ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන අලුත් පරීක්ෂණයක් අවශ්‍යයි

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන නව තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. 

ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංගත්, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාත් ඒ පිළිබඳ වැදගත් තොරතුරු හෙළිදරව් කර තිබේ. 

විශේෂයෙන් ම සරත් ෆොන්සේකා විසින් ලසන්ත වික්‍රමතුංග හා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කළ කණ්ඩායමක් ගැන හෙළිදරව් කරයි.

වහාම මේ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු ය. එය ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය. මන්ද, මෙම ඝාතන සම්බන්ධයෙන් ඉතා බලවත් පුද්ගලයන්ගේ නම් කියැවී තිබේ. ඔවුන්ගේ බල අවකාශයන් තුළ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වෙන්නට නම් එය අනිවාර්යයෙන් ම ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. මේවට කමෙන්ට් දැනත් බයයි පැරා ....

    ReplyDelete
  2. ඔය දේශපාලන ඝාතන වැල එලියට එන්න නම් කවුරුහරි මධ්‍යස්ථ රටක් අපිව යටත් කරගෙන පරීක්ෂණ කරන්න ඕනේ. නැත්නම් ඒවා කවදාවත් එලියට එන්නේ නැහැ. දැනටමත් සාක්ෂි සෑහෙන තරම් විනාශ කරලා තියෙන්නේ.

    ReplyDelete
  3. 8-1-2014 බිබිසි සිංහල සේවයට අනුව සරත් ෆොන්සේකා කියනවා ගෝඨාගේ හා මහින්දගේ උවමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වු අතුරු කණ්ඩායම් සිටි බවත් ඒවා පිළිබඳ පරික්ෂා කිරිමට තමන්ට ඉඩක් නොතිබුණු බව.එයට අනුව ගෝඨා හරි,මොකෝ ඊලාම් යුද්ධේ කලේ ගෝඨා කියලා ඒ.සී චන්ද්‍රප්‍රේම සුරීන් "ගෝඨාස් වෝ" පොතේ ආඩම්බරයෙන් ලියලා තියෙන්නේ.තක්කඩි කං කරපු අතුරු හමුදා විසින් ෆෝනිව සහ හමුදාව අපකිර්තියට පත් කරන ඒවා පරික්ෂා කරන්න බැරි හමුදාපති ඇත්තටම යුද්ධේ කලාද කියලා සැක හිතෙන තරමට ෆොන්සේකාගේ ප්‍රකාශ දුර්වලයි.ඇත්තටම ඒයා ගැන සැක උපදිනවා. මහින්දටයි ගෝඨාටයි හොඳටම කඩේ ගියේ ෆෝනි බව තමයි මේ කතා වලින් කියැවෙන්නේ.යුද්ධේ කාලේ ෆෝනිට තොල දාගෙන ආතල් දුන්නු ගෝඨා-මහින්ද ඩබල මිනිහගේ පුකට පයින් ගැහැව්වේ එයාගේ බෑනා ඉන්න තැන එයාම විතරක් දන්න අනික් කිසිවෙක් නොදන්න තත්වෙට පත් කරලයි.ෆෝනි නොදන්න අපි දන්න ෆෝනි.පව්.

    ReplyDelete
  4. ඕක හොයන්න මහ ලොකු අමාරුවක් වෙන්න බෑනෙ, රනිල් ලොක්කම පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ ෆොනිය තමයි ගේම දුන්නෙ කියල. ඉතින් පොඩ්ඩක් රනිල්ගෙන් ඇහුවනම් හරි.

    පව් කියල හිතෙනව ලසන්ත ගැන, බලාගෙන ගියාම මිනිහ මැරිල තියෙන්නෙ මුන් ඔක්කොටම කාලෙන් කාලෙට ආතල් ගන්න.

    -ප.ගෝ.

    ReplyDelete
  5. පැරා දිගටම මෙහෙම ලිව්වොත් නම් ලසන්ත ඝාතනය ගැන කෙසේ වෙතත්, අපට ඉක්මණින්ම පැරාගේ අතුරුදහන්වීම ගැන පරීක්ෂණයක් ඉල්ලන්න වෙයි. මේවා ලියන්න වාඩි වෙන්න කලින් අර පොඩි එවුන් දෙන්නගෙ මූණ බලලා එන්න මීට පස්සෙ.

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ මේක කරේ ලේකමා ? කවුරුත් දන්න නොදන්නකම

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා