අනුර කුමාර දිසානායක සහෝදරයාට ලියුමක්

හිතවත් අනුර සහෝදරයා,

ජනප්‍රිය සංකේතයක් වන ඔබ ජවිපෙ නායකත්වයට පත් වීම ගැන බොහෝ දෙනෙක් කතා කරන්නේ බලාපොරොත්තු සහගතවයි. ඒ අනුව ඇත්තෙන් ම පිම්මක් පැනීම සඳහා අලුත් ගැම්මක් ඇති වී තිබේ.  2004දී පැනගත් ජාතිවාදී පිම්ම වැනි පිම්මක් නොව, වඩා සමාජවාදී පිම්මක් පැනීම සඳහා මෙය ඉවහල් කර ගත හැකි වාතාවරණයක් නිර්මානය වී තිබේ.

පාර්ලිමේන්තුවේදී විශේෂයෙන් ම ඔබ විසින් කරන ලද කාර්ය භාරය හේතුවෙන් ජවිපෙ නියෝජනය සභාවල තිබිය යුතු ය යන අදහසක් ද සමාජයේ තිබේ. ඒ නිසා ඔබට අහිමි වී තිබෙන ඡන්ද පදනමේ හිස් තැන ද පාවෙන ඡන්දවලින් පුරවා ගත හැකි වනු ඇත. 

එහෙත්, ජවිපෙ තුළ සිදු වූ ඛන්ඩනයෙන් පසු වත්මන් ජවිපෙ කාවන්ධය නැති හිසකි. ‍එසේම පෙර‍ටුගාමී පක්ෂය ගැන කිව හැක්කේ එය හිසක් නැති කාවන්ධයක් ය කියා ය. 

ජවිපෙ කාවන්ධය හිසෙන් ගැලවී ගියේ ඇයි ද යන්න ඔබ ගැඹුරින් සිතා බැලිය යුතු ය. ඔබේ ම භාෂාවෙන් ම කියනවා නම් ජවිපෙ හිස කාලාන්තරයක් තිස්සේ ශරීරයට දුන්නේ ‍ගේම් ය. බලය සඳහා වූ ප්‍රතිගාමී ක්‍රියාමාර්ග ගැනීම සඳහා කුමාර් ගුනරත්නම් ද ඇතුළු ජවිපෙ හිස කඳට අම්බානක් ගේම් දුන්නේ ය. විමල් වීරවංශ වැනි අය නිර්මානය වුණේ ද මෙම ගේම් නිසා ය.

ඛන්ඩනයට පෙර මුල් කාලයේ ඔබ කුමාර් ගුනරත්නම්ගේ මිනිහෙකි. පක්ෂය තුළ ඔබ ඉදිරියට ගෙන ආවේ කුමාර් ගුනරත්නම්ගේ කණ්ඩායම විසිනි. එහෙත්, ඔබ ඔහු සමග කැඩී නො යන්නට තීරණය කළේ ය. මේ මොහොතේ ඔබට කළ හැකි එක් කාර්යයක් වන්නේ ජවිපෙන් ගිලිහී ගිය කාවන්ධය නැවත සවි කර ගැනීම සඳහා උත්සාහ කිරීමයි. එහෙත් එය පහසු කාර්යයක් නො වේ. ඉතිහාසයක් මුළුල්ලේ ජවිපෙන් ගැලවී ගිය බලවේග ආපසු දිනා ගන්නට සමත් වෙතොත් ජවිපෙට හොඳ අනාගතයක් තිබේ. ඒ සඳහා ජවිපෙ තමන් තුළ ම ලොකු වෙනසක් සිදු කර ගත යුතු ය. 

පළමුවෙන් ම බොරුවෙන් පවතින්නට දරන උත්සාහය අත් හළ යුතු ය. මා සිතන පරිදි නම් වැඩි කරන ලද විදුලි බිලට එරෙහිව මතු වෙමින් පැවති විරෝධය දිය කර හරින්නට පමණක් ඉවහල් වූ ලාල් කාන්ත විසින් නායකත්වය දෙන ලද සංකේත වර්ජනය මේ බොරුවෙන් පැවතීමේ අවසානය සංකේතවත් කළ සිද්ධියක් විය. 

ජවිපෙ සතුව සිටි සම්ප්‍රදායික විප්ලවවාදී බලවේගය පෙරටුගාමී පක්ෂය සමග ගැලවී ගියේ ය. ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටින නිසා මේ මොහොතේ එම බලවේගය තුළ සිටින ක්‍රියාකාරිත්වය නැතිව බැරි ඇතැම් අය ආපසු දිනා ගන්නට ඔබට හැකි වන්නට පුළුවන. කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අ‍පේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ. ඒ ඔබ තුළ කිසියම් විවෘතභාවයක් ඇති වී තිබෙන බව දැකීමෙනි. 

ජවිපෙට අනන්‍යතාවක් තිබෙන්නේ පීඩිත ජනතාව වෙනුවෙන් පෙනී සිටින, අයුක්තියට අසාධාරණයට එරෙහිව හඬ නඟන, යහපත් වෙනස්කම් වෙනුවෙන් පෙනී සිටින, සමාජවාදී පක්ෂයක් ලෙසයි. එහෙත්, ජවිපෙ දිය වී ගියේ මේ සියල්ලට යටින්පක්ෂය තුළ ඔඩු දිවූ කුහකත්වය නිසා ය. මේ කුහකත්වය වාමාංශික ජීවිත තුළ ඇති පසුගාමී ලක්ෂණයකි. කෙසේ වෙතත්, පසුගිය කාලයේ පෙරටුගාමී පක්ෂය මෙම සැබෑ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කළ බව කිව යුතු ය. ඔවුන් එය පිටු දුටුව හ. එහෙත්, ඒ සමග ඇති වූ අලුත් තත්වය ඉවහල් වී තිබෙන්නේ අලුත් ක්‍රියාමාර්ග ගනිමින් ඉදිරියට යන්නට නොව තමන් සොයන විකල්පය පැරණි, කුප්‍රකට කුහකයන් තුළින් සොයන්නට යාමට ය.

සමාජවාදය ගැන අලුතින් ම සිතිය යුතු ය. එහෙත්, ඒ අතරතුර සමාජවාදීන් දේශපාලනය කළ යුතු ය. ජවිපෙ හෝ පෙරටුගාමී පක්ෂය‍ දේශපාලනය කළ යුත්තේ මෙම කරුණ ගැන ගැඹුරින් සිතා ය. මෙම පක්ෂවල දේශපාලනය අලුත් සිතීම්වලට බාධාකාරී නො විය යුතු ය. ඒ වෙනුවට ඒවාට උපකාරී විය යුතු ය. සරළව කියනවා නම්, පෙරටුගාමී පක්ෂ සංකල්පය විසින් පක්ෂ සාමාජිකයාගෙන් ඉල්ලා සිටින මිලිටරි විනය ගැන ජවිපෙ නැවත සිතා බැලිය යුතු ය. ජවිපෙට ඉඩක් තිබෙන්නේ ලිබරල් වාමාංශික පක්ෂයක් ලෙසයි. 

එහෙත්, මේ ලිබරල්කම හේතුවෙන් ඇමති තනතුරු කීපයක් වෙනුවෙන් ආත්මය වුණත් පාවා දෙන තිස්ස විතාරණලාගේ සිට වාසුදේව නානායක්කාරලා දක්වා බලවේගය මට්ටමට ජවිපෙ නො වැටෙන මට්ටමින් තබා ගත යුතු ය.

සැබෑ මහජන නියෝජනය ජවිපෙට කළ හැකිව තිබෙන ලොකුම මෙහෙයයි. මන්ද, මේ වන විට සෙසු පක්ෂ විසින් කරමින් තිබෙන්නේ පුද්ගලයන්ගේ අවස්ථාවාදී අවශ්‍යතා නියෝජනය කිරීම වීමයි. මහජනයා නියෝජනය කිරීම යනු තමන්ගේ සතුරන් ලෙස හඳුනා ගත් වාමාංශිකයන් ඉවත ලා සෙසු පිරිස් පමණක් නියෝජනය කිරීම නො වේ. ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය උත්සාහ කළ යුත්තේ පීඩිත ජනතාවගේ සැබෑ නියෝජිතයන් වන්නට ය. 

මෙහිදී පීඩිත ජනතාව ද යළි හඳුනා ගත යුතු යයි මට සිතේ. දරුණු ලෙස පාදඩකරණය වී තිබෙන වත්මන් සමාජයේ දේශපාලක සොරුන් ළඟ දනින් වැටී දෙපතුල් ලෙව කෑම උතුම් ලෙස සලකන පාදඩ බලවේගයට සහෝදරත්වය ප්‍රකාශ කරන්නට කුමන හෝ වාමාංශික පක්ෂයක් කලබල විය යුතු නැත. මන්ද, මෙම පාදඩ ස්ථරය දැන් නිර්ධන, මධ්‍යම, ධනපති පංති හා ජාති, කුල ආදිය හරහා ද විහිදී යන පුළුල් බලවේගයකි. ලංකාවේ ලොකු ම සමාජ ගැටලුව මෙම පාදඩයෝ ය. මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය.

ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ‍ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සි‍ටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නි‍යෝජනය කළ යුතු ය.

මහජන සභා නියෝජනය ධනේශ්වර දූෂණයෙන් තම පක්ෂ පෝෂණය කර ගැනීමේ මාර්ගයක් කර ගැනීම දැන්වත් අවසන් කළ යුතු ය. ඒ කියන්නේ ජවිපෙ මහජන සභා නියෝජනය කළ යුත්තේ පඩිය අරගෙන පක්ෂ අරමුදලට දීමට හා වාහන ටික පක්ෂ භාවිතයට දීමට නො වේ. ජවිපෙ සැබැවින් ම ජනතාව නියෝජනය කළ යුතු ය. එවැනි මහජන නියෝජිත වෘත්තිකයන් බිහි කර ගැනීමට ජවිපෙ උත්සාහ කළ යුතු ය. අනුර කුමාර දිසානායක යහපත් ලක්ෂණ තිබුණු මහජන නියෝජිත වෘත්තිකයෙකි.

අනුර සහෝදරයාට සුබ පැතුම්!

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. අනේ අජිත් අයියේ, හරිම ලස්සනයි ඔයාගේ සයිට් එක. මම හුස්ම ගන්නේ නැතුව ලිපිය එක හුස්මට කියෙව්වේ මේ ඇත්තමයි. පුදුම රසවත්කමක් තිබුනේ ලිපියේ. ඒ වගේම ලිපිය මඟින් ගොඩාක් දේවල් මම ඉගෙන ගත්තා. අය්යාට පින් අය්යේ මෙහෙම දැනුවත් මේ ලිපිය හරහා අපිට ලබලා දුන්නට.

    ඒ වගේම අයියේ තවත් දැනුවත් කිරීමක් කරන්න කැමතියි.

    බොහෝ සත්‍රීන්ට ස්වකීය ස්ත්‍රි නිමිත්ත ආඩම්බරවීමට නිමිත්තක් වනවාට වඩා ලැජ්ජාවට නිමිත්තක් කියල ඔවුන් හිතනවා. ඒකට හේතුව එහි පිහිටීම. බොහෝ ස්ත්‍රීන් තමන්ගේ යෝනියෙ පිහිටීම ගැන ඉන්නෙ බලවත් කනස්සල්ලකින්. විශේෂයෙන් බාහිර යෝනි තොල්වල පිහිටීම ගැන. මේ සමබන්ධව කිසියම් මැදිහත් වීමක් කළ යුතුයි කියල අපි හිතනවා.

    ඒ සඳහා වන මාර්ගය පාදාගෙන, හැමෝම එකිනෙකාට වෙනස්, හැමෝම හරිම සාමාන්‍යයි, හැමෝගෙම ස්ත්‍රී නිමිත්ත ලස්සනයි කියලා ඒ අයට ඒත්තු ගන්වන ලිපි පෙළක් ලියන ලෙසද අයියාගෙන් ඉල්ලා සිටිමි.ශල්‍යකර්ම කරමින් බාහිර යෝනි දෙතොල කප්පාදු කිරීමට කල් යල් බලන ස්ත්‍රීයට වෙනස් වෙන්න කියලා ඇරයුම් කරන්න අජිත් අයියේ.

    ReplyDelete
    Replies
    1. පිස්සෙක්

      Delete
    2. ඇනෝ නංගියේ/ මල්ලියේ.. සයිට් එක ලස්සන උඩම කව්බෝයි තොප්පියක් දාගෙන ඉන්න මාලු කාරයා වගේ පොර නිසා නේද?

      Delete
    3. අනේ දීප්ති අයියා ඔයාටම කියල වෙබ් එකක් තියන එකේ ඔයා එතන රෙන්නකෝ. තැන තැන් වල බෙටි දාන එක හොද නැ කියල ලැකාන් කියල තියනවා නේද?

      Delete
  2. මම ලිපිය කියෙව්වෙත් නෑ ඕයි ඒත් මම කෙලින්ම ගියේ කමෙට් වලට... නියම දේ ඇනෝ කෙනෙක් ඇනො කෙනෙක්ට පිස්සෙක් කියල..

    ReplyDelete
    Replies
    1. නෑ ඒ ඇනෝ කෙනෙක් නෙමයි. පැරකුම් තමයි ඇවිත් පිස්සෙක් කියලා කොමෙන්ට් එකක් දාලා ගිහිං තියෙන්නේ.

      Delete
    2. To comment without reading we all learn from Deepthi.
      that is the truth.

      Delete
  3. 200% එකඟ විය හැකි කරුණු 2කි.

    1.ඔවුන් කුමක්දෝ සංවාදයක් කරන බව කියමින් දීර්ඝ කාලීන සිසිර නිද්‍රාවකට ගොස් සිටි...

    2.මේ මොහොතේ වාමාංශිකයන්ගේ අරගලය මෙකී පාදඩ ස්ථරයට එරෙහි එකක් විය යුතු ය.



    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. කරැණු අතින් පොහොසත් සහෝදරාත්මක ලිපියක්.. නියමයි පැරා නියමයි.

    ReplyDelete
  6. >>> කලක් ඔබ විසින් ද්‍රෝහීන් ලෙස හඳුන්වන ලද ඇතැමුන් ඔබගේ අ‍පේක්ෂක ලැයිස්තුවල සිටින ආකාරය දුටු විට අපට යම් සතුටක් ඇති වේ.

    මේ කවුද?

    ReplyDelete
  7. අනුර සැබෑ වාමාංශික ව්‍යපාරයක් ෙගාඩ නගයි කියල බලාෙපාෙරාත්තු ෙවන ඒක නම් මුලාවක්. වැඩිම වුෙණාත් තව තව ෙමානවා හරි සංධාන ෙපරමුණු ගහල ෙවන කවුරු හරි බලයට ෙග්න්න තමන්ෙග සාමාජිකෙයා ක ෙඩ් යවයි. පැරාටත් ඒ්වෙන ෙහාද. දිගටම චන්ෙද ෙදන්න.

    ReplyDelete
  8. ජවිපේට තව කලක් යන තුරු ලංකීය දේශපාලනයේ නම් කරන්න කිසිම කාර්යභාරයක් නෑ.එකම දේ පෙරමුණක් ගහල එජාපය බලයට ගේන්න උදවු වෙන එක.තුන් වැනි බලවේගයවත් නොවන ජවිපෙ ඇතැම් විට වික්‍රමබාහුගෙ පක්ෂය වගෙ වෙයි.ජවිපෙ ඉතිහාසයේ යම් සාර්ථකත්වයක් ලැබුවානම් ලැබුවේ ජාතිකත්වය හා බද්ධ වීමෙනුයි.ඉන් ඉවත්වූ සැනින් ඇද වැටුනා.මේ ලිපියේ තිබෙනවායැයි කියන පන්තියක් සැබෑ ලෝකයේ නැති නිසා එවැනි පන්තියක් නියෝජනය කරන පක්ෂයක් වැඩ වර්ජන කරමින් ( ඒවාට කවුරුත් සහභාගි වෙතී චන්ද පරදිමින් බොරු සංවාද කරමින් බෝඩ්ලෑලි පක්ෂයක් බවට පත් වන්නට සිදු වේවි.ජවිපෙ ඉරනම එයයි.පෙරටුගාමීන් නැති නිසා කැම්පස්වල නවකවදේවත් දෙන්න බැරි මට්ටමට වැටිලානෙ.

    ReplyDelete
  9. අර පිස්සු විතාරණ සහෝදරයා කිව්වලු ධනපති පක්ෂ එක්ක සන්ධාන ගත වෙනවට වඩා පෙරමුණේ ඉන්න එක හොඳා කියලා.. එත කොට සංධානේ වමේ ප්‍රගතිසීලී පක්සයක්ද පැරා..

    මට නම් මොළේ මයිල් එනවා මේ වාද ගැන කතා කරන කොට. මම නම් ආසම "ප්‍රජාචන්ච්‍රවාදෙට"..

    ReplyDelete
    Replies
    1. මචං, ගනින්කෝ ඩොමේන් එකක් උබේ සින්ඩියට. මට පුළුවන් ඩොමේන් එකක් අරං දෙන්න. හැබැයි සින්ඩියේ පාලනය මට බාර දෙන්න.

      Delete
    2. ඉතින් සත්තලනේ.. උඹ එකක් පටන් ගනින්කෝ පනේ...

      Delete
    3. ඌ කැමති අනුන්ගේ ඒවාගේ බෙටි දාන්න.

      Delete
  10. ජවිපෙට කෙලවුණේ 1984 දී යි. ඒ වරද තාම නිවරද කරගෙන නෑ. වරද පිළිගැනීමක් නම් කවදාකවත් නෑනේ.

    කුමාර්ලාත් අද මොනවා කීවත් එයාලාත් විමලසිරි, අනුර. සෝමවංශ වගේම එකම නිල් මානෙල් මලේ පෙති.

    ReplyDelete
    Replies
    1. 84 දී කෙලවුනා නම් 88-89 දී 60,000 ක් මිය ගියේ කෙසේ ද? 2004 දී ආසන 41 ක් ගත්තේ කෙසේ ද?

      Delete
    2. IS it same in Australia?

      Delete
    3. " වරද පිළිගැනීමක් නම් කවදාකවත් නෑනේ."

      මම ඕනෙ නම් වසර තුනක් පමණ පැරණි උදාහරණයක් මතක් කරන්නම්.

      http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html

      Delete
  11. ජේවීපී කුහකත්වය නැති කරන්න හොදම කුහකයෙක් වෙන අනුරට පුලුවන කියලා මට නම් හිතෙන්නේ නෑ,,,,

    ReplyDelete
  12. අජිත් පැරකුම්ට ජයවේවා. දෙමළ ලේ බිව්ව සමාජවාදීන්ට ජයවේවා. අජිත්ගේ සිංහල සමාජවාදෙට ජයවේවා. (හිට්ලර්ගේ සමාජවාදෙටත් ජයවේවා)

    ReplyDelete
    Replies
    1. ඔයා ඇන්ඩ් කොම්පැනි එකේ රංජි නේද?

      Delete
  13. Ajithge sinhala samajawadeta jaya....jvp ekata denna...

    ReplyDelete
  14. This is great ideological review based on prevailing facts. This must be seriously taken into consideration by JVPers and Perugameen if they want to form a government. Thank you Ajith for writing this. This is absolute correct: ජවිපෙ හා පෙරටුගාමී පක්ෂය නියෝජනය කළ යුත්තේ පාදඩයින් නො වන පීඩිතයන්ව ය. එම නියෝජනය ‍ගේම් රහිත සැබෑ නියෝජනයක් විය යුතු ය. නිදසුනක් ලෙස, මෙම ලේඛකයා ජවිපෙ වෙනුවෙන් අතීතයේදී දායකත්වයක් දී ඇති කෙනෙකි. වර්තමානයේදී ද ඔහු ජවිපෙට ඡන්දය දෙන්නෙකි. එහෙත්, ඔහු ජවිපෙ දෙස විචාරාත්මක ඇසකින් බලන්නෙකි. ගේමකින් තොරව අවශ්‍ය තැනදී ජවිපෙ විවේචනය කරන්නෙකි. ජවිපෙ සාමාන්‍යයෙන් නම් පෙනී සි‍ටින්නේ මෙවැනි අයගේ විනාශය වෙනුවෙනි. මා මෙම නිදසුනින් අවධාරණය කරන කරුණ වන්නේ ජවිපෙ තමන්ට ඡන්දය දෙන්නේ කවුුරුද යන්න හඳුනා ගත යුතු බවයි. ජවිපෙට ඡන්දය දෙන්නේ පාදඩ නො වන පීඩිත පංතියයි. ජවිපෙ මහජන සභාවලදී ඔවුන් නි‍යෝජනය කළ යුතු ය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා