ්‍රමය අතිරික්ත ශ්‍රමයයි.

      සූරාකෑම (exploitation) සිද්ධ වෙන්නේ තමන්ට හා පවුලට යැපෙන්නට අවශ්‍ය ප්‍රමාණය ඔබ්බවා යමින් නිෂ්පාදනයේ යෙදෙන්නට ශ්‍රමිකයාට සිද්ධ වීම නිසා බව මාක්ස්ගේ මතයයි.

      නිෂ්පාදන ක්‍රම උපකරණ (means of production) ඒවායේ අයිතිකරුවන් අත වූ නිසා ශ්‍රමිකයන්ට සිය ජීවිකාව උපයාගන්නට අයිතිකරුවන් වෙත යන්නට සිද්ධ වූවා යැයි පෙන්වන මාක්ස් කාර්මික විප්ලවයෙන් කම්කරුවා ද නවෝත්පාදනයේ නිෂ්පාදන ක්‍රම උපකරණ බිහිකර ඒවායේ අයිතිය කියන්නට හැකි වූවන් බවට පත්වෙන ආකාරය නොදැක්කේය. ඒ හෙයින් මාක්ස් සිය න්‍යාය ලියන්නේ ශ්‍රමිකයාට ජීවත්වෙන්නට පමණක් හැකිවන සේ ශ්‍රමයට ගෙවන ප්‍රාග්ධන අයිතිය යුතු හිමිකරුවන්, ශ්‍රමිකයාගේ ශ්‍රමයෙන් නිපැදවෙන ඉතිරියෙන් අතිරික්තය අගය ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා තබාගන්නා බවයි.

      මෙම ශ්‍රමයේ අතිරික්ත වටිනාකම න්‍යාය ගොඩනඟද්දී මාක්ස් විසින් යම් නිෂ්පාදන ක්‍රම/උපකරණ වලට අයිතියක් තිබීම පමණක් කිසිම වෙහෙසක් නොගෙන ජීවත්වන්නට හැකියාව ලැබෙන මාර්ගයක් හැටියට සලකයි. වැඩවසම් යුගයේ රදළ පංතියට ඉඩම් හිමිකම, අධ්‍යාපනයට වරම් සහ සෙසු වැසියන් වෙතින් බදු අය කරගන්නට නීතියෙන් අවසර ලැබීම හා වැඩකරන පංතියට ඒ වරප්‍රසාද නොමැතිව අනුන්ට කඹුරන්නට සිද්ධ වීම හැමදා ඒ විදියටම සිද්ධ වේ යැයි මාක්ස් විශ්වාස කළ බවක් පෙනී යයි.

      කාර්මික විප්ලවයෙන් වැඩවසම් සමාජය තමනට පවරා ගත් වරප්‍රසාද වෙනසකට භාජනය වෙමින් තිබිය ද, අනුන්ගෙන් මංකොල්ලයට නීතියෙන් අවසර තමන්ට දී ගැනීම යනු ධනවාදී ක්‍රමය හෝ නිදහස් වෙළඳපොල හුවමාරුව නොවන බව විමසීම ඔහු සහමුලින් නොසලකා හැරියේය.

      රදළ හිමියන් සතු නොවෙනස්වන ප්‍රාග්ධනය (constant capital) හි වරදක් නැතැයි කියන මාක්ස් ඊට හේතුව හැටියට නොවෙනස්වන ප්‍රාග්ධනය සේ සැලකෙන භාණ්ඩ මිල දී ගැනීමට ඔවුන් සම්පූර්ණ මිලක් ගෙවා ඇති නිසා යැයි කියයි. ඉතින් ඔහුට අනුව වැරැද්ද ඇත්තේ විචල්‍ය ප්‍රාග්ධනයේය (variable capital). මෙම විචල්‍ය ප්‍රාග්ධනය තමයි ශ්‍රමයේ අතිරික්ත වටිනාකමෙන් බිහිවෙන ලද්ද. එය සාධාරණව බෙදී යන්නට ක්‍රමයක් සෙවීම ඊ ළඟට ඔහු ගන්නා ප්‍රයත්නයයි.

      වෙළඳපොලේ විවිධ නිෂ්පාදනයන් මිල දී ගන්නට පාරිභෝගිකයන් ඒවාට විවිධ මිල ගණන් ගෙවද්දී සියළු නිෂ්පාදකයන් විසින් කම්කරුවන්ට එක හා සමාන වේතන ගෙවන බව මාක්ස් දකියි. විචල්‍ය ප්‍රාග්ධනයෙන් වෙනස් ලාබ මට්ටම් උපයන්නට හැකියාව ඇතැයි මාක්ස් ගෙනා න්‍යායෙන් ඔහු මෙහි දී කරන්නේ ආර්ථිකයක සියළු අංශයන් සමස්තයක් ලෙස ගෙන අතිරික්ත අගයේ සාමාන්‍යයක් හැදීමයි. මෙය තව දුරටත් අගයේ පදනම ශ්‍රමය යන්න තහවුරු කරන්නට ඔහු ගන්නා ලද උත්සාහයයි.

      Delete
    3. වෙළඳපොලේ යම් භාණ්ඩයකට අගයක් ලැබෙන්නේ පාරිභෝගිකයෙක් ඊට අගයක් දෙන නිසා යැයි බොයිම්-බැව්ර්ක් පෙන්වා දුන්න පිළිගන්නට මාක්ස්වාදීන් තවමත් අකමැති වෙති. යමක් මිල දී ගන්නේ හෝ මිල දී නොගෙන සිටින්නේ පාරිභෝගිකයාය. භාණ්ඩයකට අගයක් දෙන්නේ හෝ නොදෙන්නේ පාරිභෝගිකයාය. එය මාක්ස් විශ්වාස කළ ලෙසින් සිද්ධ වන භාවාත්මක ක්‍රියාවක් නොවේ.

      ශ්‍රමිකයාගේ ශ්‍රමය ද වෙළඳපොලේ දී භාවාත්මක ලෙසකින් තක්සේරු නොවේ. සුවිශේෂී කුසලතා ඇති සහ එවැනි කුසලතා නැති අය අතර වෙනස වෙළඳපොලේ ශ්‍රමයට ගෙවන වේතනය දිහා බැලීමේ දී පෙනී යයි. වෙළඳපොලේ වැඩි කුසලතා ඇති අයට ඉහළ වේතන ලැබෙන බව මාක්ස් ද දැක්කේය. එහෙත් එසේ සිද්ධ වෙන්නේ මන්දැයි සිය න්‍යායෙන් ඔප්පු කරන්නට ඔහු යොදාගන්නේ ඔහු අභ්‍යුපගමනය (presume) කරන්නයි. මාක්ස්ගේ න්‍යාය කුසලතා නැති ශ්‍රමය කුසලතා ඇති ශ්‍රමය බවට වැඩිකරන (multiply) ආකාරය කෙසේදැයි පෙන්වන්නේ නැත.

      මාක්ස් සම්පූර්ණ ආර්ථිකය දකින්නේ එක ඒකකයක් හැටියට. එහෙත් ආර්ථිකයක් යනු එක ඒකකයක් (single unit) නොවේ. යම් කර්මාන්තයක් උපයන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත වලට බලපෑම් සිද්ධ කළ ද යම් කර්මාන්තයක් ලබන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත පුරා නිතැතයෙන් බෙදී යන්නේ නැත. මාක්ස් එහි දී ලාබය යන්න වැරදි ලෙසින් භාවිත කරන ලදි.

      එසේම ශ්‍රමිකයා යනු නිෂ්පාදකයෙක් සහ පාරිභෝගිකයෙක් යන භූමිකා දෙකේම එකවර නියැළෙන අයෙක් ලෙස ද මාක්ස් නොදැකීය. වැඩවසම් යුගයේ රදළයන් වෙනුවෙන් සියල්ල නිෂ්පාදනය කළ විළිවසා ගන්නට වස්ත්‍ර පවා හරි හැටියකට නොතිබුණ සේවකයන් කාර්මික විප්ලවයෙන් පසු පහසුවෙන් වස්ත්‍ර සඳහා හිමිකම් කියන්නට පටන් ගත්හ. කාර්මික විප්ලවයෙන් පටන් ගෙන, ලොව තවමත් බහුතර නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ බහුතර ජනතාවක් සඳහාය. සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ අතලොස්සක් වෙනුවෙනි. වැඩි පිරිසක් වෙනුවෙන් නිෂ්පාදනය වූ නිසා ඒ භාණ්ඩ දියුණු වීමත්, මිල අඩුවීමත්, වැඩවසම් යුගයේ සුඛෝපභෝගී භාණ්ඩ ලෙසට සැලකුණ භාණ්ඩ අද සාමාන්‍ය පුරවැසියාගේ පරිභෝජනයට ලැබීමත් සිද්ධ වූවත් තවමත් ශ්‍රමිකයා ද තමන් පරිභෝජනය කරන භාණ්ඩ නිෂ්පාදනයට මෙන්ම පරිභෝජනයට ද දායක වෙන බව දකින්නට පැකිළෙති.

      තමන් නිෂ්පාදනයේ මෙන්ම පරිභෝජනයේ ද යෙදෙන බව පිළිගන්නට අකමැති සේ, මාක්ස් මෙන්ම බහුතරයක් ලෝක වාසීන් තවමත් ශ්‍රමිකයා සහ නිෂ්පාදකයා යනු හුවමාරුවක නියැළෙන දෙදෙනෙක් බව දකින්නට පැකිළෙති.

      ශ්‍රමිකයා අද වෙහෙසෙන්නේ හෙට දෙන වේතනයෙන් අදට වඩා හොඳ ලෙසකට හෙට දවසේ දී ඔහුගේ ජීවිතය යහපත් කරගන්නට හැකියාවක් ඇතැයි ඔහු විශ්වාස කරන බැවිනි. වෙළඳපොලක දී පාරිභෝගිකයන් භාණ්ඩ වලට අගයක් දී මිල ගණන් තීරණය කරද්දී ලාබය අස්ථායී වූවක් යැයි මාක්ස් නොදැක්කේය.

      ව්‍යාපාරිකයෙකු දිහා මාක්ස්වාදීන් බලන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරක සිටින කෙනෙක් දිහා බලන ලෙසකට. පැත්තක ඉඳලා අතිරික්ත වටිනාකම (surplus value) අරගන්න අයෙක් හැටියට. අතිරික්ත වටිනාකම අරගෙන යන මේ ව්‍යාපාරික පරපෝෂිතයන්ව මුලිනුපුටා දැමීමෙන් සමාජවාදී සමාජයක් ගෙන එන්නට හැකි යැයි කියන මාක්ස්වාදීන් වැරදි වනුයේ කාර්මික විප්ලවයෙන් පසුව දකින ව්‍යාපාරිකයාගේ භූමිකාව යනු වැඩවසම් සමාජයේ ස්වාමියා යන භූමිකාවට වෙනස් බව ඔවුන් වටහා නොගැනීම නිසයි.

      වැඩවසම් යුගයේ රදළයා යනු නිෂ්පාදන ක්‍රියාවලියෙන් පැත්තක සිටිය හැකි වූ උප්පත්තිය නිසා පමණකින් ඵලදාවට හිමිකම් කියන්නට හැකි වූ අයෙක්. ඔවුන් බදුබර පටවලා තම වත්කම වැඩිකරගත්ත අය. නමුත් වෙළඳපොල ව්‍යාපාරිකයා නම් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලාබ සහ පාඩු ඇති නැති කරන අවදානම් තීරණ ගත යුතු අයෙක්. සමාජවාදී සමාජයක දී වුවත් ඕනෑම කර්මාන්තයකින් නිෂ්පාදන බිහිකරන්නට නම් එවැනි තීරණ ගත යුතු අයෙක් අවශ්‍යයයි. ආයෝජනයට අවදානම් තීරණ ගැනීම යම් පුද්ගලයෙකු විසින් කළ යුතු භූමිකාවක් යන්න මාක්ස් නොසලකා හැරියෙ ප්‍රාග්ධනය තියෙනවා නම් එයින් නිසැකයෙන්ම වටිනාකමක් උපයන බවක් ඔහු විශ්වාස කළ නිසා.

      සමාජවාදී ආර්ථිකයක් විසින් ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුත්තේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන්. තාක්ෂණික සාර්ථකත්වයක් තිබුණ ද අනාගතය යනු හැම විටම ස්වභාවයෙන් ම අවිනිශ්චිත වූවක්.

      මාක්ස්වාදයෙන් speculator සහ petty bourgeois කියා අවනම්බුවට ලක් කළ භූමිකාව යනු ව්‍යාපාරිකයාගේ භූමිකාවයි. ආර්ථික තත්වයන් වෙනස් වෙන ස්වභාවය ලෝක ස්වභාවය නිසා, (ගංවතුර, ඉඩෝර, සුළි සුළං යනාදිය) අනාගතයේ අවිනිශ්චිත තත්වයන් ගැන නිෂ්පාදනය ක්‍රියාවලියේ දී දැන් ගතයුතු තීරණය අවදානම් සහිත වූවක්. එම අවදානම් තීරණ ගෙන නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයා උපයන ලාබය මාක්ස් දෝෂ සහගත වූ ඔප්පු නොකරන ලද න්‍යායක් තුලින් පෙන්වූයේ අතිරික්ත වටිනාකමක් හැටියට.

      මාක්ස්වාදය හදාරන්නේ නොමැතිව එය දන්නා ලෙසින් කතා කරන අය නිසා ලාබයක් සෙවීමේ හැකියාව ලොව පැසසුම් ලැබිය යුතු කුසලතාවයක් වෙද්දී ලෝකයා හුරු වී ඇත්තේ ඊට ගරහන්නට. ඉතින් තවත් කොපමණ කාලයක් ලාබ සොයන්නට නොදන්නාකම නිසා කොටසක් මංකොල්ලයෙන් ද තව කොටසක් ණය ආධාර වලින් ද යැපෙමින් සිටිනු ඇත් ද?

      Delete
    4. මාක්ස්ට වැරදුනේ කම්කරුවාට ඇත්තෙන්ම හිමි නැති දෙයක් කම්කරුවාට හිමි යැයි සිතීමෙනුයි. කම්කරුවාට හිමි ඔහුගේ වැටුපයි.නිදහස් වෙළදපොළ ක්‍රමයේදී ධනවතුන් නඩත්තුවටත් සමාජවාදයේදී ( අප දුටු ) නිළධාරීන් නඩත්තුවටත් යම් කොටසක් වෙන් කෙරෙනවා. ඒක සමස්ත නිෂ්පාදනයේදී බැර කෙරෙන කොටසක් මිස කම්කරුවාට හිමි දෙයක් නොවෙයි.

      වල කැපීමේ උදාහරණයේදී පැයක කායික ශ්‍රමය හා වෛද්‍යවරයාගේ පැයක මානසික ශ්‍රමය සැසදීමේදීත් මාක්ස්ට වරදක් වුනා. මේ තුල මහා පරිමාණයෙන් චැනල් කරන වෛද්‍යවරු,ටියුෂන් කරන අය තම මානසික ශ්‍රමය වගුරන්නන් පමණයි.

      මහා ධනවතුන් බිහිවන්නේ ඔය කියන දෙය නිසා නොව සමාජ ප්‍රසාරණය නිසයි.මෙහිදී සියළු සාධකයන්ට ව්‍යාජ අගයක් එක් වෙනවා. සියල්ල විශාල වීම තුලයි මෙහෙම වෙන්නේ. එක් රසකැවිල්ලකට සුළු ලාබහයක් ලබන්නා තම ප්‍රේදේශයේ ලොකු සල්ලිකාරයෙක් නොවෙයි. ඔහු තම නිෂ්පාදනය රට පුරා බෙදා හරින්නේනම් එකක ප්‍රමාණය වැඩි වී ඔහු මහා ධනවතෙක් වෙනවා. මෙතන මහ ලොකු දෙයක් නෑ.
      මෙය ධනය ගැන පමනක් හිතන්න එපා. හැම දෙයක්ම එහෙමයි. කුඩා ඒකකය තුල හැමෝම සමානයි.එකිනෙකා මත යැපෙනවා.මේක පංති ගැටුමක් නොවෙයි.මහා සමාජයෙ නිෂ්පාදනට එකිනෙකා දායක වන ප්‍රමාණය වෙනස් වෙනවා. සමහරුන්ට දායක වෙන්න අවස්ථාවක් ලැබෙන්නෙම නෑ.
      විසදුම සමාජ ක්ෂුද්‍රකරනයයි. මහා ව්‍යුහයන් තනනවා වෙනුවට කුඩා කුඩා නිෂ්පාදන ව්‍යුහයන් අවශ්‍යයි.මේ කුඩා ව්‍යුහයන් හැම අතින්ම වියුක්ත වෙන්න ඕන.

      පුද්ගලයාගේ සිට සියළු කුඩා සමූහයන් ස්වයංපෝෂිත විය යුතුයි. භාන්ඩ හා සේවා නිෂ්පාදනයෙන් පමනක්ම නොවෙයි.දැනුම වැනි කාරනාද ඇතුලත්වයි.

      Delete
  14. දාගත් මාක්ස් සිය

    ReplyDelete
  15. //දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මුළු ලංකාවේ ම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී හිමිකම් පිළිබඳ ප්‍රශ්නයේ කොටසක්//

    මේවගේ වෙලාවකට හරියන්නෙ තනි තනි කොටස් වලට සපෝට් කිරීම නෙවේ. මුළු සිස්ටම් එකම වෙනස් කරන්න කටයුතු කිරීම.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා