තෙන්නමරවාඩිය ගැන මතකය

ස්තුතියි‍: සිලෝන් ටුඩේ / මාධව කුලසූරිය
තෙන්නමරවාඩියට ගිය මේ ගමන මතක් වුණේ මෙන්න මේ ඡායාරූපය දැකලා.

තෙන්නමරවාඩිය කියන්නේ මුලතිව්වලට දකුණින් නැගෙනහිර වෙරළේ කෝකිලායි කලපුව අද්දර පිහිටි ගමක්.

එතැනට ගියේ මම පදවියේ වැඩ කරපු, යුද්ධය උත්සන්න වෙලා තිබුණු 1995 හෝ 1996 වගේ කාලෙ. එතකොට මම පදවියේ ලංකාදීප හා යුක්තිය වාර්තාකරු ලෙස වැඩ කළා.මම ඒ ගමන ගැන යුක්තියට ලිව්වා මතකයි.

පදවි පරාක්‍රමපුර හිටි, හමුදාවේ නිලධාරීන් සමග යාලුකම් තිබුණු ව්‍යාපාරිකයකු වූ සනත් එක්ක තමයි මම ගමන ගියේ. සනත්ගේ නැගණියක් ඒ දිනවල මම උගන්වපු පන්තියක හිටියා. 

පදවි ශ්‍රීපුර පසු කරලා සිංහපුර කියන පැරණි හමුදා කඳවුරකුත් පිහිටා තිබෙන පැරණි සිංහල ගම පසු කරලා කැළෑබද පාරකයි කෝකිලායි ආසන්නයට යන්න ඕනැ. කොයි මොහොතේ ප්‍රහාරයක් එල්ල වෙයි ද කියන්න බැහැ. සනත්ගේ සීඩී 125 ට්වින් බයිසිකලයෙන් වලවල වැටි වැටී ගිහින් කෝකිලායි කලපුවේ මෙහා කෙළවරේ තොටුපලටත් ගිහින් ධීවරයන් කී‍පදෙනෙකුත් එක්කත් කතා කරලා, කොක්කුතුඩුවායි කියන ගමේ හමුදා කඳවුරෙන් දවල්ට බතුත් කාලායි ආවේ. ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ. ගමක් කිව්වාට සිවිල් මිනිස් පුළුටක් හිටියේ නැහැ.

පදවි ගොවි ජනපදය පිහිටෙව්වේ 1950 දශකයේදී නේ. ඊට කලින් මේ පැත්තේ දුරාවාරේ කැළෑ ගම් තිබිලා තිබෙනවා. ඒ ඇතැම් ඒවා වන්නි වැදි ගම්මාන. දැන් පරාක්‍රමපුර කියන හරියට ඉස්සර කියා තිබුණේ වන්නච්චිය කියලායි. පදවිය බෝගහහන්දියෙන් හැරිලා පුල්මුඩේ පාරේ කිලෝ මීටර් 10ක් විතර ගියාම හමු වන පරණ මැදවච්චිය කියන්නේත් පැරණි ගමක්. මේ ගමේ පාසලත පැරණි පාසලක්. මට ආරංචියක් ලැබුණා, මේ පාසලේ පරණ ලොග් පොතක් ගැන. දැක ගන්න නම් බැරි වුණා. එහි තිබුණාලු 1948 නිදහස් උත්සවය ගැන සටහන් පවා. ඒ ආසන්න කාලයේ මේ පාසලේ ළමයි උළු ගෙයක් බලන්න ගිය චාරිකාවක් ගැනත් එහි සටහනක් තිබුණු බව එය දුටු කෙනෙක් කිව්වා. ළමයි උළු ගේ බලන්න ගිහින් තිබෙන්නේ මේ තෙන්නමරවාඩියට. 

ඒක වෙරළ ආසන්නයේ තිබුණත්, හරි සරුසාර ‍ගොවි ගමක්. එහි මිනිස්සු පදවි ශ්‍රීපුර පැත්තේ අලුතින් පිහිටවපු ‍ගොවි ගම්මාන එක්ක සම්බන්ධතා පවත්වලා තිබෙනවා. ඒත්, අසූව දශකයේ අගභාගයේදී, ඒ කියන්නේ ඔය ඩොලර් ෆාම්, කෙන්ට් පාම් ප්‍රහාර කාලේ, වැඩි දුරටත් කියනවා නම්, අර මාතර කුරුඳු පොලු සිද්ධියේදී වෙඩි තැබීමකට රිමාන්ඩ්ගත වුණ හර්මන් මාලිංග ගුණරත්න කියන ඔය පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ තාත්තා එහෙම ගාමිනී දිසානායකලාත් එක්ක එකතුව වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටුවන්න මුලපුරපු කාලේ මේ තෙන්නමරවාඩි ‍ගමේ මිනිසුන්ව පහර දී පන්නලා තිබුණා.ඒ සිද්ධිය ප්‍රබල වන්නේ ඒ ගමේ ඉතිහාසයත් එක්ක සලකා බැලුවාමයි.

1994, 95 වගේ ක‍ාලේ සාම වකවානුවක පදවියේ කට්ටියක් එක්ක ඒ කාලයේ රජයේ චිත්‍රපට අංශයේ අධ්‍යක්ෂ වූ ධර්මසිරි බංඩාරනායක එක්ක ගිහින් මේ ගම රූගත කළා. ඒත්, මම හිතන්නේ ඒ වාර්තා චිත්‍රපටය හැදුණේ නැහැ. මම හිතන්නේ තල් ගස් අතරින් ඉර බැහැගෙන යන සුන්දර හැන්දෑවක අති සුන්දර රූප පෙළක් ඒ කැමරාවල සටහන් වුණා. ඒ කාලයේ මා සතුව කැමරාවක් තිබුණේ නැහැ.

තෙන්නමරවාඩියේ ගමේ ගරා වැටුණු පාසල, කෝවිල හා නිවෙස් මගේ සිතේසදා නො මැකෙන අන්දමින් ඇඳුණු රූප කීපයක්. ජාතික ප්‍රශ්නය ගැන ජවිපෙන් ගෙනා ජාතිවාදී ස්ථාවරයන් වෙනස් වෙන්නත්, කොටින්ට බියේ කැළෑ වැදෙමින් කාලයක් ගෙවලාත්, පදවියේ නිහාල් වගේ හොඳ මිතුරන් කොටි බෝම්බවලට ගොදුරු වී මිය යනවා දැකලාත් යුද විරෝධී ස්ථාවරය වෙනස් නො වී තබා ගන්නත් මම හිතන්නේ ඒ රූප ටික හේතු වුණා. 

කැමරාවට වඩා මතකය ප්‍රබලයි.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. "කොටින්ට බියේ කැළෑ වැදෙමින් කාලයක් ගෙවලාත්, පදවියේ නිහාල් වගේ හොඳ මිතුරන් කොටි බෝම්බවලට ගොදුරු වී මිය යනවා දැකලාත් යුද විරෝධී ස්ථාවරය වෙනස් නො වී තබා ගන්නත් මම හිතන්නේ ඒ රූප ටික හේතු වුණා."

    Mostly the dollar inflow.....

    ReplyDelete
    Replies
    1. මොනවට කියනවද මචෝ... ඩොලර් කුට්ටි වල පුසුඹ දැනෙන කොට පැරාට තමන් ඊයෙ හිටිය ස්ථාවරය මොකක්ද කියලා මතක නෑ......

      Delete
    2. Call me if you have dollars to "flow" int my account.

      Delete
    3. තරහ වෙන්න එපා පැරා... ඇනෝගේ කතාවට එකඟයි.. ( ඩොලර් කතාව අපි පැත්තකින් තියමුකෝ ) යුද්ධය කියන දේ දිගින් දිගටම ගෙනිච්චේ ප්‍රභාකරන් කියලා ඇයි හිතන්නේ නැත්තේ .. 92 න් වගේ පස්සේදී "විමුක්ති ඊළාම්වාදීන්" කියන කොටස් තිබ්බේ නැහැ.. ලේ පිපාසිත ලෙස දෙමළ , මුස්ලිම් , සිංහල ඕනෑම කෙනෙක් මැරුවේ ප්‍රභාකරන් ..

      Delete
    4. මෙන්න මානසික රෝගියෙකුත් ඇවිල්ලා.... ලංකාව දියුණු වෙලා නෑ කියලා තාමත් පැරා කියනවද?

      Delete
    5. ලංකාව දියුණුයි.ස්තූතියි දැන් යන්න.

      Delete
    6. "Ajith Perakum JayasingheJanuary 8, 2014 at 2:43 PM
      Call me if you have dollars to "flow" int my account"

      Well if you write what I want you will be compensated with $. So as a start can you post one on "choo, kakka, jokku, ect"

      Well as long as you

      Delete
  2. /* කැමරාවට වඩා මතකය ප්‍රබලයි. */

    වෙන්න ඇති. ඒත් 1971, 1988-89 කාලේත් 2009 වගේ ඩිජිටල් කැමරා, කැමරා ෆෝන් තිබුණා නම් කොච්චර දේවල් මීට වඩා අනාවරණය වෙන්න ඉඩ තිබුණාද?

    ReplyDelete
    Replies
    1. Yes; the great betrayal of your fellow ossie K Gunarathnam; then infamous "Goni Billa" who betrayed his fellow JVPers to save his own skin and now trying another uprising through facebook and skype

      Delete
    2. මේ ඉන්නෙත් ලංකාව කන එකෙක්..... රට පැනලා මෙහෙ එන්න බැරුව ඉන්නෙ....

      Delete
    3. කකා,
      කකාගේ බ්ලොග් එකෙන් පැරා අයින් කරන්න කාලේ හරි. පැරත් දැන් ටිරාන් හුලස්ගේ සිලෝන් ටුඩේ එකේ වැඩ කරන්නේ.
      මිනිහා ටිරාන් ගේ සල්ලි වලට නැටවෙන රූකඩයක් දැන්.

      Delete
    4. උණ,සෙම්ප්‍රතිශ්‍යාව වැනි ආසාදනහකට ලක්ව නැති අවස්ථාවක කිරි,දී කිරි,ගෝ මුත්‍ර,ගොම ඇත් දත්,සක් බෙල්ලන් තම්බා වතුර ස්නානය කිරීම මගින් පැරාට සහ කකාට ඇනෝලාගෙන් ලැබෙන අපල අඩුකරගත හැකි බවට ජෝතියා කියා ඇත.....

      Delete
    5. කැපිටල් ඇනෝ අංකල් තාම ඇවිත් නෑ!

      Delete
    6. KAKKA BUWATA DAN MAWA NATUWA BA

      Delete
    7. ABOVE COMMENT I S NOT FROM ME. (CAP.ANO.)

      Delete
  3. "ඒ ගම ඒ වන විට හමුදාව විසින් ජයසිංහපුර කියා නැවත නම් කරලායි තිබුණේ."

    එහෙනම් පැරාගෙ නමිනුත් ගමක් තියෙනවා ඈ....?

    ReplyDelete
    Replies
    1. ඇයි ඒ කාලෙ ඒ ගමේ තැන තැන පැරාගෙ මූන තියෙන පොඩි එව්වො හතු පිපෙන්න වගේ මතුවෙන්න ගත්තාම තමයි ආමි එකෙන් ඔය තීරනේ ගත්තෙ.....

      එක එකාට වෙනම උප්පැන්නෙ වාසගම වෙනස් කරන එක අමාරු වෙන තරමට පැටව් පිරිලා හිටිය නිසා ලේසියට ගමේම නම එක පාර වෙනස් කරලා දැම්මා..... දැන් ඒ කොල්ලොන්ගෙ දැලි රැවුලත් ඇවිල්ල.....

      Delete
  4. ඉතාම දරුණු කාලසීමාවකදී ඔබ ඒ ප්‍රදේශයේ සේවය කළා කියලා අහන්නත් සතුටුයි. මම 200 - 2004 කාලයේ ගල්කුලම හමුදා කඳවුරේ සේවය කළා. ඒ ගැන බොහොමයක් දේවල් මම මගේ අඩවියේ සටහන් කර තිබෙනවා. තෙන්නමරන්වාඩියට සහ ජයසිංහපුරට මම මගේ බිරිඳත් දියණියන් දෙදෙනාත් රැගෙන ගියා ඔබ ගිය මාර්ගයෙන්ම. එකම වෙනස හමුදාවේ අධිවේගී බෝට්ටුවක ආරක්ෂක භට පිරිසක් සමග යාමයි. ඔබ නම් තනිවම ගිහින් තියෙන්නේ භයානක ගමනක්. පදවිය, පදවි ශ්‍රී පුර, කිරි ඉබ්බන්වැව, කල්යානපුර, ජනකපුර, පරාක්‍රමපුර ආදී මෙකී නොකී ගම්මානවල ජනතාව වෙනුවෙන් හැකි උපරිමය මම ඉටු කළා. මම එහෙන් ආවට පස්සෙත් ඔවුන්ගේ මල ගෙවල්, මගුල් ගෙවල් කියලා එව්වම ගියා. මම ඔවුන්ගේ ඥාතියකු තරමට බැඳුනා. තෙන්නමරන්වාඩියේ ජනතාව මහා යුද්දය මද වුනත් ඒ පැත්ත දාලා යන්නේ නැතුව, අපි සමග එකට හිටියා. ඔය හැම පත්තකම ඉස්කෝලවල ගුරු නිවාස පහසුකම් වැඩිකර හමුදාවේ සම්පත් යොදවා සංවර්ධනය කර අධ්‍යාපනය නංවන්න යුද හමුදාව කල මෙහෙය අපමණයි.

    ReplyDelete
  5. //කොටින්ට බියේ කැළෑ වැදෙමින් කාලයක් ගෙවලාත්, පදවියේ නිහාල් වගේ හොඳ මිතුරන් කොටි බෝම්බවලට ගොදුරු වී මිය යනවා දැකලාත් යුද විරෝධී ස්ථාවරය වෙනස් නො වී තබා ගන්නත් මම හිතන්නේ ඒ රූප ටික හේතු වුණා//
    මටත් වුනේ ඔය වගේම එකක් තමයි.ඒ,
    "මහ බැංකු බෝම්බයෙන් ජීවිත,අත් පා අහිමිවූ අහිංසකයන් දැකලාත්,දෙහිවල දුම්රිය බෝම්බයෙන් වාද්දුවේ සනත් වගේ හොඳ මිතුරන් කොටි බෝම්බවලට ගොදුරු වී මිය යනවා දැකලාත්, දෙමළ ජනතාවගේම නියෝජිතයන් වුන නීලන් තිරුචෙල්වම්, කුමාර් පොන්නම්බලම් වගේ අයව ඝාතනය වනවා අසා දැනගෙනත් , මේ නම් විමුක්ති අරගලයක් නෙවෙයි ලෙයින් යකඩින් මර්ධනය කලයුතු ත්‍රස්තවාදයක් කියන ත්‍රස්ත විරෝධී ස්ථාවරය වෙනස් නො වී තබා ගන්නත් මම හිතන්නේ ඒ රූප ටික හේතු වුණා"

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා