ශිරානි යනු කුමක් ද?

හරකුන් මැරීමට විරුද්ධ සිහල රාවය මේ මස් කරන්නට හදන්නේ සිවිල් ඇඳුමින් සිටි පොලිස්කාරයකු යයි සැක කළ නිරායුධ මිනිසෙක්ව ය. පොලිස් ඇසින් සාක්කි තිබියදීත් කෝ නීතිය?
ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ උපරිමයෙනි. සාමාන්‍යයෙන් නී‍තියේ පාලනයක් නොමැති මේ ර‍ටේ එසේ වන්නේ ඇයිදැයි විමසිය යුතු ය. 

ඇත්තෙන් ම ශිරානි රාජපක්ෂලාට ඒ තරම් ම ද්‍රෝහී වුවා ද? රාජපක්ෂලා විසින් ඔසවා තබන ලද ඇය රාජපක්ෂලා‍ගේ අත ඒ තරම් සැරට සපා කෑවා ද? රාජපක්ෂ දූෂණ යන්ත්‍රයේ දැති රෝදයක් වූ ඇගේ සැමියාගෙන් ඔවුන්ට ලොකු අනතුරුදායක තත්වයක් ඇති වුණා ද?

පිළිතුර නැත යන්නයි. ශිරානිට කලින් රාජපක්ෂවරුන්ගේ කෲරත්වයේ ඉලක්කය වූ සරත් ෆොන්සේකා තරම්වත් ශිරානි බංඩාරනායක ඔවුන්ට අභියෝගයක් වූයේ නැත. 

එහෙනම්, මේ තරම් එළව එළවා සපා කන්නේ ඇයි? 

මම නම් හිතන්නේ මෙතැන තිබෙන්නේ රාජපක්ෂලාගේ දූෂණ හා මර්දන යන්ත්‍රයේ තිබෙන ශක්තිමත්කමයි. දැන් තිබෙන තත්වය තුළ ලොක්කා කිසිවක් සැලසුම් කරන්නට උවමනා නැත. ලොක්ක‍ාට හොඳයි කියා හිතෙන සැලසුම් බත්බැලයෝ ක්‍රියාත්මක කරති. ලොක්කාට කඩේ යන මාධ්‍යකරුවෝ උපදෙස්වලින් තොරව ම සතුරා යක්ෂාරෝපණය කිරීමේ ඉතිරි වැඩ ටික කරති. 

වැඩේ උස්සලා දුන් පසු පාලක පවුල කරන්නේ නිහඬව බලා සිටීම පමණි. උසී කියා කී පසු දඩ බල්ලෝ සෑම දෙසින් ම ගොදුර වට කර සපා කා ඇට කටුත් සූප්පු කර වැඩේ අවසන් කර, ස්වාමියා ළඟ වාඩි වී, හති හලමින්, නගුට වනමින් මුහුණ දෙස බලා සිටිති.

අලුත් සතුරකු නිර්මානය වන තෙක් ශිරානිට මේ වධයෙන් ගැලවෙන්නට නො ලැබෙනු ඇත.‍ මොවුන් පස්ස බලනු ඇත්තේ ඇය මහ උළු ගෙදර ම යවලා ය. නීතියේ කන්‍යාව දූෂණය කරන්නට පාන ඇල්ලූ ඇය වැනි අය ටික කාලයක් බෝඩිං බතේ රස බලන එකත් නරක නැත.

ශිරානි කියන්නේ ම අලුත් සතුරකු එළියට ඒ වළක්වන සාධකයකි. ශිරානි යනු ඇතුළේ සිට වරප්‍රසාද ගෙන වැඩිය නටන්නට යන අයට වන දෙයයි. එය දකින තවත් කෙනෙක් ලෙහෙසියෙන් පාලක පවුලට එරෙහිව යන්නේ නැත.

එහෙත්, ඔවුන්ට ප්‍රබල සතුරකු ද අවශ්‍ය ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. Para, spot on! You have hit the nail right on the head. Great analysis! Apt reading! That is the system, and it goes.

    ReplyDelete
  2. එකඟයි.

    /නීතියේ කන්‍යාව දූෂණය කරන්නට පාන ඇල්ලූ ඇය වැනි අය ටික කාලයක් බෝඩිං බතේ රස බලන එකත් නරක නැත./

    මෙයට නං නම් එකඟ විය නොහැක. එයින් දෙන්නේ නරක පූර්වාදර්ශයක්. ප්‍රජාතන්ත්‍රවාදෙයේ නාමයෙන්, අන්තවාදී ඒකාධිපතිවාදය ක්‍රියාත්මක වන රටවල් අතරට අපිත් එක්වෙලා. අපට වෙන විකල්පයක් නැතිවීම තමයි ලොකුම අවාසනාව.

    ReplyDelete
    Replies
    1. මෙහි අරමුණ ශිරාණි චන්දෙ ඉල්ලන්න නුසුදුස්සෙකු කිරීම මිස බෝඩිමට යැවීම නොවේ.නමුත් මමත් අප්පිරියම දේ පොඩි හොරුන් ගැලවුම්කාරයන් සේ සැළකීමටය.

      Delete
  3. ගව ඝාතන විරෝධී නමුත් මිනිසුන් ඝාතන විරෝධී නොවන සිවුරු කාරයන් පිරිසක් විසින් අන්තවාදයට තල්ලු කරන ලද නොමේරූ තරුණ යන් පිරිසක් විසින් මිනිසෙකුට තිරිසන් ලෙස ප්‍රසිද්ධියේ පහර දුන්හ.

    දැන් යුද්ධය නැති නිසා හමුදාවට පැනීමට නොහැකිව, රැකියාවක් සොයා ගැනීමට හෝ ඉතාලි පැනිමටද නොහැකිව චාටර් වන මේ
    යෞවනය අන්තවාදී සිවුරුකාරයන්ට ළමා මහණුන් මෙන් භාවිතා කල
    හැකි අනගි උපකරණ වේ.

    හරි හමන් අධ්‍යාපනයක් නොමැතිව අතරමං වී සිටින මේ යෞවනය තව කෙටි කාලයකින් අන්තවාදයට ක​ෙඩ් ගොස් බල්ලන් බළලුන් මෙන් පාරේ මැරී යන දිනය වැඩි දුර නැත​. මොවුන් මෙහෙයවන අදිසි හස්ථයම යම් දිනයක මොවුන්ව විනාශ කරනු ඇත​.

    ReplyDelete
    Replies
    1. හරි හමන් අධ්‍යාපනයක් නොමැතිව අතරමං වී සිටින මේ යෞවනය තව කෙටි කාලයකින් අන්තවාදයට ක​ෙඩ් ගොස් බල්ලන් බළලුන් මෙන් පාරේ මැරී යන දිනය වැඩි දුර නැත​. මොවුන් මෙහෙයවන අදිසි හස්ථයම යම් දිනයක මොවුන්ව විනාශ කරනු ඇත​.//

      ඔබ නිවැරදිව ප්‍රශ්නය දැකල.
      ෆේස්බුක් වල මුස්ලිම් විරෝධී ඉමේජ්ස් දැකපු මුල් දවස්වලම මගෙ හිතට ආපු දෙයක් ඔය.ජේවීපී එකෙනුත් වරදට පොළඹව ගත්තෙ 18,19 කොල්ලො.ඔය හැම එකාම සමාජ බල පිරමිඩයෙ පහලම කොටස.මොනවහරි වුනහම අන්තිමට දෙමවුපියො සහෝදරයො විතරයි.87/89 සිදුවීම් ගැන මේ අය දැනුවත් නැහැ.

      Delete
  4. "ඔවුන් තම රචනා මගින් බාහුව එක්කෝ විකටයෙකු කරවයි. නැතහොත් අසරණයෙකු කරවයි. ධනේෂ්වර ක්‍රමය ගෝලීයව විහිදෙන යුගයක,එම යුගයට වෙනත් විකල්ප නැතැයි සිතන මිනිසුන් සිටින යුගයක, බාහු නොව තමන්නට සිදුවී ඇත්තේ කුමක් ද කියා ‘ලියන’ අය කෙතරම් විරලද? අනුන්ගේ අසරණකම් ලියන මහණුන් බවට පත්වී ඇති තමන්ට කුටුම්භය තුළ හිමි වී ඇති ඉරණම අන්ත අසරණභාවය හැර වෙන කුමක්ද? තම තමන් ගේ ගෙවල් වල තල දර්පන නැති නිසා තමන් ගේ තක්කඩි මුහුණ නොදකින නරුමයන් ගාමිණි මෙන් ප්‍රබන්ධයන් තුළ වීරයන් වීමට දතකට මදියි." - දීප්ති කුමාර ගුණරත්න

    http://3mana.com/%E0%B6%B6%E0%B7%8F%E0%B7%84%E0%B7%94-%E0%B7%83%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F/

    ReplyDelete
  5. ශිරානිගෙ රස්සාව ස්ථිර කරන්න තමන්ගෙ ජීවිතෙ පූජා කරපු කොල්ලො දෙන්න ගැනත් දුකයි.මෝඩකම තමයි ඉතින්.ශිරානිට නිසි ගෞරව කෙරුවෙ නෑ කියල මුස්ලිම් සිකියුරිටි කෙනෙකුගෙ වැඩ තහනම් කළා කියල දෝෂාභියෝගෙ දි කියැවුනා.දුප්පතාගෙ දුක නොදන්න මෙ වගෙ උන් වෙනුවෙන් දිවි පුදපු අර කොල්ලො දෙන්න හිටියනම් ශිරානි උන්වත් හිරේ දානව.

    ReplyDelete
  6. ma pissu yakata anukampa karanna.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා