දීප්තී ගේ වාමාංශික ගැටය



ටෙරල් අබේසිංහ විසිනි

හිරු පුවත්පත ආර්ථික දුෂ්කරතා,  රටේ පැවති භායානක දේශපාලන තත්ත්වය, කණ්ඩායම තුළ පැවති අර්බුදයන්ද මධ්‍යයේ පවත්වාගෙන යන කල, ඉහත මාතෘකාව හා සමාන මාතෘකාවක් යටතේ ලිපියක් පල වු අතර එම මාතෘකාව පුවත්පතේ ප්‍රචාරණය සදහා පාවිච්චි කළ පොස්ටරයටද යෙදුහ. අලවිය පිලිබදව විශාල අර්බුදයක ගිලී සිටි සමයක වැඩිම අලෙවියක් වු කලාපය වුයේද මෙම කලාපයයි. ඒ සදහා යොදා ගත් මාතෘකාව මෙම අලෙවි වර්ධනයට එකම හේතුව විය.

ලිපියේ මාතෘකාව වුයේ "චම්පිකගේ දහම් ගැටය" යන්නයි. එයින් සාකච්ඡාවට බඳුන් කරනු ලැබුවෙ 87-89 භීම සමයකින් පසුව රට තුළ පැවති දේශපාලන අවකාශය තුළ විශේෂයෙන් වාමාංශික හා ක්‍රම විරොධී දේශපාලන අවකාශය තුළ පැවති බල දේශපාලනය තුළ චම්පික රණවකගේ නායකත්වයෙන් යුතුව පැවති ජාතිකවාදී දේශපාලන ප්‍රවාහය හා විශාල ඝාතන  රැල්ලකට මුහුණ දීමෙන් පසු තම දේශපාලන භූමිය වෙත කොර ගසමින් පැමිණෙමින් සිටි ජවිපෙ අතර පැවති බල අරගලයේ දී චම්පික විසින් අනුගමනය කළ උපාය පිළිබඳවය. 

ච්ම්පික විසින් ජාතික වාදී සටන් පාඨ දිනෙන් දින ඔසවමින්, පැවති දේශපාලන අවකාශය පිරවු අතර, ජවිපෙ විසින් එය අභිබාවා යැමේ උපාය ලෙස තමන්ද තව තවත් ජාතිකවාදය වෙත වේගයෙන් ගමන් කිරීම ඇරඹීය. ලිපිය තුළින් එම අවස්තාව අර්ථකථනය කරනු ලැබුවේ ජවිපෙ,  චම්පිකව දකුනෙන් ඔවර්ටේක් කිරීමට උත්සාහ කරන බවත් එවිට චම්පික තව තවත් දකුණට තම වාහනය කපන බවත්, මේ හේතුවෙන් ජවිපෙ ට සිදුවනුයේ අන්ත දක්ෂිණාංශය දකවා ගමන් කිරිම පමණක් වන බවත්ය.

මෙම ලිපියට පරණ මාතෘකාව හා සමාන මාතෘකාවක් යෙදිමට හේතු වුයේ ලිපියක් ලිවිමෙන් පසු  මාතෘකාවක් යෙදීම අවශ්‍ය නිසා නොවේ. මාතෘකාවක් සදහා ලිපියක් ලිවූ නිසාය. මෙහිදී  X  කණ්ඩායම ( මෙම නම භාවිතා කරනුයේ 90 දශකයේ මුල් වකවානුවේ සිට 2004 දෙසැම්බර් 26 දක්වා කාලය සදහා පමණකි ) හෝ ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂය වෙනුවට "දීප්ති" යන නම භාවිතා කර්නුයේ මෙම නම් දෙකටම වැඩියෙන් දීප්ති කුමාර ගුණරත්න යන්න සමාජගත වී තිබිමත්, දීප්තිගේ දැඩි ග්‍රහණය එම කණ්ඩායම් දෙකේම දෘෂ්ඨිවාදයන් තුළ හොඳින් ම පිළිබිඹු වන බැවිනුත්ය.

90 දශකයේ සිට මේ දක්වා ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය පිලිබදව, විශේෂයෙන් වාමාංශික හා ක්‍රම විරොධී දේශපාලනය පිළිබඳව නැවත කියවිමකදි හිරු කණ්ඩායම, X කණ්ඩායම හා ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂය, ජවිපෙ හා LTTE පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් කිරිම අත්‍යාවශ්‍ය ය.. එම කණ්ඩායම්, පක්ෂ හා සංවිධාන පිළිබඳව පුළුල් කියවිමකින් තොරව ලංකාවේ මේ මොහොතේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලබා ගැනිම හා නව දැක්මක් නිර්මාණය කරගැනිම අපහසු වනු ඇත.

මෙහිදී මා ද නියොජනය කල හිරු කණ්ඩායම ගැන කතා කරනවා වෙනුවට වෙනත් කණ්ඩායමක් එනම් X කණ්ඩායම හා ශ්‍රි ලංකා පෙරටුගාමී පක්ෂය ගැන කතා කරණුයේ එම කණ්ඩායම විසින් මේ මොහොතේ ද ලංකාවේ දේශපාලනයට බලපානු ලබන ආකාර නිසාය. හිරු කණ්ඩායම පිළිබඳව මාගේ  අදහස් දැක් විම මේ මස අවසානයේ අවසන් වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව වු සැසිවාරයෙන් පසුව ලිවිමට බලාපොරොත්තු වෙමි.

90 දශකයේ ආරම්භය යනු ලංකාවේ නව වාමාංශික ව්‍යාපාරයක් ගොඩ නැගීමේ අදිටනෙන් විශාල තරුණ තරුණියන් කොටසක් බරපතල ලෙස වැඩ කරමින් සිටි කාල වකවානුවකි. එහි ප්‍රතිඵලයක් ලෙස "ලක්මිණ", "ලක්දිව" හා හිරුපුවත්පත් එකකින් පසු එකක් ආකාරයෙන් ගොඩ න‍ැගෙන අතර එවකට පැවති පුළුල් කතිකාවේ ප්‍රතිඵලයක් ලෙස හිරු පුවත්පතේ කොගමක් ලිවිමට දීප්ති කුමාරටද අවස්ථාවක් ලැබුණි. එම අවස්ථාව ඔහු හට ලැබෙනුයේ පුවත්පත වෙනුවෙන් ඔහු සමග සම්බන්ධකම් පවැත්වු අය ගේ බලපැමටත් වඩා එහි අභ්‍යන්තරයේ සිටි පුළුල් කතිකාවක් තුළින් නව වාමාංශික ව්‍යාපාරයක් සදහා වෙහෙස දැරුවන්ගේ වෙහෙස නිසාය. දීප්ති කුමාරට, පුළුල් දේශපාලන අවකාශයකට ඇතුල් විමේ අවස්ථාව මින් විවර විය.

ඉන්පසු දීප්ති ඇතුළු කණ්ඩායම එවකට පැවති "මාතොට" සඟරාවේ කොටසක් තම අදහස් ප්‍රචාරනය සදහා යොදා ගන්නා අතර ටික කලකට පසු මුළු සඟරාවම  X කණ්ඩායමේ ප්‍රකාශනයක් බවට පත්විය. මුල් වකවානුව තුළ සමාජය විග්‍රහ කරණු ලැබු ඔහුගේ න්‍යාය වුයේ පශ්චාත් නුතනවාදයයි (ඇතැම් අවස්ථාවන්වලදී පශ්චාත් නුතන තත්ත්වය ලෙසද යොදා ගනු ලබනවා). මෙහිදි ඔවුන්ගේ ප්‍රධානම කාර්යය වුයේ එවකට සමාජය තුළ න්‍යායාත්මක හා මතවාදීවව අදහස් දක්වමින් සිටි වාමාංශිකයන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් හට පෞද්ගලික ප්‍රහාරයන් එල්ල කරමින් නිහඬ කිරිමයි. මෙම නිහඬ කිරීමේ වාසිය අද දක්වාම භුක්තිවිදිමින් සිටිනුයේ ලාංකික වාමාංශික ව්‍යාපාරයවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවන්වත් නොව අන්ත ජාතිවාදයයි.

මොවුන්ගේ නිර්දය විවේචනයට භාජනය නොවු කණ්ඩායමක් වුවේනම් ඒ අන්ත ජාතිවාදී මතයන් දැරුවන් පමණි. මේ සඳහා ඔවුන් ගේ න්‍යායාත්මක විග්‍රහය වුයේ, පශ්චාත් නුතන තත්ත්වය යටතේ ජාතික වාදයන්ට තව දුරටත් වලංගුතාවක් නොමැති බැවින් ඒ වෙනුවෙන් වෙහෙසෙන්නන් හට සමාජ බලයක් බවට පත්විය නොහැකි බවත් ජාතිවාදයට විරුද්ධව ක්‍රියා කරනු ලබන වාමාංශිකයන් යැවිය යුත්තේ කටුගෙට බවත්ය. එයිනුද නොනැවතුන මොවුන් පැට්‍රික් ප්‍රනාන්දු වැනි තම ජිවිතයම වමේ ව්‍යාපාරය වෙනුවෙන් කැපකල අයව පවා "වාමාංශික මැට්ටන්" වශයෙන් නම් කරන ලදී. 

මැතකදි මොහුන්ගේ 3mana වෙබ් අඩවියෙන් අගය කල ජයදේව උයන්ගොඩ වැන්නන් හට එල්ලවුයේ තදබල ප්‍රහාරයන්ය. මෙම ප්‍රහාරයන් වනාහී කොහෙත්ම න්‍යායාත්මක නොවු අතර අතීශය පෞද්ගලික කරුණු පමණක් විය.

2003 ඔක්තොම්බර් 29 හා 30 යන දිනයන්හි හිරු කණ්ඩායම තවත් සංවිධාන හා කණ්ඩායම් සමග එක්ව සංවිධානය කරනු ලැබු සිංහල දෙමළ කලා උළලට හෙළ උරුමය ඇතුලු ජාතිවාදීන් විසින් එල්ල කල ප්‍රහාරය මොවුන්ගේ සඟරාව තුළින් හඳුන්වනු ලැබුවේ,  හිරු හිස්ටරික දේවාලයට හෙළ උරුමය විසින් ගඩොල් භාගයකින් පහර දුන් බවය. එම මාතෘකාව යටතේ කලා උළල විවේචනය කිරීමෙන් නොනැවතුන දීප්ති, කලා උළෙලට ආරක්ෂාව සදහා පැමිණි  X කණ්ඩායමත් සමග සමීප සම්බන්ධයක් පැවති තරුණයන් පිරිසටද තදබල ලෙස දෝෂාරෝපණය කර තිබිනි.

වරක් දියැස සඟරාව විසින් හිරු කණ්ඩායම සමග පවත්වනු ලැබු සම්මුඛ සාකාච්ඡාවකදි  X කණ්ඩායමේ න්‍යායන් හා භාවිතාවන් පිළිබඳව හිරු කණ්ඩායම විසින් කරන ලද විවේචනයට අදාලව, අදහස් දක්වනවා වෙනුවට ඔවුන් කර තිබුනේ හිරු කණ්ඩායමට ගේමක් දෙන ආකාරය ප්ලෑන් කිරීමයි. මෑතකදි රෝහිත භාෂණ සහෝදරයා යනුවෙන් හදුන්වා තිබුණු රෝහිත භාෂණව දීප්ති කුමාර විසින් ප්‍රසිද්ධියේ නම් කරනු ලැබුවේ අන්ත කුහකයකු ලෙසිනි. සති කිහිපයකට කලින් බාහු සහෝදරයා ලෙසින් ආමන්ත්‍රනය කර තිබු වික්‍රමබාහු කරුණාරත්න පිළිබඳව මොවුන්ගේ අදහසද මේ හා සමානම ය.

2009 වසර කඩ ඉමක් ලෙස සටහන් කලොත්,  X කණ්ඩායමේ හා ශ්‍රි ලංකා පෙරටුගාමි පක්ෂයේ  භාවිතය විසින් ලාංකික වාමාංශික ව්‍යාපාරයටද සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවටද  කර ඇත්තේ විශාල හානියකි. ඔහුන්ගේ භාවිතය උපකාරී වී ඇත්තේ සිංහල සමාජය අන්ත ජාතිවාදය වෙත තල්ලු කිරීම සඳහා පමණකි. දෙමළ ජාතිය මුහුණදුන් හා අද මුහුණ දී සිටිනු ලබන තත්ත්වයට ජවිපෙ  මෙන්ම මොවුන්ද වග කිව යුතුය.

2009 න් පසු

2004දී X කණ්ඩායම තුළ වු බිඳී යාමෙන් පසු ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය ලෙස පෙනි සිටින දීප්ති ඇතුළු කණ්ඩායම විශාල කාලයක්, තමන්ගෙන් වෙන්වී ගිය පිරිස වෙත කුණුහරුපයෙන් බැන වැදිමට යොදවනු ලබන අතර අනෙකුත් වාමාංශික කණ්ඩායම් බහුජන දේශපාලන කතිකාවට ඇතුළුවීම වැළැක්වීමටද උපරිමයෙන් කටයුතු කරමින් සිටියි. විශේෂයෙන් ජවිපෙන් වෙන් වු කණ්ඩායම කෙරෙහි මාරාන්තික වෛරයකින් කටයුතු කරනු ලබන ආකාරය හොදින්ම පැහැදිලි වේ. එය හුදෙක් ඔහුන් ගේ පක්ෂයේ නමට සමානම වු නමක් තෝරා ගැනීමේ හේතුව පමණක් නොවන බව සනාථ වනුයේ, එම කණ්ඩායම ජවිපෙ තුළින් ජන අරගල කණ්ඩායම ලෙස බිඳීගිය මොහොතේදීම දීප්ති කුමාර ප්‍රකාශ කරනු ලැබුයේ, මෙම වෙන්වු කණ්ඩායම සුළු ධනපති කණ්ඩායමක් බවත්, විප්ලවිය කණ්ඩායම වනුයේ ටිල්වින් සිල්වා සමග සිටින කණ්ඩායම බවත් ය. එයින්ද නොනැවතුනු දීප්ති කුමාර කියා සිටියේ "ටිල්වින් සහෝදරයා අප ඔබ සමගය කියාය".

එදා ජන අරගල කණ්ඩායමට විරුද්ධව ජවිපෙ සමග සහෝදරත්වයෙන් අත්වැල් බැද ගත් දීප්ති ඇතුළු කණ්ඩායම අනුර කුමාරගේ නායකත්වය යටතේ දැන් පවතින ජවිපෙ හට නිර්දය විවෙචනයක් ගෙන එයි. එදා සහෝදරත්වයෙන් බැදුනු ජවිපෙ ජාතිවාදී නැද්ද?  එදා සහෝදරත්වයේ දැත දිගු කල ජවිපෙ තුළ මේ ජාතිවාදී සුපර් ස්ටාර් සිටියේ නැද්ද?

දීප්ති ඇතුලු කණ්ඩායමේ මේ මොහොතේ උපාය වී තිබෙනුයේ, අනෙකුත් කණ්ඩායම්වලට බහු ජන දේශපාලනය වෙත ඒමේ මග ඇහිරවීමේ අදහසින් එදා චම්පික ජවිපෙ අන්ත දක්ෂිණාංශය දෙසට තල්ලු කළ උපායම යොදා ජාතිවාදී නොවන අනෙකුත් කණ්ඩායම් ආන්තික වමක් වෙත තල්ලු කරමින් සිටීමයි. සමාජවාදය වෙනුවෙන් හැර මේ මොහොතේ වෙන කිසියම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වෙනුවෙන් සටන් කිරිම තියා අදහසක් පළ කිරීමද ලිබරල්වාදී කුහකකමක් ලෙස හෙලා දකියි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ළඟාකර නොගත යුතු සතුරෙක් ලෙස හඟවමින් ලිබරල්වාදය උතුරා හැලෙන අරුණි ශිපීරෝ ගේ ලිපි කිසිදු විවේචනයකින් තොරව පල කරණුයේ මන්ද?

ලිබරල්වාදී කතිකාව සමාජ ගත කිරිමේ අරමුණින්ද නැතහොත් දේශපාලන කතිකාව අවුල් කර දැමිමේ කූට උපායක් ලෙසද ?

X කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා පෙරටුගාමි පක්ෂය හරහා දීප්ති ඇතුලු කණ්ඩායමේ දේශපාලනය පිළිබඳව සරල හැදැරීමක් කරන කෙනෙකුට පෙනීයන කරුණ නම්, මෙම කණ්ඩායම ප්‍රතිගාමිත්වයට මිස සමාජ ප්‍රගමනයකට සේවය නොකරන බවයි. ඔවුන්ගේ දේශපාලනය HIV වෛරසය වැනිය, එය ක්‍රම විරෝධී දේශපාලන කණ්ඩායම් හා පුද්ගලයන්ගේ ශරිරයට ඇතුලු වී එහි ප්‍රතිශක්තිකරණය විනාශ කර දමමින් ප්‍රතිගාමිත්වයට පාර කපනු ලබයි.

(ටෙරල් අබේසිංහ හිරු කණ්ඩා‍යමේ සිටි ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකි.)
 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යනු ළඟාකර නොගත යුතු සතුරෙක් ලෙස හඟවමින් ලිබරල්වාදය උතුරා හැලෙන [සහ මාක්ස්වාදයට පන්න පන්නා ගහන (-එකතු කිරීම මගෙන්)] අරුණි ශිපීරෝ ගේ ලිපි කිසිදු විවේචනයකින් තොරව පල කරණුයේ මන්ද?

    කූට උපායක්ද? නැතිනම් අති සරල දෙයක්ද? (ස්වපීඩාකාමුකත්වය!)

    - Dimithri

    ReplyDelete
  2. මෙවන් ලිපි ලිවීමෙන් සහ කියවීමෙන් කිසිවෙකුටත් යම් යහපලයක් අත් වේද?

    ReplyDelete
    Replies
    1. කිසිම තේරුමක් නැති දෙලොවටම වැඩක් නැති බොරු විකාර කියව කියව ඉන්නෙ මුන්ට වෙන වැඩක් නැතිව ඇති.වර්තමාන දේශපාලන තත්වය තේරුම් ගන්න මුන් දෙමළට පිස්සු වැටුන වගෙ දෝඩෝනව. උඹල තුන් හතර දෙනෙක් ඉදගෙන උඹලම පිල් වලට බෙදිල උඹලම ලියල උඹලම කියවනව. වැඩක් නැත්නම් මඥ්ඥොක්ක ගහක් හිටවපියවු. බොරුවට වචන නාස්ති කරන්නෙ නැතිව.

      Delete
  3. කකාගෙ ලිපි ත්‍රිමාන එකේ යන්නෙ නැති නිසා කකා පොරක් නෙවෙයි...... ත්‍රිමාන එකේ කාගෙ හරි ලිපි යනව නම් එයා තමයි පොර.....

    සුද්දගෙ පුක ලෙවකාගෙන වරායෙ මළකඩ කඩලා ඒකෙන් එන ඇඟේ අමාරුව යන්න කාලක් ක්‍රියා කරගෙන හිතේ අමාරුව යන්න ලංකාවෙ ඉන්න එවුන් දෙතුන් දෙනෙකුට බැන්නාම මට පට්ට සැපක් තියෙන්නෙ...... 180ව කැලේ...

    මලිත්ට ගහද්දි චංචලා අඬන්නෙ ඇයි..... අක්කගෙ ලිපි ත්‍රිමාණ එකේ යද්දී මල්ලී පැරාගෙ බ්ලොග් එකේ ස්වයං වින්දනය කරන්නෙ ඇයි....

    ReplyDelete
    Replies
    1. මගේ කතන්දර 2-D. ඒවා ත්‍රිමාන එකට පැතලි වැඩියි.

      නමුත් මගේ කතන්දර ලොකු ලොක්කෝ කියවනවා, හරිය?

      http://kathandara.blogspot.com.au/2012/02/story-of-ex-friend.html

      Delete
  4. අක්කගෙ බ්ලොග් එකේ කොමෙන්ට් පනහ පැන්නාම මල්ලිට ශුක්‍ර මෝචනය වෙන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. මල්ලිට ශුක්‍ර මෝචනය උනේ දැන් මිට අවුරුදු විසිපහකට තිහකට කලින් .

      Delete
  5. මගේ අංකල් කෙනෙක් හිටියා 90 දශකයේ වාමාංශික කණ්ඩායම් ගැන උනන්දු වුන. අද මගේ අංකල් ජීවත්ව හිටියා නම් කිසියම් වාමාංශික කණ්ඩායමකට සම්බන්ධවනු ඇති.

    ReplyDelete
    Replies
    1. ඔව්,ඒක වෙන්න පුළුවන්. මොකද ඔහේගේ අන්කල් දැන් ජිවත්ව හිටියා නං හද්ද නාකියෙක්නේ. වල පයයි ගොඩ පයයි. එහෙව් එකේ පොරට පුළුවනෑ වාමාංශික කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා ව්ප්ලොව කොරන්ට?

      Delete
    2. පුහුල් හොරා කරෙන් දැනේ.

      ඉහත ලියා ඇත්තේ "වාමාංශික කණ්ඩායමකට සම්බන්ධවනු ඇති" කියා මිස "වාමාංශික කණ්ඩායමකට බණිනු ඇති" කියා නොවේ.

      positive අර්ථයකින් ලියැවී ඇති දෙයක් negative අර්ථයකින් කියවා ගෙන ඇත්තේ (ඒ නිසා නෙ "එහෙව් එකේ පොරට පුළුවනෑ වාමාංශික කණ්ඩායම් වලට සම්බන්ධ වෙලා ව්ප්ලොව කොරන්ට" කියලා ලියලා තියෙන්නෙ ) ඇයි ද යන්න, සියල්ල හෙළි කර ඇත.

      Delete
    3. @ AnonymousMarch 10, 2014 at 4:07 PM

      සහතික ඇත්ත. හොරාට කලින් මූ වැට පැනල!

      Delete
    4. ඉන්දික උපශාන්ත කැමති නැද්ද මීමුරේ රැයක් ගත කරන්න?

      Delete
    5. දීප්ති ට කඩේ යන්න ගිහින් මාට්ටු වුනා වගේ නෙමෙයි, ඇනෝ ඇවිත් මාට්ටු වුනාම.

      Delete
    6. "මගේ තික් ස්කින් එකට පිංසිද්ධ වෙන්න (චූ යන්න හම්බ වුනත් කඩ්ඩ දන්න බව පෙන්නන්න එපැයි ) මමතුමා ඉන්නවා මමතුමාට නෙමෙයි වගේ."

      Delete
  6. අම්මෝ පිස්සන් කොටුවට ආයෙ බෝම්බ දාල. පිස්සො ටික ආයෙ කුලප්පු වෙයි

    ReplyDelete
    Replies
    1. පිස්සන් කොටු‍වෙ සිට ලියු කවිමාලා අංක - 69
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
      හු..හු.. බෝම්බ වැටුනා ...
      තාප්ප කැඩුනා....
      ලාල ලිලයි ලාල ලාල ලාල ලිලයි ලා...
      පැරාගෙ කක්කුස්සි දැන් ටොපට පේනවා.

      අවවාදයයි!
      මෙම කවිමාලාව බුංදියේ පලකිරිම තහනම්.



      Delete
    2. ඔපන්අයිඞි ට පිස්සු,මට අනුව මෙම කවිමාලාව මෙසේ සංස්කරනය විය.

      පිස්සන් කොටු‍වෙ සිට ලියන සජිවි කවිමාලා
      ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
      හු..හු.. බෝම්බ වැටුනා ...
      තාප්ප කැඩුනා....
      ලාල ලිලයි ලාල ලාල ලාල ලිලයි ලා...
      පැරාගෙ කක්කුස්සි දැන් ටොපට පේනවා.

      අවවාද වැඩක් නැ
      මෙම කවිමාලාව බුංදියේ පලකිරිම තහනම්ම නැ නැත්තෙත් නැ.

      Delete
  7. පැරකුම් මහත්තයා. කරුණාකර දීප්ති යනු කවුදැයි මට කියා දෙන්න. ඔබලා ඇයි දබර කරන්නේ ?

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ දබර කරගන්නවා කියලා. මෙතන ඇත්තේ දෘෂ්ටිවාදීමය ගැටළුවක් විතරයි.

      දබර කිරීම නොකළ යුත්තේ මන්දැයි විචාරය කරන්නේ ආචාර ධර්ම විසිනි. එහෙත් ආචාර ධර්ම ගැන ආගමික නොවූ හැදෑරීමක් සිද්ධ නොවෙන සමාජයක, හිතුමතයේ ගෙනෙන මැතිවරණ නීති කඩ කළාම සමහර අයට පමණක් දඬුවම් ලැබෙන බවක් දකින සමාජයක, අවුල් වියවුල් වැඩිවීම පුදුමයක් නොවේ.

      ශිෂ්ඨාචාර මිනිසුන් අතර හොඳ ක්‍රියාවන් නොවන්නේ යැයි දැක්ක ද, ඒවා වැළැක්වීමට ප්‍රචණ්ඩත්වය පාවිච්චි කිරීම නුසුදුසු යැයි සැලකෙන ක්‍රියාවන් බොහොමයක් ඇත. දීප්ති හා හිරු කණ්ඩායමේ කැඩීගිය කොටස යන සාධකයන වැදගත් වන්නේ මේ අවුල් වියවුල් ලඝු කොට උපයෝගීතාවාදය (utilitarianism)සමාජ සහයෝගය ලකුනු කිරිමෙදීයි.

      යමක නියැළීමෙන් අරමුණු කරගත් ප්‍රතිඵලය ලැබෙන ක්‍රමයක් ලොව ඇත. අයෙකුට එය දෙවියන්ගේ නිර්මාණයක් යැයි කිව හැකියි. තවත් අයෙකුට එය ලෝක ස්වභාවය යැයි කිව හැකියි. අපි හඳුනාගන්නට නොදත් පමණින් ලෝක ස්වභාවය වෙනස් වී නැත. අපි හඳුනාගන්නට නොදත් පමණින් මිනිස් ස්වභාවය ද වෙනස් වී නැත. ප්‍රතිඵල කැමැති අය සිටිනවා නම් ඔවුන් හැමදාම වැඩ නොකරන ක්‍රමයන් වල එල්ලෙන හැදියාව වෙනස් කරගත යුතුයි. වෙනස යනු වෙනසක් ඇති කරමු කියමින් ඵලදායී නොවන විප්ලවීය ක්‍රියාවන් වලට වැඩියෙන් වෙහෙස වීම හෝ වැඩියෙන් මුදල් යට කිරීම නෙමෙයි.

      අහමුදකිමු, ඔබට නොතේරෙන සත්‍ය මෙයයි....

      Delete
    2. මට මේ උත්තරය බාර ගන්න බැහැ. මම ප්‍රශ්නයක් ඇහුවේ පැරකුම් මහතාගෙන්. මේ උත්තර දෙන්නේ පැරකුම් මහතාගේ මනෝකායද නැතිනම් වෙන හොල්මනක්ද

      අපි යමක් දැනගන්න කාගෙන්හරි අහපුවම ඒකෙනා පැත්තක ඉන්නවිට වෙනකෙනෙක් මැද්දට පැනල උත්තර දීමෙන් වෙන්නේ එසේ නොඉල්ලූවිට උපදෙස් දෙන කෙනා ගෙ කණ රත් වෙන්නට පහරක් දීමයි.කවුද තොගෙන් ඇහුවෙ මම ඇහුවෙ පැරකුම් මහතාගෙන්.

      පැරකුම් මහතා හමුවීමට දොරටුපාලයන් අවශ්‍ය නැහැ.

      Delete
    3. මේ පුද්ගලයන් නන්දොඩවන බව පෙනේ. එහෙම කරන්නෙ මොකුත්ම නොදන්න අය අතර පණ්ඩිතයන් වීමටයි. අපට කියන්න අවශ්‍ය දේ කෙටියෙන් සරලව පැහැදිලි කිරීමට එක්කෝ මොවුහු අසමත්තුය.නැතිනම් උවමනාවෙන්ම නිකම් වචන නාස්ති කරති.

      දැන් බලන්න පැරකුම් මහතාගේ මනෝකාය යැයි මම සිතන කෙනා දුන් උත්තරය. මම ඇනෝ කොමෙන්ට් කියවන්නේ නැත. එහෙත් මෙය කියෙව්වෙමි.

      මොහු කියන්නේ දෘෂ්ටිවාදී ගැටළුවක් ඇත. එය ප්‍රචන්ඩත්වයෙන් බේරුම් කරගැනීම නරකය.
      දීප්ති හා හිරු කන්ඩායම වැලයන පැත්තට මැස්ස ගසමින් නිශ්ඵල ව්‍යායාමයක යෙදෙති.අවුල් වියවුල් ගන සැළැකිල්ලක් නොදක්වා උපයෝගී කරගත හැකිදෙයක් වේනම එය පාවිච්චි කිරීමට දීප්තිලා නොපැකිළෙති. සමාජ සහයෝගය ලකුණු කරන කතා දමන්නේ බොරු පන්ඩිතමානීකම පෙන්වන්නයි.ඒ වාක්‍ය පටලවා ඇත.එය දෙකඩ කඩන්න අවශ්‍යය.
      වාක්‍ය පටලවා භාෂාවට මිනිසුන් බයකරවන්න එපා.

      කුමන ලෙසින් හැදින්වූවත් අප කෙලෙස හදුනා ගත්තත් ලෝක සොබාවය වෙනස් නොවේ.එය වෙනස් කිරීමට කාට හෝ අවශ්ය නම් බොරු විප්ලව නොකර බොරු වැඩ වලට සල්ලි නාස්ති නොකර ප්‍රයෝජනවත් දෙයක් කළ යුතුය.

      බලන්න මම කියපු ඒ කොටස ඕනම කෙනෙකුට තේරෙනවා. මෙහිදී භාෂාව විපරීත ලෙස භාවිතා කළේ නැහැ. කිසිවක් නොදන්නා අළුත් කෙනෙකුට යමක් පැහැදිලි කරන ක්‍රමයවත් මේ මනෝකාය දන්නෙ නැති හැටි. මේ අය නැවත මොන්ටිසෝරි යැවිය යුතුය.

      මේ අයගේ බොරු බුද්ධියේ රහස මෙලෙස භාෂාවේ වචන අසන කෙනාට නොතේරෙන ලෙස ගණිකා වෘත්තියේ යෙදවීමයි.

      මා මේ පැහැදිලිකිරීම කිරීම සදහා ඇනෝ කොමෙන්ට් එක කියෙව්වා මිසක සාමාන්‍යයෙන් ඇනෝ කොමෙන්ට් කියවන්නේ නැත. තම මුහුණ පෙන්වන්නට බිය නැති පැරකුම් මහතා මනෝකායන් එවීම පුදුමය දනවයි.

      Delete
    4. මචං, අහමු දකිමු, උඹ ඉල්ලන් කෑවා නේ? අයියෝ අයියෝ හිනා වෙලා බඩත් රිදෙනවා.

      අරුණි නෝනාගේ කතා ඇත්තට ගන්න ගිහිං කක්කි ගා ගත්තා. මේ යෝදයා ප්‍රින්සිපල් කෙනෙක්ද කොහෙද කිව්වා නේද? ළමයිට බඩුම තමා.

      Delete
    5. අහමු දකිමු මහතාණනි,

      //අපි යමක් දැනගන්න කාගෙන්හරි අහපුවම ඒකෙනා පැත්තක ඉන්නවිට වෙනකෙනෙක් මැද්දට පැනල උත්තර දීමෙන් වෙන්නේ එසේ නොඉල්ලූවිට උපදෙස් දෙන කෙනා ගෙ කණ රත් වෙන්නට පහරක් දීමයි.//

      මහත්තයා, මේ ඔබ තුමාගෙ ඉස්කෝලෙ නෙවෙයි බ්ලොග් අවකාශය. ඔබ තුමාට සාමාන්‍ය internet forum etiquette පුරුදු නැති බව පෙනේ. කෙනෙක් දැමූ කමෙන්ට් එකකට උත්තර දීමට ඉන්ටර්නෙට් එකේ ලයිසන් අවශ්‍ය නැත. එහෙම උත්තර දුන් අයට "කන රත්වෙන්න ගහන" සිරිතකුත් නැත, එහෙම ගහන්නට පුලුවන් කමකුත් නැත. අනික ඔබ තුමාට දැන් වයසත් ඇති නේ? අහක යන උන්ට කන රත් වෙන්න ගහන්න ගිහින් මේ තරුණ (මම නෙවෙයි, මට නම් වයසයි) කොල්ලො එක්ක ගුටි කෙල ගන්න පුලුවන් වයසකුත් නෙවෙයි නේ?

      //කවුද තොගෙන් ඇහුවෙ මම ඇහුවෙ පැරකුම් මහතාගෙන්.//

      යන්නෙන් ඔබතුමා එක්කෝ ඉන්ටර්නෙට් ෆොරම් සහ බ්ලොග් වලට ඔබ තුමා ගේ ආධුනික බව / ඔබ තුමා ගේ උප්පත්තියේ හැටි හෝ ඔබතුමාගේ දෙමාපියන්ගේ හැදියාව පෙන්වා ඇත. ඇත්ත හේතුව පලවැනි එක යයි (ඔබ තුමාට අනුකම්පාවෙන්) උපකල්පනය කරමි. ඔබ තුමා උත්තරයකට අකමැති නම්, එය නොතකා හරිනු බැරි නම් සංයමයක් ඇතිව ප්‍රතික්ෂේප කළොත් ඔබ තුමාගේ විදුහල්පති කමේ ගෞරවය තව කලක් රැකෙනු ඇත.

      Delete
    6. කවුද මේ මෙතන ඉස්කෝලයක් කියලා හිතං ඉන්න කෙනා? මේ ඉන්ටර්නෙට් ෆෝරම් වල අදහස් ප්‍රකාශ කරන්න කාගෙන්වත් අවසර ඕනි නෑ. එහෙම අදහසක් දැම්මා කියලා කනට ගහන සිරිතකුත් නෑ. මේ කෙනා ප්‍රින්සිපල් කෙනෙක් වෙන්න පුළුවන් ඉස්කොලේදී. ඒත් මෙතනදී පාඨකයෙක් සහ කොමෙන්ට්කරුවෙක් විතරයි.

      වයසට ගියාට කිසිම විචාර බුද්ධියක් නැති කමනේ. හරක් වගේ හිතලා ඉස්කොලේ ළමයි පාලනය කරන්න මේ වගේ උදවිය යවන්න ඕනා ඇත්තටම හරක් පට්ටියක් බලා ගන්න.
      මේ වගේ උදවිය හින්දා තමයි වෙනුෂා වගේ ළමයි මැරෙන්නේ.

      මට හිතෙන්නේ මේ අර වෙනුෂාව මරා ගත්තු අවලං ප්‍රින්සිපල්ද කොහෙද මෙතන මේ අපිව හදන්න ඇවිත් තියෙන්නේ.

      Delete
  8. පැරකුම් මහතානෙනි. මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා.ඔබ කැමති නම් විකාර දොඩවන්නේ නැතිව වැල්වටාරම්ද කියවන්නේ නැතිව කෙටි පිළිතුරු දෙන්න.

    දීප්ති මහතාත් ඔබත් අතර ඇති මතවාදී විරසකය කුමක්ද?

    ඔබ පශ්චාත් නූතන වාදියෙක්ද?

    ඔබ කිසියම් දේශපාලන පක්ෂයක සිටින්නෙක්ද? නැතිනම් හැම එකාටම බැන බැන යන්නෙක්ද?

    ඔබ කලින් සේවය කළ වාම ව්‍යාපාරයෙන් වෙන්වූවානෙ. දැන් ඔබට ඊට සංශෝධන තිබෙනවාද? තිබෙනවානම් ඒ මොනවාද?

    ඉහත ප්‍රශ්න වලට ඔබ කැමතිනම් ඔබට හැකිනම් උත්තර දෙන්න. එහෙත් ඉල්ලීම් තුනක් ද ඉදිරිපත් කරමි.

    කරුණාකර ඔබේ මනෝකාය හෝ කිසියම් අවතාරයක් උත්තර දීම පිනිස නො එවන්න.

    විකාර නොදොඩවන්න

    වැල් වටාරම් නොකියන්න.

    ඔබට ජයෙන් ජයම වේවා.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් එකෙයි කකාගේ බ්ලොග් එකෙයි කොමෙන්ට් වල සම්පුර්ණ පරිපාලනය මෙහෙයවන්නේ අපි.
      ඔහේ මේ ඊයේ පෙරේදා බ්ලොග් එකක් අටවන් ආපු හින්දා මෙව්වා ගැන දන්නේ නැතිව ඇති. වයසින් වැඩි උනාට ඔහේ බ්ලොග් ලෝකෙට අලුත් හින්දා කමක් නෑ.

      හැබැයි ඔයවගේ පුක උඩදාගෙන ඇවිත්,ලොකු කතා කියපු මැෂින් බිජ්ජාට,සයිලන්ට් සහන්ට,මීමුරේ මාමාට, වඳ පිදපු මොටයියට,කෙන්ජි බිල්ලාට උන දේවල් ගැන මතක තියා ගන්න.

      ටටා බායි.

      Delete
    2. දීප්තිත්, අපත් අතර ඉතා පැහැදිලි මතවාදී විරසකයක් තිබේ.

      මා විසින් ප්‍රවර්ධනය කරනු ලබන්නේ නව සමාජවාදයක් පිළිබඳ අදහසකි. එය වනාහි සමාජවාදී ජීවිතයක් හඳුනා ගැනීමේ අරගලයකි. දීප්ති දෘෂ්ටිවාදයක් ලෙස කුමක් ප්‍රවර්ධනය කරනවා ද යන්න අපැහැදිලි මුත්, ඔහු අප විෂයෙහි වෛරී අදහස් ප්‍රකාශ කරයි.

      ඔහු දිගින් දිගට ම කරන දෙයක් තිබේ. ඒ වනාහි බොරු පාණ්ඩිත්‍යයකින් සමාජයේ රැඩිකල් දේශපාලන බලවේග රවටා නොමග යැවීමයි. එය ඔහු සම්බන්ධයෙන් අපගේ මෙන් ම ඔහු සමග සිට ඉවත් වූ සෙසු අයගේ ද අදහසකි. එයට එරෙහිව අප ලියන්නේ අප එය ප්‍රතිගාමී දේශපාලනයක් ලෙස හඳුනා ගන්නා බැවිනි.

      දීප්ති ගැන පමණක් නො ව, වෙනත් වාමාංශිකයන් ගැන ද අප විවේචනාත්මක අදහස් ඉදිරිපත් කර තිබේ. ජවිපෙ, පෙරටුගාමී පක්ෂය හා ආණ්ඩුව පවා අපගේ නිර්දය විවේචනයට ලක් වී තිබේ. එහෙත්, බොදු බල සේනාව, රාවණා බලය වැනි සංවිධාන හෝ අන්තර්ජාලයේදී මේ අන්දමින් තමන් විවේචනය කරන අය පිළිබඳ කුපිත ප්‍රතිචාර දක්වන්නේ නැත.

      එහෙත‍‍‍්, මෙහි ඔබ සිතන තරම් නරක දෙයක් නැත. දේශපාලන සංවාද හැම විට ම ඉතා ම මටසිළිටු අන්දමින් සිදු විය යුතු නැත. විශේෂයෙන් ම නිර්ධන පංතිකයන් අතර සංවාදවල සදාචාරය ධනේශ්වර සංස්කෘතික මිනුම් දඬුවලින් මනින්නට උවමනා නැත.

      දීප්ති මෙන් ම අප ද කරන සමාජ මැදිහත් වීම පිළිබඳ මැන ගත හැක්කේ අපට ලැබෙන ප්‍රතිචාරවලිනි. අප දීප්ති සමග කිසිදු දේශපාලනික හෝ පෞද්ගලික තරහක් නැත. අප කරන්නේ ඔහුගේ දෘෂ්ටිවාදයන් හා භාවිතාවන් ප්‍රශ්න කිරීමයි.

      ඔබගේ දෙවන ප්‍රශ්නයෙන් අසන 'වාදය' පිළිබඳ ගැටලුවේදී මට කීමට තිබෙන්නේ මා කිසිදු දැඩි මතධාරී 'වාදියකු' නො වන බවයි. මට කීමට තිබෙන්නේ මා සමාජවාදියකු ය යන්න පමණි.

      ගතානුතික වමේ ව්‍යාපාරය පිළිබඳ තිබෙන විවේචන ඔස්සේ නව සමාජවාදයක් පිළිබඳ සංයුක්ත අදහසක් ඉදිරිපත් කිරීම ඇත්තෙන් ම මතවාදී අරගලයකි. අපි එහි යෙදී සිටිමු. එය එක වාක්‍යයෙන් කළ හැක්කක් නො වේ.

      මම දැනට කිසිදු පක්ෂයක සාමාජිකයෙක් නො වෙමි. හැම එකාට ම බැන බැන යන්නෙක් ද නො වෙමි. මම වාම ක්‍රියාධරයකු ලෙස වාමාංශික දේශපාලනයට මැදිහත් වෙමි. එහිදී මම ජාතිවාදයට ‍හා වෙනත් ස්වෝත්තමවාදයන්ට එරෙහිව සටන් කරමි. ඒ අතරතුර සාධනීය විභවයන් සමග සම්බන්ධ වී කටයුතු කරමි. මා ස්වේච්ඡාවෙන් ජනරළ පුවත්පතට ලිවීම තේරුම් ගත යුත්තේ එතැනිනි.

      මෙම කාරණය අවධාරනය කළ යුතු ය. මෙම බ්ලොගයේ අප නිදහස් සංවාදය සඳහා ඉඩ දී තිබෙන මුත්, එය අපි දැඩි ලෙස අධීක්ෂණය කරන්නෙමු. පසුගිය දිනවල අප ටික දිනකට ‍කමෙන්ට් මොඩරේට් කළේ ද පාලනය කිරීමට අවශ්‍ය තත්වයක් මතු වූ බැවිනි.

      මෙම බ්ලොගයේ කමෙන්ට්වලින් වැඩිපුර ම බනින්නේ මට ය. මම ඒ ගැන කණගාටු නො වෙමි. මිනිසුන් දේශපාලනය ගැන සංවාද කිරීමට මැදිහත් වීම ගැන මම සතුටු වෙමි. මම සාමාන්‍යයෙන් ඇනෝ කමෙන්ට් හෝ වෙනත් ප්‍රොෆයිල්වලින් කමෙන්ට් දමන්නේ නැත. මට ඒවාට වෙලාවක් ද නැත. මා ඔන්ලයින් ඉන්නේ වැඩ කිරීමට ය.

      Delete
    3. අජිත් මොනාද ඔන්ලයින් කරන වැඩ? ජිල් බලන්නේ නැද්ද?

      අනික මේකේ මාතෘකාව මම එක පාරටම දැක්කේ 'දීප්තී ගේ වාමාංශික ඇටය' වගේ. ආයේ මම බලද්දී තමයි දැක්කේ මේ දීප්තිගේ ගැටය කියලා. ඒත් පැරා මට තියෙන ප්‍රශ්නේ තමයි, දීප්තිට කොහෙද ගැට කියන එක.

      Delete
    4. දීප්තිට තියෙන ගැට තමා අරුණිගෙ ගැට.... ඌ ගැට කියලා හිතුවට ඒවත් වැල....

      Delete
    5. ස්තුතියි .පැරකුම් මහත්තයෝ
      මට ඕන වුනේ ඔබතුමාගෙන් ඇත්තටම යමක් ඉගෙන ගන්නයි. මොකද මම සිංහල ගුරුවරයෙක්. මට ඉංග්‍රීසි කතාකරන්න ,කියවන්න බැහැ. ලියන්නත් වාක්‍යක් දෙකක් මිස එච්චරම බැහැ. හැබැයි කෙනෙක් කියන දෙයක් යන්තමට තේරුම් ගන්න පුළුවන්. සිංහල භාෂාව නම් හොඳටම පුළුවන්.
      පන්ඩිතමානීබව ගැන ඔබතුමා කී දේ සම්පූර්ණ ඇත්ත .අර කෙළතොල්ලෙක් ඔබතුමා වෙනුවට උත්තර දුන් හැටි බලන්න. ඌ විකාර දෙඩෙව්වනෙ. මේ රිලවුන් පාලනය කරන්න කෙවිට අතට ගන්න කාලය හරි වගේ. ඔබතුමාගේ සරු වගාව මේ රිළා රංචුව රිසි සේ කා වනසා දමනවා නේද?

      තව දෙයක් . බලන්න මුන් ඔබතුමාට කිසි ගරුසරුවක් නැතිව කතා කරන හැටි .බලන්න මට කතා කළ සැටි. මුන් නිසි ඉගෙණුමක් නැතිව දෙමාපියන් වෙහෙසවී සොයන තුට්ටු දෙක කාබී දඩාවතේ යන කොළු රැළක් වෙන්න ඇති.මුන් හික්මවන්න ගුරුදෙගුරුන් අසමත් වුන එකේ විපාක තමයි මේ. මම නම් මේ වගෙ එවුන්ට වේවැල් කැඩෙනකම් ගහල ඇති.මාව හරක්පට්ටියකට සුදුසුයි කියලා තිබුනා. හරකුන්ට නොවෙයි වේවැල ඕන කරන්නේ කොළුවන්ටයි.අද පාසල්වල හරියට දඩුවම් නොකරන නිසා හෙට අනිද්දට පාරෙ බැහැල යන්න බැරි වේවි.කොල්ලාට වේවැල යනු අලියාට හෙන්ඩුව වගෙයි.

      Delete
    6. @ ahamudhakimu (March 11, 2014 at 9:52 AM)

      මෙතැනත් මගේ බ්ලොග් එකේත් යන මේ කතාව බලා සිටි මට දැන් මේ කමෙන්ටුවට පසු නම් හිතෙන්නේ අහමු-දකිමු රචකයා අපිව පොඩි රයිඩ් එකකට අරං යනවා වගේයි.

      ඔබ ඇත්තටම ලඟදී විශ්‍රාම ගිය හිටපු ප්‍රින්සිපල් ටීචර් කෙනෙක් නම් මේ වේවැල් කතා, රිලා කතා ලියන්නේ නෑ මෙතන.

      එනිසායි මට තරමක සැකයක් ඇතිවෙන්නේ. ඔබ ඇත්තටම හිටපු ප්‍රින්සිපල් ටීචර්කෙනෙක් නම් මට ඇත්තටම ඒ ගැණ ඉතා දුකයි.

      මගේ ඉල්ලීම මෙයයි. ඔබේ බ්ලොගයේ ගුරු සේවයේ කතා කීපයක් හෝ ලියන්න. ඔබේ අත්දැකීම් අප හා බෙදා ගන්න.

      ස්තුතියි!

      Delete
    7. ඔය වගේ බ්ලොග් ලෝකෙට ආපු මුල කාලෙ වලි දාගත්තු තවත් ඔයා වගේම වයසක කෙනෙක් දැන්නං තැන්පත් වෙලා වත්ත අඳුනගෙන පිලිවෙලට කරගෙන යනව. එයත් කියන ඕන දේකට ඉයෙස් සර් කියාපු රැළක් එක්ක හිටපු නිසා මුල කාලෙ කෙහෙල් කොටුවට පැන්න මිත්‍ර සෙනවිය වගේ වෙන්න ගිහින් පස්සෙ අම්බානෙක කාල, නාල හැදුන. ඔබතුමත් ඉස්සර ඉස්කෝලෙ වගේ එහෙය්යො කන පලාගන්න සූදානම් පොඩි කොල්ලො ඉන්න තැනක් කියල මුලා වෙලා ඉල්ලන් නොකා ඔය උඩ කියල තීන මිතුරු උපදෙස් අරන් හැදෙන්න බලන්න.

      Delete
    8. අහමුදකිමු යනු හේවගේ ගේ අවතාරයක්දැයි සැක සිතේ!

      Delete
    9. අහමු දකිමු කියන්නෙ තිසර සයිලන්ට් සහන් ඉන්දික උපශාන්ත ඔය තුන් දෙනාගෙන් කෙනෙක්. ආචාරිය වෙන්නත් බැරි නෑ. ඇත්තටම පිනා පින් ගොනෙක්ද දන්නෙත් නෑ.

      Delete
  9. අනේ මන්දා.....කාලයක් මිනිහෙක්ව උඩ දා ගෙන වදිනවා,,අදහනවා...ඊට පස්සේ ඌට බිම දා ගෙන ගහනවා..ආසියාතියකයන්ගේ පොදු දුර්වලතාවයක් වෙන ප්‍රතිරූප වන්දනාව හා ඊටපසු ඇතිවන කලකිරීම මම පැරා තුලින් දකිනවා......

    ReplyDelete
  10. if some one question a political character who does politics, in a unpolitical hysterical way….even though unconsciously The Questioner, could be lightly disappear.as soon as it happened the question doesn't exist any more. (it's a purpose) awake up.

    ReplyDelete
    Replies
    1. meka me ara main article 1 ta dapu coment1k neda.

      Delete
  11. මට හිතෙන්නේ ටෙරල් පැටලිලි සහගතව නිශ්චිත නිමාවකින් තොරව ලියූ ලිපියට ප්රතිචාර දක්වා ඇත්තේ ඊටත් වඩා පැටලිලි සහගත බවකින් බව මාගේ අවබෝධයයි. මම උත්සාහ ගන්නේ ටෙරල් කියන්නට හදන්නේ මොකක්ද කියායි.
    තව වරක් හෝ ටෙරල්ගේ ලිපිය කියවා එය වටහා ගැනීමට මට නොහැකි වුනොත් මම ඒ ලිපිය අමතක කර දමමි.
    බූ

    ReplyDelete
    Replies
    1. Nostalgian form 1kin thamai meka eliyata ennema. eda pewathnu conditions walata anuwa thamai..ehema une kiwwoth. hemotama piliganna wenawa neda. me article 1 kelinma adala pudgalayata yomu karanam. anthargathayata pilithuru lebei neda....ei ehema nokale..? api hemome eka mohothakata passe politicaly attara wenawa.{misfocus(man hithanne eka political misfunction1k)}

      Delete
  12. paan piti engata agunai..meya...rathuhale bath polsambalak ekka hari ke heki.

    ReplyDelete
  13. දීප්ති කියන්නෙ එකකට එකක් සම්බන්ද නැති,අවුල් ජාලවල් ලියන්න පුරුදු කෙනෙක්. එයා ගැන තියන මේ ලිපියත් අවුල්. කොමෙන්ට්ස් හොදටම අවුල්. මෙලෝ සම්බන්දයක් නෑ.

    ReplyDelete
    Replies
    1. Block your libidle (libido) fantasy, and active political one, then go through (දීප්ති), you will understand some...even though not all.

      Delete
    2. සාදු සාදු සා,...දු

      Delete
  14. දීප්ති කුමාර ගුනරත්න කියන්නෙ කුමාර් ගුනරත්නම්ගෙ නෑදෑයෙක්ද?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා