සටන් කරන අකුරු යළි පැමිණේ! ජනරළ යළි මාර්තු 02 සිට

මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් නො වෙමි. මට ඒ පක්ෂයේ අභ්‍යන්තරය ගැන ලොකු අවබෝධයක් නැත. එහෙත්, අප හිරු පුවත්පත පළ කළ කාලේ අප කෙරෙහි ඔවුන් තුළ නො තිබුණ සුහදකමක් දැන් තිබේ යයි මට සිතේ. වෙනත් මොකුත් බලාපොරොත්තු නැතිව ඒ මිතුරුකමට මම ආදරය කරමි.

ජනරළ පත්තරය පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් පුවත්පතකි. මම එයට ලියමි. ඇත්තම කියනවා නම් හිරු පුවත්පතේ වැඩ කළ කාලයේ මෙන් ස්වේච්ඡා පුවත්පත් කලාවේදියකු ලෙස ලියමි. එය මගේ දේශපාලන කාර්යයක් ලෙස සලකා ලියමි. 

සමාජ වෙනසක් වෙනුවෙන් විවෘත මනසක් ඇති මිනිසුන් පිරිසකට ආමන්ත්‍රණය කිරීම සඳහා ජනරළ වේදිකාවක් වනු ඇතැයි පතමි‍. 

එම අරමුණින් ම මෙම බ්ලොගයේ ද මගේ ෆේස්බුක් හා ට්විටර් ගිනුම්වල ද එම ලිපි පළ කරමි.

මේ සතියේ විදෙස් පිටුවට මම තරමක ‍අධ්‍යයනයක් කළෙමි. ඒ තෙලන්ගානා ගැනයි. තෙලන්ගානා කියන්නේ ඉන්දියාවේ 29වන ප්‍රාන්තයයි. එය ළඟදීම බිහි වනු ඇත. ලිපිය පුවත්පත පිට වූ පසු බ්ලොග් ගත කරමි. 

ජනරළක් මිළ දී ගෙන කියවන ලෙස ඔබට ද ආරාධනා කරමි. එයට ලිව්වාට මා ද එය කියවන්නේ මිළ දී ගෙන ය. ඔබ වැය කරන ඒ මුදල අන්තර්ජාලය පරිහරණය නො කරන, මුද්‍රිත ප්‍රකාශන පමණක් කියවන තවත් මිනිසකු වෙනුවෙන් මෙම පුවත්පත පවත්වාගෙන යාමට කරන දායකත්වයක් ලෙස සලකන්න. 

මම සමාජවාදී ජීවන භාවිතාවක් ගැන කතා කරමි. ජනරළට ලිවීම මගේ ඒ භාවිතාවේ කොටසක් ලෙස මම සලකමි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. හිරුට අපි ආලය කෙළෙමු. එය ගොඩනගන්නට දරදිය ඇද්දෙමු. ඒත් අද සුනිල් අයියා කොතැනද, ඩලස් කොතැනද වභූති මල්ලි කොතැනද ඔබ කොතැනද මා කොතැනද, ජනරළ මුදල් දි ගන්නෙමි. අපි කොතැන සිටියත් යා යුතු තැනට යන්නට වෙර දරමු.

    ReplyDelete
    Replies
    1. භාෂණත් අමතක කළ නොහේ......එතකොට හේමන්ති නිලාර් ඒ අයද සිහිවේ...

      Delete
    2. සිංහල භාෂාවේ කෙතරම් සමාන වචන තියෙනවාදැයි සිහිවුණා.

      හිරු = දිණමිණ = දිනකර

      Delete
    3. කෙකා
      සභා‍වේ සිනා

      Delete
    4. හිරු එකේ ෆොටෝ ගත්තු කැලුම් කුමාර පෙරේරා කොහෙද?

      Delete
    5. ලාල් බෙන්තොටගේ කියල කෙනෙකුත් හිටියා මතකයි.

      Delete
  2. /* එහෙත්, අප හිරු පුවත්පත පළ කළ කාලේ අප කෙරෙහි ඔවුන් තුළ නො තිබුණ සුහදකමක් දැන් තිබේ යයි මට සිතේ. */

    කාල රේඛාව අප්සෙට් නේද?

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ ඊයේ පෙරේදා පිහිටවූ එකක් නේ?

    නැතිනම් ඔබ් මෙහි ඔවුන් යනුවෙන් අදහස් කරන්නේ පෙ.ස.ප. නොව එහි නායකයින් කීප දෙනෙක් ගැන පමණක්ද?

    ReplyDelete
  3. දැන් ඔය පෙරටුගාමී සමාජවාදී පක්ෂය දීප්ති කුමාර ගුණරත්න නායකත්වය දරන පෙරටුගාමී පක්ෂය ට වඩා සමාජවාදී එකක්ද? දීප්තිගේ එක මොකද්ද? ඒ පක්ෂය සමාජවාදී ජිවන දර්ශනයට වඩා හුගක් අප්සට්ද? චන්ද කොමසාරිස් ගේ ලියාපදිංචි දින බැලුවම දීප්තිගේ පෙරටුගාමී පක්ෂය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ට කලින් ලියාපදිංචි කරලා තියෙන්නේ. එතකොට ඕක හැදුවේ දීප්තිගේ පක්ෂයේ නම කොපි කරලද ඔරිජිනල් ලෙනින්ගේ පක්ෂයේ නම අනුවද?මාක්ස්වාදී, ලෙනින්වාදී,දීප්තිවාදී, පැරා ගේ සමාජවාදී ගුරු ජිවිත දර්ශනය ඔක්කොම පැටලෙනවා බං මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ. ජනරළ පත්තරයට අරුණි ශපිරෝට ලියන්න දෙන්නේ නැද්ද? දීප්තිගේ ලිපිත් ඒකෙ යනවද? මරුවා කියන්නේ දිප්තිද? දීපල්ලකෝ උත්තර නලින් මේ ගැන විමර්ශනයක් දිනමිණේ දාන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයේ ව්‍යදී වලට මොලේ අර්ශස් යැයි කියනු ලැබේ.

      Delete
  4. අඩුගා‍නෙ දැං රාමචන්ද්‍රගෙ බ්‍‍ලොග් එකවත් අප්‍‍ඩේට් ‍වෙයි.

    ReplyDelete
  5. kedi inna thakkal pawathina rajaya sura sepa vidi ... ewata oba thumalath wakrawa dayaka vima gena kanagatui ... UNP ekata unu de wenna denna epa

    ReplyDelete
  6. බළලා මල්ලෙන් එළියට෴February 27, 2014 at 9:25 AM

    ඤාඋ ඤාඋ ඤාඋ......

    ReplyDelete
  7. සටන් කරන අකුරු?

    මම හිතන්නේ ඔය පෙරටුගාමීන් සටන ගෙනිච්චෙ 2009 දී. අලුතින් නැවත ඉපදිලා. දැන් කරන්නෙ හොරගල් අහුලන එක. නිකමට අහලා බලන්න - ස්වයං විවේචනයක් නොවෙයි - බලය බෙදන එකට (අඩුගානේ 13 ට ) එකඟද කියලා..

    දේශපාලනයේ සදාකාලික සතුරන් (හෝ මිතුරන්) නැත යන කියමන ඇත්ත වාමාංශික දේශපාලනයට අදාල නැහැ!

    - Dimithri

    ReplyDelete
  8. පැරාම නේද.. සයිබරය ඉදිරියට ගෙනයන්න ඕන කියලා කිව්වේ.. නරකද ඔය පත්තරේට ලියන අයටත්, සයිබරය හා එක්වන්න කියන ආරාධනාව කලොත්, අවම වශයෙන්, ඒ පත්තරේවත්, සයිබරයේ නිර්මාණවලට පිටුවක් වෙන්කිරීමටවත් උත්සාක කලොත්.. අදහසක් පමණයි.. කොක්කට නොවේ..

    ReplyDelete
  9. සල්ලි දීලම ගන්න වැඩේ.
    ඔය පත්තර වලින් කොරයි මගුලක්. පත්තරෙ කරන උන්ට එදා වේල හොයා ගන්නයි. කාට හරි මුක්කුවක් ගහගෙන ගොඩ යන්නයි නං හොදයි.

    ReplyDelete
  10. සිංහලෙන් ලියන්නෙක් කියන්නේ මිනිස්කම හා සමාන වෙන්නේ සමාජවාදය කියායි. “සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයායාම,” යැයි ඔහු ලියයි. “සමාජවාදය වෙනුවෙන් කරන අරගලය තමයි මිනිස්කම වෙනුවෙන් කරන අරගලය,” යැයි ඔහු ලියයි. “සමාජවාදය සකලවිධ ආධිපත්‍යවාදයන්ට විරුද්ධයි,” ලියද්දී පෝලන්තය ආක්‍රමණය කර සමාජවාදී ආණ්ඩු ක්‍රමයට එරෙහි වූවන් අමු අමුවේ ඝාතනයෙන් එරට අල්ලා ගත් සෝවියට් යුනියනය අධිරාජ්‍යවාදී යැයි නොකියයි. සමාජවාදී රටවල් වලින් පැන යද්දී වෙඩි තැබීම සිද්ධ වූයේ මන්දැයි නොකියයි.

    එහෙත් සිංහලෙන් ලියන ලාංකිකයෙකුට කෙසේ දොස් කියන්න ද? සෝවියට් අධිරාජ්‍යවාදයට ලක්වූ පෝලන්ත වැසියන් බහුතරය ද තවමත් සමාජවාදීන් වෙද්දී.

    ReplyDelete
    Replies
    1. මෙය පළ වූ අරුනි ශපීරෝ සුදු නෝනාගේ බ්ලොගයේ අප දුන්, අනුමත වේදැයි නො දන්නා පිළිතුර පහත පළ කරමි.

      “සිංහලෙන් ලියන්නෙක් කියන්නේ මිනිස්කම හා සමාන වෙන්නේ සමාජවාදය කියායි. “සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයායාම,” යැයි ඔහු ලියයි. “සමාජවාදය වෙනුවෙන් කරන අරගලය තමයි මිනිස්කම වෙනුවෙන් කරන අරගලය,” යැයි ඔහු ලියයි. “සමාජවාදය සකලවිධ ආධිපත්‍යවාදයන්ට විරුද්ධයි,” ලියද්දී පෝලන්තය ආක්‍රමණය කර සමාජවාදී ආණ්ඩු ක්‍රමයට එරෙහි වූවන් අමු අමුවේ ඝාතනයෙන් එරට අල්ලා ගත් සෝවියට් යුනියනය අධිරාජ්‍යවාදී යැයි නොකියයි. සමාජවාදී රටවල් වලින් පැන යද්දී වෙඩි තැබීම සිද්ධ වූයේ මන්දැයි නොකියයි.”

      අප ලියන්නේ ඔබට අවශ්‍ය වාක්‍ය නො වේ. පැරණි සෝවියට් සමූහාණ්ඩුව මුල් කර ගත් ස්ටාලින්වාදී ඒකාධිපති දේශපාලනය අප පිළි ගන්නේ නැති බව අපගේ ලිවීම් කියවන අය දනිති. තමන්ගේ ලිවීම්වලින් ඔකඳ වී සිටින ඔබගේ මමංකාර අවධානයෙන් එය ගිලිහී යාම තේරුම් ගත හැකි දෙයකි. ඔබ කියවූ ලිපියේ ඔබට අවශ්‍ය සියලු දේ ලියන්නට අපට උවමනාවක් නැත. අනුන් ගැන නිගමන දීමට පෙර ‍එම ලිපිය පළ වූ බ්ලොගයේ පළ වන අනෙක් ලිපි ද කියවා හදාරන විනයක් ඔබ ගොඩනගා ගත යුතු ය.

      අනෙක් පැත්තෙන් ඔබට හැකි නම් අප විසින් ඉදිරිපත් කර ඇති “සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයායාම” යන ප්‍රවාදය අභියෝගයට ලක් කරන්න. එහිදී අප රුසියාව, චීනය, කියුබාව හෝ උතුරු කොරියාව සමග පටලවා නො ගන්න. ඒවා ඔ‍බට සමාජවාදයන් ලෙස පෙනුනාට අපට එසේ පෙනෙන්නේ නැත.

      ‘සිංහලෙන් ලියන්නෙක්’ යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක් ද? ඔබ ලියන්නේ කුමන භාෂාවෙන් ද? ඔබ ඇමරිකාවේ සිටියාට, අප ලංකාවේ සිටියාට, අපට අවශ්‍ය නම් ඉංගිරිසියෙන් ලියන්නට බැරිකමක් ද නැත. එහෙත්, අපට ඔබට මෙන් ඉංගිරිසිය හෝ ඇමරිකාව වන්දනීය දෙයක් නො වේ. සිංහල වීම ගැන අපට ඔබට මෙන් ගැටලුවක් නැත. ඔබ ප්‍රදර්ශනය කරන්නේ බරපතල හීනමානයකි.

      Delete
    2. If try do deal with content it always brings something out to the Society,but response to the source direct is so confuse besides anonymous comment.

      Delete
  11. Sorry..me the one who cut that shitt and paste on your comment. she and her blog has nothing to do. i wanted to know more about“සමාජවාදය සොයා යාම තමයි මිනිස්කම සොයායාම” pls.. what do you mean by the මිනිස්කම.(sorry i don't have sinhala writing option)

    ReplyDelete
    Replies
    1. අප දිගින් දිගටම ලියමින් සිටින දෙය වන්නේ ධනවාදී අමනකමට එරෙහි නව සමාජවාදයක් සොයා යා යුතු ය කියන කරුණ. මෙහිදී මූලිකවම ධනවාදයේ තිබෙන ලාභ ‍පසුපස යාමේ කෑදරකම හා පාරිභෝජනවාදයත්, සමාජය එමගින් නියාමනය වීමත් විසින් අද ඇති කර තිබෙන සමාජ අර්බුදයට විසඳුම් සෙවිය යුතුයි. අප සමාජවාදය ලෙස අර්ථකථනය කරන්නේ ඒ සමාජ විකල්පයි. එය අනිවාර්යයෙන් ම ධනවාදයේ ලාභාපේක්ෂාවට හා කෑදර පාරිභෝජනවාදයට ප්‍රතිවිරුද්ධ දෙයක්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා