බාහුගේ අසරණකම හා වමේ අසරණකම

මව්බිම පුවත්ප‍තේ අරුණඩේල් විජේරත්න විසින් දුරකථනයෙන් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී බාහු සහෝදරයා ඉතා අසරණ තත්වයට පත් වනු නිරීක්ෂණය කළෙමි. 

එවැනි වාම පතාක යෝධයන් සාමාන්‍ය මාධ්‍යකරුවන් අතින් එතරම් අවමානයට ලක් වීම ඇත්තෙන් ම කණගාටුදායක ය. 

ගම්පහ නාම යෝජනා ප්‍රශ්නයේදී වික්‍රමබාහු සහෝදරයා අසරණ වී ඇත. ඔහුගේ පක්ෂයේ අය හෝ ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. නව සමසමාජ පක්ෂය දැන් නම් ඇත්තෙන් ම ඔහු පමණක් වී ඇති සෙයකි. පක්ෂයේ නායකයාත්, මහ ලේකමුත් දෙදෙනා ම ඔහු ය. 

කිසියම් ජයනෙත්ති කෙනෙකු ඔහු පාවා දුන් බව ඔහු කියයි. වාසුදේව ද තමන් පාවා දුන් අයකු බව ඔහු කියයි. මේ ජයනෙත්ති වනාහි ඔහු සිය නෑ සබඳකම් ඔස්සේ පක්ෂයට ගෙන ආ චමිල් ජයනෙත්තිගේ අවතාරයක් විය හැකි ය. මොවුහු මේ වියපත්, හුදකලා මිනිසාගේ කාංසාවන් විය හැකි ය. 

තම පක්ෂයට යම් දිස්ත්‍රික්කයක නාම යෝජනා භාර දීමට අවශ්‍ය තරම් අපේක්ෂකයන් සංඛ්‍යාවක් සොයා ගත නො හැකි නම්, තරග කරන්නට යන්නේ කුමට ද? කාට වැඩ පෙන්නන්නට ද? 

වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැර ගොසිනි. ලීනස් ජයතිලක, නීල් විජේතිලක, රනත් කුමාරසිංහ, ඥානසිරි කොත්ති‍ගොඩ ආදීහු ආසන්න උදාහරණ වෙති.

මෙවැනි දේශපාලනික වැහැරීම් වීරත්වයට නැගීමේ වාම ව්‍යාපෘති ද තිබේ. සාමාන්‍යයෙන් මේ පක්ෂ කල්ලි, කණ්ඩායම්වල අභ්‍යන්තර හැලහැප්පීම් ගැන අවබෝධයක් නැති, ‍අභියෝගාත්මක දේශපාලනය වෙනුවෙන් තමන් කැප කිරීම් කර නැති නිසා ස්වයංව වරදකාරිත්වයෙන් පෙළෙන ඇතැම් බලවේග විසින් මෙම පුහු වීරත්වයන් නිර්මානය කරනු දක්නට ලැබේ. 

ඇතැම් කණ්ඩායම් විසින් රෝහිත භාෂණගේ විදෙස්ගත හිරු කණ්ඩායමක් වීරත්වයට නැගීම ගැන අපගේ අත්දැකීම් ඇසුරින් අපට මෙම වාමාංශික සංස්කෘතික ප්‍රශ්නය සාකච්ඡා කරන්නට පුළුවන.

‍‍රෝහිත භාෂණ, දීප්ති කුමාර ගුනරත්න, වික්‍රමබාහු කරුණාරත්න වැනි දීප්තිමත් වාම නායකයන්ට මෙම ඉරණම හිමි වුණේ ඇයි? පළමු හේතුව මෙම පුද්ගලයන් සතු අධික මමංකාරයයි. මේ අය ඇත්තෙන් ම අවසානයේදී විඥානවාදීහු ය. මන්ද, තමන් යනු ඉතිහාසය විසින් සුවිශේෂ කාර්යභාරයක් පවරා ඇති බලයකැයි යන භින්නෝන්මාදී අන්ධ විශ්වාස‍යෙන් මොවුහු පෙළෙති. එහෙයින්, ඔවුහු ප්‍රායෝගිකත්වය අත්හැර දමමින් තමන්ගේ අනන්‍යතාව බවට පත් කර ගත් ඇතැම් ආස්ථානවල අත් නොහැර එල්ලී සිටිති. එ් ගැන ආඩම්බර වෙති. තමන්ගේ ඒ ලක්ෂණය ගැන වර්ණනා කරන කීප දෙනෙකු සමග එක්ව හැමදාමත් ආසක්තව සිටිති. 

එහෙත්, ඇත්තෙන්ම මොවුන් තුළ තිබෙන ප්‍රධාන සංස්කෘතික ලක්ෂණය වන්නේ ඔවුන් නියෝජනය කරන බවට ප්‍රසිද්ධ මතවාදයෙහි පරස්පරයයි. නිදසුනක් ලෙස මෙහි සඳහන් කරන ලද තිදෙනා ම ජාතීන්ගේ ප්‍රශ්නයේදී මාර ප්‍රගතිශීලී ස්ථාවරයක සිටි අය බව ඔවුන්ගේ ප්‍රචාරකයෝ පවසති. එහෙත්, තමන් දෙමළ ජාතිවාදයේ ගිලී ගිය බව ආපසු හැරී බලන්නට ඔවුහු මැලිකමක් දක්වති. එහි ප්‍රතිඵලයක් ලෙස වාම කඳවුර පමණක් නොව දෙමළ විමුක්ති අරගලය ද නාය ගිය බව ඔවුහු අදත් නො දකිති.

අනෙක් පැත්තෙන්, ජාතීන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීම නම් සටන් පාඨය පෙරදැරි කර ගත් අය සිය බල අවකාශය තුළ අන්ත ඒකාධිපතීන් වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් ය. වි‍ශේෂයෙන් ම ස්ත්‍රීන් විෂයෙහි මෙම ඇතැම් නායකයන්ගේ කල්ක්‍රියාවන් විමසා බලන්න. දන්නෝ දනිති. කණ්ඩායමට ඇතුළු වන ගැහැනුන් තමන්ගේ ආදර හෝ ලිංගික හෝ කෙළි බඩු ලෙස සැලකීම මේ අයගේ ප්‍රධාන ලක්ෂණයකි. මෙම වාම කණ්ඩායම්වල දේශපාලනය සෑහෙන දුරට හැසිරවී තිබෙන්නේ ලිංගිකත්වය විසිනි. හිරු කණ්ඩායමට සංවිධානයක් වන්නට බැරි වීම පිටුපස ලිංගික ප්‍රශ්න තිබිණි. 

වාමාංශිකයන් පස්දෙනෙකුට එකට එක් වී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කරන්නට බැරි වී තිබෙන්නේ අධික මමංකාරය නිසා ය. එබැවින් මේ නායකයෝ හැකියාවන් දක්ෂතාවන් ඇති අය බැහැර කර තම ලිංගික වහලිය හා/හෝ වෙනත් දුර්වල පෞරුෂ ඇති අන්තේවාසිකයන් පිරිසක් සමග කටයුතු කරන ආකාරය සුලබව දැකිය හැකි ය. 

මේ අතර, තවත් පිරිසක් මේ කල්ලි කණ්ඩායම් සමග එක් වෙති. ඒ වනාහි රාජ්‍ය නො වන සංවිධාන ස්වරූපී ව්‍යාපෘතිවලට මෙම සංවිධාන, ඒවායේ අනන්‍යතාව, ඉතිහාසය, කීර්තිය හා මතවාද ආදිය විකුණා ආර්ථික හා සමාජමය ලාභ ලබන තැරැව්කරුවෝ ය. මිනිසුන්ගෙන් වියෝ වී හුදකලා වන මෙම සංවිධානවලට සුළු මුදලක් විසි කළ විට ඔවුන්ට මෙම වාම පතාක යෝධයන් අල්ලේ නටවන්නට පුළුවන. ඇත්ත ම ක‍ීවොත්, වාමාංශික සකසුරුවම්වාදය නිසා මේ නායකයන්ගේ මිළ ඉතා අඩු ය. ඒත්, ඔවුන් විකිණෙන්නේ තෝරා ගත් කපටීන් කීපදෙනෙකුට පමණි.

මේ කල්ලි කණ්ඩායම්වල ඇතුළත විස්තර දන්නා පුද්ග‍ලයෝ රැසක් සිටිති. නිදසුනක් ලෙස හිරු කණ්ඩායම විසින් ජාතික ප්‍රශ්නය විෂයෙහි දරන ලද සාමූහික දේශපාලන මැදිහත්වීමේ පංගුකරුවෝ රැසක් දුෂ්කර තත්වයන් යටතේ තම ස්ථාවරයන් රැකගෙන හා සංවර්ධනය කරමින් තවමත් මෙහි සිටිති. ඒ ස්ථාවරයන් නිසා ඇතැමෙකුට රටින් පිටුවහල් වන්නට සිදු වුණා ය කියා එහි මුළු අයිතිය ම හිමි කර ගන්නට හදන බොරු වීරයන් හා ඔවුන් පුම්බන හය හතර නො දත් දරුවන් ගැන ඇති වන්නේ කණගාටුවකි. 

අප මෙම කරුණු කීපය සඳහන් කරන්නේ කාගේවත් චරිත ඝාතනය පිණිස නො වේ. එහෙත්, පුහු වීරයන් පුම්බන්නට ද ඉඩ දිය නො හැකි ය. හේතුව, සමාජවාදී දේශපාලනයක් යළි සොයා ගැනීමේදී එවැනි ක්‍රියා බාධාකාරී වන හෙයිනි. අපට වුණේ කුමක් ද යන ඇත්ත නග්න දෑසින් විමසා බැලිය යුතු ය. ඒ සඳහා ඔය බොරු සරුව පිත්තල සන්නාහ ගලවා දැමිය යුතු ය. වාම ඉතිහාසය සංස්කෘතික වශයෙන් ප්‍රශ්න කිරීම අතිශය දේශපාලනික ය. නව සමාජවාදී භාවිතාවක් සොයා යා හැකි එකම මග එයයි.

ඒ කතිකාවට අපි ඔබටත් ආරාධනා කරන්නෙමු.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. වාම වාදීන්ගේ ලොකුම අඩුව බොරුවෙන් ජීවත් වීමයි.....මිනිස් සන්තානයේ පවතින සැබෑ අඩුලුහුඩුකම් එක එල්ලේ ආමන්ත්‍රණය කරනු වෙනුවට සාමුහිකත්වය, ප්‍රගතිශීලිත්වය නම් පොරෝණයකින් වසා ගැනීම වමේ බොරුවයි...ඒ බොරුව දේශානා කරන්නා එම බොරුවෙන්ම ජීවත්වන්න ට යෑම කෙලවර වන්නේ (බොරු විප්ලවයකින් අකාලයේ ජීවිතය නැති උනෝත් හැර) සත්‍යට මුහුණදීමට සිදු චී තම ප්‍රගතිශීලී හැව ගැන තේරුම් ගිය දාටය....එවිට ඔවුන් සාමාන්‍ය මිනිසුන් පරදවා , මතවාද තාප්ප කීපයකටම කෙලවාගෙනම තම ආත්මය දකින්නට ගනී......වාසුදේව...වීරවංශ....ගුණරත්නම් ලා යනු මෙවැනි ජීවමාන උදාහරණය....ඩොලර් කොල කීපයකින් ප්‍රශ්ණය කවර් කර ගන්නා වික්‍රමභාහු එම බොරුව බොරුවක් ලෙසම ගෙවා දමන්නට සූදානම් සෙයක් අපට පේනේ..........

    ReplyDelete
    Replies
    1. ඇයි පැරා ලියන්නෙ ආසාවට කියලා හිතුවද.... ඔය කොයි අයියාවත් රන් කරන්නෙ ඩොලර් තමා....

      Delete
    2. වාමවාදය සහ බොරුව කියන්නේ දෙකක් නොවෙයි එකක්.වාමාංශික ප්‍රගතිශීලීත්වය හා වංචාව කියන්නේ සමාන වචන.ඕනෑම වාමාංශික නායකයෙකුගේ හැසිරීමේ මෙම සොභාවය තිබෙනවා.බලය ලබාගෙන මැතිවරණ නොතබා සදාකල් සැප විදීමේ කස්ත්‍රෝ මානසිකත්වයක සිටි විජේවීර වැන්නන් දිගටම එක මතයක සිටියත් වෙන කිසිවෙක් එසේ නැහැ.ඔවුන් ගත කරන්නේ කියනවාට වඩා හාත්පසින්ම වෙනස් ජීවිත.ඊනියා ප්‍රකට වාමාංශිකයන් ගේ විවාහය,වැනි කරුණු වලදී එය පෙනුනා

      වාමාංශිකයන් පමනක් නොව ජාතිකත්වය ගැන කියන අය විවාහ වී සිටින්නේ අන්‍ය ජාතික,අන්‍ය ආගමික හෝ තව ඉදිරියට ගොස් විදේශිකයන් සමඟ.සුද්දන්ට විරුද්ධ මහා වීරයන් විවාහ වුනේ සුද්දියන් සමඟ.එම ක්‍රියාවෙන් ඔවුන් තම මානසික අඩුව පුරවා ගත්තා.මේ අය වාමා\ශික වුනේ ඇයි දන්නවද.
      මුන් ඉගෙනගන්න ලන්ඩන් ගිහාම සුද්දො උන් පාරෙ යද්දි උන්ව නවත්තනව .ඊට පස්සෙ මෙහෙම කියනව

      " ඒයි කල්ලා ඔහෙ හිටු තෝ දෙවන පන්තියේ පුරවැසියෙක්.ඒක දැනගනින්.නෙදකින් කියල කියනවා"

      ආපනශාලාවල හැම තැනකදිම දෙවැනි තැන.අමතක කරන්න එපා මෙවුන් ලංකාවෙදි ප්‍රභූවරුන්ගෙ දරුවො බව.මුන්ගෙ ප්‍රභූ මනසිකත්වය බිදවැටිලා ඉච්චා භංගත්වයක් ඇති වෙනව.මුන් ලංකාවට ඇවිත් රෙද්දෙ වාමාංශිකයො වෙනව.සුද්දියෙක් බැන්දහම ලෙඩේ සනීප වෙනව.හැබැයි මුන් බැදල තියෙන්නෙ පහලම මට්ටමේ සුද්දියො.

      මුන් වාමාංශික වුනේම බොරුව නිසයි.ඉතින් උන්ගෙ සමාජ හා දේශපාලන ජීවිතේම බොරුව තමයි.

      Delete
    3. ++++++++

      යකාගෙ "වාමවාදයෙ" අර්ථකතනය නියමයි. :)

      මට හිතෙන්නෙ ඔය පොතේ කියන සර්වසම්පූර්ණ සමාජවාදය ප්‍රායෝගික නෑ. කස්ත්‍රෝ වගේ සදාකාලිකව බලයේ ඉන්න ගියාම, සාධාරණ සම-සමාජයක් කෙසේ වෙතත් එය වඩාත් සමාන වන්නේ ඒකාධිපති වාදයට. ඉතිං ඒක වහගන්න " බොරුව" කියන එක අනිවාර්ය්‍යයෙන්ම අවශ්‍යය වෙනවා.

      Delete
  2. බාහු ගෙන් අරඹා අගට එන විට කියවෙන සමහර දේ නම් බාහුට පොදු නැහැ වගෙයි.
    "මිනිසුන්ගෙන් වියෝ වී හුදකලා වන මෙම සංවිධානවලට සුළු මුදලක් විසි කළ විට ඔවුන්ට මෙම වාම පතාක යෝධයන් අල්ලේ නටවන්නට පුළුවන. ඇත්ත ම ක‍ීවොත්, වාමාංශික සකසුරුවම්වාදය නිසා මේ නායකයන්ගේ මිළ ඉතා අඩු ය. "
    බාහු සම්බන්ධයෙන් මෙය අදාල වන්නේ කෙසේද?

    ReplyDelete
  3. ඉතාම අසාධාරණ ලෙස ලබා දෙන මාධ්‍ය ආවරණය නිසා චන්ද සීය දෙසීය ගන්න කිසිම ජනපදනමක් නැති අය පිම්බිලා ඉන්නව.පත්තරේ කොලම වරදින්නෙ නෑනෙ.කාරෙකින් බහිනකොට කැමරා මයික් වටකරගන්නවා.හත් අට දෙනෙක් එක් කරගෙන ගෝලීය ධනවාදෙ පතුරු ගහනවා.මාක්ස්වාදය කියන මිත්‍යා දෘෂ්ටිය නන්නත්තාර නිර්ධනීන් මෝහනය කරන්න හොඳයි.මේ වගෙ පක්ෂ වලට ඕන රාජ්‍ය බලය නොවෙයි.ලංකාවෙ ලෙනින්,මා ඕ කියාගෙන ආතල් එකක් ගන්න.මේ අයගෙ සැබෑ සම්බන්ධකම් තිබෙන්නෙ විදේශයන් එක්ක.
    මේ වාගෙම පක්ෂයක් තමයි සමාජවාදී සමානතා පක්ෂෙ.චන්දයක් එනකොට පිටරටවල රැස්වීම් අමතනව.ඇමරිකාවෙ චන්දෙ එනකොට ඇමරිකාවෙ එකා ලංකාවෙ රැස්වීම් අමතනව.ලංකාවෙ චන්දෙට ලංකාවෙ උන් ඇමරිකාවෙ රැස්වීම් අමතනව.

    මේව පක්ෂවලට වඩා ඇදහිලි කල්ලි.

    පැරාගෙ ලිපිය හරිම වටිනව.මේ ලිපියෙන් කියන්නෙ මේ අයගෙ පෞද්ගලික ජීවිත ඔවුන් කියන ධනපතියන්ටත් වඩා අන්ත ඇයි කියන එක.තමන්ගෙ පක්ෂවල ඒකාධිපතියන් වෙලා ඉන්නෙ ඇයි කියන එක.

    ReplyDelete
  4. "වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන කීපදෙනෙකු පමණක් ඔහු වටා ඉතිරි වෙමින් අනන්‍යතාවක් ගොඩ නගා ගත් සියලු දෙනා ඔහු හැර ගොසිනි. ලීනස් ජයතිලක, නීල් විජේතිලක, රනත් කුමාරසිංහ, ඥානසිරි කොත්ති‍ගොඩ ආදීහු ආසන්න උදාහරණ වෙති."

    පැරා, මේක ටිකක් පැහැදිලි මදි. ලීනස් ජයතිලක, නීල් විජේතිලක, රනත් කුමාරසිංහ, ඥානසිරි කොත්ති‍ගොඩ ආදීහු ආසන්න උදාහරණ වන්නේ "වික්‍රමබාහු සහෝදරයාගේ අනන්‍යතාව විකුණාගෙන කන" කණ්ඩායමටද, නැත්නම් "අනන්‍යතාවක් ගොඩ නගා ගත්" කණ්ඩායමටද???

    ReplyDelete
  5. ඇයි වමට වම විය නොහැක්කේ? සැබෑ වම යනු දකුණට විකල්පයයි. එය සෑම විටම දකුණට විකල්පය විය යුතුයි. එහෙත් අප වාම දහරාවෙහි දකුණට එරෙහි වමට වඩා දකුණේ වම වීම තේරාගන්නේ එය වඩා සෞඛ්‍ය සම්පන්න වම වීම නිසාත්, එය පහසු ගමන් මාර්ගයක් වීම නිසාත් ය. දකුණ යනු වම සහ දකුණ අතර අරගලයේ දකුණ ඉදිරියෙන් සිටින ප‍්‍රතිවිරෝධයේ ඒකත්වයයි. වම යනු වම සහ දකූණ අතර අරගලයේ වම ඉදිරියෙන් සිටින ප‍්‍රතිවිරෝධයේ ඒකත්වයයි. ඒ අනුව සෑම දකූණකම වාම අංශයක්ද, ඒ වාගේම සෑම වමකම දකුණු අංශයක්ද තිබේ. මේ දෙකේ අරගලගයේ ජයග‍්‍රාහීව සිටින්නේ කුමන අංශයද, එය වම හෝ දකුණ වේ. පක්‍ෂ අභ්‍යන්තර අරලගලය යනුවෙන් මාක්ස්වාදී සාහිත්‍යය තුළ සටහන් වන්නේ එයයි. එසේ නොමැතිව, දෙය තුළ ඇති දකූණ සහ වම අතර අරගලයක් නොමැති වමක් හෝ දකූණක් දයලෙක්තිකවාදයට අනුව තිබිය නොහැක.

    මෙම දකුණ සහ වම අතර අරගලය සෑම දේශපාලන පක්‍ෂයකම තිබේ. දකුණේ සියළු ධනපති බලවේග ශ‍්‍රීලනිපය සමඟ සිටින විට එජාපයේ වම ඉදිරියට විත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයට මැදිහත් වේ. එජාපය සමඟ සියළු ධනපති බලවේග එක්සත්ව සිටින විට ශ‍්‍රීලනිපයේ වම ඉදිරියට පැමිණේ. ඒ වාගේම වාම පක්‍ෂවලද ඒ ඒ අවස්ථා අනුව වාම හෝ දක්‍ෂිණ අංශ ඉදිරියට පැමිණේ. එය ස්වභාව ධර්මයේ දයලෙක්තිකයට අනුව සිදු වේ.

    ලංකාවේ වම බොහොම කලාතුරකින් හැරනේනට සෑම අවස්ථාවකම කටයුතු කළේ වමේ දකුණ සමඟ හෝ දකුණේ වමත් සමඟය. (එතකොට වමේ වම කොහෙද? එය සැමදා විසිරිලා, සැඟවිලා, සඟවලා* වමේ දකූණ සහ දකුණේ වම දේශපාලන බලය ලබාගන්නට දයලෙක්තිකවාදී ගුරුවරුන් වන මාක්ස්, එංගල්ස්, ලෙනින් වැන්නන්ගේ න්‍යායන් පදනම් කරගත් වැඩපිලිවෙලක් ගොඩනගා නොගනී. ඒ එවැනි වැඩපිළිවෙලක් ගොඩනගා ගත හොත් එම වැඩපිළිවෙල පිළිගන්නා මිනිසුන් එම වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කරන අතර, සංවිධානය තුළින්ම බාධක පැමිණිය හොත් ඒවා පෙරළා දමා වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන නිසා වේ. (1953 හර්තාලය සරල උදාහරණයකි.* වැරදි ආකාරයෙන් හෝ බලය අල්ලා ගැනීමට ගන්නා ලද වැඩපිළිවෙලවල් (1971, 1988/89, දෙමළ සන්නද්ධ අරගලය* එය පිළිගත් මිනිසුන් විසින් මරණය දැක දැක වුවද ඉදිරියට ගෙන ගියේය. ඒවා අති විශාල පරාජයන් හා විනාශයන් ලබාගත් බැවින් අද වන විට බලය අල්ලා ගැනීමට, එසේත් නැතිනම් දකුණට සැබෑ විකල්පය වීමට, වමේ වම වීමට සිතීමට වත් අද මේ රටේ වම බිය වී සිටිති. එහෙත්, එම අරගලවලට පිටින් සිට, ඒවා ජයග‍්‍රාහී වන බවක් පෙනේ නම්, ඒවා ජයග‍්‍රාහී වන විට ඒවාගේ නායක පුටුවේ වාඩි වීම නම් මේ ඊනියා වම්මුන්ගේ සිහිනයකි.

    එයට ඓතිහාසික න්‍යායික උරුමයන් ද අප වමට තිබේ. ඒ 1898 සිට සංවිධානය වූ රුසියානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කම්කරු පක්‍ෂය විසින් මෙහෙය වූ ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවය, 1917 අප්‍රෙල් නැගිටීම අවස්ථාවේදී පීටර්ස්බර්ග් නුවර තිබූ අවශ්‍යතාවය මත පීට්ර්ස්බර්ග් සෝවියට් සභාවේ සභාපති ධූරයට රු.ස.ප‍්‍ර.ක. පක්‍ෂය විසින් පත් කරන ලද, එතෙක් බෝල්ෂෙවික්වරුන්ට එරෙහිවම සිටි මෙන්ෂේවික් නායකයෙකු වූ පුද්ගලයකු මුළු විප්ලවයේම නායකයා වී වමට දකුණක් නිර්මාණය කිරීම උදෙසා කුමන්ත‍්‍රණය කිරීමේ ඉතිහාසය උරුම කරගත් න්‍යායික ධාරාවක අප වම පදනම් වී සිටීමත් මෙයට හේතු වේ.

    මොවුනට පීඩිතයින් සංවිධානය කිරීමේ වගකීම වැදගත් නොවේ. සංවිධානය වූ පීඩිතයින් හිරගෙය, ගිලටීනය, වෙඩි උණ්ඩය කරා මෙහෙයවීමේ වගකීම මේ දකුණේ වම්මුන්ගේ සහ වමේ දක්‍ෂණයින්ගේ වැඩවල ප‍්‍රතිඵලයයි.

    - Abaya Nath (via Facebook)

    ReplyDelete
  6. Para,
    As I remember, once you supported Bahu in a certain election by making a website or blog for his election campaign. On what grounds did you then support Bahu?

    ReplyDelete
  7. We as a political group supported Bahu to make him elected to the Western Provincial Council as a person who campaigned for the rights of oppressed masses including minority communities. It was a collective decision. The time was before the end of war. We still respect him as a campaigner but not as a left leader.

    ReplyDelete
  8. අයිසේ පැරා, මොකද මේ වාරණයක් පටන් අරන්. වාරණය සමාජවාදී ජිවිතේ කෑල්ලක්ද? හේතු දැක්වීමක් කරොත් හොදයි නේද? කොහොමටත් මේ දවස්වල ගොඩක් වීරයින්ට කොමෙන්ට් ඇලජික් නේ.

    ReplyDelete
  9. ""අයිසේ පැරා"" අයිසේ පැරා..?

    මේ අයිසේ මුලින් කතා කරන්න ඉගෙන ගෙන එනවා, අනිත් උන්ගේ ඇහේ පොල් පරාලේ ගැන කතා කරන්න කලින්. මේ මිනිස්සු මොනවා හරි ලියන නිසා තමයි තමුසෙලා වගේ හාල් පාරුවන්ට මෙහෙම හරි කෙමෙන්ට් කරන්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. "අයිසෙ ළමයාගෙ ඉල්ලීම පිට කක්කා ‍පෝස්ට් එකක්"
      http://www.w3lanka.com/2013/07/blog-post_17.html

      @මාලන් ,

      උඹ වගේ අම්බරුවක් තමයි මේ බ්ලොග් එකට අඩුවෙලා හිටියේ දැන් එකත් හරි. හතර විලි ලැජ්ජා නැතුව උඹ දවසක් මනුස්සයෙකුට අපහාස කලා නේ 'බත් කන හරක' කියල. කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලා ගනින් මොකාද හරක කියල. උඹට උඹේ අම්ම තාත්ත කියල දුන්නේ නැද්ද අනුන්ගේ පස්සා පත්ත්වල් වල ඇගිලි ගහන එක අප්පිරිය සහගත ක්‍රියාවක් කියල ? කලා බීලා කරන්න වැඩක් නැත්නම් චු කරලා නිදියගනින් අනුන්ට පවු දෙන්නේ නැතුව.

      කටුනායකින් ප්ලේන් එකක නැගල දියුණුයි කියන රටකට ගොඩ බැස්සම ගොඩක් බයියන්ට උඹට ඔය හැදිලා තියන මොලේ කුලප්පුව හැදෙනවා. ඊට පස්සේ එනවා ලංකාවේ උන් ශිෂ්ට කරන්න. ලංකාවෙන් ආව කියන්න ලැජ්ජයි, හිනමානේ (බොරුවක් ලියල ස්කොල් එකක් අරන්නම් මේ තත්වේ ඩබල් ත්‍රිබල් වෙනවා ). මෙහෙම ඒකාල පස්සේ දවසක සයිබර් පොලිස් වෙන්න හදනවා, දුපත් වාසීන්ට සරදර්ම කියල දෙන්න. උඹ වගේ කුජිත වෙච්ච තව එකියක් ඉන්නව අරුණි ශපිරෝ කියල. උඹ දවසක් එයාට උද්දච්චයි ද මොකොද්ද මගුලක් කියල තිබුණා. අපිට කියන්න තියෙන්න ඔයයි එයයි එකම බෝට්ටුවේ පැති දෙකේ කියල තමයි.

      උඹ දිගටම පොලිස් කාරයට ඇදපන් අපි මාර ෆන් එකක් ගන්නවා.

      Delete
    2. මොකෝ බොසා බැන්නද..? කාම් ඩවුන් මචන්, කාම් ඩවුන්..! උඹේ පුදගලික අසහනය තව එකෙක් පිටින් යවන එක එතරම් හරි මදි.

      ""උඹ දිගටම පොලිස් කාරයට ඇදපන් අපි මාර ෆන් එකක් ගන්නවා.""

      අහ් ෆන් එකක් ගත්තා කිව්වා. අනේ වාසනාවන්..! ෂා කොයිතරන්නම් සංතෝසද..? කාට හරි ෆන් එකක් ගන්න පුළුවන්නම් මොන තරම් ලොකු දෙයක්ද..? මොකද අපේ දුපතේ ෆන් ගන්න කියලා හරි හමන් දෙයක් තියෙන එකක්යැ. තව එකෙක් පිටින් අසහනය යවන එක තමයි ලොකුම ෆන් එක.

      හැවින් සෙඩ් දැට්.

      මහත්තයා මළ අතේ තියාගෙන ඔහේ හතර අතේ නෙළනවා, ඒකට මාරයවයි, අරුණි ශපීරොවයි සාක්කියට කැදවනවා. මාරයට ගහන්න ඕන උනානම් ඒකට සාක්කියට තව එකෙක් කැදවනවා.

      හිනා යන කාරණේ මහත්තයා මගේ මිනිය ඩයිසෙක්ට් කරන්නේ කෙහෙල් පඳුරක් අස්සේ හැංගිලා ඉදගෙන අමු නිරුවතින්.

      මම කියන්නද වැඩක්..! තරහා නිවුන වෙලාවක එන්න, අපි නිවි හැනහිල්ලේ කෝපි එකක් බොන ගමන් සිරිදාසගේ ඉරිච්ච කලිසමට හිනාවෙමු..!

      එහෙනම් අපි ගියා..! :)

      Delete
    3. රාළහාමි පාර්ට් දන්න ගිහින් රැම්බෝ අයිය නාගෙන නේද ? මෙන් සබන් අයියා ආපහු පාරක් අතුල්ලලා නා ගන්න. මීට පස්සේ කඩා පැනල උඩු බුරන්න කලින් පොස්ට් එකක් දෙකක් කියවල ඉන්න. මෙතන 'අයිසේ' කියල තියෙන්නේ ගේමට නෙමෙයි කියන එක නොතේරෙන්න තරම් ඔයාගේ මොලේ කචල් උනේ කොහොමද කියල අර බොන්න හදන කොපි එක නිවිහැනිහිල්ලේ බීලා කල්පනා කරලා බලන්න.

      එහෙනම් අපිත් ගියා :)

      Delete
    4. ඇති යන්තම් නින්දත් එක්ක සැර බැහැලා වගේ :P

      ""රාළහාමි පාර්ට් දන්න ගිහින් රැම්බෝ අයිය නාගෙන නේද ?""

      කෝ කෙහෙද..?

      ""'අයිසේ' කියල තියෙන්නේ ගේමට නෙමෙයි කියන එක නොතේරෙන්න තරම් ඔයාගේ මොලේ කචල් උනේ කොහොමද ""
      කතාව මේකයි මචන්, වචන හරඹයක් කරලා තර්කයෙන් දිනන්න උත්සාහ ගන්න පුළුවන්, ඒත් ඕක කියවන කෙනෙක්ට එන්නේ යහපත් හැඟීමක් නෙමෙයි.

      අපි ඕක මෙහෙම ගනිමු, බස් එකෙක ඔබතුමා යනකොට බස් එකේ කොන්දොස්තර මහත්තයා පහත අවස්තා තුන භාවිතා කරනවා කියලා හිතන්න. මේ අවස්තා තුනෙන් මොන අවස්තාවෙදිද යහපත් හැඟීමක් එන්නේ..?

      අවස්තාව එක: "අයිසේ පස්සට යන්න"
      අවස්තාව දෙක: "මචන් පස්සට යන්න"
      අවස්තාව තුන:"පස්සට යන්න"

      මට 100%ක් ශුවර් උඹ ප්‍රොෆයිල් එකකින් ආවනම් ඔහොම කියන්නේ නෑ කියලා [මොකද මම එහෙම කියනවා දැකලා නැති නිසා] ගොඩක් වෙලාවට, "මචන් පැරා" වගේ එකක් යොදාවි.

      මම කියන්නේ මේකයි. ප්‍රොෆයිල් එකෙකින් එන මනුස්සයෙක්ට වගකීමක් තියෙනවා, ඒ මනුස්සයව ට්‍රැක් කරන්න ලේසී නිසා ඒ මනුස්සයා යම් වගකීමකින් හැසිරෙනවා [1] ඒත් ඇනෝ එන මනුස්සයෙක්ට එහෙම වගකීමක් නෑ [ස්වයං විනයක් තියෙන්නේ]. එයාට ඕන විදිහට හැසිරිලා ආයෙත් වෙනත් ප්‍රති රූපයකින් පෙනී ඉන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක මනුස්සයෙක්ට වුනත් පුළුවන් පුද්ගලයන් කිහිප දෙනෙක් විදිහට හැසිරෙන්න.

      ඇනෝ පහසුකම කියන එක සමහර මානසික රෝගීන් අපයෝජනය කරනවා. මේක නිදහස වැරදි විදිහට භාවිතා කිරීමක් මචන්. ඒකට විරුද්ධ විය යුතුමයි. මොකද බ්ලොග් ලියන්නෙත් මිනිස්සු. ඒ මිනිස්සුන්ටත් මානසිකත්වයත් තියෙනවා.

      මට අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි, බ්ලොග් ලියන්නෝද මනුශ්‍යයයෝය..! පොඩ්ඩක් ඒ ගැනත් හිතන්න.

      Delete
    5. රැම්බෝ රාලහාමි අයියා වෙත,

      අයිය කියුවත් වගේ අයියා වගේ උත්තම පුරුෂේ අය නාගන්නවද විශේෂයෙන් අපි වගේ දුහුනන් ගෙන්. සොරි වෙන්න ඕන රැම්බෝ අයියා ඔයාගේ ප්රෝපයිලේ ගැන ඔයා ඔච්චර සීරියස් හිතනබව දන්නේ නැනේ අයියේ .

      අයියා බ්ලොග් කියවනවා කිවුවට (∑ පිච්චන් to ප්‍රබුද්ද) පොලිස් වැඩත් එක්ක සමහර ඒවා මිස් වෙන්න ඇති. උඩ තියෙන ලින්ක් එකත් අයියට තියෙන වැඩ රාජකාරි හින්ද මග හැරෙන්න ඇති. මෙන්න ඒ පොස්ට් එකේ පලවෙනි චේද කීපය අයියගේ පහන් සංවේගය පිණිස.

      " මගේ ප්‍රියතම චිත්‍රපටය තුන්මංහන්දිය. මම කැමතියි ඒකෙ අයිසෙ කියන චරිතෙට‍. එක තැනකදි අයිසෙ අබිලිං (ජෝ අබේවික්‍රම) එක්ක සැරසිල්ලක් කර කර ඉන්නකොට අබිලිංගෙ අම්මා (දෙනවක හාමිනේ) ඇවිත් අහනවා "අයිසෙ ළමයෝ උඹටත් තේ එකක් දෙන්න ද?" කියලා. "දෙනව අයිසෙ ඕනැ එකක්," කියලා අයිසෙ කියනවා. ඉස්කෝලෙ යන කාලෙ අපට ව්‍යවහාරික ගණිතය ඉගැන්වූ වි‍ජේරත්න සර් කතා කරන්නෙත් අයිසෙලා කියලා. "අයිසෙලා ගණන් හැදුව ද?
      ඒ වගේ අයිසෙ කෙනෙක් ඊයෙ අපේ බ්ලොග් එකට ගොඩ වෙලා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දැම්මා.
      "අයිසෙ පැරකුම්,
      මොනාද මේ දාන පොස්ට්, දානවකො හොඳ නැගල යන චූ, පඩ, කක්ක, ජී, ශුක්‍ර සම්බන්ධ පෝස්ට් එකක්.""

      දැන් රැම්බෝ අයියට තේරෙන්න ඕන මෙතන කොමෙන්ට් කරන එකාලයි පොස්ට් ලියන පැරයි අතර යම් අවභෝදයක් තියන විත්තිය. ඔයා මෙලෝ හැදෑරීමක් නොකර මැද්දට පැනල සරම ඉස්සුවම අපිට සිල් ගන්න බෑනෙ. ඔයාගේ ටෝන් එකෙන්ම රිටන් දෙන එක අපේ අයිතියක්.

      ඔව් අයියේ අයිය නාල නෑ අයිය පීනලා, දැන් ඉතින් පිහිදාගෙන අර කොපි කෝප්පේ බොන්න සිතල යන්නත් එක්ක
      (දැන් තේ බොන්නේ නැ වගේ, තේ වෙනුවට කොපිනම් බොන්නේ සුද්ද කන විදියටම කන්න නැත්තම් බොක බ්ලොක් උනාමත් ඒවා යන්නෙත් අහිංසක අපේ පිටින්)

      සෙස්ස පස්සට .......

      Delete
    6. සෙස්සේ ඉතිරිය ......

      රැම්බෝ රාළහාමි අයියා වෙත ( නැවතත් ),

      අයිය අර අඹගහ යට දාල තිබුන පොලිස් නෝටිස් එකේ තියෙන අයියගේ රූපේ දැකල හිත නිවිලා ගියා හරියට ජාතික රුපවාහිනියේ හිත නිවෙන කථා බැලුව වගේ. අයියගේ තඩි තුවක්කුවෙන් බස බස ගාල වෙඩි තියෙල මිනිස්සු බුරුතු පිටින් මරණ හැටි දැක්කම අයියගේ සද්දන්ත සරිරේට සාපේක්ෂව මොලේ ටිකක් අඩුයි කියල හිතෙනවා එත් කමක් නැ අයියේ අයිය අන්තිමට දිනුවනේ.., තව මොනවාද නේද?

      සයිබර් අවකාශේ ඇතුලේ අනන්‍යතා හොයන එකයි, ප්රෝපයිල් මේන්ටේන් කරන එකයි, හිස්ට්‍රි එක ට්‍රේස් බැක් කරන එකයි..... අරකයි.... මේකයි.....සාපේක්ෂ සත්‍යයන් නේද අයියේ. ඔය එක කින්වත් සයිබරේට ඩේටා එකතු කරපු එකා ගැන නිරපේක්ෂ අදහසක් දෙන්නේ නැ නේද? ඒකියන්නේ 'වන්' 'සිරෝ' ලෝකේ ඇතුලේ ප්‍රොෆයිල් පොරවල් කියල ජාතියක් නැ. ඔක්කොම ඇනෝනිමස්ලා අඩුම ගානේ බාග ඇනෝනිමස්ලා. ඒකනිසා අයියගේ ඇනෝනිමස් භීතිකාව මහා ගොන් පාර්ට් එකක්. රැම්බෝ ටයිප් රගපෑමක්.

      අයියගේ මුලික කන්කෙදිරිය තමයි අනො කොමෙන්ට් නිසා බ්ලොග් ලියන ඩයල් වල මානසිකත්වයට මොකද්ද වෙනවා කියන එක. අයියට ෂුවර්ද අයියේ? ලෝකේ කාල වතුර බිල ඉන්න සිංහල බ්ලොග් ලියන උන් අනොකොමෙන්ට් නිසා මානසිකව වැටිලා බ්ලොග් එක වහයි කියල. අපිනම් දන්න විදියට ගොඩක් බ්ලොග් රචකයෝ කොමෙන්ට් පඩේකටවත් ගණන් ගන්නේ නැ. උන්දැලට ඒකට වෙලාවක් නැ. බොහෝ අයට ඉනර් සර්කල් එකක් තියෙනවා. ඒඅය ෆීඩ් බැක් වෙන්නේ එතනින්. ඒකනිසා ඇනෝ කොමෙන්ට් වලින් අයිය කියන කෙලියක් වෙන්නේ නැ රැම්බෝ අයියේ. අයියගේ නමේ අගට වීරවංස කල්ලකුත් තියනවද? උන්දැත් වතුර කෝප්පේ battleship දකිනවා (http://www.imdb.com/title/tt1440129/).

      සෙස්ස පස්සට ........

      Delete
    7. සෙස්සේ ඉතිරිය ......

      රැම්බෝ රාළහාමි අයියා වෙත ( නැවත නැවතත් ),

      Look closely, because the closer you think you are, the less you’ll actually see (http://en.wikiquote.org/wiki/Now_You_See_Me) අයිය වගේම රොම්බ පොරක් අර උඩ තියෙන පොර ටොක දවසක් පිචෑර් එකක දුන්න අයියේ.

      රැම්බෝ අයියේ ඔයත් පුංචි පුංචි කැලි අල්ලන් ගේම කෝල් කරන්න කලින් සමස්ථය සැලකිල්ලට ගන්න. බ්ලොග් වල සුන්දරත්වය තියෙනේ එකේ තියන සජීවී බව නිසා. විවිද මිනිස්සුන්ගේ විවිදවූ අදහස් හින්ද. විවිද වූ මිනිසුන් අනේකවිද අවශ්‍යතා වලට බ්ලොග් වටා එකතු වෙනවා. එය පරිණාමය වෙමින් ඉදිරියට යනවා. සමස්තයක් ලෙස සිංහල බ්ලොග් එයටම අනන්‍ය වූ ලක්ෂණයන් සපථ කරනවා.

      දැන් කෙස් එක තියෙන්නේ මේකේ තියෙන සමහර දේ ඔයාට දිරවන්නේ නෑ. ඔයත් එක්ක අනන්‍ය වෙන්නේ නැ. ඔයාට කැපිටල් අකුරු වලින් කොමෙන්ට් දාන උන් පෙන්න බෑ, ප්‍රංශ උන් පෙන්න බෑ, කුණුහරුප කියන උන් පෙන්න බෑ, අයිසේ කියන උන් දිරවන්නේ නෑ . කොටින්ම ඔයාට ඕන විදියට බ්ලොග් රන් වෙන්නේ නැති කොට ඕයා පොලීසියට අදින්න හදනවා.

      රම්බෝ අයියේ අවුල තියෙන්නේ ඔයාගේ මනසේ. ඔයා වෙනස්කම් පිළිගන්න තරම් විවුර්ථ නෑ. ඔයා කොයි තුත්තුකුඩියේ හිටියත් තියෙන්නේ ළිං මැඩියටත් එහාගිය චින්තනයක් (රට වෙනස් උනාට ජාන වෙනස් වෙන්නේ නෑනේ). ඒකනිසා අයියේ ඔයා කටුගෙට යන්න අපි එන්නම් බලන්න.

      P.S.

      ඔන්න අයියේ අයිය කියන නිසාම මාත් ප්රෝපයිලයක් හදා ගත්ත. අයියගේ පහන් සංවේගය පිණිස.

      Delete
    8. එළකිරි..! ප්‍රොෆයිල් එකක් හදා ගත්තු එකේ දැන් බ්ලොග් එකකුත් ලියන්න ගන්න. :)

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා